Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, November 24, 2014

අළුගල් ලෙන

නකල්ස් කදු පන්තියේ පිහිටි තවත් එක් සුවිශේෂ ස්ථානයක් තමා අළුගල් ලෙන කියනේ..

යන්න කලින් විස්තර දැනගන්න කියල බුකියේ සහ බ්ලොග් වල සංචාර කරන කිහිප දෙනෙක් ගෙන්ම විමසුවත් හරි හමන් විස්තරයක් නම් හම්බ උනේ නෑ
ඒ වගේම අළුගල් ලෙන ගැන ගුගල් කරත් හරි හමන් විස්තරයක් නෑ..ඒ ගමන ගියා බත්තරමුල්ලේ සම්පත් පාය පරිශ්‍රයේ තිබෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවුන්ගේ නිල වෙබ් අඩවිය පවසන ආකාරයට අවසර සහ කදවුරු බිම් වෙන් කරන්න ඕනි එතනින්..අහෝ අස්චර්යක මහත..ඒ දෙබස් ඒ විදියෙන් ම දන්නා කෝ
මම මුලින් විමසීම් කවුළුවට ගොහින් එහන ඉන්න මහත්මයාගෙන් විමසුවා

- නකල්ස් වල අළුගල් ලෙන වෙන් කිරීම සහ අවසර ගැනීම් කිරීමට             කොහෙටද යන්න ඕන
නි- උඩ තට්ටුවට ගිහින් හම්බ වෙන කොරිඩෝවේ කෙරෝලේ කාමරේට        යන්න කිවුව

ගිය එතැනට 
කොල්ලෙක් හිටිය එකට එළියෙන් උඋට විස්තාරේ කිඋවම ඌ ඇතුලට බෙල්ල දාලා ටික වෙලාවකින් මේසයක් පෙන්නුවා දුරකතනයක් බදු ගත්ත නෝනා කෙනෙක් හිටිය..විනාඩි 20 ක් විතර එතන හිටන් හිටිය එයාගේ ඇමතුම ඉවර වෙලා වාඩිවෙන්න කියනකන්..

ඒ මැතිනිය- වාඩිවෙන්න
මම- ස්තුති.මැඩම් මට නකල්ස් කදු පන්තියට ඇතුල් වීමේ ප්‍රවේශ පත්‍ර 10          කුයි අළුගල් ලෙන කැම්ප් සයිට් එකබූක් කරන්නයි ඕනි
මැතිනි- ඔයා අදුරන කවුරුවත් ඉන්නවද මෙහේ  දෙපාර්තමේන්තුවේ..මොකද එක දෙන්නේ අදුරන කෙනෙක්                 ගේ රෙකමදාරුව පිට ලු(මුන්ගේ ආච්චිගේ ආණ්ඩුව)
මම-අදුරන කවුරුවත් නම් නෑ මැඩම් ඔයාලගේ වෙබ් සිතේ එකේ දාල           තිබ්බ මෙතනින් කරගන්න පුළුවන කියල එකේ ඇදුරුම් කම් ඕන             කියල තිබ්බේ නෑඅනික මගේ යාලුවෝ කට්ටියකුත් ලදී ගියා එයාල         අදුරන කවුරුවත් මේකේ නෑ..
මැඩම්- ඔයාට කවුද කිවුවේ මගෙන් මේක  කරගන්න පුළුවන් කියල..
මම-පහල විමසීම් කවුළුවෙන්

ටින් ටින් කියල බෙල් එක ගැහුවා අර්ක කලින් එළියේදී හම්බ උන කොල්ලම ආවා..,මෙහ් කැලේ යන්න අවසර ගන්න ඇවිත් තියෙන්නේ එක කරන්නේ පහල නේද..එතන පෙන්නන්න..(ඇමතියෙක් ට අල්ලලා අපු වෙසියෙක් ද කොහෙද මේලෝක හුත්තක් දන්නේ නෑ)
ඊළගට ගිය පහලට එතන හිටිය තව හුත්තක්..
මම- මිස් නකල්ස් වල අළුගල් ලෙන කැම්ප් සියිට් එක බූක් කරන්න                 ආවේ..
එකී එහා පැත්තේ එකාගෙන් 
මෙහ් නකල්ස් වල අළු මොකක් හරි කියල තැනක් තියෙනවද?
දේසපාලන බත් බැලයන් එක ඒකා කතා කරලා අන්තිමට කිවුව එක මෙහෙන් කරගන්න බෑ දිගන යන්න ඕනි කියල දිගන දුරකථන අංකයකුත් දුන්න..හැබැයි ඒ වෙද්දී මම මගේ යාළුවන්ට කතා කරලා එක කරගන්න ඕන දිගනින් කියල හොයාගෙන තිබ්බේ..
ඒ දුක අංකයත් අරන් එතනින් හැරිලා ගෙදර ආවා..
දැන් ඉතින් පලකො දිගන දිගන වන සංරක්ෂණ කාර්යාලයේ කියල දුන්න නොම්බරේ වැඩ නෑ..නෙට් එකේ තිබ්බ බත්තරමුල්ලේ අංකයට පැයක පමණ උත්සහයකින් පස්සේ සම්බන්ද කරගත්ත.ඒ කේ ඉන්න උන් වවුලෝ වගේ එල්ලිලා නේ.

ඊට කලින් මම ගත්ත සිරි ලංකා ටෙලිකොම් ඩිරෙක්ටරි සර්විස් එකට අරන් දිගන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නොඹ්රෙ4 ඉල්ලුවම එහෙට එහෙම එකක් දීල නෑ කිවුවා..
ඊට පස්සේ තම අයිත් බත්තරමුල්ලට ගත්තේ.
මම - මට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිගන කාර්යාලයේ                        නොම්බරේ ගන්න පුළුවන් ද
දුක ගත එකී- දිගන එහෙ අපේ office එකක් නෑ නෙහ් සර් ට අවශ්‍ය                            සේවය බත්තර මුල්ලට පැමිණීමෙන් ලබාගන්න පුළුවන්
මම- මම දැන් ටිකකට කලින් ඔතනට ආවා මිස් ඔතනින් මට දිගන කියල නොම්බරයක් දුන්න එක වැඩ කරන්නේ නෑ එකයි මම අයිත ගත්තේ..
එහෙනම් පොඩ්ඩක් ඉන්න කියල දැන්ම ලයින් එක තව එකෙක් ට ඌ දුන්නේ කලින් නොම්බරෙමයි..එක වැඩ කරන්නේ නෑ කිවුවම උන්ට දීලා තියෙන්නෙත් ඒ නොම්බරරේ ලු...
ඊට පස්සේ වටේට කතා කර කර දිගනින් ටිකට ගන්න විදියක් හෙවුවා

අළුගල් ලෙන යන්න හිතන් ඉන්නවා නම් කවුරු හරි මුලින්ම යන්න නුවර දිසාවන කාර්යාලයට එකෙන් ගන්න ඕන බුමිය වෙන් කිරීමේ ලියමන එකට පැය 2ක් 3ක් යනවා ආණ්ඩුවේ කන්තෝරු නෙහ්.ඒ සදහා මුදල රු 4480.
ඊළගට යන්න දිගන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට එතනින් ගන්න ඇතුල් වීමට ටිකට්..ටිකට් පතක් වෙන්නේ රු 25 + ටැක්ස් 28ක් වගේ












ඔය ටික කරගත්තම යන මාර්ගය තම නුවරින්,නුවර මහියංගනය පාරේ යනකොට උඩවෙල හන්දියෙන් හරවන්න රංගල ට..රන්ගලින් යන්න තන්ගප්පුවට.තන්ගප්පුව නම් ගුගල් මැප් වල පෙන්නන්නේ නෑ




ගන්න අවශ්‍ය කළමනා අධිය රංගල නගරයෙන් ලබාගන්න මොකද තන්ගප්පුව ගම්මානයකට එක සිල්ලර කඩයක් පමණයි තියෙනේ.

දැන් අපි හැරෙමු අපේ චාරිකාව දෙසට..

මුලින් යන්න 10 දෙනෙක් ලෑස්ති වෙලා හිටියත් අන්තිමට එකතු උනේ 7 දෙනයි..මම තඩියා හීරෝ විකි අබේ මල්ලි රුවන් මල්ලි සහ සෙවුවා මල්ලි 
සිකුරාදා රෑ මෙහෙන් ගිහින් එළිවෙනකොට රන්ගල ඉදල උදේ පාන්දර කන්ද තරණය අරඹ කරලා සෙනසුරාදා රාත්‍රිය කුඩාරම් තුල ගත කරලා ඉරිදා උදෙ කෑමත් උදදීම අරන් පහලට බැසීම තම අපේ අරමුණ උනේ

ගොඩ දවසකට කලින් ඔක්කොම සැලසුම් සාදා ඉවර කරත් අවශ්‍ය බදු බාහිර අධිය ගත්තේ සිකුරාදා දවස තුල තමා.මෙවර භාන්ඩාගාරික ලෙස මම තුමා පත් කර සිටි අතර අවසාන මොහොත වෙනකනුත් අපේ ය මුදල් ලබා දුන්නායෙන් සියලු දී කරගන්න උනේ අන්තිම මොහොතේ..

දිගනින් ටිකට් අරන් දුන්නු සහෝදරයා ටිකට් අරන් දුන්නෙත් සිකුරාදා එක මගේ උන් ටික දන්නේ නෑ මම ටිකට හරි කියා කියා හිටියේ..එක උනෙත් අපේ මරා ගේ ආණ්ඩුවේ කර්යක්ෂයම තත්වයේ තවත් එක් ප්‍රතිපලයක් විදිහට..මට ටිකට් අරන් දුන්නු සහෝදරයා මුලින් ම දිගන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට බදාදා දිනයේ ගොස් තිබ්බ එහෙන් කියල තියෙනවා නුවර ගිහින් කදවුරු බුමිය වෙන් කරන ලිපිය මුලින් ලබාගන්න කියල ඉතින් ඒ සහෝදරයා නුවර ගිහින් ඒ කටයුත්ත හමාර කරගන්නකොට හවස 2 පහු වෙලා 2න් පස්සේ ටිකට් නිකුත් කරන්නේ නෑ ලු නෙහ්..ඉතින් ඊට පහුව දා එනම් බුරහස්පතින්ද දවසේ දිගන කාර්යාලයට ගියාම ටිකට් නිකුත් කිරීමේ නිලදාරිය ටිකට් පොතත් අරන් ගෙදර ගිහින්..පහුව ඩා එන්න කියල හරොල යවල..ඉතින් සිකුරාදා තම ගන්න උනේ..

මුහුණු පොතෙන් අදුරගත් ඇවිදින්නෝ සමුහයේන් අවශ්‍ය කරන කුඩාරම් රෙන්ට් එකට ගත්තා මම තුමා සහ සෙවුවා මලය දිලගේ දඩු මොණරෙන් ගිහින් කුඩාරම් ටිකත් කරපින්නාගෙන තදියගේ ගෙදෙට්ට සැපත් උනා..අනේ අපේ වාසනාව කියන්නේ උන්ගේ පාරට වැස්සේම කාපට් දානවා එදා.අපි ට ඉතුරු බඩු ටික ගෙන්න යන්න වෑන් එක එලියට ගන්න විදියක් නෑ
උන්ගේ නංගිත් ගෙයි යතුර බර දීල කොහෙද ගියෙන් සාක්කුවේ තිබ්බ දුමක් අරන් ගෙදර ඉස්සරහටම වෙලා හිමිට ඇද්ද වැස්ස පයනකන්.
එදා රෑ නිසා යන්නේ ඔක්කොමල්ලා එදා රාජකාරි වලටත් පිටත් උනා..ෆූඩ් සිටියෙන් ඕන කරන දේවල් ටික අරන් එලියට බහිනකොටම තඩි පුතාව රැගෙන යන්න සෙවුවව මහරගමට එලවන්න සිද්ද උනා මට..තනියට හිටපු එකවත් එහෙම පිටත් කරලා මම පටන් ගත්තා ඉතුරු බඩු ටික තනියෙන්ම එකතු කරන්න
අපි උයාගෙන කාපු නිසා ඒවටත් එක්කම බඩු ගත්තා

මෙන්න මෙහෙමයි ලැයිස්තුව උනේ

හාල් කිලෝ 5
පරිප්පු කිලෝ 1
කීල්ස් මීට්බෝල්ස් ටින් 4
මැගී ජම්බෝ පැක් 2
තුනපහ 50g
 මිරිස් කුඩු 50g
කහ 50g
ලුණු පැකට් 4
ටි බෑග් 25(25 පොඩිම පැක් එක)
කොපි කුඩු 50g
සිනි 500
කිරිපිටි පැකට් 1
කිස්ට් සිනිසම්බල් බෝතල් 2
බයිට් 500 g
බිත්තර 10
අමු මිරිස් 50g
ලයිෆ්බෝයි කැට1 
ප්ලාස්ටික් පිගන් 8 කෝප්ප 8 ජෝග්ගුවයි
spray කෑන් 1 මේවා නම් එකාට එක ගැනේ ගෙනිච්චත් වැඩි වෙන්නේ නෑ කුඩල්ලන්ට.එකට ලුනුයි විට කන හුණු ටිකකුයි දුන්කොලයි වතුරයි දල සකස් කරගන්න මිශ්‍රනයක්)
රොක්ලන්ඩ් රෙඩ් බෝතල් 4
කොකා කොලා 2L
බුලත් අතයි දුන් කොලයයි හුනු මුලයි පුවක් 10
ලුණු 500g
ක්‍රිම් කැකර් ලොකු 1
ෆ්‍රෙෂ් මිලක් ලීටරයක්(හොදි හදන්න පිටි කල පොල්කිරි වලට වඩා මේක                                  රසයි)
සැමන් ටින් 3
තේ හදන්න හැන්දක්
චොක්ලට් 10(නිතර ඇවිදල පුරුදු නැති කට්ටියක් නම් ඉන්නේ අනිවා අරන් යන්න සීතලට ගමන් මලු වල බරට ඇවිදීමේ විඩාවට කලාන්ත ගතියක් ඇතිවෙන්නත් ඩල් වෙන්නත් පුළුවන් කට්ටිය)
කණ්ඩායමේ ගැහැණු උදවිය එහෙම ඉන්නවා නම් ග්ලුකොස් එකක් ගෙනියන එක හොදයි.(අපි නම් ගෙනිච්චේ නෑ)  
බෙහෙත් ජාති
සමහන් පැකට් 10
බැන්ඩේජ් රෝලයි ප්ලාස්ටර් රෝලයි කතුරයි පුළුන් සර්ජිකල් ස්ප්‍රිත් කොන්ඩිස් ඩේටොල් ප්ලාස්ටර් කෑලි 10 සිද්දාලේප වින්ටර්ජිනෝ spray
ඩයජින් පැනඩෝල්
බ්රුෆන් කාර්ඩ් 1(ඇගේ අමාරුව කකුල් කැක්කුම උපරිමේටම එනවා                               හොද වේදනා නාශකයක් ඕන නැත්තන් පහුවදාට බැහැල                          හමාරයි)

අසන්න ගම්මානෙට කිලෝමිටර්ම 14 ක් තියෙන එකේ හැමදේටම ලෑස්ති වෙලා යන්න..යාමට මාර්ගය හොද තත්වයේ තියෙනවා ඒ නිසා හදිසි අනතුරක් වීමට නම් ඉඩ කද අඩුයි..සුදානම් සරිරේ කෝකටත් ගුණයි කියනවා නෙහ්
බත් උයන්න හට්ටියක් තෙල් තාච්චියක් ව්‍යංජන පිසීමට හට්ටියක්
මන්නා පිහි
පොඩි කටින් නයිෆ්
අපි නම් ගැස් සිලින්ඩරයක් සහ ලිපක් අරන් ගියා
එක නැතත් කමක් නෑ හොද කුස්සියක් සහ ලිපක් එතන තියෙනවා දර මිටි කිහිපයක් රැගෙන යන්න උඩ තියෙන්නේ තෙත දර
ලිප සහ කුස්සිය


පොල්කටු හැන්දක්
පෙරවන රෙදි
වතුර බෝතල් නම් උස්සන් යන්න ඕනි නෑ හොද පිරිසිදු දියපාරවල් හම්බ වෙනවා මග දිගට..ඔය ලෙනේ ත් තියෙනවා උයන්න පිහිනන වතුරගන්න දිය කඩිත්තක්
උඩ ලයිට් නෑ ඉමර්ජන්සි ලාම්පු කිහිපයක්
බුමිතෙල් බෝතලයක්
පොල්තෙල් බෝතල් බාගයක්(උඩදී මිදෙනවා මේක නම්.මෙහ් වෙනුවට                                                ඇස්ට්‍රා එකක් ගෙනිච්චත් කමක් නෑ)
දත් බෙහෙත්
සිගරට් පැකට් 3(රංගල කඩවල් වල තියෙනවා කළු සුරුට්ටු හීතලට එක                           මරු බාන්ඩේ එයින් කිහිපෙකුත් ගන්න)
පානදුර ටවුමෙන් බැහැල ගිය විකි හොයන්න මම උස්සන් අපු ටික උඋගේ රාජකාරි ස්ථානයේ සික්කට දීලා උඩට ගියාම මූ නෑ..කට්ටිය කියුව ස්ටෝස් වල නැත්තන් අක්කගේ කඩේට යන්න එති කියල සිකරට් එකක් බොන්න..උගේ රාජකාරි ස්ථානය මම නිතර දෙවෙල් යන තැනක් උන නිසා එහි කාර්යමණ්ඩලයට පමණක් ඇතුල් වෙන්න පුළුවන් ස්ටෝරුව මට අලුත් තැනක් නෙමෙඉ එකට රිංගල බෙලුවම එකෙක් එකෙක් කිඋව මූ සල්ලි ගන්න පහලට ගියා කියල ඒ ගමන ගිය උන්ගේ එකවුන්ටනයා ඉන්න තැනට යනකොට බුවා ඉන්නවා.


 බුවත් එක්ක එතනින් එලියට බැහැලා බෝතල් එහේම අරගෙන එන ගමන් මම මුඋට කිවුව උගේ වෙන්න වයිපරේ ගේ ස්කුටිය හැප්පිලා කියල(චුටි වලියක උන් දන හිටියේ චුට්ටක් තරහ වෙලා)ඒ ගමන  ඒ හදිස්සියේ මුඋට එහෙ යන්න ඕන උනා..ඒ ගමන එහෙ ගිහින් එහෙන් බිම එකකුත් රස බලල ගෙදර අව විකියගේ දඩු මොනරේම..එක දඩු මොනරයක්මතාමා ඉස්සරහ බේර්ක් ලිවර් එක කැඩිලා හෙඩ් ලයිට් එක රිෆ්ලෙක්ටරයක් වගේ කලමදිරිය ඊට එළියයි..පිටිපස්සේ බ්රේක් යන්තමනට ක්ලච් ප්ලේට් ගිහින්..නවත්තුවම පෙට්‍රල් උතුරනවා..200 කට වඩා ගැහුවොත් හැලෙනවා ටැංකියේ හිලක්..ඉතින් ඔකේ පිටිපස්සේ එනවා කියන එකත් ගේමක්..කොච්ව්ර අවුල් උනත් මම ඌ එක්ක යන්න බය නෑ..බුවාට බයික් ෆුල් කන්රෝල්. ඌත් එක්ක බඩු ටිකත් අරන් මම ගෙදෙට්ට ගිහින් නාලා කාල සේවුවාව ගෙදෙට්ට ගෙන්නන් ගියා තදියව හොයන්න..එතකොටයි ලිස්ට් එකේ මග ඇරිච්ච ඒවා මතක් උනේ..හාල් අරන් තිබ්බේ නෑ පොල්තෙල් අරන් තිබ්බේ නෑ..තදියලගේ ගෙදර ගබඩාවට විදලා ඒ ටිකත් රැස් කරන කොට අපේ අනිත් ටික මට ජාතීය ඇමතුවා කිහිප පාරක් ම..10 ට පිටත් වෙන්න හිතන් හිටියත් තඩිලගේ ගේ ගෙදරින් එලියට බහිනකොටම 11යි

කට්ටිය ඒ වෙනකොට විකිලගේ ගෙදෙට්ට සම්ප්‍රාප්ත වෙලා හිටියේ එතනින් කට්ටියව පටෝගෙන රුවන්ගේ ගෙදෙට්ට ගිහින් ගෑස් සිලින්දරෙත් පටෝගෙන බෝල්ගොඩ බෝ සමිදුන් අසල ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව ගමන අරඹ කළා

ගමන ගැන රස මුසු කතා ටික ඊලග කොටසෙන්

විශේෂ ස්තුතිය පුදන්න ඕන කිහිප දෙනෙක් ම ඉන්නවා..
අවසර ගන්න ඕන තැනක් දන්නේ නැතිව බත්තර මුල්ලේ චාටර් කාලා ඉන්නකොට දිගනේ දුක අංකයක් මට සොයා දීමට වෙහෙස මහන්සි වූ විස ගොර සර්පයන් තම මිත්‍රයන් කරගත් භුමි අයියටත්  රසකතා අපිට බෙදමින් ජපන් පුරේ සිට මීලග ජනපතිවරණයට බැහැලාම අපේ පක්ෂය දිනවන්න වෙර දරන කෙන්ජි අයියටත්..දිගනින් මට ටිකට් ගැනීමට කෙනෙක් සොයා දුන් මගේ වැඩිමහල් සොහොයුරු අනුෂ්කටත් මා වෙනුවෙන් තම කාලය වැය කරමින් ගොස් අවසර පත හා ටිකට් පත් ලබා දීමට කටයුතු කල රසික සහෝදරයාටත්..පහසු මිලට කුඩාරම් සපයපු සහ අවැසි විස්තර සපයා දුන්  ඇවිදින්නෝ සමුහයේ දිලුම් සහ තිමිර යන සොහොයුරන්ටත් මගේ හද පිරි  ස්තුතිය...


ps නකල්ස් යන යට ගයිඩේක් ඕනි නම් 0813802841 අපි ව එක්කන් ගිය ඩයල් එක..සුපිරි කොල්ලෙක් සිංහලත් පුළුවන් බර උස්සන් යන්න ය ඕනි නම් ඒවත් ලෑස්ති කරගන්න පුළුවන්..මිලගනනුත් සාදාරනයි