Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, October 2, 2018

අතීතයේ දවසකට



නිබා අක්කගෙ අඩනහිරියා කියවන් යන කොට අතිතයෙ තැනක අතරමන් වෙනවා.
හැමදෙම අමතක කරන්න මිහිලි පොතක කුරුටු ගනකොට හැමදෙම අමතක කරන්න පොතකට සමවදින කෙනෙක් හිටියා අවුරුදු ගානකට කලින්.
ලියන එක තරම් කම්මැලි වැඩක් ත්වත් නැති විදියට දැකපු කෙනෙක්.
වෙදා කියල නමකුත් ගුරුතුමියම පටබැන්දෙ බෙහෙත් සීට්ටුව වගෙ ලියන අකුරු මෙලොක යකෙකුට කියවගන්න බරිවෙච්ච නිසා..
උගතුන්ගෙ අකුරු කැතයි කියල ඩබල් රූල් පොත් වර්ජනය කරපු 8වසරෙදිත් ඩබල් රූල් පොත් වල ලියපු අතිතෙක වර්තමානය අදටත් අකුරු නම් කැතම කැතයි.

1වසරට තේරුන සතුටට අබ යහලුවො ශිෂ්සත්වය සමගින් තිලක සහ තිලක තත්තාගෙන් තැගි ලැබු දරුවෙක් පොත් ගුල්ලෙක් විම කෙසෙනම් වලකන්නද.
Ladybird පොත් නිර්දෙශ පෙරපාසල් ලමයෙකුට radientway 2 Chapman පොත් ඉගැන්වු බාප්පෙකු සිටින විට පොත් ගුල්ලෙකු විම අහම්බයක් ද..

ලිවිමට කොතරම් කම්මැලිද කියනව නම් ශිස්සත්ව පෙරහුරු ප්‍රශ්නපත්‍ර අම්මගෙ උකුලෙ ඉදන් අම්මා ප්‍රශ්නෙ කියවනව මම උත්තරය කියවනව අම්මම ලියලා හරි වැරදි බලනව..
ගුරුවරියක් උන අම්මා පන්ති දක්කන්න මහන්සි නොගත්ත එදවස ඉතාම සතුටෙන් ගෙවුනා.රැල්ලට මටත් පන්ති යන්න ඔනි කියලා ආදරනීය රේනුකා මිස් කරපු උපකාරක පන්තියට ගියත්  කම්මැලි දවසට ගෙදර ඉන්න නිදහස තිබ්බ නිසා අපායක් නොවුනු සුන්දර ලමාවියක මිහිරිම මතක සටහන් අදටත් හිතෙ සතුටක් ඇති කරනවා.

5 වසරෙදි මිස් උදෙ ඇවිදින් අයුබොවන් කියලා පාඩම උගන්වලා යන්න අයුබොවන් කියද්දිත් පන්තියෙ හිටිය බටු ඇටෙ නැගිටින්නෙ නැත්තෙ මොකො බලන්න ලගට එනකොට එයටත් වඩා උස යුද්දය හා සාමය රුසියනු පරිවර්තනයක ගිලිලා ඉන්නව දැකලා තට්ටුවල් දාලා පුතෙ මම යනව කියපු එක තමත් මතකයි එතකොට මිස් ඇවිල්ල කියලත් දන්නෙ..පන්තියෙන් සමු ගන්නා දිනයෙදි මිස් දුන්න මහ සයුරෙ වික්‍රමය අදටත් ලග තියෙන කාටවත් දෙන්නෙත් නැති එකම පොත.

ලියන්න කොච්චර කම්මැලිද කියල උඩ කිවුව නෙහ්.. රචනවක් එහෙම ලියො ගන්න හරි අමරුයි. හැමදාම බැනුම්. 4 පන්තියෙදි මිස් බනින එකට කෙන්ති ගිහින් පිටු 80 පොතක් පිරෙන්න රචනව ලියුව.. මොකක් හරි එකක් කතා කරයි කියල මාතෘකාව තිබ්බෙ.. අපෙ අම්ම මැතක් වෙනකන් එ පොත පරිස්සම් කලා තිබ්බොත් 4ටො ටිකක් එල්ලන්නම් කො පසුවට.

වක්‍ය 5 හෙ රචනා වලට එදත් අදත් වයිර කරමි.කියවන්න නම් එක දිගට පැය තුන හතරක් වත් කියවිය හැකි පොතක් වෙන්න ඔනි වගෙම ලියනව නම් මුල මටම අමතක වෙන ගානට ලියන්න ඔනි

ඉන්ග්‍රිසි පන්ති වලදි තමා ඒක නිසා මට්ටු උනෙ.මොකක් හරි grammar rule එකක් උගන්වා කැමති වාක්‍ය 5ක් සින්හලෙන් ලියල හරොපන් කිවුවම ලියාගන්නව පතරන්ග වාක්‍ය ඉලගට #$% ඉරගෙන පරිවර්තනය කරනව..ටිකකින් මටම කම්මැලි උනාම ඔලුව තියන් නිදාගන්නවා ආහැරවනකන්ම...