Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label ඇහෙන දකින දේ නිගමන වලින්. Show all posts
Showing posts with label ඇහෙන දකින දේ නිගමන වලින්. Show all posts

Monday, July 25, 2016

දිනාගනු කෙසේ ඇගේ ආදරේ



ගොඩක් අයට වැදගත් වෙන එකක් තාම අද ලියන යන්නේ..
තනිකඩ ජිවිතේ රත්තරන් තනිකඩ කොල්ලන්ගේ සංගමේ වගේ තනිකම වහන්න බොර හේතු මවන අයටත්..එකෙක්ට කෙල්ලෝ 8ක් ඉන්නවා නම් මගේ කෙල්ලොත් තියන් ඉන්න එක හොයා නැ අයියලත් සල්ලි තියෙන්න ඕන කෙල්ලෙක් හොයාගන්න මට කෙල්ලෙක් නේ කෙල්ලෝ මට කැමති නැ කියල හිතන මල්ලිලාටත් එක වගේ වැදගත් මේක..

මම මේක කෙල්ලන්ගේ පැත්ත ගැන ලියන්නේ නෑ.හැබැයි ලගින් ආශ්‍රය කරන කෙල්ලන්ගෙන් දැනගත්ත අහගත්ත දේවල් මේකේ අන්තර්ග්ගතයි.


මුලින්ම කියන්න  ඕනි ෆිල්ම් වල වගේ කෙල්ල ඇවිල්ල කොල්ලගෙන් යාලු වෙන්න  අහන  අවස්ථා විරලයි..නැතුවම නෙමෙයි..ඉතින් එක හින්දා උබට කෙල්ලෙක් ඕනි නම් උබ ටෝක් කරන්න ඕනි.
කෙලින් අහන්න බෑ බෑ වගේ නම් යාළුවෙක් අතේ හරි අහපන්.ටෙලිපති හරි අනෙකාගේ හිත් කියවන්න පුළුවන් කෙල්ලෝ නෑ..හැබැයි ගොඩක් කෙල්ලෝ ආසයි කෙලින් ඇවිල්ල තමන්ගෙන් අහන කොල්ලන්ට..කෙල්ලෝ කියන විදියට කැමති ද කියල අහන්න ගටක් නැති කොල්ලෙක් අනිත් වැඩක් කරන්නේ කොහොමද කියන එක..උබට හොදයි කියල හිතෙන ඕනෑම කෙල්ලෙක්ගෙන් අහපන්..ඕනි තරම් කතා කරපන් කියල කටක් තියෙන්නේ 4කින් 5කින් අහනකොට 1ක් ගොඩයනවා එකෙන්ම..

මුලින්ම කෙල්ලෙක්ට හිත යනවා නෙහ්..එකී ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනි..
  1. කොල්ලෙක් ඉන්නවද
  2. කෙල්ලගේ විනෝදාංශ
  3. කෙල්ල කන්න ආස දේවල්
  4. කෙල්ලගේ පරමාදර්ශී චරිත
  5. කෙල්ලගේ උපදේශක මණ්ඩලය
  6. තව කෙල්ල ගැන හොයාගන්න පුළුවන් ඕනිම විස්තරයක්

තමන් ලස්සන නෑ එකී මට කැමති වෙයිද?  එක දැනගන්න අහන්නම වෙනවා..තමන් ගැන අවතක්සේරු කරන්න එපා..හීනමානය තියාගෙන උබට කෙල්ලෙක්ව තියා බල්ලෙක්වවත් ෆිට් කරගන්න බෑ..
ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට සමත..මම නම් පිළිගන්නෙම නැති බැහැරම කරන කන්සෙප්ට් එකක්...එක දේකට වඩා පුළුවන් උන් ඕනි තරම් ඉන්නවා..හැම එකෙක්ටම අඩුම ගානේ එක දෙයක් වත් පුළුවන්..ඒ හින්ද තමන් ගැන හොද ආත්ම විස්වාසයක් තියාගනින්..
සල්ලි තියෙන එකට විතරයි කෙල්ලෝ ඉන්නේ...ඔන්න කොල්ලනේ ඊළගට අයින් කරගන්න ඕනි තවත් මනස්ගතයක්..සල්ලි තිබීම කෙල්ලන්ව දාගැනීමට පහසු මගක් මිසක් එකම මග නෙමයි..දාගැනීමට වඩා ගැලපෙනවා ඇදට ගැනීමට කිවුවොත්..අපි හැමෝටම තියෙනවා නෙහ් හීනයක් ඕක වචන වලින් මවල පෙන්නන්න පුළුවන් නම් උගේ අතේ අද සල්ලි නැති එක කැපිල යනවා එකෙන්..මම දෙන්නම් උදාහරණ මගේ ජිවිතෙන්ම...ඉස්කෝලේ යන කලේ ඒ හැටි සල්ලියක් නෑ නෙහ් කොල්ලන්ගේ අතේ.මටත් එහෙමයි..හැබැයි ඒ කාලේ  දාලා හිටියේ හොදට දත තියෙන පොෂ් කෑල්ලක්..අපේ වචනයෙන්ම කියනවනම්..මම කෙල්ලන්ට ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ නෑ.මම යන්නේ එන්නේ බස් එකේ.තෑගි ගන්නේ පිටකොටුවෙන් හැබැයි බ්‍රෑන්ඩඩ් ලේබල් ගහපු කොලිටි ඒවා..
කිට මරනවා කියල නුහුරු සපත්තු දෙකක් දාගෙන කාගෙන් හරි ඉල්ලගත්ත නොගැලපෙන සගක් දාගෙන විකාරයක් වෙන්න එපා..උබේ ඇදුම ඩේනිමයි රබර් 2කයි නම් එකෙන් පලයන්..හැබැයි සෙරෙප්පු දෙක හෝදගෙන ඩෙනිම හෝදගෙන කියාගෙන පිළිවෙලට පිරිසිදුවට..
සෙන්ට් ටිකක් ගාන්න වැඩිපුර තියෙන ලොන් ටික කපලා ඩියෝ එකක් එහෙම ගාල සුවදට යන්න..
යාලුවන්ගේ 4න් බයිසිකල් ඉල්ලන් ගිහින් ඇඩ් දාන්න එපා..නොපෙන්නුවට කෙල්ලෝ අපිට වාඩා හොදට බයිසිකල් අදුරනවා..අනික උබට කොච්චර වාහන පදින්න කරන්න පුළුවන් උනත් අනුන්ගේ වාහනේක ගියාම අපි එක පරිස්සම් කරන්න හදන විදිය ක්ලික් වෙනවා..
කෙල්ලෙක්ට උබේ හිත ගියාම බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල..කුඩු කඩලා කුඩු හදන්න යන්න එපා සහගහනවා..මම කවදාවත් අනුමත කරන්නේ නෑ එක..කොල්ලෙක් කාරිය නැත්නම් ඒකිට දැනෙන්න දියන් උබ ඒකිට කැමති කියලා..එකී දිහා බලන් හිටපන්..හිනා වෙයන් පොඩ්ඩක් පස්සෙන් පලයන්..හැබැයි ඕක ගොඩ දවසක් ඕන නෑ..මගේ තියරියට නම් දවස් 4ක් ඇති..කියපන් කෙල්ලට කැමැත්ත..එක පාර උත්තරයක් ඉල්ලන්න එපා කල් අරන් හොදට හිතල කියන්න කියපන්..කෙල්ල නම්බරේ ගන්නේ නෑ වගේ හිතෙනවා නම් එකිත් එක්ක ඉන්න ඊළගට ලස්සන කෙල්ලට නම්බරේ දෙන්න දවස් 2කකින් මෙයාට මේක දෙන්න එතකන් පරිස්සම් කරගන්න කියලා..

දවස් 2කක් තුනක් වැඩිය පෙන්නේ නැතුව හිටපන් ඒ කාලය ඇතුලත උබ හොයාගත්ට කෙල්ලගේ උපදේශක මණ්ඩලය ටෝක් කරන්න ඕනි..ගොඩක් කෙල්ලන්ට ඉන්නවා උපදෙස් දෙන මල්ලි කෙනෙක්..බුවාව ෆිට් කරගත්තම වැඩෙන ගොඩක් ගොඩ..ඊළගට ඉන්නව තමන් ගොඩක් ලස්සනයි කියල හිතන් ඉන්න කෙල්ලෙක්..පැණි නොවන බටර් පාරක් ගාපන් ඒකිට..මොකද එකී තාම උබේ වැරදි කියා කියා කෙල්ලව පස්සට අදින්නේ..
ඊළගට හම්බ උනාම කෙල්ල උබව ෆ්‍රෙන්ඩ්සෝන් එකට දායි..අපි යාලුවෝ වගේ ආශ්‍රය කරලා බලමු වගේ බයිලාවක් එක්ක..අන්න එතැනදී උබේ වචන වල හැකියාව උපරිමේටම ඕනා වෙනවා..
කලින් හොයාගත්ත කරුණ වලින් කෙල්ල ආසා ලෝකේ ඒකිට මවල පෙන්නපන්..
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...



Monday, December 21, 2015

සමාජෙට බම්බු ගහපන්



මේක ගැන ගොඩක් දේවල් බස්සි අක්ක ලියල තිබ්බ මෙතනින් ගිහින් මෙතනින් ගිහින් එකත් බලලම එන්නකෝ නොබලපු 


පනින්ට පෙර සිතා බලන්න..අර්ථ ගණනාවක් ලැබෙන ඉගි වැකියක් උනත් මම දකින්නේ මේකේ තමන්ට ලැබෙන නොලැබෙන දේ ගැන හිතපන් කියන එක..හැබැයි ගොඩදෙනෙක් මේකේ බලන්නේ මේක කලොත් අරය මොනවා කියයිද මෙය කොහොම දකීද කියන එක..මම මේක ගෙන වත්පොත ඇසුරෙන් පොඩි සමීක්ෂණ පාරකුත් කලා..මගේ උන් ගැන සමීක්ෂණ ඕනි නෑ උන් ගැන මම දන්න නිසා හොයා ගත්ත මම දන්න සහ මන් ගැන ඇතුලත් කරලා ලියන්නම් මේක..

මගේ පොඩි කලේ හීනෙ උනේ බුමිතෙල් කරෙත්තේ දක්කන්න..පොඩි කලේ කිවුවේ එලවන්න කියල..ඒ දවස් වල දැක්ක හරි නිදහස් ජිවිතයක් එක..අනිත් රැකියා ගැන ඒ කලේ හරි හැටි දැනුමක් නෑ නෙහ් ජොබ් එකක් කිවුවම හිතේ මැවෙන්නේ ටයි පොල්ලක් දාගෙන බැග් එකක් එල්ලන් උදේ ගිහින් හවස එන ජොබ් නෙහ්..මට ඕනි උනේ නිල ඇදුමකින් තොරව නිදහසේ ඇවිදින්න

මුහුණු පොතේ එක මිතුරියක් අසා උනේ බස් කොන්දොස්තර වරියක් වෙන්න ලු..
මගේ හොදම යාලුවෙක්ට ඕනි උනා පොඩි කාලේ හරක් පට්ටියක් දන්න.උගේ වචනෙන් කියනවනම් උදෙන්ම කිරි ටික ගත්තා කොහෙට හරි දක්කුවම දවල් දවස අතල් එකේ ඉන්න පුළුවන් නෙහ් යාළුවේ අයිත් හවසට ගාල් කරන්න විතර නෙහ් තියෙන්නේ(ඒ දවස් වල ඌ දැකපු විදිය)
තව එකෙක්ට ඕනි උනා වින්කලයක් දන්න ගෙදර ඉදන් අතල් එකේ කරන්න පුළුවන් නෙහ් කියල..
තව එකෙක් ආස උනා නට්ටහාමි කෙනෙක් වෙන්න..බර උසනකොට ඇග ලස්සන වෙනවා බලපන්කො නාට්ටහමිලට තියෙන ෆිට්නස්
තව එකෙක් පේමන්ට් එකේ රෙදි විකුනන්න හීන දැක්ක

ඒ වගේ උදාහරණ ගොඩක් අතරේ ගොඩ දෙනෙක් ට ඕන වෙලා තියෙන්නේ දොස්තර ල ඉංජිනේරුවෝ එහෙම නැත්නම් බැංකුවක රැකියා කරන්න..හේතුව ලෙස ඔවුන් කියන්නේ පිළිගත්තා රැකියා කාර් බාර් අරන් සැපට ඉන්නේ වගේ ඒවා..එහෙම නැත්නම් අපේ තාත්තා ඩොකෙක් අම්මා ඉන්ජෙක් වගේ ඒවා
ඇත්ත සැපට ඉන්න පුළුවන් කලයුතු කැපවීම ඇති මහත්..
එහෙම හිනා දැකපු අයගෙන් කිදෙනක් ඒ තත්වෙට අද ලගවෙලා තිඑයන්වද කියල ගත්තාම ප්‍රතිපලය 3% වගේ පොඩි අගයක්..ගොඩ දෙනෙක් සබ්ජෙට් අමාරුයි බන් එහෙම නාහ්නම් උපේ අසමත් වගේ කරන නිසා කගේ හරි යටතේ වැඩ කරන මාසික වේතනයෙන් සැනසීමකට පත්වෙන්න සිදුවුණ ය වෙලා..

හේතුව අපි පස්සේ කතා කරමු දෙන හැරෙමු මුලින් කිවුව කාන්ඩේ දිහාවට..

ඒ කියන්නේ සමාජෙන් අති උසස් යයි සම්මත රැකියාවලින් ඔබ්බට හිටපු අය දිහාවට..
බුමිතෙල් කරත්තයක් දැක්වීම නට්ටහාමි කෙනෙක් වීම බස්කොන්දොස්තරවරියක් වීම වින්කලයක් දමාගැනීම හරක්පට්ටියක් දාගැනීම
වැනි දේවල්

සමාජෙට අනිවා පහත් රැකියා ඇයි පඩි අඩුයි ලු පිළිගැනීමක් නෑ ලු හැබැයි උබල කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් හිතල බලල තියෙනවද?
මම පේමන්ට් එකේ බිස්නස් කරන උන් එක්ක එකට පේමන්ට් එකේම ඉදන් කොත්තුව බෙදාගෙන කාලා තියෙනවා
බස් කොන්දොස්තර එක්ක එකට සිකරට් එක බෙදන් ගහල තියෙනවා..
වින්කලේ නැන්දා හදල දීපු කහට කෝප්පේ බිබී මාමා එක්ක දවසම කියෝ කියෝ ඉදල තියෙනවා..මාමා එක්ක ගල් බාගේ කඩන ගහල තියෙනවා..
හන්දියට පයින් යන වෙලාවට පොල්තෙල් ටැක්ටරේ (දැන් කරත්ත නැ නොවෑ ලෑන් මාස්ටරේට ටැංකිය පටෝගෙන පොල් තෙල් බෙදනේ) අයියගේ සීට් එක බෙදාගෙන පාරට ගිහින් තියෙනවා
බැංකු පිරෙන්න සල්ලි නැතත් සතුට උන්ගේ ගාව මදි නොකියන්න තිබ්බ..
කඩයක් දාගන්න තිබ්බනම් මාත් අසයි තාම බන් හැබැයි මට මෙහෙම දුකක් නෑ..කඩකුලි අරකුලි මේ කුලී නෑ.පොඩි ගානක් තියන් ඇති හැකි එකාගේ ඉදන් නැති බැරි එකටත් අපි බඩු විකුනනවා පොලිසියෙන් ඇවිල්ල මෙතනින් එලෙවුවොත් වෙනතැනක ලෑල්ල දාගන්නවා..
මොනවා නැතත් රෑට චයිනිස් පාරක් හරි කොත්තුවක් හරි ගෙනිහින් පොඩි එකට දීලා ඌ අසාවෙන් කනකොට මහන්සිය නිකන්ම නිවෙනවා බන්..අපිත් රෑට හොදට කනවා සීසන් කාලෙට බිස්නස් හොද කලෙට කාලක් අරන් ගිහින් හිමිට වගකියනවා රෝස් චිකන් කැල්ලක් එහෙම හපලා..

හැබැයි අර උසස් රැකියා කරන පිරිස හෙලවෙන්න වෙලාවක් නෑ බන් ඊලග මාසේ විබාගයක් තියෙනවා එක ගොඩ දාගත්තේ නැත්තම් අයිත් කල්පෙකට ප්‍රොමෝෂන් නෑ..මට හම්බ වෙන්න ගිය ප්‍රොමෝෂන් එක ගොට්ට අල්ලන එකෙක් කදගත්ත නෙහ් බන්
එහෙම නැත්නම් පොඩි එකාගේ ඉන්ටර්නැෂනල් ස්කුල් එකේ ෆීස් වැඩි කරලා කියල pp , ot කියාගෙන මැරෙනවා..

මම හම්බකරන්න එපා කියනවා නෙමෙයි..ජිවත් වෙන ගමන් හම්බ කරපන්..විදොලා විදොලා හම්බ කරලා ඇති පලයක් නෑ මට නම්..
සමහරු  ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න පුළුවන් දැන් මහන්සි උනාම කියල..යකුනේ උබල යන්නේ පාරවල් වල උබේ ආයුෂ උබ දන්නේ නෑ හෙට මැරිලා ගියොත් උබ ඒ ලෝකෙදිද විදින්න..යට හෝ උඩ ඉන්න ලොක්කට කියන්නද මම එහෙ හම්බ කරලා තියෙනවා ඇති වෙන්න උබ එයින් කොටසක් අරන් මට මෙහෙ ෆුල් මවලස් කරපන් කියලද..
එහෙම ක්‍රමයක් තියෙනවනම් කියපන් අපේ අල්ලපු ගෙදර ඉන්නවා මහප්ප කාරයෙක් දඩ කුනා උගේ එකවුන්ට් නොම්බරේ පාඩම් කොරන් මම ගිහින් යට ඉන්න ලොක්කට දෙනවා(මාව උඩට ගන්නේ නෑ කියල සුවර්)

ඕක කෙනෙක් දකින්න පුළුවන් එදා වෙලා හොයන කන පොඩි මිනිහෙක්ට ප්‍රශ්න අඩුයි කියල..හැබැයි මම දකින්නේ වෙනස් විදියකට
තමන් ලොකු මිනිහෙක්ද පොඩි මිනිහෙක්ද කියන එක තිරණය කරන්නේ රැකියාව නෙමෙයි තමන් මයි..තමන් දකින හීනෙ අනුවයි තීරණය වන්නේ තමන් කවර මිනිසෙක් වෙනවද කියල..


 හැබැයි  ලේසි නෑ තමන්ට ඕනි විදියට ඉන්න එක තමන්ගේ හීනෙ ජයගන්න එක..





තමන් හිතන ඩේ කියන්න කරන්න ගියොත් සමාජේ කරන ඩේ පින්තුරෙන් හොදට පැහැදිලි කරයි..

අනිත් අයගේ කීමට උබ ඩොකෙක් ඉන්ජෙක් උනොත් උබ හම්බ කරයි ගෙවල් දොරවල්ල් හදයි වහනෙකින් යයි(දැන් අහන්න එපා වෙන මොන වෙඩිමක් ද ඕනි කියල) උබ ජිවිතේ විදලද ඒකාලේ කරන්න තිබ්බ ඒවා කරන්න බැරි උනා කියල පසු තැවෙනවද..උබේ හිතෙන්ම අහල බලපන්...




හැබැයි උබ ජිවිතේ හොයාගෙන යන්න ගියොත් සමහර විට උබට කාර් එකක් මුලදී ගන්න බැරිවෙයි ලොකු දැවද්දක් එක්ක කෙල්ලෙක් එන එකක් නෑ.උබට හදවතින්ම ආදරේ කරන ඕනා කට්ටක් කන්න උබ එක්ක එන බය නැතිව මගේ ළමයින්ගේ අම්ම කියන්න පුළුවන් කෙල්ලෙක් ඉදි.එවෙගේම උබ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ ඇවිදලා තියෙයි..ඕන නගරෙක නමක් කියනකොට රසම කෑම තියෙන සයිවර් කඩේ හොදම කාමර තියෙන හෝටලේ ඕනෑ රෑක කොයි වන්නියක වාහනය කැඩුනත් කෝල් එකක් දීපු ගමන් උබව හොයාගෙන එන ඒ ගමේ යාළුවෙක් මුලුගමම ඇහැරවල හරි උබේ වාහනේ හදල දෙන යාළුවෙක් උබට ලංකාව පුරාම ඉදි..
උබේ ළමයින්ට කියන්න සුරංගනා කතා වෙනුවට උබේ කතා තියෙයි..

හැබැයි හීනෙ මගින් නතර කලොත් උබට හැමෝන හිනාවෙයි දෙගුණයක්




දැකපන් හීනෙ ලොකුවට..බුමි තෙල් කරත්තේ දක්කන්න නම් ආසා හීන දැකපන් මුළු ලංකාවටම බුමි තෙල් බෙදන්න..
මටත් තියෙනවා හීනයක්..
කලින් ලිපි යෙන් මම කිවුව මම ඉගෙනගත්තේ එකක් කරන්නේ තව එකක් කියල..ඉගෙන ගත්තේ ආසාවට..හැබැයි මම කරන්නේ මගේ හීනෙ..
හැබැයි මම වාසනාවන්තයි මොකද ගුරුවරියක් උන මගේ අම්ම උබ මෙහෙම ජොබක් කරන්න ඕනි කියල එකක් කවදාවත් කියල නෑ..
අනිත් කෙනා මගේ තාත්තා..කරන දෙයක් හරියට ඉගෙන ගෙන හරියට කරපන් කියල එයා හැමදාම කිවුවේ..
ඕනෑම තාත්තා කෙනෙක් තමන්ගේ පුතා තමන්ගේ ඔපිසියට අවාම තමන්ගේ පුටුවේ වාදිකරලා බලන්න අසා උනාට මගේ තාත්තා මට අසාවට ඒ පුටුවේ වැඩිවෙන්න දුන්නේ නෑ..අදටත් දෙන්නේ නෑ...උබ පුටුවක් අරන් වරෙන් කියල කිවුවේ..
අපි කරන සුරතල් මත්සය ව්‍යාපාරයේ එයා මුලින් දුන්නේ මට ටැංකි වටේ තණකොළ ගලවන්න ඊට පස්සේ දුන්න ටැංකි හෝදන්න
අවුරුදු 4කට පස්සේ තමා මම ඕඩර් එකක් හැඩ්ල් කලේ..
හැබැයි පඩි නැතිව වැඩ කල ඒ අවුරුදු 4ට මම සියලු දේ ඉගෙන ගෙන තියෙනවා මාළු එක්ක පිනලම...

මේ ෆීල්ඩ් එකේ අය නම් දන්නවා ලංකාවෙන් පිටට මාලුවෙක් යවන්නේ ෆාමර් ගේ කෝර්ඩ් එකක් එක්ක..පොඩි පොඩි තැන වලින් එකතු කරන
මාළු නම් අතරමැදියා තමන්ගේ නමට වගකිම් අරන් තමන්ගේ කෝඩ් එක ගහනවා.ගොඩක් මාළු දෙන කෙනෙක් නම් අතරමැදියෝ බොහෝ වෙලාවට ෆාමර් ගේ කෝර්ඩ් එක ගහන්නේ.. මොකද සියලු චෝදානා එන්නේ ඒ කෝර්ඩ් එකට නිසා..මේ ෆීල්ඩ් එකේ හොද අඩු නිසා.. පහුගිය අවුරුදු 3 පුරා මට පුළුවන් උනා කිසිම දෝෂයක් නැතිව ඉන්න..ඒ ගැන බයර් එවපු අගයකිරීමේ ලිපිය පස්සේ මේකට එල්ලන්නම් මම.මම හදන වර්ග මම හරියටම හදනවා හරියට බෙහෙත් හේත් පාලිත තත්ත්ව නිසි ආකාරයෙන් පවත්වගෙනන යනවා.
කවදා හරි මම දකිනවා හීනයක්, ඕනෑම ඔප්ෂන් එකකදී ඩිමන්ඩ් වෙන කෝර්ඩ් එකක් හදාගන්න..මම හදන්නේ ටිකයි මිලත් ටිකක් වැඩි මොකද ගුනත්මක බවෙන් ඉහල නිසා හදන ටික හරියට හදනවා..වැඩි මිලට කුණු කන්දල් විකුනන්නේ නෑ කවදාවත්..ලංකාවේ හොදම ෆාමර් වෙනවා මම කවදා හරි..ඊලග හීනෙ සිංගප්පුරුවේදී මම හැබැහින් දැකපු චිනේ ඇමරිකාවේ අන්තර්ජාලයෙන් දැකපු ලංකාවේ දැනට නැති සියලු විද්‍යාගාර පහසුකම් සහිත (ජාන ඉංජිනේරු තාක්ෂණයද සමග) ෆාර්ම් එකක් හදන්න..එක මම හදනවා 

හීනයක් තියාගනින් එක සුදුද කළුද වැඩක් නෑ.මොකද ඔය ජිවිතේ උබේ..හැබැයි ආසාව තුලින් දැකපන් හීනයක් එකේ හිනිපෙත්තටම යන්න..ගල් මුල් වැඩි මේ පාරේ පටන් ගන්නකොට හිනාවෙනවා හැමෝම..ගනින් ඒ හිනාවෙන් පන්නරය වැඩවලින් ගහපන් හිනාවෙන උන්ට රිදෙන්නම.. උබ දිනපු දාට හිනා උන උන් ඔක්කොම උබ ගාව දෙකට නැමෙනවා..

තමන් තමන්ට ඕනි කෙනා නැතුව වෙන කෙනෙක් වෙනකොට හැටි වැටෙන්නේ තමන්මයි වචන 1000කින් කියනවට වඩා ඒ කතාව පහල පින්තුර 2කෙන් තේරෙයි කියල මම හිතනවා




Friday, December 18, 2015

රැකියාවයි විනෝදයි


රැකියාව කියන එකක් හැමෝටම ඕනි නෙහ්...නුතන ලෝකයේ දෙන්න දෙමහල්ලන්ම රැකියා කලත් නිවසට වී දරුවන් බල ගන්න ගෘහනියන් නැතුවමත් නොවේ..හැබැයි පිරිමියෙක් නම් අනිවාර්යෙන් කුමක් හෝ රැකියාවක් කල යුතුමය

උඩ තියෙන පින්තුරෙත් මනෝමන්දිර බ්ලොගයේ මෙන්න මේ ලිපියත් කියෙවුවම මට හිතුන මම හිතන දකින දේත් අකුරු කලොත් හොදයි කියල..

රැකියාවක් කිවුවට රැකියාව කියල මුදලට ජිවිතේ විකුණන එකට නම් මම කැමති නැ..

මම AL මැත්ස් වලින් කරේ කැම්පස් යන්නවත් ඒ ක්සේශ්‍රයේ රැකියාවක් කරන්නවත් බලාපොරොත්තුවෙන් නෙමෙයි..මම මැත ට අසයි ඉතින් මම කළා..මගේ රැකියාව ව්‍යාපාරික ක්සේශ්‍රයේ එකක් කියල මම තීරණය කලේ O/L කරන කාලෙදිමයි..
දැන් අහන්න එපා එහෙනම් ඇයි මැටි පුසෝ කොමස් කලේ නැත්තේ කියල..
පැහැදිලි හේතු 2කයි
1 අපේ මවු යානය කොමර්ස් ගුරුවරියක්..ගෙදර ඉස්කෝලයක් කරගන්න ඕනි උනේ නෑ මට(ක්ලාස් කට් පාරක් දාල ගෙදර ආවත් අහුවෙනව නේ විෂය දන්න කෙනා පොත බලපු ගමන් මම මට්ටු)
2 මම කොමට වඩා මැතට අසයි.

මම හිතන පතන විදියට ගැලපෙන හරි අපුරු යාලුවෝ ටිකක් ඉන්නවා මට..
සාරා ඌගේ විනොදන්ශේ චයරුප ශිල්පය හැබැයි ඌ 4ටො ග්‍රැපර් කෙනෙක් නම් නෙමෙයි..ඌ ග්‍රැපික් ඇන්ඩ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.වීනොදන්සේට සම්බන්දයි

හසියා ඌ අසා වයර් පුට්ටු කරන්න ඌ අද පිච්චුනා කියන මදර් බෝඩ් එකේ ඉදන් බෝඩ් පිච්චිච iphone එක දක්කවා හදනවා

චමිලය  ඌ ආසයි යකඩ වලට තාක්ෂණය එකතු කරන්න..අද ඌ රෝල ශටර් ගරිල් ගේට්ටු cctv systam නියෝන් ඇඩ්වටයිසින් බෝර්ඩ් අනන් මනං හැම එකම කරනවා 

තඩියා ඌ අසා විකුනන්න හැමෝම කට්ට කියන ෆිල්ල්ඩ් එකක උටම කියලා ඒජන්සි තියෙනවා දැන්

තව ගොඩක් දෙන්න පුළුවන් මට මගෙම උන්ගෙන්ම උදාහරණ මේ එකෙක්ටවත් පැය 6 8 වැඩමුර නෑ.. හැබැයි හැමෝම ෆුල්ම අතල් එකේ ඉන්න උන් හේතුව උන්ගේ විනොදන්සය රැකියාව කරගත්ත නිසා..
පැය ගාන බලන්නේ නැතුව වැඩ කරන වෙලාවට බැහැලා වැඩ කරන නිසා අපිට විවේකය ඕන උනාම ඕන තරම් තියෙනවා 
සති අන්තෙට හිතුනොත් මැදක බෝතලයක් ගහන්න
පූල් එකක ගිලිලා ඉදල කාලා කරලා එන්න 
මාස 2ක 3නකට සැරයක් ට්‍රිපක් යන්න මුදල් විවේකය 2කමැ අපිට තියෙනවා..සල්ලි පිට සල්ලි හොයන ගොඩ දෙනෙක්ට නැති විවේකය අපිට උපරිමයෙන් තියෙනවා..


ඒ වගේම අපිට ප්‍රතිපත්ති ගරුකව ජිවත් වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.අපේ සෙට් එකේ හැම එකටම වගේ මටත් පොඩි පොඩි හැකියාවන් කිහිපයක්ම තියෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවා.
සල්ලි මත්තෙම ජීවිතය දුවන්න අවශ්‍ය තාවයක් දැනට නම් අපිට නෑ..ඉස්සරහටත් එහෙම වෙන්න කියල පතනවා..ප්‍රතිපත්තියක් විදියට අපි සෙට් එකම යාලුවන්ගෙන් ලාබ ගන්නේ නැ..
ඒ වගේම තමන්ගේ රැකියාව තියෙනවා නෙහ්..උදාහරණයක් විදියට මම රැකියාව  ලෙස කරන්නේ සුරතල් මසුන් අභිජනන ගොවිපලක් පවත්වාගෙන යාම..මම සල්ලි හම්බ කරන්නේ එකෙන් විතරයි..හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය.තවම ඉගෙන ගන්නවා ඉදිරියේදී ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න හිතන් ඉන්නවා..
ඊට අමතරව ග්‍රැෆික් නිර්මාණ කරණය විදුලි උපකරණ අලුත්වැඩියාව මෝටර රථ අලුත්වැඩියාව ගෘහ විද්වුත් පරිපථ කැත්තේ උදැල්ලේ ඕනිම වැඩක් වැල්ඩින් වැඩ ලේත් වැඩ එකී මෙකි තවත් සැහෙන්න වැඩ ගණනාවක් පුලුවන් උනාට මම එවැන් සල්ලි හොයන්නේ නැ..
මේ ලිපිය ලියන අද දිනත් මම යාළුවෙක් එක්ක ඇඩ්වටයිසින් බැනර් වගයක් හයි කරන්න ගිහින් අවේ..පාන්දර 4යි වෙලාව.නිදිමත නැති නිසා ලියනවා.අපේ සෙට් එකේ උන්ට හදිස්සි වැඩක් ගෝලයෙක් නැති අවස්ථාවක් කුලියට ගෝලයන් ගැනීමට නොහැකි කාල වගේ අවස්ථාවලදී අපි අපිටම උදවු කරගන්නවා.එකට හැකියාවත් තියෙන්නේ අපිට ඇති තරම් නිදහස තියෙන නිසා
රැකියාවක් කරන මනුස්සයෙක් ට පාන්දර 4 වෙනකන් ඇහැරිලා ඉදල හෙට උදේ අයිත් වැඩ කරන්න බෑ.නමුත් මට තව ට්කකින් පැකින් එකක් තියෙනවා නිදි මතක් මහන්සියක් ගානක් වත් නෑ තව ටිකකින් මම වැඩ පටන් ගන්නවා මොකද මම එකට අසා නිසා මට එක කරන්න පුළුවන්..ඔය ගොඩක් අමතර වැඩ ඉගෙන ගත්තෙත් යාලුවෝ එක්ක ගිහින්ම තමා.
සාමානයෙන් කෙනෙක් නෑදෑ හෝ අසල්වැසි ගෙදරකට එනවා කිවුවම ඒ ගෙදර මිනිස්සු කෑම බිම හදාගෙන දුක සැප ආගිය විස්තර කතා කරන්න බලාගෙන ඉන්නවා නමුත් මට අනිත් පැත්තත..මම එනවා කිවුවම ගෙදර වැඩකරන්නේ නැති ලයිට් කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන බලන් ඉන්නව හදාගන්න..වෙන කෙනෙක් මග අරින කට්ටි පනින එවැනි අවස්ථා මම යන්නේ එකට ලෑස්ති වෙලා ආයුධ මල්ලත් අරගෙනමයි..ඒ මම ඒ වැඩ වලටත් අසා නිසා.ඒ වැඩ වලින් අද වෙනකන් රුපියලක් වත් උපයල නෑ..උපයන්නෙත් නෑ මොකද එක මගේ රැකියාව නෙමයි.අසල්වාසීන්, බොක්කෙම ෆිට් උන් ඇරෙන්න අනිත් සාමාන්‍ය යහළුවන් අනන්තවත් සේවයට මුදල් ගෙවන්න සුදානම් උන වාර අනන්තයි කිසිදිනක මුදල් අරන් නෑ..
ඒ වගේම මගේ ව්‍යාපාරය තොග වෙළදාමක්.යාළුවෙක් සිල්ලරට මාලුවෙක් දෙන්නෙක් ඉල්ලා ගන්න අනන්තවත් එනවා..මාළු ජෝඩුවට  2කට මුදල්  ගන්නෙත් නෑ මම එකත් මගේ ප්‍රතිපත්තියක්.

පඩියට නෙමෙයි ආත්ම තෘප්තියට වැඩකරන්න එතකොට අසාව නිසා වැඩ ගොඩක් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරනවා කියන්නේ මුදල් ගොඩක් නිතැතින්ම ලැබෙනවා.

හැමෝටම විනෝදාංශයක් රැකියාව කරගැනීමට භාග්‍ය ලැබෙන්නේ නෑ එහෙම වෙලාවට උබල වැඩිපුරම ආසා දේට යොමු වෙයන්..වැඩිපුර සල්ලි ලැබෙන දේට යනවට වැඩිය..

මගේ යාළුවෙක් ඉන්නවා බුවා පට්ට ටැලන්ටඩ් ක්රිකටර් කෙනෙක්..ඉස්කෝලේ කලේ පෙන්නපු දක්ෂයතාවය ඔපමට්ටම් කරා නම් අද වෙනකොට බුවා ජාතික කණ්ඩායමේ..ඌ විනාස උනේ කෙල්ලෙක් හින්ද කම්මුලේ අත තියාගෙන අරගෙන් කෝල් එකක් නෑ බන් කියල හුල්ල හූලල හිටිය අවස්ථා ගණනාවකදීම මගේන් වතුර බාල්දියක් හරි ලැබුනා ඌට.එක ගෙන නෙමෙයි කියන්න ආවේ..බුවා ක්‍රීඩාව අරුනකොට අසා මුහුදට ඌව මුහුදු යවන්න කොස් එකකටත් මමම එක්ක ගිහින් ලියපදින්චිත් කරලා ආවා..මොකෙක් කරි කොල්ලට බ්‍රේන් වොෂ් එකක් දීල මුහුදේ ජිවිතයක් නෑ ඊට වැඩ හොයන පුළුවන් නෙට්වාර්කින් කරපන් කියල..ඌ කළා එක අද රස්සාවකුත් තියෙනවා හැබැයි කොල්ල මැරිලා..ඌ වැඩ කරනවා හම්බත් කරනවා හැබැයි ඌ සතුටෙන් නෙමෙයි ඉස්සර හිටපු දගකරයා නෑ උදේ වැඩට යන හවසට ඇවිත් නිදා ගන්න ඔෆ් එකට නිදාගන්න එකෙක් දැන් ඉන්නේ. සතුට හොයාගනින් (ෆාමසියකින් නෙමෙයි) හිතෙන්..

Thursday, July 16, 2015

ලකී බැම්බෝ



එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා නෙහ් මේකත් එහෙම පිස්සුවක් හැදිච්ච කලෙක කරපු වැඩක්..ලාබයක් මිස පාඩුවක් නොවුන මේකේ කම්මැලි කම සහ වෙළදපොල අඩුවීම මත නතර කරපු එකක්..

ලකී බැම්බෝ එහෙම නැත්නම් සැන්ද්‍රියානා යනුවෙන් කොයි කවුරුත් දන්නා මේක ෆෙන්ෂුයි අයිටම් එකක්..අද වේලදපොලේ ගොඩක් නිර්මාණ තිබ්බට ෆෙන්ශුඉ වල නම් තියෙන්නේ බොහොම ටිකයි නිර්මාණ








ප්‍රධාන වශයෙන්ම නැවේ ආකෘතිය සහ තිරිවාන ගල් යෙදු විනිවිද පෙනෙන බජනයේ වතුර පුරවල සහ 3 වෙනි රුපයේ මැද තියෙන ගහ වටේට වතුර පුරෝලා මාලුවෙක් දාලා
නුතන වෙළද පොළ සහ දක්ෂය නිර්මාණකරුවන් හේතුවෙන් ව්විද නිර්මාණ කරලියට පැමිණිලා තියෙනවා..

ඔඩෙල් එකේ රු 1500 වන එකක් පොඩි පැළ තවානක 800 ක් වගේ මිලක් වෙනවා.නමුත් 100 ට 200 ව වගේ බාල්දු මිලගණන් වල ට විකිනුනේ නෑ ඒ දවස් වල නිර්මාණයට වෙන මහන්සිය එක්ක ගුණාත්මක බවකුත් තියාගෙන තම ඒ දවස් වල අපි මිල කිවුවේ..

මේ නිර්මාණය ලස්සන වුනාට නිර්මාණයේ පොඩි කතන්දරයක් තියෙනවා..මුලින්ම 




ෂෙඩ් නෙට් වලින් සැකසු නසරියක හිටවපු පල වලින් තාමා මේක කරන්න ඕනි..එහෙම කියන්නේ නිට්ටබුව පැත්තේ තියෙනවා ගෙවල් වල ඕන තරම් අතු ගන්න නමුත් ගුණාත්මක බැවින් තොරයි වගකීමක් දෙන්න බෑ..රෝග නිරෝධන හැකියාව අඩුයි ඒකාකාරී වර්ණ නෑ වැඩිම ඒකාකාරී නෑ අන්න ඒ හේතු නිසා ඉ ක්‍රමානු කුලව වගාකරපු ගස්ම ගන්න ඕනි..ඒකාකාරී ලෙස නොවැඩිම ඉටා වැදගත් අපි නිර්මාණයක් කලාම එක එක ගස් එක එක අනුපාත වලින් වැවෙන්න ගත්තාම නිර්මාණයේ හැඩය වෙනස් වෙනවා..

මෙහෙම හිටෝපු ගස් උගුල්ලලා නෙමෙයි ගන්නේ නිර්මාණයට අවශ්‍ය උස හිටින්න කපනවා මුල පොළොවේ තියෙද්දී..ඊළගට දවසක් හෙවනේ තියෙන්න ඕනි..ඊළගට මුල් අද්දවීමේ වර්ධක හෝමෝන සහිත ජලයේ දාලා දවස් 2ක් හෝ 3ක් තියෙනවා කිරි මුල් එනකන්..ඊට පස්සේ තාමා වැඩි කොළ වේලිච්ච කොළ ගලෝල ගහ සුද්ද කරන්නේ..ඒ වෙනකොට මැලවිච්ච කිරි මුල් ඇදල නැති ගස් අයින් කරන්න ඕනි..ඊට පස්සේ තවත් දවස් 2කක් විතර තියෙනවා හොදට මුල් අදින්න
ඊට පස්සේ තම විවිද රටා වලට සැකසීම කරන්නේ..ඒ පිළිබද පින්තුර වගයක් ipad එකේ තියෙනවා මෙහ දවස් වල එකේ display රාජයා යන්න ගොහින්

රටා සැකසීමෙන් පසුවත් දවස් 3ක් වතුරේ දාලා තියන්න ඕනි රෝපණය කරන්න කලින්..සැකසීමේදී හනිවෙන ගස් ඒ දවස් 3නෙදි මෙන්න ගන්නවා අන්න ඒවා ඓන් කරලා ඒ වෙනුවට අලුතෙන් දීම කරන්න ඕනි..
ඊට පස්සේ පුළුවන් සුදුසු බදුනක පැල කරන්න. ඒ සදහා කොහුබත් ගෙන කොහුබත් දවස් 2කක් හොද අවුවේ වෙලන්න ඕනි ඊළගට තාමා එකට දිලිර නාශකයක් යොදල හෙවනේ තියන්නේ..මේවා නොකර නිකන්ම කොහුබත් අරන් කරන්නත් පුළුවන් ගෙවල් ඇතුලේ තියෙන ශාකයක් සහ හිරු එලියට නිරාවරණය නොවීම කියන කරනා එක්ක පුස් වර්ග විවිද සතුන් ඇතිවීමේ සම්බවිතාවක් මම පුද්ගලිකව අත්විදලා තියෙනවා..

කොහුබත් මදයේ හොදින් හිරකරගත් ගහට උඩින් සුදු තිරිවාන දීමක් කරනවා වැඩි ලස්සනට
ඊළගට ෂෙඩ් නෙට් හවුස් එකක සතියක් තැබීමෙන් අනතුරුව තාමා වෙළදපොලට නිකුත් කරන්නේ

විකුනන්න විවිද බොරු වගේම විවිද උපක්‍රම අපි පාවිච්චි කළා ඒ ගැන පහලට කියනවා නමුත් රු 900 සිට 12000 දක්කව විශාල මිල ගණන් වල ව්‍යාපාරයක් කරද්දී ගුණාත්මක බව උපරිමෙන් බැලුව..ශාකයකට වගකීම් සහතිකයක් දීපු එකම ආයතනය අපි..අවුරුද්දක් ඇතුලත ගහක් මිය ගියොත් ගහට ගහක් දෙනවා. ඒ වගේම රු 10000 ට වැඩි මිලදීගැනීම් කරන ඕන කෙනෙක්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ..ගහක් පිළිබද කතා කරන ඕනෑම පැමිණිල්ලකට ස්ථානයටම ගොස් සේවාවන් නොමිලේ සැපයුවා..එහෙම කරමින් ගුණාත්මක බවය උපරිමේටම තියාගත්ත..

අවස්ථා 2 කකදී පමණක් මාරු කිරීම් සිදු කිරීමට සිදුවීමෙන් අපේ ගුණාත්මක බව හොදාකාරව පැහැදිලි වෙනවා.

දැන් කියන්නම් විකුනන්න කරපු මගෝඩි

ෆෙන්ෂුයි ක්‍රමේට ඊසාන දිසාවට තාමා ගහ තියෙන්න ඕනි..නමුත් යන සමහර තැන වල ඊසාන ට අහක් තියන්න ඉඩ නෑ තැන බලල තමා අපි දිශාව කියන්නේ
උතුරට වයබට ස්ථානයේ ඉඩ තියෙන පැත්ත තාමා අපිට ෆෙන්ෂුයි පල දීමේ දිශාව..

ඒ වගේම සමහර ආයතන වලට ගියාම කියනව අපි ac ඔෆ් කරන්නෙම නෑ ac එකේ ගස් හැදෙන්නේ නැ නේද කියල ඉතින් ඔය ඉල්ලන් නෙහ් කන්නේ..
සර් 90% ෂෙඩ් නෙට් එකේ cold වෝටර් වලින් සීසන් කරපු ප්ලන්ට්ස් අපි ගව තියෙනවා සාමානයෙන් අපි එකට අඩිෂනල් 500 ගන්නවා සර් ලොකු ඔඩර් එකක් දාපු නිසා එකකට 100 වගේ අරන් දල දෙන්නම් සර් කියල ඇඩ්වාන්ස් එකකුත් අරන් හෙට යනවා මගින් නවත්තල ස්ප්‍රයර් එකකින් වතුර ටිකක් විදන් යනවා ෆර්ම් එකෙන් ගත්ත ගමන් කියල..

මේ ශාකයට පොර ඕනි නෑ මොකද ගහ වර්ධනය කරන්නේ නැති නිසා.පොර ඕනි නෑ කියල සමහරුන්ට කොච්චර කිවුවත් පිලිගන්නේ නැ ඒ වගේම රටේ තියෙන ඒවා දන්නා අහනවා..එහෙම යට ගිහින් දෙනවා අපේ විශේෂ හෝමෝන් මිශ්‍රණය රු 500 ලීටර් 1.5 මාසෙකට මිලිලීටර් 100 ක් දන්නා කියල..එක හදන්නේ ටැප් එකෙන් ගත්ත සුපිරිසිදු වතුරට කිරිමැටි යෝගට් හැන්දෙන් එකයි..හොදට හොලොල ගිහින් දෙනවා..ඕක නොදින්නොත් වෙන මගුල් දාලා ගහ මරාගන්නවා නෙහ්..මටත් මොකෝ 

ටිකක් ලොකු කම්පැනි වලට ගියාම අහනවා කොහොමද හොද කියල මුල් කාලයේ මම මෙතැනට මෙහෙම එකක් හොදයි කිවුවට උන් පිළිගත්තේ නෑ පස්සේ හොයාගත්තා එකට විකල්පයක්..ආයතනයේ 4තො ගන්නවා 4තර අතේ. ඊළගට කියනවා අපේ ඩිසයිනස් ලට දාලා තම සර් බලන්න ඕනි.
මම දැන් මෙහ ටික මේල් කරනවා ඩිසයින බලල කියයි හෙට මම අයිඩියාස් ටිකත් අරන් එන්නම් කියල..අනේ පින්වතුනි උන් එකෙන්ම කැමති වෙනවා මගේ අදහස් වලට..මට ඩිසයිනරයෙක් තියා දයිනොසරයෙක්වත් නෑ..

පොර්ජෙක්ට් ප්රෝපොසල් දෙන්න කියපු තැන් වලට නම් ෆොටෝෂොප් වලින් ගස් ටිකක් අලෝලා ගිහින් පෙන්නලා ගොඩ දාගත්තා





 
 










සියලුම චයරුප සහ හිමිකම් මා සතුයි..
 
ඉහත දැක්වෙන ආකාරයේ රිකිලි නම් ලන්කව්වේදී අපිට හදන්න බෑ ඕව සින්ගප්පුරුවෙන් මැලේසියාවෙන් ගෙන්වන්න ඕන..

බිස්නස් එක කරද්දී මාත් එක්කම හිටිය ගමන් සගයෝ දෙන්න චත්තා සහ මද්දා..ආදරෙන් මටක් කරන්න ඕනි..

Thursday, June 12, 2014

විසේ විතරක් මදි නෝනේ



කෙල්ලනේ තියෙන විසේට පටලෝගෙන ඊළගට නහයෙන් අඩන්නයි කෑගහන්නයි තියාගන්නේ නැතිව මෙහ ගැනත් හිතපල්ලා

අද මම කොල්ලෝ 100% ක් හරි කියන තැන ඉදන් නෙමෙයි ලියන්නේ..හෙබෙයි කොල්ලන්ගේ වැරදි වලට වඩා සබදත්වයක් අසාර්ථක වීමට කෙල්ලගේ බලපෑම කෙරෙහි කතා කරන්න හිතුවා..
විශේෂයෙන්ම වයස 17 - 26 කාණ්ඩයේ බහුලවම පවතින ගැටළු කිහිපයක් ගන්මු අපි

මේක කරන්න මම මගේ යාළුවන් අතරින් කිසිම නිර්නයකයකට යටත් නොවී ගැහැණු 50ක් සහ පිරිමි යාළුවන් 50ක් සොයා ගත්තා..
එයාලගෙන් මත විමසුමකුත් කරලා ගත්ත විස්තර වලින් තම මේක ගොඩනැගෙන්නේ..
 මම මොවුන්ගේ යෝඋන් ප්‍රේමය සහ එය බිදවැටීමට හේතු තම හෙවුවේ..
17ට වැඩි කොල්ල්ලෝ 50 න් 10 දෙනෙක්ම යොවුන් ප්‍රේමය විදලා තිබ්බේ නෑ හැබැයි කෙල්ලෝ 50 න් 4 දෙනයි මෙහ අද්දැකීම විදාලා තිබ්බේ නැත්තේ..

වයස 17 22 අතරේ පසු කොල්ලන් පෙම් සබද තාවයක් ඇතිකරගැනීමේ හේතු මෙසේ ලගු කරන්න පුළුවන්


  • අනිත් අයටත් තියෙන නිසා
  • අතල් එකක් ගැනීම
(මාත් ඔය කලේ කලේ ඔය හේතු 2 කටම නෙහ්)

හැබැයි කෙල්ලේ මිට වෙනස්..ගොඩක් උන් කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ විවද හේතු නිසා වුවත් යාලු උණෙන් පස්සේ හිතන්නේ සැමියෙකු ලැබුන කියාලා
එකේ නරක පැත්ත තමයි ප්‍රශ්නයක් අවම තමන්ගේ තාත්තට ඉස්සෙල්ල කොල්ලට කියන එක..කෙල්ලන්ට කවදාවත් බෑ තාත්තාට කියන්ට ඕනි එවයි කොල්ලට කියන්න ඕනි ඒවි වෙන් කරලා අදුරගන්න..
ගොඩක් උන්ට මෙහ වයසේදී තමන්ගේ ප්‍රශ්නයක් වත් විසදගන්න බැරි වයසක ඉන්න කොල්ලෙක් කොහොමද කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් විසදන්නේ...ඊට පස්සේ කෙල්ලන්ගේ සුපුරුදු වාක්‍ය 
ඔය මගේ කිසි දෙකට නැ ඔය මට ආදරේ නෑ..වෙන කෙනෙක් කිවුවනම් ඔයා පැනල කරන්නේ..බ්ල බ්ලා බ්ලාලා...
අම්ම තාත්තා කන්න බොන්න දෙනවා නෙහ්..මුලය මය ප්‍රශ්න ඊළගට ඉහල තැන වලින් ලබාගත යුතු උදවු උපකාර..
ඒ වගේම කොල්ලෙක් කරදර කරනවානම් සෙට් පිටින් ගමට බහින වැඩ වලට කොල්ලෝ එකෙන්ම..[හැබැයි teen wolf එකේ වගේ ඇල්ෆා(සෙට් leader ල) බීටාවෝ(සෙට් ඉන්න උන්) වගේම ඔමෙගාවෝ(තනියෙන් ඉන්න සෙට් නැති කොල්ලෝ)]ඉන්නවා කියල මතක තියාගන්න ඕනි.තමන්ගේ එක කොයි ගනයේද කියල තෝරාගන්න ඕනි බොලලමයි...
නිබන්දනයකට කරුණු ඕනි නම් හොයාගන්න අමාරු tute  ටිකක් පොතක් ගැන කියන්නකෝ කොල්ලට..ලොවෙත් හොයල දෙනවා...

මෙවැන් එපිටට ගිහින් හැම දේම කොල්ල කරන්න ඕනි කියන තැන ඉන්න කෙල්ලෝ ඉන්නවා නම් දුක් විදලා හදාගත්ත අම්ම තාත්තා ට ටාටා කියල කොල්ල එක්ක පැනල පලයවූ..පැනලා ගිහින් බදින එවෑ විවාහය සාර්ථක වීමට 40%ක සම්බවිතාවයක් තියෙනවා

ඊළගට කියන්න එපා මෝහකටවත් නැති පබයෙක්ගෙන් වැඩක් නෑ කියල..
උබලා කොල්ලන්ට ලබාදෙන වැඩි වැරදි කෙල්ලනේ..හරියට washing maction එකට හාල් දාලා ඉදෙනකන් බලන් හිටියට වැඩක් නෑ වගේ තමා...

උබලටත් හැගීම් දැනීම් තියෙනවා නෙහ්...කොල්ලගෙන් ඉල්ලාපන් කෝ කට ඇරලා කිස් එකක් අතල් එකක් කොල්ල පැනලා දෙයි..ඕන එකකටත් හරි නැත්තම් තමා ඌ ගැන සලකල බලන්න ඕන..
සමහර කෙල්ලෝ කියන විදියට අනි ඕව අපිට ඕනි නෑමට ඒවා නැතාට ඉන්න පුළුවන් වගේ හිතෙනවා නම් ඉස්සරහට අරන් පලයල්ලා..මගේ නොම්බරේත් සෙවූ කරගනිල්ල කවද හරි ඕන වෙයි..

ඔන්න ඔහොම අටල් එකක් අරන් පොටක් පතක් බලාගෙන මලක් පහනක් පුජ කරගෙන හිනාවෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉදල බලපල්ලකො ජිවිතේ කොච්චර සුන්දරද කියලා..

මේක කිට්ටුවෙන් යන එක අපේ ස්කුබිත් ලියල තියෙනවා මෙතනින් යන්න

හැබැයි ගැනු මෙහෙම කරන්නේ උපතේ කෙස් එකකුත් තියෙනවා එක මෙතනින් යන්                                                                        මෙතනත් තියෙනවා



Thursday, January 16, 2014

අසයි බයයි බෝට්ටුවේ නමයි

httpwww.gettheguy.co.ukattract-menflirt-with-men

රටක්  සංවර්දනය වෙනකොට සමාජීය ආකල්ප වෙනස්වීම නිතතින්ම සිදුවන්නක්....නමුත් වාසනාවකටද  අවසනවකටද මන්දා ආකල්ප සංවර්දනය අපේ රටේ නම් ඉතාම මන්ද ගමිවයි සිදු වෙන්නේ..

හැම කොල්ලම ආසයි පට්ට කැල්ලක් දාගන්න (ඇයි සම්පුර්න ඒවා අවුල්ද කියලා අහන්න එපා..කැල්ල කිවුවේ කෙල්ලෙක්ට) නමුත් කියෙන් කීදෙනාද එතැනට යන්නේ...ඇයි ඒ අපේ රටේ කෙල්ලෝ අඩු ද. නැ නෙහ් කෙල්ලෝ 3 කාටද 4 කාටද එක කොල්ලයි ඉන්නේ කියල මම මොකක්දෝ සමික්සන වාර්තාවක කියෙවුව මෙ ලගකදී..




















මට කෙල්ලෙක් නැ, මම වෙනුවෙන් තම කෙනෙක් ඉපදිලා නැ,මල් සරට මව අමතක වෙලා ආදී නොයෙක් දේවල් වලින් තමන්ගේ මුණු පොත පුරෝගත්තට වැඩක් නැ..උන් ඒවා දානවා විතරක් නෙමෙයි වටේ පිටේ ඉන්න උන්වත් එකට tag කොරනවා නොවැයි(මට නම් බ්ලොක් කරන්න තරම් කේන්ති යන වැඩක් එක)


තනිකම උන්ට සැපක් නම් මේවා දානවද නැ නේ එක අතල් නම් කට පියන් විදිනවා මිසක් කෑගහන්න ඕන නැ නෙහ්..මෙහ කැගහන්නේ සතුටටද??
දුක නැති කරගන්න ගන්න ව්‍යායාමයේ තවත් එක උත්සහයක් විතරයි...

මගේ බොක්ක ඩයල් එකකුත් ඉන්නවා මෙහ් වගේ.....මුණු පොත තනිකමේ අභිමානයෙන් පිරිලා හැබැයි කෙල්ලෙක් දෙකක ගමන් බුවා දිව අඩියක් විතර දික්කොරන් පැණි හැලිල්ල කොරනවා අපිට සසරම කලකිරවන්න........

ඇත්තටම මේකට හේතුව මොකක්ද??


මම නම් හිතන විදියට මේක මානසික ව්‍යදියක්...ඔවුන් බොහොමයක් දෙනාගේ ආකල්ප එක සමානයි..

කෙල්ලෙක් මුන් දිහා බලල මනුස්ස කමට හිනවුනොත් කියන්නේ " මචං අරකි මට සෙට් ඕකිව මට එකෙන්ම දන්න පුළුවන්..ඒකිගෙන් අහන්න විතරයි තියෙන්නේ " එහෙම වෙන අවස්ථාත් තියෙනවා නමුත් අවුල කියන්නේ මුන් කවදාවත් ඒ කෙල්ල ඉස්සරහට ගිහින් අහන්නේ නැ.........කෙල්ල එක්ක කතා කරන්න අවස්ථාව හදල දුන්නම කෙල්ලට වඩා අබැරෙන්නේ මෙහ් කොල්ලෝ...
මගේ යාළුවෙක් ඉන්නවා මුට කැමැත්තෙන් කෙල්ලෙක් හිටිය නමුත් මෙකා එකිගේන් ඇහුවේ නැ කැමැත්ත..
ඒකිගෙන් අහන්න දෙයක් නැ එකී මට කැමති ගග හිටිය..ඒ උනාට ඒකිව හම්බ වෙන්න යන්නේවත් cl එකක් දෙන්න්නෙවත් නැ..අනේ අන්තිමට එකී වෙන කොල්ලෙක්ට සෙට් උනා.. දෙන අපේ ඩයල් එක කියෝනව ගැනු විස්වාස කරන්න බැ අරකයි මේකයි කියලා...

කොල්ලනේ,කෙල්ලෙක් අපෙන් කැමැත්ත අහන එක බොහොම කලාතුරකින් වෙන්නේ අහවල් එකක් තිබ්බ පලියට කොල්ලෙක් වෙන්නේ නැ..වැඩ වලින් කොල්ලෙක් වෙයන් අසාවල් තියෙනවා නම්.... කෙල්ලෙක් ඕන නම් තොල්කයෝ ඕන නැ කෙලින්ම ගිහිල්ල අහපන්..බෑ කිඋවොත් ඒකිට කොල්ලෙක් ඉන්නවද හොයල බලපන්..කොල්ලෙක් නැත්තම් අයිත් අහපන් කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න අමාරු නැ කොල්ලෙක් විදියට වැඩ කිරීමයි අවශ්‍ය වෙන්නේ..........

බඩුවක් ගහන්න ගියත් හත්වෙ මේකයි (2.50 එකක් නම් උබල් වටේ කැරකි කැරකි එයි..කොලිටි එකක් නම් ඒකිගේ රෙස්පට් එක්ක එකී ඉදි උබල කථා කරනකම්........... අසව විතරක් තිබිල වැඩක් නැ බය නැති කරගනින්...
මුලින් අහන කෙල්ල බෑ කියයි සමහර විට කනට ගහන්නත් ඉඩ තියෙනවා...සැලෙන්න එපා බොලවූ......හිත කලබල කරගන්නේ නැතිව වචන පටලගන්නේ නැතිව අහපල්ලා එතකොට කනට ගහන්නේ නැ... වැඩිම උනොත් බෑ කියයි......ඒකිගේ යාලුවගෙන් අහපන් එකී හරි කැමති කියයි.................



Sunday, November 24, 2013

෴ අයියේ කන මගේ ෴

                 පාරට බට විට මගේ කටේ නිතරම රැවු දෙන වචන සෙට් එකක් තමා අයියේ හෝන් එක උබේ උනාට කන මගේ..ඕකත් එක්ක රියදුරු ගේ උභය පාර්ශවය මතක් කිරීමකුත් සිදුවෙනවා..හැමදාම ඔහොම වෙනකොට හිතුව ඕක ගැන පොස්ටුවක් ලියන්න..යාලුවෝ ගැනයි කවි කෙලපු පිස්සුයි ගැන ලිය ලිය හිටිය මගේ ඇහෙන දකින දේ ගැන ලියන පලවෙනි පොස්ටුව...දොසක් දුටුවහොත් සදොස් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි

දැලේන් ඉස්සුවේ

ආඩම්බරකාර තාත්තා එක්ක අස්චර්යට ගමන් කරන අපේ රියදුරෝද අස්චර්යේ වැඩ දිනෙන් දින තව තවත් වැඩි වෙමින් පවතී.........
ඒ අතරින් වාහන නලා ගැන නම් කතා නොකරම බැරිය...
දැලේන් ඉස්සුවේ










ශබ්දය සදහා වන පරිසර ප්‍රඥප්තිය කියා එකක් තියෙනවා කියලා කියෙන් කීදෙනෙක් දන්නවා ඇද්දදැයි පාරට බට විට මොනවට පැහැදිලි වෙයි...එසේම මෝටර් රථ පනතෙහි ආකාරයට මෙය මෙසේ විය යුතුයි..


වාහනයක නළා ශබ්දය මීටර් 7ක් දුරට ඩෙසිබල් 93කින් ද, මීටර් 2ක් දුරට ඩෙසිබල් 105කින් ද යුක්ත විය යුතු බව මෝටර් රථ පනතේ නියමයයි.

මේක මනින්න 
දැලේන් ඉස්සුවේ ශබ්දය මනින ජිරිබිරිස් එකක්

මෙන්න මෙහ වගේ ජිරිබිරිස් එකක් තියෙනව..මේකේ මිල අසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා....

ගොඩක් ලංකාවේ උන් වාහන එළවන්නේ හෝන් එක ඔබාගත්ත ගමන්මයි විශේෂයෙන් පුද්ගලික බස් රථ රියදුරන් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් අතර මෙය බහුලව සිදුවන්නක්...එකෙන් අදහස් වෙන්නේ නැ අනිත් රියදුරන් අතින් මේක වෙන්නේ නැ කියලා
දැලේන් ඉස්සුවේ බහුතරයක් මෙහෙම තමා










අපේ අසල්වැසි රට ඉන්දියාවේ ද මෙහ් තත්වේ මෙතරම් දරුණු නැහැ...
දියුණු රටවල් වල හෝන් එකක් ගහන්නේ නැතිම තරම්...









මේක ගහල තියෙන තැනකවත් ඔය පුරුද්දෙන් මිදෙනවා මම දැකල නැ...

මෙම ප්‍රශ්නයට ප්‍රදාන හේතුව ලෙස මම නම් දකින්නේ රියදුරන් ගේ අඩු අද්‍යාපන තත්වය සහ නලාව බාවිතා කල යුතු අවස්ථා පිළිබද හරි අවබෝදයක් නොමැතිකම