Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, May 14, 2018

වරදකින් මිදෙමු වරදක් කරලා



ආදරණිය නංගියේ මල්ලියේ මේක ඔයාලට කියන පුංචි කතාවක්.

මේක කියන්න හිතුවේ අද ගියා මල ගෙදරක මගේ පරණ යාළුවෙක්ගේ.(පරණ යාළුවෙක් කියල දැන්මේ ගොඩ කාලෙකින් ඇයත් මමත් කතා බහ කරලා නැති නිසා) මගේ යාලුවෙක්ට මම මෙහෙම දෙයක් කරගන්න දෙන්නේ නැති නිසා ඇයගෙයි අපගෙයි සබදකම් ගිලිහිලා ටිකකාලයක් වෙනවා..හිත අමනාප කමක් නිසානම් නෙමෙයි..කාලයාගේ ඇවෑමෙන් ඉබේම උන එකක්..

එයා ලංකරගත්ත හරි අමුතු යාලුවෝ ටිකක් ඒ ගොඩ දෙනෙක් ගේ මුහුනුපොතේ නම් Roxx, angle, nowety වගේ ඇත්ත නමින් ලෝකෙට මුණ දෙන්න කොන්දක් නැති පිම්පි චරිත ටිකක්..

අනේ මෙහෙම යනකොට එයාගේ ලෝකෙම උනේ එයාලා 4තො එකක් දැන්මම ෆට්ට,සුපිරි,අපිට සලකන අයට අපිත් සලකනවා, වගේ කමෙන්ට් තමා නිතරම හම්බ උනේ..ඒ වගේම මේ ගෑනු ළමය shair කලේ කෙල්ලෝ උනාට යකඩ හින අපිටත් තියෙනවා..(හැබැයි මෙයාට ස්කුටියක්වත් පදින්න බෑ)මලේ සැප දන්නා අය වෙන අතල් හොයන්නේ නෑ.(එකත් ඕනි නම් එක පාරක් කවුරු හරි Rox අයියා කෙනෙක් ගෙනත් දීල ගහලා ඇති ඊට වඩා නෑ)මගේ බ්ලොගට එන ය දන්නවා නේ මම පස් පංගුවම ගහනවා කියල එහෙමයි කියල මගේ මුහුණු පොතේ එක එල්ලන්න තරම් මන්ද මානසිකත්වයක් නෑ.කෙල්ලෙක් ගංජා ගහනවට මම විරුද්ද නෑ මගේ කලින් කෙල්ලයී මයි අනන්ත්න එකට ගහල තියෙනවා. හැබැයි කියවිල්ලයි ගැසිල්ලයි 2කක්.

උබේ යාළුවෙක් සියදිවි හානි කරගන්නවා නම් උබ හොද යාළුවෙක් වෙලා නෑ කවදාවත්.. යාළුවෙක් කියන්නේ අපේ හදවතට කතා කරන්න පුළුවන් කෙනෙක් ට අපේ වෙනසක් දැනෙන කෙනෙක් ට....විනාඩි 5කත ඇවිල්ල ෆොටෝ එකක් අරන් අනිත් පැත්තට ගෙදර දුවලා පොස්ට් එකක් දාන එක නෙමෙයි යාලු කම....තනියට ලග ඉන්න එක..හිතේ දේවල් බෙදාහදා ගන්න එක..වචනයෙන් නැතුව ඇත්තටම ඕන කරන වෙලාවට ලග ඉන්න එක.

ගැනු ළමයෙක් ගේ කදුලක් දැක්කම එක පිහිනන නම් අයියල මල්ලිලා ඕනි තරම් ඉන්නවා..හැබැයි කදුළු පිසිමයි හිතක් හැදීමයි කියන්නේ 2කක් ඒ දෙක පටලවගන්න එපා.ඒ වගේම කෙල්ලනේ දුකක් දැනුනම උබේ හිතට රිංගන්න කෙල්ලෙක්ට හෙනම ලේසි..කලින් පොස්ට් එකකත් මම කියල ඇති දුකින් ඉන්න කෙල්ලෙක් ටෝක් කරන්න හෙනම ලේසි කියල..තේරුම් ගන්න දුකක් අවට හැමෝටම කියන්න එපා.මොකද හිත් හදන්න එන අයියල ගොඩදෙනෙක් ට ඕනි උබෙන් සැපක් ගන්න මිසක් උබේ හිත ගැන උන්ට වගක් නෑ. 


සුමිත්‍රයෝ කියල ගාස්තු අය නොකරන මනෝවිද්‍යාත්මක සේවයක් ලංකාවේ ක්‍රියාත්මකයි 

ක්‍ෂණික ඇමතුම්: 011 2692 909

ක්‍ෂණික ඇමතුම්: 011 2 683 555

වෙබ් අඩවිය: srilankasumithrayo.org

කතා කරන්න..හැමවිටම හොද යාළුවෙක්ව ලගින් තියාගන්න..හොද සවන් දෙන්නෙක් වෙන්න යාළුවන්ට..ඒ වගේම කිවයුතු නොකිවයුතු දේවල් මතකේ තියාගන්න..

කෙනෙක් සියදිවි නසාන්න තරම් සිතුවිල්ලකින් ඉන්නවා කියන්නේ මානසිකව අන්තයටම වැටිලා එහෙම කෙනෙක්ට 

ශක්තිමත් වෙන්න ” මේ වචනයත් ඵල රහිත වනවා 

ඒක හරියාවි ,ඔයාට සෑම දෙයක්ම හොඳින් සිද්ද වෙයි

ඕක ගැන නැතුව වන දෙයක් ගැන හිතල හිත හදාගන්න වගේ අරමුණ යටපත් කරන්න යන්න එපා 

ඕක ආර්ත්මාර්ථකාමී ක්‍රියාවක් අරකයි මේකයි බයිලා කියන්න එපා..

ඔයාට මේක ගැන වැටහීමක් නැත්නම් හිත් හදන්න යන්න එපා මනෝවිද්‍ය දේශකයෙකුට යොමු කරන එක තමා හොදම වැඩේ

තව 1333 
ට කතා කරන්න 

1 comment:

  1. මේක සිරා කතාවක් බං. ඒ වගේ මානසිකත්වෙක ඉන්න කෙනෙකුට ගොඩක් විට ළඟින් ඉන්න උන් ගහන සීනිබෝල බයිලා වැඩක් නෑ. හරියට දෙයක් ඔලුවට වැටෙන්න ඕනි තේරුම් ඇතිව...👌

    කියවිල්ලයි ගැසිල්ලයි කියන්නෙත් දෙකක් තමා... ඔතන්න තියා සරුංගලයක් අලවගන්න බැරි උන් "සව් කොලෙන් එහේට ආතල් හොයන්න එපා..." කියලා පෝස්ට් ශෙයා කරනවා...😂

    ReplyDelete