Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label හදෙහි ලැගුම් ගත් සමීපතමයන්. Show all posts
Showing posts with label හදෙහි ලැගුම් ගත් සමීපතමයන්. Show all posts

Thursday, February 4, 2016

෴ගාලු මල්ලි෴




අද කියන්න යන්නේ මගේ යාළුවෙක් ගැන නෙමෙයි මගේ සමානයා ගැන..


සම්පුරන නම :-YDK
පදිංචිය :-බැද්දගාන පිටකෝට්ට
පාසල :-ගාල්ල ඇලෝසියස් විදුහල සහ කෝ මහානාම විදුහල
අධ්‍යාපනය :-ගණිත අංශයෙන් උසස් පෙළ සහ විදේශීය විශ්වවිද්‍යාල
පවුලේ විස්තර :-අම්මා තාත්තා මල්ලි එහා ගෙදර නංගි උඩගෙදර අක්කා
ක්‍රිඩා :-ක්‍රිකට්..දක්ෂ කඩුලු රකින්නෙක් සහ ප්‍රහාරාත්මක                                පිතිකරුවෙක්
විශේෂ හැකියා:-ඉටියෝපියාවට ගිහින් දැනමත් විනාඩි 5 කින් යාළුවෝ                            5ස් දෙනෙක් හදාගනි..එක ගෙදර අක්ක නංගි                                          දෙන්නටමඑක පාර මට්ටු නොවී ලවු කිරීම
මා දකින දුර්වලතා :-අවංක වැඩි..අදරේදී සංවේදී වැඩි

මූව මට හම්බ වෙන්නේ සිසිසත්වේ පාස් වෙලා කොලබ මහානාම විදුහලට පය තිබ්බ දවසේ..ලකුණු 157 අරගෙන මම පානදුරෙන් කොලබට යනකොට මේ උලමා ගාල්ලෙන් මෙහෙට ආවේ..ඒ ආවේ අනිත් උන් යන්න පොරකන ගාල්ලේ ඇලෝසියස් විද්‍යාලයේ ඉදලා..මූ කොලබ ඉස්කෝලෙකට යන්න ඕනි කියල නහයෙන් අඩපු නිසා මුගේ ගෙදර අයටත් සිද්ධවෙනාවා කොලබට නුදුරෙන් ගෙයක් අරන් පදිංචියට එන්න..
අපේ ඉස්කෝලේ තිබ්බ ගස්මරු පෙති තෝරු වගේ අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරන සිස්ටම් එකක්..ඒ දවස් වල එකටඅවුල් උණාට දැන් එකේ අගේ තේරෙනවා..මොකද සෙක්ෂන් එකේ හිටිය (329 - 36) දෙනා එක්කම එක අවුරුද්දක් හරි බත් පතබෙදන් කාල තියෙන නිසා..ඉන්ග්ලිස් මිදියම් පන්තියේ හිටිය 36 වෙනම .අනිත් 293 එවරෙඩි..ඉතින් ඕකෙදි 6 ඩි එකට හිටිය අපිඅයිත් හම්බ උණේ 9 යෙදී..අයිත් 10 11 මගේ ඉස්සරහ හිටපු එකා..
ඇත්තටම 10 දී තාමා ෆිට් එක ඇති වෙන්න පටන් ගත්තේ..මට සමිති සමාගම් පිස්සුව ගහල තියෙනකොට මුට ක්‍රිකට් පිස්සුව..
පැක්ට්‍රිස් ඇතා නැතා කොල්ල උදේ පාන්දර පන්තියට කලින් යන්නේ පැවිලියන් එකට..කොල්ලගේ පොත් බෑග් එක වැරදුණත්අතේ ගෙනියන වතුර බෝතලයක් තිබ්බ 

මෙන්න මේ වගේ නිල් පාට එකක්



උඩ තියෙන එකට කිට්ටුවෙන් යන එකක..කෙල්ලෝ පොත් ටික තුරුල් කරන යනවා වගේ මූ එන්නේ ඕක තුරුල් කරන්..
ඇවිදින්න තැනක් නැතිම උණ වෙලාවට පන්තියට යන්න පුරුදු වෙලා හිටිය මට එහෙම පන්තියට යන හැම දවසකම ඉන්නතැනක් නැතිව පන්තියට එන මූව හම්බ වෙන එක අනිවාර්ය සිදුවීමක්.
මට වගේම ගාලු මල්ලි නැත්නම් දරේට පුස්තකාලේ ඉන්න වෙලාවක් කලාවක් ඕනි උණේ නෑ..දවස තිස්සෙම පුස්තකාලේ ටැග්ගැහිලා ඉන්නකොට ඕනිම එකෙක් ගෙන් දකින ගුරුවරු මොකක්ද පන්තිය මොනවාද දැන් තියෙන්නේ අහන එක සාමාන්‍යදෙයක් උණාට ගුරුවරු හිතන් හිටියේ අපේ පන්තිය පුස්තකාලය කියල.
අපි දෙන්නටම පුස්තකාල කාර්ඩ් එකක් තිබ්බේ නෑ..ඌ පොත් ගෙදර ගෙනියන්නේ නැති නිසා කාර්ඩ් එකක් නෑ කාර්ඩ් දීලාපිරිමහන්න බැරි නිසා මට කාර්ඩ් එකක් නෑ..මම දවස ගානේ පොතක් ගෙදර ගෙනිච්චා..ඌ දවස ගානේ පොතක් ඉස්කෝලෙදි කියෝලා ඉවරකලා.
මූට තිබුණා අපල 2කක්
සංගීත අපලෙකුයි ක්‍රිකට් අපලෙකුයි..හැබැයි එක හොයාගත්තේ කේන්දර බලන කෙනෙක් නෙමෙයි ඇති ගෞරවණීය මම තුමා..මේකා බෙල්ලේ එල්ලන් හිටියා පෙන්ඩන්ට් 2කක් උඩ පින්තුරේ පේනවා වගේ ගිටාර් එකකුයි ක්‍රිකට් කරයෙකුයි..ඕක විනයා දැකලා මූව අල්ලන් හිටිය දවසක ඔතනින් යද්දී මම ඇහුව මොකෝ තෝ අද මෙතන මුරද කියල එවෙලේ මේකට අරූඇල්ලුවා බන් කිවුවම මම තුමාගේ උපදේශය උණේ ඔකේ] තියෙන ගල් කෑල්ල පෙන්නපන් අරුට අපලෙකට කියහන් දාලතියෙනේ අම්මගෙන් ලියුමක් හෙට ගේන්නම් කියපන්..විනයා ගේ වික් පොයින්ට් මම තරම් හොදට වෙන කවුරුවත් දන්නඑකකක් යෑ..

සිස්සත්වෙට වගේම අපොස සාමාන්‍ය පෙළ විබගයටත් එකම සමාර්ථය එකම විෂයන් වලට එකම විදියට තමා අපිටලැබුණේ..ඉංගිරිසි හෝඩියම නෑ ජාති 2කකින් තාම තියෙන්නේ A සහ C මම C ගත්ත විෂයන් දෙකටම උටත් C.

ඔහොම කළේ ගෙවිලා උසස් පෙළටත් ආවා..අපි දෙන්නම එකම විෂයක් කරමු, උබ කරන නිසා මාත් කරනවා වගේ කිසිම පෙර සුදානමක් අපි දෙන්නගේම තිබ්බේ නෑ..සුපුරුදු පරිදි 1 වෙනි දවසෙම පරක්කු වෙලා අලුත් පන්තියට යනකොටම පිටිපස්සෙන් ආවේ මූ..මම එදා මුගෙන් අහපු පළවෙනි වචනේ අපෝ තොත් මේකේද? ඌ දීපු උත්තරේ නොදකින් මේ අවුරුදු 2කත් ඉවරයි..කිසිම වෙනසක් නැතිව 1 වෙනි වාර වගේම 2වෙනි වරත් අපි දෙන්නම එකම සමාන සමාර්ථය බැගින් ලැබුවා..පොදු පරික්ෂනෙවත් ලකුණු වෙනස් නෑ.

බ්‍රයිටෝ ඉදිරි පෙළ ක්‍රීඩා කරද්දී පිස්සු කෙළින උන් පිටුපසට යද්දී මැද ඉන්නේ සාමානයෙන් වැඩ කරන උන්..මොන පිස්සුද මොන පොතේ ද එහෙම තියෙන්නේ..මැද පේළියේ ඉන්නේ ලෝක ආණ්ඩපාලයෝ..පිස්සුවක් කෙලන් ආරක්ෂිතව ඉන්න හොදම තැන මැද පෙළ..අවුරුදු ගණක අද්දැකීමෙන් කියන්නේ..
පන්තියක කොහෙන් සද්දයක් ඇහුනත් මොන වැරැද්දටත් අල්ල ගන්නේ පිටිපස්සේ පේළියේ එකෙක්ව..පිටි පස්සේ ඉන්නේ වැඩ කරන්නේ නැති ළමයි කියල මේ සමාජේ කියමනකුත් ගොඩනැගිල තියෙනවා නෙහ්.ඉස්සරහ පේළියේ වැඩක් නොකර ඉන්න බෑ නෙහ්..එන හැම ගුරාම හොම්බ දාන්නේ උන්ගේ පොත් වලට නෙහ්..එතන හරියන්නෙත් නෑ..ඒ වගේම මැද පේළියක එකෙක් අඩු උණාට මිස්ලට නොට් වෙන්නේ නෑ..මොකද ගොඩක් දාට අපි ෂොට් ලීව් නෙහ්.ඉතින් අපි දෙන්නගෙම වසා භවන මැද පෙළ.හැබැයි අපි දෙන්න එක ළග නෙමෙයි හිටියේ පන්තියේ ඉන්න වෙලාවට..වෙන හේතුවක් නෙමෙයි එක ළග දෙන්නෙක් අඩු උණාම හිස් තැන ලොකුවට පේන නිසා..
මුගේ ලෝකේ වීරයා වගේම උගේ ආදර්ශය..ගැලුවා හොද කීපර් කෙනෙක් වගේම සංගා වගේම හොද තාක්ෂණික පිතිකරුවෙක්



ඔහොම පිස්සු කෙළ කෙළ ඉන්න කොට අපි දෙන්නටම ආදර සම්බන්ද තා එහෙම තිබුණා..ඔන්න ඔය කළේ මූ ගෝතමී එකේනංගි කෙනෙක් එක්ක යාලු වෙලා හිටිය..වයස දන්න නිසා නංගි කිවුවොත් ඇරෙන්න නැත්නම් නංගි කියන්න බෑ..2යි 4රෙ කැල්ල..කොණ්ඩේ කපල හරි ලස්සනයි.
මුගේ අනිත් විශේසේ ගොඩක් කොල්ලෝ කොණ්ඩේ දිග කෙල්ලන්ට කැමති උණාට මූ ආස කොණ්ඩේ කොටට කපපු කෙල්ලන්ට..පැටලෙන්නේ නෑ කටේ යන්නේ නෑ ඔන්න ඔය වගේ සාධාරණ හේතු වගයක් මූට තිබ්බ.අනිත් උන් කෙල්ලෙක්ගෙ සුකොමල බවට ආශා වෙනකොට මූ ආශා කළේ හැඩි දැඩි බවට..ස්පෝර්ට්ස් කරන කෙල්ලෝ මුගේ ප්‍රියතම..හැබැයි එකේ හොදෙකුත් තියෙනවා පියරු තට්ටු පිටින් උලන් ඉන්න කෙල්ලන්ට වඩා කට්ට කාගෙන අවුවේ ඉන්නපුළුවන් කෙල්ලෝ සුපිරි..උන්ට ඉක්මනින් හති වැටෙන්නේ නෑ පහුරු ගාලා පිට හම යවන්නේ නෑ.අපි වගේම ගොඩක් වෙලා විකට් එකේ ඉන්න පුළුවන් ටෙස්ට් නම් ටෙස්ට් ටි 20 පවර් ප්ලේ ඕනෑම එකක සෙල්ලම් කරනවා නොවෑ..මූ කිවුවට මමත් විශ්වාස කළේ නෑ අද්දැකීම විදිනකන්..බය නැතුව කියන්න පුළුවන් අද්දැකීමෙන් දන්න නිසා..
දැන් ගෝතමී නංගි ඒ වගේ හොද හැඩිදැඩි කෙල්ලෙක් ඔන්න දවසක් ඒකිගේ 4න් එක වැඩ කරන්නේ නෑ කියල දෙන්න එක්කෂෝර්ට් ලීව් එකක් එහෙම දාලා 1.30 වෙද්දී බොරැල්ලට ආවා.එකී එතනින් යන බස් එකක යන්නේ..ජිරාෆ් වගේ බෙල්ල දික්කර කර බස් වටේ කැරකිලා ඔන්න බස් එකකට නැග්ග මාවත් ඇදගෙන..සන්තුෂ්ටින් පරමං ධනං කියන්න කෙල්ලගේ 4න් එකතාත්තා කරය අත්අඩංගුවට අරගෙන..ඔය සිදුවීමෙන් දවස් 3කට 4කට පස්සේ කොල්ල කියනවා
මචං අරකිගේ තාත්තා හම්බ වෙන්න ඕනි කිවුවා යමන්ද කියල..
ඕක අහන්නත් දෙයක්ද බන් දවසක් සෙට් කරන් මට මැසේජ් එකක් දැන්මනම් මම එනවා නෙහ් බන් කිවුවා..මොකද කෙල්ලගේතාත්තා නෙමෙයි සියා කතා කළත් ගෙදෙට්ට ගිහින් කතා කරන්න මට වගේම ඌටත් හොද ගටක් තියෙනවා කියල මමහොදටම දන්නවා..
නෑ බන් මේක අනිත් ඒවා වගේ කෙස් එකක් නෙමෙයි කෙල්ලගේ තාත්තා එයාර් ෆොස් එකේ රෑන්ක් එකක් අපි දෙන්නව හක්කේ තියල සෙම අරි බුවා..
එහෙනම් අපි අම්මව හම්බවෙමු ඩැඩා ඩියුටි ඉන්න වෙලාවක, ඉසි පිසි වැඩේ ගොඩ ඇගටත් සනීපයි නෙහ්
යකෝ එකිත් එයාර් ෆොස් ම තාමා.අරකිගේත් ටර්ගට් එකත් කවදා හරි එයාර්ෆොස් එකට යන්න.ඕවට ගියාම කෙල්ලන්ට අපිව අමතක වෙනවා ක්ශනිකෙට ඒක නෙහ් මම මතක තියෙන ටිකේ පණ දාගෙන ලවු කරන්නේ..
හුකනවා දාල..මේ දෙන්නගෙන් එකෙක්ට හරි ප්ලේන් ලයිසන් තියෙනාවද...නිකන් විහිළුවට වගේ උබලගේ ගෙවල් උඩින් යනගමන් බෝම්බ කැල්ලක් දාලා අත්මරක්ෂාවට අතෑරියා කිවුවොත්..
තොට වගේ දවසක් කතා කළාම කෙනෙක් ගැන ඌවත් නොදන්නා ඒවා දැනගගන්න මෙවුවා එකක් නෑ මට..දෙන්නම හමුදාවේ කියල දැනගත්තෙත් මම ඊයේ..ගෙදර යන එක ඇගට හොද නෑ..කොහෙට හරි එන්න කියල හම්බ වෙමු..
ඊට පස්සේ අපි බැලුව අපේ ආරක්ෂාව උපරිම තියෙන තැනක්..
කොල්ලුපිටිය ඉස්කෝලෙට චෝර වෙන්න පුළුවන් දෙහිවල බැකප් එකට අපේ උන් වෙනම ගෙනියන්න වෙනවා කොටුව හොදයි සෙනග වැඩි..නුගේගොඩ..සුපිරි
කොමර්ස් උන්ට ක්ලාස් තියෙන දවසක් බලල වැඩේ ගළපමු..මැත්ස් බයෝ දෙකේ ඉන්නේ පිස්සු කෙලින හරිම ටිකදෙනයි..හදීසි වලියකට උන්ගේ සහය පතනවට වඩා හොදයි කකුල් දෙකේ පිහිට පතන එක..මොකද ටික දවසකට කලින් පන්තියේ වලියක් ගියා ප්ලැටුන් එකෙන් ඇවිත් එකෙක්ට නෙළුවා..දෙගොල්ලොම යාළුවෝ වෙච්ච අපි බේරන්න මැදට පැනල දෙපැත්තෙන්ම ගුටි කනකොට පන්තියේ උන්නම් ගම් දාල ලියුමක් ලියල පිනාට දෙන්න රණ්ඩුව නිසා උන්ට ඉගෙන ගන්න බෑ කියල අන්න එහෙම පොන්න හැත්තක් හිටියේ..
එක නිසා කොමර්ස් උන්ගේත් සප් එක ඇතිව දවස තීරණය උණා..
ප්ලැන උණේ කොමර්ස් එකේ උන් ටික ස්කුල් බස් එකේ ගිහින් ගුවන් පාලම අවට තැන් තැන් වල ඉන්නවා..අපි දෙන්න ඊට පිටිපස්සේ බස් එකේ ඇවිත් බුවාට ටෝක් කරනවා ගේම නම් ගේම සාමේ නම් සාමේ කියල කට්ටිය ඇලර්ට් එකේ ඉන්නව..
සරසවිය ඉස්සරහින් අපි බැහැලා දුන්න බුවාට කෝල් එකක්..බුවා පොඩ්ඩක් ඉස්සරහ ඉදන් අත වැනුවා..මොනවා උණත්අන්කලය ජෙණුවින් ඌ තනියෙන් ට්‍රෙලක ඇවිත් තිබ්බේ..අපේ එකාගෙන් ඉන්නේ කොහෙද අම්ම මොනවාද කරන්නේ අහන්නේ නැතුව බුවා ඒවා හොයන් ඇවිත් තිබ්බේ.
පුතා මේක දිගටම කරන් යන්නද හිතන් ඉන්නේ.
ඔවු අන්කල් තාත්තේ කියපන් කියල මුට මගින් මගටම කියලත් අන්කල් ගෑව කියන්නකෝ
එයා, එයාර් ෆොස් යන්න හිතන් ඉන්නවා කියල ඔයා දන්නවාද
ඔවු අන්කල්
එකේදී මුල් අවුරුදු (කීයක්ද මන්දා කිවුවා) බදින්න බෑ ඒ වෙනකොට මේක නවතින්න පුළුවන් එහෙම හිතෙන්නේ නැද්ද..
යකෝ දුවත් එක්ක තියෙන ඇෆයර් එක නවත්තාපන් සුදු වෑන් එවනවා අයිත් අහුවෙන්න එපා වගේ සුපුරුදු වදන් ටික බලාපොරොත්තුවෙන් ගියාට මූ ඇවිත් තියෙන්නේ කේන්දර බලන්න නෙහ්
අන්කල් මගේ ටර්ගට් එක නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන එක දැනටත් මම ******* ක්ලබ් එකේ සෙල්ලම් කරනවා.ඉතින්මටත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් බදින්න නම් බැරිවෙයි අපේ  එකා දුන්න රජ ටෝකක්
හරි ඔයා ඔයාගේ ටර්ගට් එකට යන්න එදාට මම ඔයාව හොයන ඇවිත් දුවව දෙන්නම්(ටර්ගට් එකට ගිහින් ඊළගට වරෙන් ගෑනු ඉල්ලන්න නික්ම වගේ එකක් මම බලාපොරොත්තු උණේ)එතනක් තැන් තැන් වල ඇවිදින්නවත් දෙන්නගේ අධ්‍යාපනේ නැතිකරගන්නවත් බෑ..එහෙම උණොත් මේ පොරොන්දුව අවලංගුයි..දුවව හම්බ වෙන්න ඕන නම් අපි ඉන්න දවසක ගෙදෙට්ට ඇවිල්ල කතා බහ කරන්න අපෙන් කිසි බාධාවක් නෑ .ඒ වගේම දැන් ඔයා දුවට කතා කරලා කියන්න අපි කතා උණ ටික
මගෙන් වත් 4න් එක නොයිල්ල මූ පැනපු ගමන් කියපි අන්කල් 4න් එකේ කෙර්ඩිට් නෑ කියල..
ආ මගේ එකෙන් ගන්න ගෙදර නොම්බරේ පුතා දන්වා නෙහ්.
ගෙදර එකෙන් රිංග්ස් යනවා උස්සන පාටක් නෑ..
අන්කල් 4න් එක අන්සර් කරන්නේ නෑ නංගි නිදි ඇති නැත්නම් හෙඩ් 4න් එක කනේ ගහගෙන ඇති කියල..(තාත්තාට වඩා අපේ එකා දන්නවා දුව ගැන)
ඊළගට මූ මුගේ 4න් එකෙන් නොම්බරයක් හොයල කෝල් එකක් ගත්තා අරන් විස්තර ටික කිවුවා..කියල අන්කලයට 4න් එක දුන්න..
එයාගේ 4න් එක ඇන්ටි ඊයේ ගත්ත නේහ් පුතා ඔයා මොකටද කතා කළේ..ඊයේ හවස මම තව එකක් ගිහින් දුන්න අන්කල් කියල මූ කිවුවා..
අපේ උන්ටත් පරක්කු වෙන නිසා සකච්චාව එතනින් නවත්තල එන්න ඕන උණේ මට නම්, ඇයි හත්වලාමේ අරුන් පන්ති යන්න එපෙයි..එහෙම කියල අපි එහෙනම් ගිහින් එනම් අන්කල් කියල මම කියද්දී අරූ පැනපු ගමන් අන්කලයට වැන්දා දනගහල
හොදට ඉගෙනගනින් පුතා කියන එකත් අහගෙන අපි එන්න හැරුණ අන්කලයා බයිසිකලේ පැත්තට ඇවිදන් ගියා..
විනාඩියක් දියන් මචං කියල මු ඒ පැත්තට ගියා..එක පාරට මොකද උණේ කිස් එකක් වත් දෙන්න හිතිලද කියල මමත් හැරුණාඒ පැත්තට..ගිය පයින් මූ ආවා..
අන්කලයට වැන්ද එකට සෙට් එකෙන් ඇති වෙන්න බයිටුත් වෙලා කට්ටියට ස්තුති කරලා පිටටත් කරලා අපි දෙන්න බස්ටෑන්ඩ් එක පැත්තට ආවා..එන ගමන් ඇහුව උගෙන් මොකෝ බන් හදිස්ස්යේම අයිත් දිවුවේ කියල
නෑ බන් අන්කලය පාවිච්චි කරන්නේ මම කෙල්ලට දීපු 4න් එකක් එකේ කපල් පැකේජ් එකක් තිබ්බේ ඉතින් මට එක සිම් එකකින් වැඩක් නෑ නෙහ් ඉතින් අනිත් එක ඉල්ලගන්න පුළුවන්ද බලන්න ගියේ බැරි නම් මගේ එකත් ඌටම අපහු දෙන්න ඒ මුසලයා එක කඩලා නෙහ්..කිවුවා..
එච්චර දැහැමින් කතා කරපු බුවා ගෙදර ගිහින් කෙල්ලට ඊයේ හවස දුන්න 4න් එකත් අරන් තිබ්බ..ඊට ටික කාලෙකට පස්සේ මූටත් කෙල්ලව එපා වෙලා ඇෆයර් එක නැවැත්තුවා.නවත්තලා මාසෙකින් විතර මූ ගෙදර යනකොට ඩිෆෙන්දරයක් ඇවිල්ල මූගාවින් නවත්තල(සුදු පාට හිරුනිකා මොඩල් එකක් නෙමෙයි කළු එකක්)රටේ ලොකු පොරකගේ psd එකේ චිෆ්..ඌ කැල්ලව දාගෙන.ඒක කියල යන්න ඇවිල්ලා.. සද්දේ දාලා යන්න ආපු එකාත් ඕන කෙස් එකක් තියෙනවා නම් මට කෝල් එකක් දියන් මල්ලිකියල මුට නම්බරෙත් දීලා ගිහින්..ඊට ටික කාලෙකට පස්සේ මම උන් එක්ක බෝතලේකුත් ගැහුවා.ගාලු ට කතා කරලාතියෙන්නේ ඌ ඉතින් බොන එකෙක් යෑ ඌ මාව ඇදන් ගියා මම බිවුවා ඌ බයිට් ටික කෑවා.

තව මුට තියෙනවා අමුතු ප්‍රේර්මේකුත්.ගොඩ දෙනෙක් පතන ප්‍රේමේ අවසන් පලේ විවාහයට උන් දෙන්නම කැමති නෑ.සෙක්ස් රිලේෂන් ෂිප් එකකුත් නෙමෙයි.උන් දෙන්නට දෙන්න නැතුවත් බෑ.ෆ්‍රෙන්ඩ්ෂිප් විත් බෙනිෆිට් වුත් නෙමෙයි.එකෙක් හරි වෙන කෙකෙන් එක්ක කතා කරන එකත් ඉවසන්න දෙන්නටම බෑ.හැබැයි දෙන්නම අනෙකාව තමන්ගේම කරගන්න කිසි කැමැත්තක් නෑ..කරන්න තියෙන හැම මගුලම කර කර උන් දෙන්න අතල් එකේ ඉන්නවා..දෙන්නට දෙන්න හොරෙන් හොර කොටුත් පනිනවා..එයාගේ නංගි එක්කත් මූ යාලු උනා..අක්කවයි නංගිවයි ගානට බැලන්ස් කරන කොල්ල රන් එක දුන්නා විහින් මට්ටු වෙනකන්ම..
ඒලෙවල් කෙමෙස්ට්‍රි දවසේ MCQ පේපර් එක ලියල මම බැලුව මූ දිහා(බුවා මට අල්ලපු පුටුවේ) ඉන්නවා උඩ  බලාගෙන රිසක් එකක් අරන් උත්තර පත්‍රය දැන්මා බුවාගේ මේසේ උඩට හෙන අමාරුවෙන් මෙහ පැත්ත බලල මු කියාපි
මචන් අරකි අද දවසටම කෝල් කලේ නෑ කියල
රවුමට රවුමට ඇවිදින මිස් නොහිටින්න මම ඌට අම්මගෙන් බීපු කිරි මතක් කරනවා..උලමා..

කෙල්ලෙක් හින්ද විබාගේ වගේම අවුට් ඔෆ් ඇටෙන්ෂන් නිසා ක්‍රීඩා ජීවිතේම නැති කරගත්තා

බුවාගේ ඊලග ප්‍රේමේ තමා මහා මුහුද..ඌ මුහුදට අසයි..නාවික හමුදාවේ ඉදන් මාළු බෝට්ටුවට වෙනකන් අඩන ගියා මම මූව හැබැයි මුල් දවසේ තියෙන උනන්දුව පහුවදාට නැති කරගන්නවා..
ඒ හැමදේටම මම අදටත් බනින්නේ කෙල්ලෝ 2න්නෙක්ට.
එක්කෙනෙක් මුගේ අමුතු ප්‍රේමේ..
අනික මුගේ සදාකාලික ප්‍රේමේ..
මගේ වගේම අක්කා කෙනෙක් හම්බන්තොට පැත්තේ..මූ බොක්කෙන්ම ආදරේ කලේ ඒකිට..එකී මුට ආදරේ කලාවැඩි..මුගේ අමුතු ප්‍රේමේ ගැන එකී දැනන් හිටිය දෙන්න එකට ඉන්න වෙලාවල් වලට අමුතු ප්‍රේමේ අවන කෙටි පණිවිඩ වලට උත්තර බැන්දෙත් එකී වෙන කෙනෙක් උත්තර බැන්දේ කියල හොයන්න බැරි වෙන්නම එකී මුගේ style එක වචන තේරුම් අරන් තිබ්බ්බා.එකී කවදාවත් මේක අදින් නවත්තාපන් කිවුවේ නෑ..එක එහෙම එක පාර නවත්වන්න බෑ කියල එකී දැනන් හිටිය මුට ආදරේ කරන ගමන් එකී ඇති වෙන්න කල් දුන්න..අන්න ඒ කාලේ මූ ප්රෝයෝජනයට ගත්තේ නෑ දෙන්නම තියන් ඉදිය මිසක්..ඒකිගේ ඉවසීමේ සීමාව පනිනකන්ම..ආදරේ කළා කියල මුට එච්චර නිසදහස්ක් දීපු නිසා තාමා අද ඌ දුකින් ඉන්නේ අන්න එකයි මම එකිටත් බනින්නේ..
ඌට දුක්වෙන්න එපා කියන්නවත් අමතක කරපන් කියන්නවත් විදියක් නෑ මට මොකද ඒ දුක මම හොදටම දන්න නිසා ඒ දුකෙන්ම මාත් පෙලෙනවා කියල ඌ දන්න නිසා 

උගේ තනි රකින පර්ශියන් සුරතලා



Wednesday, February 12, 2014

෴වයර් පුට්ටුවා ෴





සම්පුරන නම :-S.H.R.S
පදිංචිය :-පානදුර පැත්තේම තමා
පාසල :-පානදුර සිරි සුමංගල විදුහල
අධ්‍යාපනය :-මාලබේ පැත්තේ පොට් එකකින් පරිගණක ජාලකරණය]

පවුලේ විස්තර :-පියා විදෙෂගතයි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-කාලයක් පිනුවා..යකඩ කැලිත් ඉස්සුවා..දැන් නම් ඇද උඩ සෙල්ලම් ජයටම...
විශේෂ හැකියා:-කාටවත් අලුත් වැඩියා කල නොහැකියි පවසන ඕනෑම විදුලි උපකරනයක් අලුත් වැඩියා කරයි
දුර්වලතා :- මල පනිනවා ෂනිකෙට

මුගෙයි මගෙයි මිතුදම ඇරබෙන්නේ 6 වසරේදී..යකා සර් ගේ ගණන් පන්තියෙන්...ඊළගට දහම්පසලට ගියා...
මටත් ඒ කලේ වයර් කැලි පසසන පිස්සුව තිබ්බ..මයි මුයි තදියයි අතල් කෝටියක් ගත්ත..අනිත් උන් සර්කිට් පසසන්න ඉගෙන ගන්නේ රොබෝ සර්කිට් නම් ඒ කලේ තිබ්බ බල්බ් 2ක් මාරුවෙන් මාරුවට පත්තුවෙව සර්කිට් එක හදලා.. අපි පටන් ගත්තේ රේඩියෝ එකක් හදන්න...අපේ වාසනාව කියන්නේ කලි ටික පස්සගෙන එන කොට එකේ මොකක්දෝ එක කැල්ලක් අපේ පැත්තේ කඩවල නොතිබීමයි.. හරියන වෙන කැල්ලක් දන්නා තරම් දැනුමක් ඒ කලේ තිබ්බේ නැති නිසා එක එතනින් නැවතුන...
ඊළගට හැදුවා තෝරන් ආකෘතියක්..
ඊළගට තම ඇම්ප් පිස්සුව ගැහුවේ..අදටත් මම පවිච්හි කරන්නේ අපේ දැතින් නිම උන STK ic එකක් තියෙන ඇම්ප් එකක්..


මේක තමා සහෝගේ දඩුමොනරේ
එක ගෙදරින් දානකොට අහල ගම 7ක් දන්නවා විස්තරේ



















මෙහ පින්තුර දෙක දැක්කම හිතා ගන්න පුළුවන් නෙහ් ඇයි වයර් පුඋට්ටුව කියන්නේ කියලා...ඔය නම ඉස්කෝලෙන් වැටිච්ච එකක්...අපේ සහෝදරයා ඉස්කෝලේ තැනක සිට තවත් තැනකට කරන්ට් වයර් එකක් අරන් ගිහින් තියෙනවා..වාසනාවට වයර් එක දිග වැඩි වෙලා..එතන යකඩ ග්‍රිල් එකක් තිබිල තියෙනවා ඉතින් අපේ යාලුව ග්‍රිල් එකේ එක කොනකට කරන්ට් එක දීල අනිත් කොනින් අරගෙන
ඔය විදියට තම බුවා වයර් ඉතුරුකරන් තියෙන්නේ

දෙයියනේ කියලා සර් කෙනෙක් ඕක අල්ලලා...ඒ කතාවේ ඉතුරු ටික හිතගතහෙකි නෙහ්..........

මුගේ විසේසත්වේ තම කාටවත් හදන්න බැ කියලා අයින් කරන Motherbord Laptop Ifone ගින්නක් නැතිව හදල දෙනවා..

motherbord එකක් වයර් වලින් පස්සල තියෙනවා කවුරුත් දැකල නැතුව ඇති නේද? මම නම් දැක්ක..එක දවසක් මම උගේ ගෙදර යනකොට ඌ mb එකක් පාස්සමින් හිටිය..ඕක මම ගණන් ගත්තේ නැ.. ඊට ටික දවසකට පස්සේ අපේ වික්ක(තවත් යාළුවෙක්) mb එකක් කඩේකින් අරන් ආව.. පවිච්හි කරපු එකක්..මමත් එතන හිටියා..බෝර්ඩ් එකේ ඉස්සරහ දැක්ක ගමන් හසියා ඇහුව,
  හසී-මේක උබ කොහෙන්ද ගත්තේ කියලා?
වික්ක -අහවල් කඩෙන් බන් ගත්තේ...
හසී- ඕක අනිත්පත්ත හරෝපන් කිඋව
කිරි අප්පට මෝටර් ගහපි කිඋවා එක පිටි පස්සේ වයර් වලින් පාස්සලා....
වික්ක- මට්චන් මේක රටින් පස්සල අපු එකක් කියලා කඩේ එකා කිඋව චෙක් කරලා ගත්තේ අවුලක් නැ ?
හසී-ඕක පස්සුවේ මම බන් මම කඩේ එකට ඕක දීලා වෙන එකක් ගත්ත කියලා කිඋව..
වික්ක එවලේම ගිහින් එක මරු කරගත්ත..අන්න එහෙමි බුවාගේ වැඩ කිඩ...

fb එකෙන් ගත්තේ
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කාබයිට්  චාරිතයකි

 2015 රෙඩ් බුල් X ෆයිට ෂෝ එකට පුහුණු වෙන්න ගිහිල්ල
මෙහ දවස් වල ඩයල් එක රයිගම් කෝරලයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි ...වෙන අය සැදීමට නොහැකියි පැවසූ 4න් ලැප් තිබේ නම් මට ඊතලයක් එවන්න..මොහු සම්බන්ද කරගතහෙකි ආකාරය පවසන්නම්

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

Sunday, November 17, 2013

෴ඩල්සි෴








සම්පුරන නම   :-C.B.O.D
පදිංචිය            :-පානදුර පැත්තේම තමා දැන් විදේශ ගතයි
පාසල              :-මගේ ඒකම තමා
අධ්‍යාපනය      :-ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ දැනට විදේශීය විස්වවිදයලයක

පවුලේ විස්තර :-පියා වයපාරිකයෙකි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-මාටියා ගැහිල්ල විතරයි
විශේෂ හැකියා:-ගොටු උපාදිය උපතින් රැගෙන විත් ඇත..ගල් කප්පිත්තෙක්
මා දකින ඔහුගේ
දුර්වලතා          :- එහෙම ඒවා නැ



වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කුපාඩියෙක් උනත් මට නම් හොද යාළුවෙක්...මොහු මගේ සමාගමට වැටුනේ 10 වසරදී....
මේක කරපු වැඩ ටිකක් කියන්නම් කෝ..බුවා ගැන හොද චිත්‍රයක් මැවෙයි...

දවසක් මේකාගේ ගෙදර ගියාම මෙසේ උඩ තිබ්බා සම්මානයක
මහානාමයට කල සේවය වෙනුවෙන් ගෞරවයෙන් පුදනු ලද වගයි ...
කියලා ලොකු අකුරින් ගහලා..මූ ස්කෝලෙට කරපු වෙඩිමක් නැති නිසා එහුව විස්තරේ...අපේ පිනා සර් ට දීපු එකක් එක..එදා ස්ටේජ් එකේ ශබ්ද පාලනයට ඉදල තියෙන්නේ අපේ ඩයල් එක..සර් සම්මනෙයි තෑග්ගයි මුට දීල අල්ල ගන්න..බුවා එක අරන් මාරු වෙලා.. තෑග්ගේ තිබිල තියෙන්නේ ශිර්ට් එකක් එක ස්කුල් එකෙ එකෙක් ටම විකුණලා අපිට කන්න අරන් දීල එදා...

දහම්පාසල් අවසාන විබාගේ දවසේ කන්න ගිය අපි සෙට් එක.කලා පන්සලට අපු ගමන් මු අපේ එකෙක්ගේ බෑග් එක ඉල්ලලා පොරේ...අයිති එක ඇහුව මොකටද බන් මගේ බෑග් එක උබට කියලා..මූ කියපි මුගේ බඩු  වගයක් එකේ තියෙනවා කියලා...ඉතින් අපි එක ඇරිය බලන්න...කපු කඩේම එක ඇතුලේ

චොක්ලට් බිස්කට් පැකට් 2
ටිපිටිප් පැකට් 1
ඔකේ කේක් කෑලි 4
මලු පාන් ගෙඩියයි

මුගේ අතට අහුවෙච්ඡ ටික අරුගේ බෑග් එකට දල....

තවත් දවසක මාත් එක්ක ගිය internet cafe එකකට..ස්කොලේ වැඩකට..මම වැඩේ කර කර ඉන්නකොට මු කියපි යමන් මචන් කියලා..අපු වේදේ කෙරිලා තිබ්බෙත් නැති නිසා මම කිවුව ටිකක් හිටපන් බන් තාම වැඩ ඉවර නැ කියලා..වෙනින් තැනකින් කරමු කියලා මූ යන්නම පොරේ...බුවාගේ තරම දන්නා නිසා මත යන්න ලේස්ති උනා.උබ සල්ලි ගෙවල වරෙන් මම එළියෙන් ඉන්නම් බන් කියලා ඌ එලියට බැස්සා මම සල්ලි ගෙවල එනකොට මූ කඩේ ඉස්සරහ ඉදන් සල්ලි වගයක් ගනිනවා... මුකරලා තියෙන වැඩේ තමා cafe එකේ  ups එකක් උස්සල එක ඒ කඩේ ඉස්සරහම තියල විකුණලා....

ඔය වගේ ලියනවා නම් ගමකට සිද්දි ලියතහැකි බුවා ගැන...කොඡාර ගේම් කාරයෙක් උනත් යලුවන් ගේ දේවල් උස්සන්නේ නැ මූ....
අපේ විනය බාර  සර් අල්ලන කොල්ලන්ගේ ජංගම දුරකථන සර් ගෙන් උස්සල නැවත කොල්ලෝ අටට දෙන්නෙත් බුවා තම....

ස්කොලේ තිබ්බ හැම සංගමෙකම වගේ හිටිය ශිෂය නායකයෙක්..පන්තියේ හිටියේ නැති තරම්..හැබැයි උසස් පෙළ හොදින් සමත්...කොහොමද කියලා නම් මම කියන්නේ නැ...එක දන්නේ ඩයල් එකට එහා පැත්තේ හිටිය ලංකාවෙන් 5 වෙනියා ගතට එකා විතරයි

Friday, October 18, 2013

෴චිකා෴

කුකුල් පුතා නොහොත් චිකා

සම්පුරන නම :-T.N.H
පදිංචිය           :-පානදුර පැත්තේම තමා
පාසල             :-sjgs & සාන්ත සෙබස්තියන් විදුහල් වලින්
අධ්‍යාපනය     :-ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ සහ ව්‍යාපාර පරිපාලනය පෞද්ගලික පොට්
                       එකකින්

පවුලේ විස්තර :-පියා සාර්ථක වයපාරිකයෙකි මව සහ පාසල් යන වියේ සිටින නිවුන් 
                          සොහොයුරියන් දෙදෙනා
ක්‍රිඩා                 :-හොද ටෙනිස් ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක්
විශේෂ හැකියා:-ශුර  බුද්දියකින් හෙබි වයපාරිකයෙකි..විශිෂ්ට රියදුරෙක්.. 
මා දකින ඔහුගේ
දුර්වලතා         :-ක්‍ෂණික කෝපය සහ දැඩි කලබල කාරී ස්වබාවය


සාමානයෙන් ළමයෙක් ට ගෙදර කතා කිරීමට බාවිතා කරන ලොකු පුතා සුදු පුතා...... ආදී නම් වලින් ඔබ්බට ගිය නමක් පියා විසින් දමා ඇත...එක තමා කුකුල් පුතා අපේ පහසුවට චිකා උනෙත් ඒකම තමයි..

තඩියා වගේම මේකත් මගේ 1 වසරේ ඉදලා යාළුවෙක්...1-5 දක්වා මෙයාගේ අස්නේ උනේ තඩියට යාබද අසුන..
අපේ සෙට් එකේ මුලින්ම රියදුරු බලපත්‍රය ගත්තේ මේකා තමා...හමොයම කලින් වාහන එලවීමේ කුසල තවෙ ගත්තෙත් මේකම තමා...(මුලින් ලයිසන් ගතට එක තමා මුලින් එළවන්නේ කියන්න එපා)18 සම්පුර්න වෙලා ලයිසම අතට එනකොට අපේ සෙට් ඒකම ඇති වෙන්න වාහන කරකවපු උන්...
චික ඒ අතින් ගොඩක්ඉදිරියෙන්... අපි 3 වසරට එනකොට චිකා ට තනියම ඕනෑම මාර්ගයක ඕනෑම වාහනයක් දාවනය කිරීමට තරම් හැකියාව තිබ්බා...
හැමදේම මුලින් කරනවා වගේ තමා කට්ටිය සෙට් උනොත් මුලින්ම ගෙදර යාමේ අවශ්‍ය තාවය මතුවෙන්නෙත් මේකටම තමා...
කටවචනෙට කියන කඩදහි ලිපේ දමා ඇවිල්ලා කියන එක නම් එකෙන්ම ගැලපෙනවා

2.7එන්ජිමකින් බල ගැන්වෙන සෙට් එකේ ඒකම 4*4 එක

වාහන කිහිපයක හිමි කරුවෙක් වන මොහුගේ හුරතල තමා මෙහ්

වෙසක් පොසොන් වලට වර්දින්නෙම නැති වන්ඩියක් තමා මේකත්
වෙසක් දවසක

හතර වටෙන්ම කට්ටියවෙල්ල ගන්න චිකා ඉතුරු ටික ඔක්කොම පිටි පසේ බක්කියේ
කවදත් වාහන 2ක් 3ක් යන අපේ චාරිකාව මේක ඉස්සර උනොත් නම් දන්සල් කලා හමාරයි..නවත්තන්නේ නැ නෙහ්...
ව්‍යාපාර කටයුතුත් එක්ක තරමක් අවිවේකි ජිවිතයක් ගතකළත් විවේකි සති අන්තය පොහොය ප්‍රසිද්ද නිවාඩු වලට ක්‍රිකට් ගසන්න හෝ ජලතර ක්‍රීඩාවකට ඇරයුමක් වරදින්නේ නැ...මහන්සි වෙලා උපයනවා වගේම වියදම් කරන්නත් කවදාවත් පැකිලෙන්නේ නැති ලොස් නැති ඩයල් එකක්..

බයිලා සංගීතයට සහ වේග රිද්ම සිංහල ගීත අහන්න තම වැඩිපුරම ප්‍රියතාවය...තිතට මත තියපු වෙලාවට නොවතින ගීත වැලක් වරදින්නෙම නැ...

සමාජ සබදතා ඉතාමත් ඉහල මට්ටමක පවත්වාගෙන යන ඩයල් එකක්...සමාජයේ හැම මට්ටමකම පුද්ගලයෝ බුවා එක්ක ඉන්නවා...

පොඩි දෙයක් ඇති බුවාට මලපනින්න නම්..

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

ps මේකාගේ පූජනීය ලවක් තියෙනවා එක කියන්න බැරි උනා නෙහ්...එයාගේ ගෙවල් පට්ටට අපි කියමුකෝ ඉන්දියාව කියලා(සිරා ගම කියන්න බැ හොදේ) පෝයට අපේ සෙට් ඒකම සුදු වතින් සැරසිලා රථ පෙරහරකින් ඉන්දියාවේ පන්සලට යනවා...නිවාඩු පාඩු දවසට සෙල්ලම් පාරක් එහෙම ගලපලා ඉවර උනාම අපි යනවා ඉන්දියාවේ රබර් වට්ට ගාවට..යනවා කියුවේ වාහනේ ගියා හරෝ ගත්තාට අවා...ගේ පොඩ්ඩක් බලාගන්න අපේ බුවාට...මේකට දැන් අවුරුදු 4ක් විතර වෙනවා...තඩියට වඩා මේක දියුණුයි මෙහ් දෙමහල්ලෝ එකට ගමන් බිමන් පවා යනවා ඉඩ ලද විගස...හැබැයි මේකත් ලංකාවේ ටෙලිනාට්‍යයක් බලනවා වගෙයි..නාට්‍යට වඩා වෙළද දැන්වීම්...

Thursday, October 17, 2013

෴තඩියා෴

චුට්ටන් ඇග පත 

සම්පුරන නම  :-D.K.M
පදිංචිය           :-පානදුර පැත්තේම තමා
පාසල             :-sjgs & ශ්‍රී සුමංගල විදුහල් වලින්
අධ්‍යාපනය     :-වාණිජ අංශයෙන් උසස් පෙළ සහ ඌට අහන්න ලැබිච්ච හැම පටමාලාවකම මුලික
                          අඩිතලම දමා ඇත
පවුලේ විස්තර:-අම්මා අගනුවර ප්‍රසිද්ද හෝටලයක විදායක නිලදරිනියක්  තාත්ත කළුතර පුරවරයට
                          ආසන්න තරු හෝටලයක විදායක නිලදාරියෙක්..කාලයක් විදේශීය හොටලයක
                           විදායක නිලදාරියෙක් වශයෙන්ද සේවය කලා  සහ සහෝදරිය
ක්‍රිඩා               :-මොනවාද නොකළේ.... කාලයක් මාත් එක්කම බැට්මින්ටන් ගැහුවා මාත් එක්ක
                         පිනන්නත් ගියා...ඊළගට කාලයක් බොක්සින් ගැහුවා....
විශේෂ හැකියා:-චතුර කතික හැකියාවක් ඇත.කළු ගලක් දුන්නත් market කරයි...පුර්ව සුදානමකින්
                          තොරව ඕනෑම විවාදයකට එලබෙයි...බත් හොදට අනලා කවන්න වගේම කන්න
මා දකින ඔහුගේ
          දුර්වලතා:- පුරා 5 වසක් තිස්සේ ඒක පාර්ශ්වික ප්‍රේමය....මුල්‍ය කළමනා නොකිරීම.

මුගෙයි මගෙයි මිතු දම ඇරබෙන්නේ 1 වසරට පාසලට ඇතුල්වු දා පටන්...1-5 දක්වා මගේ යාබද අසුනේහ් හිමිකරුවා...ඒ කල තඩියා නොහොත් දිලාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා සදහා යන නිසා දිලගෙයි නගගෙයි මගෙයි ළමා කාලයය ගෙවුනේ අපේ ගෙදර...
ඔහොම සුන්දර කාලයක්...1 වසරේ ඉදල ටියුෂන් පන්ති දක්වන මන සිකත් වයක් අපේ දෙමු පියන්ට තිබ්බේ නැ...සමහර vට අපේ අම්මත් ගුරුවරියක් නිසා ළමා මනස හොදින් තේරුම් අරන් තිබීම වෙන්න පුලුවන් එකට හේතුව...අපේ අම්මා ගෙදර වඩා කරවනකන් අපි එති තරම් සේලම් කලා..සමහර දට වත්ත පහල තිබ්බ කණුවක් දෙපෙත්තකින් හරස් කරලා ඉහිනවා මලු පැටියෙක් අලන්න ...එහෙම නැත්තන් අපි 3 දෙනාට හිටියා සුරතලෙක් ශිබා ඕකට බලු පුහුණුව ලබා දීමත් අපේ දවසේ එක් අංගයක්...එහෙම නැත්තම් ශිත කරන්න් උස්සනවා sosegous packet  එක..වත්ත පහල ගහනවා ලොකු ගිනි මැලේකුත්..කම්බි කුරකින් අර ටික දානවා B.B.Q  දාල 4 දෙනා එක්ක ගිලිනවා(දැන් අහන්න එපා කවුද 4 වෙනියා කියලා ඒ අපේ බලු රාල)

අපේ ජොකා ගේ වන්ඩිය ඇරුනම අපේ ප්‍රරවාහන අවශ්‍යතා වලට නොපැකිලිව ඉස්සෙලම එන කෙනා තමා දිලා

2.0 එන්ජිමකින් බල ගැන්වෙන මේක තමා එයාගේ පන

කවදාවත් වෙලාව කියන එක ගැන හැගීමක් නැති උනත් කොහොම හරිගනක් හොයාගෙන පෙට්‍රල් පාරකුත් ගලපාගෙන බුවා එනවා...ඇතුලට දාගන්න පුළුවන් ගාන ගැන වාහනේ දාරිතාව මැන්ට ප්‍රශ්න නැ කවදාවත්..ඉන්න කට්ටියවම කොහොම හරි ගෙනියනවා කියන තියරියේ ඉන්න බුවා ඩිකියේ හරි අපි පැක් උනාට පස්සේ බුවා ඉගිලෙනවා..කවදාවත් කට්ටිය වැඩි අදින්නේ නැ යට වදිනවා ටෝක් ලොවෙත් කියන්නේ නැ...

වැඩිම පටමාලාවන් ගණනක් වගේම වැඩිම රැකියා ප්‍රමාණයක් කරලා තියෙන්නේත් මේකම තමා..
ගිණුමේ ගානක් ඉතිරි වෙලා තියෙනවා නම් එක ඉවර වෙන්නකන් බුවා ගෙදර...එහෙම නිවාඩු දෙන්න තාත්තාගේ කොම්පැනිය නෙමෙයි නෙහ්...ඉතින් තව එකකට යනවා ඊළගට...
මෙහ් දවස් වල බුවා අලවි ප්‍රවර්දන නිලදාරියෙක් විදියට වැඩ...


කාර්ය බහුලත්වයත් එක්කල කට්ටියට මුන ගැහෙන්න තියෙන අවස්ථා දැන් සෑහෙන්න අඩු වෙලා...විසුරුණු කට්ටිය එකතු කරන්න දිලා සෑහෙන්න වෙහෙසක් ගන්න කෙනෙක්..බුවාගේ පඩි දවසට අනිවා එයාගේ ජංගම මෙඋව එකෙන් cl එකක් වරදින්නේ නැ... 

"මචං තියෙන ගානකුත් අරන් ගේට්ටු ව ගාවට වරෙන් මම ගේට්ටුව ගාව".
බුවාගේ නිල රථයෙන්ම කට්ටියව එකතු කරනව...සල්ලි තිබුන නැතා එකට කට්ටිය ගොඩ වෙනවා..
කලෙක්ෂන් වටයේ හැමදාමත් වගේ සොච්චම් මුදලක් එකතු වෙයි...ඉතිරි මදි පාඩුව දෙපාරක් නොහිතා පිරිමසන්නේ දිලා තමා..

අපගේ සුපුරුදු වාඩිය තමා බොල්ගොඩ ගං කොමලියගේ මහබෙල්ලන තොටුපල..මාසයෙහි විස්තර රසවත් සිදුවීම්  සමගින් මතට තිත තියන බුවාගේ ඊලග වැඩේ තමා

මායිම් නිරීක්ෂණයට යාම..
කලින් කිවුව නෙහ් මම 5 වසක ඒකපර්ශිවික ප්‍රේමයක් ගැන..අන්න එයාගේ ගෙවල් වටේ වහනේ කරකවනවා...(5 වසක් ඒක පර්ශිවික කිවුවාට එක දිගට ගලන් ගියේ නැ..මගින් මගින් වෙළද දැන්වීම් 3ක් 4කුත් ගියා..හිත පහල වෙච්ච දා ඉදන් තමා 5 ගැන්නේ)

අපේ වාර්ෂික චාරිකාවකදී ගත්ත බුවා ගේ නින්ද...

නිදා ගත්තම නම් ඇහැරවනවා සුම්මා



තිතට මත හැදුන වෙලාවක
බුවාගේ කැම ගැන කියන්නම එපැයි...සාමානයෙන් හාල් කිලෝ 1 කැ බත් කන මොහු ටිකක් මහන්සි උනොත් නම් 1.5 යන්ටම් දාගන්නවා...තෝසේ වගේ ඒවා නම් 8ක් සහ අල බොන්ඩා 3ක් පමණ..වේලකට සැහේ....

යාලුවෝ වෙනුවෙන් දෙයක් කරන්න හිත නැකත් බලබල ඉන්නේ නැති..යාළුවෙක් ට කරදරයක් නම් පොලියට හරි සල්ලි හොයන් යාලුවට උදවු කරන සිරාම ඩයල් එකක්

හැබැයි චුටි දෙයක් ඇති හිට රිද්දන් බුවාට මාසයක් හිතන්න...

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

Sunday, October 13, 2013

෴ජොකා෴

කොයි වෙලෙත් සිවිල් පිට ඉන්න ආස නිසා තමා මෙහ් නම වැටුනේ.........

සම්පුරන නම  :-L.H.K.S
පදිංචිය           :- පානදුර පුරවරයේ
පාසල             :-මගේ පාසලට විරුද්ද පාසල
අධ්‍යාපනය     :-ගණිත අංශයෙන් මාත් එක්ක 2 පාරක්ම කලා
පවුලේ විස්තර:-පියා විදෙස් ගතයි..සහෝදරයෙක් ඉන්නවා එකත් රට සහෝදරියක් ඉන්නවා තමා
                         පාසල් යන වියේ.මව් සහ තාඅම්මා
ක්‍රීඩා                :- පාසලේදී ශිෂ්‍ය බටයෙක්...ගෙදර හැම ජතියකම වගේ ක්‍රීඩා උපකරණ ගෙනත්
                          තිබ්බත් පිහිනුම් පමණක් කර ඇත..හොද ඉලක්ක වෙදික්කරුවෙක් සේම සැහැල්ලු
                          ගුවන් කරනම් ශුරයෙක්(පරිගනකයෙන්)
විශේෂ හැකියා  :-හිල් වෙච්ච බෞසරයක්(මෙහෙම කිවුවම දන්නා අය දන්නවා නෙහ්..)
මුට නැතුවම බැරි
              දේවල්  :- රොකට් ඉන්දන,,,හා ඔහුගේ පන හා සමාන කෙනෙකුගේ නැනන්ඩිය
                              (අද දින වෙන විට)

මුගෙයි මගෙයි මිතු දම ඇරබෙන්නේ අපි 3 වසරේ ඉදීද්දි..
මුලින්ම හමු උනේ ඉංග්‍රීසි පංතියකදී...
එදා ඉදල ගිය 2012 වෙනකම් ම අපි දෙන්න ලංකාවේ ඉංගිරිසි නම් ........ කියලා නම් කියවෙන ආයතන ගුරු වරු හෙමෝම ගාවට වගේ ගිහින් තියෙනවා දවස දෙක හරි....
එච්චර ගියේ අපි ගොඩක් දක්ෂ නිසාවත් ගුරුවරුන් ගේ උගෙන්මේ අඩුපාඩු නිසාවත් නෙමෙයි...
අපේ දැඩි උනන්දුව නිසා අකණ්ඩව පන්ති වලට සහබාගි වීමේ ප්‍රතිපලයක් විදියට...
පන්තිය පටන් ගන්න වෙලාව කිය උනත් පාන්දර 8 ට අවදි වෙලා මාවත් ඇහැරවනවා මේකේ කථනායක
තුමා...
උදේ පාන්දර ලොබ නැතුව සුබ පටන්න දුරකථන ඇමතුමක් ගන්න මෙතුමා
"මචං අද clz තියෙනවා කියලා උබට sure ද බන්'
කියා තමා hallow කියන්නත් කලින් කියන්නේ
මෙතුමා
"ඔවු යකෝ දැනටමත් පරක්කුයි ඉක්මනට ස්ටෑන්ඩ් එකට වරෙන්"
"දැනුයි බන් ඇහැරුනේ මම විනාඩි 10 තවන් එකේ".
පරක්කුයි කිවුවාට මමත් ඇදෙ නෙහ් ඊට විනාඩි 30කට විටර පස්සේ යන්තම් දෙන්න හමු වෙනවා..
පානදුර සුප්‍රකට නුගගහට හදුන් කුරක් පට්ටු කිරීමෙන් තමි අපි වේද අල්ලන්නේ(නුග ගහ පානදුර ප්‍රදේශ වාසි තරුණ කැල නම් දන්නවා)

අදටත් මෙහ් පුරුද්ද නොකඩවා රකිනවා අපි..තාම ඉංග්‍රීසි පන්ති යනවා නෙමෙයි..ඔහුත් අග නුවර පෞද්ගලික මෙවුවා එකෙක පට්ටමක් ගන්න ඉගෙනගන්නවා...

ජෝකගේ නමත් එක්ක සිහියට නැගෙන අනිත් එක තමා වන්ඩිය
2.0 එන්ජිමකින් බල ගැන්වෙන මේක තමා එයාගේ පන

අපි 2න්නා ප්‍රති විරුද්ධ පාසල් 2කෙ උනාට රන් මහා සංග්‍රාමයේ රථ වාහන පෙළපාලි 2කෙම මෙය අපි එක්ක යනවා
ඒ වගේම තමා අපේ යාලුවා හිරු එලියට හරි බයයි..ඉතින් දවාලක මිනිහව එලියට ගන්න ඕන නම් පෙට්‍රල් සලාකයක් ගලපගන්නම වෙනවා...
මම නම් මේකේ අසම තැන තමා වහලේ පෙන්න තියෙන විදුරු කවුලුව..මතට තිත තිබ්බ වෙලාවට මම යන්නෙම එකෙන් ඔලුව එලියට දාගෙන...
රත්ත්රි සාද වෙසක් පොසොන් දින වලට හුදී ජනයාගේ ප්‍රවාහන ගැටලුව විසදන්න ඉදිරිපත් වෙන පින්වතුන් ගෙන් කෙනෙක් තමා අපේ ජෝකා මැතිතුමා.....

බිම කොතනද බුවා එතන...
ලොස් නැති යාලුවෝ වෙනුවෙන් බොක්කම දෙන දීලත් තියෙන සිරාම බුවෙක්..
හැබැයි බුවාට හැම එකවම දිරවන්නේ නැ...පොඩ්ඩක් ඇති මල පනින්න...

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු 

ඉන්ට්‍රොඩක්ශන්


හවසට කල්ලි ගැහෙන අපේ උන් වගේ උන්

සමාජයේ පය ගහලා ඉන්නකොට අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා නෙහ්...
කත් එක්කත් හොදින් ඉන්න මනුස්සයෙක් හැටියට මම තෝරලා බේරලා නම් නෙමෙයි මිනිස්සු ආශ්‍රය කරන්නනේ...
හැම මනුස්සයගේම මොකක් හරි හොද පැත්තක් තියෙනවා කියන එක මම අද්දැකීමෙන් ම ඉගෙන ගත්ත එකක්..
හැබැයි මෙහ් තියරියේ ඉදල ඔළුවට ටොකු ඇනපු උනුත් නැතුවම නෙමෙයි..
වැරදි වලින් කියනවා නෙහ් මිනිස්සු ඉගෙන ගන්නේ ... 
ඊට පස්සේ තමයි මම ඔවුන් ගේ ක්‍රමයට ඔවුන්ව ආශ්‍රය කරන්න ගත්තේ..
මෙහෙම මුණ ගැහුණු අය අතරින් හදේ ලැගුම් ගත් අදරනියන් පිරිසක් ගැන තමා මෙහ් තේමාව යටතේ මම අකුරු කරන්නේ.. 
මොවුන් ගැන දැන්ම හැදින්නුවම, ඉදරි ලිපි පෙලින් කථා වෙන මගේ දිවියේ රසමුසු තැන් ගැන කියද්දී ලේසි වෙනවා...


එහෙනම් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම රටේ වෙද්දු ටිකකගේ ජිවිතයේ ඇතුලන්තය දිගහැරුමටයි මෙහ් වැයම