Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, April 8, 2016

ඇය මාගේ මිතුරියයි




ගසමින් මගේ ඔළුවට
 ආදරෙන්
පිස්සුද මෝඩයෝ
මැරෙන්නද හදන්නේ
කියයි නිතරම
රස කැවිලි සේම
රෝස්වුනු ඇගේ  කිරි ටොපි
කෑ යුතුමයි ඇගේ පොරයට
හුරමින් උර තලයම
නගන ඇගේ කිචි බිචිය
පරයයි හෙළ රැප් කලාවම
හපමින් හුරමින්
ගතු කියන,
සැමදාම
ඇයයි මගේ මිතුරිය
ආදරේ කරනා
 සැමදාම

19 comments:

  1. හරි වචනේ .... පෙම්වතිද ...? මිතුරියද ....?

    මේ දෙකෙන් කෝක උනත් මෙතන මොනවා හරි තියනවා අනේ .....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් පටලවගන්න තැන තමයි ඕක..කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාලුවෝ වෙන්න බැරිද..
      ඇය මගේ මිතුරියයි..

      Delete
    2. එතකොට හපන්නේ හුරන්නේ මොන එහෙකටද ...? මරු යාළුකම ... ආචාර්යතුමාගේ

      Delete
    3. කෙල්ලෙක් වෙලත් කෙල්ලන්ගේ ප්‍රධාන අවිය දන්නේ නැද්ද නිහන්සෝ..
      මගේ කටු බෝඩියට නෙලුවම එයාලටම සිදෙන නිසා අපේ සෙට් එකේ කෙල්ලෝ ඔක්කොමල්ල කොටින් ගේ වගේ තියෙන නියපොතු සෙට් එකෙන් හුරන එක තමා කරන්නේ..මගේ යෙහෙළියගේ රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා

      Delete
    4. මගෙ බෙස්ට් ෆ්‍රෙඩා ඕක විස්තර කළේ

      “ උඹ බස් එකට නැග්ග වෙලාවෙ ඉඳල කියෝන හැටි අහගෙන ඉඳල මගේ කන් දෙක පිරිල, තෝ දිහා බෙල්ල නවාගෙන, කඩාගෙන බලං ඉඳල බෙල්ල රිදි රිදි, ඔක්කොම විඳගෙන මං බස් එකෙන් බැස්ස ගමන් කරන්නෙ කඩේකට ගිහින් පැනඩෝල් දෙකක් ගහන එක.. ඇයි යකෝ.. ගුටි කාලම මගේ අත ඉදිමිලනෙ මඟුල....”

      ඕං ඔහොමයි ඒ ජාතකේ... හි හි

      Delete
    5. http://mycrazymoods.blogspot.com/2013/08/blog-post.html

      Delete
    6. උදේට හවසට අනිවරයේ දෙන කෝල් 2න් එකක් හරි අපේ ගෙදර හරි ඇවිත් ගියාම මම විනාඩි 10ක් ඇල වෙලා ඉන්නවා එකකට එකක් සම්බන්දයක් නැති මාතෘකා 50 ක් විතර අහලා තෝන්තු වෙච්ච ඔලුව එකලස් වෙනකන්..

      Delete
  2. //රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා//

    සොඳුරු ආතල්ද ?

    ReplyDelete
    Replies
    1. රතු කට්ට කිවුවේ කේන්තිය

      Delete
  3. අනේ වාසනාවන්...
    හූරනව විතරද...? කොනිත්තන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොනිත්තන්නේ නැති කෙල්ලෝ ඉන්නව යෑ..කොටි නියපොතු වලින් කොනිත්තන එකත් කරනවා ලෙසටම

      Delete
  4. හා හා හොරෙ දැනුනා දැනුනා, ඕවා තම බන් යාලු කම්, ලිමිට් දාගත්ත යාළුකම් වලට වැඩිය ආපස්සට දවසක හැරිලා බලන්න පුළුවන්, එල ජය, කවිය ගති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝ..
      ලිමිට් දන්න බෑ බන් හොද යාලු කමකට..හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් කෙනෙක්ටයි හොද යාළුවෙක් කියන්නේ එහෙම කෙනෙක්ට කොහොම සිමා දාන්නද

      Delete
  5. මේ වගේ මිතුරුකම් හරිම සුන්දරයි...

    ReplyDelete
  6. පිරිමි යාළුවො හොඳයි.මටත් වැඩිපුරම ෆිට් පිරිමි යාළුවො. හැබැයි බලන මිනිස්සු බලන්නෙම වැරදියටනෙ. යාලුවෙක් කීවට පිළිගන්නේ නැහැ හිතන්නෙමවෙනින් දෙයක්

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත..හැබැයි ඇගේ පෙම්වතා වගේම මගේ හිටපු පෙම්වති(මේ දවස් වල මම තනිකඩ නෙහ්) අපේ මිත්‍රත්වය වැරදියට හිතන්නේ නැති එක ගැන මට සතුටුයි

      Delete
  7. එක හරි බන් හුරන්න විතරයි දන්නේ

    ReplyDelete