Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Wednesday, September 25, 2013

සාටක මාමාගේ ගෙදෙට්ට යනවට වඩා අමාරුයි අපේ පාසලේ ශිෂ්‍යයන්ට පන්ති කාමරයට යන්න

1 වන මුර කපොල්ල තරණය

ගෙදරින් දක්කන නිසා ඉස්කෝලෙට ගියත් ගේට්ටුවෙන්ඇඑතුලට යැවෙන්නෙම නැ...ඇතුල් වෙච්ච ගමන් මූඩ් එක කන මාර සේනාවක් ඉන්නවා නෙහ්..ශිෂ්‍ය  නායකයෝ එහෙම නැත්ටන් ප්‍රිෆ්ෆො...(අන්තිම අවුරුද්දේ අපේ උන් පත් උනාම තමා මට උන් වැ දිරවන්න ගත්තේ) පේලියට හිටන් ඉන්නවා උන් ට ඕන නැති wedding එකක් නැ නෙහ්..

මුලින්ම පොත් මල්ලට ඔලුව දාගෙන අවුස්සනවා.. සාක්කු බලනවා...ඊළගට පටන් ගන්නවා ඇද හොයන්න..

මුලින්ම කොන්ඩේ

"මල්ලි කොන්ඩේ වැවිලා Rs100 කුත් අතේ තියාගෙන එහා පැත්තෙන් හිටගන්න තව ටිකකින් බාබර් කෙනෙක් ගේනවා"අපේ අයියලා සන්විදයක වැඩේට හරි දක්ෂයෝ.බාබර් කෙනෙක්  ගොඩක් දට අපේ ඉස්කෝලේට ආවා..
කොන්ඩේ අවුලක් නැත්තන්

ඊළගට රැවුල

 දැලි රැවුල එන කලේ නෙහ් හරි..දවස ගනේ කපන්න වැවෙන්නේ නනේහ් ඒකාලේ..
ඕකට පටන් ගන්නවා
"උබලට බත් මුල දාගන්න මතක් වෙනවා රැවුල කපන්න මතක් වෙන්නේ නැ"එකට අහු උනොත් Rs20 ක් දීල හෙමෝම කපන රෙසරෙන් කපාගන්න පුළුවන්...


ඊළගට සපත්තු කුට්ටම

"මල්ලි මෙහෙට වහින්නේ නැ බෝට්ටු දාන්න..සපත්තු 2ක රූම් එකෙන් තියල යන්න හවසට එවිල්ල ගන්න"
පාරට බැස්සම නේ එක ඕන..ඉතින් ස්කුල් එකේ ගලවල තියන්න දාන් එන උන් බෝමයි...

කලිසම

ෆෝල්ට් එක පොඩි සලීම් වැඩි

ඔය එකකටවත් අහු උනේ නැත්තම් කොන්ඩේ පීරලා තියෙන විදිය වැරදි කියනවා.."මල්ලි මොකක්ද ඔය පිටිපස්සෙන් තියෙන පෙදේ..පිටිපස්සෙන් කොන්ඩේ වවන උන් වැ අල්ලලා අයිත්....

මෙහ් ටිකෙන් පැනගත්තම 2වාන මුර පොළ ගැන ඊලග දවසේ එන තෙක් අදට සමුගන්නම්.



2 comments:

  1. මම කොච්චර ඔය බාධක වලින් පැනලා ඇත්ද :P
    පනින්න ගිහින් මාට්ටු උන අවස්ථා නැතුව මත නෙමෙයි ;)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...එදවස් චාල හිතන් උන්නේ නීති තියෙන්නේ කඩන්න කියලා නෙහ්...මාත් කඩුලු පෙරළන් බිම වැටිච්ච අවස්ථා අනන්තයි

      ස්තුති මෙහ් පැත්තේ ආවට

      Delete