Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 21, 2015

සමාජෙට බම්බු ගහපන්



මේක ගැන ගොඩක් දේවල් බස්සි අක්ක ලියල තිබ්බ මෙතනින් ගිහින් මෙතනින් ගිහින් එකත් බලලම එන්නකෝ නොබලපු 


පනින්ට පෙර සිතා බලන්න..අර්ථ ගණනාවක් ලැබෙන ඉගි වැකියක් උනත් මම දකින්නේ මේකේ තමන්ට ලැබෙන නොලැබෙන දේ ගැන හිතපන් කියන එක..හැබැයි ගොඩදෙනෙක් මේකේ බලන්නේ මේක කලොත් අරය මොනවා කියයිද මෙය කොහොම දකීද කියන එක..මම මේක ගෙන වත්පොත ඇසුරෙන් පොඩි සමීක්ෂණ පාරකුත් කලා..මගේ උන් ගැන සමීක්ෂණ ඕනි නෑ උන් ගැන මම දන්න නිසා හොයා ගත්ත මම දන්න සහ මන් ගැන ඇතුලත් කරලා ලියන්නම් මේක..

මගේ පොඩි කලේ හීනෙ උනේ බුමිතෙල් කරෙත්තේ දක්කන්න..පොඩි කලේ කිවුවේ එලවන්න කියල..ඒ දවස් වල දැක්ක හරි නිදහස් ජිවිතයක් එක..අනිත් රැකියා ගැන ඒ කලේ හරි හැටි දැනුමක් නෑ නෙහ් ජොබ් එකක් කිවුවම හිතේ මැවෙන්නේ ටයි පොල්ලක් දාගෙන බැග් එකක් එල්ලන් උදේ ගිහින් හවස එන ජොබ් නෙහ්..මට ඕනි උනේ නිල ඇදුමකින් තොරව නිදහසේ ඇවිදින්න

මුහුණු පොතේ එක මිතුරියක් අසා උනේ බස් කොන්දොස්තර වරියක් වෙන්න ලු..
මගේ හොදම යාලුවෙක්ට ඕනි උනා පොඩි කාලේ හරක් පට්ටියක් දන්න.උගේ වචනෙන් කියනවනම් උදෙන්ම කිරි ටික ගත්තා කොහෙට හරි දක්කුවම දවල් දවස අතල් එකේ ඉන්න පුළුවන් නෙහ් යාළුවේ අයිත් හවසට ගාල් කරන්න විතර නෙහ් තියෙන්නේ(ඒ දවස් වල ඌ දැකපු විදිය)
තව එකෙක්ට ඕනි උනා වින්කලයක් දන්න ගෙදර ඉදන් අතල් එකේ කරන්න පුළුවන් නෙහ් කියල..
තව එකෙක් ආස උනා නට්ටහාමි කෙනෙක් වෙන්න..බර උසනකොට ඇග ලස්සන වෙනවා බලපන්කො නාට්ටහමිලට තියෙන ෆිට්නස්
තව එකෙක් පේමන්ට් එකේ රෙදි විකුනන්න හීන දැක්ක

ඒ වගේ උදාහරණ ගොඩක් අතරේ ගොඩ දෙනෙක් ට ඕන වෙලා තියෙන්නේ දොස්තර ල ඉංජිනේරුවෝ එහෙම නැත්නම් බැංකුවක රැකියා කරන්න..හේතුව ලෙස ඔවුන් කියන්නේ පිළිගත්තා රැකියා කාර් බාර් අරන් සැපට ඉන්නේ වගේ ඒවා..එහෙම නැත්නම් අපේ තාත්තා ඩොකෙක් අම්මා ඉන්ජෙක් වගේ ඒවා
ඇත්ත සැපට ඉන්න පුළුවන් කලයුතු කැපවීම ඇති මහත්..
එහෙම හිනා දැකපු අයගෙන් කිදෙනක් ඒ තත්වෙට අද ලගවෙලා තිඑයන්වද කියල ගත්තාම ප්‍රතිපලය 3% වගේ පොඩි අගයක්..ගොඩ දෙනෙක් සබ්ජෙට් අමාරුයි බන් එහෙම නාහ්නම් උපේ අසමත් වගේ කරන නිසා කගේ හරි යටතේ වැඩ කරන මාසික වේතනයෙන් සැනසීමකට පත්වෙන්න සිදුවුණ ය වෙලා..

හේතුව අපි පස්සේ කතා කරමු දෙන හැරෙමු මුලින් කිවුව කාන්ඩේ දිහාවට..

ඒ කියන්නේ සමාජෙන් අති උසස් යයි සම්මත රැකියාවලින් ඔබ්බට හිටපු අය දිහාවට..
බුමිතෙල් කරත්තයක් දැක්වීම නට්ටහාමි කෙනෙක් වීම බස්කොන්දොස්තරවරියක් වීම වින්කලයක් දමාගැනීම හරක්පට්ටියක් දාගැනීම
වැනි දේවල්

සමාජෙට අනිවා පහත් රැකියා ඇයි පඩි අඩුයි ලු පිළිගැනීමක් නෑ ලු හැබැයි උබල කවදාවත් ඔවුන්ගේ පැත්තෙන් හිතල බලල තියෙනවද?
මම පේමන්ට් එකේ බිස්නස් කරන උන් එක්ක එකට පේමන්ට් එකේම ඉදන් කොත්තුව බෙදාගෙන කාලා තියෙනවා
බස් කොන්දොස්තර එක්ක එකට සිකරට් එක බෙදන් ගහල තියෙනවා..
වින්කලේ නැන්දා හදල දීපු කහට කෝප්පේ බිබී මාමා එක්ක දවසම කියෝ කියෝ ඉදල තියෙනවා..මාමා එක්ක ගල් බාගේ කඩන ගහල තියෙනවා..
හන්දියට පයින් යන වෙලාවට පොල්තෙල් ටැක්ටරේ (දැන් කරත්ත නැ නොවෑ ලෑන් මාස්ටරේට ටැංකිය පටෝගෙන පොල් තෙල් බෙදනේ) අයියගේ සීට් එක බෙදාගෙන පාරට ගිහින් තියෙනවා
බැංකු පිරෙන්න සල්ලි නැතත් සතුට උන්ගේ ගාව මදි නොකියන්න තිබ්බ..
කඩයක් දාගන්න තිබ්බනම් මාත් අසයි තාම බන් හැබැයි මට මෙහෙම දුකක් නෑ..කඩකුලි අරකුලි මේ කුලී නෑ.පොඩි ගානක් තියන් ඇති හැකි එකාගේ ඉදන් නැති බැරි එකටත් අපි බඩු විකුනනවා පොලිසියෙන් ඇවිල්ල මෙතනින් එලෙවුවොත් වෙනතැනක ලෑල්ල දාගන්නවා..
මොනවා නැතත් රෑට චයිනිස් පාරක් හරි කොත්තුවක් හරි ගෙනිහින් පොඩි එකට දීලා ඌ අසාවෙන් කනකොට මහන්සිය නිකන්ම නිවෙනවා බන්..අපිත් රෑට හොදට කනවා සීසන් කාලෙට බිස්නස් හොද කලෙට කාලක් අරන් ගිහින් හිමිට වගකියනවා රෝස් චිකන් කැල්ලක් එහෙම හපලා..

හැබැයි අර උසස් රැකියා කරන පිරිස හෙලවෙන්න වෙලාවක් නෑ බන් ඊලග මාසේ විබාගයක් තියෙනවා එක ගොඩ දාගත්තේ නැත්තම් අයිත් කල්පෙකට ප්‍රොමෝෂන් නෑ..මට හම්බ වෙන්න ගිය ප්‍රොමෝෂන් එක ගොට්ට අල්ලන එකෙක් කදගත්ත නෙහ් බන්
එහෙම නැත්නම් පොඩි එකාගේ ඉන්ටර්නැෂනල් ස්කුල් එකේ ෆීස් වැඩි කරලා කියල pp , ot කියාගෙන මැරෙනවා..

මම හම්බකරන්න එපා කියනවා නෙමෙයි..ජිවත් වෙන ගමන් හම්බ කරපන්..විදොලා විදොලා හම්බ කරලා ඇති පලයක් නෑ මට නම්..
සමහරු  ජිවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න පුළුවන් දැන් මහන්සි උනාම කියල..යකුනේ උබල යන්නේ පාරවල් වල උබේ ආයුෂ උබ දන්නේ නෑ හෙට මැරිලා ගියොත් උබ ඒ ලෝකෙදිද විදින්න..යට හෝ උඩ ඉන්න ලොක්කට කියන්නද මම එහෙ හම්බ කරලා තියෙනවා ඇති වෙන්න උබ එයින් කොටසක් අරන් මට මෙහෙ ෆුල් මවලස් කරපන් කියලද..
එහෙම ක්‍රමයක් තියෙනවනම් කියපන් අපේ අල්ලපු ගෙදර ඉන්නවා මහප්ප කාරයෙක් දඩ කුනා උගේ එකවුන්ට් නොම්බරේ පාඩම් කොරන් මම ගිහින් යට ඉන්න ලොක්කට දෙනවා(මාව උඩට ගන්නේ නෑ කියල සුවර්)

ඕක කෙනෙක් දකින්න පුළුවන් එදා වෙලා හොයන කන පොඩි මිනිහෙක්ට ප්‍රශ්න අඩුයි කියල..හැබැයි මම දකින්නේ වෙනස් විදියකට
තමන් ලොකු මිනිහෙක්ද පොඩි මිනිහෙක්ද කියන එක තිරණය කරන්නේ රැකියාව නෙමෙයි තමන් මයි..තමන් දකින හීනෙ අනුවයි තීරණය වන්නේ තමන් කවර මිනිසෙක් වෙනවද කියල..


 හැබැයි  ලේසි නෑ තමන්ට ඕනි විදියට ඉන්න එක තමන්ගේ හීනෙ ජයගන්න එක..





තමන් හිතන ඩේ කියන්න කරන්න ගියොත් සමාජේ කරන ඩේ පින්තුරෙන් හොදට පැහැදිලි කරයි..

අනිත් අයගේ කීමට උබ ඩොකෙක් ඉන්ජෙක් උනොත් උබ හම්බ කරයි ගෙවල් දොරවල්ල් හදයි වහනෙකින් යයි(දැන් අහන්න එපා වෙන මොන වෙඩිමක් ද ඕනි කියල) උබ ජිවිතේ විදලද ඒකාලේ කරන්න තිබ්බ ඒවා කරන්න බැරි උනා කියල පසු තැවෙනවද..උබේ හිතෙන්ම අහල බලපන්...




හැබැයි උබ ජිවිතේ හොයාගෙන යන්න ගියොත් සමහර විට උබට කාර් එකක් මුලදී ගන්න බැරිවෙයි ලොකු දැවද්දක් එක්ක කෙල්ලෙක් එන එකක් නෑ.උබට හදවතින්ම ආදරේ කරන ඕනා කට්ටක් කන්න උබ එක්ක එන බය නැතිව මගේ ළමයින්ගේ අම්ම කියන්න පුළුවන් කෙල්ලෙක් ඉදි.එවෙගේම උබ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ ඇවිදලා තියෙයි..ඕන නගරෙක නමක් කියනකොට රසම කෑම තියෙන සයිවර් කඩේ හොදම කාමර තියෙන හෝටලේ ඕනෑ රෑක කොයි වන්නියක වාහනය කැඩුනත් කෝල් එකක් දීපු ගමන් උබව හොයාගෙන එන ඒ ගමේ යාළුවෙක් මුලුගමම ඇහැරවල හරි උබේ වාහනේ හදල දෙන යාළුවෙක් උබට ලංකාව පුරාම ඉදි..
උබේ ළමයින්ට කියන්න සුරංගනා කතා වෙනුවට උබේ කතා තියෙයි..

හැබැයි හීනෙ මගින් නතර කලොත් උබට හැමෝන හිනාවෙයි දෙගුණයක්




දැකපන් හීනෙ ලොකුවට..බුමි තෙල් කරත්තේ දක්කන්න නම් ආසා හීන දැකපන් මුළු ලංකාවටම බුමි තෙල් බෙදන්න..
මටත් තියෙනවා හීනයක්..
කලින් ලිපි යෙන් මම කිවුව මම ඉගෙනගත්තේ එකක් කරන්නේ තව එකක් කියල..ඉගෙන ගත්තේ ආසාවට..හැබැයි මම කරන්නේ මගේ හීනෙ..
හැබැයි මම වාසනාවන්තයි මොකද ගුරුවරියක් උන මගේ අම්ම උබ මෙහෙම ජොබක් කරන්න ඕනි කියල එකක් කවදාවත් කියල නෑ..
අනිත් කෙනා මගේ තාත්තා..කරන දෙයක් හරියට ඉගෙන ගෙන හරියට කරපන් කියල එයා හැමදාම කිවුවේ..
ඕනෑම තාත්තා කෙනෙක් තමන්ගේ පුතා තමන්ගේ ඔපිසියට අවාම තමන්ගේ පුටුවේ වාදිකරලා බලන්න අසා උනාට මගේ තාත්තා මට අසාවට ඒ පුටුවේ වැඩිවෙන්න දුන්නේ නෑ..අදටත් දෙන්නේ නෑ...උබ පුටුවක් අරන් වරෙන් කියල කිවුවේ..
අපි කරන සුරතල් මත්සය ව්‍යාපාරයේ එයා මුලින් දුන්නේ මට ටැංකි වටේ තණකොළ ගලවන්න ඊට පස්සේ දුන්න ටැංකි හෝදන්න
අවුරුදු 4කට පස්සේ තමා මම ඕඩර් එකක් හැඩ්ල් කලේ..
හැබැයි පඩි නැතිව වැඩ කල ඒ අවුරුදු 4ට මම සියලු දේ ඉගෙන ගෙන තියෙනවා මාළු එක්ක පිනලම...

මේ ෆීල්ඩ් එකේ අය නම් දන්නවා ලංකාවෙන් පිටට මාලුවෙක් යවන්නේ ෆාමර් ගේ කෝර්ඩ් එකක් එක්ක..පොඩි පොඩි තැන වලින් එකතු කරන
මාළු නම් අතරමැදියා තමන්ගේ නමට වගකිම් අරන් තමන්ගේ කෝඩ් එක ගහනවා.ගොඩක් මාළු දෙන කෙනෙක් නම් අතරමැදියෝ බොහෝ වෙලාවට ෆාමර් ගේ කෝර්ඩ් එක ගහන්නේ.. මොකද සියලු චෝදානා එන්නේ ඒ කෝර්ඩ් එකට නිසා..මේ ෆීල්ඩ් එකේ හොද අඩු නිසා.. පහුගිය අවුරුදු 3 පුරා මට පුළුවන් උනා කිසිම දෝෂයක් නැතිව ඉන්න..ඒ ගැන බයර් එවපු අගයකිරීමේ ලිපිය පස්සේ මේකට එල්ලන්නම් මම.මම හදන වර්ග මම හරියටම හදනවා හරියට බෙහෙත් හේත් පාලිත තත්ත්ව නිසි ආකාරයෙන් පවත්වගෙනන යනවා.
කවදා හරි මම දකිනවා හීනයක්, ඕනෑම ඔප්ෂන් එකකදී ඩිමන්ඩ් වෙන කෝර්ඩ් එකක් හදාගන්න..මම හදන්නේ ටිකයි මිලත් ටිකක් වැඩි මොකද ගුනත්මක බවෙන් ඉහල නිසා හදන ටික හරියට හදනවා..වැඩි මිලට කුණු කන්දල් විකුනන්නේ නෑ කවදාවත්..ලංකාවේ හොදම ෆාමර් වෙනවා මම කවදා හරි..ඊලග හීනෙ සිංගප්පුරුවේදී මම හැබැහින් දැකපු චිනේ ඇමරිකාවේ අන්තර්ජාලයෙන් දැකපු ලංකාවේ දැනට නැති සියලු විද්‍යාගාර පහසුකම් සහිත (ජාන ඉංජිනේරු තාක්ෂණයද සමග) ෆාර්ම් එකක් හදන්න..එක මම හදනවා 

හීනයක් තියාගනින් එක සුදුද කළුද වැඩක් නෑ.මොකද ඔය ජිවිතේ උබේ..හැබැයි ආසාව තුලින් දැකපන් හීනයක් එකේ හිනිපෙත්තටම යන්න..ගල් මුල් වැඩි මේ පාරේ පටන් ගන්නකොට හිනාවෙනවා හැමෝම..ගනින් ඒ හිනාවෙන් පන්නරය වැඩවලින් ගහපන් හිනාවෙන උන්ට රිදෙන්නම.. උබ දිනපු දාට හිනා උන උන් ඔක්කොම උබ ගාව දෙකට නැමෙනවා..

තමන් තමන්ට ඕනි කෙනා නැතුව වෙන කෙනෙක් වෙනකොට හැටි වැටෙන්නේ තමන්මයි වචන 1000කින් කියනවට වඩා ඒ කතාව පහල පින්තුර 2කෙන් තේරෙයි කියල මම හිතනවා




33 comments:

  1. බෙස්ට් ඔෆ් ද ලක් දුලිත... ඔයා කිවුවා හරි... මටත් ඔයා හොද ගටක් දුන්නා... ඔයාගේ ජිවිතේ ගොඩක් තැන් මං දන්නවා... සමහර විට ටිකක් තැන් වෙන්න පුලුවන්... එක නිසා මට ශුවර් දිගටම යන්න ඔයා දිනනවා අනිවර්‍යයි... සුභ පැතුම් මගෙන්...

    ReplyDelete
    Replies
    1. සුබපතුමට ගොඩක් ස්තුති බිනරියෝ...සුබපතුමට වඩා මට වටිනවා එක්කෙනෙක් හරි තමන්ගේ එත්තම හීනයක් ජයගත්තොත්

      Delete
  2. මම නං මුල ඉදන්ම හිතං හිටියේ බාස් කෙනෙක් වෙන්ඩ

    ReplyDelete
    Replies
    1. අසා වෙන්න බාස් කෙනෙක් වෙන්න හීන දකින්න හෙඩ් බාස් වෙන්න

      Delete
    2. දකින්ඩ දෙයක් නැ වෙලා ඉවරයි

      Delete
    3. දැන් දකින්න තව හීනයක්..අලුත් ශාකාවක් විවුර්ත කිරීම එහෙම නැත්නම් බාස් ගේ සිට සුළු කොටස් නිපදවන නිෂ්පාදකයෙක් වගේ ඕනිම එකක්

      Delete
  3. මට නම් ඕනැ වුණේ පොත් සාප්පුවක වැඩ කරන්න. මොකද එතකොට හිතේ හැටියට පොත් කියවන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. තමන්ගේම කියල පොත් සාප්පුවක් කල් යද්දී පොත්සප්පු ජාලයක් හිමිකරගැනීම ගැන හිතුවොත් කොහොමද

      Delete
    2. අදමයි නේද මේ පැත්තට ආවේ සාදරයෙන් පිලිගන්නවා..දිගටම එන්න කියල ආරාධනාත් කරනවා

      Delete
  4. හෙඩ් බාස් උනා වගේ නෙවී දිගටම හෙඩ් බාස් කම තියාගන්න එක තමයි වටින්නේ...හීනයක් විතරක් කරගන්න ඒවාත් පැවැත්මට බලපානවා..හීන ඇත්ත උනාම කිසි ගතියක් නෑ ජීවිතේ...
    මම නම් ආස මාලු ලෑල්ලකුයි එලෝලු කඩේකුයි දාන්න...කොහෙද යාලුවොන්ගෙන් කිසි සපෝර්ට් එකක් නෑනේ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..ලබාගත් තන පවත්වාගෙන යාමත් වැදගත්.. මගේ හිනා එලි වෙන්නේ නෑ මොකද එකක් උදා වෙනකොටම මම ඊලග හීනෙ දකින්න පටන් ගන්නවා එටකොට එක ඇත්ත උනාම ගතිය යෑ බව එන්නේ නෑ..හීනයක් ඉවර වෙන්න හීනයක් දකින්න..

      ඇයි යාලුවෝ මත යැපෙන්නේ..ගෙදර ඉස්සරහ ඉඩ නැතිනම් පාරක් අයිනේ ඉටි කොලයක් එල්ල වැඩේ පටන් ගන්නකො පස්සෙන් පහු බැරියා සිතිර තැනක් හදාගන්න

      Delete
  5. //ජිවත් වෙන ගමන් හම්බ කරපන්..//

    අද ලිපියෙන් සිරාවටම වැදුන වාක්‍යය මේකයි මල්ලි. අපේ ගොඩක් උන්ට අමතක වෙන්නෙත් ඕක. බොහොම ස්තූතියි මාවත් ලින්ක් කරාට. සුපිරි ලියවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දුන්නට සහ අදහස් දැක්කුවට අක්කටත් බොහොම ස්තුති

      Delete
  6. හුඟක් දෙනෙක්ට කාලය එක්ක තමන්ට ජීවිතයක් තියෙනවා කියලා අමතක වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. නමුත් හැමදේටම වඩා වටින්නේ ජිවිතයේ ජිවත් වීම එහෙඅ නැත්නම් සතුටින් සිටීම

      Delete
  7. එකපයින් එකඟයි... මිනිස්සු කාර්‍යබහුල වෙන්න ඔරදානම හේතුව ජීවිත සංකීර්ණ කරගන්න එක... සරල වෙන තරමට හරි ලේසියි ජීවත් වෙන්න..

    ReplyDelete
    Replies
    1. අද මිනිස්සු ඉන්නේ සල්ලි තියේ නම් සතුටින් ඉන්න පුළුවන් කියන මානසිකත්වයේ.. සරල වෙනවා කියල සරල වෙනවා කියල කන්නේ බොන්නේ නැතිව සැප වාහන වල නොයා ඉන්න ඕනි නෑ..තමන්ගේ ජිවිතේට ඔනිකරන දේ තමන්ගේ අසාවන් තේරුම් ගන්න ඕනි.අනුන්ට පෙන්න දේවල් නෙමෙඉ තමන් සතුටු වෙන දේවල් කරන්න ඕනි

      Delete
  8. වටිනා පෝස්ට් එකක්.. උඩුගං බලා පිහිනන එවුන්ට මුල් කාලේ මිනිස්සු හිනා වෙනව .. එත් අන්තිමේ උඩුගං බලා පීනපු එවුන් කොතනින් හරි මතුවෙන්නේ උන්ගේ අරමුණ සාක්ෂාත් කරගෙනයි.. තමුන්ගේ හැකියාවෙන් ඉහලටම යන්න උත්සහ නොකරපු එවුන් සහ අතපය හතර හයිය කාලේ හම්බු නොකරපු එවුන් අවසාන කාලය ගතකරන්නේ වටපිටෙට ඉරිසියාවෙන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.මට ඒ කලේ මෙහ දෙකරන්න බැරි උන නෙහ් කියන සිති විල්ල හිතේ පැලපදියම් වෙන්න ගත්තම ජීවිතේම මස්ත වෙන්න ගන්නවා..හැකි සම විටම ජිවිතේ විදින්න ඕනි..හිතේ සතුට දොරේ ගලනකොට වැඩ කරන්න අසයි එතකොට හම්බ කරන්න පුළුවන් නිකන්ම

      Delete
  9. අදමයි මේ පැත්තට ආවේ, මමත් ඉස්සර මාළු බ්‍රීඩ් කළා යාලුවෙකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..දිගටම එන්න ආරාධනා කරන ගමන් අනික් ලිපිත් කියවන්න..මාළු ගැන ලියපු පොස්ට් තියෙනවා..මාළු ගන්න මම දන්න ඔක්කොම දේවල් ඉඩ ලැබෙන වෙලාවට ලියන්න ඉන්නේ

      Delete
  10. //හැබැයි උබ ජිවිතේ හොයාගෙන යන්න ගියොත් සමහර විට උබට කාර් එකක් මුලදී ගන්න බැරිවෙයි ලොකු දැවද්දක් එක්ක කෙල්ලෙක් එන එකක් නෑ.උබට හදවතින්ම ආදරේ කරන ඕනා කට්ටක් කන්න උබ එක්ක එන බය නැතිව මගේ ළමයින්ගේ අම්ම කියන්න පුළුවන් කෙල්ලෙක් ඉදි.එවෙගේම උබ අස්සක් මුල්ලක් නෑර ලංකාවේ ඇවිදලා තියෙයි..ඕන නගරෙක නමක් කියනකොට රසම කෑම තියෙන සයිවර් කඩේ හොදම කාමර තියෙන හෝටලේ ඕනෑ රෑක කොයි වන්නියක වාහනය කැඩුනත් කෝල් එකක් දීපු ගමන් උබව හොයාගෙන එන ඒ ගමේ යාළුවෙක් මුලුගමම ඇහැරවල හරි උබේ වාහනේ හදල දෙන යාළුවෙක් උබට ලංකාව පුරාම ඉදි..
    උබේ ළමයින්ට කියන්න සුරංගනා කතා වෙනුවට උබේ කතා තියෙයි..

    //

    වීරේ..කලින් පොස්ට් එකේදී වගේම මේ සැරෙත් උඹ ආයෙත් මගේ මොරාල් එක අප් කලා....

    තැනක් යූ මචන්....

    ReplyDelete
    Replies
    1. තමන් ලියන දෙකින් කවුරු හරි වැඩක් ගන්නවා කියනවට වඩා සතුටක් ලියන කෙනෙක්ට නැ සහෝ
      බොහොම ස්තුති

      Delete
  11. මටා ඔබේ ඊ මේල් ලිපිනය එවනවද? මේ ලිපියේ ලින්ක් එකත් සහිතව. මෙන්න මෙගේ ඊ මේල් ලිපිනය;

    wmjgslsr@gmail.com

    ReplyDelete
    Replies
    1. ඊ මෙලක් එවුවා

      මගේ ඊ මේල වුවමන නම්
      dr.weerakoon.blog@gmail.com

      Delete
  12. අර කජුවත්ත ක්‍රිකට් සමාජෙ දාපු පින්තූරෙ ඇතුලෙ පුදුම සත්‍යයක් සැඟවිලා තියෙනවා. ඇත්තටම නිර්මාණාත්මක දෙයක් කරන්න අපේ මිනිස්සු පෙළඹෙන්නෙ නැත්තෙ ඕකයි.

    ReplyDelete
    Replies
    1. ඔය බය අපේ හිතේ ටියෙනකන් අපිට ඉදිරියට යමක් නැ..වෙනස් දෙයක් කරනකොට හිනාවෙන ය ඕනි තරම් ගදක් වෙලාවට අලුත් දෙයක් පලවෙනිපරින් හරියනවා අඩුයි එටකොට ඔවුන් හිනා වෙන්නේ උඩ පැන පැන හැබැයි ඔබ නොසැලී ඉදිරියටම ගියොත් උන් ඔක්කොටම වැඩිය හයියෙන් නුබට සිනසෙන්න පුළුවන් වේවි

      Delete
  13. මේකනම් පට්ටම පට්ටයි... අයෙ වෙන කියන්න දෙයක් නෑ....... අමූලික ඇත්ත........ සුපිරි.......

    ReplyDelete
  14. කතාව ඇත්ත, මම සැබෑ මම ව හොයාගත්ත දවසට මම තවදුරටත් අනිත් අයට ඕන මම කෙනෙක් නොවී ඉඳීවි.

    ReplyDelete
  15. ඔයා දිනනවා අනිවර්‍යයි... සුභ පැතුම් මගෙන්-nishantha liyanage

    ReplyDelete
  16. හැමදාම හිතට වදින වචන සුබ පැතුම් අයියන්ඩී😍😍

    ReplyDelete