Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, January 28, 2014

ඔයා මගේ උනා නම්



ඔයා මගේ උනා නම්........
මාව මෙහෙම මග හරින එකක් නෑ
මාව මේතරම් රිදවන එකක් නෑ
මාව මේතරම් අඩවන එකක් නෑ



ඔයා මගේ උනා නම්............
හැමදාම හැම මොහොතෙමමා ලගින් ඉදීවි
මම කියන කියන දේ ආදරෙන් අහන් ඉදීවි
මට වැරදුනාම "එහෙම නෙමෙයි මෝඩියේ"කියල මගේ කම්මුල මිරිකාවී


ඔයා මගේ උනා නම් ................

ආදරෙන් මාව තුරුළු කර ගනීවි
උණු හුමට තියාන මුළු මුණම සිප ගනීවි
සදහටම මම ඔයාගේ කර ගනීවි
ඔයා වගේම ශෝක් පුතෙක් තෑගි දේවි


ඔයා මගේ උන නම්............
මගේ පුංචි පවුල රැක ගනීවි
මගේ දරුවන්ට ජීවිතය කියා දේවි
මම ආච්චි කෙනෙක් උනාමත් මාව බලාගනීවි
මම මැරුණු දාට ඉකිගගහ අඩාවී


අනේ ඔයා මගේම උනානම්............

මම සදහටම සතුටින් ඉදිවී...........



සියලුම හිමිකම් ඩොකි සතුයි...
නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු

14 comments:

  1. ඔයා මගේ නොවුනත් ඔයා එයාගේ...

    අර ඔක්කෝම ටික කරාවි..

    ReplyDelete
  2. හරිම අපුරුයි. අමුතුම රසයක් තියන්නේ

    ReplyDelete
  3. //අනේ ඔයා මගේම උනානම්............
    මම සදහටම සතුටින් ඉදිවී...........//

    ඒක නම් සහතික ඇත්ත...


    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්
      බොහොම ස්තුති

      Delete
  4. ම් ... හරියට ... මගේ නොවෙන ආදරයක් වගේ.
    හරිම අපූරු පදවැලක් ..

    ReplyDelete
  5. එහෙම්මම උනොත් නම් ටොපේ ටොප් තමයි. සමහරුන් පස්සේ පස්සේ වෙනස් වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. සියලු දේ අනිත්‍යයි නේ අරු

      Delete
  6. ලස්සනයි ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කියෝ... මගේ අක්කිය මෙහ් දවස් වල නෑ..ඒ හින්ද මම ම එයාගේ ඒවටත් rpl කරනවා

      Delete