Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label අපි දෙන්නගේ කවි සංවාද. Show all posts
Showing posts with label අපි දෙන්නගේ කවි සංවාද. Show all posts

Sunday, February 9, 2014

අක්කයි මයි


ඩොකා 



ඔබ නැති මුණු පොත
               පාලු සොහොන් පිටියකි........

නෙතු පියන්නට නැ අවසර
               නුබ සිටිනා සිහිනයි..............

පාඩම් කරනට නැ අවසර
              නුබ ඇති රූ පිටුවයි................

තනි වෙන්නට නැ අවසර
              නුබේ රුව කැටයම් කරයි.......

ඇමතුමකට නැ අවසර
             නුබේ රුව දරයි යතුරු කැටයම්

මුහුණ බලනට නැ අවසර
               නුබෙ රුව කැඩපතෙහි දිලෙයි

නුබ නැති මගේ දිවිය
              පාලු අම්බලමකැයි.................. 

තනි නොකරන් සොයුරිය
              නුබ මට අවැසියියි...................

ඩොකි







මම නැතිවිට මූණු පොතේ                              . 
නුබ යනවනෙ හතරවටේ

නෙතු පියන්නෙ කොහොමෙයි බොල            . 
ඇහැ අරින්නෙ දවල්ටනේ

නටන්ට බැහැ පොලොව ඇදයි                      . 
කිව්වා වගේ උබත් මලේ 

තනි වෙන්නෙ කොහොමෙයි බොල              . 
කෙල්ලො වැඩියි උබගේ වටේ 

අමතන්නට නිතරම බැරි                                . 
නැති හන්දයි සල්ලි අතේ 

කැඩපතෙ දිලෙන තරමට මම                        .
චිත්තරයක් නෙමෙයි මලේ 

මටත් දුකයි නුබ නැති එකගැන                      .
නාඩ ඉදින් එනකන් මම 

තනි නොකරමි මගේ මල්ලියො                    .
සදහට මම නුබෙ සොයුරිය

Thursday, February 6, 2014

ඩොකා & ඩොකීගේ සහෝදර ප්‍රේමය

ඩොකී

තනි තමයි නුබ නැතුව

     නොපෙන්නුවට ඒ තනිකම

        නුබ තමයි දග මල්ල

           කරනු බැරි මට මෙල්ල

                                                      

                               ඩොකා

                                           නොමැති සොවින්

                                                 නුබේ කිකිණි සිනා

                                                   හද සොවින් වැලපෙන මම

                                                        නුබට පමණයි මෙල්ල