Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, October 10, 2016

ස්නේහයේ රමල්

ඒයැයි මට  එකල මෙහෙම ලියල  එවුවා  නොවෑ


ÿ,s mska;dre l, yo ú,la ñ,sk jQ
,sysis f;,a oud l, yelso wdf,dal
;;= jsuihso tlS udye.s is;=jfuys

rYañ Odrd úysohso
ukialdka; jQ mq,sk
f,da ;,h ;=,

ùrfhls /.+ï mdkd mqr r. uvf,ys
rfida.hls Tn ksr;=rej ,e.=ï ,k
flda ;Ur myfika ,nk
fkal úO iafkayhka

Thursday, August 11, 2016

අමතක නැති මතකයක අමතක ගොන්න 1 හොට් බොක්ස්


මතකය කියන්නේ හරි පුදුම දෙයක් නොවෑ..1 වසරේදී අ යන්න ලියන්න මතක තියාගත්ත අපි ඊළගට දෙවරක් චක්කරේ මතක තියාගත්තා..ඒ අස්සේ දහම්පසෙලේ හෙනම ගේමක් දීලා දිව උලුක්වෙන ස්ලෝක ගාථා මතක තියාගත්තා..මොන්ටිසොරි කාලයෙන් එපිට කාලය ගැන බොදවූ සිතුවමක් හිතේ ඇදිලා තිබ්බත් හරි හමන් මතකයක් නම් නෑ..
ටිකෙන් ටික ලොකු වෙද්දී කවි වලට රසායන විද්‍යාවේ මතක තියාගත යුතු දේවල් වලට කුණුහරුප ආදේශ කරන මතක තියාගත්තත් අද වෙනකොට කුනුහරුපේ මතක තිබ්බත් අඩාල දේ නම් මතකේ අහලකවත් නෑ..
අද මම කියන්න යන්නේ මොලේ ගැනවත් විබගේකට මතක තියාගන්න ක්‍රමයක්වත් නෙමෙයි..මට අමතක මගේ දවස් වලින් කිහිපයක් ගැන..
අන්තිමට වෙච්ච සිදුවීමෙන්ම පටන් ගමුකො..

හොට් බොක්ස්
                                                             

මගේ කල්ලියේ ලාබාලම සාමාජිකයා වෙච්ච සුවියා මලයා රට ගියෑන් අපි ගියා ඇරලවල එන්න..
නිප්පා සාරා මම අබයා මලයා චමිල අයියා සහ රියදුරු අසුන බාර ගත් හේෂාන් තමා පිරිස..හිස්බඩ යන එක හොද නෑ කියලා හීනියට දිගට කුරු කිහිපයකුත් ඔතාගෙන තමා පිටත් උනේ..ගමන් ආරම්බ කලේ පානදුරෙන් කටුනායක බලා රාත්‍රී 12.15.
හෙශාගේ විරෝදය නොතකා බණ්ඩාරගම පහුවෙනකොටම පලවෙනි එක පත්තු කළා විදුරු එහෙම වහගෙන.කලින් මිත්‍රයෙක් ජොයින්ට් එකක් ගසා රට යාමට ගොස් නැටු විකාරයක් නිසා සුවියට දුන්නේ නෑ..කලින් එකා ට්‍රොලියේ දාගෙන යන්න ඕන බැගේජ්  එක කරේ තියන් ගියා..

කටුනායකට යනකොට කට්ටියට හොද පාඩම්..මගදී කන්න ලැවරිය ටිකකුත් දුන්න නෙහ් සුවියලගේ අම්මා..කට්ටිය එක එක ලෝක වල පාවෙනකොට සුවිය මොකක්දෝ සින්දුවක් හෙවුවා ගමන පුරාවටම.. අපිටත් එක එවලේ මීටර් උනේ නෑ බැස්සමයි වැඩේ මීටර් උනේ කොල්ලගේ ඇස් දෙක හින් වෙලා බෑග් එකෙන් අයිස් කැප් එකක් හොයාගෙන දාගෙන එස්කිමෝ කෙනෙක් වගේ.. .. ඇතුලේ  දුමට කොල්ලට වැදිලා හොදට පොඩි බඩගින්නකුත් තිබ්බයින් කඩේක නැවැත්තුවා කන්න..එයාර්පෝර්ට් එක කිට්ටුව පොට් එකක..කිසිම දෙයක් නොකරන චමිල අයියටත් වැදිලා තරමක්..චමිලය හොදට කන්න ඕනි කියල ෆුල් කොත්තු 3 රයිස් 3යි දාල මම එක දන්නේ නැතුව බර්ගර් ටිකකුත් උස්සන් ආවා මේසෙට..කට්ට්ටියගේ බඩගින්න පොඩි නෑ කියල තේරුනේ කෑම ඉවර උන වේගේ දැක්කම

චමිල අයියවයි නිප්පවයි සුවියව ඇතුලට දාන්න පිටත් කරලා අපි ගියා වහනය දාන්නන තැනක් හොයන්න..පාරකින් එකට 300 ක් දෙන්නේ මොකටද එකේ සිකරට් ගහන්න බැරියෑ කියල.ආපහු ආවා කාපු පොට් එකට..

ටිකකින් අරුන් දෙන්න එලියට ඇවිල්ල කෝල් එකක් දුන්නයින් උන්වත් දාගෙන ගෙදර එන්න පිටත් උනා නැවටත් සුපුරුදු ක්‍රියාව සමගින් පරක්කුවක් නෑ නෙහ් හිමිට අතල් එකේ යමන් කියල හයි වේ නොදා නොර්මල් පාරේ ආවේ එනකොට..එතනට හරෝනව මතකයි එක පාරට වතුර පාරක් ගැහුවා නිසා ඇහැරුනා මම ඉස්සරහ බලනකොට නිප්ප ජෝග්ගුවක් තියන් ඉන්නවා විරිත්තන් 4න් එකෙත් වතුර අහුඋනා ඒ ගමන නිප්පටත් බනින ගමන් සම්පුර්න ඇස් ඇරියා..අත ගාල බැලින්නම් මුඋනේ වතුර බින්දුවක් තියෙනවා 4න් එකේ බින්දුවක් තියෙනවා..වැඩේ වෙලා තියෙන්නේ අරූට ඇහැරිලා ඌ ජෝග්ගුවෙන් වතුර අරන් මුදියකට දාලා ගහලා තියෙන්නේ නිදිමරගතේ දැනුනේ ජෝග්ගුවක් හලාල වගේ..එතකොට වාහනේ බණ්ඩාරගමට ඇවිල්ල..වෙලාව බැලුවමයි ඔලුව විකාර උනේ යන්න පැය 1.30 එන්න විනාඩි 50 නෝමල් පාරේ කට්ටිය නිදි අතරේ මල් මතේ අරු ඇරලා ලෙලි යන්න..දැන් ලියන්න මතක් කරගත්තේ පහුවදා එක එකාගෙන් විස්තර අහන් කතාව ගොඩනගාගෙන..අපහු එන ගමනේ මම ගොඩක් වෙලා ඇහැරිලා ඉදලා තියෙන්නේ මතක නෑ මොකුත්..6 දෙනා එක්ක ෆුල් රයිස් 3 කුයි කොත්තු 3 කුයි තව බර්ගර් වුයි කොහොම කෑවද කියල මතක නෑ..
ඇතුලට ගියපු උන් වොෂ් රුම් වලයි අහු මුළු වලයි සෙල්ෆි ගහලා කෑලි වගේ..උන්ට මතකෙකුත් නෑ.සුවියගේ සර් කෙනෙක් හම්බ වෙලා ඌ බදාගෙන සෙල්ෆියක් ඉදන් ගහලා එවලේම ෆේස් බුක් එකටත් දාලා..


Monday, July 25, 2016

දිනාගනු කෙසේ ඇගේ ආදරේ



ගොඩක් අයට වැදගත් වෙන එකක් තාම අද ලියන යන්නේ..
තනිකඩ ජිවිතේ රත්තරන් තනිකඩ කොල්ලන්ගේ සංගමේ වගේ තනිකම වහන්න බොර හේතු මවන අයටත්..එකෙක්ට කෙල්ලෝ 8ක් ඉන්නවා නම් මගේ කෙල්ලොත් තියන් ඉන්න එක හොයා නැ අයියලත් සල්ලි තියෙන්න ඕන කෙල්ලෙක් හොයාගන්න මට කෙල්ලෙක් නේ කෙල්ලෝ මට කැමති නැ කියල හිතන මල්ලිලාටත් එක වගේ වැදගත් මේක..

මම මේක කෙල්ලන්ගේ පැත්ත ගැන ලියන්නේ නෑ.හැබැයි ලගින් ආශ්‍රය කරන කෙල්ලන්ගෙන් දැනගත්ත අහගත්ත දේවල් මේකේ අන්තර්ග්ගතයි.


මුලින්ම කියන්න  ඕනි ෆිල්ම් වල වගේ කෙල්ල ඇවිල්ල කොල්ලගෙන් යාලු වෙන්න  අහන  අවස්ථා විරලයි..නැතුවම නෙමෙයි..ඉතින් එක හින්දා උබට කෙල්ලෙක් ඕනි නම් උබ ටෝක් කරන්න ඕනි.
කෙලින් අහන්න බෑ බෑ වගේ නම් යාළුවෙක් අතේ හරි අහපන්.ටෙලිපති හරි අනෙකාගේ හිත් කියවන්න පුළුවන් කෙල්ලෝ නෑ..හැබැයි ගොඩක් කෙල්ලෝ ආසයි කෙලින් ඇවිල්ල තමන්ගෙන් අහන කොල්ලන්ට..කෙල්ලෝ කියන විදියට කැමති ද කියල අහන්න ගටක් නැති කොල්ලෙක් අනිත් වැඩක් කරන්නේ කොහොමද කියන එක..උබට හොදයි කියල හිතෙන ඕනෑම කෙල්ලෙක්ගෙන් අහපන්..ඕනි තරම් කතා කරපන් කියල කටක් තියෙන්නේ 4කින් 5කින් අහනකොට 1ක් ගොඩයනවා එකෙන්ම..

මුලින්ම කෙල්ලෙක්ට හිත යනවා නෙහ්..එකී ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනි..
  1. කොල්ලෙක් ඉන්නවද
  2. කෙල්ලගේ විනෝදාංශ
  3. කෙල්ල කන්න ආස දේවල්
  4. කෙල්ලගේ පරමාදර්ශී චරිත
  5. කෙල්ලගේ උපදේශක මණ්ඩලය
  6. තව කෙල්ල ගැන හොයාගන්න පුළුවන් ඕනිම විස්තරයක්

තමන් ලස්සන නෑ එකී මට කැමති වෙයිද?  එක දැනගන්න අහන්නම වෙනවා..තමන් ගැන අවතක්සේරු කරන්න එපා..හීනමානය තියාගෙන උබට කෙල්ලෙක්ව තියා බල්ලෙක්වවත් ෆිට් කරගන්න බෑ..
ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට සමත..මම නම් පිළිගන්නෙම නැති බැහැරම කරන කන්සෙප්ට් එකක්...එක දේකට වඩා පුළුවන් උන් ඕනි තරම් ඉන්නවා..හැම එකෙක්ටම අඩුම ගානේ එක දෙයක් වත් පුළුවන්..ඒ හින්ද තමන් ගැන හොද ආත්ම විස්වාසයක් තියාගනින්..
සල්ලි තියෙන එකට විතරයි කෙල්ලෝ ඉන්නේ...ඔන්න කොල්ලනේ ඊළගට අයින් කරගන්න ඕනි තවත් මනස්ගතයක්..සල්ලි තිබීම කෙල්ලන්ව දාගැනීමට පහසු මගක් මිසක් එකම මග නෙමයි..දාගැනීමට වඩා ගැලපෙනවා ඇදට ගැනීමට කිවුවොත්..අපි හැමෝටම තියෙනවා නෙහ් හීනයක් ඕක වචන වලින් මවල පෙන්නන්න පුළුවන් නම් උගේ අතේ අද සල්ලි නැති එක කැපිල යනවා එකෙන්..මම දෙන්නම් උදාහරණ මගේ ජිවිතෙන්ම...ඉස්කෝලේ යන කලේ ඒ හැටි සල්ලියක් නෑ නෙහ් කොල්ලන්ගේ අතේ.මටත් එහෙමයි..හැබැයි ඒ කාලේ  දාලා හිටියේ හොදට දත තියෙන පොෂ් කෑල්ලක්..අපේ වචනයෙන්ම කියනවනම්..මම කෙල්ලන්ට ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ නෑ.මම යන්නේ එන්නේ බස් එකේ.තෑගි ගන්නේ පිටකොටුවෙන් හැබැයි බ්‍රෑන්ඩඩ් ලේබල් ගහපු කොලිටි ඒවා..
කිට මරනවා කියල නුහුරු සපත්තු දෙකක් දාගෙන කාගෙන් හරි ඉල්ලගත්ත නොගැලපෙන සගක් දාගෙන විකාරයක් වෙන්න එපා..උබේ ඇදුම ඩේනිමයි රබර් 2කයි නම් එකෙන් පලයන්..හැබැයි සෙරෙප්පු දෙක හෝදගෙන ඩෙනිම හෝදගෙන කියාගෙන පිළිවෙලට පිරිසිදුවට..
සෙන්ට් ටිකක් ගාන්න වැඩිපුර තියෙන ලොන් ටික කපලා ඩියෝ එකක් එහෙම ගාල සුවදට යන්න..
යාලුවන්ගේ 4න් බයිසිකල් ඉල්ලන් ගිහින් ඇඩ් දාන්න එපා..නොපෙන්නුවට කෙල්ලෝ අපිට වාඩා හොදට බයිසිකල් අදුරනවා..අනික උබට කොච්චර වාහන පදින්න කරන්න පුළුවන් උනත් අනුන්ගේ වාහනේක ගියාම අපි එක පරිස්සම් කරන්න හදන විදිය ක්ලික් වෙනවා..
කෙල්ලෙක්ට උබේ හිත ගියාම බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල..කුඩු කඩලා කුඩු හදන්න යන්න එපා සහගහනවා..මම කවදාවත් අනුමත කරන්නේ නෑ එක..කොල්ලෙක් කාරිය නැත්නම් ඒකිට දැනෙන්න දියන් උබ ඒකිට කැමති කියලා..එකී දිහා බලන් හිටපන්..හිනා වෙයන් පොඩ්ඩක් පස්සෙන් පලයන්..හැබැයි ඕක ගොඩ දවසක් ඕන නෑ..මගේ තියරියට නම් දවස් 4ක් ඇති..කියපන් කෙල්ලට කැමැත්ත..එක පාර උත්තරයක් ඉල්ලන්න එපා කල් අරන් හොදට හිතල කියන්න කියපන්..කෙල්ල නම්බරේ ගන්නේ නෑ වගේ හිතෙනවා නම් එකිත් එක්ක ඉන්න ඊළගට ලස්සන කෙල්ලට නම්බරේ දෙන්න දවස් 2කකින් මෙයාට මේක දෙන්න එතකන් පරිස්සම් කරගන්න කියලා..

දවස් 2කක් තුනක් වැඩිය පෙන්නේ නැතුව හිටපන් ඒ කාලය ඇතුලත උබ හොයාගත්ට කෙල්ලගේ උපදේශක මණ්ඩලය ටෝක් කරන්න ඕනි..ගොඩක් කෙල්ලන්ට ඉන්නවා උපදෙස් දෙන මල්ලි කෙනෙක්..බුවාව ෆිට් කරගත්තම වැඩෙන ගොඩක් ගොඩ..ඊළගට ඉන්නව තමන් ගොඩක් ලස්සනයි කියල හිතන් ඉන්න කෙල්ලෙක්..පැණි නොවන බටර් පාරක් ගාපන් ඒකිට..මොකද එකී තාම උබේ වැරදි කියා කියා කෙල්ලව පස්සට අදින්නේ..
ඊළගට හම්බ උනාම කෙල්ල උබව ෆ්‍රෙන්ඩ්සෝන් එකට දායි..අපි යාලුවෝ වගේ ආශ්‍රය කරලා බලමු වගේ බයිලාවක් එක්ක..අන්න එතැනදී උබේ වචන වල හැකියාව උපරිමේටම ඕනා වෙනවා..
කලින් හොයාගත්ත කරුණ වලින් කෙල්ල ආසා ලෝකේ ඒකිට මවල පෙන්නපන්..
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...



නොදුටු මානෙක මනමේ පුවත




ඔව්.
වීරයා මරන්න
කඩුව දුන්න පෙම්වතී මම.

දන්න ශිල්ප ඔක්කොම දාල
ඒ හිලව්වට
මාව ඉල්ලපු,
කැමතිදැයි නොවිමසපු,
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ
බිඳින්න,
මං කැමති වැද්දෙක්ට
ප්‍රේම කරන්න.
ඉගෙන ගත්තට - ධනය තිබුනට
ඔහුට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කුමාර ගති
අප්පිරියයි මට.

ඉතිහාසෙ පුරුද්ද
තවත් ඉවසන්නෙ මොකටද
ආදරේ කැරැල්ලක් තමයි
හිරවෙච්චි ගෑණුන්ට.

-මනමේ කුමාරි-
|නොකියපු කතා {හංසි ජයසිංහ(ස්වර්ණපාලි)}



ගමේ කෙල්ලගේ
මුණ බලන්නේ කොහොමද
අසරණ පෙම්බරා මං
කොහොමද විසිකරන්නේ 
ගුරුතුමා එල්ලපු උරචක්කර මලේ

හොදින් කතා කරන්න බැරිද
වැද්දෙක්ට
අභියෝගේකට
බෑ කියහැක්ද
රජෙක්නෙහ් මං
සුසැට ශිල්පෙ දන්න
මාන්නේ මගේ පෙළපතින් 
උරුම...
හැකිද මට බිදින්න
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ

තිබ්බට පොත්තේ පාට
ඈට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කොමල ගති 
අප්පිරියයි මට
ගමේ සුවදට ලෝබ බදින
රජෙක් මං
සම්ප්‍රධායට කොටුවෙච්ච

මනමේ කුමාරු- 
|නොකියපු කතා


හංසි අක්කගේ මනමේ කුමාරි නොකී කතාවට මගෙන් මනමේ කුමරු නොකී කතාව

ස්නේහයේ ගගුලෑල





ලෙන්ගතු බව දසත බෙදන
ස්නේහයේ ගගුලෑල
ඤනන්විත බලු පැටවුන්
දිවගින්
ආදරය වපුරන
වලිගගින් 
සතුට බෙදන
නාස් අගින්
ලෝකය විමසන
ස්නේහයේ ලොම් ගුලිය
තරහව නොහදුනන
ආදරය ඉල්ලන
නොදුන් විට ගොරවන
එසැනින් ලෙවකන
සගයෙකි
ආදරණිය




සංකල්පනා හොරකම බස්සි අක්කගේ උගත් මැසිවිරු බලලුන්ගෙන්

Monday, July 18, 2016

රමණ මං පෙත්


 වචන මීවිත
තාල හැඩ වැඩ
කෙලි කවට සිනහ මැද
ආල වට්ටම්
තොග මිලයට බෙදයි සැමවිට
රමණ මං දොර
විවර කරනට
පාන සෙනෙහස
ආදරයේ නාමයෙන්
විවරයි මං පෙත්

රමණය

Wednesday, July 6, 2016

වික්කාගේ ආගමනය සහ ජෝකගේ සම්ප්‍රාප්තිය






මගේ හිතාදර වික්ක සහෝදරයාගේ උපන්දිනය 24 දින රාත්‍රියේ සමරනු ලැබුවේ පුරා වර්ෂයක කාලයකට පසු ලංකා  තලයට ගොඩ බට ජොකා සහෝදරයාගේ සහබාගිත්වයෙන්.

ගග අසබඩ  සුපුරුදු ස්ථානය සැමරුමට යොදාගෙන තිබුනත් සිහින සහෝදරයට  කලින් පැනල යන්න ඕන කම තිබුනයෙන් හෙෂලගේ නිවස ඉදිරිපිටින් වැඩ ඇල්ලුවා

සුපුරුදු බිමේ රටාවෙන් ඔබ්බට ගිහින් කේරලය පැත්තෙන් සද මතට ගොඩ බෑව මුලින්ම..නිතිපතා පාවිච්චි කරන තෙල් කඩදහි කෑල්ලෙන් මිදිලා රසගැන්වූ ඔරිජිනල් පේපර් කැබැල්ලක රස සමගින් පලවෙනි වටය නිමා කරලා සිහින  සහෝදරයාගේ  නික්මයමෙන් අනතරුව  හෙෂලගේ ගෙදර තිබ්බ බෝක්කුවක් උඩට වෙලා ජන්ම දින හිමිකරු  ප්‍රිය භාර්යාවගේ නිවසේ පවතී උත්සවය නිමකොට පැමිණෙන තෙක් බලසිටිමයි අරමුණ උනේ..

ගැටෝ කේක් ගෙඩියකුත් උස්සන් වික්කා රැගත් CB4 එක සම්ප්‍රප්ත උනයින් කේක් ගෙඩිය ෆිජ් එකට දාල දෙවෙනි වටේට සුදානම් උනා...
ගග  ලගට යන්න කලින් තීරණය  කරගෙන හිටියැන්  කට්ටිය  පුරෝගත්   බයිසි මොටෝ  ටික  පේලියට  ගග  බලා ඇදුනා..එතන මදුරුවෝ කියල  ලංකාවේ ඉන්න අපේ සුද්දන්ට ඉන්න බැරි උනයින් නැවතත්  බෝක්කු  ආසනය  වෙතට  පැමිණියා..



දේශීයත්වය සපිරි තනමල් නැවුම් රොකට්ටුවක් සුදානම් වුනා ෂනිකෙට..එක  හමාර කරලා  ජොකා  සහ  විකි කඩයක් සොයාගෙන ගොස්  මැන්ගෝ නෙක්ටර් 4ක් සහ  ජම්බෝ පිනට් ලොකු 2කක් අල පෙති පැකට්ටුවක් සමග කෝප්ප  කිහිපයම් මේසයට සම්ප්‍රාප්ත කළා..
බෝක්කු ආසනයේ ඉගෙන ඇබ්සලුට් OZ  සමග කලවමට මැන්ගෝ නෙක්ටර් පලවෙනි වටේ යද්දීම හීරෝ ඇහුව  මෙච්චර ජුස් මොකටද  බන් එක  බෝතලයක්  බොන්න කියලා ..පොඩ්ඩක් හිටපන් ඕකට මම උත්තරේ  තව  ටිකකින් දෙන්නම් කියල කියපු ජොකා බෙන්සන් පෙට්ටියක් සුවියට දීලා උගේ  අතේ තිබ්බ ගොල්ඩ්ලිෆ් ටික  ඉල්ලා ගත්තා..ඌ කාලෙකින් හම්බ උන සුබුරුදු දුමෙහි රස බලන  අතර තුර ඉද හිට හම්බ වෙන නැවුම් රසක් අපි විදගත්තා..


බිම වටෙකින්  අනතුරුව ලෝකල් පන්දමක්  වට  2කක් ගිය පසු  නැවතත් බෝතලයට  වගකිවූ  අතර ඉන්පසු  හොද  පාදමේ  සිටි  අයට  මනාලි  වටයකින් අභ්‍යවකාශයට ගෙනගොස්  අතරමන්  කරන  ලදී...
මනාලි ක්‍රීම්
ඉන්පසුව විකියගේ  උපන්දින  කේක්  ගෙඩිය  මේසයට  වැඩම්මවූ  අතර  හිමිට  හිමිට  කට්ටිය එකට වග  කිවූ  අතර නැවතත්  ලෝකල්  වටෙකින්  අනතුරුව  ගග  ලග  නැවුම් සුලන්  පහරක්  විදින්න මනාලි වත්  කැන්දාගෙන ගගලගට  සම්ප්‍රාප්ත  උනා..

විවිධ තල  වල සිටි අයට එවර මදුරු  ප්‍රශ්න  ඇති උනේ  නෑ..වාඩි  වෙලා  ගැහුවා  පලවෙනී මනාලි උගුරෙන්  පසු එකා  දෙන්න  එහෙන්මම බිම  ඇල  වෙලා සද  තරු  මල් ගනින්න  ගත්  අතර අලුත්  බෙන්සන් පෙට්ටියකුත්  කරලියට ආවා.එකෙන්ත්  කිහිපයක් ගැසීමෙන්  අනතුරුව  සබාව විසිරවීමේ වාරය  එලබියා.


රුවන් සහෝ  ජෝකව  නිවසට ඇරලවීම බාරගත්  අතර සබාතොමෝ සතුටෙන් විසිර  ගියා මගේ  ලග  බෙන්සන් පෙට්ටිය ඉතුරුකොට..එකට  උන  දේ  ඊලග  ලිපියෙන්

Saturday, June 11, 2016

නොඅසන් නොදනිමි



හී සර බඳු
වචන
දායදයක්දැයි
නොදනිමි
මමද
එනමුදු
එයින් මත් උණු බබරිදු
හෙරොයින් වලට නොදෙවිනි
මත්බවයකින්
මිදෙනුවස්
හීයෙන් දෙපළු වුණු ඇපලක්
හා කාරනු හැකිද



Sunday, June 5, 2016

අරුමයක කරුමය


නෙත් පැහැරගත්
නුබේ සියුමැලි
වතේ රස්නය
පරදන
පුසුබක මනොහරය
කියපාන රුවේ අරුමය
අකුරු කරගත නොහි
තැවෙන කරුමය


Tuesday, May 31, 2016

නෙතග




දුටු විටෙක
නිල්වන් නුබේ නුවන්
හද
හිල්කරන හී සැරය
නෙත් කොනෙන් නුබ  බලන
හද දවන ගිනි මැලය
සිත
ත් කරන
නිතබ සිබින නීල වරල
හද දවයි

අකුණු සැරය

Sunday, April 10, 2016

සිගිති පාතාලේ ප්‍රසිද්ද වෙමුද ලල්ලාලේ




ප්‍රසිද්දිය මදිද ??  බැරි මරගාතේ රැප් කරන්න ගිහින් දිව විකි චෝර වූ අයෙක්ද එන්න ආචාර්යේ වීරකොන් මහතාගේ ප්‍රසිද්ද වීමට නවතම රහස් වෙළුම් අංක 1 කියවන්න

ගොඩ දෙනෙක් ආසා කරන දෙයක් නෙහ්  ප්‍රසිද්දිය හොරෙන් දොර දිහා බලබල සදලිට ආදරේ කරන මල්ලියා ඔන්න ගිය මෙන්න ගියා අමාරුවෙන් ආඅං ආආආආආ ගාන අයියේ එන්න ප්‍රසිද්දිය එක්කම රටට වැඩක් වෙන දෙයක් කරමු.

ගත පිච්චෙන රස්නය දහඩිය සමග සිතට වද දෙන කේන්තියට අපේම සහෝදර වරු ආරම්බ කරපු green challenge ගැන මම මුලින්ම ඇහුවේ බුකියෙන් මට හම්බ න නිරහන්කරම චරිතයක් උන මොහොමඩ් ෆර්ෂාන් අයියගෙන්





රැල්ලක් නෙමෙයි කැරැල්ලක් කරමු කැරැල්ලේ නියමුවන් වෙන්නයි ඔබට මේ ආරාධනය..කැරලි කාරයන්ට කැරලි නියමුවන්ට අම්මවත් විකුන්න දගලන ගොසිප් සයිට් කරන මාමලා අතාරින්නෙ නෑ කියල මෙහ දවස් වල උන සිදුවීම් වලින් ඔබ දැටනමත් දැනුවත් වී හමාරයි.

හිටෝමු ගස් වත්ත හතර අතේ..
ඉඩ නැද්ද වත්තේ එහෙනම් නව යොවුන් දගකරකමට ලැදීම සිත හරොමු තවත් කුපාඩි වැඩකට..ගැහියන් කල්ලි 3න් 4ර දෙනා.අතාරින්න එපා හිස් ඉඩම් ඉඩ තියෙන පාරවල් අයින් සෙට් වෙයන් හවසක රෑක පැනපන් වත්තට හිටෝපන් ගහක් කුපාඩි කමට.අනුන්ගේ වත්තක හොරෙන් හිටවා පැලවෙන ගසක අසිරිය විදගනින් ඒ ගමන් ගනින් සෙල්ෆියක් දාපන් බුකියන නැගල යන හැෂ් ටැග් එකක් එක්ක..

කතා කරපන් යාළුවන්ට කරපන් චැලේන්ජ්.අල්ලපන් ඔට්ටු හිටෝපන් ගස්..

හිටෝන ගස් වලට වතුර දන්නේ කොහොමද
දෙන්නම් එකටත් විසදුමක්





The Mega Bottle Theory
=================
වියලි කාළගුණයක් පවතින සමයේ සිටුවන පැලයකට නිතර ජයල සැපයීම ඔබට ගැටලුවක් නම් මෙම ක්‍රමය අත්හදා බලන්න.

අවශ්‍ය වන්නේ ප්ලාස්ටික් මෙගා බෝතලයක් සහ පහන් තිරයක් තරමේ රෙදි කඩකි.

මෙගා බෝතලයේ පතුලේ කුඩා සිදුරක් විද එම සිදුර තුලට රූපයේ දැක්වෙන පරිදි රෙදි කඩ ඇතුලු කරන්න. පැලයේ මුලට ආසන්න වන ලෙස බෝතලයේ යට කොටස වල දමන්න.

එයට පුරවන ජලය දින කිහිපයක් තිස්සේ සෙමින් ශාකයේ මූල පද්ධතිය අවට පුදේශයට කාන්දුවීම නිසා ශාකයට දිනපතා ජලය සැපයීමක් අවශ්‍ය නොවේ.

දින කිහිපයකට පසු නැවත බෝතලය පුරවන්න.

උපුටා ගත්තේ © @Neo Rain
                                  


ගස් වැද්දෝ කපපු දෙන් පෙළපාලි ගිය පොස්ට් තොග පිටින් ෂෙයාර් කල අපි පිය නගමු ඊලග පියවරට හිටෝමු උන්ට කපල ඉවර කරන්න බැරි තරම්..අපේ ගහක් කපන්න ආවොත් අඬගහමු මර්වින් මාමාට හිටවමු උන්වත් එතනම..



 අපි රකිමු අපේ රට ගස් පාලුවන්ට බම්බු ගහගන්න කියමු නොවන්නට කළු දිනක් රකිමු ලක් මෑණි දිවි දෙවෙනි කොට..

Friday, April 8, 2016

ඇය මාගේ මිතුරියයි




ගසමින් මගේ ඔළුවට
 ආදරෙන්
පිස්සුද මෝඩයෝ
මැරෙන්නද හදන්නේ
කියයි නිතරම
රස කැවිලි සේම
රෝස්වුනු ඇගේ  කිරි ටොපි
කෑ යුතුමයි ඇගේ පොරයට
හුරමින් උර තලයම
නගන ඇගේ කිචි බිචිය
පරයයි හෙළ රැප් කලාවම
හපමින් හුරමින්
ගතු කියන,
සැමදාම
ඇයයි මගේ මිතුරිය
ආදරේ කරනා
 සැමදාම

Thursday, February 4, 2016

෴ගාලු මල්ලි෴




අද කියන්න යන්නේ මගේ යාළුවෙක් ගැන නෙමෙයි මගේ සමානයා ගැන..


සම්පුරන නම :-YDK
පදිංචිය :-බැද්දගාන පිටකෝට්ට
පාසල :-ගාල්ල ඇලෝසියස් විදුහල සහ කෝ මහානාම විදුහල
අධ්‍යාපනය :-ගණිත අංශයෙන් උසස් පෙළ සහ විදේශීය විශ්වවිද්‍යාල
පවුලේ විස්තර :-අම්මා තාත්තා මල්ලි එහා ගෙදර නංගි උඩගෙදර අක්කා
ක්‍රිඩා :-ක්‍රිකට්..දක්ෂ කඩුලු රකින්නෙක් සහ ප්‍රහාරාත්මක                                පිතිකරුවෙක්
විශේෂ හැකියා:-ඉටියෝපියාවට ගිහින් දැනමත් විනාඩි 5 කින් යාළුවෝ                            5ස් දෙනෙක් හදාගනි..එක ගෙදර අක්ක නංගි                                          දෙන්නටමඑක පාර මට්ටු නොවී ලවු කිරීම
මා දකින දුර්වලතා :-අවංක වැඩි..අදරේදී සංවේදී වැඩි

මූව මට හම්බ වෙන්නේ සිසිසත්වේ පාස් වෙලා කොලබ මහානාම විදුහලට පය තිබ්බ දවසේ..ලකුණු 157 අරගෙන මම පානදුරෙන් කොලබට යනකොට මේ උලමා ගාල්ලෙන් මෙහෙට ආවේ..ඒ ආවේ අනිත් උන් යන්න පොරකන ගාල්ලේ ඇලෝසියස් විද්‍යාලයේ ඉදලා..මූ කොලබ ඉස්කෝලෙකට යන්න ඕනි කියල නහයෙන් අඩපු නිසා මුගේ ගෙදර අයටත් සිද්ධවෙනාවා කොලබට නුදුරෙන් ගෙයක් අරන් පදිංචියට එන්න..
අපේ ඉස්කෝලේ තිබ්බ ගස්මරු පෙති තෝරු වගේ අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරන සිස්ටම් එකක්..ඒ දවස් වල එකටඅවුල් උණාට දැන් එකේ අගේ තේරෙනවා..මොකද සෙක්ෂන් එකේ හිටිය (329 - 36) දෙනා එක්කම එක අවුරුද්දක් හරි බත් පතබෙදන් කාල තියෙන නිසා..ඉන්ග්ලිස් මිදියම් පන්තියේ හිටිය 36 වෙනම .අනිත් 293 එවරෙඩි..ඉතින් ඕකෙදි 6 ඩි එකට හිටිය අපිඅයිත් හම්බ උණේ 9 යෙදී..අයිත් 10 11 මගේ ඉස්සරහ හිටපු එකා..
ඇත්තටම 10 දී තාමා ෆිට් එක ඇති වෙන්න පටන් ගත්තේ..මට සමිති සමාගම් පිස්සුව ගහල තියෙනකොට මුට ක්‍රිකට් පිස්සුව..
පැක්ට්‍රිස් ඇතා නැතා කොල්ල උදේ පාන්දර පන්තියට කලින් යන්නේ පැවිලියන් එකට..කොල්ලගේ පොත් බෑග් එක වැරදුණත්අතේ ගෙනියන වතුර බෝතලයක් තිබ්බ 

මෙන්න මේ වගේ නිල් පාට එකක්



උඩ තියෙන එකට කිට්ටුවෙන් යන එකක..කෙල්ලෝ පොත් ටික තුරුල් කරන යනවා වගේ මූ එන්නේ ඕක තුරුල් කරන්..
ඇවිදින්න තැනක් නැතිම උණ වෙලාවට පන්තියට යන්න පුරුදු වෙලා හිටිය මට එහෙම පන්තියට යන හැම දවසකම ඉන්නතැනක් නැතිව පන්තියට එන මූව හම්බ වෙන එක අනිවාර්ය සිදුවීමක්.
මට වගේම ගාලු මල්ලි නැත්නම් දරේට පුස්තකාලේ ඉන්න වෙලාවක් කලාවක් ඕනි උණේ නෑ..දවස තිස්සෙම පුස්තකාලේ ටැග්ගැහිලා ඉන්නකොට ඕනිම එකෙක් ගෙන් දකින ගුරුවරු මොකක්ද පන්තිය මොනවාද දැන් තියෙන්නේ අහන එක සාමාන්‍යදෙයක් උණාට ගුරුවරු හිතන් හිටියේ අපේ පන්තිය පුස්තකාලය කියල.
අපි දෙන්නටම පුස්තකාල කාර්ඩ් එකක් තිබ්බේ නෑ..ඌ පොත් ගෙදර ගෙනියන්නේ නැති නිසා කාර්ඩ් එකක් නෑ කාර්ඩ් දීලාපිරිමහන්න බැරි නිසා මට කාර්ඩ් එකක් නෑ..මම දවස ගානේ පොතක් ගෙදර ගෙනිච්චා..ඌ දවස ගානේ පොතක් ඉස්කෝලෙදි කියෝලා ඉවරකලා.
මූට තිබුණා අපල 2කක්
සංගීත අපලෙකුයි ක්‍රිකට් අපලෙකුයි..හැබැයි එක හොයාගත්තේ කේන්දර බලන කෙනෙක් නෙමෙයි ඇති ගෞරවණීය මම තුමා..මේකා බෙල්ලේ එල්ලන් හිටියා පෙන්ඩන්ට් 2කක් උඩ පින්තුරේ පේනවා වගේ ගිටාර් එකකුයි ක්‍රිකට් කරයෙකුයි..ඕක විනයා දැකලා මූව අල්ලන් හිටිය දවසක ඔතනින් යද්දී මම ඇහුව මොකෝ තෝ අද මෙතන මුරද කියල එවෙලේ මේකට අරූඇල්ලුවා බන් කිවුවම මම තුමාගේ උපදේශය උණේ ඔකේ] තියෙන ගල් කෑල්ල පෙන්නපන් අරුට අපලෙකට කියහන් දාලතියෙනේ අම්මගෙන් ලියුමක් හෙට ගේන්නම් කියපන්..විනයා ගේ වික් පොයින්ට් මම තරම් හොදට වෙන කවුරුවත් දන්නඑකකක් යෑ..

සිස්සත්වෙට වගේම අපොස සාමාන්‍ය පෙළ විබගයටත් එකම සමාර්ථය එකම විෂයන් වලට එකම විදියට තමා අපිටලැබුණේ..ඉංගිරිසි හෝඩියම නෑ ජාති 2කකින් තාම තියෙන්නේ A සහ C මම C ගත්ත විෂයන් දෙකටම උටත් C.

ඔහොම කළේ ගෙවිලා උසස් පෙළටත් ආවා..අපි දෙන්නම එකම විෂයක් කරමු, උබ කරන නිසා මාත් කරනවා වගේ කිසිම පෙර සුදානමක් අපි දෙන්නගේම තිබ්බේ නෑ..සුපුරුදු පරිදි 1 වෙනි දවසෙම පරක්කු වෙලා අලුත් පන්තියට යනකොටම පිටිපස්සෙන් ආවේ මූ..මම එදා මුගෙන් අහපු පළවෙනි වචනේ අපෝ තොත් මේකේද? ඌ දීපු උත්තරේ නොදකින් මේ අවුරුදු 2කත් ඉවරයි..කිසිම වෙනසක් නැතිව 1 වෙනි වාර වගේම 2වෙනි වරත් අපි දෙන්නම එකම සමාන සමාර්ථය බැගින් ලැබුවා..පොදු පරික්ෂනෙවත් ලකුණු වෙනස් නෑ.

බ්‍රයිටෝ ඉදිරි පෙළ ක්‍රීඩා කරද්දී පිස්සු කෙළින උන් පිටුපසට යද්දී මැද ඉන්නේ සාමානයෙන් වැඩ කරන උන්..මොන පිස්සුද මොන පොතේ ද එහෙම තියෙන්නේ..මැද පේළියේ ඉන්නේ ලෝක ආණ්ඩපාලයෝ..පිස්සුවක් කෙලන් ආරක්ෂිතව ඉන්න හොදම තැන මැද පෙළ..අවුරුදු ගණක අද්දැකීමෙන් කියන්නේ..
පන්තියක කොහෙන් සද්දයක් ඇහුනත් මොන වැරැද්දටත් අල්ල ගන්නේ පිටිපස්සේ පේළියේ එකෙක්ව..පිටි පස්සේ ඉන්නේ වැඩ කරන්නේ නැති ළමයි කියල මේ සමාජේ කියමනකුත් ගොඩනැගිල තියෙනවා නෙහ්.ඉස්සරහ පේළියේ වැඩක් නොකර ඉන්න බෑ නෙහ්..එන හැම ගුරාම හොම්බ දාන්නේ උන්ගේ පොත් වලට නෙහ්..එතන හරියන්නෙත් නෑ..ඒ වගේම මැද පේළියක එකෙක් අඩු උණාට මිස්ලට නොට් වෙන්නේ නෑ..මොකද ගොඩක් දාට අපි ෂොට් ලීව් නෙහ්.ඉතින් අපි දෙන්නගෙම වසා භවන මැද පෙළ.හැබැයි අපි දෙන්න එක ළග නෙමෙයි හිටියේ පන්තියේ ඉන්න වෙලාවට..වෙන හේතුවක් නෙමෙයි එක ළග දෙන්නෙක් අඩු උණාම හිස් තැන ලොකුවට පේන නිසා..
මුගේ ලෝකේ වීරයා වගේම උගේ ආදර්ශය..ගැලුවා හොද කීපර් කෙනෙක් වගේම සංගා වගේම හොද තාක්ෂණික පිතිකරුවෙක්



ඔහොම පිස්සු කෙළ කෙළ ඉන්න කොට අපි දෙන්නටම ආදර සම්බන්ද තා එහෙම තිබුණා..ඔන්න ඔය කළේ මූ ගෝතමී එකේනංගි කෙනෙක් එක්ක යාලු වෙලා හිටිය..වයස දන්න නිසා නංගි කිවුවොත් ඇරෙන්න නැත්නම් නංගි කියන්න බෑ..2යි 4රෙ කැල්ල..කොණ්ඩේ කපල හරි ලස්සනයි.
මුගේ අනිත් විශේසේ ගොඩක් කොල්ලෝ කොණ්ඩේ දිග කෙල්ලන්ට කැමති උණාට මූ ආස කොණ්ඩේ කොටට කපපු කෙල්ලන්ට..පැටලෙන්නේ නෑ කටේ යන්නේ නෑ ඔන්න ඔය වගේ සාධාරණ හේතු වගයක් මූට තිබ්බ.අනිත් උන් කෙල්ලෙක්ගෙ සුකොමල බවට ආශා වෙනකොට මූ ආශා කළේ හැඩි දැඩි බවට..ස්පෝර්ට්ස් කරන කෙල්ලෝ මුගේ ප්‍රියතම..හැබැයි එකේ හොදෙකුත් තියෙනවා පියරු තට්ටු පිටින් උලන් ඉන්න කෙල්ලන්ට වඩා කට්ට කාගෙන අවුවේ ඉන්නපුළුවන් කෙල්ලෝ සුපිරි..උන්ට ඉක්මනින් හති වැටෙන්නේ නෑ පහුරු ගාලා පිට හම යවන්නේ නෑ.අපි වගේම ගොඩක් වෙලා විකට් එකේ ඉන්න පුළුවන් ටෙස්ට් නම් ටෙස්ට් ටි 20 පවර් ප්ලේ ඕනෑම එකක සෙල්ලම් කරනවා නොවෑ..මූ කිවුවට මමත් විශ්වාස කළේ නෑ අද්දැකීම විදිනකන්..බය නැතුව කියන්න පුළුවන් අද්දැකීමෙන් දන්න නිසා..
දැන් ගෝතමී නංගි ඒ වගේ හොද හැඩිදැඩි කෙල්ලෙක් ඔන්න දවසක් ඒකිගේ 4න් එක වැඩ කරන්නේ නෑ කියල දෙන්න එක්කෂෝර්ට් ලීව් එකක් එහෙම දාලා 1.30 වෙද්දී බොරැල්ලට ආවා.එකී එතනින් යන බස් එකක යන්නේ..ජිරාෆ් වගේ බෙල්ල දික්කර කර බස් වටේ කැරකිලා ඔන්න බස් එකකට නැග්ග මාවත් ඇදගෙන..සන්තුෂ්ටින් පරමං ධනං කියන්න කෙල්ලගේ 4න් එකතාත්තා කරය අත්අඩංගුවට අරගෙන..ඔය සිදුවීමෙන් දවස් 3කට 4කට පස්සේ කොල්ල කියනවා
මචං අරකිගේ තාත්තා හම්බ වෙන්න ඕනි කිවුවා යමන්ද කියල..
ඕක අහන්නත් දෙයක්ද බන් දවසක් සෙට් කරන් මට මැසේජ් එකක් දැන්මනම් මම එනවා නෙහ් බන් කිවුවා..මොකද කෙල්ලගේතාත්තා නෙමෙයි සියා කතා කළත් ගෙදෙට්ට ගිහින් කතා කරන්න මට වගේම ඌටත් හොද ගටක් තියෙනවා කියල මමහොදටම දන්නවා..
නෑ බන් මේක අනිත් ඒවා වගේ කෙස් එකක් නෙමෙයි කෙල්ලගේ තාත්තා එයාර් ෆොස් එකේ රෑන්ක් එකක් අපි දෙන්නව හක්කේ තියල සෙම අරි බුවා..
එහෙනම් අපි අම්මව හම්බවෙමු ඩැඩා ඩියුටි ඉන්න වෙලාවක, ඉසි පිසි වැඩේ ගොඩ ඇගටත් සනීපයි නෙහ්
යකෝ එකිත් එයාර් ෆොස් ම තාමා.අරකිගේත් ටර්ගට් එකත් කවදා හරි එයාර්ෆොස් එකට යන්න.ඕවට ගියාම කෙල්ලන්ට අපිව අමතක වෙනවා ක්ශනිකෙට ඒක නෙහ් මම මතක තියෙන ටිකේ පණ දාගෙන ලවු කරන්නේ..
හුකනවා දාල..මේ දෙන්නගෙන් එකෙක්ට හරි ප්ලේන් ලයිසන් තියෙනාවද...නිකන් විහිළුවට වගේ උබලගේ ගෙවල් උඩින් යනගමන් බෝම්බ කැල්ලක් දාලා අත්මරක්ෂාවට අතෑරියා කිවුවොත්..
තොට වගේ දවසක් කතා කළාම කෙනෙක් ගැන ඌවත් නොදන්නා ඒවා දැනගගන්න මෙවුවා එකක් නෑ මට..දෙන්නම හමුදාවේ කියල දැනගත්තෙත් මම ඊයේ..ගෙදර යන එක ඇගට හොද නෑ..කොහෙට හරි එන්න කියල හම්බ වෙමු..
ඊට පස්සේ අපි බැලුව අපේ ආරක්ෂාව උපරිම තියෙන තැනක්..
කොල්ලුපිටිය ඉස්කෝලෙට චෝර වෙන්න පුළුවන් දෙහිවල බැකප් එකට අපේ උන් වෙනම ගෙනියන්න වෙනවා කොටුව හොදයි සෙනග වැඩි..නුගේගොඩ..සුපිරි
කොමර්ස් උන්ට ක්ලාස් තියෙන දවසක් බලල වැඩේ ගළපමු..මැත්ස් බයෝ දෙකේ ඉන්නේ පිස්සු කෙලින හරිම ටිකදෙනයි..හදීසි වලියකට උන්ගේ සහය පතනවට වඩා හොදයි කකුල් දෙකේ පිහිට පතන එක..මොකද ටික දවසකට කලින් පන්තියේ වලියක් ගියා ප්ලැටුන් එකෙන් ඇවිත් එකෙක්ට නෙළුවා..දෙගොල්ලොම යාළුවෝ වෙච්ච අපි බේරන්න මැදට පැනල දෙපැත්තෙන්ම ගුටි කනකොට පන්තියේ උන්නම් ගම් දාල ලියුමක් ලියල පිනාට දෙන්න රණ්ඩුව නිසා උන්ට ඉගෙන ගන්න බෑ කියල අන්න එහෙම පොන්න හැත්තක් හිටියේ..
එක නිසා කොමර්ස් උන්ගේත් සප් එක ඇතිව දවස තීරණය උණා..
ප්ලැන උණේ කොමර්ස් එකේ උන් ටික ස්කුල් බස් එකේ ගිහින් ගුවන් පාලම අවට තැන් තැන් වල ඉන්නවා..අපි දෙන්න ඊට පිටිපස්සේ බස් එකේ ඇවිත් බුවාට ටෝක් කරනවා ගේම නම් ගේම සාමේ නම් සාමේ කියල කට්ටිය ඇලර්ට් එකේ ඉන්නව..
සරසවිය ඉස්සරහින් අපි බැහැලා දුන්න බුවාට කෝල් එකක්..බුවා පොඩ්ඩක් ඉස්සරහ ඉදන් අත වැනුවා..මොනවා උණත්අන්කලය ජෙණුවින් ඌ තනියෙන් ට්‍රෙලක ඇවිත් තිබ්බේ..අපේ එකාගෙන් ඉන්නේ කොහෙද අම්ම මොනවාද කරන්නේ අහන්නේ නැතුව බුවා ඒවා හොයන් ඇවිත් තිබ්බේ.
පුතා මේක දිගටම කරන් යන්නද හිතන් ඉන්නේ.
ඔවු අන්කල් තාත්තේ කියපන් කියල මුට මගින් මගටම කියලත් අන්කල් ගෑව කියන්නකෝ
එයා, එයාර් ෆොස් යන්න හිතන් ඉන්නවා කියල ඔයා දන්නවාද
ඔවු අන්කල්
එකේදී මුල් අවුරුදු (කීයක්ද මන්දා කිවුවා) බදින්න බෑ ඒ වෙනකොට මේක නවතින්න පුළුවන් එහෙම හිතෙන්නේ නැද්ද..
යකෝ දුවත් එක්ක තියෙන ඇෆයර් එක නවත්තාපන් සුදු වෑන් එවනවා අයිත් අහුවෙන්න එපා වගේ සුපුරුදු වදන් ටික බලාපොරොත්තුවෙන් ගියාට මූ ඇවිත් තියෙන්නේ කේන්දර බලන්න නෙහ්
අන්කල් මගේ ටර්ගට් එක නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන එක දැනටත් මම ******* ක්ලබ් එකේ සෙල්ලම් කරනවා.ඉතින්මටත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් බදින්න නම් බැරිවෙයි අපේ  එකා දුන්න රජ ටෝකක්
හරි ඔයා ඔයාගේ ටර්ගට් එකට යන්න එදාට මම ඔයාව හොයන ඇවිත් දුවව දෙන්නම්(ටර්ගට් එකට ගිහින් ඊළගට වරෙන් ගෑනු ඉල්ලන්න නික්ම වගේ එකක් මම බලාපොරොත්තු උණේ)එතනක් තැන් තැන් වල ඇවිදින්නවත් දෙන්නගේ අධ්‍යාපනේ නැතිකරගන්නවත් බෑ..එහෙම උණොත් මේ පොරොන්දුව අවලංගුයි..දුවව හම්බ වෙන්න ඕන නම් අපි ඉන්න දවසක ගෙදෙට්ට ඇවිල්ල කතා බහ කරන්න අපෙන් කිසි බාධාවක් නෑ .ඒ වගේම දැන් ඔයා දුවට කතා කරලා කියන්න අපි කතා උණ ටික
මගෙන් වත් 4න් එක නොයිල්ල මූ පැනපු ගමන් කියපි අන්කල් 4න් එකේ කෙර්ඩිට් නෑ කියල..
ආ මගේ එකෙන් ගන්න ගෙදර නොම්බරේ පුතා දන්වා නෙහ්.
ගෙදර එකෙන් රිංග්ස් යනවා උස්සන පාටක් නෑ..
අන්කල් 4න් එක අන්සර් කරන්නේ නෑ නංගි නිදි ඇති නැත්නම් හෙඩ් 4න් එක කනේ ගහගෙන ඇති කියල..(තාත්තාට වඩා අපේ එකා දන්නවා දුව ගැන)
ඊළගට මූ මුගේ 4න් එකෙන් නොම්බරයක් හොයල කෝල් එකක් ගත්තා අරන් විස්තර ටික කිවුවා..කියල අන්කලයට 4න් එක දුන්න..
එයාගේ 4න් එක ඇන්ටි ඊයේ ගත්ත නේහ් පුතා ඔයා මොකටද කතා කළේ..ඊයේ හවස මම තව එකක් ගිහින් දුන්න අන්කල් කියල මූ කිවුවා..
අපේ උන්ටත් පරක්කු වෙන නිසා සකච්චාව එතනින් නවත්තල එන්න ඕන උණේ මට නම්, ඇයි හත්වලාමේ අරුන් පන්ති යන්න එපෙයි..එහෙම කියල අපි එහෙනම් ගිහින් එනම් අන්කල් කියල මම කියද්දී අරූ පැනපු ගමන් අන්කලයට වැන්දා දනගහල
හොදට ඉගෙනගනින් පුතා කියන එකත් අහගෙන අපි එන්න හැරුණ අන්කලයා බයිසිකලේ පැත්තට ඇවිදන් ගියා..
විනාඩියක් දියන් මචං කියල මු ඒ පැත්තට ගියා..එක පාරට මොකද උණේ කිස් එකක් වත් දෙන්න හිතිලද කියල මමත් හැරුණාඒ පැත්තට..ගිය පයින් මූ ආවා..
අන්කලයට වැන්ද එකට සෙට් එකෙන් ඇති වෙන්න බයිටුත් වෙලා කට්ටියට ස්තුති කරලා පිටටත් කරලා අපි දෙන්න බස්ටෑන්ඩ් එක පැත්තට ආවා..එන ගමන් ඇහුව උගෙන් මොකෝ බන් හදිස්ස්යේම අයිත් දිවුවේ කියල
නෑ බන් අන්කලය පාවිච්චි කරන්නේ මම කෙල්ලට දීපු 4න් එකක් එකේ කපල් පැකේජ් එකක් තිබ්බේ ඉතින් මට එක සිම් එකකින් වැඩක් නෑ නෙහ් ඉතින් අනිත් එක ඉල්ලගන්න පුළුවන්ද බලන්න ගියේ බැරි නම් මගේ එකත් ඌටම අපහු දෙන්න ඒ මුසලයා එක කඩලා නෙහ්..කිවුවා..
එච්චර දැහැමින් කතා කරපු බුවා ගෙදර ගිහින් කෙල්ලට ඊයේ හවස දුන්න 4න් එකත් අරන් තිබ්බ..ඊට ටික කාලෙකට පස්සේ මූටත් කෙල්ලව එපා වෙලා ඇෆයර් එක නැවැත්තුවා.නවත්තලා මාසෙකින් විතර මූ ගෙදර යනකොට ඩිෆෙන්දරයක් ඇවිල්ල මූගාවින් නවත්තල(සුදු පාට හිරුනිකා මොඩල් එකක් නෙමෙයි කළු එකක්)රටේ ලොකු පොරකගේ psd එකේ චිෆ්..ඌ කැල්ලව දාගෙන.ඒක කියල යන්න ඇවිල්ලා.. සද්දේ දාලා යන්න ආපු එකාත් ඕන කෙස් එකක් තියෙනවා නම් මට කෝල් එකක් දියන් මල්ලිකියල මුට නම්බරෙත් දීලා ගිහින්..ඊට ටික කාලෙකට පස්සේ මම උන් එක්ක බෝතලේකුත් ගැහුවා.ගාලු ට කතා කරලාතියෙන්නේ ඌ ඉතින් බොන එකෙක් යෑ ඌ මාව ඇදන් ගියා මම බිවුවා ඌ බයිට් ටික කෑවා.

තව මුට තියෙනවා අමුතු ප්‍රේර්මේකුත්.ගොඩ දෙනෙක් පතන ප්‍රේමේ අවසන් පලේ විවාහයට උන් දෙන්නම කැමති නෑ.සෙක්ස් රිලේෂන් ෂිප් එකකුත් නෙමෙයි.උන් දෙන්නට දෙන්න නැතුවත් බෑ.ෆ්‍රෙන්ඩ්ෂිප් විත් බෙනිෆිට් වුත් නෙමෙයි.එකෙක් හරි වෙන කෙකෙන් එක්ක කතා කරන එකත් ඉවසන්න දෙන්නටම බෑ.හැබැයි දෙන්නම අනෙකාව තමන්ගේම කරගන්න කිසි කැමැත්තක් නෑ..කරන්න තියෙන හැම මගුලම කර කර උන් දෙන්න අතල් එකේ ඉන්නවා..දෙන්නට දෙන්න හොරෙන් හොර කොටුත් පනිනවා..එයාගේ නංගි එක්කත් මූ යාලු උනා..අක්කවයි නංගිවයි ගානට බැලන්ස් කරන කොල්ල රන් එක දුන්නා විහින් මට්ටු වෙනකන්ම..
ඒලෙවල් කෙමෙස්ට්‍රි දවසේ MCQ පේපර් එක ලියල මම බැලුව මූ දිහා(බුවා මට අල්ලපු පුටුවේ) ඉන්නවා උඩ  බලාගෙන රිසක් එකක් අරන් උත්තර පත්‍රය දැන්මා බුවාගේ මේසේ උඩට හෙන අමාරුවෙන් මෙහ පැත්ත බලල මු කියාපි
මචන් අරකි අද දවසටම කෝල් කලේ නෑ කියල
රවුමට රවුමට ඇවිදින මිස් නොහිටින්න මම ඌට අම්මගෙන් බීපු කිරි මතක් කරනවා..උලමා..

කෙල්ලෙක් හින්ද විබාගේ වගේම අවුට් ඔෆ් ඇටෙන්ෂන් නිසා ක්‍රීඩා ජීවිතේම නැති කරගත්තා

බුවාගේ ඊලග ප්‍රේමේ තමා මහා මුහුද..ඌ මුහුදට අසයි..නාවික හමුදාවේ ඉදන් මාළු බෝට්ටුවට වෙනකන් අඩන ගියා මම මූව හැබැයි මුල් දවසේ තියෙන උනන්දුව පහුවදාට නැති කරගන්නවා..
ඒ හැමදේටම මම අදටත් බනින්නේ කෙල්ලෝ 2න්නෙක්ට.
එක්කෙනෙක් මුගේ අමුතු ප්‍රේමේ..
අනික මුගේ සදාකාලික ප්‍රේමේ..
මගේ වගේම අක්කා කෙනෙක් හම්බන්තොට පැත්තේ..මූ බොක්කෙන්ම ආදරේ කලේ ඒකිට..එකී මුට ආදරේ කලාවැඩි..මුගේ අමුතු ප්‍රේමේ ගැන එකී දැනන් හිටිය දෙන්න එකට ඉන්න වෙලාවල් වලට අමුතු ප්‍රේමේ අවන කෙටි පණිවිඩ වලට උත්තර බැන්දෙත් එකී වෙන කෙනෙක් උත්තර බැන්දේ කියල හොයන්න බැරි වෙන්නම එකී මුගේ style එක වචන තේරුම් අරන් තිබ්බ්බා.එකී කවදාවත් මේක අදින් නවත්තාපන් කිවුවේ නෑ..එක එහෙම එක පාර නවත්වන්න බෑ කියල එකී දැනන් හිටිය මුට ආදරේ කරන ගමන් එකී ඇති වෙන්න කල් දුන්න..අන්න ඒ කාලේ මූ ප්රෝයෝජනයට ගත්තේ නෑ දෙන්නම තියන් ඉදිය මිසක්..ඒකිගේ ඉවසීමේ සීමාව පනිනකන්ම..ආදරේ කළා කියල මුට එච්චර නිසදහස්ක් දීපු නිසා තාමා අද ඌ දුකින් ඉන්නේ අන්න එකයි මම එකිටත් බනින්නේ..
ඌට දුක්වෙන්න එපා කියන්නවත් අමතක කරපන් කියන්නවත් විදියක් නෑ මට මොකද ඒ දුක මම හොදටම දන්න නිසා ඒ දුකෙන්ම මාත් පෙලෙනවා කියල ඌ දන්න නිසා 

උගේ තනි රකින පර්ශියන් සුරතලා