ඩොකා
ඔබ නැති මුණු පොත
පාලු සොහොන් පිටියකි........
නෙතු පියන්නට නැ අවසර
නුබ සිටිනා සිහිනයි..............
පාඩම් කරනට නැ අවසර
නුබ ඇති රූ පිටුවයි................
තනි වෙන්නට නැ අවසර
නුබේ රුව කැටයම් කරයි.......
ඇමතුමකට නැ අවසර
නුබේ රුව දරයි යතුරු කැටයම්
මුහුණ බලනට නැ අවසර
නුබෙ රුව කැඩපතෙහි දිලෙයි
නුබ නැති මගේ දිවිය
පාලු අම්බලමකැයි..................
පාලු අම්බලමකැයි..................
තනි නොකරන් සොයුරිය
නුබ මට අවැසියියි...................
ඩොකි
මම නැතිවිට මූණු පොතේ .
නුබ යනවනෙ හතරවටේ
නෙතු පියන්නෙ කොහොමෙයි බොල .
ඇහැ අරින්නෙ දවල්ටනේ
නටන්ට බැහැ පොලොව ඇදයි .
කිව්වා වගේ උබත් මලේ
තනි වෙන්නෙ කොහොමෙයි බොල .
කෙල්ලො වැඩියි උබගේ වටේ
අමතන්නට නිතරම බැරි .
නැති හන්දයි සල්ලි අතේ
කැඩපතෙ දිලෙන තරමට මම .
චිත්තරයක් නෙමෙයි මලේ
මටත් දුකයි නුබ නැති එකගැන .
නාඩ ඉදින් එනකන් මම
තනි නොකරමි මගේ මල්ලියො .
සදහට මම නුබෙ සොයුරිය