Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, July 16, 2015

ලකී බැම්බෝ



එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා නෙහ් මේකත් එහෙම පිස්සුවක් හැදිච්ච කලෙක කරපු වැඩක්..ලාබයක් මිස පාඩුවක් නොවුන මේකේ කම්මැලි කම සහ වෙළදපොල අඩුවීම මත නතර කරපු එකක්..

ලකී බැම්බෝ එහෙම නැත්නම් සැන්ද්‍රියානා යනුවෙන් කොයි කවුරුත් දන්නා මේක ෆෙන්ෂුයි අයිටම් එකක්..අද වේලදපොලේ ගොඩක් නිර්මාණ තිබ්බට ෆෙන්ශුඉ වල නම් තියෙන්නේ බොහොම ටිකයි නිර්මාණ








ප්‍රධාන වශයෙන්ම නැවේ ආකෘතිය සහ තිරිවාන ගල් යෙදු විනිවිද පෙනෙන බජනයේ වතුර පුරවල සහ 3 වෙනි රුපයේ මැද තියෙන ගහ වටේට වතුර පුරෝලා මාලුවෙක් දාලා
නුතන වෙළද පොළ සහ දක්ෂය නිර්මාණකරුවන් හේතුවෙන් ව්විද නිර්මාණ කරලියට පැමිණිලා තියෙනවා..

ඔඩෙල් එකේ රු 1500 වන එකක් පොඩි පැළ තවානක 800 ක් වගේ මිලක් වෙනවා.නමුත් 100 ට 200 ව වගේ බාල්දු මිලගණන් වල ට විකිනුනේ නෑ ඒ දවස් වල නිර්මාණයට වෙන මහන්සිය එක්ක ගුණාත්මක බවකුත් තියාගෙන තම ඒ දවස් වල අපි මිල කිවුවේ..

මේ නිර්මාණය ලස්සන වුනාට නිර්මාණයේ පොඩි කතන්දරයක් තියෙනවා..මුලින්ම 




ෂෙඩ් නෙට් වලින් සැකසු නසරියක හිටවපු පල වලින් තාමා මේක කරන්න ඕනි..එහෙම කියන්නේ නිට්ටබුව පැත්තේ තියෙනවා ගෙවල් වල ඕන තරම් අතු ගන්න නමුත් ගුණාත්මක බැවින් තොරයි වගකීමක් දෙන්න බෑ..රෝග නිරෝධන හැකියාව අඩුයි ඒකාකාරී වර්ණ නෑ වැඩිම ඒකාකාරී නෑ අන්න ඒ හේතු නිසා ඉ ක්‍රමානු කුලව වගාකරපු ගස්ම ගන්න ඕනි..ඒකාකාරී ලෙස නොවැඩිම ඉටා වැදගත් අපි නිර්මාණයක් කලාම එක එක ගස් එක එක අනුපාත වලින් වැවෙන්න ගත්තාම නිර්මාණයේ හැඩය වෙනස් වෙනවා..

මෙහෙම හිටෝපු ගස් උගුල්ලලා නෙමෙයි ගන්නේ නිර්මාණයට අවශ්‍ය උස හිටින්න කපනවා මුල පොළොවේ තියෙද්දී..ඊළගට දවසක් හෙවනේ තියෙන්න ඕනි..ඊළගට මුල් අද්දවීමේ වර්ධක හෝමෝන සහිත ජලයේ දාලා දවස් 2ක් හෝ 3ක් තියෙනවා කිරි මුල් එනකන්..ඊට පස්සේ තාමා වැඩි කොළ වේලිච්ච කොළ ගලෝල ගහ සුද්ද කරන්නේ..ඒ වෙනකොට මැලවිච්ච කිරි මුල් ඇදල නැති ගස් අයින් කරන්න ඕනි..ඊට පස්සේ තවත් දවස් 2කක් විතර තියෙනවා හොදට මුල් අදින්න
ඊට පස්සේ තම විවිද රටා වලට සැකසීම කරන්නේ..ඒ පිළිබද පින්තුර වගයක් ipad එකේ තියෙනවා මෙහ දවස් වල එකේ display රාජයා යන්න ගොහින්

රටා සැකසීමෙන් පසුවත් දවස් 3ක් වතුරේ දාලා තියන්න ඕනි රෝපණය කරන්න කලින්..සැකසීමේදී හනිවෙන ගස් ඒ දවස් 3නෙදි මෙන්න ගන්නවා අන්න ඒවා ඓන් කරලා ඒ වෙනුවට අලුතෙන් දීම කරන්න ඕනි..
ඊට පස්සේ පුළුවන් සුදුසු බදුනක පැල කරන්න. ඒ සදහා කොහුබත් ගෙන කොහුබත් දවස් 2කක් හොද අවුවේ වෙලන්න ඕනි ඊළගට තාමා එකට දිලිර නාශකයක් යොදල හෙවනේ තියන්නේ..මේවා නොකර නිකන්ම කොහුබත් අරන් කරන්නත් පුළුවන් ගෙවල් ඇතුලේ තියෙන ශාකයක් සහ හිරු එලියට නිරාවරණය නොවීම කියන කරනා එක්ක පුස් වර්ග විවිද සතුන් ඇතිවීමේ සම්බවිතාවක් මම පුද්ගලිකව අත්විදලා තියෙනවා..

කොහුබත් මදයේ හොදින් හිරකරගත් ගහට උඩින් සුදු තිරිවාන දීමක් කරනවා වැඩි ලස්සනට
ඊළගට ෂෙඩ් නෙට් හවුස් එකක සතියක් තැබීමෙන් අනතුරුව තාමා වෙළදපොලට නිකුත් කරන්නේ

විකුනන්න විවිද බොරු වගේම විවිද උපක්‍රම අපි පාවිච්චි කළා ඒ ගැන පහලට කියනවා නමුත් රු 900 සිට 12000 දක්කව විශාල මිල ගණන් වල ව්‍යාපාරයක් කරද්දී ගුණාත්මක බව උපරිමෙන් බැලුව..ශාකයකට වගකීම් සහතිකයක් දීපු එකම ආයතනය අපි..අවුරුද්දක් ඇතුලත ගහක් මිය ගියොත් ගහට ගහක් දෙනවා. ඒ වගේම රු 10000 ට වැඩි මිලදීගැනීම් කරන ඕන කෙනෙක්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ..ගහක් පිළිබද කතා කරන ඕනෑම පැමිණිල්ලකට ස්ථානයටම ගොස් සේවාවන් නොමිලේ සැපයුවා..එහෙම කරමින් ගුණාත්මක බවය උපරිමේටම තියාගත්ත..

අවස්ථා 2 කකදී පමණක් මාරු කිරීම් සිදු කිරීමට සිදුවීමෙන් අපේ ගුණාත්මක බව හොදාකාරව පැහැදිලි වෙනවා.

දැන් කියන්නම් විකුනන්න කරපු මගෝඩි

ෆෙන්ෂුයි ක්‍රමේට ඊසාන දිසාවට තාමා ගහ තියෙන්න ඕනි..නමුත් යන සමහර තැන වල ඊසාන ට අහක් තියන්න ඉඩ නෑ තැන බලල තමා අපි දිශාව කියන්නේ
උතුරට වයබට ස්ථානයේ ඉඩ තියෙන පැත්ත තාමා අපිට ෆෙන්ෂුයි පල දීමේ දිශාව..

ඒ වගේම සමහර ආයතන වලට ගියාම කියනව අපි ac ඔෆ් කරන්නෙම නෑ ac එකේ ගස් හැදෙන්නේ නැ නේද කියල ඉතින් ඔය ඉල්ලන් නෙහ් කන්නේ..
සර් 90% ෂෙඩ් නෙට් එකේ cold වෝටර් වලින් සීසන් කරපු ප්ලන්ට්ස් අපි ගව තියෙනවා සාමානයෙන් අපි එකට අඩිෂනල් 500 ගන්නවා සර් ලොකු ඔඩර් එකක් දාපු නිසා එකකට 100 වගේ අරන් දල දෙන්නම් සර් කියල ඇඩ්වාන්ස් එකකුත් අරන් හෙට යනවා මගින් නවත්තල ස්ප්‍රයර් එකකින් වතුර ටිකක් විදන් යනවා ෆර්ම් එකෙන් ගත්ත ගමන් කියල..

මේ ශාකයට පොර ඕනි නෑ මොකද ගහ වර්ධනය කරන්නේ නැති නිසා.පොර ඕනි නෑ කියල සමහරුන්ට කොච්චර කිවුවත් පිලිගන්නේ නැ ඒ වගේම රටේ තියෙන ඒවා දන්නා අහනවා..එහෙම යට ගිහින් දෙනවා අපේ විශේෂ හෝමෝන් මිශ්‍රණය රු 500 ලීටර් 1.5 මාසෙකට මිලිලීටර් 100 ක් දන්නා කියල..එක හදන්නේ ටැප් එකෙන් ගත්ත සුපිරිසිදු වතුරට කිරිමැටි යෝගට් හැන්දෙන් එකයි..හොදට හොලොල ගිහින් දෙනවා..ඕක නොදින්නොත් වෙන මගුල් දාලා ගහ මරාගන්නවා නෙහ්..මටත් මොකෝ 

ටිකක් ලොකු කම්පැනි වලට ගියාම අහනවා කොහොමද හොද කියල මුල් කාලයේ මම මෙතැනට මෙහෙම එකක් හොදයි කිවුවට උන් පිළිගත්තේ නෑ පස්සේ හොයාගත්තා එකට විකල්පයක්..ආයතනයේ 4තො ගන්නවා 4තර අතේ. ඊළගට කියනවා අපේ ඩිසයිනස් ලට දාලා තම සර් බලන්න ඕනි.
මම දැන් මෙහ ටික මේල් කරනවා ඩිසයින බලල කියයි හෙට මම අයිඩියාස් ටිකත් අරන් එන්නම් කියල..අනේ පින්වතුනි උන් එකෙන්ම කැමති වෙනවා මගේ අදහස් වලට..මට ඩිසයිනරයෙක් තියා දයිනොසරයෙක්වත් නෑ..

පොර්ජෙක්ට් ප්රෝපොසල් දෙන්න කියපු තැන් වලට නම් ෆොටෝෂොප් වලින් ගස් ටිකක් අලෝලා ගිහින් පෙන්නලා ගොඩ දාගත්තා





 
 










සියලුම චයරුප සහ හිමිකම් මා සතුයි..
 
ඉහත දැක්වෙන ආකාරයේ රිකිලි නම් ලන්කව්වේදී අපිට හදන්න බෑ ඕව සින්ගප්පුරුවෙන් මැලේසියාවෙන් ගෙන්වන්න ඕන..

බිස්නස් එක කරද්දී මාත් එක්කම හිටිය ගමන් සගයෝ දෙන්න චත්තා සහ මද්දා..ආදරෙන් මටක් කරන්න ඕනි..

11 comments:

  1. මං හිතන්නේ මං මේ තැන දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තැන කිවුවේ කොයි තැනද..මෙතන මගේ තැන් වගේම මම අතින් හැඩවුණු තැන් කිහිපයක 4ටොස් උත තියෙනවා

      Delete
    2. හොරණ ප්‍රදේශයේ මේක තියෙන්නේ නම්

      Delete
    3. ලංකාවේ කොහේද මල්ලී මම නොදන්න පැල තවාන්.
      හොරණ බණ්ඩාරගම පාරේ නේද . මට මතක විදියට මඩපාතට කිට්ටුවෙන්න.

      Delete
    4. නැත.හොරණ කළුතර පාරේ..
      මඩපාත කොහෙද යකු බණ්ඩාරගම හොරණ පාරේ..මඩපාත අහුවෙන්නේ බණ්ඩාරගම කොලබ නැත්තම් හොරණ කොලබ පාරේ පිළියන්දල කිට්ටුව

      Delete
    5. මොන පාරේ හරි මම දැකලා තියෙනවා .එච්චරයි

      Delete
  2. ඒකත් හොඳ පිස්සුවක් නේද ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මම මේකෙන් හොදට හම්බ නම් කළා

      Delete
  3. හික්ස්... හික්ස් මෙක නම් පට්ට

    ReplyDelete
    Replies
    1. පට්ට නම් මොකෝ බෝල විරිත්තන්නේ

      Delete