Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, September 29, 2017

දගදෙන හසරැලි 3




මුලින්ම කොරියන් බයර්ලා වගයක් එනවා 10බිලියන් ඇග්රිමන්ට් එකකට ඊළගට winter cloths ගැන බලන්න ෆ්‍රෙන්ච් බයර් කෙනෙක් එනවා.තව මොන මොනවාද කියෝගෙන කියෝගෙන ගියා
උන්ට සිංහල පුළුවන් ද?
හම්බ උනා රැවිල්ලක් බඩකට පිරෙන්න
එකී රවනකොට මාර ගති..කට උල් කරලා වටයක් කරකොලා රවනව රැවිල්ලක් දැක්කම සිරියාවේ බෑ..අපේ නගටවත් බෑ එච්චර කොලිටියට රවන්න.
මොන දේ කරන්නත් කාලා ඉන්න ඕනි කෙල්ලේ යමු කන්න..
මම කාලා ආවේ රැවුම් ටොන් එකෙන්ම කියලා දැන්මා එකී..
හිරෝෂි සේකට්‍රි උනාට ඊට වඩා යාළුවෙක් පිස්සු කෙලින අපි දෙන්නත් වත් අම්බන් කරගෙන කම්පැනිය ගානට ගෙනියන්නේ එකී.එකී නිසයි අපි මෙහෙම ආතල් එකේ ඉන්නේ හරි නම් එකීයි MD වෙන්න ඕනි හැම දේම කරන්නේ එකී.
කන්න කියල මේසෙට වාඩිවෙනකොටම නගා එනවා ජෝග්ගුවක් උස්සන් කැරට් හරි බිට් හරි අලයක් වෙන්න ඇති මොනවා හරි කසායක් බිවුවේ නැත්නම් පැංචිට නින්ද යන්නේ නෑ..
එකත් උස්සන් ඉස්ස්සරහට යනකොට යනකොට මට මැවිලා පෙනුන හිරෝෂිගාවට අසරණ මුණ.
දවල් කෑම සලාකේ කොයි වෙලේද කියල සුවර් නැති නිසා බවුසරේට තෙල් ගහන්න වගේ කෑවා බඩ කට පිරෙන්න..කාලා අමාරුවෙන් ඉස්සරහට එනකොට හිරෝශි 4න් එකේ එල්ලිලා..
යමන් කෙල්ලේ
සර් හසින් සර් ලයින් එකේ
මොනවාද කියන්නේ
පිළිවෙලට ඇදන් යන්නලු
නයි කයි ද රෝස් පාන්..මගේ අකමැතිම වැඩ ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමා කෝට් බෑයවල් පොරෝගෙන සපත්තු බපත්තු දාගෙන යන එක..
අලුත් ඩෙනිමක් කියන්න සෙරෙප්පු දෙක හෝද ගත්තා කියන්න කොන්ඩේ පිරුවා කියන්න පිළිවෙල උපරිමයි දැන් යමන්
ඒ ගමන හොල්මනක් දැක්ක වගේ බලන් ඉන්නවා මුන දිහා.මම කරන පිස්සු වැඩ වලට ඒකිට පිස්සු නොහැදෙන්නේ අවුරුදු ගානක් ඉදන් දන්නා නිසා විතරයි.ලංකාවේ ලොකුම ව්‍යාපාර ජලයේ හිමිකරු ඩෙනිමක් ඇදන් සෙරෙප්පු දෙකක් දාගෙන යනවා තමන් යටතේ ඉන්න මැනේජර් ලා කෝට් බයවල් පොරවන් යනකොට..

අඩු නින්දේ ඇහැරිච්ච නිසා එලවන්න කම්මැලි කමක් තිබ්බ නිසා නැග්ග හිරෝශියගේ කාර් එකටම සිට් එක කඩාගෙන ටිකක් නිදාගන්නවා කියල.මෙකි ගිය ආත්මේ රේඩියෝ නිවෙදිකවක්ද මන්දා කියෝනව කියෝනව ඉවරයක් නෑ..බණ්ඩාරගම ඉදල මොරෝන්තුදුවට වෙනකන් බැලුව කතාව ඉවරවෙන පාටක් නැති නිසා ලැප දිගැරන් කරන්න තියෙන වැඩේට පොඩ්ඩක් අවදානේ දුන්න..

මතු සම්බන්දයි

No comments:

Post a Comment