Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 21, 2015

සමාජෙට බම්බු ගහපන්



මේක ගැන ගොඩක් දේවල් බස්සි අක්ක ලියල තිබ්බ මෙතනින් ගිහින් මෙතනින් ගිහින් එකත් බලලම එන්නකෝ නොබලපු 


පනින්ට පෙර සිතා බලන්න..අර්ථ ගණනාවක් ලැබෙන ඉගි වැකියක් උනත් මම දකින්නේ මේකේ තමන්ට ලැබෙන නොලැබෙන දේ ගැන හිතපන් කියන එක..හැබැයි ගොඩදෙනෙක් මේකේ බලන්නේ මේක කලොත් අරය මොනවා කියයිද මෙය කොහොම දකීද කියන එක..මම මේක ගෙන වත්පොත ඇසුරෙන් පොඩි සමීක්ෂණ පාරකුත් කලා..මගේ උන් ගැන සමීක්ෂණ ඕනි නෑ උන් ගැන මම දන්න නිසා හොයා ගත්ත මම දන්න සහ මන් ගැන ඇතුලත් කරලා ලියන්නම් මේක..

මගේ පොඩි කලේ හීනෙ උනේ බුමිතෙල් කරෙත්තේ දක්කන්න..පොඩි කලේ කිවුවේ එලවන්න කියල..ඒ දවස් වල දැක්ක හරි නිදහස් ජිවිතයක් එක..අනිත් රැකියා ගැන ඒ කලේ හරි හැටි දැනුමක් නෑ නෙහ් ජොබ් එකක් කිවුවම හිතේ මැවෙන්නේ ටයි පොල්ලක් දාගෙන බැග් එකක් එල්ලන් උදේ ගිහින් හවස එන ජොබ් නෙහ්..මට ඕනි උනේ නිල ඇදුමකින් තොරව නිදහසේ ඇවිදින්න

මුහුණු පොතේ එක මිතුරියක් අසා උනේ බස් කොන්දොස්තර වරියක් වෙන්න ලු..
මගේ හොදම යාලුවෙක්ට ඕනි උනා පොඩි කාලේ හරක් පට්ටියක් දන්න.උගේ වචනෙන් කියනවනම් උදෙන්ම කිරි ටික ගත්තා කොහෙට හරි දක්කුවම දවල් දවස අතල් එකේ ඉන්න පුළුවන් නෙහ් යාළුවේ අයිත් හවසට ගාල් කරන්න විතර නෙහ් තියෙන්නේ(ඒ දවස් වල ඌ දැකපු විදිය)
තව එකෙක්ට ඕනි උනා වින්කලයක් දන්න ගෙදර ඉදන් අතල් එකේ කරන්න පුළුවන් නෙහ් කියල..
තව එකෙක් ආස උනා නට්ටහාමි කෙනෙක් වෙන්න..බර උසනකොට ඇග ලස්සන වෙනවා බලපන්කො නාට්ටහමිලට තියෙන ෆිට්නස්
තව එකෙක් පේමන්ට් එකේ රෙදි විකුනන්න හීන දැක්ක

ඒ වගේ උදාහරණ ගොඩක් අතරේ ගොඩ දෙනෙක් ට ඕන වෙලා තියෙන්නේ දොස්තර ල ඉංජිනේරුවෝ එහෙම නැත්නම් බැංකුවක රැකියා කරන්න..හේතුව ලෙස ඔවුන් කියන්නේ පිළිගත්තා රැකියා කාර් බාර් අරන් සැපට ඉන්නේ වගේ ඒවා..එහෙම නැත්නම් අපේ තාත්තා ඩොකෙක් අම්මා ඉන්ජෙක් වගේ ඒවා
ඇත්ත සැපට ඉන්න පුළුවන් කලයුතු කැපවීම ඇති මහත්..
එහෙම හිනා දැකපු අයගෙන් කිදෙනක් ඒ තත්වෙට අද ලගවෙලා තිඑයන්වද කියල ගත්තාම ප්‍රතිපලය 3% වගේ පොඩි අගයක්..ගොඩ දෙනෙක් සබ්ජෙට් අමාරුයි බන් එහෙම නාහ්නම් උපේ අසමත් වගේ කරන නිසා කගේ හරි යටතේ වැඩ කරන මාසික වේතනයෙන් සැනසීමකට පත්වෙන්න සිදුවුණ ය වෙලා..

හේතුව අපි පස්සේ කතා කරමු දෙන හැරෙමු මුලින් කිවුව කාන්ඩේ දිහාවට..

ඒ කියන්නේ සමාජෙන් අති උසස් යයි සම්මත රැකියාවලින් ඔබ්බට හිටපු අය දිහාවට..
බුමිතෙල් කරත්තයක් දැක්වීම නට්ටහාමි කෙනෙක් වීම බස්කොන්දොස්තරවරියක් වීම වින්කලයක් දමාගැනීම හරක්පට්ටියක් දාගැනීම
වැනි දේවල්

සමාජෙට අනිවා පහත් රැකියා ඇයි පඩි අඩුයි ලු පිළිගැනීමක් නෑ ලු හැබැයි උබල කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් හිතල බලල තියෙනවද?
මම පේමන්ට් එකේ බිස්නස් කරන උන් එක්ක එකට පේමන්ට් එකේම ඉදන් කොත්තුව බෙදාගෙන කාලා තියෙනවා
බස් කොන්දොස්තර එක්ක එකට සිකරට් එක බෙදන් ගහල තියෙනවා..
වින්කලේ නැන්දා හදල දීපු කහට කෝප්පේ බිබී මාමා එක්ක දවසම කියෝ කියෝ ඉදල තියෙනවා..මාමා එක්ක ගල් බාගේ කඩන ගහල තියෙනවා..
හන්දියට පයින් යන වෙලාවට පොල්තෙල් ටැක්ටරේ (දැන් කරත්ත නැ නොවෑ ලෑන් මාස්ටරේට ටැංකිය පටෝගෙන පොල් තෙල් බෙදනේ) අයියගේ සීට් එක බෙදාගෙන පාරට ගිහින් තියෙනවා
බැංකු පිරෙන්න සල්ලි නැතත් සතුට උන්ගේ ගාව මදි නොකියන්න තිබ්බ..
කඩයක් දාගන්න තිබ්බනම් මාත් අසයි තාම බන් හැබැයි මට මෙහෙම දුකක් නෑ..කඩකුලි අරකුලි මේ කුලී නෑ.පොඩි ගානක් තියන් ඇති හැකි එකාගේ ඉදන් නැති බැරි එකටත් අපි බඩු විකුනනවා පොලිසියෙන් ඇවිල්ල මෙතනින් එලෙවුවොත් වෙනතැනක ලෑල්ල දාගන්නවා..
මොනවා නැතත් රෑට චයිනිස් පාරක් හරි කොත්තුවක් හරි ගෙනිහින් පොඩි එකට දීලා ඌ අසාවෙන් කනකොට මහන්සිය නිකන්ම නිවෙනවා බන්..අපිත් රෑට හොදට කනවා සීසන් කාලෙට බිස්නස් හොද කලෙට කාලක් අරන් ගිහින් හිමිට වගකියනවා රෝස් චිකන් කැල්ලක් එහෙම හපලා..

හැබැයි අර උසස් රැකියා කරන පිරිස හෙලවෙන්න වෙලාවක් නෑ බන් ඊලග මාසේ විබාගයක් තියෙනවා එක ගොඩ දාගත්තේ නැත්තම් අයිත් කල්පෙකට ප්‍රොමෝෂන් නෑ..මට හම්බ වෙන්න ගිය ප්‍රොමෝෂන් එක ගොට්ට අල්ලන එකෙක් කදගත්ත නෙහ් බන්
එහෙම නැත්නම් පොඩි එකාගේ ඉන්ටර්නැෂනල් ස්කුල් එකේ ෆීස් වැඩි කරලා කියල pp , ot කියාගෙන මැරෙනවා..

මම හම්බකරන්න එපා කියනවා නෙමෙයි..ජිවත් වෙන ගමන් හම්බ කරපන්..විදොලා විදොලා හම්බ කරලා ඇති පලයක් නෑ මට නම්..
සමහරු  ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න පුළුවන් දැන් මහන්සි උනාම කියල..යකුනේ උබල යන්නේ පාරවල් වල උබේ ආයුෂ උබ දන්නේ නෑ හෙට මැරිලා ගියොත් උබ ඒ ලෝකෙදිද විදින්න..යට හෝ උඩ ඉන්න ලොක්කට කියන්නද මම එහෙ හම්බ කරලා තියෙනවා ඇති වෙන්න උබ එයින් කොටසක් අරන් මට මෙහෙ ෆුල් මවලස් කරපන් කියලද..
එහෙම ක්‍රමයක් තියෙනවනම් කියපන් අපේ අල්ලපු ගෙදර ඉන්නවා මහප්ප කාරයෙක් දඩ කුනා උගේ එකවුන්ට් නොම්බරේ පාඩම් කොරන් මම ගිහින් යට ඉන්න ලොක්කට දෙනවා(මාව උඩට ගන්නේ නෑ කියල සුවර්)

ඕක කෙනෙක් දකින්න පුළුවන් එදා වෙලා හොයන කන පොඩි මිනිහෙක්ට ප්‍රශ්න අඩුයි කියල..හැබැයි මම දකින්නේ වෙනස් විදියකට
තමන් ලොකු මිනිහෙක්ද පොඩි මිනිහෙක්ද කියන එක තිරණය කරන්නේ රැකියාව නෙමෙයි තමන් මයි..තමන් දකින හීනෙ අනුවයි තීරණය වන්නේ තමන් කවර මිනිසෙක් වෙනවද කියල..


 හැබැයි  ලේසි නෑ තමන්ට ඕනි විදියට ඉන්න එක තමන්ගේ හීනෙ ජයගන්න එක..





තමන් හිතන ඩේ කියන්න කරන්න ගියොත් සමාජේ කරන ඩේ පින්තුරෙන් හොදට පැහැදිලි කරයි..

අනිත් අයගේ කීමට උබ ඩොකෙක් ඉන්ජෙක් උනොත් උබ හම්බ කරයි ගෙවල් දොරවල්ල් හදයි වහනෙකින් යයි(දැන් අහන්න එපා වෙන මොන වෙඩිමක් ද ඕනි කියල) උබ ජිවිතේ විදලද ඒකාලේ කරන්න තිබ්බ ඒවා කරන්න බැරි උනා කියල පසු තැවෙනවද..උබේ හිතෙන්ම අහල බලපන්...




හැබැයි උබ ජිවිතේ හොයාගෙන යන්න ගියොත් සමහර විට උබට කාර් එකක් මුලදී ගන්න බැරිවෙයි ලොකු දැවද්දක් එක්ක කෙල්ලෙක් එන එකක් නෑ.උබට හදවතින්ම ආදරේ කරන ඕනා කට්ටක් කන්න උබ එක්ක එන බය නැතිව මගේ ළමයින්ගේ අම්ම කියන්න පුළුවන් කෙල්ලෙක් ඉදි.එවෙගේම උබ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ ඇවිදලා තියෙයි..ඕන නගරෙක නමක් කියනකොට රසම කෑම තියෙන සයිවර් කඩේ හොදම කාමර තියෙන හෝටලේ ඕනෑ රෑක කොයි වන්නියක වාහනය කැඩුනත් කෝල් එකක් දීපු ගමන් උබව හොයාගෙන එන ඒ ගමේ යාළුවෙක් මුලුගමම ඇහැරවල හරි උබේ වාහනේ හදල දෙන යාළුවෙක් උබට ලංකාව පුරාම ඉදි..
උබේ ළමයින්ට කියන්න සුරංගනා කතා වෙනුවට උබේ කතා තියෙයි..

හැබැයි හීනෙ මගින් නතර කලොත් උබට හැමෝන හිනාවෙයි දෙගුණයක්




දැකපන් හීනෙ ලොකුවට..බුමි තෙල් කරත්තේ දක්කන්න නම් ආසා හීන දැකපන් මුළු ලංකාවටම බුමි තෙල් බෙදන්න..
මටත් තියෙනවා හීනයක්..
කලින් ලිපි යෙන් මම කිවුව මම ඉගෙනගත්තේ එකක් කරන්නේ තව එකක් කියල..ඉගෙන ගත්තේ ආසාවට..හැබැයි මම කරන්නේ මගේ හීනෙ..
හැබැයි මම වාසනාවන්තයි මොකද ගුරුවරියක් උන මගේ අම්ම උබ මෙහෙම ජොබක් කරන්න ඕනි කියල එකක් කවදාවත් කියල නෑ..
අනිත් කෙනා මගේ තාත්තා..කරන දෙයක් හරියට ඉගෙන ගෙන හරියට කරපන් කියල එයා හැමදාම කිවුවේ..
ඕනෑම තාත්තා කෙනෙක් තමන්ගේ පුතා තමන්ගේ ඔපිසියට අවාම තමන්ගේ පුටුවේ වාදිකරලා බලන්න අසා උනාට මගේ තාත්තා මට අසාවට ඒ පුටුවේ වැඩිවෙන්න දුන්නේ නෑ..අදටත් දෙන්නේ නෑ...උබ පුටුවක් අරන් වරෙන් කියල කිවුවේ..
අපි කරන සුරතල් මත්සය ව්‍යාපාරයේ එයා මුලින් දුන්නේ මට ටැංකි වටේ තණකොළ ගලවන්න ඊට පස්සේ දුන්න ටැංකි හෝදන්න
අවුරුදු 4කට පස්සේ තමා මම ඕඩර් එකක් හැඩ්ල් කලේ..
හැබැයි පඩි නැතිව වැඩ කල ඒ අවුරුදු 4ට මම සියලු දේ ඉගෙන ගෙන තියෙනවා මාළු එක්ක පිනලම...

මේ ෆීල්ඩ් එකේ අය නම් දන්නවා ලංකාවෙන් පිටට මාලුවෙක් යවන්නේ ෆාමර් ගේ කෝර්ඩ් එකක් එක්ක..පොඩි පොඩි තැන වලින් එකතු කරන
මාළු නම් අතරමැදියා තමන්ගේ නමට වගකිම් අරන් තමන්ගේ කෝඩ් එක ගහනවා.ගොඩක් මාළු දෙන කෙනෙක් නම් අතරමැදියෝ බොහෝ වෙලාවට ෆාමර් ගේ කෝර්ඩ් එක ගහන්නේ.. මොකද සියලු චෝදානා එන්නේ ඒ කෝර්ඩ් එකට නිසා..මේ ෆීල්ඩ් එකේ හොද අඩු නිසා.. පහුගිය අවුරුදු 3 පුරා මට පුළුවන් උනා කිසිම දෝෂයක් නැතිව ඉන්න..ඒ ගැන බයර් එවපු අගයකිරීමේ ලිපිය පස්සේ මේකට එල්ලන්නම් මම.මම හදන වර්ග මම හරියටම හදනවා හරියට බෙහෙත් හේත් පාලිත තත්ත්ව නිසි ආකාරයෙන් පවත්වගෙනන යනවා.
කවදා හරි මම දකිනවා හීනයක්, ඕනෑම ඔප්ෂන් එකකදී ඩිමන්ඩ් වෙන කෝර්ඩ් එකක් හදාගන්න..මම හදන්නේ ටිකයි මිලත් ටිකක් වැඩි මොකද ගුනත්මක බවෙන් ඉහල නිසා හදන ටික හරියට හදනවා..වැඩි මිලට කුණු කන්දල් විකුනන්නේ නෑ කවදාවත්..ලංකාවේ හොදම ෆාමර් වෙනවා මම කවදා හරි..ඊලග හීනෙ සිංගප්පුරුවේදී මම හැබැහින් දැකපු චිනේ ඇමරිකාවේ අන්තර්ජාලයෙන් දැකපු ලංකාවේ දැනට නැති සියලු විද්‍යාගාර පහසුකම් සහිත (ජාන ඉංජිනේරු තාක්ෂණයද සමග) ෆාර්ම් එකක් හදන්න..එක මම හදනවා 

හීනයක් තියාගනින් එක සුදුද කළුද වැඩක් නෑ.මොකද ඔය ජිවිතේ උබේ..හැබැයි ආසාව තුලින් දැකපන් හීනයක් එකේ හිනිපෙත්තටම යන්න..ගල් මුල් වැඩි මේ පාරේ පටන් ගන්නකොට හිනාවෙනවා හැමෝම..ගනින් ඒ හිනාවෙන් පන්නරය වැඩවලින් ගහපන් හිනාවෙන උන්ට රිදෙන්නම.. උබ දිනපු දාට හිනා උන උන් ඔක්කොම උබ ගාව දෙකට නැමෙනවා..

තමන් තමන්ට ඕනි කෙනා නැතුව වෙන කෙනෙක් වෙනකොට හැටි වැටෙන්නේ තමන්මයි වචන 1000කින් කියනවට වඩා ඒ කතාව පහල පින්තුර 2කෙන් තේරෙයි කියල මම හිතනවා




Friday, December 18, 2015

රැකියාවයි විනෝදයි


රැකියාව කියන එකක් හැමෝටම ඕනි නෙහ්...නුතන ලෝකයේ දෙන්න දෙමහල්ලන්ම රැකියා කලත් නිවසට වී දරුවන් බල ගන්න ගෘහනියන් නැතුවමත් නොවේ..හැබැයි පිරිමියෙක් නම් අනිවාර්යෙන් කුමක් හෝ රැකියාවක් කල යුතුමය

උඩ තියෙන පින්තුරෙත් මනෝමන්දිර බ්ලොගයේ මෙන්න මේ ලිපියත් කියෙවුවම මට හිතුන මම හිතන දකින දේත් අකුරු කලොත් හොදයි කියල..

රැකියාවක් කිවුවට රැකියාව කියල මුදලට ජිවිතේ විකුණන එකට නම් මම කැමති නැ..

මම AL මැත්ස් වලින් කරේ කැම්පස් යන්නවත් ඒ ක්සේශ්‍රයේ රැකියාවක් කරන්නවත් බලාපොරොත්තුවෙන් නෙමෙයි..මම මැත ට අසයි ඉතින් මම කළා..මගේ රැකියාව ව්‍යාපාරික ක්සේශ්‍රයේ එකක් කියල මම තීරණය කලේ O/L කරන කාලෙදිමයි..
දැන් අහන්න එපා එහෙනම් ඇයි මැටි පුසෝ කොමස් කලේ නැත්තේ කියල..
පැහැදිලි හේතු 2කයි
1 අපේ මවු යානය කොමර්ස් ගුරුවරියක්..ගෙදර ඉස්කෝලයක් කරගන්න ඕනි උනේ නෑ මට(ක්ලාස් කට් පාරක් දාල ගෙදර ආවත් අහුවෙනව නේ විෂය දන්න කෙනා පොත බලපු ගමන් මම මට්ටු)
2 මම කොමට වඩා මැතට අසයි.

මම හිතන පතන විදියට ගැලපෙන හරි අපුරු යාලුවෝ ටිකක් ඉන්නවා මට..
සාරා ඌගේ විනොදන්ශේ චයරුප ශිල්පය හැබැයි ඌ 4ටො ග්‍රැපර් කෙනෙක් නම් නෙමෙයි..ඌ ග්‍රැපික් ඇන්ඩ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.වීනොදන්සේට සම්බන්දයි

හසියා ඌ අසා වයර් පුට්ටු කරන්න ඌ අද පිච්චුනා කියන මදර් බෝඩ් එකේ ඉදන් බෝඩ් පිච්චිච iphone එක දක්කවා හදනවා

චමිලය  ඌ ආසයි යකඩ වලට තාක්ෂණය එකතු කරන්න..අද ඌ රෝල ශටර් ගරිල් ගේට්ටු cctv systam නියෝන් ඇඩ්වටයිසින් බෝර්ඩ් අනන් මනං හැම එකම කරනවා 

තඩියා ඌ අසා විකුනන්න හැමෝම කට්ට කියන ෆිල්ල්ඩ් එකක උටම කියලා ඒජන්සි තියෙනවා දැන්

තව ගොඩක් දෙන්න පුළුවන් මට මගෙම උන්ගෙන්ම උදාහරණ මේ එකෙක්ටවත් පැය 6 8 වැඩමුර නෑ.. හැබැයි හැමෝම ෆුල්ම අතල් එකේ ඉන්න උන් හේතුව උන්ගේ විනොදන්සය රැකියාව කරගත්ත නිසා..
පැය ගාන බලන්නේ නැතුව වැඩ කරන වෙලාවට බැහැලා වැඩ කරන නිසා අපිට විවේකය ඕන උනාම ඕන තරම් තියෙනවා 
සති අන්තෙට හිතුනොත් මැදක බෝතලයක් ගහන්න
පූල් එකක ගිලිලා ඉදල කාලා කරලා එන්න 
මාස 2ක 3නකට සැරයක් ට්‍රිපක් යන්න මුදල් විවේකය 2කමැ අපිට තියෙනවා..සල්ලි පිට සල්ලි හොයන ගොඩ දෙනෙක්ට නැති විවේකය අපිට උපරිමයෙන් තියෙනවා..


ඒ වගේම අපිට ප්‍රතිපත්ති ගරුකව ජිවත් වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.අපේ සෙට් එකේ හැම එකටම වගේ මටත් පොඩි පොඩි හැකියාවන් කිහිපයක්ම තියෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවා.
සල්ලි මත්තෙම ජීවිතය දුවන්න අවශ්‍ය තාවයක් දැනට නම් අපිට නෑ..ඉස්සරහටත් එහෙම වෙන්න කියල පතනවා..ප්‍රතිපත්තියක් විදියට අපි සෙට් එකම යාලුවන්ගෙන් ලාබ ගන්නේ නැ..
ඒ වගේම තමන්ගේ රැකියාව තියෙනවා නෙහ්..උදාහරණයක් විදියට මම රැකියාව  ලෙස කරන්නේ සුරතල් මසුන් අභිජනන ගොවිපලක් පවත්වාගෙන යාම..මම සල්ලි හම්බ කරන්නේ එකෙන් විතරයි..හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය.තවම ඉගෙන ගන්නවා ඉදිරියේදී ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න හිතන් ඉන්නවා..
ඊට අමතරව ග්‍රැෆික් නිර්මාණ කරණය විදුලි උපකරණ අලුත්වැඩියාව මෝටර රථ අලුත්වැඩියාව ගෘහ විද්වුත් පරිපථ කැත්තේ උදැල්ලේ ඕනිම වැඩක් වැල්ඩින් වැඩ ලේත් වැඩ එකී මෙකි තවත් සැහෙන්න වැඩ ගණනාවක් පුලුවන් උනාට මම එවැන් සල්ලි හොයන්නේ නැ..
මේ ලිපිය ලියන අද දිනත් මම යාළුවෙක් එක්ක ඇඩ්වටයිසින් බැනර් වගයක් හයි කරන්න ගිහින් අවේ..පාන්දර 4යි වෙලාව.නිදිමත නැති නිසා ලියනවා.අපේ සෙට් එකේ උන්ට හදිස්සි වැඩක් ගෝලයෙක් නැති අවස්ථාවක් කුලියට ගෝලයන් ගැනීමට නොහැකි කාල වගේ අවස්ථාවලදී අපි අපිටම උදවු කරගන්නවා.එකට හැකියාවත් තියෙන්නේ අපිට ඇති තරම් නිදහස තියෙන නිසා
රැකියාවක් කරන මනුස්සයෙක් ට පාන්දර 4 වෙනකන් ඇහැරිලා ඉදල හෙට උදේ අයිත් වැඩ කරන්න බෑ.නමුත් මට තව ට්කකින් පැකින් එකක් තියෙනවා නිදි මතක් මහන්සියක් ගානක් වත් නෑ තව ටිකකින් මම වැඩ පටන් ගන්නවා මොකද මම එකට අසා නිසා මට එක කරන්න පුළුවන්..ඔය ගොඩක් අමතර වැඩ ඉගෙන ගත්තෙත් යාලුවෝ එක්ක ගිහින්ම තමා.
සාමානයෙන් කෙනෙක් නෑදෑ හෝ අසල්වැසි ගෙදරකට එනවා කිවුවම ඒ ගෙදර මිනිස්සු කෑම බිම හදාගෙන දුක සැප ආගිය විස්තර කතා කරන්න බලාගෙන ඉන්නවා නමුත් මට අනිත් පැත්තත..මම එනවා කිවුවම ගෙදර වැඩකරන්නේ නැති ලයිට් කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන බලන් ඉන්නව හදාගන්න..වෙන කෙනෙක් මග අරින කට්ටි පනින එවැනි අවස්ථා මම යන්නේ එකට ලෑස්ති වෙලා ආයුධ මල්ලත් අරගෙනමයි..ඒ මම ඒ වැඩ වලටත් අසා නිසා.ඒ වැඩ වලින් අද වෙනකන් රුපියලක් වත් උපයල නෑ..උපයන්නෙත් නෑ මොකද එක මගේ රැකියාව නෙමයි.අසල්වාසීන්, බොක්කෙම ෆිට් උන් ඇරෙන්න අනිත් සාමාන්‍ය යහළුවන් අනන්තවත් සේවයට මුදල් ගෙවන්න සුදානම් උන වාර අනන්තයි කිසිදිනක මුදල් අරන් නෑ..
ඒ වගේම මගේ ව්‍යාපාරය තොග වෙළදාමක්.යාළුවෙක් සිල්ලරට මාලුවෙක් දෙන්නෙක් ඉල්ලා ගන්න අනන්තවත් එනවා..මාළු ජෝඩුවට  2කට මුදල්  ගන්නෙත් නෑ මම එකත් මගේ ප්‍රතිපත්තියක්.

පඩියට නෙමෙයි ආත්ම තෘප්තියට වැඩකරන්න එතකොට අසාව නිසා වැඩ ගොඩක් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරනවා කියන්නේ මුදල් ගොඩක් නිතැතින්ම ලැබෙනවා.

හැමෝටම විනෝදාංශයක් රැකියාව කරගැනීමට භාග්‍ය ලැබෙන්නේ නෑ එහෙම වෙලාවට උබල වැඩිපුරම ආසා දේට යොමු වෙයන්..වැඩිපුර සල්ලි ලැබෙන දේට යනවට වැඩිය..

මගේ යාළුවෙක් ඉන්නවා බුවා පට්ට ටැලන්ටඩ් ක්රිකටර් කෙනෙක්..ඉස්කෝලේ කලේ පෙන්නපු දක්ෂයතාවය ඔපමට්ටම් කරා නම් අද වෙනකොට බුවා ජාතික කණ්ඩායමේ..ඌ විනාස උනේ කෙල්ලෙක් හින්ද කම්මුලේ අත තියාගෙන අරගෙන් කෝල් එකක් නෑ බන් කියල හුල්ල හූලල හිටිය අවස්ථා ගණනාවකදීම මගේන් වතුර බාල්දියක් හරි ලැබුනා ඌට.එක ගෙන නෙමෙයි කියන්න ආවේ..බුවා ක්‍රීඩාව අරුනකොට අසා මුහුදට ඌව මුහුදු යවන්න කොස් එකකටත් මමම එක්ක ගිහින් ලියපදින්චිත් කරලා ආවා..මොකෙක් කරි කොල්ලට බ්‍රේන් වොෂ් එකක් දීල මුහුදේ ජිවිතයක් නෑ ඊට වැඩ හොයන පුළුවන් නෙට්වාර්කින් කරපන් කියල..ඌ කළා එක අද රස්සාවකුත් තියෙනවා හැබැයි කොල්ල මැරිලා..ඌ වැඩ කරනවා හම්බත් කරනවා හැබැයි ඌ සතුටෙන් නෙමෙයි ඉස්සර හිටපු දගකරයා නෑ උදේ වැඩට යන හවසට ඇවිත් නිදා ගන්න ඔෆ් එකට නිදාගන්න එකෙක් දැන් ඉන්නේ. සතුට හොයාගනින් (ෆාමසියකින් නෙමෙයි) හිතෙන්..

Friday, December 11, 2015

අකෘතඥ හද




සල්ලිම ජීවිතය
කොටගත් මිනිසුන්
තමන් වෙනුවෙන් අනුන් පැතුවද
අනුන් වෙනුවෙන් සිටියේ කොතනද?
උගස් කොට උන්
ආත්මයම මුදලට
තමුන් අතින් වන වැරදි නිරයට..!
එනමුදු,
අනුන් අතින් වන කම්
එවලේම
පාරයි මුළු ආත්මයම
එක වරදට
අමතක කොට කල කම් මුළු ආත්මයට............!