Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 29, 2014

මගේ පිළිවෙල ඇගේ අපිළිවෙලයි






කෙල්ලන්ට සාපේක්ෂව ගත්තම කොල්ලන්ට තියෙන්නේ වෙනස්ම පිළිවෙලක් ම නෙහ්..හැබැයි මෙහ් රාමුවෙන් පිට පනින අය ඕන තරම් ඉන්නවා.මම සහ මගේත් එක්ක උදේ හවස ඉන්න උන් ටිකට අදාලව කොල්ලෝ ගැනත් ඒ සෙට් එකේම ඉන්න කෙල්ලෝ සහ මගේ උන්ගේ මම ආශ්‍රය කරන නගාලා බුකියෙන් හම්බ උන කෙල්ලන්ට සාපේක්ෂව කෙල්ලෝ ගැනත් ප්‍රොෆ පොඩි සමීක්ෂණ පාරක් ගැලපුවා.

අපි කාමරේ අස් කිරිල්ලෙන් පටන් ගන්මු..

බලනවකො තමුසෙගෙ කාමරේ හැටි මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් ද තමන්ගේ කාමරේට අම්මා බෙල්ල දාන දාන පාරට මේ වචන කොල්ලෙක්ට අලුත් දේවල් නෙමෙයි.බොරු කියන්න ඕනි නෑ මට නම් කාමරේ අස්  කරන්න දවසක් යනවා...නිවාඩු දවසක පාන්දර 10 ට විතර නැගිටින කොල්ලෝ ඔය අස් කිරීම වගේ වැඩක් එක දිගට කරන්නේ නෑ මලාට..ටිකක් අස් කරයි උදේට කනවා ටිකක් වෙලා කැරකි කැරකි ඉන්නවා අයිත් ටිකක් කරනවා මම අහපු ගොඩ දෙනෙක් මෙහෙමයි..හැබැයි ඉතින් දවසක් තිස්සේ මැරීගෙන අස් කරත් අම්මලා කියන්නේ ඔය අස් කරාද කියල තමා..කොල්ලෝ කාමරේ අස් කරද්දී තමන්ට භාණ්ඩ ගැනීමේ/සොයාගැනීමේ පහසුව පිණිස ඒවා ස්ථාන ගත කලත් කෙල්ලෝ බදු තියන්නේ ඇස පිනවීම මුලික කරගෙන..මේක මෙතනින් තිබ්බොත් කොහොමද එක පෙන්න තියන්න හොද නැද්ද කියල දහසකුත් දේවල් කල්පනා කරනවා ලු..ඉතින් කොල්ලෙක් ගේ කාමරේ පිළිවෙල පෙන්නේ තවත් කොල්ලෙක්ටම විතරයි..හැබැයි කෙල්ලෙක් ගේ කාමරයක් බැලුවම ඕනිම කෙනෙක්ට ලස්සනට පේනවා..කෙල්ලෙක් පන යනකන් අතු ගාලා දුවිලි ගසල ගන්න පිරිසිදුව කොල්ලන්ගේ ටිකක් අඩුයි..කොළ ටික මෙසේ යටට වැලි ටික ඇද යටට තල්ලු කරාට දොර ගාව ඉදන් ඇදටත් කොම ගාවටත් කොල්ලන්ට පිරිසිදු පාරක් තියෙනවා යන්න..ඒ වගේම ගොඩක් කොල්ලෝ කාමරේට එයාර් ෆ්‍රෙෂ්න එකක් කෙලිනවා..ගොඩක් කෙල්ලෝ දවස ගානේ(ජොබ් නොකරන ගෙවල් වල ඉන්න අය) වැඩට යන අය සති අග කාමරේ අස් කරාට කොල්ලෙක් එක කරන්නේ එක්කෝ මාසේ අග එහෙම නැත්තම් මාස 2කකට වගේ පාරක්.කාමරේ බෙඩ් ෂිට් එකේම කොල්ලෙක්ට අම්ම හෝදලා දුන්නොත් මිසක් හෝදන්නේ එකේ දරු පවුල් වැඩි උනාම තමා..ප්‍රාණ ඇප කාරයන්ව ඇදෙ නිදහස් කරන උන් ඉන්නවා නෙහ්..

ඊළගට බලමු අදින පළදින රෙදි.

කොල්ලෙක් ඩෙනිමක් අදින්න ගත්තම ඌට එක පට්ට ගැහුවා ඇති කියල හිටෙනකන් එකේ කුණු පෙන්නේ නැ..ගොඩක් උන් කෙල්ලව බලන්න යනවා නම් ඊට කලින් දවසේ අල්මාරියෙන් වෙන ඩෙනිමක් එලියට අරන් පරණ එක කුඩේට ඔබනවා..කොල්ලෝ ගොඩ දෙනෙක් ට තියෙනවා ලොකු ලෝන්ඩරි බින්..එහෙම නැත්තම් ඒවා ගොඩ ගැහෙන්නේ ඇදුම් දාන රැක් එකේම තමා..ඕක පිරුනාම තමා කොල්ලෙක්ට හෝදන්න මතක් වෙන්නේ..සාමානයෙන් කොල්ලෝ මැච් කරලා අදින්නේ කෙල්ලව බලන්න යන මුල් දවස් වල විතරයි ලු.(ලු කිවුවේ අනිත් උන් එහෙම උනාට මම  පලවෙනි දවසේවත් පිළිවෙලට නොයන එකෙක් නිසා)ඉතින් අල්මාරියේ ඇදුම් තියෙනකන් අර රෙදි කන්ද හෙඩිම ගැන ප්‍රශ්නයක් නෑ..හැබැයි වැඩට යන කොල්ලන්ගේ නම් මේක වෙනස්.උන් නම් වැඩට අදින ටික සති අන්තෙට හෝදනවා..ගෙවල් වල ඉදන් වැඩට යන උන් නම් අම්මට හෝ නගාට අක්කට කියල හෝදගන්නවා.
කෙල්ලන්ගේ මෙහ් තත්වය වෙනස් එයාලා සාමානයෙන් එදිනෙදා යට ඇදුම් ටික නම් අනිවා හෝදනවා ලු අනිත් ඒවත් දවස් 2කට සැරයක් උපරිම 3යි වැඩ කරන කෙල්ලෝ සමහරු නම් සති අන්තේ තමා හෝදන්නේ..ඒ වගේම රෙදි දාන කුඩේ කොල්ලේක් ගේ කාමරේට ඇතුල් වෙනකොටම දකින්න හම්බ උනත් කෙල්ලෝ මේවා තියන්නේ හංගලා..
කොල්ලෝ ඇදුමක් අදින්න අල්මාරියෙන් ගන්න යනකොට මුලින්ම මතකෙට එන එක අල්මාරිය පෙරලලා බලනවා තියෙනවද කියල..නෑ කියන්නේ එක්කෝ යාළුවෙක් ඇදන් ගිහින් නැත්නම් කිළුටු කුඩේ..ඔය හෙවිල්ල කෙල්ලෝ වගේ ලතාවකට කෙරෙන්නේ නැති නිසා රෙදි හෝදලා ඇතුලට දාන දාන වාරයක් පාසා අස් කරන්නව.සමහරු නම් බෝල කරලා ඔහේ ඔබනවා..කෙල්ලෝ එහෙම නැ එයාල පිළිවෙලට ලතාවට නෙහ් වැඩ ඉතින් එයාලගේ අල්මාරි වැඩිය අවුල් වෙන්න නෑ..කෙල්ලෝ ඕක අස් කරන්නේ ශෝපින්ග් ගිහින් අපු දාට පහුවෙනිදා.(අපු දවසේ ඔක්කොම ටික ඇද ඇද, ඇද උඩට දානවා..ඊළගට බෝල කරලා පුටුවක් උඩට දාල තැපෑල නිදියනවා.)කෙල්ලනේ ෂොපින් යාම සාමානයෙන් සති 5 ත් 8ත් අතර කාලයේදී වෙනවා මයි..ඒ නිසා සති 5-8 කාලයක් තුල ඔවුන් අල්මාරිය අස් කරලා පරණ ඒවා අයින් කරලා අලුත් ඒවාට ඉඩ හදාගන්නවා ලුපරණ ඒවා අයින් කරනවා කිවුවට උපරිම අයින් වෙයි 1 ටි ශිර්ට් එකක් ස්කර්ට් එකක් වගේ පොඩි දෙයක්..මොකද කෙල්ලෝ අහක දාන්න ලෝබයි..

කාමරේ ගැන

 කොල්ලෙක් බිත්ති 4කට කාමරයක් කියන්නේ එකේ ඇදක් තියෙනවනම් උනාට කෙල්ලෙක් ට එහෙම බෑ.කන්නාඩි මේසයක් සපත්තු රැක් එකක් ටවල් රැක එකක් අල්මාරිය මේසය අනිවාර්යෙන්ම ඕනි ලු එක තමන්ගේ එක වගේ දැනෙන්න අරහේ මෙහෙ උලන ක්‍රීම් ජාති ටිකයි කියුටෙක්ස් ටික හෙයාර් ඩයර් එක වගේ පොඩි පොඩි දේවල් ටිකක් ටියෙන්නම ඕන උනාට කොල්ලෙක්ට තමන්ගේ වගේ දැනෙන්න ඕනි තමන්ගේ කොම්පියුටර් එකයි සවුන්ඩ් සිස්ටම් එකයි 4න් චජරෙයි ලු..සමහරුන්ට ෆෑන් එක ඕනමලු..(මටත් ඔනිමයි)
කොල්ලෝ කාමරේ අස් කරලා කුණු ටික දොරේ එලියට ගෙනත් නතර කරනවා අම්මට ගෙනියන්න..හැබැයි කෙල්ලෝ මුළු ගේම අතු ගානවා ලු
අපි යමු ඊළගට කුස්සියට
මට මෙහෙ ගැන අහන්න වුර්තිය කෝකියෙක් සහ නීතිපතා උයන කොල්ලෙක් හම්බ උනේ නෑ.ඉතින් ඉදල හිටලා උයන කොල්ලන්ගෙන් තාමා ඇහුවේ.කියන්න කණගාටුයි කොල්ලෝ ඉදල හිටලා අලුත් විදියකට බිත්තරයක් හරි බැදගන්න හදනවා හැබැයි කෙල්ලෝනොකරම බැරි අවස්ථාවක පරිප්පුවක් හරි මළුවකට අමතරව දෙයක් හදන්න හිතන්නා නෑ ලු(අවිවාහක අය)
අපේ අම්ම හැම ජාතියම බෝතල් බෝතල් වල දාල පැන්ට්‍රියේ ලස්සනට අඩුක කරලා තියෙනවා.උයන වෙලාවට අදාල බෝතලේ අරන් එකෙන් අවශ්‍ය ප්‍රමනෙට ගෙන අයිත් එතැනින්ම තියනවා.හැබැයි කොල්ලෝ උයන්න ගියාම එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම කුකර් එක වටේට තිය ගන්නවා ගොඩක් කොල්ලන්ට එක පාරින්ම පහේ දැමීම ගැන අවබෝධය අඩුයි(නිතරම උයන්නේ නැති නිසා වෙන්න පුළුවන්)උයල ඉවර උනාම එක බෙදන් කනවා මිසක අස් කිරීම ගැන(ගත්ත බෝතල් නියමිත තැන තියන්න)වෙහෙසෙන්නේ එහෙමත් කොල්ලෙක්.හැබැයි කොල්ලෝ කපන කොටන කොට ඉතුරුවෙන සුන් බුන් නම් එවලේම බින් කරනවා ලු..ගැනු පාර්ශවේ මේක කොරන්නේ අන්තිමට නෙහ්.

දැන් බලමු කොමයි 4න් එකයි ගැන

රෙදි කැල්ලක් අරන් ලැප පිය දැන්මට එතනින් එහා සාත්තුවක් කරන්නේ නෑ කෙල්ලෝ..ඒ වගේම කෙල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට රෙද්දකින් වහල්ලු තියෙන්නේ..ඒ වගේම ලැප තියෙන්නේ ඇද උද නැත්තනම් මේසයේ..කෙල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන ඩේ ෆිල්ම් එකක් බලන එක නැත්නම් fb එහෙමත් කෙනෙක් මොනවා හරි කුරුටු ගයි..එක කරලා එයාල එකෝ එදෙන් බැහැල ගිහින් මෙසේ උඩින් තියල ඇවිල්ල නිදාගන්නවා නැත්නම් ඇදෙ පැත්තකින් තියන් නිදාගන්නවා
ගොඩක් කොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ පැත්තේ පියනට ඇන දාලා නෑ එහෙම නැත්නම් එක ගලෝල තියෙන්නේ කොල්ලෙක් කාමරේ අස් කරනකොට අනිවා කොම සර්විස් කරනවා..වැඩ කිඩ ටිකක් දන්නා උන් නම් එදාට ලැප වගේම 4න් එකත් ගලෝල දුවිල්ල ටික අයින් කරනවා..මම නම් ඇම්ප් එකයි රැවුල කපන ට්‍රිමර් එකයිත් ගලෝල සුද්දයක් දෙනවා.. කොල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන හැම දේම කරන අතර වැලත් අදිනවා..හැබැයි කොල්ලෝ කවදාවත් ඕක මෙසේ උඩින් තියන්න ඇදෙන බහින්නේ නෑ මේසේ ඇද ගාව නැත්නම් ලැප තියන්නේ බිමින් ගොඩක් උන් එකටම රෙදි කාර්පට් එකක් ඇද ගාවින් තියන් ඉන්නවා..

බෑග් එක

ට්‍රිපක් එහෙම යනකොට ලොකු මල්ලක් ගෙනියනවා නෙහ්.කොල්ලන්ගේ එකේ අනිවා තියෙන්නේ තමන්ගේ ජෝක්කු...ටවල් එකක් නම් ගොඩක් උන් ගේන්නේ නෑ..කවුරු හරි එකෙක් ගෙනෙයි කියල උන් එලියට බහිනවා..ඉන්න දවස් ගැන කීයද කියන එක මත නෙමෙයි කොල්ලෝ ගෙනියන ඒවා තීරණය කරන්නේ..ප්‍රධාන වසයෙන් බෑග් එකේ බර උස්සන් යන්න තියෙන දුර මත එක වෙනස් වෙනවා..දවස් ගාන කීය උනත් කොල්ලෝ ගෙනියන්නේ එක බෑග් එකයි..මදි පාඩු මගින් කාගෙන් හරි ඉල්ලගන්න එක තම සාමානයෙන් කොල්ලන්ගේ සිරිතත.හැබැයි කෙල්ලෝ දවස් 2කක ට්‍රිපක් නම් දවස් 3කට ඇදුම් ගෙනියනවා..ගොඩක් වෙලාවට කෙල්ලන්ට බෑග් එකට වඩා ඕනි..හෑන්ඩ් බෑග් එකත් දැන් ලොකු මල්ලක් බවට පත් වෙලා නෙහ්..ඔකේ තියෙන දේවල් ගැන වෙනම වෙලාවක ලියනම්..ක්ලාස් යන කලේ බෑග් මේසේ උඩට හලලා හොද අද්දැකීම් තියෙනවා මට.

අවසාන වශයෙන් කතා කරමු ශරීරයේ පිරිසිදුව ගැන

කාලගුණය කොහොම උනත් කෙලින් කටින් හිටගන්න පුළුවන් ශරීර සෞක්‍යක් තියෙනවා නම් කොල්ලෝ නානවා හැමදාම..ඒ වගේම ගොඩක් කොල්ලෝ ආසා ලයිෆ් බෝයි වගේ වැඩිය සුවදක් නැති හොදට කුණු යන සබන් වලට..මුනට නම් ෆේෂ් වොෂ් පාවිච්චි කරනව සමහරු ඒ වගේම හොද ෂැම්පු එකකුත් ගොඩක් උන් පාවිච්චි කරනවා..
කෙල්ලෝ එහෙම නෙමෙයි එයාලට නාන්න යහපත් සෞම්‍ය කාලගුණයක් වගේම 100% නිරෝගී සෞක්‍යක් තිබිම අනිවාර්යයි..ඔය කොන්ඩේ දිග කෙල්ලෝ නම් දිග කොන්ඩේ වෙලෙන්නේ නෑ වෙලුන් නැති උනාම මට රෑට ඔලුව කැක්කුම හැදෙනවා කියල ලස්සන තර්කයක් තියන් ඉන්නවා නන එකෙන් බේරෙන්න.(සියලු පෝෂනේ කොන්ඩේ උරාගන්නා නිසා මොලේ ට පෝෂණ අඩුවක් මම දකින විදියට ඩයර් පාවිච්චි කරන එක විසදුමක් උනාට එකෙන් කොන්ඩේ සවුත්තු වෙනවා කියන්නේ එයාලගේ)
හැම කෙල්ලටම ෆේෂ් වොෂ් එකක් තියෙනවා..ඒ වගේම ක්ලේන්සර් එකක් ස්කර්බ් එකක් ඩීප් ක්ලිනර් එකක් අනිවා පාවිච්චි කරනවා..කොන්ඩේට ෂැම්පු එකක් වගේම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරනවා නාන දවසට.ඒ වගේම නාලා ඉවර වෙලා ෆේෂ් වොෂ් දාලා අයිත් මුණ හෝදනවා මුනේ ෂැම්පු තියෙනවා නම් යන්න කියලා.



කෙල්ලෝ බල්ලන්ට පන වගේ පෙන්නුවට බල්ලන්ව නවන්නේ එහෙමත් කෙල්ලෙක්..ඒවගේම ගොඩක් කෙල්ලන්ගේ කාමරේ බල්ලට තහනම් ප්‍රදේශ..විශේෂයෙන් බල්ලා පිරිමි සතෙක් නම්..බල්ලෝ හදන කොල්ලෝ උන්ව නාවනවා වගේම ඇදට නැගල තමන්ගේ නින්ද කැඩුවොත් කෑගහනවා ඇරෙන්න පැත්තෙන් නිදාගත්තට මොකුත් කියන්නේ නෑ හැබැයි බල්ලෝ කවද්ද එහෙම හිටියේ..ඒ වගේම කුඩුවට දාන්න බල්ලව හොයනකොට බලල රිංගන්නේ කොල්ලගේ කාමරේට.කෙල්ලන්ගේ හැටි බලොත් දන්නා නිසාද මන්දා උන් කෙල්ලන්ගේ කාමරේට රින්ගන්නෙත් නෑ.


20 comments:

  1. අහා මගෙන් ප්‍රශ්ණ ඇහුවෙ එදා මේකට ඩේටා ගන්නද! මරු මරු!

    ReplyDelete
    Replies
    1. විස්තර දුන්නට තැන්කු වේවා

      Delete
  2. මේකෙ ටිකක් කුණුහර්ප සහ මද්‍යසාර අඩුයි වගේ.. ටිකක් වැදගත් මට්ටමේ පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම ජාතිය ලියල බෑ නෙහ්

      Delete
    2. ඒ කියන්නෙ බස්සිගෙ වැඩ පිළිවෙලෙන් ටිකකුත් මෙතන ඇති හෙක් හෙක්

      Delete
    3. කිහිප දෙනෙක්ගෙන්ම අහලා සමස්තේ ගත්තේ සහෝ

      Delete
  3. හම්මේ ඔය ඇදලා ඇරලා තියෙන්නේ පක්ෂේ ටයි විපක්ෂේ ටයි දෙකටම.

    සුපිරි පොස්ටුවක්.

    ටයිපෝ ටිකත් හදා ගත්තනම් තමයි ගොඩ.

    ReplyDelete
  4. අම්මේ අවුලක් නෑ , ඔක්කොම එකයි ඒ කියන්නේ

    ReplyDelete
  5. මං අයිතිවෙන්නේ කොයි ගොඩටද කියලා හිතාගන්න බෑ,, :D මෙදා ලංකාවට ගිය වෙලේ දැක්කේ අපේ මල්ලි එයාගේ කාමරේ නාස්තිකරලා දැන් මගේ රූම් එක අරන්,, අල්මාරිය අරින්න හදද්දී දුවගෙන ඇවිත් හිමීට එයා ඇරියා,බලද්දී දොර ඇරියම හෙන බඩු සෙට් එකක් බිම.. අපේ අම්මා බයිනවා අම්මෝ ඒවා අහන් ඉන්න බෑ අප්පා

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ වගේ සියුම්ව වැඩකරන්න කෙල්ලන්ට බෑ.. කෙල්ලෝ ලොරියක ගෙනියන බඩු අපි එක බෑග් එකක ගෙනියනවා..හැබෙයි එකෙන් ගන්න පුළුවන් අපිටම විතරයි දාපු පිළිවෙලටම ගත්තේ නැත්නම් ඔක්කොම කැඩෙනවා නෙහ්

      Delete
  6. //කොල්ලෝ කාමරේ අස් කරලා කුණු ටික දොරේ එලියට ගෙනත් නතර කරනවා අම්මට ගෙනියන්න..//
    //ගොඩක් කොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ පැත්තේ පියනට ඇන දාලා නෑ එහෙම නැත්නම් එක ගලෝල තියෙන්නේ//
    අඩෝ මරු බන්..මං හිතුවේ මං ගැන ලියලා තියෙනවා කියලා..ජය වේවා!

    ReplyDelete
  7. බෝඩිම් ජීවිතේ මතක් උනා බං

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කිචියෝ..උබේ බ්ලොගට එන්න බෑ නෙහ් බන්..

      Delete
  8. මම හිතුවේ , මම විතරයි මෙහම කියල.. :D

    බැලුවාම වැඩි දෙනෙක් එහමනේ..

    ReplyDelete
  9. Replies
    1. බොහොම ස්තුති සහෝ..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete