Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, September 3, 2017

දගදෙන හසරැලි

අයියේ.....!
උදේ පාන්දර කන ගාව ආටි ගහනකොට කාටද ඇහැරෙන්නේ නැත්තේ .....ඉබ්බා කට්ටෙන් හොම්බ දානවා වගේ හෙන ගේමක් දීල රෙද්ද අස්සෙන් බෙල්ල දාලා  එක ඇහැක් ඇරිය සුපුරුදු චිත්ත කැල්ල උදේ පාන්දර වැඩ අල්ලලා..
අවුරුදු ගණක ඉදන් උදේ පාන්දර මටයි හසියටයි තේ එක හදල පොවන්නේ අපේ නංගි සුදා.. තේක සයිඩ් බෝඩ් එක උඩින් තියල යන්න කියල හැමදාම කිවූවත් එකී නෙමයි එක කනකට ගත්තේ.මුල්ම තේක හසියට පොවලා ඊළගට පිම්මේ එන්නේ මාව හොයාගෙන එකී මට පොඩ්ඩක් වැඩිපුර ආදරේ හින්ද වැඩිපුර විනාඩි 5 ක් මට නිදියන්න දෙනවා.එක බොනකන් නගා නො හෙල්ලුම්..
ඊළගට සනීපෙට ඔලුවේ ඉදන් පෙරෝගෙන ඉන්න රෙද්ද ඇදල අරන් මාව බිමට වැටෙන විදියට අද ගසලා රෙද්ද නවන එක තමා එයාගේ කාල සටහනේ දෙවෙනි වැඩේ...හැබැයි එක එහෙම නොවෙන්න මම ආසාවට ඇද ගසන එකක් යෑ.නිවාඩු දට උස්සන් යන කිලිටු කුඩේ බදාගන්නකොට මම හිතුවේ අද සෙනසුරාදා කියල ෆුල් සතුටෙන් 4න් එක ගනනකට එකෙක් බැබලි බැබලි තියෙන්නේ අද බදාදා කියල නෙහ්..ඇස් දෙක පියදලත් බැලුව නෑ පෙනිච්ච හැටි නෙමෙ අද බදාදා.
පැංචි මොකෝ අද නිවාඩු?
අද ටිචර්ස්ලට සෙමිනා නේ සුදු, ඉතින් අපි නිවාඩු..
මතක ඇති කලෙක මම දවසම ඉස්කෝලේ හිටිය නම් ඒ එහෙම ආතල් බේරෙන දවසක තාමා.
අදනේ බබා ආතල්ම දවස.යනවා යනවා ගිහින් ටිකක් නටල එනවා ඇගේ තෙල බහින්නත් එක්ක..
මම එච්චාර මහත නෑ හරිද ඇගිල්ලකුත් දික් කරනගමන් සුපුරුදු රැවුම් මුණ දලා  මස් ටිකකුත් තියෙන්න එපැයි සුදු නැත්තම් මගේ හබි පව් නෙහ් කියල මල් හිනාවක් දැන්මා
මගේ ඒරියා එකේ මැස්සොත් මට කියල පියාබන එකේ මටත් හොරෙන් මගේ නාගගේ හිතට එකෙක් රින්ගලද කියල දනිස්සෙන් පටන් ගත්ත සිතලක් හිමිට එනකොට හිටේ තිගැස්ම මුනෙන් නොපෙන්ව කවුද අප්පේ ඒ අවාසනාවන්තයා කියල සුපුරුදු ස්වරයෙන්ම අහල දැන්මා..

හිතේ තිබ්බ දේ නංගිට තෙරිලද මන්දා කොල්ලට කැමති කියන ඉස්සෙල්ල මම ඔයාගෙන් අහනවා නෙහ් සුදො නොකිවුවොත් ඌව හොයන්න වෙන්නේ මට 1 වාට්ටුවෙන් නෙහ්......

මතු සම්බන්දයි

2 comments: