Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Wednesday, November 21, 2018

ඇගෙ නව පෙම්වතාට

මචං

නපුරු උනාට ඔකි හොද කෙල්ල
කොන්ඩෙයි රැවුලෙයි ආසව අතැරපන්..දැන් එ දෙක උබට අයිති නෑ
උබ තැගි දෙන ප්‍රමනෙට එකිගෙ ආදරෙ වැඩි වෙවි..
දිලිසෙන ජති වලට ඔකි හෙන කැමති.. බැරැන්ඩඩ් පිස්සුව ඔලුවට ගහලා තිබ්බට ඔකි ඔරිජිනල් එක තොරන්න දන්නෙ නෑ.. උජාරුවට දාගෙන යන හැන්බෑග් බෙල්ට් ඔක්කොම මම ගත්තෙ පිටකොටුවෙ සමිත් අයියගෙන්.. බෝගහා යට තුන්වන කඩ පෙලියෙ හතරවෙනි කඩෙ.. කෙට්ටු සුදු කොල්ලෙක් ඇති.. බොරුවට කෙවල් නොකර අතෙ මෙචරයි බ්න් තියෙන්නෙ කියල පටන් ගනින් ඌ සුපිරි බඩු දෙනවා.මෙයා නිසාම මම අදුරගත්ත හොඩ කොල්ලෙක්
උපන්දිනෙට ටෙඩියෙක් ඔනිමයි ඔකිට.. ඔඩෙල් එකෙ 5000කියන එකා 800ට ගන්න පුලුවන් මැලිබන් විදියේ කෙරොලේ ඉන්නව මුස්ලිම් ඩයල් එකක්.ටෙඩියෙක් වගෙම මහත ඌ හොල් සෙල් දෙන්නෙ හොදින් කත කලාම ඌගෙන් එකක් ගන්නත් පුලුවන්.. පිපල්ස් පර්ක් එකෙ කෙරොලෙ තියෙනව ඔනි කඩෙක විඩියට ටැග් ප්‍රින්ට් කරල දෙන බුවෙන්.ඔඩෙල් නම ගහල ඩියන්..

තැග්ගක් දෙන දාට උබෙ ටයිමින් අවුල් නම් ටැබක් ගහලම පලයන් මොකද එදාට එකි උබව ගිලින්නෙ නැති ටික විතරයි..

එයාලගෙ අම්ම තාත්තා නම් හරි හොද මිනිස්සු.. බොතලයක් ගහන ගමන් තාත්තා එක්ක දවසෙම කියවන්න පුලුවන් විශ්ව කොශයක් එයා.
අම්ම හදනවා දැල්ලො ඩෙවල් එකක කියලා වැඩක් නෑ එක නම්..

එයගෙ අක්කත් හරිම හොදායී.. ඇඩ් එකට මෙකි වන වන යන අයි ෆොන් එක අක්ක ර්ටින් ගෙනපු එකක්.. අක්කවත් ගොඩදාගන්න පුලුවන් මම වගෙ මට්ටු කරගන්න නම් එපා.. අක්ක හම්බ වෙන්න යනවා නම් බොඩි ස්ප්‍රෙ එකක් අරන් පලයන් අක්ක ගාන සෙන්ට් එක ලන්කවෙ නෑ එක නන්ගි ගන්නෙත්නෑ එක ගැවුන්ම දවස් ගනක් සුවද යන්නෙත් නෑ මාව මට්ටු උනේ එහෙමයි.. එ හින්දා එකෙ සුවද මැකෙන්න බොඩි ස්ප්‍රෙ එකක් ගහගනින්..

බොන වෙලාවට සිකරට් එක පත්තු කරන්න අක්ක නන්ගි දෙන්නගෙන් එකෙක්ටවත් දෙන්න එපා උබට වෙන්නෙ ෆිල්ටර් ගහන්න.ඔකුන් පාස් කරන්නෙ නෑ උබ ගහල දියන් උන්ට.

කැද වර්ග බැදුම් පිචුම්ම කන්න හුරුවෙයන්..නැත්නම් උයන්න පුරුදු වෙයන් යාලු..මම මෙකට උයන්න උගන්වන්න හෙන ගෙමක් දුන්නා.එක්කො බෙරි නැත්නම් රොස්.අන්තිමට මම ම උයන්න ගත්තා. අක්කට නම් ටිකක් පුලුවන් හැබැයි එකි කැමක් හදන්න යන බඩු වලට ගලදරි එකෙන් ඩිලිවරි කරන්න පුලුවන්.

වෙඩිම ලන් උනාම කර්ඩ් ගොඩක් ගහන්න එපා. කලින් දවසෙ උනත් බෑකියන්න පුලුවන්..

කෙල්ලගෙ වැරදි අම්මලා එක්ක කියන්න යන්න එපා.එ මිනිස්සු මෙකිට බයයි..

මොකක් හරි වෙලා උබෙ එක නතර උනොත් අනිත් කොල්ලටත් මෙක කියන්න..කොල්ලෙල් නන්නත්තර වෙන එක නවත්තන එක පිනක්...

Tuesday, October 2, 2018

අතීතයේ දවසකට



නිබා අක්කගෙ අඩනහිරියා කියවන් යන කොට අතිතයෙ තැනක අතරමන් වෙනවා.
හැමදෙම අමතක කරන්න මිහිලි පොතක කුරුටු ගනකොට හැමදෙම අමතක කරන්න පොතකට සමවදින කෙනෙක් හිටියා අවුරුදු ගානකට කලින්.
ලියන එක තරම් කම්මැලි වැඩක් ත්වත් නැති විදියට දැකපු කෙනෙක්.
වෙදා කියල නමකුත් ගුරුතුමියම පටබැන්දෙ බෙහෙත් සීට්ටුව වගෙ ලියන අකුරු මෙලොක යකෙකුට කියවගන්න බරිවෙච්ච නිසා..
උගතුන්ගෙ අකුරු කැතයි කියල ඩබල් රූල් පොත් වර්ජනය කරපු 8වසරෙදිත් ඩබල් රූල් පොත් වල ලියපු අතිතෙක වර්තමානය අදටත් අකුරු නම් කැතම කැතයි.

1වසරට තේරුන සතුටට අබ යහලුවො ශිෂ්සත්වය සමගින් තිලක සහ තිලක තත්තාගෙන් තැගි ලැබු දරුවෙක් පොත් ගුල්ලෙක් විම කෙසෙනම් වලකන්නද.
Ladybird පොත් නිර්දෙශ පෙරපාසල් ලමයෙකුට radientway 2 Chapman පොත් ඉගැන්වු බාප්පෙකු සිටින විට පොත් ගුල්ලෙකු විම අහම්බයක් ද..

ලිවිමට කොතරම් කම්මැලිද කියනව නම් ශිස්සත්ව පෙරහුරු ප්‍රශ්නපත්‍ර අම්මගෙ උකුලෙ ඉදන් අම්මා ප්‍රශ්නෙ කියවනව මම උත්තරය කියවනව අම්මම ලියලා හරි වැරදි බලනව..
ගුරුවරියක් උන අම්මා පන්ති දක්කන්න මහන්සි නොගත්ත එදවස ඉතාම සතුටෙන් ගෙවුනා.රැල්ලට මටත් පන්ති යන්න ඔනි කියලා ආදරනීය රේනුකා මිස් කරපු උපකාරක පන්තියට ගියත්  කම්මැලි දවසට ගෙදර ඉන්න නිදහස තිබ්බ නිසා අපායක් නොවුනු සුන්දර ලමාවියක මිහිරිම මතක සටහන් අදටත් හිතෙ සතුටක් ඇති කරනවා.

5 වසරෙදි මිස් උදෙ ඇවිදින් අයුබොවන් කියලා පාඩම උගන්වලා යන්න අයුබොවන් කියද්දිත් පන්තියෙ හිටිය බටු ඇටෙ නැගිටින්නෙ නැත්තෙ මොකො බලන්න ලගට එනකොට එයටත් වඩා උස යුද්දය හා සාමය රුසියනු පරිවර්තනයක ගිලිලා ඉන්නව දැකලා තට්ටුවල් දාලා පුතෙ මම යනව කියපු එක තමත් මතකයි එතකොට මිස් ඇවිල්ල කියලත් දන්නෙ..පන්තියෙන් සමු ගන්නා දිනයෙදි මිස් දුන්න මහ සයුරෙ වික්‍රමය අදටත් ලග තියෙන කාටවත් දෙන්නෙත් නැති එකම පොත.

ලියන්න කොච්චර කම්මැලිද කියල උඩ කිවුව නෙහ්.. රචනවක් එහෙම ලියො ගන්න හරි අමරුයි. හැමදාම බැනුම්. 4 පන්තියෙදි මිස් බනින එකට කෙන්ති ගිහින් පිටු 80 පොතක් පිරෙන්න රචනව ලියුව.. මොකක් හරි එකක් කතා කරයි කියල මාතෘකාව තිබ්බෙ.. අපෙ අම්ම මැතක් වෙනකන් එ පොත පරිස්සම් කලා තිබ්බොත් 4ටො ටිකක් එල්ලන්නම් කො පසුවට.

වක්‍ය 5 හෙ රචනා වලට එදත් අදත් වයිර කරමි.කියවන්න නම් එක දිගට පැය තුන හතරක් වත් කියවිය හැකි පොතක් වෙන්න ඔනි වගෙම ලියනව නම් මුල මටම අමතක වෙන ගානට ලියන්න ඔනි

ඉන්ග්‍රිසි පන්ති වලදි තමා ඒක නිසා මට්ටු උනෙ.මොකක් හරි grammar rule එකක් උගන්වා කැමති වාක්‍ය 5ක් සින්හලෙන් ලියල හරොපන් කිවුවම ලියාගන්නව පතරන්ග වාක්‍ය ඉලගට #$% ඉරගෙන පරිවර්තනය කරනව..ටිකකින් මටම කම්මැලි උනාම ඔලුව තියන් නිදාගන්නවා ආහැරවනකන්ම...

Monday, May 14, 2018

වරදකින් මිදෙමු වරදක් කරලා



ආදරණිය නංගියේ මල්ලියේ මේක ඔයාලට කියන පුංචි කතාවක්.

මේක කියන්න හිතුවේ අද ගියා මල ගෙදරක මගේ පරණ යාළුවෙක්ගේ.(පරණ යාළුවෙක් කියල දැන්මේ ගොඩ කාලෙකින් ඇයත් මමත් කතා බහ කරලා නැති නිසා) මගේ යාලුවෙක්ට මම මෙහෙම දෙයක් කරගන්න දෙන්නේ නැති නිසා ඇයගෙයි අපගෙයි සබදකම් ගිලිහිලා ටිකකාලයක් වෙනවා..හිත අමනාප කමක් නිසානම් නෙමෙයි..කාලයාගේ ඇවෑමෙන් ඉබේම උන එකක්..

එයා ලංකරගත්ත හරි අමුතු යාලුවෝ ටිකක් ඒ ගොඩ දෙනෙක් ගේ මුහුනුපොතේ නම් Roxx, angle, nowety වගේ ඇත්ත නමින් ලෝකෙට මුණ දෙන්න කොන්දක් නැති පිම්පි චරිත ටිකක්..

අනේ මෙහෙම යනකොට එයාගේ ලෝකෙම උනේ එයාලා 4තො එකක් දැන්මම ෆට්ට,සුපිරි,අපිට සලකන අයට අපිත් සලකනවා, වගේ කමෙන්ට් තමා නිතරම හම්බ උනේ..ඒ වගේම මේ ගෑනු ළමය shair කලේ කෙල්ලෝ උනාට යකඩ හින අපිටත් තියෙනවා..(හැබැයි මෙයාට ස්කුටියක්වත් පදින්න බෑ)මලේ සැප දන්නා අය වෙන අතල් හොයන්නේ නෑ.(එකත් ඕනි නම් එක පාරක් කවුරු හරි Rox අයියා කෙනෙක් ගෙනත් දීල ගහලා ඇති ඊට වඩා නෑ)මගේ බ්ලොගට එන ය දන්නවා නේ මම පස් පංගුවම ගහනවා කියල එහෙමයි කියල මගේ මුහුණු පොතේ එක එල්ලන්න තරම් මන්ද මානසිකත්වයක් නෑ.කෙල්ලෙක් ගංජා ගහනවට මම විරුද්ද නෑ මගේ කලින් කෙල්ලයී මයි අනන්ත්න එකට ගහල තියෙනවා. හැබැයි කියවිල්ලයි ගැසිල්ලයි 2කක්.

උබේ යාළුවෙක් සියදිවි හානි කරගන්නවා නම් උබ හොද යාළුවෙක් වෙලා නෑ කවදාවත්.. යාළුවෙක් කියන්නේ අපේ හදවතට කතා කරන්න පුළුවන් කෙනෙක් ට අපේ වෙනසක් දැනෙන කෙනෙක් ට....විනාඩි 5කත ඇවිල්ල ෆොටෝ එකක් අරන් අනිත් පැත්තට ගෙදර දුවලා පොස්ට් එකක් දාන එක නෙමෙයි යාලු කම....තනියට ලග ඉන්න එක..හිතේ දේවල් බෙදාහදා ගන්න එක..වචනයෙන් නැතුව ඇත්තටම ඕන කරන වෙලාවට ලග ඉන්න එක.

ගැනු ළමයෙක් ගේ කදුලක් දැක්කම එක පිහිනන නම් අයියල මල්ලිලා ඕනි තරම් ඉන්නවා..හැබැයි කදුළු පිසිමයි හිතක් හැදීමයි කියන්නේ 2කක් ඒ දෙක පටලවගන්න එපා.ඒ වගේම කෙල්ලනේ දුකක් දැනුනම උබේ හිතට රිංගන්න කෙල්ලෙක්ට හෙනම ලේසි..කලින් පොස්ට් එකකත් මම කියල ඇති දුකින් ඉන්න කෙල්ලෙක් ටෝක් කරන්න හෙනම ලේසි කියල..තේරුම් ගන්න දුකක් අවට හැමෝටම කියන්න එපා.මොකද හිත් හදන්න එන අයියල ගොඩදෙනෙක් ට ඕනි උබෙන් සැපක් ගන්න මිසක් උබේ හිත ගැන උන්ට වගක් නෑ. 


සුමිත්‍රයෝ කියල ගාස්තු අය නොකරන මනෝවිද්‍යාත්මක සේවයක් ලංකාවේ ක්‍රියාත්මකයි 

ක්‍ෂණික ඇමතුම්: 011 2692 909

ක්‍ෂණික ඇමතුම්: 011 2 683 555

වෙබ් අඩවිය: srilankasumithrayo.org

කතා කරන්න..හැමවිටම හොද යාළුවෙක්ව ලගින් තියාගන්න..හොද සවන් දෙන්නෙක් වෙන්න යාළුවන්ට..ඒ වගේම කිවයුතු නොකිවයුතු දේවල් මතකේ තියාගන්න..

කෙනෙක් සියදිවි නසාන්න තරම් සිතුවිල්ලකින් ඉන්නවා කියන්නේ මානසිකව අන්තයටම වැටිලා එහෙම කෙනෙක්ට 

ශක්තිමත් වෙන්න ” මේ වචනයත් ඵල රහිත වනවා 

ඒක හරියාවි ,ඔයාට සෑම දෙයක්ම හොඳින් සිද්ද වෙයි

ඕක ගැන නැතුව වන දෙයක් ගැන හිතල හිත හදාගන්න වගේ අරමුණ යටපත් කරන්න යන්න එපා 

ඕක ආර්ත්මාර්ථකාමී ක්‍රියාවක් අරකයි මේකයි බයිලා කියන්න එපා..

ඔයාට මේක ගැන වැටහීමක් නැත්නම් හිත් හදන්න යන්න එපා මනෝවිද්‍ය දේශකයෙකුට යොමු කරන එක තමා හොදම වැඩේ

තව 1333 
ට කතා කරන්න 

Tuesday, February 13, 2018

දගදෙන හසරැලි 4




මුලින්ම කළුතර සිට්‍රස් එකේ තිබ්බ මිටීම ගොඩ දාගත්තා..කොරියන් කියෝලා දිවත් උලුක් වෙලා තිබ්බ නිසා දෙයියනේ කියල මග තිබ්බ කඩේකින් සිකරට් එකකුයි හැක්ස් එකකුයි ගත්ත..සිකරට් බිම අඩු කරන්න ටොපි කන්න ගත්තා දැන් ටොපි කකා සිකරට් බොනවා..අරකි ඇස් දෙක මොරගෙඩි දෙකක් කරන බලන බැල්ම තේරුම් ගන්න මට අමාරු උනේ නෑ මටම තේරුම් ගන්න අමාරු මාව එකී කොහොම තේරුම් ගන්නද
අපේ තාත්තා කලේ කුබුරු වැඩ අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්..එහෙම ඉතිහාසයක් නම් නෙමෙයි මට තියෙන්නේ..මගේ තාත්තා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් හසියා ගේ තාත්තා විදායක ශ්‍රේණියේ නිලදාරියෙක්.කිසිම දෙයක් බරපතලට නොගන්න එකට ඇති වෙච්ච බහින් බස්විමකට ගෙදරින් එලියට බැහැපු දෙන්නෙක් තාමා අපි දෙන්නා.
හැබැයි එලියට බහිද්දී අපිට යමක් කමක් තිබුන.සාමානයෙන් මිනිස්සු ඉගෙනගෙන රැකියා හොයද්දි අපි ඉගෙන ගන්න ගමන් රැකියාවක් කළා.එක අහම්බෙන් හම්බ උන එකක් .
අපි දෙනාටම හොදට වාහනපදින්න වගේම හදන්නත් පුළුවන්..පාරේ අයිනේ කැඩිච්ච බෙන්ස් S සිරිස් කාර් එකක් දැකල දවසක් නතර වෙලා බැලුව..කම්පියුටර් බොක්ස් එකේ කෙස් එකක්..ඒ වාහනේ ඩිකියේ තිබිලා හොයාගත්ත වයර් කෑලි 2කකින් පවර් බ්‍රිජ් කරලා ගැරිජ් එකක් වෙනකන් දුවන්න හදලා දුන්න එකෙන් ජිවිතේ මෙහෙම වෙනස් වෙයි කියල එදා හිතුවේ නෑ..එකේ බුවාට අපී කිවුවේ ඉගෙන ගන්න උන් දෙන්නෙක් කියල එතකොට අපි මෑන්ව දන්නෙත් නෑ.මෑන් දුන්න කාර්ඩ් එකට ක්ලාස් කට් කරලා කරන්න දෙයක් නැති වෙච්ච දවසක ගියා හවසට බෝතලයක් ගහන්න ගානක් සෙට් කරගන්න පුළුවන් වැඩ මොකුත් තියෙනවද බලන්න..
බුවා දුන්නේ අපිට ගියාම පාර්සලයක් ඩිලිවරි කරන්න.පරිස්සමටම ගේනියපන් කිවුවම මට සබ්ජෙට් එක තේරුනා..එතන පැත්තකින් තිබ්බා මගේ පරණ අදරවන්තියක් කවසාකි නින්ජා 6R එකක්..බුවාගෙන් එක ඉල්ලගෙන පිම්මේ කියපු පොට් එකට බඩු දීලා හැරෙන තැපෑලෙන් ආවා...අපේ බෝසා හන්ගපුවා පෙන්නන්න යන අතරේ සියදීවි හානි කරගන්නකන් ජොබ කළා. ඒ වෙනකොට අතේ සැලකිය යුතු ගානකුත් තිබ්බ
අතේ තිබ්බ ගානින් පොඩි වියාපාරයක් පටන් ගත්තා දෙන්නා රෙදි බිස්නස් එකක්..හැබැයි ලාබය සතයක්වත් අතට ගත්තේ නෑ.ගෙදරින් කන්න බොන්න සියලු වියදම් හම්බ වෙන නිසා ව්‍යාපාරයෙන් ගැනීමේ වුවමනාවක් තිබ්බේ නැ..අතට හම්බ වෙන හැම සතේම ආපහු ව්‍යාපාරයට දානවා ටික කලකින් එක සැලකිය යුතු මට්ටමකට ගෙන්න දෙන්නට පුළුවන් උනා..
ගෙදරින් වාහනයක් දුන්නේ නැති දට බස් එකේ ගියා 3 විල් එකක යන්නවත් අපි බිස්නස් එකේ සල්ලි එලියට ඇද්දේ නෑ..
ඔය අතරේ විකුනන්න තිබ්බ ගාමන්ට් එකක් ගැන ආරංචියක් ආවා..දැනට තිබ්බ බිස්නස් එකයි ගාමන්ට් එකයි දෙකම එකතු කරලා ලෝන් පාරක් ගලපාගෙන ඒ ගාමන්ට් එක ගත්තා..හැබැයි පඩි ගෙවල වාරිකේ දැන්මම මදි උනා මිසක රුපියලක් වත් ඉතුරු උනේ නම් නෑ..හැබැයි ගෙදරින් සියලු වියදම් බලපු ඒ කලේ අපේ වියදමට කියල කියක්වත් ඕනි උනෙත් නෑ