Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, October 13, 2013

ඉන්ට්‍රොඩක්ශන්


හවසට කල්ලි ගැහෙන අපේ උන් වගේ උන්

සමාජයේ පය ගහලා ඉන්නකොට අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා නෙහ්...
කත් එක්කත් හොදින් ඉන්න මනුස්සයෙක් හැටියට මම තෝරලා බේරලා නම් නෙමෙයි මිනිස්සු ආශ්‍රය කරන්නනේ...
හැම මනුස්සයගේම මොකක් හරි හොද පැත්තක් තියෙනවා කියන එක මම අද්දැකීමෙන් ම ඉගෙන ගත්ත එකක්..
හැබැයි මෙහ් තියරියේ ඉදල ඔළුවට ටොකු ඇනපු උනුත් නැතුවම නෙමෙයි..
වැරදි වලින් කියනවා නෙහ් මිනිස්සු ඉගෙන ගන්නේ ... 
ඊට පස්සේ තමයි මම ඔවුන් ගේ ක්‍රමයට ඔවුන්ව ආශ්‍රය කරන්න ගත්තේ..
මෙහෙම මුණ ගැහුණු අය අතරින් හදේ ලැගුම් ගත් අදරනියන් පිරිසක් ගැන තමා මෙහ් තේමාව යටතේ මම අකුරු කරන්නේ.. 
මොවුන් ගැන දැන්ම හැදින්නුවම, ඉදරි ලිපි පෙලින් කථා වෙන මගේ දිවියේ රසමුසු තැන් ගැන කියද්දී ලේසි වෙනවා...


එහෙනම් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් ම රටේ වෙද්දු ටිකකගේ ජිවිතයේ ඇතුලන්තය දිගහැරුමටයි මෙහ් වැයම

No comments:

Post a Comment