Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, September 17, 2017

දගදෙන හසරැලි 2

මොනවා නැතත් නංගි අයියල දෙන්න ගැන නම් හොදට තේරුම් අරන්..එක ගැන නම් එකෙන්ම happy.
අද මොනවාද මචෝ plans කියාගෙන හසියා කාමරේට එබුනේ කෝට්ටෙන් මුන වාහන් තව චුට්ටක් නිදියන්න හිතනකොටමයි..
4න් එකේ ඇති බන් බලපන් කෝ මට වද නොදී..
අපි 3 දෙනාම පුරුද්දක් විදියට කරන දේවල් ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම 4න් එකේ කැලැන්ඩරේ දානවා 3 දෙනාගේම මතකේ ඒ තරමට සුපිරි.
තාම දාපුව නම් නෑ ඒ කියන්නේ උබ අද ෆ්‍රී..
හරි එහෙනම් ෆ්‍රී ඇති දෙන කියපන් කෝ මොකක්ද තොට වෙන්න ඕනි කියලා කිකිලියෙක් වගේ කෙකරගන්නේ නැතිව
දවස් 3කින් සශි ව දැක්ක නෑ බන්..ඉතින් ඔකේ මට කියන්නේ මොන වෙඩිමක්ද ලිද උබේ නම් වටේ ඉන්න උන්ගෙන් අහන්නේ මොටද ගිහින් නගනින්කෝ ඇති තරම් මට නිදහසේ නිදගන්න දීලා..නිදි මතේ උනත් වක්කඩ කැඩුව වගේ මගේ කටේ වචන නම් හිගයක් නෑ කවදාවත්.
නෑ නරියෝ කොරියන් බයර් එක්ක මීටින් එකයි තව මොනවාද මොනවා තියෙනවා කියල හිරෝෂි උදේ ඉදන් මැරෙන්න හදනවා.
හිරෝෂි කියන්නේ අපේ ආදරණිය සේකට්‍රි කැල්ල.
ඉතින් නැගිටපිය ඔන්න මම අරකිට msg එකක් දැන්මා උබ එන්න කියල..
ඊයේ නිදාගත්ත නැකත කෙස් ද මන්දා අද මගේ නින්දට හෙන අපලයි.නැත්තන් මහා පාන්දර 7 ට වැඩට යන්න වෙයි යෑ..හිතල ඉවර කරන්නත් උනේ නෑ සෑර් ගානවා ඇහුනා.බාර ගත්තා වගේ නෙමෙයි දැන් තාමා පිස්සු බම්ප් වෙන්නේ..මෙහ පාන්දර යාමේ එකී ඇඩ්මිට් වෙලා අපේ ගෙදෙට්ට.
කොල්ලෙක් හොයල මේකිට බන්දලා දෙන්න ඕනි...කියල හිතන ගමන් මම තම නිදි කෙල්ලේ කියල කිවුව විතරයි එකී කාමරේ
8 සර් අපොමන්ට් එක ගාලා නහයෙන් අන්න ගත්තා..විනාඩි 5ක් හිටු මම එන්නම් ක්ෂණික..විනාඩියට වොෂ් එකක් දාගෙන ශෝටක් ගන්නකොටම අරකි ඔරවන්න තියගත්තා..
කරුමේ කියන්නේ ඕවට තමා MD ට කැමති ඇදුමක් අදින්නවත් නිදහසක් නැති හැටි..ඔරවන්න බැරිනම් ගොරෝගන්න කියල බැස්සා ඩෙනිමකට..සුපුරුදු රබර් කත් දාගත්තා දැන් යන්න බැරියෑ වෙඩිමකට උනත්.

කෙල්ලේ යමින් ගමන් දාපං පොඩි කුප්පියක් මොකුද එන්නේ මොකටද එන්නේ මොනවාද වෙන්නේ.?

මතු සම්බන්දයි

No comments:

Post a Comment