Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, February 13, 2018

දගදෙන හසරැලි 4




මුලින්ම කළුතර සිට්‍රස් එකේ තිබ්බ මිටීම ගොඩ දාගත්තා..කොරියන් කියෝලා දිවත් උලුක් වෙලා තිබ්බ නිසා දෙයියනේ කියල මග තිබ්බ කඩේකින් සිකරට් එකකුයි හැක්ස් එකකුයි ගත්ත..සිකරට් බිම අඩු කරන්න ටොපි කන්න ගත්තා දැන් ටොපි කකා සිකරට් බොනවා..අරකි ඇස් දෙක මොරගෙඩි දෙකක් කරන බලන බැල්ම තේරුම් ගන්න මට අමාරු උනේ නෑ මටම තේරුම් ගන්න අමාරු මාව එකී කොහොම තේරුම් ගන්නද
අපේ තාත්තා කලේ කුබුරු වැඩ අපි පාඩම් කලේ කුප්පි ලාම්පුවෙන්..එහෙම ඉතිහාසයක් නම් නෙමෙයි මට තියෙන්නේ..මගේ තාත්තා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් හසියා ගේ තාත්තා විදායක ශ්‍රේණියේ නිලදාරියෙක්.කිසිම දෙයක් බරපතලට නොගන්න එකට ඇති වෙච්ච බහින් බස්විමකට ගෙදරින් එලියට බැහැපු දෙන්නෙක් තාමා අපි දෙන්නා.
හැබැයි එලියට බහිද්දී අපිට යමක් කමක් තිබුන.සාමානයෙන් මිනිස්සු ඉගෙනගෙන රැකියා හොයද්දි අපි ඉගෙන ගන්න ගමන් රැකියාවක් කළා.එක අහම්බෙන් හම්බ උන එකක් .
අපි දෙනාටම හොදට වාහනපදින්න වගේම හදන්නත් පුළුවන්..පාරේ අයිනේ කැඩිච්ච බෙන්ස් S සිරිස් කාර් එකක් දැකල දවසක් නතර වෙලා බැලුව..කම්පියුටර් බොක්ස් එකේ කෙස් එකක්..ඒ වාහනේ ඩිකියේ තිබිලා හොයාගත්ත වයර් කෑලි 2කකින් පවර් බ්‍රිජ් කරලා ගැරිජ් එකක් වෙනකන් දුවන්න හදලා දුන්න එකෙන් ජිවිතේ මෙහෙම වෙනස් වෙයි කියල එදා හිතුවේ නෑ..එකේ බුවාට අපී කිවුවේ ඉගෙන ගන්න උන් දෙන්නෙක් කියල එතකොට අපි මෑන්ව දන්නෙත් නෑ.මෑන් දුන්න කාර්ඩ් එකට ක්ලාස් කට් කරලා කරන්න දෙයක් නැති වෙච්ච දවසක ගියා හවසට බෝතලයක් ගහන්න ගානක් සෙට් කරගන්න පුළුවන් වැඩ මොකුත් තියෙනවද බලන්න..
බුවා දුන්නේ අපිට ගියාම පාර්සලයක් ඩිලිවරි කරන්න.පරිස්සමටම ගේනියපන් කිවුවම මට සබ්ජෙට් එක තේරුනා..එතන පැත්තකින් තිබ්බා මගේ පරණ අදරවන්තියක් කවසාකි නින්ජා 6R එකක්..බුවාගෙන් එක ඉල්ලගෙන පිම්මේ කියපු පොට් එකට බඩු දීලා හැරෙන තැපෑලෙන් ආවා...අපේ බෝසා හන්ගපුවා පෙන්නන්න යන අතරේ සියදීවි හානි කරගන්නකන් ජොබ කළා. ඒ වෙනකොට අතේ සැලකිය යුතු ගානකුත් තිබ්බ
අතේ තිබ්බ ගානින් පොඩි වියාපාරයක් පටන් ගත්තා දෙන්නා රෙදි බිස්නස් එකක්..හැබැයි ලාබය සතයක්වත් අතට ගත්තේ නෑ.ගෙදරින් කන්න බොන්න සියලු වියදම් හම්බ වෙන නිසා ව්‍යාපාරයෙන් ගැනීමේ වුවමනාවක් තිබ්බේ නැ..අතට හම්බ වෙන හැම සතේම ආපහු ව්‍යාපාරයට දානවා ටික කලකින් එක සැලකිය යුතු මට්ටමකට ගෙන්න දෙන්නට පුළුවන් උනා..
ගෙදරින් වාහනයක් දුන්නේ නැති දට බස් එකේ ගියා 3 විල් එකක යන්නවත් අපි බිස්නස් එකේ සල්ලි එලියට ඇද්දේ නෑ..
ඔය අතරේ විකුනන්න තිබ්බ ගාමන්ට් එකක් ගැන ආරංචියක් ආවා..දැනට තිබ්බ බිස්නස් එකයි ගාමන්ට් එකයි දෙකම එකතු කරලා ලෝන් පාරක් ගලපාගෙන ඒ ගාමන්ට් එක ගත්තා..හැබැයි පඩි ගෙවල වාරිකේ දැන්මම මදි උනා මිසක රුපියලක් වත් ඉතුරු උනේ නම් නෑ..හැබැයි ගෙදරින් සියලු වියදම් බලපු ඒ කලේ අපේ වියදමට කියල කියක්වත් ඕනි උනෙත් නෑ

No comments:

Post a Comment