Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, November 10, 2015

රබර් සමග රස සාගරය





එක එක කාලෙට එක එක බිස්නස් කරපු කලේ කරපු තවත් එකක් තමයි රබර් බිස්නස් එක..රබර් කිවුවම ලොකු පරාසයක විහිදෙනවා
  • සීට් රබර් (Sheet Rubber) 
  • ක්‍රෙප් රබර් (Crepe Rubbr) 
  • පේල් ක්‍රෙප් (Pale Crepe) 
  • ෂෝල් ක්‍රෙප් (Sole Rubber) 
  • කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex) 
  • රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet) 
  • තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber) 
  • විශේෂිත රබර් (Specialty Rubber) 
  • ඔට්ට පාලු 
  • බිම් පාලු 
  • අමු රබර් කිරි 
  • රබර් දැව 
  • රබර් ඇට 
නිෂ්පාදන ඇතුළු විශාල පරාසයක විහිදෙන වයපාරයකින් අපි කලේ දුම්ගැසූ රබර් රොටි සහ ඔට්ටපලු..ව්‍යාපාරයේ මුලික අඩිතාලම ලොකු අක්කා.එයාගේ වතු වලින් එකතු වෙන රබර් සහ අහල පහල අයගේ රබර් මිලදීගැනීම සුලු පරිමානයෙන් එයා කලා.ඕක විශාල වශයෙන් කරන්න මට අදහසක් අවා ඒ එක්කම රබර් මිලත් පෙර නොවූ විරු ලෙස වැඩි වීම ව්‍යාපාරය අරඹ කරන්න හොද අධිතලමක් උනා..සුපුරුදු නිල රථය hijet බඩිය තමා ව්‍යාපාරික වාහනය උනේ..චතුව සහ මද්ද දෙන්නත් එක්ක අපි ගේමට බැස්ස..
හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් තමා අපේ ව්‍යාපාර මෙහෙයුනේ.ව්‍යාපාරය ගැන කියන්න කලින් රබර් රොටි නිෂ්පදනයෙන්ම පටන් ගන්නම්

දුම්ගැසූ රබර් රොටි නිෂ්පාදනය


මේක ටිකක් මහන්සි වියයුතු වගේම මනා අතේ හුරුවක් තිබිය යුතු කර්මාන්තයක්.මුලින්ම රබර් ගස කපා කිරි එකතු කල යුතු වෙනවා..කපනවා කියනේ පොරවක් ගෙනවිත් කපන එක නෙමෙඉ එකට විශේෂ පිහියක් මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයක් ද තියෙනවා
නුතන කිරි පිහියක්

සම්ප්‍රදායික කිරි පිහිය

















ඔය පිහිය ආදරයෙන් කපාගන්න කිරි ටික එකතු වෙන්නේ යට තියෙන පොල්කට්ටට එකට ටික වෙලාවක් ගත වෙනවා ඊළගට කිරි ටික අකුලන්න ඕනි අකුලනවා කියන්නේ පොල්කටු වල එකතු වෙච්ච කිරි ටික බාල්දියකට එකතු කරනවා..ලොකු බාල්දියකුත් උස්සගෙන ගහෙන් ගහට කිරි එකතු කර කර යනවා කියන එක සැහෙන්න වෙහෙස කර කටයුත්තක්..ඔහොම එකතු කරගත්ත කිරි ටික ගේනවා කිරි මඩුවට එතැනදී රබර් ඇසිඩ් එහෙම නැත්නම් ෆොමික් ඇසිඩ් එකතු කරනවා.තනිකර ඇසිඩ් නෙමෙඉ 1 16 වතුර එකතු කරලා තනුක කරලා තමා එකතු කරන්නේ..ඊළගට කිරි ටික පෙරනවා..3 පාරක් විතර පෙරන්න ඕනි ඉහල ගුණාත්මක බවයෙන් යුත් රබර් රොටියක් සැදීමට නමුත් සාමානයෙන් 1 පාරක් පෙරලා හදනවා මහන්සිය කාලය වැනි කරුණු ප්‍රයෝගිකත්වයේදී ඉස්මතු වෙන නිසා
පෙරගත්තු රබර් කිරි ටික ඊළගට තැටි වලට දල තියෙනවා මිදෙන්න මේකට පැය 4ක් 5ක් අතර කාලයක් ගත වෙනවා..
ඊට පස්සේ ක්‍රියාවලිය දෙයාකාරයකට සිදු වෙනවා සමහරු කෙලින්ම දිය රෝල්ට අල්ලනවා විවිද උස මට්ටම් 3 ක් යටතේ.උස මට්ටම් කිඋවේ අගල් 4ක් විතර ගනකම රොටිය එක පාරටම තුනී කරන්න බැරි නිසා සමහරු එක ලෑල්ලක් උඩ දාල අත් රෝලකින් හෝ බෝතලයකින් තුනී කරගන්නවා
දිය රෝලෙන් අල්ලන ගමන් සමහරු නම් වතුර ගහනවා වැඩිපුර ඇසිඩ් හෙදෙන්න සමහරු නම් කරන්නේ නැ..ඊළගට එක ඩයමන් රෝලෙන් අල්ලනවා ඩයමන් රෝලෙන් ඇල්ලුවම තාම ඉරි ඉරි වදින්නේ..ඊළගට මද පවනේ වේලෙන්න අරිනවා පැය කිහිපයක් ඉන් පසුව තමා දුන් ගෙට දන්නේ..දින 4ත් 5 ත් අතර කාලයක් දුන් ගෙයි වේලීම සිදු කරනවා..දුන්ගෙයි පාලනය ඉතා වැදගත් අලුත් රබර් රොටි උදුන අසල ගබඩාකරණ අතර දිනෙන් දින එය දොර දෙසට ගනු ලැබේ..දුන් ගෙයි උෂ්ණත්වය වැඩිවූ විට සිට් බුබුළු දමන අතර උණුසුම අඩු වූ විට කළු පැහැ ගනී..ඉන්පසු වර්ග කිරීම සිදු කරයි


RSS1
RSS3
RSS 2




සුළු නිෂ්පාදකයන් වර්ගකිරීම සිදු කරන්නේ නැ..ඒ වර්ගකිරීමෙන් විශාල ලාබයක් ඔවුන්ට ලබාත නොහැකි නිසා.
වතුවල කෙපෙන රබර් වලින් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමත් අපි කරගෙන ගිය නිසා අපි අලුතෙන් පටන් ගත්තේ නිෂ්පාදකයා ලගට ගොස් මිලදීගැනීමේ ක්‍රියාවලියයි..සාමානයෙන් සිදු වන්නේ ප්‍රදේශයේ සිටින රබර් එකතු කිරීමේ මදයස්ථාන හරහා තොග වෙළදුන් වෙත යාමයි.නමුත් අපි නිෂ්පාදකය වෙත ගොස නගරයේ මිලටම මිලදිගනිමසිදු කළා..
රබර් මිල පවතින ප්‍රධාන සාධකය තමයි ජපන් රබර් මිලඩොලර් එක වැඩි වෙලා හැමදේම වැඩි උනාට රබර් මිල දැනෙන ලෙස වෙනස් වෙන්න බලපාන්නේ යෙන් එක
ඒ අවගේම ලංකාවේ රබර් ලොවේ දැවැන්ත නාමයක් මෙන්ම මිල තීරණය කිරීමේ තවත් සාදකයක් තාම දකුණු ආසියාවේ විශාලම රබර් මෝල් හිමිකරුවා ලෝඩ් ස්ටාර්..ගම්බද රබර් මිල කියන්නේ සාමානයෙන් ලොඩ් ස්ටාර් එකේ මිලට සදල.
එකට හේතුව තමාගෘහස්තව නිෂ්පාදනය කරන ගොඩදෙනෙක් ප්‍රමිතිය ගැන සැලකිල්ලක් නොදකිම සහ ලොඩ්ස්ටර් rss3 තත්වයේ රබර් සදහා ඉහල මිලක් ගෙවීම යන කරුණු නිසයි.නගරයේ අනෙකුත් තොග වෙලෙන්දන ගේ මිලත් ලොඩ්ස්ටර් මිලට වඩා රුපියල් කිහිපයක වැඩියෙන් තමා පවතින්නේ.හැබැයි ඔවුන් නම් රබර් වල ගුණාත්මක බවය පිලිබදව විමසනවා.එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුත් 3 වන මට්ටමේ රබර් ගෙනත් දෙන්නේ ලොඩ්ස්ටර් වෙත..ලොඩ්ස්ටර් හි ලියාපදිංචි වූ රබර් තොග සැපයුම් කරුවන් හට ඔවුන් සාමාන්‍ය මිලට වඩා රුලියල් කිහිපයක් වැඩියේ නිරන්තරයෙන් ගෙවනවා.

දැන් අපි කරපු ව්‍යාපාරය දෙසට හැරෙමු..

සුළු නිෂ්පාදකයන්ගේ ඉදලා මදයපරිමන තොග එකතු කරන්නන් දක්කව අයගෙන් අපි රබර් එකතු කරා.පිටත RSS 3 මිලට වඩා සැමවිටම අපි රුපියල් 5ත් 10 ත් අතර මුදලක් වැඩියෙන් ගෙවීමත් ඔවුන් ලගටම ගොස් මිලදී ගැනීමත් නිසා රබර් එකතු කරගැනීම අපට අපහසු උනේ නැහැ.
එසේ ගෙනෙන රබර් අපි වර්ග කිරීමකට ලක්කරනවා.ඒ සදහා වෙනම පිරිසක් හිටිය..ඔය මිල කිමේදීත් RSS 1 හෝ  2 වැඩිපුර තියෙනවනම් තමා උපරිම මිල දෙන්නේ..
ඉන්පසු RSS 1 හා 2 ලංකාවේ නම් මිලදිගන්නේ DSI සමගම ඊට අමතරව කොටස පිටරට යවන්නන් සදහාද RSS 3 CEAT ලෝඩ් ස්ටාර් වැනි ආයතන වලට දෙනු ලබනවා..

දැන් බලමු ව්‍යාපාරයේ රසමුසු පැත්ත 






රබර් එකතු කරන්න අපි ගියේ hijet බඩියේ උඩ තියෙන ජාතියේ එකක..නිෂ්පාදකයා කිලෝ 350 කැ බරක් පැටවීමට නිර්දේශ කරලා එවුවත් මමතුමා නිර්දේශ කරනවා කිලෝ 1200 ක උපරිමයක් සමගින් ඕනෑම කන්නක් අදින බවට සහතිකයකුත් එක්ක..එකතු කරන්නන් කෝල් කරලා ලොකු තොග තියෙනවා කිවුවොත් ඉසුසු එල්ෆ් 250 ක් තිබ්බ එක අරන් යනවා..අහු මුළු පාරවල් වලට ඩිසල් ලදරම් වලට වඩා මේක ලබයි පොඩි පාරවල් වල යන්න ලේසි..

ඉතින් යන මාර්ගයට අනුව තෙල් වියදමට අමතරව තවත් රු1000 අපි වෙන් කරනවා එකෙන් තමා බුලත් විට සිකරට් අපි දෙන්නගේ ආහාර පැච් එකක් ගියොත් ඔයිල් අඩු තියෙනවනම් සුළු නඩත්තු කටයුතු වැනි දේ කෙරුනේ..
අපි උදේට ගෙදරින් බඩ පිරෙන්න බත් එකක් කළා හන්දියේ කඩෙන් සිකරට් 10 බුලත් විට 3යි ගන්නවා දවල් කෑමකට කියල හරි හමන් නිවාඩුවක් ලැබෙන්නේ නෑ මොකද දවසට කවර කරන්න සැහෙන්න ප්‍රමාණයක් වෙලාව යනවා මගටම අබලන් පාරවල් අරව මෙවුව නිසා..ඊලග දේ අපි දෙනෙන් එකෙක්වත් පුහුණු කම්කරු නෙමෙයි නෙහ් කිලෝ 100 ක් පටවන්නත් පැය බාගයක් විතර ගන්නවා ඉතින් දවල් කෑම එකට ගොඩක් වෙලාවට ගන්නේ වසනා බේකරියෙන් අලුත් චොක්ලට් කේක් කැල්ලක් ඔවුන්ගේ බේකරිය ලගින් තමා අපේ ගොඩක් මාර්ග වැටිලා තිබුනේ එහෙම නැත්නම් අපි හදලා තිබ්බේ.බේකරියෙන් රු100 ට දෙනවා ලොකු චොක්ලට් කේක් කැල්ලක් එක දෙකට කපල කැල්ලක් කනවා කියන්නේ හොද ගනන්
දවල් ඇරියස් එකත් එක්ක අල්ලනවා රෑට බියර් ටින් 2කක් සහ ෆුල් රයිස් එකක් එක්ක..
ටිකක් රෑ වෙන රුට් වුත් තිබුන ඒ දවස් වලට එනකොට බාර් වහල නිසා අරන් යනවා හද ගමන් ආධාරක කට්ටලයක් නොහොත් 200 කැල්ලක්

සමහර දවස් වලට වැන් එක ලෝඩ් උනාම ඇවිල්ල එක බාල අයිත යන වෙලාවල් තියෙනවා එහෙම යන දවසක ජෝඉන්ට් එකකුත් අරන් යනකොට අපි දෙන්නගෙම යාළුවෙක් වෙච්ච රොෂාන් අයියා හම්බ උනා බුවවත් ඇදලා දාගත්තා වාහනේට දෙන 7 ට විතර බදු ටිකත් පටෝගෙන එන ගමන් හොර කැලේ (ඒ හරියට කියන නම) අල්ලලා එතුව ටෝම්බෙකුයි පැට්ටෝ 2 න්නෙකුයි චොක්ලට් කෑලි ටිකකුත් තිබ්බ චතුව අරන් ඕක ගහල පොඩි චැටක් ගෙන ඉන්නකොට 

චතු  මේ කැලේ යාල පැත්තේ තිබ්බ නම් අලි කොටිත් ඉන්න ව නෙහ් 
රොෂාන් එහෙම උනා නම් මේකට හොර කැලේ කියනවා යෑ යාලම කියනවා නෙහ් උලම

ඔහොම විකාර කියෝ කියෝ ඉන්නකොට රොෂාන් අයියගේ කෑල්ල කෝල් කළා මූ ස්පිකර් ගෙන කතාව.

කැල්ල බබා කොහෙද ඉන්නේ
රොෂාන් අපි යාලේ ආවා
කෑල්ල මට කිවුවෙවත් නෑ නෙහ් දවල් ඔය ගෙදර කිවුවේ කතා කරන කොට
රොෂාන් හදිස්සියේ සෙට් උනේ හදිස්සියේ ආවා..
ඔය අතරේ යමු කියල චත්තා වෑන් එක ස්ටාර්ට් කළා මම ඉස්සරහ සිට එකේ චත්තා පිටිපස්සේ සිට් එකේ දිගාවෙලා මල් කඩනව

ටික වෙලාවක් ඇවිල්ල චත්තා

මල්ලි ගියර් වැටෙන්නේ නෑ බන්
ලයිට් එක දාල බැලුව මම 
උබ ඔය 4නෙ යන්නේ තව මොකට වැටෙන්නද
හුටා මම කන්ද උඩ ඉදන් නිවුටල් එකේ කියල හිතාගෙන 4 නෙහ් බන් ඇවිත් තියෙන්නේ අපරාදේ පෙට්‍රල් ටික..
ඔය අතරේ රෝෂණය කෙල්ලට සත්තු පෙන්නනවා එක පාරටම අලියා අලියා ගැවා චාත්තා ගැහුවා උඩ නැගල බෙර්ක් පාරක් ගහල ටික වෙලාවක් ඉදලා මෙහෙ කොහෙද හු&^% අලි කියල පිටි පස්ස හැරුන කොල්ලගෙන් සද්දයක් නෑ..මටත් සද බොද වෙන්න වැදිලා හිටියේ අරු කෙල්ලට නෙහ් යාලක් කියෙවුවෙ ඇත්තට මෙහෙ කොහෙන්ද අලි කියලා..ඊට පස්සේ පිටි පස්සේ එකාගෙන් සද්දයක් නැත්තේ මොකද කියල පිටිපස්සට 4න් එකේ ටෝච් එක ගහල බැලුවම පිටිපස්සේ හිටපු එකා නෑ පිටිපස්සේ තිබ්බ රබර් ගොඩක් තියෙනවා ඉස්සරහ..ටිකක් වෙලා ගියා ඒ සීන් එකත් මීටර් වෙන්න අරුව සිට් එකෙන් බිමට වැටිලා සසිට් එක උඩට පිටිපස්සේ තිබ්බ රබර් ටික වැටිලා ඒ ගමන අයිනෙන් නවත්තාල හිමිට එක එක අයින් කරලා තමා අරුව එලියට ගත්තේ ඊළගට මහන්සිය යනකන් ඉතුරු පැට්ටව ගැහුවා

අපි එකතු කලේ රබර් සිට් උනාට ඔට්ටපලු ගෝනියක් එහෙම මගදී දැක්කොත් දාගන්න අමතක කරන්නේ නෑ එකත්.ඔට්ට පලු ගෙදර ගේන්නේ නැ අපි යන පාරක අහුවෙනවා මෝලක් එකට බාන එක තාමා කරන්නේ ඔතනට ගිහින් ඕක බැවම එතන මුදලාලි කියක් හරි අත මිට මොලොනවා බුවා හිටන් ඉන්නේ අපි දෙන්න වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් කියල ඒ වගේම ඔට්ට පලු වලින් එන ලබය තනිකරම අපි දෙන්නට බොන්න තාම වියදම් කරනේ.

ඔහොම වාසියක් උන දවසක් බාගයකටත් වග කියල රොකට් පාරකුත් ගැලපුව ඊට පස්සේ ගෙදර ගිහින් ලෝඩ් එක බාන්න ගත්තා.
සාමානයෙන් ලෝඩ් එක බාන්නේ එකෙක් වාහනේට නැගල උස්සල දෙනවා අනික උස්සල තරදියට දානවා ඊළගට දෙන එක්ක තරාදියෙන් බාල එකවුන්ට්ස් ටික ගලපනවා එදා දෙන්න එක්ක රබර් රොටිය රොටිය ඉස්සුවා කියන්නකෝ අක්කා දෙතුම් පාරක් මැ ඇවිත් ඇහුව තොපි දෙන්නට මක් වෙළද කියල කොහොම හරි රෑ 12 ටත් අපි දෙන්න බානවා එක බල ඉවර වෙනකොට අක්ක ප්ලේන්ටියක් ගෙනත් දුන්න මසුං වගේ ඊට පස්සේ එයාට නිදාගන්න කියල මම රු එක්ක පාන්දර 2 විතර වෙනකන් ගණන් හැදුව ලියන්න පෙන්නේ නෑ අතේ තියෙන ගාන ගැනගන්න බෑ හෙනම කට්ටක් කෑවේ එදා නම්

ඔහොම කලේ ගෙවෙනකොට අපේ චත්ත ට නෝනා කෙනෙකුත් සෙට් උනා අනුරාධපුරෙන්..ෆ්බ් එකෙන් අදුරන් වැඩේ නැගලම යනකොට කෙල්ලේ ගෙදරින් එන්න කිවුව ගෙදෙට්ට එන්නම් කිවුවට මොකෝ මූ තාම කෙල්ලව හම්බ වෙලා නෑවා 2කම එකට ගොඩ දන්න දෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට මතක් උන මගේ අනුරාධපුරේ ප්‍රේමේ..
දෙපාරක් හිතුවේ නෑ කෙල්ලව තිබ්බ උගස්
හරිම සිම්පල් ප්ලනක් පොඩ්ඩක් නහයෙන් අඩාල චාත්තගේ කෙල්ලව කැමති කරාන්න විතරයි තිබ්බේ..ගෑනුන්ට මට්ටු වෙන්න නැතිව ගේමක් ගහගන්න බෑ කියල අද්දැකීමෙන් දන්න නිසා කෙල්ලට මුළු ප්ලැනම කියන්න එපා කියල අරුට පැහැදිලිව කිවුවා.(මට්ටු නොවෙන්න 4න් එකෙන් ලවු කරන්න බැරි කෙල්ල වෙන ගෙමක් ගොඩඩායියෑ)
ගෙදෙට්ට කියන්න ඕනි ටිකම කෙල්ලට කිවුවා.මගේ අනුරාධපුරේ කෙල්ල ගේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා අපි දෙන්න එහෙට එනවා එහෙන් සෙට් වෙලා එයා එක්ක අපි කෙල්ලගේ ගෙදර එනවා.
සුද්දී (මගේ කෙල්ලට මමාදරේට කියන නම) අර කෙල්ලගේ ගෙදෙට්ට කෝල් කරලා ලස්සනට ගේම ගොඩදලා දුන්න..ච්ත්තයි මායි පාන්දර 4 බස් එකේ මෙහෙන් නැග්ග අනුරාධපුරේ යන්න.(එච්චර දුරක් බස් එකේ ගිය මුල්ම වතාව සහ අයිත් නම් යන්නේ නෑ බස් අජියගේ සින්දු අහලම ඔක්කාරෙට ඇවිල්ල තිබ්බේ හෑන්ඩ් ෆ්‍රී 2ක ගහගත්තට වැඩක් නෑ ඊටත් වඩා සද්දෙයි)
අපි යනකොට ට්‍රිප් එක යන්න ලෑස්ති වෙච්ච කෙල්ල ටවුන් එකට ඇවිල්ල මගේ කෙල්ලත් ඇවිල්ල 4න් එකෙන් කතා කරලා ගේම ගැලපුවට කෙල්ලෝ දෙන්න අදුරන එකක් යෑ දෙන්න දෙපැත්තකට වෙලා ඉන්නවා.ටික වෙලාවක් මගේ කෙල්ල එක්ක කතා කර කර ඉදල ඒකිව හෙට හම්බ වෙන්නම් කියල අපි අරකි එක්ක බස් එකේ නැග්ග එවලේ තමා ඒකිට ප්ලැන් එක කිවුවේ.ඊළගට මගේ ප්ලැනේ විදියට කට්ටිය මරදන්කඩවල පොට් එකකට ලෑන්ඩ් කළා.ෆෙමස් නැති අස්සක පිහිටි රෙස්ට් එකක් සෙට් කරන්න කිව්වම අපේ යාළුවෙක් තමා පොට් එක සෙට් කලේ..එතනට ගිහින් ටිකක් රෑ වෙනකොටයි උගේ අම්මා මුත්තා මතක් උනේ.පොට් එක ලස්සන නිසා නිදහසේ ඉන්න අපි රූම් 2කක් බූක් කරගත්තා රුම් කිවුවට තනි තනිව පිගිටි කබානා විදියට තමා ඒවා තියෙන්නේ..සල්ලිත් ගෙවල මයි ඇතුලට ගියේ .එහෙ විදුලිය නැ සෝල සිස්ටම් එකකින් තමා ලියිට් දෙන්නේ මද ආලෝකයක් දෙන ලයිට් 4න් චාර්ජ් කරගන්න විදියක් නෑ..මම හිටිය එක මායිමට වෙන්න තිබ්බ මැටි පොට් එකක්.දෙපෙත්තේ ජනෙල 2කක් තියෙනවා. කළුවර වැටෙනකොට මදුරුවෝ පිරෙන්න ගත්තේ කෝච්චිය අවාම ස්ටේෂන් එකේ සෙනග පිරෙනවා වගේ...අරුට කෝල් එකක් දුන්න අන්සාර් කරන්නේ නැ..උන් දෙන්න වැඩ ඇතිනේ කියල පයින්ම කඩයක් හොයාගෙන එන්න පිටත් උනා අහල පහල ආසාවට එකකේ නෑ පැය බාගයක් විතර පයින් ඇවිදන එනකොට අත් ටැක්ටරයක් හම්බ උනා උඋව ටෝක් කරන කඩමන්දියෙන් දාගත්තා එතන කඩෙන් සිකරට් 10 කුත් අරන් මදුරු කොයිල් එකකුත් ඔතාගෙන 3වීල් එකක 450 කැ දුරක් ඇවිල්ල තමා හිටිය පොට් එකට ආවේ එනකොට අරු මාව හොයනවා දාගෙන උගේ 4න් ඔෆ් වෙලා අපු ගමන් ඌ එක්ක දුඅක් එහෙම දාල අපු වීල් එඅටම කෝල් එකක් දාලා උව ගෙන්නෙන අපහු කදමන්දියට ආවා රෑ කෑම ගන්න..එටන කඩේ කෑම හදනකන් ඉන්න වෙලේ තාම මම පලවෙනිවතාවට සින්දු හයි කරපු JCB එකක් දැක්කේ( ඒ සංකල්පේ තාම මහානාම පැරඩ් එකේ ඉලෙක්ට්‍රෝ බැකෝ ලෙස එලි දකින්නේ)
රෑට කාල අපහු වීල් එකේම ගිහින් නිදාන්න ලෑස්ති උනා නින්ද යනකන් ඇදෙ හේත්තුවක් ගෙන ඉන්නකොට නලාවක් ගහන සද්දයක් ඇහුන මමේ කැලේ මොකද නලා පිබින්නේ කියල කල්පනා කරනකොට තමා මතක් උනේ මොන නලා ද ඒ එළියෙක් කියල ටිකකින් නරි එහෙමත් කෑගහන්න ගත්තා අතන ඉදන් සිගරට් ටික ඉවර වෙනකන් මම කලේ අලියා එන්නේ මේ ජනේලෙන්ද අනිත් ජනේලේද කියල මාරුවෙන් මාරුවට බල බල හිටපු එක..

ඔය සිද්දියෙන් ටික කාලෙකට පස්සේ අපේ චත්තා ගත්තා මහේන්දරා මැක්සිමෝ එකක් ඩිමෝ බට්ටට වඩා හොදයි කියල හිටුනෙන් ඌ ගත්ත එක..ලෝඩ් එකක් නැතුව පාරේ දුවන්න සුපිරි වන්දිය..කිලෝමීටර් 1000 පලවෙනි සර්විස් එක කොල්ල සුමානෙන් කවර් කළා අනුරපුර ඇදලම..අපේ වන්දිය රෙපයාර් කිරිල්ලකට ගැරිජ් ගත කාරයෙන් මහේන්දරාවේ ලයින් එක යන්න ගත්තා එදා ලොකු ලෝඩ් එකක් තිබ්බෙත් නෑ කිලෝ 600 වගේ තිබ්බේ ඕකත් අරන් ඇගල්ඔය පාරේ හල්වතුරට යන්න ගත්තා ඒ පාරේ තියෙනවා දඩ කදු එක්ක වැලමිටි වංගු..අපි කන්ද නගන එනකොට වැලමිට වංගුවක මතු උන ලොරියක් අපේ බඩියේ කිලෝ 1000 ක් ගහලත් 3 ගින්නක් නැතිව අදින කන්නද මේකේ ඇද්දේ පවර් බොත්තම ඔබලත් 1 අර වංගුවේදී බ්රේක් කරලා නවත්වන්න උනා අනේ පින්වතුනි කියන්න සන්තෝසයි නැවැත්තුව තැනින් උඩට අදිනවා බොරු ඒ ලදරම බරෑන්ඩ් නිවු වෙලත්..කන්ද මැද ඉදන් තැන්නක් හම්බ වෙනකන් මීටර් 900 දැවැන්ත රිවස් පාරක් ගහන්න උනා මගේ ජිවිතේ දිගම රිවස් එක ඒක.
පසු කාලීනව චත්තා බැදලා අනුරාධපුරේ පදිංචියට යාමත් රබර් මිල පහත වැටීමත් නිසා අපිට ව්‍යාපාරය නවත්වන්න උනා..හැමෝම රබර් මිල අඩුවෙනකොට ආණ්ඩුවට බැන්නට රබර් මිල කෙරෙහි ආණ්ඩුවේ දායකත්වය 10% ක් වගේ කුඩා අගයක්..මොකද රබර් වලට තියෙන්නේ ලෝක වෙළදපලක් සහ ලෝකේ රබර් මිල තීරණය කරන්නේ ජපනා..සාමානයෙන් අවුරුදු 10 කට වරක් රබර් මිල සැලකිය යුතුලෙස ඉහල යනවා.පහුගිය කාලේ අසීමිතව මිල ඉහල ගියේ එම 10 වසරකට පසු ලැබෙන මිල වැඩිවීමට අමතරව චිනේ තමන්ගේ රටේ රබර් පිට නොකර ඔවුන් නිෂ්පාදනය සදහා යොදාගැනීමත් ගන්වත්ර නිසා කොහෙද මන්දා රටවල් ටිකක රබර් වෙළදපොලට නොපමිනිමත් යන කරුණු හේතු කරෙනය..
දඩි බිඩියේ ගත්ත චාත්තගේ මගුල් ගෙදර විස්තරත් එක්ක නැවත හමු වෙමු