![]() |
ගූගල් දෙවියාගෙන් |
ගොඩක් දෙනෙක් දන්නා කියන මාලුවෙක් ගැන තමා මම අද කියලා දෙන්න හදන්නේ..අද ගොඩ දෙනෙක් ලස්සනට චුටි බොල් එකක ගෙන හැදුවට ෆයිටර් උන්මදෙකින් තරුණයන් පෙලිච්ච කාලෙකුත් තිබ්බා ලස්සනට අමතරව ඔට්ටු වට කෙටවීම ආදියත් ලංකාවේ බොහොම ජයට වෙච්ච කාලෙකුත් තිබ්බ කියලා අමතක කරන්න හොද නෑ..ඒ තරමටම නැතත් පාසල් සිසුන් අතර මෙය අදටත් සිදුවෙනවා

හැඳින්වීම
සාමානයෙන් ෆයිටර්ස් කියලා හැදින්නුවට මොඋන්ගේ නාමය ඇවිල්ල Siamese fighting fish කියන එකයි ඒවගේම BETTA යන නාමයෙන් මෙන්ම Siamese betta නාමයෙන්ද හදුන්වනු ලබයි..
Belontiidae කුලයට අයත් වන මොහුගේ නිජ බිම කොලොම්බියාව හ තායිලන්තය ලෙස තම වාර්තා වන්නේ අද වන විට ලොව පුරාම විසිරි ඇත.
ජිවන රටාව
සාමානයෙන් වරල් සහිත ශරීරය 7cm පමණ විශාල වෙයි.එසේම මත්සයින් 10,000 කට එකෙක් පමණ 12 cm විශාල සිරුරකට උරුම කම් කියයි..අවුරුදු 2ත් 4ත් අතර ජිවිට කාලයකට උරුම කම් කියයි..හැබැයි කලතුරකින් අපිට හම්බ වෙන මළුවට නම් එච්චර ආයු කාලයක් නැ..එකා සාමානයෙන් අවුරුදු 1.5 තමා උපරිම
පිරිමි සතුන් කලහකාරී ගති ලක්ෂණ පෙන්න අතර වැඩුණු පිරිමි සතුන් දෙදෙනෙකු එක ටැංකියක දැමීම කිසිසේත් නොහැක..ගැහැණු සතුන්
තරමක් සමජ ශිලිය.
ආහාර
සාමාන්‍ය මත්සය ආහාර දිය හැකිය නමුත් අබිජනනයට ගන්න පිරිමි සතුන්ගේ නියමිත වර්ණයන් ලබාගැනීමට blood worms දීම අනිවාර්යයි.
වෙළද පොලේ මෙලෙස ටින් පැවතුනත් මිලෙන් නම් තරමක් වැඩි.
මේවා හොයාගන්න තියෙන හොදම ස්ථානය තම නිවසේ ඉදුල් වතුර බැස යන කානු පද්දතිය..ඔබ එය හොදින් නිරීක්ෂණය කළහොත් රතුපාට ස්ථරයක් දැකිය හැකිය..එක පාරට දැක්කම නම් තේකොල මන්ඩි වගෙඉ(මෙහ පැවිල්ල ඉවර උන ගමන් පැහැදිලි චායා රුප කිහිපයක් දමන්නම්)නගර බද ඉන්න ඈයෝ කණුව බලල ඇවිත් මට බනින්න එපා එහෙම මගුලක් නැ කියල..බට වලින් හෝ කණුවක් දිගේ ගෝස් මහපෝලොවට වැටෙන තැන බලන්න
ලෙඩ රෝග සහ ප්‍රතිකාර
මේ යටතේ සුලබ රෝග සහ ඒවාට ප්රතිකරත් කලාතුරකින් සැදිය හැකි රෝග ගැන කෙටි හැදින්විමකුත් කරන්නම් ෆයිටර් මත්සයන්ට අදාල වෙනයම් රෝගයක් ගැන දීර්ග හැදින්වීමක් අවශ්‍ය නම් කමෙන්ටුවක් ලෙස දමන්න මා මෙයට එය හැකි ඉක්මනින් එක් කරන්නම්
ඩ්‍රොප්සි (dropsy)
.jpg)
බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි.නමුත් බෝනොවන රෝගයකි මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවයයි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය.එමෙන්ම කරමල් අසල රතු පැහැ ඉරක් ද නිරීක්ෂණය කල හැක ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ.මෙහ් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී.ජලයේ ගුණාත්මක භාවය ගැන සැළකිලිමත් වූයේ නම් මෙවැනි බොහෝ රෝග වළක්වා ගත හැකි ය. මෙම රෝගයට ගොදුරු වූ මත්ස්‍යයින්ට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගැනීමට ඉතා අපහසු ය.
Mouth Fungus
මත්සයන්ගේ මුකය වටා සුදු පුල්ලි( පුස් වර්ගයක්) සැදීම මෙහිදී සිදුවෙනවා රෝගය ව්‍යාප්ත වෙත්ම එම පුල්ලිය බුල් බූල් ස්වබාවයක් ගන්නවා කොටන් රෙද්දක් වගේ.මේ අවස්ථවේ මත්සයා අහාර ගැනීම අඩුකරනු ලබයි.රෝගයේ මුල් අවස්ථාවේ අසාදිත මත්සයන් ටැංකියෙන් වෙනකොට වෙනත් ටැංකියකට දැමීම සිදු කල හැකිනම් රෝගය පහසුවෙන් පාලනය වෙනවා..ප්‍රථමික අවදියේදී KMNO4 2-4 ppm යෙදීම පහසුවෙන් කල් හැකි ප්‍රති කාරකයක්..අනෙත් ප්‍රති කාරක වෘර්තිය දැනුම නොමැතිව කියවා කරන්න යාමෙන් මුළු ටැංකියෙම මත්සයින් විනාස විය හැකි බැවින් ඒ ගැන සදහන් කිරීමෙන් මම වලකිනවා..අවශය කෙනෙක් වෙතොත් විමසන්න.
අභිජනනය
වැඩුණු මවු සතුන් ජෝඩුවක් පමණක් කුඩා ටැංකියක අභිජනනය කරවයි.ෆයිටර් මත්සයෙක් ගේ හොදම පරිනත වයස ලෙස සලකන්නේ අවුරුද්ද ක වයස..සාමානයෙන් කඩේ ගැන ඉන්න මත්සයින් මාස 6 ක උපරිම වයස තාමා සිටින්නේ.සාමන්යෙන් එකම වර්ණයේ සහ එකම විදියේ වරල් සහිත සතුන් දෙදෙනෙකු යොදාගනී මන්ද එවිට වර්ණ ගුණාත්මකත්වය ඉහල අගයකින් යුත් පැටවුන් ලබාගත හැකි බැවිනි.අඩි 1 X 1 ටැංකියක් වුවද සැහෙයි.එයට ගල් පතුරක් වැනි යමක් එක කරනවා ගැහැණු සතාට පිරිමි සතා බිත්තර දමා අවසන් වූ ගැහැණු සතාව එලව දමන නිසා සැගවීම සදහා.මුලින් ටැංකියට පිරිමි සත්ව දමා කෙසෙල් හෝ කැන්ද වැනි ශාක පත්‍රයක් දමන්න.පැය 2ත් 5ත් අතර වෙලාවකින් පමණ බලන විට nest එකක් එහෙම නැත්තන් පෙන වලින් කැදැල්ලක් පිරිමි සතා නිර්මාණය කරනවා..ගැහැණු සතාව විනිවිද පෙනෙන ජෑම් වැනි බෝතලයක දාලා ටැංකිය ඇතුලෙන් තැබීමෙන් මේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්.පිරිමි සතා පෙන වලින් කුඩුව සැදු පසු ගැහැණු සතාව ටැංකියට එක්කිරීම සිදු කරනවා..සාමානයෙන් පැය 10- 17 ත් අතර කාලයකි බිත්තර දැමීම හාර කරනවා ගැහැණු සතා.අපි දාන කොලේ උස්සල බැලුවම පෙන අතර සවු ඇට වැනි තද සුදු පාට බිත්තර තාමා මොවුන් දමන්නේ බිත්තර දමා ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ගැහැණු සතාව ටැංකියෙන් ඉවත් කිරීම සිදු කරනවා.
බිත්තර දමා දෙවෙනි දින පැටවුන් එලියට එම සිදු වෙනවා.එලියට පැමිණි පැටවුන් පැය 24ත් 36 ත් අතර කාලයකදී පිහිනීම අරම්බ කරනවා..ඒ වන තෙක් කිසිදු කෑමක් දීමේ අවශ්‍ය තාවයක් නැ
පැටවුන් පෝෂණය හා රැකබලාගැනීම
පැටවුන් පිහිනීම අරන්ම්භ කරන විට කෑම සැපයීම සිදුකල යුතු වෙනවා..වාණිජ වශයෙන් පැටවුන් බෝකරන මධ්‍යස්ථාන වල දී පැරමිසියම් රොටිෆෙරා ඉන්ෆසුරිය වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී බිත්තර කහමද පාන් කල්චර් වැනි දේ ඩිය හැකිය..4 වන 5 වන දවස වන විට බ්රියින් ශිම්ස් තාමා සාමානයෙන් දෙන්නේ ගෘහස්ථව සාදන ඔබට බිත්තර කහමදම දින 10 පමණ වනතෙක් දිය හැකිය.
පැරමිසියම්
එක සශෛලික ජීවියෙකු වන පැරමිසියම් අන්වීක්ෂයකින් පමණක් දිස්වන ජීවියෙකි සමානයන් අපිරිසිදු ජලයේ ජිවත් වන මොඋව්න් අනෙක් අන්වික්ෂිය ජීවින්ගෙන් වෙන්කර හදුනාගැනීම අපහසුය
රොටිෆෙරා
සත්ව ජලන්ගයක් වන මොවුන් අනෙකුත් ජළඟ අතරින් කුඩාම ජීවින් වේ.මෙය මත්සය පැටවුන් සදහා ලබාදිය හැකි ආහාරයකි.
ඉන්ෆසුරිය
බොහොම සැලකිල්ලෙන් ඩිය යුතුයි මන්ද වැඩි වූ විට ටැංකිය අපවිත්‍ර වේ.
වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී
බිත්තර කහමද
කහමදය වතුරේ ඩිය කර රෙද්දකින් පෙරා පෙරාගත් ද්‍රවණය මත්සයින්ට දීම සිදු කරයි.
පාන් කල්චර්
මෙය සැදීමට පරණ මුහුණ ටිකක් සොයගට යුතුයි පළමුව.ඉන්පසු පරණ පාන් ගෙඩියක් ගෙන කුඩා කැබලි වලට කඩා ජලයේ පොගවන්න ඉන්පසු එය තලපයක් වන තුරු අතින් හොදට පොඩි කරන්න ඉන්පසු එය රත් කර නිවෙන්න හරින්න හොදින් නිවුණු පසු කලින් සපයාගත් මුහුම් මුසු කරන්න..ඉන් පසු විදුරු කැබැල්ලකින් වැනි දෙකින් බැදුනේ කට වසා මද හිරු එලිය වැටෙන ස්ථානයක ගබඩා කර තබන්න දින 3කට පමණ පසු කුඩා පණුවන් රාශියක් නීරික්ෂණය කල හැක දින 2ක් 3ක් වයස මත්සය පැටවුන්ට මෙය කදිම ආහාරයක්
වැනි දේ දිය හැකිය..
කුඩා පැටවුන්ට අහාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරනු කිහිපයකි..පැටවුන් දුර්වල බැවින් ඔවුන්ට අහාර සොයා ඔබ මොක පිහිනීමට අවශ්‍ය නොවිය යුතුයි. ඒ සදහා අහාර යෙදීමේදී සැමතැනටම විසිරෙන ලෙස යෙදිය යුතුයි.පැටවුන් ගන්නේ කුඩා අහර ප්‍රමාණයක් බැවින් ඒවා පෝෂණ තත්වයෙන් ඉතා ඉහල විය යුතුයි..ඒමෙනම කෑම වැඩිවීමෙන් ටැංකිය අපවිත්‍ර නොවීමටද වගබලාගත යුතුයි..කුඩා කරුණු වුවත් මේවා පිළිබද අවදානය යොමු නොකිරීමෙන් බොහෝ පැටවුන් විනාස විය හැකිය.
සති 2 කක් පමණ ගිය විට මුල් ටැංකියෙ මසුන් පිහිනනු හොදින් දැකගත හැකිය ඒ අවස්ථාවේදී විශාල ටැංකියකට මාරු කිරීම සිදුකල යුතුයි.මන්ද ඉඩකඩ මදි වීම වතුර අපවිත්‍ර වීම වැනි කාරනා මේ අවස්ථාවේ සිදුවීමට පටන් ගන්නා බැවින්.වතුර අගල් 4ක් පමණ පිරවූ විශාල ටැංකියකට බෝකිරීමට යොදාගත් ටැංකිය පිටින් උස්සන් ගිහින් හැලීම තාමා වඩා සාර්ථක ක්‍රමය..ඒ ක අමාරු නම් කෝප්පයකින් හිමිට වතුර ටික අස් කල යුතුයි..දැලක් බාවිතයෙන් ඇල්ලීම නොසුදුසුයි මන්ද සාමානය මදුරු දැලෙන් ඇල්ලිය නොහැකි තරමට පැටවුන් කුඩා අතර ඊට කුඩා දැලක් බාවිතයෙන් ඇල්ලීමේදී පැටවුන් ඇද වීම තැලීම වැනි දේ මගින් අස්වැන්න අඩුවිය හැකිය..
විශාල ටැංකියක මාස 2ත් 4 ත් අතර කාලයක් වෙන්නොකර සැදීමේ හැකියාව පවතිනවා ටැංකියේ ඉඩ ප්‍රමාණය ලබාදෙන කෑම වල පෝෂනතත්වය වැනි කරන මත එය රදාපවතිනවා..ඉන් පසුව පිරිමි සතුන්ව වෙන්කිරීම සිදුකල යුතු වෙනවා අනිවාර්යෙන්ම.මන්ද යත් මුලදී කිවුවා වගේ කලහකාරී ගතිලක්ෂණ පෙන්වන මත්සය වර්ගයක් බැවින් පිරිමිසතුන් එකිනෙකා කොටගැනීම සිදුවෙනවා.මේ නිසා පිරිමි සතුන්ව වෙන් වෙන්ව ඇති කිරීම සිදුවෙනවා.නිසි පරිදි වරල් වර්ධනය සිදුවන්නේ වෙන්කළ පසුව තාමා..හැබැයි වෙන් කල පසුව සතියකට වරක් වත් පණුවන් ලබාදීම අනිවාර්යෙන් සිදුකල යුතුයි..මාසයක් ඔඅමන වෙන් කර සිටි පසු වෙළදපොලට දැමීමට සුදුසු තත්වයට මත්සයා ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මක බවිනුත් උපරිමේට පැමිනේනවා.
ෆයිටර්ස් ලටම වෙන් උන fb group එහෙමත් තියෙනවා ගොඩක් පින්තුර එහෙමත් තියෙනවා එකේ අලුත් ජාතිවල එහෙම
මෙතනින් ගිහින් බලන්න මාලු ගැන
මෙතනින් ගිහින් බලන්න බෝකරන්නන් ගැන

වල්ගය අනුව නාමකරණය |
ෆයිටර්ස් ලටම වෙන් උන fb group එහෙමත් තියෙනවා ගොඩක් පින්තුර එහෙමත් තියෙනවා එකේ අලුත් ජාතිවල එහෙම
මෙතනින් ගිහින් බලන්න මාලු ගැන
මෙතනින් ගිහින් බලන්න බෝකරන්නන් ගැන
නියමයි ඈ.. ඒ කාලේ මායි අපේ මල්ලියි එයාගේ යාළුවොයි ඉරිදා සෙනසුරාදා දවස් ගෙවන්නේ පයිටෝ දිහා බලාගන,, මේ මොකුත් දන්නේ නෑ ඒ කාලේ,, බිත්තර තම්බලා , මදුරු පනුවෝ අල්ලලා කන්න දුන්නා,, අම්මෝ මාර පිස්සුවක් ඒක.. හොඳ වස පෙනුම පයිටෙක් ඉන්න එක හරියට සුපිරි වාහනයක් තියෙනවා වගේ ,,
ReplyDeleteඅයිත් අහලා...ඉස්සර ෆර්ම් එකේ ඉන්න හොදම උන් ටික මන් ගාව.
Deleteෆයිටර්ස් ලා හදලා නෑ. හැබැයි අනිත් උන්නම් තාමත් හදනවා. ඊයෙත් ගිහිං අඟල් 6 කාප් සෙට් එකක් අරං ආවා.
ReplyDeleteෆුල් මූන් ෆයිටර් කියලා එහෙම අලුත් variety වගයක් ඉන්නවා නේද දැන්?
ෆුල් මූන් හාෆ් මූන් වගේ ගොඩක් හියිබ්රිඩ් ජාති ඉන්නවා නාඩියෝ... ෆයිටස් ලටම වෙන් උන fb group එකක් තියෙනවා එකේ ලින්ක් එක මම පොස්ට් එකට එල්ලන්නම් දැන් ගිහින් බලන්න
Deleteඔබ මගේ අඩවියට කීප වතාවක් ඇවිත් තිබුනත් මම අද තමයි මේ අඩවියට ආවේ. ඔන්න මම මගේ බ්ලොග් රෝලටත් දාගත්තා. හොඳ වටිනා කරුණු ඇතුළත් ලිපියක් ලෙස අගය කරනවා.
ReplyDeleteසුරතල් මසුන් ඇතිකිරීම මමත් කුඩා කාලයේදී යෙදුනු විනෝදාංශයක්. අදනම් බොහොම වියදම් අධික බව පෙනෙනවා. නමුත් ස්වයං රැකියාවක් ලෙස වර්ධනය කරගන්නත් පුළුවන්.
ලිපියේ භාෂා අඩුපාඩු කීපයක් තියනවා. 'රටේ වෙදුන්' යන යෙදුමේ වෙදුන් යන්න අනුක්ත පදයක්. මාතෘකාවකට අනුක්ත පද යොදන්නේ නැහැ. එය 'රටේ වෙද්දු' විය යුතුයි. ඉක්මනින් ටයිප් කරගෙන යාමේදී සිදුවී ඇති අඩුපාඩු, නැවත කියවා බලා නිවැරදි කරනවානම් හොඳයි. 'පුසක්' යන වචනය නොගැලපෙයි. පුස් වර්ගයක් කියන එක තමා නිවැරදි. සඤ්ඤක අකුරු ගැන සැළකිලිමත් වන ලෙස කාරුණිකව ඉල්ලනවා. හැදින්වීම යන වචනය හැඳින්වීම ලෙස නිවැරදි වුනානම් හොඳයි. ඒ වගේමයි මහාප්‍රාණ. බාවිතය යන වචනය භාවිතය වියයුතුයි. තවත් වචන තිබුණත්, ඔබට දැන් ඒවා සොයා නිවැරදි කරගත හැකිවනු ඇති.
ජයවේවා!
බොහොම ස්තුති විචාරක තුමනි වැරදි පෙන්වා දුන්නට.. ගූගල් unicords වලින් මහප්‍රාණ ඖරු වදිනවා හොරයි.ඒවා නැවත නැවත බලමින් හදන්න ඕනි..ඒ වගේම මගේ අක්ෂර වින්‍යාසය පිළිබද දැනුම දුර්වලයි..හැකි උපරිම නිරවද්‍ය තාවයෙන් ලිවීමට හැමවිට ලිවීමට උත්සහ කරන්නම්.බොහොම ස්තුති..
Deleteඅනේ ඔය තුමනි කෑල්ල කපලා විචාරක කියන කෑල්ල විතරක් කියන්න. ඔබට ආශිර්වාද කරනවා වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්නට දරන උත්සාහය ගැන. සමහර අයට වැරදි පෙන්වා දුන්නාම කෝපයට පත්වෙනවා.
Deleteසිංහල යුනිකෝඩ් කොයි එකෙන් ගැහුවත් අඩුපාඩු ඇතිවෙනවා. මම ලිපියක් ලියා දෙවරක්වත් වැරදි හදනවා. ඒත් සමහරවිට අඩුපාඩු ඉතුරු වෙනවා. ලිපිය පලකලාට පස්සෙත් අඩුපාඩු දැක්කම හදනවා. ඔබ කාර්ය බහුල නම් එවැනි දේ කරන්නට වෙලාවක් නැතුව ඇති.
වෙදෝ................... අනේ මන්දා අපිට මේ බ්ලොගය මගහැරිලාද ????? මොනවා වුණත් අද අාවානේ.. දැන් සින්ඩියටත් දා ගත්තා..... මෙන්න ලින්කුව
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
දැන් ඉතින් දිගට ම ඒනවා.. ඒපා කිව්වත්... හරිය???
සාදරයෙන් පිලිගනවා... දිගටම එන්න
Deleteනොපතන්!
ReplyDeleteඒ මොකෝ යකු බලන්නකෝ මුන්ගේ ලස්සන
Deleteගොඩක් වටිනා වැඩක් මචන් දිගටම කරන් යමු...
ReplyDeleteබොහොම ස්තුති මචන් පුළුවන් ඉක්මනින් ගුරාමි ගැන ලියල තියෙන එක පබ්ලිෂ් කරන්නම්..කාල වෙලාව හිග කම තියෙනේ සමහර ඉංග්‍රීසි වචන වලතෙරුම් හොයන්න ගියාම එපා වෙනවා
Deleteමේ බ්ලොග් එකනම් ෆට්ට... කාරනේ කියන්නම්කො.. මම මාළු ඇතිකරන්නෙ 2 වසරෙ ඉදන්. දැන් මම කැම්පස් ඇවිල්ලත් අව්රුදු දෙකක් වෙනව. තවමත් මාළු ඇතිකරනව... මටනම් ඒක පිස්සුවක් වගේ... ඒ තරම් ඇබ්බැහි වෙලා.. පොඩි උදව්වක් ඔිනෙ සහෝ.. මම දෙතුන්පාරක්ම ෆයිටස්ලගෙන් බිත්තර ගත්ත. ඒ උනත් ඒ දෙතුන්වතාවෙම ඒ බිත්තර පුපුරල පැටව් ආවෙ නැහැ. එහෙම වෙන්නෙ මොකද? බිත්තර වලට ඉර එළියත් ඔීනෙද?
ReplyDeleteඉර එලිය නම් අවශ්‍යතාවයක් නෑ සහෝ.අපි ඔක්කොම මාලු හදන්නේ 60% ෂෙඩ් නෙට් යට..බෝකරන එක නම් කරන්නේ වහලක් යට..වැහි වතුර වැටුනොත් බිත්තර සවුත්තු වෙනවා..
Deleteකරුණු කිහිපයක් බලපාන්න පුළුවන්
මවු සතුන් ගුණාත්මක බවයෙන් අඩු කම හැබැයි පැටවූ කිහිපදෙනෙක් හරි එනවා
වැහි වතුර වැටීම..බිත්තර සවු ඇට වගේ සුදුපාටට නරක වෙනවා
සමහර මත්සයින්ගේ පැටවූ 3 වෙනි සහ 4 වෙනි දවසේ එලියට එනවා
මේ බ්ලොග් එකනම් ෆට්ට... කාරනේ කියන්නම්කො.. මම මාළු ඇතිකරන්නෙ 2 වසරෙ ඉදන්. දැන් මම කැම්පස් ඇවිල්ලත් අව්රුදු දෙකක් වෙනව. තවමත් මාළු ඇතිකරනව... මටනම් ඒක පිස්සුවක් වගේ... ඒ තරම් ඇබ්බැහි වෙලා.. පොඩි උදව්වක් ඔිනෙ සහෝ.. මම දෙතුන්පාරක්ම ෆයිටස්ලගෙන් බිත්තර ගත්ත. ඒ උනත් ඒ දෙතුන්වතාවෙම ඒ බිත්තර පුපුරල පැටව් ආවෙ නැහැ. එහෙම වෙන්නෙ මොකද? බිත්තර වලට ඉර එළියත් ඔීනෙද?
ReplyDeleteතෑන්ක්ස්, ගොඩක් දේවල් දැන ගත්තා... තව ඉස්සරහටම යමු. ජය වෙවා!!!👍👍
ReplyDeleteබොහොම ස්තුති
Delete(1)පිවිත කාලය තුල ෆයිටර්ලා පැටව් ජනනය කිරීම කොපමණ වාර ගණනක් සිදු කරයි ද?
ReplyDelete(2) පිරිමි ෆයිටර් කෙනෙක් පැටවුන් බිහිකිරීමේ අවස්ථාවෙන් තොරව තනිව ඇති කිරීම සුදුසු ද?
(3) ෆයිටර්ලා සමඟ එකට ඇතිකල හැකි විසිතුරු මසුන් මොනවාද?
1 මම වාර ගණන නම් ගැනල නෑ
Delete2 සුදුසුයි.. හැම පිරිමි සතගෙන්ම ඇටවූ ලබාගැනීම සිදුකරන්නේ නෑ
3 ආක්‍රමණශීලි නොවන මසුන් සමග ඇති කල හැක නමුත් ලොකු ටැංකියකඩි ෆයිටර් මත්සයාගේ ලස්සන නොපෙනේ
මට දැනගන්න පුලුවන්ද... බිත්තර වලින් පැටවු එලියට ආවට පස්සේ දාවස් කීයකින්ද පිරිමි ෆයිටර්ව පැටවුන්ගෙන් වෙන් කරන්නේ... කියලා..
ReplyDeleteපිරිමි සත අයින් කිරීම අත්‍යවශ්‍ය නෑ සාමානයෙන් සති 3ක් 4ක් යනකොට මත්සය පැටවූ තරමක් ලොකු උනාම අයින් කලට කමක් නෑ
Deleteෆයිටර් පිරිමි සතා පෙන කූඩුව හදලා ඉවරයි
ReplyDeleteගෑනු සතා දැම්මම පන්න පන්න කොටනවා මොකද කරන්නේ?
මමත් ඉස්සර හැදුව පැටවි හැදිල සවස් 2 ක් විතර වුනාම නැතිවෙලා යනව ඇයි එහෙම වෙන්නෙ
ReplyDeleteඑලම
ReplyDeleteDamuhun hoyaganna kohomda?
ReplyDeleteMeka copy karagaththa kamak nadda
ReplyDeleteMage fifighte maluwage kate ara kedi wage hadila behetak kiyanna
ReplyDeleteFightar pataunta sathi dekak wage giyma sidu pata chuti dot wage agapurama avilla marenna gannawa ai e
ReplyDeleteMage female fighter bittra daala habai bubble nest ekk hadala ne male fighter. Bubble nest ekk nethuwa pataw ganna puluwanda. Bubble nest ekak nathuwa bittra pupuranawada
ReplyDeleteපනුවන් ලබා දෙන්නෙ කොහොම්ද ��
ReplyDeleteනියමයි.මට මේක මාර ප්‍රයෝජනවත් වුනා.මගේ ෆ්යිටර්ස්ල ඊයෙ බිත්තර දැම්මේ.මේකෙ තියෙන විදියට කරන්න ඕනා.පට්ටයි.ස්තූතියි
ReplyDeleteකොහෙන්ද ෆයිටස්ලගෙ ගෑනු සත්තු හොයන්නෙ
ReplyDelete