Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 21, 2015

සමාජෙට බම්බු ගහපන්



මේක ගැන ගොඩක් දේවල් බස්සි අක්ක ලියල තිබ්බ මෙතනින් ගිහින් මෙතනින් ගිහින් එකත් බලලම එන්නකෝ නොබලපු 


පනින්ට පෙර සිතා බලන්න..අර්ථ ගණනාවක් ලැබෙන ඉගි වැකියක් උනත් මම දකින්නේ මේකේ තමන්ට ලැබෙන නොලැබෙන දේ ගැන හිතපන් කියන එක..හැබැයි ගොඩදෙනෙක් මේකේ බලන්නේ මේක කලොත් අරය මොනවා කියයිද මෙය කොහොම දකීද කියන එක..මම මේක ගෙන වත්පොත ඇසුරෙන් පොඩි සමීක්ෂණ පාරකුත් කලා..මගේ උන් ගැන සමීක්ෂණ ඕනි නෑ උන් ගැන මම දන්න නිසා හොයා ගත්ත මම දන්න සහ මන් ගැන ඇතුලත් කරලා ලියන්නම් මේක..

මගේ පොඩි කලේ හීනෙ උනේ බුමිතෙල් කරෙත්තේ දක්කන්න..පොඩි කලේ කිවුවේ එලවන්න කියල..ඒ දවස් වල දැක්ක හරි නිදහස් ජිවිතයක් එක..අනිත් රැකියා ගැන ඒ කලේ හරි හැටි දැනුමක් නෑ නෙහ් ජොබ් එකක් කිවුවම හිතේ මැවෙන්නේ ටයි පොල්ලක් දාගෙන බැග් එකක් එල්ලන් උදේ ගිහින් හවස එන ජොබ් නෙහ්..මට ඕනි උනේ නිල ඇදුමකින් තොරව නිදහසේ ඇවිදින්න

මුහුණු පොතේ එක මිතුරියක් අසා උනේ බස් කොන්දොස්තර වරියක් වෙන්න ලු..
මගේ හොදම යාලුවෙක්ට ඕනි උනා පොඩි කාලේ හරක් පට්ටියක් දන්න.උගේ වචනෙන් කියනවනම් උදෙන්ම කිරි ටික ගත්තා කොහෙට හරි දක්කුවම දවල් දවස අතල් එකේ ඉන්න පුළුවන් නෙහ් යාළුවේ අයිත් හවසට ගාල් කරන්න විතර නෙහ් තියෙන්නේ(ඒ දවස් වල ඌ දැකපු විදිය)
තව එකෙක්ට ඕනි උනා වින්කලයක් දන්න ගෙදර ඉදන් අතල් එකේ කරන්න පුළුවන් නෙහ් කියල..
තව එකෙක් ආස උනා නට්ටහාමි කෙනෙක් වෙන්න..බර උසනකොට ඇග ලස්සන වෙනවා බලපන්කො නාට්ටහමිලට තියෙන ෆිට්නස්
තව එකෙක් පේමන්ට් එකේ රෙදි විකුනන්න හීන දැක්ක

ඒ වගේ උදාහරණ ගොඩක් අතරේ ගොඩ දෙනෙක් ට ඕන වෙලා තියෙන්නේ දොස්තර ල ඉංජිනේරුවෝ එහෙම නැත්නම් බැංකුවක රැකියා කරන්න..හේතුව ලෙස ඔවුන් කියන්නේ පිළිගත්තා රැකියා කාර් බාර් අරන් සැපට ඉන්නේ වගේ ඒවා..එහෙම නැත්නම් අපේ තාත්තා ඩොකෙක් අම්මා ඉන්ජෙක් වගේ ඒවා
ඇත්ත සැපට ඉන්න පුළුවන් කලයුතු කැපවීම ඇති මහත්..
එහෙම හිනා දැකපු අයගෙන් කිදෙනක් ඒ තත්වෙට අද ලගවෙලා තිඑයන්වද කියල ගත්තාම ප්‍රතිපලය 3% වගේ පොඩි අගයක්..ගොඩ දෙනෙක් සබ්ජෙට් අමාරුයි බන් එහෙම නාහ්නම් උපේ අසමත් වගේ කරන නිසා කගේ හරි යටතේ වැඩ කරන මාසික වේතනයෙන් සැනසීමකට පත්වෙන්න සිදුවුණ ය වෙලා..

හේතුව අපි පස්සේ කතා කරමු දෙන හැරෙමු මුලින් කිවුව කාන්ඩේ දිහාවට..

ඒ කියන්නේ සමාජෙන් අති උසස් යයි සම්මත රැකියාවලින් ඔබ්බට හිටපු අය දිහාවට..
බුමිතෙල් කරත්තයක් දැක්වීම නට්ටහාමි කෙනෙක් වීම බස්කොන්දොස්තරවරියක් වීම වින්කලයක් දමාගැනීම හරක්පට්ටියක් දාගැනීම
වැනි දේවල්

සමාජෙට අනිවා පහත් රැකියා ඇයි පඩි අඩුයි ලු පිළිගැනීමක් නෑ ලු හැබැයි උබල කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් හිතල බලල තියෙනවද?
මම පේමන්ට් එකේ බිස්නස් කරන උන් එක්ක එකට පේමන්ට් එකේම ඉදන් කොත්තුව බෙදාගෙන කාලා තියෙනවා
බස් කොන්දොස්තර එක්ක එකට සිකරට් එක බෙදන් ගහල තියෙනවා..
වින්කලේ නැන්දා හදල දීපු කහට කෝප්පේ බිබී මාමා එක්ක දවසම කියෝ කියෝ ඉදල තියෙනවා..මාමා එක්ක ගල් බාගේ කඩන ගහල තියෙනවා..
හන්දියට පයින් යන වෙලාවට පොල්තෙල් ටැක්ටරේ (දැන් කරත්ත නැ නොවෑ ලෑන් මාස්ටරේට ටැංකිය පටෝගෙන පොල් තෙල් බෙදනේ) අයියගේ සීට් එක බෙදාගෙන පාරට ගිහින් තියෙනවා
බැංකු පිරෙන්න සල්ලි නැතත් සතුට උන්ගේ ගාව මදි නොකියන්න තිබ්බ..
කඩයක් දාගන්න තිබ්බනම් මාත් අසයි තාම බන් හැබැයි මට මෙහෙම දුකක් නෑ..කඩකුලි අරකුලි මේ කුලී නෑ.පොඩි ගානක් තියන් ඇති හැකි එකාගේ ඉදන් නැති බැරි එකටත් අපි බඩු විකුනනවා පොලිසියෙන් ඇවිල්ල මෙතනින් එලෙවුවොත් වෙනතැනක ලෑල්ල දාගන්නවා..
මොනවා නැතත් රෑට චයිනිස් පාරක් හරි කොත්තුවක් හරි ගෙනිහින් පොඩි එකට දීලා ඌ අසාවෙන් කනකොට මහන්සිය නිකන්ම නිවෙනවා බන්..අපිත් රෑට හොදට කනවා සීසන් කාලෙට බිස්නස් හොද කලෙට කාලක් අරන් ගිහින් හිමිට වගකියනවා රෝස් චිකන් කැල්ලක් එහෙම හපලා..

හැබැයි අර උසස් රැකියා කරන පිරිස හෙලවෙන්න වෙලාවක් නෑ බන් ඊලග මාසේ විබාගයක් තියෙනවා එක ගොඩ දාගත්තේ නැත්තම් අයිත් කල්පෙකට ප්‍රොමෝෂන් නෑ..මට හම්බ වෙන්න ගිය ප්‍රොමෝෂන් එක ගොට්ට අල්ලන එකෙක් කදගත්ත නෙහ් බන්
එහෙම නැත්නම් පොඩි එකාගේ ඉන්ටර්නැෂනල් ස්කුල් එකේ ෆීස් වැඩි කරලා කියල pp , ot කියාගෙන මැරෙනවා..

මම හම්බකරන්න එපා කියනවා නෙමෙයි..ජිවත් වෙන ගමන් හම්බ කරපන්..විදොලා විදොලා හම්බ කරලා ඇති පලයක් නෑ මට නම්..
සමහරු  ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න පුළුවන් දැන් මහන්සි උනාම කියල..යකුනේ උබල යන්නේ පාරවල් වල උබේ ආයුෂ උබ දන්නේ නෑ හෙට මැරිලා ගියොත් උබ ඒ ලෝකෙදිද විදින්න..යට හෝ උඩ ඉන්න ලොක්කට කියන්නද මම එහෙ හම්බ කරලා තියෙනවා ඇති වෙන්න උබ එයින් කොටසක් අරන් මට මෙහෙ ෆුල් මවලස් කරපන් කියලද..
එහෙම ක්‍රමයක් තියෙනවනම් කියපන් අපේ අල්ලපු ගෙදර ඉන්නවා මහප්ප කාරයෙක් දඩ කුනා උගේ එකවුන්ට් නොම්බරේ පාඩම් කොරන් මම ගිහින් යට ඉන්න ලොක්කට දෙනවා(මාව උඩට ගන්නේ නෑ කියල සුවර්)

ඕක කෙනෙක් දකින්න පුළුවන් එදා වෙලා හොයන කන පොඩි මිනිහෙක්ට ප්‍රශ්න අඩුයි කියල..හැබැයි මම දකින්නේ වෙනස් විදියකට
තමන් ලොකු මිනිහෙක්ද පොඩි මිනිහෙක්ද කියන එක තිරණය කරන්නේ රැකියාව නෙමෙයි තමන් මයි..තමන් දකින හීනෙ අනුවයි තීරණය වන්නේ තමන් කවර මිනිසෙක් වෙනවද කියල..


 හැබැයි  ලේසි නෑ තමන්ට ඕනි විදියට ඉන්න එක තමන්ගේ හීනෙ ජයගන්න එක..





තමන් හිතන ඩේ කියන්න කරන්න ගියොත් සමාජේ කරන ඩේ පින්තුරෙන් හොදට පැහැදිලි කරයි..

අනිත් අයගේ කීමට උබ ඩොකෙක් ඉන්ජෙක් උනොත් උබ හම්බ කරයි ගෙවල් දොරවල්ල් හදයි වහනෙකින් යයි(දැන් අහන්න එපා වෙන මොන වෙඩිමක් ද ඕනි කියල) උබ ජිවිතේ විදලද ඒකාලේ කරන්න තිබ්බ ඒවා කරන්න බැරි උනා කියල පසු තැවෙනවද..උබේ හිතෙන්ම අහල බලපන්...




හැබැයි උබ ජිවිතේ හොයාගෙන යන්න ගියොත් සමහර විට උබට කාර් එකක් මුලදී ගන්න බැරිවෙයි ලොකු දැවද්දක් එක්ක කෙල්ලෙක් එන එකක් නෑ.උබට හදවතින්ම ආදරේ කරන ඕනා කට්ටක් කන්න උබ එක්ක එන බය නැතිව මගේ ළමයින්ගේ අම්ම කියන්න පුළුවන් කෙල්ලෙක් ඉදි.එවෙගේම උබ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ ඇවිදලා තියෙයි..ඕන නගරෙක නමක් කියනකොට රසම කෑම තියෙන සයිවර් කඩේ හොදම කාමර තියෙන හෝටලේ ඕනෑ රෑක කොයි වන්නියක වාහනය කැඩුනත් කෝල් එකක් දීපු ගමන් උබව හොයාගෙන එන ඒ ගමේ යාළුවෙක් මුලුගමම ඇහැරවල හරි උබේ වාහනේ හදල දෙන යාළුවෙක් උබට ලංකාව පුරාම ඉදි..
උබේ ළමයින්ට කියන්න සුරංගනා කතා වෙනුවට උබේ කතා තියෙයි..

හැබැයි හීනෙ මගින් නතර කලොත් උබට හැමෝන හිනාවෙයි දෙගුණයක්




දැකපන් හීනෙ ලොකුවට..බුමි තෙල් කරත්තේ දක්කන්න නම් ආසා හීන දැකපන් මුළු ලංකාවටම බුමි තෙල් බෙදන්න..
මටත් තියෙනවා හීනයක්..
කලින් ලිපි යෙන් මම කිවුව මම ඉගෙනගත්තේ එකක් කරන්නේ තව එකක් කියල..ඉගෙන ගත්තේ ආසාවට..හැබැයි මම කරන්නේ මගේ හීනෙ..
හැබැයි මම වාසනාවන්තයි මොකද ගුරුවරියක් උන මගේ අම්ම උබ මෙහෙම ජොබක් කරන්න ඕනි කියල එකක් කවදාවත් කියල නෑ..
අනිත් කෙනා මගේ තාත්තා..කරන දෙයක් හරියට ඉගෙන ගෙන හරියට කරපන් කියල එයා හැමදාම කිවුවේ..
ඕනෑම තාත්තා කෙනෙක් තමන්ගේ පුතා තමන්ගේ ඔපිසියට අවාම තමන්ගේ පුටුවේ වාදිකරලා බලන්න අසා උනාට මගේ තාත්තා මට අසාවට ඒ පුටුවේ වැඩිවෙන්න දුන්නේ නෑ..අදටත් දෙන්නේ නෑ...උබ පුටුවක් අරන් වරෙන් කියල කිවුවේ..
අපි කරන සුරතල් මත්සය ව්‍යාපාරයේ එයා මුලින් දුන්නේ මට ටැංකි වටේ තණකොළ ගලවන්න ඊට පස්සේ දුන්න ටැංකි හෝදන්න
අවුරුදු 4කට පස්සේ තමා මම ඕඩර් එකක් හැඩ්ල් කලේ..
හැබැයි පඩි නැතිව වැඩ කල ඒ අවුරුදු 4ට මම සියලු දේ ඉගෙන ගෙන තියෙනවා මාළු එක්ක පිනලම...

මේ ෆීල්ඩ් එකේ අය නම් දන්නවා ලංකාවෙන් පිටට මාලුවෙක් යවන්නේ ෆාමර් ගේ කෝර්ඩ් එකක් එක්ක..පොඩි පොඩි තැන වලින් එකතු කරන
මාළු නම් අතරමැදියා තමන්ගේ නමට වගකිම් අරන් තමන්ගේ කෝඩ් එක ගහනවා.ගොඩක් මාළු දෙන කෙනෙක් නම් අතරමැදියෝ බොහෝ වෙලාවට ෆාමර් ගේ කෝර්ඩ් එක ගහන්නේ.. මොකද සියලු චෝදානා එන්නේ ඒ කෝර්ඩ් එකට නිසා..මේ ෆීල්ඩ් එකේ හොද අඩු නිසා.. පහුගිය අවුරුදු 3 පුරා මට පුළුවන් උනා කිසිම දෝෂයක් නැතිව ඉන්න..ඒ ගැන බයර් එවපු අගයකිරීමේ ලිපිය පස්සේ මේකට එල්ලන්නම් මම.මම හදන වර්ග මම හරියටම හදනවා හරියට බෙහෙත් හේත් පාලිත තත්ත්ව නිසි ආකාරයෙන් පවත්වගෙනන යනවා.
කවදා හරි මම දකිනවා හීනයක්, ඕනෑම ඔප්ෂන් එකකදී ඩිමන්ඩ් වෙන කෝර්ඩ් එකක් හදාගන්න..මම හදන්නේ ටිකයි මිලත් ටිකක් වැඩි මොකද ගුනත්මක බවෙන් ඉහල නිසා හදන ටික හරියට හදනවා..වැඩි මිලට කුණු කන්දල් විකුනන්නේ නෑ කවදාවත්..ලංකාවේ හොදම ෆාමර් වෙනවා මම කවදා හරි..ඊලග හීනෙ සිංගප්පුරුවේදී මම හැබැහින් දැකපු චිනේ ඇමරිකාවේ අන්තර්ජාලයෙන් දැකපු ලංකාවේ දැනට නැති සියලු විද්‍යාගාර පහසුකම් සහිත (ජාන ඉංජිනේරු තාක්ෂණයද සමග) ෆාර්ම් එකක් හදන්න..එක මම හදනවා 

හීනයක් තියාගනින් එක සුදුද කළුද වැඩක් නෑ.මොකද ඔය ජිවිතේ උබේ..හැබැයි ආසාව තුලින් දැකපන් හීනයක් එකේ හිනිපෙත්තටම යන්න..ගල් මුල් වැඩි මේ පාරේ පටන් ගන්නකොට හිනාවෙනවා හැමෝම..ගනින් ඒ හිනාවෙන් පන්නරය වැඩවලින් ගහපන් හිනාවෙන උන්ට රිදෙන්නම.. උබ දිනපු දාට හිනා උන උන් ඔක්කොම උබ ගාව දෙකට නැමෙනවා..

තමන් තමන්ට ඕනි කෙනා නැතුව වෙන කෙනෙක් වෙනකොට හැටි වැටෙන්නේ තමන්මයි වචන 1000කින් කියනවට වඩා ඒ කතාව පහල පින්තුර 2කෙන් තේරෙයි කියල මම හිතනවා




Friday, December 18, 2015

රැකියාවයි විනෝදයි


රැකියාව කියන එකක් හැමෝටම ඕනි නෙහ්...නුතන ලෝකයේ දෙන්න දෙමහල්ලන්ම රැකියා කලත් නිවසට වී දරුවන් බල ගන්න ගෘහනියන් නැතුවමත් නොවේ..හැබැයි පිරිමියෙක් නම් අනිවාර්යෙන් කුමක් හෝ රැකියාවක් කල යුතුමය

උඩ තියෙන පින්තුරෙත් මනෝමන්දිර බ්ලොගයේ මෙන්න මේ ලිපියත් කියෙවුවම මට හිතුන මම හිතන දකින දේත් අකුරු කලොත් හොදයි කියල..

රැකියාවක් කිවුවට රැකියාව කියල මුදලට ජිවිතේ විකුණන එකට නම් මම කැමති නැ..

මම AL මැත්ස් වලින් කරේ කැම්පස් යන්නවත් ඒ ක්සේශ්‍රයේ රැකියාවක් කරන්නවත් බලාපොරොත්තුවෙන් නෙමෙයි..මම මැත ට අසයි ඉතින් මම කළා..මගේ රැකියාව ව්‍යාපාරික ක්සේශ්‍රයේ එකක් කියල මම තීරණය කලේ O/L කරන කාලෙදිමයි..
දැන් අහන්න එපා එහෙනම් ඇයි මැටි පුසෝ කොමස් කලේ නැත්තේ කියල..
පැහැදිලි හේතු 2කයි
1 අපේ මවු යානය කොමර්ස් ගුරුවරියක්..ගෙදර ඉස්කෝලයක් කරගන්න ඕනි උනේ නෑ මට(ක්ලාස් කට් පාරක් දාල ගෙදර ආවත් අහුවෙනව නේ විෂය දන්න කෙනා පොත බලපු ගමන් මම මට්ටු)
2 මම කොමට වඩා මැතට අසයි.

මම හිතන පතන විදියට ගැලපෙන හරි අපුරු යාලුවෝ ටිකක් ඉන්නවා මට..
සාරා ඌගේ විනොදන්ශේ චයරුප ශිල්පය හැබැයි ඌ 4ටො ග්‍රැපර් කෙනෙක් නම් නෙමෙයි..ඌ ග්‍රැපික් ඇන්ඩ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.වීනොදන්සේට සම්බන්දයි

හසියා ඌ අසා වයර් පුට්ටු කරන්න ඌ අද පිච්චුනා කියන මදර් බෝඩ් එකේ ඉදන් බෝඩ් පිච්චිච iphone එක දක්කවා හදනවා

චමිලය  ඌ ආසයි යකඩ වලට තාක්ෂණය එකතු කරන්න..අද ඌ රෝල ශටර් ගරිල් ගේට්ටු cctv systam නියෝන් ඇඩ්වටයිසින් බෝර්ඩ් අනන් මනං හැම එකම කරනවා 

තඩියා ඌ අසා විකුනන්න හැමෝම කට්ට කියන ෆිල්ල්ඩ් එකක උටම කියලා ඒජන්සි තියෙනවා දැන්

තව ගොඩක් දෙන්න පුළුවන් මට මගෙම උන්ගෙන්ම උදාහරණ මේ එකෙක්ටවත් පැය 6 8 වැඩමුර නෑ.. හැබැයි හැමෝම ෆුල්ම අතල් එකේ ඉන්න උන් හේතුව උන්ගේ විනොදන්සය රැකියාව කරගත්ත නිසා..
පැය ගාන බලන්නේ නැතුව වැඩ කරන වෙලාවට බැහැලා වැඩ කරන නිසා අපිට විවේකය ඕන උනාම ඕන තරම් තියෙනවා 
සති අන්තෙට හිතුනොත් මැදක බෝතලයක් ගහන්න
පූල් එකක ගිලිලා ඉදල කාලා කරලා එන්න 
මාස 2ක 3නකට සැරයක් ට්‍රිපක් යන්න මුදල් විවේකය 2කමැ අපිට තියෙනවා..සල්ලි පිට සල්ලි හොයන ගොඩ දෙනෙක්ට නැති විවේකය අපිට උපරිමයෙන් තියෙනවා..


ඒ වගේම අපිට ප්‍රතිපත්ති ගරුකව ජිවත් වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.අපේ සෙට් එකේ හැම එකටම වගේ මටත් පොඩි පොඩි හැකියාවන් කිහිපයක්ම තියෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවා.
සල්ලි මත්තෙම ජීවිතය දුවන්න අවශ්‍ය තාවයක් දැනට නම් අපිට නෑ..ඉස්සරහටත් එහෙම වෙන්න කියල පතනවා..ප්‍රතිපත්තියක් විදියට අපි සෙට් එකම යාලුවන්ගෙන් ලාබ ගන්නේ නැ..
ඒ වගේම තමන්ගේ රැකියාව තියෙනවා නෙහ්..උදාහරණයක් විදියට මම රැකියාව  ලෙස කරන්නේ සුරතල් මසුන් අභිජනන ගොවිපලක් පවත්වාගෙන යාම..මම සල්ලි හම්බ කරන්නේ එකෙන් විතරයි..හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය.තවම ඉගෙන ගන්නවා ඉදිරියේදී ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න හිතන් ඉන්නවා..
ඊට අමතරව ග්‍රැෆික් නිර්මාණ කරණය විදුලි උපකරණ අලුත්වැඩියාව මෝටර රථ අලුත්වැඩියාව ගෘහ විද්වුත් පරිපථ කැත්තේ උදැල්ලේ ඕනිම වැඩක් වැල්ඩින් වැඩ ලේත් වැඩ එකී මෙකි තවත් සැහෙන්න වැඩ ගණනාවක් පුලුවන් උනාට මම එවැන් සල්ලි හොයන්නේ නැ..
මේ ලිපිය ලියන අද දිනත් මම යාළුවෙක් එක්ක ඇඩ්වටයිසින් බැනර් වගයක් හයි කරන්න ගිහින් අවේ..පාන්දර 4යි වෙලාව.නිදිමත නැති නිසා ලියනවා.අපේ සෙට් එකේ උන්ට හදිස්සි වැඩක් ගෝලයෙක් නැති අවස්ථාවක් කුලියට ගෝලයන් ගැනීමට නොහැකි කාල වගේ අවස්ථාවලදී අපි අපිටම උදවු කරගන්නවා.එකට හැකියාවත් තියෙන්නේ අපිට ඇති තරම් නිදහස තියෙන නිසා
රැකියාවක් කරන මනුස්සයෙක් ට පාන්දර 4 වෙනකන් ඇහැරිලා ඉදල හෙට උදේ අයිත් වැඩ කරන්න බෑ.නමුත් මට තව ට්කකින් පැකින් එකක් තියෙනවා නිදි මතක් මහන්සියක් ගානක් වත් නෑ තව ටිකකින් මම වැඩ පටන් ගන්නවා මොකද මම එකට අසා නිසා මට එක කරන්න පුළුවන්..ඔය ගොඩක් අමතර වැඩ ඉගෙන ගත්තෙත් යාලුවෝ එක්ක ගිහින්ම තමා.
සාමානයෙන් කෙනෙක් නෑදෑ හෝ අසල්වැසි ගෙදරකට එනවා කිවුවම ඒ ගෙදර මිනිස්සු කෑම බිම හදාගෙන දුක සැප ආගිය විස්තර කතා කරන්න බලාගෙන ඉන්නවා නමුත් මට අනිත් පැත්තත..මම එනවා කිවුවම ගෙදර වැඩකරන්නේ නැති ලයිට් කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන බලන් ඉන්නව හදාගන්න..වෙන කෙනෙක් මග අරින කට්ටි පනින එවැනි අවස්ථා මම යන්නේ එකට ලෑස්ති වෙලා ආයුධ මල්ලත් අරගෙනමයි..ඒ මම ඒ වැඩ වලටත් අසා නිසා.ඒ වැඩ වලින් අද වෙනකන් රුපියලක් වත් උපයල නෑ..උපයන්නෙත් නෑ මොකද එක මගේ රැකියාව නෙමයි.අසල්වාසීන්, බොක්කෙම ෆිට් උන් ඇරෙන්න අනිත් සාමාන්‍ය යහළුවන් අනන්තවත් සේවයට මුදල් ගෙවන්න සුදානම් උන වාර අනන්තයි කිසිදිනක මුදල් අරන් නෑ..
ඒ වගේම මගේ ව්‍යාපාරය තොග වෙළදාමක්.යාළුවෙක් සිල්ලරට මාලුවෙක් දෙන්නෙක් ඉල්ලා ගන්න අනන්තවත් එනවා..මාළු ජෝඩුවට  2කට මුදල්  ගන්නෙත් නෑ මම එකත් මගේ ප්‍රතිපත්තියක්.

පඩියට නෙමෙයි ආත්ම තෘප්තියට වැඩකරන්න එතකොට අසාව නිසා වැඩ ගොඩක් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරනවා කියන්නේ මුදල් ගොඩක් නිතැතින්ම ලැබෙනවා.

හැමෝටම විනෝදාංශයක් රැකියාව කරගැනීමට භාග්‍ය ලැබෙන්නේ නෑ එහෙම වෙලාවට උබල වැඩිපුරම ආසා දේට යොමු වෙයන්..වැඩිපුර සල්ලි ලැබෙන දේට යනවට වැඩිය..

මගේ යාළුවෙක් ඉන්නවා බුවා පට්ට ටැලන්ටඩ් ක්රිකටර් කෙනෙක්..ඉස්කෝලේ කලේ පෙන්නපු දක්ෂයතාවය ඔපමට්ටම් කරා නම් අද වෙනකොට බුවා ජාතික කණ්ඩායමේ..ඌ විනාස උනේ කෙල්ලෙක් හින්ද කම්මුලේ අත තියාගෙන අරගෙන් කෝල් එකක් නෑ බන් කියල හුල්ල හූලල හිටිය අවස්ථා ගණනාවකදීම මගේන් වතුර බාල්දියක් හරි ලැබුනා ඌට.එක ගෙන නෙමෙයි කියන්න ආවේ..බුවා ක්‍රීඩාව අරුනකොට අසා මුහුදට ඌව මුහුදු යවන්න කොස් එකකටත් මමම එක්ක ගිහින් ලියපදින්චිත් කරලා ආවා..මොකෙක් කරි කොල්ලට බ්‍රේන් වොෂ් එකක් දීල මුහුදේ ජිවිතයක් නෑ ඊට වැඩ හොයන පුළුවන් නෙට්වාර්කින් කරපන් කියල..ඌ කළා එක අද රස්සාවකුත් තියෙනවා හැබැයි කොල්ල මැරිලා..ඌ වැඩ කරනවා හම්බත් කරනවා හැබැයි ඌ සතුටෙන් නෙමෙයි ඉස්සර හිටපු දගකරයා නෑ උදේ වැඩට යන හවසට ඇවිත් නිදා ගන්න ඔෆ් එකට නිදාගන්න එකෙක් දැන් ඉන්නේ. සතුට හොයාගනින් (ෆාමසියකින් නෙමෙයි) හිතෙන්..

Friday, December 11, 2015

අකෘතඥ හද




සල්ලිම ජීවිතය
කොටගත් මිනිසුන්
තමන් වෙනුවෙන් අනුන් පැතුවද
අනුන් වෙනුවෙන් සිටියේ කොතනද?
උගස් කොට උන්
ආත්මයම මුදලට
තමුන් අතින් වන වැරදි නිරයට..!
එනමුදු,
අනුන් අතින් වන කම්
එවලේම
පාරයි මුළු ආත්මයම
එක වරදට
අමතක කොට කල කම් මුළු ආත්මයට............!


Tuesday, November 10, 2015

රබර් සමග රස සාගරය





එක එක කාලෙට එක එක බිස්නස් කරපු කලේ කරපු තවත් එකක් තමයි රබර් බිස්නස් එක..රබර් කිවුවම ලොකු පරාසයක විහිදෙනවා
  • සීට් රබර් (Sheet Rubber) 
  • ක්‍රෙප් රබර් (Crepe Rubbr) 
  • පේල් ක්‍රෙප් (Pale Crepe) 
  • ෂෝල් ක්‍රෙප් (Sole Rubber) 
  • කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex) 
  • රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet) 
  • තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber) 
  • විශේෂිත රබර් (Specialty Rubber) 
  • ඔට්ට පාලු 
  • බිම් පාලු 
  • අමු රබර් කිරි 
  • රබර් දැව 
  • රබර් ඇට 
නිෂ්පාදන ඇතුළු විශාල පරාසයක විහිදෙන වයපාරයකින් අපි කලේ දුම්ගැසූ රබර් රොටි සහ ඔට්ටපලු..ව්‍යාපාරයේ මුලික අඩිතාලම ලොකු අක්කා.එයාගේ වතු වලින් එකතු වෙන රබර් සහ අහල පහල අයගේ රබර් මිලදීගැනීම සුලු පරිමානයෙන් එයා කලා.ඕක විශාල වශයෙන් කරන්න මට අදහසක් අවා ඒ එක්කම රබර් මිලත් පෙර නොවූ විරු ලෙස වැඩි වීම ව්‍යාපාරය අරඹ කරන්න හොද අධිතලමක් උනා..සුපුරුදු නිල රථය hijet බඩිය තමා ව්‍යාපාරික වාහනය උනේ..චතුව සහ මද්ද දෙන්නත් එක්ක අපි ගේමට බැස්ස..
හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් තමා අපේ ව්‍යාපාර මෙහෙයුනේ.ව්‍යාපාරය ගැන කියන්න කලින් රබර් රොටි නිෂ්පදනයෙන්ම පටන් ගන්නම්

දුම්ගැසූ රබර් රොටි නිෂ්පාදනය


මේක ටිකක් මහන්සි වියයුතු වගේම මනා අතේ හුරුවක් තිබිය යුතු කර්මාන්තයක්.මුලින්ම රබර් ගස කපා කිරි එකතු කල යුතු වෙනවා..කපනවා කියනේ පොරවක් ගෙනවිත් කපන එක නෙමෙඉ එකට විශේෂ පිහියක් මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයක් ද තියෙනවා
නුතන කිරි පිහියක්

සම්ප්‍රදායික කිරි පිහිය

















ඔය පිහිය ආදරයෙන් කපාගන්න කිරි ටික එකතු වෙන්නේ යට තියෙන පොල්කට්ටට එකට ටික වෙලාවක් ගත වෙනවා ඊළගට කිරි ටික අකුලන්න ඕනි අකුලනවා කියන්නේ පොල්කටු වල එකතු වෙච්ච කිරි ටික බාල්දියකට එකතු කරනවා..ලොකු බාල්දියකුත් උස්සගෙන ගහෙන් ගහට කිරි එකතු කර කර යනවා කියන එක සැහෙන්න වෙහෙස කර කටයුත්තක්..ඔහොම එකතු කරගත්ත කිරි ටික ගේනවා කිරි මඩුවට එතැනදී රබර් ඇසිඩ් එහෙම නැත්නම් ෆොමික් ඇසිඩ් එකතු කරනවා.තනිකර ඇසිඩ් නෙමෙඉ 1 16 වතුර එකතු කරලා තනුක කරලා තමා එකතු කරන්නේ..ඊළගට කිරි ටික පෙරනවා..3 පාරක් විතර පෙරන්න ඕනි ඉහල ගුණාත්මක බවයෙන් යුත් රබර් රොටියක් සැදීමට නමුත් සාමානයෙන් 1 පාරක් පෙරලා හදනවා මහන්සිය කාලය වැනි කරුණු ප්‍රයෝගිකත්වයේදී ඉස්මතු වෙන නිසා
පෙරගත්තු රබර් කිරි ටික ඊළගට තැටි වලට දල තියෙනවා මිදෙන්න මේකට පැය 4ක් 5ක් අතර කාලයක් ගත වෙනවා..
ඊට පස්සේ ක්‍රියාවලිය දෙයාකාරයකට සිදු වෙනවා සමහරු කෙලින්ම දිය රෝල්ට අල්ලනවා විවිද උස මට්ටම් 3 ක් යටතේ.උස මට්ටම් කිඋවේ අගල් 4ක් විතර ගනකම රොටිය එක පාරටම තුනී කරන්න බැරි නිසා සමහරු එක ලෑල්ලක් උඩ දාල අත් රෝලකින් හෝ බෝතලයකින් තුනී කරගන්නවා
දිය රෝලෙන් අල්ලන ගමන් සමහරු නම් වතුර ගහනවා වැඩිපුර ඇසිඩ් හෙදෙන්න සමහරු නම් කරන්නේ නැ..ඊළගට එක ඩයමන් රෝලෙන් අල්ලනවා ඩයමන් රෝලෙන් ඇල්ලුවම තාම ඉරි ඉරි වදින්නේ..ඊළගට මද පවනේ වේලෙන්න අරිනවා පැය කිහිපයක් ඉන් පසුව තමා දුන් ගෙට දන්නේ..දින 4ත් 5 ත් අතර කාලයක් දුන් ගෙයි වේලීම සිදු කරනවා..දුන්ගෙයි පාලනය ඉතා වැදගත් අලුත් රබර් රොටි උදුන අසල ගබඩාකරණ අතර දිනෙන් දින එය දොර දෙසට ගනු ලැබේ..දුන් ගෙයි උෂ්ණත්වය වැඩිවූ විට සිට් බුබුළු දමන අතර උණුසුම අඩු වූ විට කළු පැහැ ගනී..ඉන්පසු වර්ග කිරීම සිදු කරයි


RSS1
RSS3
RSS 2




සුළු නිෂ්පාදකයන් වර්ගකිරීම සිදු කරන්නේ නැ..ඒ වර්ගකිරීමෙන් විශාල ලාබයක් ඔවුන්ට ලබාත නොහැකි නිසා.
වතුවල කෙපෙන රබර් වලින් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමත් අපි කරගෙන ගිය නිසා අපි අලුතෙන් පටන් ගත්තේ නිෂ්පාදකයා ලගට ගොස් මිලදීගැනීමේ ක්‍රියාවලියයි..සාමානයෙන් සිදු වන්නේ ප්‍රදේශයේ සිටින රබර් එකතු කිරීමේ මදයස්ථාන හරහා තොග වෙළදුන් වෙත යාමයි.නමුත් අපි නිෂ්පාදකය වෙත ගොස නගරයේ මිලටම මිලදිගනිමසිදු කළා..
රබර් මිල පවතින ප්‍රධාන සාධකය තමයි ජපන් රබර් මිලඩොලර් එක වැඩි වෙලා හැමදේම වැඩි උනාට රබර් මිල දැනෙන ලෙස වෙනස් වෙන්න බලපාන්නේ යෙන් එක
ඒ අවගේම ලංකාවේ රබර් ලොවේ දැවැන්ත නාමයක් මෙන්ම මිල තීරණය කිරීමේ තවත් සාදකයක් තාම දකුණු ආසියාවේ විශාලම රබර් මෝල් හිමිකරුවා ලෝඩ් ස්ටාර්..ගම්බද රබර් මිල කියන්නේ සාමානයෙන් ලොඩ් ස්ටාර් එකේ මිලට සදල.
එකට හේතුව තමාගෘහස්තව නිෂ්පාදනය කරන ගොඩදෙනෙක් ප්‍රමිතිය ගැන සැලකිල්ලක් නොදකිම සහ ලොඩ්ස්ටර් rss3 තත්වයේ රබර් සදහා ඉහල මිලක් ගෙවීම යන කරුණු නිසයි.නගරයේ අනෙකුත් තොග වෙලෙන්දන ගේ මිලත් ලොඩ්ස්ටර් මිලට වඩා රුපියල් කිහිපයක වැඩියෙන් තමා පවතින්නේ.හැබැයි ඔවුන් නම් රබර් වල ගුණාත්මක බවය පිලිබදව විමසනවා.එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුත් 3 වන මට්ටමේ රබර් ගෙනත් දෙන්නේ ලොඩ්ස්ටර් වෙත..ලොඩ්ස්ටර් හි ලියාපදිංචි වූ රබර් තොග සැපයුම් කරුවන් හට ඔවුන් සාමාන්‍ය මිලට වඩා රුලියල් කිහිපයක් වැඩියේ නිරන්තරයෙන් ගෙවනවා.

දැන් අපි කරපු ව්‍යාපාරය දෙසට හැරෙමු..

සුළු නිෂ්පාදකයන්ගේ ඉදලා මදයපරිමන තොග එකතු කරන්නන් දක්කව අයගෙන් අපි රබර් එකතු කරා.පිටත RSS 3 මිලට වඩා සැමවිටම අපි රුපියල් 5ත් 10 ත් අතර මුදලක් වැඩියෙන් ගෙවීමත් ඔවුන් ලගටම ගොස් මිලදී ගැනීමත් නිසා රබර් එකතු කරගැනීම අපට අපහසු උනේ නැහැ.
එසේ ගෙනෙන රබර් අපි වර්ග කිරීමකට ලක්කරනවා.ඒ සදහා වෙනම පිරිසක් හිටිය..ඔය මිල කිමේදීත් RSS 1 හෝ  2 වැඩිපුර තියෙනවනම් තමා උපරිම මිල දෙන්නේ..
ඉන්පසු RSS 1 හා 2 ලංකාවේ නම් මිලදිගන්නේ DSI සමගම ඊට අමතරව කොටස පිටරට යවන්නන් සදහාද RSS 3 CEAT ලෝඩ් ස්ටාර් වැනි ආයතන වලට දෙනු ලබනවා..

දැන් බලමු ව්‍යාපාරයේ රසමුසු පැත්ත 






රබර් එකතු කරන්න අපි ගියේ hijet බඩියේ උඩ තියෙන ජාතියේ එකක..නිෂ්පාදකයා කිලෝ 350 කැ බරක් පැටවීමට නිර්දේශ කරලා එවුවත් මමතුමා නිර්දේශ කරනවා කිලෝ 1200 ක උපරිමයක් සමගින් ඕනෑම කන්නක් අදින බවට සහතිකයකුත් එක්ක..එකතු කරන්නන් කෝල් කරලා ලොකු තොග තියෙනවා කිවුවොත් ඉසුසු එල්ෆ් 250 ක් තිබ්බ එක අරන් යනවා..අහු මුළු පාරවල් වලට ඩිසල් ලදරම් වලට වඩා මේක ලබයි පොඩි පාරවල් වල යන්න ලේසි..

ඉතින් යන මාර්ගයට අනුව තෙල් වියදමට අමතරව තවත් රු1000 අපි වෙන් කරනවා එකෙන් තමා බුලත් විට සිකරට් අපි දෙන්නගේ ආහාර පැච් එකක් ගියොත් ඔයිල් අඩු තියෙනවනම් සුළු නඩත්තු කටයුතු වැනි දේ කෙරුනේ..
අපි උදේට ගෙදරින් බඩ පිරෙන්න බත් එකක් කළා හන්දියේ කඩෙන් සිකරට් 10 බුලත් විට 3යි ගන්නවා දවල් කෑමකට කියල හරි හමන් නිවාඩුවක් ලැබෙන්නේ නෑ මොකද දවසට කවර කරන්න සැහෙන්න ප්‍රමාණයක් වෙලාව යනවා මගටම අබලන් පාරවල් අරව මෙවුව නිසා..ඊලග දේ අපි දෙනෙන් එකෙක්වත් පුහුණු කම්කරු නෙමෙයි නෙහ් කිලෝ 100 ක් පටවන්නත් පැය බාගයක් විතර ගන්නවා ඉතින් දවල් කෑම එකට ගොඩක් වෙලාවට ගන්නේ වසනා බේකරියෙන් අලුත් චොක්ලට් කේක් කැල්ලක් ඔවුන්ගේ බේකරිය ලගින් තමා අපේ ගොඩක් මාර්ග වැටිලා තිබුනේ එහෙම නැත්නම් අපි හදලා තිබ්බේ.බේකරියෙන් රු100 ට දෙනවා ලොකු චොක්ලට් කේක් කැල්ලක් එක දෙකට කපල කැල්ලක් කනවා කියන්නේ හොද ගනන්
දවල් ඇරියස් එකත් එක්ක අල්ලනවා රෑට බියර් ටින් 2කක් සහ ෆුල් රයිස් එකක් එක්ක..
ටිකක් රෑ වෙන රුට් වුත් තිබුන ඒ දවස් වලට එනකොට බාර් වහල නිසා අරන් යනවා හද ගමන් ආධාරක කට්ටලයක් නොහොත් 200 කැල්ලක්

සමහර දවස් වලට වැන් එක ලෝඩ් උනාම ඇවිල්ල එක බාල අයිත යන වෙලාවල් තියෙනවා එහෙම යන දවසක ජෝඉන්ට් එකකුත් අරන් යනකොට අපි දෙන්නගෙම යාළුවෙක් වෙච්ච රොෂාන් අයියා හම්බ උනා බුවවත් ඇදලා දාගත්තා වාහනේට දෙන 7 ට විතර බදු ටිකත් පටෝගෙන එන ගමන් හොර කැලේ (ඒ හරියට කියන නම) අල්ලලා එතුව ටෝම්බෙකුයි පැට්ටෝ 2 න්නෙකුයි චොක්ලට් කෑලි ටිකකුත් තිබ්බ චතුව අරන් ඕක ගහල පොඩි චැටක් ගෙන ඉන්නකොට 

චතු  මේ කැලේ යාල පැත්තේ තිබ්බ නම් අලි කොටිත් ඉන්න ව නෙහ් 
රොෂාන් එහෙම උනා නම් මේකට හොර කැලේ කියනවා යෑ යාලම කියනවා නෙහ් උලම

ඔහොම විකාර කියෝ කියෝ ඉන්නකොට රොෂාන් අයියගේ කෑල්ල කෝල් කළා මූ ස්පිකර් ගෙන කතාව.

කැල්ල බබා කොහෙද ඉන්නේ
රොෂාන් අපි යාලේ ආවා
කෑල්ල මට කිවුවෙවත් නෑ නෙහ් දවල් ඔය ගෙදර කිවුවේ කතා කරන කොට
රොෂාන් හදිස්සියේ සෙට් උනේ හදිස්සියේ ආවා..
ඔය අතරේ යමු කියල චත්තා වෑන් එක ස්ටාර්ට් කළා මම ඉස්සරහ සිට එකේ චත්තා පිටිපස්සේ සිට් එකේ දිගාවෙලා මල් කඩනව

ටික වෙලාවක් ඇවිල්ල චත්තා

මල්ලි ගියර් වැටෙන්නේ නෑ බන්
ලයිට් එක දාල බැලුව මම 
උබ ඔය 4නෙ යන්නේ තව මොකට වැටෙන්නද
හුටා මම කන්ද උඩ ඉදන් නිවුටල් එකේ කියල හිතාගෙන 4 නෙහ් බන් ඇවිත් තියෙන්නේ අපරාදේ පෙට්‍රල් ටික..
ඔය අතරේ රෝෂණය කෙල්ලට සත්තු පෙන්නනවා එක පාරටම අලියා අලියා ගැවා චාත්තා ගැහුවා උඩ නැගල බෙර්ක් පාරක් ගහල ටික වෙලාවක් ඉදලා මෙහෙ කොහෙද හු&^% අලි කියල පිටි පස්ස හැරුන කොල්ලගෙන් සද්දයක් නෑ..මටත් සද බොද වෙන්න වැදිලා හිටියේ අරු කෙල්ලට නෙහ් යාලක් කියෙවුවෙ ඇත්තට මෙහෙ කොහෙන්ද අලි කියලා..ඊට පස්සේ පිටි පස්සේ එකාගෙන් සද්දයක් නැත්තේ මොකද කියල පිටිපස්සට 4න් එකේ ටෝච් එක ගහල බැලුවම පිටිපස්සේ හිටපු එකා නෑ පිටිපස්සේ තිබ්බ රබර් ගොඩක් තියෙනවා ඉස්සරහ..ටිකක් වෙලා ගියා ඒ සීන් එකත් මීටර් වෙන්න අරුව සිට් එකෙන් බිමට වැටිලා සසිට් එක උඩට පිටිපස්සේ තිබ්බ රබර් ටික වැටිලා ඒ ගමන අයිනෙන් නවත්තාල හිමිට එක එක අයින් කරලා තමා අරුව එලියට ගත්තේ ඊළගට මහන්සිය යනකන් ඉතුරු පැට්ටව ගැහුවා

අපි එකතු කලේ රබර් සිට් උනාට ඔට්ටපලු ගෝනියක් එහෙම මගදී දැක්කොත් දාගන්න අමතක කරන්නේ නෑ එකත්.ඔට්ට පලු ගෙදර ගේන්නේ නැ අපි යන පාරක අහුවෙනවා මෝලක් එකට බාන එක තාමා කරන්නේ ඔතනට ගිහින් ඕක බැවම එතන මුදලාලි කියක් හරි අත මිට මොලොනවා බුවා හිටන් ඉන්නේ අපි දෙන්න වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් කියල ඒ වගේම ඔට්ට පලු වලින් එන ලබය තනිකරම අපි දෙන්නට බොන්න තාම වියදම් කරනේ.

ඔහොම වාසියක් උන දවසක් බාගයකටත් වග කියල රොකට් පාරකුත් ගැලපුව ඊට පස්සේ ගෙදර ගිහින් ලෝඩ් එක බාන්න ගත්තා.
සාමානයෙන් ලෝඩ් එක බාන්නේ එකෙක් වාහනේට නැගල උස්සල දෙනවා අනික උස්සල තරදියට දානවා ඊළගට දෙන එක්ක තරාදියෙන් බාල එකවුන්ට්ස් ටික ගලපනවා එදා දෙන්න එක්ක රබර් රොටිය රොටිය ඉස්සුවා කියන්නකෝ අක්කා දෙතුම් පාරක් මැ ඇවිත් ඇහුව තොපි දෙන්නට මක් වෙළද කියල කොහොම හරි රෑ 12 ටත් අපි දෙන්න බානවා එක බල ඉවර වෙනකොට අක්ක ප්ලේන්ටියක් ගෙනත් දුන්න මසුං වගේ ඊට පස්සේ එයාට නිදාගන්න කියල මම රු එක්ක පාන්දර 2 විතර වෙනකන් ගණන් හැදුව ලියන්න පෙන්නේ නෑ අතේ තියෙන ගාන ගැනගන්න බෑ හෙනම කට්ටක් කෑවේ එදා නම්

ඔහොම කලේ ගෙවෙනකොට අපේ චත්ත ට නෝනා කෙනෙකුත් සෙට් උනා අනුරාධපුරෙන්..ෆ්බ් එකෙන් අදුරන් වැඩේ නැගලම යනකොට කෙල්ලේ ගෙදරින් එන්න කිවුව ගෙදෙට්ට එන්නම් කිවුවට මොකෝ මූ තාම කෙල්ලව හම්බ වෙලා නෑවා 2කම එකට ගොඩ දන්න දෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට මතක් උන මගේ අනුරාධපුරේ ප්‍රේමේ..
දෙපාරක් හිතුවේ නෑ කෙල්ලව තිබ්බ උගස්
හරිම සිම්පල් ප්ලනක් පොඩ්ඩක් නහයෙන් අඩාල චාත්තගේ කෙල්ලව කැමති කරාන්න විතරයි තිබ්බේ..ගෑනුන්ට මට්ටු වෙන්න නැතිව ගේමක් ගහගන්න බෑ කියල අද්දැකීමෙන් දන්න නිසා කෙල්ලට මුළු ප්ලැනම කියන්න එපා කියල අරුට පැහැදිලිව කිවුවා.(මට්ටු නොවෙන්න 4න් එකෙන් ලවු කරන්න බැරි කෙල්ල වෙන ගෙමක් ගොඩඩායියෑ)
ගෙදෙට්ට කියන්න ඕනි ටිකම කෙල්ලට කිවුවා.මගේ අනුරාධපුරේ කෙල්ල ගේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා අපි දෙන්න එහෙට එනවා එහෙන් සෙට් වෙලා එයා එක්ක අපි කෙල්ලගේ ගෙදර එනවා.
සුද්දී (මගේ කෙල්ලට මමාදරේට කියන නම) අර කෙල්ලගේ ගෙදෙට්ට කෝල් කරලා ලස්සනට ගේම ගොඩදලා දුන්න..ච්ත්තයි මායි පාන්දර 4 බස් එකේ මෙහෙන් නැග්ග අනුරාධපුරේ යන්න.(එච්චර දුරක් බස් එකේ ගිය මුල්ම වතාව සහ අයිත් නම් යන්නේ නෑ බස් අජියගේ සින්දු අහලම ඔක්කාරෙට ඇවිල්ල තිබ්බේ හෑන්ඩ් ෆ්‍රී 2ක ගහගත්තට වැඩක් නෑ ඊටත් වඩා සද්දෙයි)
අපි යනකොට ට්‍රිප් එක යන්න ලෑස්ති වෙච්ච කෙල්ල ටවුන් එකට ඇවිල්ල මගේ කෙල්ලත් ඇවිල්ල 4න් එකෙන් කතා කරලා ගේම ගැලපුවට කෙල්ලෝ දෙන්න අදුරන එකක් යෑ දෙන්න දෙපැත්තකට වෙලා ඉන්නවා.ටික වෙලාවක් මගේ කෙල්ල එක්ක කතා කර කර ඉදල ඒකිව හෙට හම්බ වෙන්නම් කියල අපි අරකි එක්ක බස් එකේ නැග්ග එවලේ තමා ඒකිට ප්ලැන් එක කිවුවේ.ඊළගට මගේ ප්ලැනේ විදියට කට්ටිය මරදන්කඩවල පොට් එකකට ලෑන්ඩ් කළා.ෆෙමස් නැති අස්සක පිහිටි රෙස්ට් එකක් සෙට් කරන්න කිව්වම අපේ යාළුවෙක් තමා පොට් එක සෙට් කලේ..එතනට ගිහින් ටිකක් රෑ වෙනකොටයි උගේ අම්මා මුත්තා මතක් උනේ.පොට් එක ලස්සන නිසා නිදහසේ ඉන්න අපි රූම් 2කක් බූක් කරගත්තා රුම් කිවුවට තනි තනිව පිගිටි කබානා විදියට තමා ඒවා තියෙන්නේ..සල්ලිත් ගෙවල මයි ඇතුලට ගියේ .එහෙ විදුලිය නැ සෝල සිස්ටම් එකකින් තමා ලියිට් දෙන්නේ මද ආලෝකයක් දෙන ලයිට් 4න් චාර්ජ් කරගන්න විදියක් නෑ..මම හිටිය එක මායිමට වෙන්න තිබ්බ මැටි පොට් එකක්.දෙපෙත්තේ ජනෙල 2කක් තියෙනවා. කළුවර වැටෙනකොට මදුරුවෝ පිරෙන්න ගත්තේ කෝච්චිය අවාම ස්ටේෂන් එකේ සෙනග පිරෙනවා වගේ...අරුට කෝල් එකක් දුන්න අන්සාර් කරන්නේ නැ..උන් දෙන්න වැඩ ඇතිනේ කියල පයින්ම කඩයක් හොයාගෙන එන්න පිටත් උනා අහල පහල ආසාවට එකකේ නෑ පැය බාගයක් විතර පයින් ඇවිදන එනකොට අත් ටැක්ටරයක් හම්බ උනා උඋව ටෝක් කරන කඩමන්දියෙන් දාගත්තා එතන කඩෙන් සිකරට් 10 කුත් අරන් මදුරු කොයිල් එකකුත් ඔතාගෙන 3වීල් එකක 450 කැ දුරක් ඇවිල්ල තමා හිටිය පොට් එකට ආවේ එනකොට අරු මාව හොයනවා දාගෙන උගේ 4න් ඔෆ් වෙලා අපු ගමන් ඌ එක්ක දුඅක් එහෙම දාල අපු වීල් එඅටම කෝල් එකක් දාලා උව ගෙන්නෙන අපහු කදමන්දියට ආවා රෑ කෑම ගන්න..එටන කඩේ කෑම හදනකන් ඉන්න වෙලේ තාම මම පලවෙනිවතාවට සින්දු හයි කරපු JCB එකක් දැක්කේ( ඒ සංකල්පේ තාම මහානාම පැරඩ් එකේ ඉලෙක්ට්‍රෝ බැකෝ ලෙස එලි දකින්නේ)
රෑට කාල අපහු වීල් එකේම ගිහින් නිදාන්න ලෑස්ති උනා නින්ද යනකන් ඇදෙ හේත්තුවක් ගෙන ඉන්නකොට නලාවක් ගහන සද්දයක් ඇහුන මමේ කැලේ මොකද නලා පිබින්නේ කියල කල්පනා කරනකොට තමා මතක් උනේ මොන නලා ද ඒ එළියෙක් කියල ටිකකින් නරි එහෙමත් කෑගහන්න ගත්තා අතන ඉදන් සිගරට් ටික ඉවර වෙනකන් මම කලේ අලියා එන්නේ මේ ජනේලෙන්ද අනිත් ජනේලේද කියල මාරුවෙන් මාරුවට බල බල හිටපු එක..

ඔය සිද්දියෙන් ටික කාලෙකට පස්සේ අපේ චත්තා ගත්තා මහේන්දරා මැක්සිමෝ එකක් ඩිමෝ බට්ටට වඩා හොදයි කියල හිටුනෙන් ඌ ගත්ත එක..ලෝඩ් එකක් නැතුව පාරේ දුවන්න සුපිරි වන්දිය..කිලෝමීටර් 1000 පලවෙනි සර්විස් එක කොල්ල සුමානෙන් කවර් කළා අනුරපුර ඇදලම..අපේ වන්දිය රෙපයාර් කිරිල්ලකට ගැරිජ් ගත කාරයෙන් මහේන්දරාවේ ලයින් එක යන්න ගත්තා එදා ලොකු ලෝඩ් එකක් තිබ්බෙත් නෑ කිලෝ 600 වගේ තිබ්බේ ඕකත් අරන් ඇගල්ඔය පාරේ හල්වතුරට යන්න ගත්තා ඒ පාරේ තියෙනවා දඩ කදු එක්ක වැලමිටි වංගු..අපි කන්ද නගන එනකොට වැලමිට වංගුවක මතු උන ලොරියක් අපේ බඩියේ කිලෝ 1000 ක් ගහලත් 3 ගින්නක් නැතිව අදින කන්නද මේකේ ඇද්දේ පවර් බොත්තම ඔබලත් 1 අර වංගුවේදී බ්රේක් කරලා නවත්වන්න උනා අනේ පින්වතුනි කියන්න සන්තෝසයි නැවැත්තුව තැනින් උඩට අදිනවා බොරු ඒ ලදරම බරෑන්ඩ් නිවු වෙලත්..කන්ද මැද ඉදන් තැන්නක් හම්බ වෙනකන් මීටර් 900 දැවැන්ත රිවස් පාරක් ගහන්න උනා මගේ ජිවිතේ දිගම රිවස් එක ඒක.
පසු කාලීනව චත්තා බැදලා අනුරාධපුරේ පදිංචියට යාමත් රබර් මිල පහත වැටීමත් නිසා අපිට ව්‍යාපාරය නවත්වන්න උනා..හැමෝම රබර් මිල අඩුවෙනකොට ආණ්ඩුවට බැන්නට රබර් මිල කෙරෙහි ආණ්ඩුවේ දායකත්වය 10% ක් වගේ කුඩා අගයක්..මොකද රබර් වලට තියෙන්නේ ලෝක වෙළදපලක් සහ ලෝකේ රබර් මිල තීරණය කරන්නේ ජපනා..සාමානයෙන් අවුරුදු 10 කට වරක් රබර් මිල සැලකිය යුතුලෙස ඉහල යනවා.පහුගිය කාලේ අසීමිතව මිල ඉහල ගියේ එම 10 වසරකට පසු ලැබෙන මිල වැඩිවීමට අමතරව චිනේ තමන්ගේ රටේ රබර් පිට නොකර ඔවුන් නිෂ්පාදනය සදහා යොදාගැනීමත් ගන්වත්ර නිසා කොහෙද මන්දා රටවල් ටිකක රබර් වෙළදපොලට නොපමිනිමත් යන කරුණු හේතු කරෙනය..
දඩි බිඩියේ ගත්ත චාත්තගේ මගුල් ගෙදර විස්තරත් එක්ක නැවත හමු වෙමු

Sunday, August 16, 2015

ෆයිටර්ස් Fiters

ගූගල් දෙවියාගෙන්



ගොඩක් දෙනෙක් දන්නා කියන මාලුවෙක් ගැන තමා මම අද කියලා දෙන්න හදන්නේ..අද ගොඩ දෙනෙක් ලස්සනට චුටි බොල් එකක ගෙන හැදුවට ෆයිටර් උන්මදෙකින් තරුණයන් පෙලිච්ච කාලෙකුත් තිබ්බා ලස්සනට අමතරව ඔට්ටු වට කෙටවීම ආදියත් ලංකාවේ බොහොම ජයට වෙච්ච කාලෙකුත් තිබ්බ කියලා අමතක කරන්න හොද නෑ..ඒ තරමටම නැතත් පාසල් සිසුන් අතර මෙය අදටත් සිදුවෙනවා



                 






















හැඳින්වීම

සාමානයෙන් ෆයිටර්ස් කියලා හැදින්නුවට මොඋන්ගේ නාමය ඇවිල්ල Siamese fighting fish කියන එකයි ඒවගේම BETTA යන නාමයෙන් මෙන්ම Siamese betta නාමයෙන්ද හදුන්වනු ලබයි..
Belontiidae කුලයට අයත් වන මොහුගේ නිජ බිම කොලොම්බියාව හ තායිලන්තය ලෙස තම වාර්තා වන්නේ අද වන විට ලොව පුරාම විසිරි ඇත.




ජිවන රටාව

සාමානයෙන් වරල් සහිත ශරීරය 7cm පමණ විශාල වෙයි.එසේම මත්සයින් 10,000 කට එකෙක් පමණ 12 cm විශාල සිරුරකට උරුම කම් කියයි..අවුරුදු 2ත් 4ත් අතර ජිවිට කාලයකට උරුම කම් කියයි..හැබැයි කලතුරකින් අපිට හම්බ වෙන මළුවට නම් එච්චර ආයු කාලයක් නැ..එකා සාමානයෙන් අවුරුදු 1.5 තමා උපරිම


පිරිමි සතුන් කලහකාරී ගති ලක්ෂණ පෙන්න අතර වැඩුණු පිරිමි සතුන් දෙදෙනෙකු එක ටැංකියක දැමීම කිසිසේත් නොහැක..ගැහැණු සතුන්
තරමක් සමජ ශිලිය.

ආහාර

සාමාන්‍ය මත්සය ආහාර දිය හැකිය නමුත් අබිජනනයට ගන්න පිරිමි සතුන්ගේ නියමිත වර්ණයන් ලබාගැනීමට blood worms දීම අනිවාර්යයි.




වෙළද පොලේ මෙලෙස ටින් පැවතුනත් මිලෙන් නම් තරමක් වැඩි.


මේවා හොයාගන්න තියෙන හොදම ස්ථානය තම නිවසේ ඉදුල් වතුර බැස යන කානු පද්දතිය..ඔබ එය හොදින් නිරීක්ෂණය කළහොත් රතුපාට ස්ථරයක් දැකිය හැකිය..එක පාරට දැක්කම නම් තේකොල මන්ඩි වගෙඉ(මෙහ පැවිල්ල ඉවර උන ගමන් පැහැදිලි චායා රුප කිහිපයක් දමන්නම්)නගර බද ඉන්න ඈයෝ කණුව බලල ඇවිත් මට බනින්න එපා එහෙම මගුලක් නැ කියල..බට වලින් හෝ කණුවක් දිගේ ගෝස් මහපෝලොවට වැටෙන තැන බලන්න






ලෙඩ රෝග සහ ප්‍රතිකාර

මේ යටතේ සුලබ රෝග සහ ඒවාට ප්‍රතිකරත් කලාතුරකින් සැදිය හැකි රෝග ගැන කෙටි හැදින්විමකුත් කරන්නම් ෆයිටර් මත්සයන්ට අදාල වෙනයම් රෝගයක් ගැන දීර්ග හැදින්වීමක් අවශ්‍ය නම් කමෙන්ටුවක් ලෙස දමන්න මා මෙයට එය හැකි ඉක්මනින් එක් කරන්නම්

ඩ්‍රොප්සි (dropsy)






























බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි.නමුත් බෝනොවන රෝගයකි මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවයයි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය.එමෙන්ම කරමල් අසල රතු පැහැ ඉරක් ද නිරීක්ෂණය කල හැක ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ.මෙහ් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී.ජලයේ ගුණාත්මක භාවය ගැන සැළකිලිමත් වූයේ නම් මෙවැනි බොහෝ රෝග වළක්වා ගත හැකි ය. මෙම රෝගයට ගොදුරු වූ මත්ස්‍යයින්ට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගැනීමට ඉතා අපහසු ය.






Mouth Fungus












මත්සයන්ගේ මුකය වටා සුදු පුල්ලි( පුස් වර්ගයක්) සැදීම මෙහිදී සිදුවෙනවා රෝගය ව්‍යාප්ත වෙත්ම එම පුල්ලිය බුල් බූල් ස්වබාවයක් ගන්නවා කොටන් රෙද්දක් වගේ.මේ අවස්ථවේ මත්සයා අහාර ගැනීම අඩුකරනු ලබයි.රෝගයේ මුල් අවස්ථාවේ අසාදිත මත්සයන් ටැංකියෙන් වෙනකොට වෙනත් ටැංකියකට දැමීම සිදු කල හැකිනම් රෝගය පහසුවෙන් පාලනය වෙනවා..ප්‍රථමික අවදියේදී KMNO4 2-4 ppm යෙදීම පහසුවෙන් කල් හැකි ප්‍රති කාරකයක්..අනෙත් ප්‍රති කාරක ‍වෘර්තිය දැනුම නොමැතිව කියවා කරන්න යාමෙන් මුළු ටැංකියෙම මත්සයින් විනාස විය හැකි බැවින් ඒ ගැන සදහන් කිරීමෙන් මම වලකිනවා..අවශය කෙනෙක් වෙතොත් විමසන්න.

අභිජනනය

වැඩුණු මවු සතුන් ජෝඩුවක් පමණක් කුඩා ටැංකියක අභිජනනය කරවයි.ෆයිටර් මත්සයෙක් ගේ හොදම පරිනත වයස ලෙස සලකන්නේ අවුරුද්ද ක වයස..සාමානයෙන් කඩේ ගැන ඉන්න මත්සයින් මාස 6 ක උපරිම වයස තාමා සිටින්නේ.සාමන්යෙන් එකම වර්ණයේ සහ එකම විදියේ වරල් සහිත සතුන් දෙදෙනෙකු යොදාගනී මන්ද එවිට වර්ණ ගුණාත්මකත්වය ඉහල අගයකින් යුත් පැටවුන් ලබාගත හැකි බැවිනි.අඩි 1 X 1 ටැංකියක් වුවද සැහෙයි.එයට ගල් පතුරක් වැනි යමක් එක කරනවා ගැහැණු සතාට පිරිමි සතා බිත්තර දමා අවසන් වූ ගැහැණු සතාව එලව දමන නිසා සැගවීම සදහා.මුලින් ටැංකියට පිරිමි සත්ව දමා කෙසෙල් හෝ කැන්ද වැනි ශාක පත්‍රයක් දමන්න.පැය 2ත් 5ත් අතර වෙලාවකින් පමණ බලන විට nest එකක් එහෙම නැත්තන් පෙන වලින් කැදැල්ලක් පිරිමි සතා නිර්මාණය කරනවා..ගැහැණු සතාව විනිවිද පෙනෙන ජෑම් වැනි බෝතලයක දාලා ටැංකිය ඇතුලෙන් තැබීමෙන් මේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්.පිරිමි සතා පෙන වලින් කුඩුව සැදු පසු ගැහැණු සතාව ටැංකියට එක්කිරීම සිදු කරනවා..සාමානයෙන් පැය 10- 17 ත් අතර කාලයකි බිත්තර දැමීම හාර කරනවා ගැහැණු සතා.අපි දාන කොලේ උස්සල බැලුවම පෙන අතර සවු ඇට වැනි තද සුදු පාට බිත්තර තාමා මොවුන් දමන්නේ බිත්තර දමා ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ගැහැණු සතාව ටැංකියෙන් ඉවත් කිරීම සිදු කරනවා.


බිත්තර දමා දෙවෙනි දින පැටවුන් එලියට එම සිදු වෙනවා.එලියට පැමිණි පැටවුන් පැය 24ත් 36 ත් අතර කාලයකදී පිහිනීම අරම්බ කරනවා..ඒ වන තෙක් කිසිදු කෑමක් දීමේ අවශ්‍ය තාවයක් නැ

පැටවුන් පෝෂණය හා රැකබලාගැනීම

පැටවුන් පිහිනීම අරන්ම්භ කරන විට කෑම සැපයීම සිදුකල යුතු වෙනවා..වාණිජ වශයෙන් පැටවුන් බෝකරන මධ්‍යස්ථාන වල දී පැරමිසියම් රොටිෆෙරා ඉන්ෆසුරිය වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී බිත්තර කහමද පාන් කල්චර් වැනි දේ ඩිය හැකිය..4 වන 5 වන දවස වන විට බ්‍රියින් ශිම්ස් තාමා සාමානයෙන් දෙන්නේ ගෘහස්ථව සාදන ඔබට බිත්තර කහමදම දින 10 පමණ වනතෙක් දිය හැකිය.

පැරමිසියම්

එක සශෛලික ජීවියෙකු වන පැරමිසියම් අන්වීක්ෂයකින් පමණක් දිස්වන ජීවියෙකි සමානයන් අපිරිසිදු ජලයේ ජිවත් වන මොඋව්න් අනෙක් අන්වික්ෂිය ජීවින්ගෙන් වෙන්කර හදුනාගැනීම අපහසුය

රොටිෆෙරා

සත්ව ජලන්ගයක් වන මොවුන් අනෙකුත් ජළඟ අතරින් කුඩාම ජීවින් වේ.මෙය මත්සය පැටවුන් සදහා ලබාදිය හැකි ආහාරයකි.

ඉන්ෆසුරිය

බොහොම සැලකිල්ලෙන් ඩිය යුතුයි මන්ද වැඩි වූ විට ටැංකිය අපවිත්‍ර වේ.


                  වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී

බිත්තර කහමද

කහමදය වතුරේ ඩිය කර රෙද්දකින් පෙරා පෙරාගත් ද්‍රවණය මත්සයින්ට දීම සිදු කරයි.

පාන් කල්චර්

මෙය සැදීමට පරණ මුහුණ ටිකක් සොයගට යුතුයි පළමුව.ඉන්පසු පරණ පාන් ගෙඩියක් ගෙන කුඩා කැබලි වලට කඩා ජලයේ පොගවන්න ඉන්පසු එය තලපයක් වන තුරු අතින් හොදට පොඩි කරන්න ඉන්පසු එය රත් කර නිවෙන්න හරින්න හොදින් නිවුණු පසු කලින් සපයාගත් මුහුම් මුසු කරන්න..ඉන් පසු විදුරු කැබැල්ලකින් වැනි දෙකින් බැදුනේ කට වසා මද හිරු එලිය වැටෙන ස්ථානයක ගබඩා කර තබන්න දින 3කට පමණ පසු කුඩා පණුවන් රාශියක් නීරික්ෂණය කල හැක දින 2ක් 3ක් වයස මත්සය පැටවුන්ට මෙය කදිම ආහාරයක්


                                                                     වැනි දේ දිය හැකිය..


කුඩා පැටවුන්ට අහාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරනු කිහිපයකි..පැටවුන් දුර්වල බැවින් ඔවුන්ට අහාර සොයා ඔබ මොක පිහිනීමට අවශ්‍ය නොවිය යුතුයි. ඒ සදහා අහාර යෙදීමේදී සැමතැනටම විසිරෙන ලෙස යෙදිය යුතුයි.පැටවුන් ගන්නේ කුඩා අහර ප්‍රමාණයක් බැවින් ඒවා පෝෂණ තත්වයෙන් ඉතා ඉහල විය යුතුයි..ඒමෙනම කෑම වැඩිවීමෙන් ටැංකිය අපවිත්‍ර නොවීමටද වගබලාගත යුතුයි..කුඩා කරුණු වුවත් මේවා පිළිබද අවදානය යොමු නොකිරීමෙන් බොහෝ පැටවුන් විනාස විය හැකිය.


සති 2 කක් පමණ ගිය විට මුල් ටැංකියෙ මසුන් පිහිනනු හොදින් දැකගත හැකිය ඒ අවස්ථාවේදී විශාල ටැංකියකට මාරු කිරීම සිදුකල යුතුයි.මන්ද ඉඩකඩ මදි වීම වතුර අපවිත්‍ර වීම වැනි කාරනා මේ අවස්ථාවේ සිදුවීමට පටන් ගන්නා බැවින්.වතුර අගල් 4ක් පමණ පිරවූ විශාල ටැංකියකට බෝකිරීමට යොදාගත් ටැංකිය පිටින් උස්සන් ගිහින් හැලීම තාමා වඩා සාර්ථක ක්‍රමය..ඒ ක අමාරු නම් කෝප්පයකින් හිමිට වතුර ටික අස් කල යුතුයි..දැලක් බාවිතයෙන් ඇල්ලීම නොසුදුසුයි මන්ද සාමානය මදුරු දැලෙන් ඇල්ලිය නොහැකි තරමට පැටවුන් කුඩා අතර ඊට කුඩා දැලක් බාවිතයෙන් ඇල්ලීමේදී පැටවුන් ඇද වීම තැලීම වැනි දේ මගින් අස්වැන්න අඩුවිය හැකිය..





විශාල ටැංකියක මාස 2ත් 4 ත් අතර කාලයක් වෙන්නොකර සැදීමේ හැකියාව පවතිනවා ටැංකියේ ඉඩ ප්‍රමාණය ලබාදෙන කෑම වල පෝෂනතත්වය වැනි කරන මත එය රදාපවතිනවා..ඉන් පසුව පිරිමි සතුන්ව වෙන්කිරීම සිදුකල යුතු වෙනවා අනිවාර්යෙන්ම.මන්ද යත් මුලදී කිවුවා වගේ කලහකාරී ගතිලක්ෂණ පෙන්වන මත්සය වර්ගයක් බැවින් පිරිමිසතුන් එකිනෙකා කොටගැනීම සිදුවෙනවා.මේ නිසා පිරිමි සතුන්ව වෙන් වෙන්ව ඇති කිරීම සිදුවෙනවා.නිසි පරිදි වරල් වර්ධනය සිදුවන්නේ වෙන්කළ පසුව තාමා..හැබැයි වෙන් කල පසුව සතියකට වරක් වත් පණුවන් ලබාදීම අනිවාර්යෙන් සිදුකල යුතුයි..මාසයක් ඔඅමන වෙන් කර සිටි පසු වෙළදපොලට දැමීමට සුදුසු තත්වයට මත්සයා ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මක බවිනුත් උපරිමේට පැමිනේනවා.


වල්ගය අනුව නාමකරණය



ෆයිටර්ස් ලටම වෙන් උන fb group එහෙමත් තියෙනවා ගොඩක් පින්තුර එහෙමත් තියෙනවා එකේ අලුත් ජාතිවල එහෙම

මෙතනින් ගිහින් බලන්න මාලු ගැන
මෙතනින් ගිහින් බලන්න බෝකරන්නන් ගැන
                                              










Thursday, July 16, 2015

ලකී බැම්බෝ



එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා නෙහ් මේකත් එහෙම පිස්සුවක් හැදිච්ච කලෙක කරපු වැඩක්..ලාබයක් මිස පාඩුවක් නොවුන මේකේ කම්මැලි කම සහ වෙළදපොල අඩුවීම මත නතර කරපු එකක්..

ලකී බැම්බෝ එහෙම නැත්නම් සැන්ද්‍රියානා යනුවෙන් කොයි කවුරුත් දන්නා මේක ෆෙන්ෂුයි අයිටම් එකක්..අද වේලදපොලේ ගොඩක් නිර්මාණ තිබ්බට ෆෙන්ශුඉ වල නම් තියෙන්නේ බොහොම ටිකයි නිර්මාණ








ප්‍රධාන වශයෙන්ම නැවේ ආකෘතිය සහ තිරිවාන ගල් යෙදු විනිවිද පෙනෙන බජනයේ වතුර පුරවල සහ 3 වෙනි රුපයේ මැද තියෙන ගහ වටේට වතුර පුරෝලා මාලුවෙක් දාලා
නුතන වෙළද පොළ සහ දක්ෂය නිර්මාණකරුවන් හේතුවෙන් ව්විද නිර්මාණ කරලියට පැමිණිලා තියෙනවා..

ඔඩෙල් එකේ රු 1500 වන එකක් පොඩි පැළ තවානක 800 ක් වගේ මිලක් වෙනවා.නමුත් 100 ට 200 ව වගේ බාල්දු මිලගණන් වල ට විකිනුනේ නෑ ඒ දවස් වල නිර්මාණයට වෙන මහන්සිය එක්ක ගුණාත්මක බවකුත් තියාගෙන තම ඒ දවස් වල අපි මිල කිවුවේ..

මේ නිර්මාණය ලස්සන වුනාට නිර්මාණයේ පොඩි කතන්දරයක් තියෙනවා..මුලින්ම 




ෂෙඩ් නෙට් වලින් සැකසු නසරියක හිටවපු පල වලින් තාමා මේක කරන්න ඕනි..එහෙම කියන්නේ නිට්ටබුව පැත්තේ තියෙනවා ගෙවල් වල ඕන තරම් අතු ගන්න නමුත් ගුණාත්මක බැවින් තොරයි වගකීමක් දෙන්න බෑ..රෝග නිරෝධන හැකියාව අඩුයි ඒකාකාරී වර්ණ නෑ වැඩිම ඒකාකාරී නෑ අන්න ඒ හේතු නිසා ඉ ක්‍රමානු කුලව වගාකරපු ගස්ම ගන්න ඕනි..ඒකාකාරී ලෙස නොවැඩිම ඉටා වැදගත් අපි නිර්මාණයක් කලාම එක එක ගස් එක එක අනුපාත වලින් වැවෙන්න ගත්තාම නිර්මාණයේ හැඩය වෙනස් වෙනවා..

මෙහෙම හිටෝපු ගස් උගුල්ලලා නෙමෙයි ගන්නේ නිර්මාණයට අවශ්‍ය උස හිටින්න කපනවා මුල පොළොවේ තියෙද්දී..ඊළගට දවසක් හෙවනේ තියෙන්න ඕනි..ඊළගට මුල් අද්දවීමේ වර්ධක හෝමෝන සහිත ජලයේ දාලා දවස් 2ක් හෝ 3ක් තියෙනවා කිරි මුල් එනකන්..ඊට පස්සේ තාමා වැඩි කොළ වේලිච්ච කොළ ගලෝල ගහ සුද්ද කරන්නේ..ඒ වෙනකොට මැලවිච්ච කිරි මුල් ඇදල නැති ගස් අයින් කරන්න ඕනි..ඊට පස්සේ තවත් දවස් 2කක් විතර තියෙනවා හොදට මුල් අදින්න
ඊට පස්සේ තම විවිද රටා වලට සැකසීම කරන්නේ..ඒ පිළිබද පින්තුර වගයක් ipad එකේ තියෙනවා මෙහ දවස් වල එකේ display රාජයා යන්න ගොහින්

රටා සැකසීමෙන් පසුවත් දවස් 3ක් වතුරේ දාලා තියන්න ඕනි රෝපණය කරන්න කලින්..සැකසීමේදී හනිවෙන ගස් ඒ දවස් 3නෙදි මෙන්න ගන්නවා අන්න ඒවා ඓන් කරලා ඒ වෙනුවට අලුතෙන් දීම කරන්න ඕනි..
ඊට පස්සේ පුළුවන් සුදුසු බදුනක පැල කරන්න. ඒ සදහා කොහුබත් ගෙන කොහුබත් දවස් 2කක් හොද අවුවේ වෙලන්න ඕනි ඊළගට තාමා එකට දිලිර නාශකයක් යොදල හෙවනේ තියන්නේ..මේවා නොකර නිකන්ම කොහුබත් අරන් කරන්නත් පුළුවන් ගෙවල් ඇතුලේ තියෙන ශාකයක් සහ හිරු එලියට නිරාවරණය නොවීම කියන කරනා එක්ක පුස් වර්ග විවිද සතුන් ඇතිවීමේ සම්බවිතාවක් මම පුද්ගලිකව අත්විදලා තියෙනවා..

කොහුබත් මදයේ හොදින් හිරකරගත් ගහට උඩින් සුදු තිරිවාන දීමක් කරනවා වැඩි ලස්සනට
ඊළගට ෂෙඩ් නෙට් හවුස් එකක සතියක් තැබීමෙන් අනතුරුව තාමා වෙළදපොලට නිකුත් කරන්නේ

විකුනන්න විවිද බොරු වගේම විවිද උපක්‍රම අපි පාවිච්චි කළා ඒ ගැන පහලට කියනවා නමුත් රු 900 සිට 12000 දක්කව විශාල මිල ගණන් වල ව්‍යාපාරයක් කරද්දී ගුණාත්මක බව උපරිමෙන් බැලුව..ශාකයකට වගකීම් සහතිකයක් දීපු එකම ආයතනය අපි..අවුරුද්දක් ඇතුලත ගහක් මිය ගියොත් ගහට ගහක් දෙනවා. ඒ වගේම රු 10000 ට වැඩි මිලදීගැනීම් කරන ඕන කෙනෙක්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ..ගහක් පිළිබද කතා කරන ඕනෑම පැමිණිල්ලකට ස්ථානයටම ගොස් සේවාවන් නොමිලේ සැපයුවා..එහෙම කරමින් ගුණාත්මක බවය උපරිමේටම තියාගත්ත..

අවස්ථා 2 කකදී පමණක් මාරු කිරීම් සිදු කිරීමට සිදුවීමෙන් අපේ ගුණාත්මක බව හොදාකාරව පැහැදිලි වෙනවා.

දැන් කියන්නම් විකුනන්න කරපු මගෝඩි

ෆෙන්ෂුයි ක්‍රමේට ඊසාන දිසාවට තාමා ගහ තියෙන්න ඕනි..නමුත් යන සමහර තැන වල ඊසාන ට අහක් තියන්න ඉඩ නෑ තැන බලල තමා අපි දිශාව කියන්නේ
උතුරට වයබට ස්ථානයේ ඉඩ තියෙන පැත්ත තාමා අපිට ෆෙන්ෂුයි පල දීමේ දිශාව..

ඒ වගේම සමහර ආයතන වලට ගියාම කියනව අපි ac ඔෆ් කරන්නෙම නෑ ac එකේ ගස් හැදෙන්නේ නැ නේද කියල ඉතින් ඔය ඉල්ලන් නෙහ් කන්නේ..
සර් 90% ෂෙඩ් නෙට් එකේ cold වෝටර් වලින් සීසන් කරපු ප්ලන්ට්ස් අපි ගව තියෙනවා සාමානයෙන් අපි එකට අඩිෂනල් 500 ගන්නවා සර් ලොකු ඔඩර් එකක් දාපු නිසා එකකට 100 වගේ අරන් දල දෙන්නම් සර් කියල ඇඩ්වාන්ස් එකකුත් අරන් හෙට යනවා මගින් නවත්තල ස්ප්‍රයර් එකකින් වතුර ටිකක් විදන් යනවා ෆර්ම් එකෙන් ගත්ත ගමන් කියල..

මේ ශාකයට පොර ඕනි නෑ මොකද ගහ වර්ධනය කරන්නේ නැති නිසා.පොර ඕනි නෑ කියල සමහරුන්ට කොච්චර කිවුවත් පිලිගන්නේ නැ ඒ වගේම රටේ තියෙන ඒවා දන්නා අහනවා..එහෙම යට ගිහින් දෙනවා අපේ විශේෂ හෝමෝන් මිශ්‍රණය රු 500 ලීටර් 1.5 මාසෙකට මිලිලීටර් 100 ක් දන්නා කියල..එක හදන්නේ ටැප් එකෙන් ගත්ත සුපිරිසිදු වතුරට කිරිමැටි යෝගට් හැන්දෙන් එකයි..හොදට හොලොල ගිහින් දෙනවා..ඕක නොදින්නොත් වෙන මගුල් දාලා ගහ මරාගන්නවා නෙහ්..මටත් මොකෝ 

ටිකක් ලොකු කම්පැනි වලට ගියාම අහනවා කොහොමද හොද කියල මුල් කාලයේ මම මෙතැනට මෙහෙම එකක් හොදයි කිවුවට උන් පිළිගත්තේ නෑ පස්සේ හොයාගත්තා එකට විකල්පයක්..ආයතනයේ 4තො ගන්නවා 4තර අතේ. ඊළගට කියනවා අපේ ඩිසයිනස් ලට දාලා තම සර් බලන්න ඕනි.
මම දැන් මෙහ ටික මේල් කරනවා ඩිසයින බලල කියයි හෙට මම අයිඩියාස් ටිකත් අරන් එන්නම් කියල..අනේ පින්වතුනි උන් එකෙන්ම කැමති වෙනවා මගේ අදහස් වලට..මට ඩිසයිනරයෙක් තියා දයිනොසරයෙක්වත් නෑ..

පොර්ජෙක්ට් ප්රෝපොසල් දෙන්න කියපු තැන් වලට නම් ෆොටෝෂොප් වලින් ගස් ටිකක් අලෝලා ගිහින් පෙන්නලා ගොඩ දාගත්තා





 
 










සියලුම චයරුප සහ හිමිකම් මා සතුයි..
 
ඉහත දැක්වෙන ආකාරයේ රිකිලි නම් ලන්කව්වේදී අපිට හදන්න බෑ ඕව සින්ගප්පුරුවෙන් මැලේසියාවෙන් ගෙන්වන්න ඕන..

බිස්නස් එක කරද්දී මාත් එක්කම හිටිය ගමන් සගයෝ දෙන්න චත්තා සහ මද්දා..ආදරෙන් මටක් කරන්න ඕනි..