Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, December 18, 2015

රැකියාවයි විනෝදයි


රැකියාව කියන එකක් හැමෝටම ඕනි නෙහ්...නුතන ලෝකයේ දෙන්න දෙමහල්ලන්ම රැකියා කලත් නිවසට වී දරුවන් බල ගන්න ගෘහනියන් නැතුවමත් නොවේ..හැබැයි පිරිමියෙක් නම් අනිවාර්යෙන් කුමක් හෝ රැකියාවක් කල යුතුමය

උඩ තියෙන පින්තුරෙත් මනෝමන්දිර බ්ලොගයේ මෙන්න මේ ලිපියත් කියෙවුවම මට හිතුන මම හිතන දකින දේත් අකුරු කලොත් හොදයි කියල..

රැකියාවක් කිවුවට රැකියාව කියල මුදලට ජිවිතේ විකුණන එකට නම් මම කැමති නැ..

මම AL මැත්ස් වලින් කරේ කැම්පස් යන්නවත් ඒ ක්සේශ්‍රයේ රැකියාවක් කරන්නවත් බලාපොරොත්තුවෙන් නෙමෙයි..මම මැත ට අසයි ඉතින් මම කළා..මගේ රැකියාව ව්‍යාපාරික ක්සේශ්‍රයේ එකක් කියල මම තීරණය කලේ O/L කරන කාලෙදිමයි..
දැන් අහන්න එපා එහෙනම් ඇයි මැටි පුසෝ කොමස් කලේ නැත්තේ කියල..
පැහැදිලි හේතු 2කයි
1 අපේ මවු යානය කොමර්ස් ගුරුවරියක්..ගෙදර ඉස්කෝලයක් කරගන්න ඕනි උනේ නෑ මට(ක්ලාස් කට් පාරක් දාල ගෙදර ආවත් අහුවෙනව නේ විෂය දන්න කෙනා පොත බලපු ගමන් මම මට්ටු)
2 මම කොමට වඩා මැතට අසයි.

මම හිතන පතන විදියට ගැලපෙන හරි අපුරු යාලුවෝ ටිකක් ඉන්නවා මට..
සාරා ඌගේ විනොදන්ශේ චයරුප ශිල්පය හැබැයි ඌ 4ටො ග්‍රැපර් කෙනෙක් නම් නෙමෙයි..ඌ ග්‍රැපික් ඇන්ඩ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.වීනොදන්සේට සම්බන්දයි

හසියා ඌ අසා වයර් පුට්ටු කරන්න ඌ අද පිච්චුනා කියන මදර් බෝඩ් එකේ ඉදන් බෝඩ් පිච්චිච iphone එක දක්කවා හදනවා

චමිලය  ඌ ආසයි යකඩ වලට තාක්ෂණය එකතු කරන්න..අද ඌ රෝල ශටර් ගරිල් ගේට්ටු cctv systam නියෝන් ඇඩ්වටයිසින් බෝර්ඩ් අනන් මනං හැම එකම කරනවා 

තඩියා ඌ අසා විකුනන්න හැමෝම කට්ට කියන ෆිල්ල්ඩ් එකක උටම කියලා ඒජන්සි තියෙනවා දැන්

තව ගොඩක් දෙන්න පුළුවන් මට මගෙම උන්ගෙන්ම උදාහරණ මේ එකෙක්ටවත් පැය 6 8 වැඩමුර නෑ.. හැබැයි හැමෝම ෆුල්ම අතල් එකේ ඉන්න උන් හේතුව උන්ගේ විනොදන්සය රැකියාව කරගත්ත නිසා..
පැය ගාන බලන්නේ නැතුව වැඩ කරන වෙලාවට බැහැලා වැඩ කරන නිසා අපිට විවේකය ඕන උනාම ඕන තරම් තියෙනවා 
සති අන්තෙට හිතුනොත් මැදක බෝතලයක් ගහන්න
පූල් එකක ගිලිලා ඉදල කාලා කරලා එන්න 
මාස 2ක 3නකට සැරයක් ට්‍රිපක් යන්න මුදල් විවේකය 2කමැ අපිට තියෙනවා..සල්ලි පිට සල්ලි හොයන ගොඩ දෙනෙක්ට නැති විවේකය අපිට උපරිමයෙන් තියෙනවා..


ඒ වගේම අපිට ප්‍රතිපත්ති ගරුකව ජිවත් වෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.අපේ සෙට් එකේ හැම එකටම වගේ මටත් පොඩි පොඩි හැකියාවන් කිහිපයක්ම තියෙනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒවා.
සල්ලි මත්තෙම ජීවිතය දුවන්න අවශ්‍ය තාවයක් දැනට නම් අපිට නෑ..ඉස්සරහටත් එහෙම වෙන්න කියල පතනවා..ප්‍රතිපත්තියක් විදියට අපි සෙට් එකම යාලුවන්ගෙන් ලාබ ගන්නේ නැ..
ඒ වගේම තමන්ගේ රැකියාව තියෙනවා නෙහ්..උදාහරණයක් විදියට මම රැකියාව  ලෙස කරන්නේ සුරතල් මසුන් අභිජනන ගොවිපලක් පවත්වාගෙන යාම..මම සල්ලි හම්බ කරන්නේ එකෙන් විතරයි..හැබැයි මම ඉගෙන ගෙන තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරු ශිල්පය.තවම ඉගෙන ගන්නවා ඉදිරියේදී ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න හිතන් ඉන්නවා..
ඊට අමතරව ග්‍රැෆික් නිර්මාණ කරණය විදුලි උපකරණ අලුත්වැඩියාව මෝටර රථ අලුත්වැඩියාව ගෘහ විද්වුත් පරිපථ කැත්තේ උදැල්ලේ ඕනිම වැඩක් වැල්ඩින් වැඩ ලේත් වැඩ එකී මෙකි තවත් සැහෙන්න වැඩ ගණනාවක් පුලුවන් උනාට මම එවැන් සල්ලි හොයන්නේ නැ..
මේ ලිපිය ලියන අද දිනත් මම යාළුවෙක් එක්ක ඇඩ්වටයිසින් බැනර් වගයක් හයි කරන්න ගිහින් අවේ..පාන්දර 4යි වෙලාව.නිදිමත නැති නිසා ලියනවා.අපේ සෙට් එකේ උන්ට හදිස්සි වැඩක් ගෝලයෙක් නැති අවස්ථාවක් කුලියට ගෝලයන් ගැනීමට නොහැකි කාල වගේ අවස්ථාවලදී අපි අපිටම උදවු කරගන්නවා.එකට හැකියාවත් තියෙන්නේ අපිට ඇති තරම් නිදහස තියෙන නිසා
රැකියාවක් කරන මනුස්සයෙක් ට පාන්දර 4 වෙනකන් ඇහැරිලා ඉදල හෙට උදේ අයිත් වැඩ කරන්න බෑ.නමුත් මට තව ට්කකින් පැකින් එකක් තියෙනවා නිදි මතක් මහන්සියක් ගානක් වත් නෑ තව ටිකකින් මම වැඩ පටන් ගන්නවා මොකද මම එකට අසා නිසා මට එක කරන්න පුළුවන්..ඔය ගොඩක් අමතර වැඩ ඉගෙන ගත්තෙත් යාලුවෝ එක්ක ගිහින්ම තමා.
සාමානයෙන් කෙනෙක් නෑදෑ හෝ අසල්වැසි ගෙදරකට එනවා කිවුවම ඒ ගෙදර මිනිස්සු කෑම බිම හදාගෙන දුක සැප ආගිය විස්තර කතා කරන්න බලාගෙන ඉන්නවා නමුත් මට අනිත් පැත්තත..මම එනවා කිවුවම ගෙදර වැඩකරන්නේ නැති ලයිට් කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩු එකතු කරන බලන් ඉන්නව හදාගන්න..වෙන කෙනෙක් මග අරින කට්ටි පනින එවැනි අවස්ථා මම යන්නේ එකට ලෑස්ති වෙලා ආයුධ මල්ලත් අරගෙනමයි..ඒ මම ඒ වැඩ වලටත් අසා නිසා.ඒ වැඩ වලින් අද වෙනකන් රුපියලක් වත් උපයල නෑ..උපයන්නෙත් නෑ මොකද එක මගේ රැකියාව නෙමයි.අසල්වාසීන්, බොක්කෙම ෆිට් උන් ඇරෙන්න අනිත් සාමාන්‍ය යහළුවන් අනන්තවත් සේවයට මුදල් ගෙවන්න සුදානම් උන වාර අනන්තයි කිසිදිනක මුදල් අරන් නෑ..
ඒ වගේම මගේ ව්‍යාපාරය තොග වෙළදාමක්.යාළුවෙක් සිල්ලරට මාලුවෙක් දෙන්නෙක් ඉල්ලා ගන්න අනන්තවත් එනවා..මාළු ජෝඩුවට  2කට මුදල්  ගන්නෙත් නෑ මම එකත් මගේ ප්‍රතිපත්තියක්.

පඩියට නෙමෙයි ආත්ම තෘප්තියට වැඩකරන්න එතකොට අසාව නිසා වැඩ ගොඩක් කරන්න පුළුවන් වැඩ ගොඩක් කරනවා කියන්නේ මුදල් ගොඩක් නිතැතින්ම ලැබෙනවා.

හැමෝටම විනෝදාංශයක් රැකියාව කරගැනීමට භාග්‍ය ලැබෙන්නේ නෑ එහෙම වෙලාවට උබල වැඩිපුරම ආසා දේට යොමු වෙයන්..වැඩිපුර සල්ලි ලැබෙන දේට යනවට වැඩිය..

මගේ යාළුවෙක් ඉන්නවා බුවා පට්ට ටැලන්ටඩ් ක්රිකටර් කෙනෙක්..ඉස්කෝලේ කලේ පෙන්නපු දක්ෂයතාවය ඔපමට්ටම් කරා නම් අද වෙනකොට බුවා ජාතික කණ්ඩායමේ..ඌ විනාස උනේ කෙල්ලෙක් හින්ද කම්මුලේ අත තියාගෙන අරගෙන් කෝල් එකක් නෑ බන් කියල හුල්ල හූලල හිටිය අවස්ථා ගණනාවකදීම මගේන් වතුර බාල්දියක් හරි ලැබුනා ඌට.එක ගෙන නෙමෙයි කියන්න ආවේ..බුවා ක්‍රීඩාව අරුනකොට අසා මුහුදට ඌව මුහුදු යවන්න කොස් එකකටත් මමම එක්ක ගිහින් ලියපදින්චිත් කරලා ආවා..මොකෙක් කරි කොල්ලට බ්‍රේන් වොෂ් එකක් දීල මුහුදේ ජිවිතයක් නෑ ඊට වැඩ හොයන පුළුවන් නෙට්වාර්කින් කරපන් කියල..ඌ කළා එක අද රස්සාවකුත් තියෙනවා හැබැයි කොල්ල මැරිලා..ඌ වැඩ කරනවා හම්බත් කරනවා හැබැයි ඌ සතුටෙන් නෙමෙයි ඉස්සර හිටපු දගකරයා නෑ උදේ වැඩට යන හවසට ඇවිත් නිදා ගන්න ඔෆ් එකට නිදාගන්න එකෙක් දැන් ඉන්නේ. සතුට හොයාගනින් (ෆාමසියකින් නෙමෙයි) හිතෙන්..

9 comments:

  1. සිරාවට වීරේ... එකෙන්ම එකඟයි... සමහර වෙලාවට අතේ සතේ නෑ.. ඒ උනත් යකඩත් එක්ක ඔට්ටු වෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.. ඒක මගේ ආසාව...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සජ්ජෝ මගේ අතෙත් සතේ නැති වාර අනන්තයි හැබැයි සන්තෝෂය අපරිමානයි..අතේ සතේ නැති එක ගැන දුකක් හිතන්න වෙලාවක් එන්නේ නෑ කාටවත් යටත් නොවී අසාවෙන් කරන දෙයින් ලැබෙන සතුට දුක යටපත් කරනවා..මට ඕනි වෙලාවට මම නිවාඩු ගන්නවා ඊලග දවසේ උදේ පාන්දරින්ම හරි රාවෙනකන් හරි කරලා කලින් දවසේ වැඩ කවර කරනවා

      Delete
  2. ...//විනොදාන්සය රැකියාව කරගත්ත නිසා//...

    මගෙත් විනෝදාංශය තමයි රැකියාව.වෘත්තිය ගුරුවරයෙක් උනත් මම වීඩියෝ සංස්කරණයත් කරනවා.ඔය දෙකම මම කරන්නේ ආශාවෙන්.සමහර වෙලාවට කම්මැලි හිතුනම මම මොනව හරි වීඩියෝ කෑල්ලක් අරගෙන එක එක වැඩ දාලා එඩ්ට් කරනවා.රැකියාව කුමක් වුවත් ඒ තුලින් තමන් තෘප්තිමත් වෙනවනම් ඒක වැදගත්...

    ReplyDelete
  3. උඹේ මේ පොස්ට් එක මට හොඳටම හිතට වැදුනා...

    මමත් පහුගිය මාසයක් දෙකක් විතර තිස්සේ රැකියාව සම්බන්ධ එක්තරා ප්‍රශ්නෙකින් සෑහෙන්න මානසිකව වැටිලා හිටියා...

    දැන් ටික ටික ගොඩ එන වා ...

    උඹේ වචන ටික ලොකු හයියක්...

    ReplyDelete
  4. මෙන්න පුතේ පට්ට කතාවක්! අපේ උන් කරන්නේ අනිත් උන් කරනවාට හරි තව එකෙක් කියනවාට හරි ජොබ් එකක් හොයාගන්න ඒකනේ....

    ReplyDelete
    Replies
    1. එක තොරගනිද්දීත් බලන්නේ එහා ගෙදර එකා හිනාවෙයි ද අල්ලපු ගෙදර ඇන්ටි රවයිද කියල මිසක් තමන්ට කරන්න පුලුවන්ද මම ඒකට අසද කියල නෙමෙයි

      Delete