Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label අමතක කරනු කෙසේ පාසල් මතකේ මගේ. Show all posts
Showing posts with label අමතක කරනු කෙසේ පාසල් මතකේ මගේ. Show all posts

Saturday, October 12, 2013

ඉතින් ආයුබෝවන් සකි


ප්‍රීතිමත් දිනකි 
නමුදු 
ඇසග කදුලකි 
13 වසරක සොදුරු මතකයන්
හදෙහි සිරකරන්
නික්මෙනා නිමේෂයේදී
පවසයි හද මඩල මෙලෙස
ටික දිනකින් නව මිතුරු ඇරයුමින්
නුබ අමතක කරනා මෙහ් දුගී මිතුරා
නුබ දුන් පන්නරයෙන් 
නුබේ 
සෙවනේ මහිමෙන්
කැටිකොටගත් සොදුරු අත්දැකීම් ගොන්නෙන්
ලොවට කියමින් නුබේ වරුණ
අමතක නොකරයි
නුබව
සබද
පතුරනන්නම්
නුබේ යසස
ලොව දසත....





Wednesday, October 9, 2013

විදු මෑණි


බලන්,
              රත්තරන් සොයුර

නිල්වන් අහස් ගැබ
පියාසලන සුදු පරවී කැල
මෝදුවන සිනා කැන්
                සැම මුවග

අපට දැන් රටක් ඇත

සැරසෙනු ඔසවා තබන්නට
සිහ ධජය සමග

මහනාමයත් 

විශ්වයම විස්මිත කර
              නුබ දවස

සැබෑ කරනට
             අප රැකගත් සිහින



කපොලු පැන්න අපේ ඈයො

නාකියා නොහොත් ලොකු චමීන්



අකලට පැහුණු කෙස් ගස් නිසා තමයි නාකියා උනේ..අතමිට යහමින්  තිබු සිසුවෙකි



සපත්තු 


හොදම බෝට්ටු සපත්තු 2කක් තමා ස්කෝලෙට දැන්මේ..හැමදාම එක දාන් එන්න එයට විසේස අවසරයක් එයම අරන් තිබ්බ.. එක්ව අපේ විනය බාර සිරිල් උතුමා ගාවට දාපු වෙලාවක "තාත්තා පඩි ගත්තම අලුත් සපත්තු කුට්ටමක් අරව ගන්නම් එතකන් දන්න දෙන්න සර් මෙහ් වෙලාවේ සල්ලි නැ" කියලා කියලා ඉතින් සර් ගේත් හිත උනුවෙලා ලියුමක් දීලා ආර්ථික අපහසුතා ඇති බැවින් මොහුට සති 2ක් මෙම සපත්තු කුට්ටම දමන්න අවසර දෙමි කියලා...
අනේ අපේ සර්ට එකේ දිනේ දන්න අමතක වෙලා.....
අපි පාසලෙන් අස්වෙන තුරුත් එකාගේ සති 2ක නම් ආවේ නැ......

කොන්ඩේ 

කොන්ඩේද තරමක් වැව තිබු සිසුවෙකි

එකට තිබ්බ හේතුව තමා පිනසේට බෙහෙත් වගයක් බොනවා එක නිසා කොන්ඩේ කපල නාන්න හොද නැ යයි පවසමින් සාමාන්‍ය සිසුන්ගේ කොන්ඩා වලට වඩා තරමක් වවා තිබුණි.....



Saturday, September 28, 2013

2 වන මුර කපොල්ල තරණය

විදින්න තියෙන දස වධ ටික විදලා ප්‍රිෆ්ෆාන්ගෙන් පැන ගත්තා කියමු කෝ ඊළගට ඉන්නවා අපේ මලගොඩ සර් සමග hon සිරිල් සර්.....

උදේ පාන්දර ළමයින්ට ආදර්ශයක් දෙන දුම්කොළ සමාගමේ වෙළද දැන්වීමක් සමග... රන් පත්‍ර සුවද එනකොටම අපි දැන ගන්නවා අපේ විනය බාර තැම්පත් සිරිල් උතුමන් වදින වග...

ප්‍රිෆ්ෆන් ගෙන් ශේපක් දාන් එන උන්ව අල්ලන්නේ සර්...

සර්ත් හරියට බොම්බේ ලූකින්ග් කල්කටා ඩයල් එකක් වගේ තමා..රන් පත්‍රේ මුවේ තබාගෙන උඩ බලගේනමයි ඉන්නේ
හැබැයි ඇස් 2ක නම් රේඩාර් පරාදයි....
මි කුඩුව අස්සේ තියෙන 4න් එහෙම ලෙසටම පේනවා....

මෙචර බාධක තිබ්බත් ස්කොලේ ඇතුලේ 4n තිබ්බ... cd තිබ්බ පෙන් drive අනන්තවත් තිබ්බ...

ඒවා ගැන කපොලු පැන්න අපේ ඇයො ලිපියෙන් මුණ ගැහෙමු

Wednesday, September 25, 2013

සාටක මාමාගේ ගෙදෙට්ට යනවට වඩා අමාරුයි අපේ පාසලේ ශිෂ්‍යයන්ට පන්ති කාමරයට යන්න

1 වන මුර කපොල්ල තරණය

ගෙදරින් දක්කන නිසා ඉස්කෝලෙට ගියත් ගේට්ටුවෙන්ඇඑතුලට යැවෙන්නෙම නැ...ඇතුල් වෙච්ච ගමන් මූඩ් එක කන මාර සේනාවක් ඉන්නවා නෙහ්..ශිෂ්‍ය  නායකයෝ එහෙම නැත්ටන් ප්‍රිෆ්ෆො...(අන්තිම අවුරුද්දේ අපේ උන් පත් උනාම තමා මට උන් වැ දිරවන්න ගත්තේ) පේලියට හිටන් ඉන්නවා උන් ට ඕන නැති wedding එකක් නැ නෙහ්..

මුලින්ම පොත් මල්ලට ඔලුව දාගෙන අවුස්සනවා.. සාක්කු බලනවා...ඊළගට පටන් ගන්නවා ඇද හොයන්න..

මුලින්ම කොන්ඩේ

"මල්ලි කොන්ඩේ වැවිලා Rs100 කුත් අතේ තියාගෙන එහා පැත්තෙන් හිටගන්න තව ටිකකින් බාබර් කෙනෙක් ගේනවා"අපේ අයියලා සන්විදයක වැඩේට හරි දක්ෂයෝ.බාබර් කෙනෙක්  ගොඩක් දට අපේ ඉස්කෝලේට ආවා..
කොන්ඩේ අවුලක් නැත්තන්

ඊළගට රැවුල

 දැලි රැවුල එන කලේ නෙහ් හරි..දවස ගනේ කපන්න වැවෙන්නේ නනේහ් ඒකාලේ..
ඕකට පටන් ගන්නවා
"උබලට බත් මුල දාගන්න මතක් වෙනවා රැවුල කපන්න මතක් වෙන්නේ නැ"එකට අහු උනොත් Rs20 ක් දීල හෙමෝම කපන රෙසරෙන් කපාගන්න පුළුවන්...


ඊළගට සපත්තු කුට්ටම

"මල්ලි මෙහෙට වහින්නේ නැ බෝට්ටු දාන්න..සපත්තු 2ක රූම් එකෙන් තියල යන්න හවසට එවිල්ල ගන්න"
පාරට බැස්සම නේ එක ඕන..ඉතින් ස්කුල් එකේ ගලවල තියන්න දාන් එන උන් බෝමයි...

කලිසම

ෆෝල්ට් එක පොඩි සලීම් වැඩි

ඔය එකකටවත් අහු උනේ නැත්තම් කොන්ඩේ පීරලා තියෙන විදිය වැරදි කියනවා.."මල්ලි මොකක්ද ඔය පිටිපස්සෙන් තියෙන පෙදේ..පිටිපස්සෙන් කොන්ඩේ වවන උන් වැ අල්ලලා අයිත්....

මෙහ් ටිකෙන් පැනගත්තම 2වාන මුර පොළ ගැන ඊලග දවසේ එන තෙක් අදට සමුගන්නම්.