Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, November 17, 2013

෴ඩල්සි෴








සම්පුරන නම   :-C.B.O.D
පදිංචිය            :-පානදුර පැත්තේම තමා දැන් විදේශ ගතයි
පාසල              :-මගේ ඒකම තමා
අධ්‍යාපනය      :-ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ දැනට විදේශීය විස්වවිදයලයක

පවුලේ විස්තර :-පියා වයපාරිකයෙකි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-මාටියා ගැහිල්ල විතරයි
විශේෂ හැකියා:-ගොටු උපාදිය උපතින් රැගෙන විත් ඇත..ගල් කප්පිත්තෙක්
මා දකින ඔහුගේ
දුර්වලතා          :- එහෙම ඒවා නැ



වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කුපාඩියෙක් උනත් මට නම් හොද යාළුවෙක්...මොහු මගේ සමාගමට වැටුනේ 10 වසරදී....
මේක කරපු වැඩ ටිකක් කියන්නම් කෝ..බුවා ගැන හොද චිත්‍රයක් මැවෙයි...

දවසක් මේකාගේ ගෙදර ගියාම මෙසේ උඩ තිබ්බා සම්මානයක
මහානාමයට කල සේවය වෙනුවෙන් ගෞරවයෙන් පුදනු ලද වගයි ...
කියලා ලොකු අකුරින් ගහලා..මූ ස්කෝලෙට කරපු වෙඩිමක් නැති නිසා එහුව විස්තරේ...අපේ පිනා සර් ට දීපු එකක් එක..එදා ස්ටේජ් එකේ ශබ්ද පාලනයට ඉදල තියෙන්නේ අපේ ඩයල් එක..සර් සම්මනෙයි තෑග්ගයි මුට දීල අල්ල ගන්න..බුවා එක අරන් මාරු වෙලා.. තෑග්ගේ තිබිල තියෙන්නේ ශිර්ට් එකක් එක ස්කුල් එකෙ එකෙක් ටම විකුණලා අපිට කන්න අරන් දීල එදා...

දහම්පාසල් අවසාන විබාගේ දවසේ කන්න ගිය අපි සෙට් එක.කලා පන්සලට අපු ගමන් මු අපේ එකෙක්ගේ බෑග් එක ඉල්ලලා පොරේ...අයිති එක ඇහුව මොකටද බන් මගේ බෑග් එක උබට කියලා..මූ කියපි මුගේ බඩු  වගයක් එකේ තියෙනවා කියලා...ඉතින් අපි එක ඇරිය බලන්න...කපු කඩේම එක ඇතුලේ

චොක්ලට් බිස්කට් පැකට් 2
ටිපිටිප් පැකට් 1
ඔකේ කේක් කෑලි 4
මලු පාන් ගෙඩියයි

මුගේ අතට අහුවෙච්ඡ ටික අරුගේ බෑග් එකට දල....

තවත් දවසක මාත් එක්ක ගිය internet cafe එකකට..ස්කොලේ වැඩකට..මම වැඩේ කර කර ඉන්නකොට මු කියපි යමන් මචන් කියලා..අපු වේදේ කෙරිලා තිබ්බෙත් නැති නිසා මම කිවුව ටිකක් හිටපන් බන් තාම වැඩ ඉවර නැ කියලා..වෙනින් තැනකින් කරමු කියලා මූ යන්නම පොරේ...බුවාගේ තරම දන්නා නිසා මත යන්න ලේස්ති උනා.උබ සල්ලි ගෙවල වරෙන් මම එළියෙන් ඉන්නම් බන් කියලා ඌ එලියට බැස්සා මම සල්ලි ගෙවල එනකොට මූ කඩේ ඉස්සරහ ඉදන් සල්ලි වගයක් ගනිනවා... මුකරලා තියෙන වැඩේ තමා cafe එකේ  ups එකක් උස්සල එක ඒ කඩේ ඉස්සරහම තියල විකුණලා....

ඔය වගේ ලියනවා නම් ගමකට සිද්දි ලියතහැකි බුවා ගැන...කොඡාර ගේම් කාරයෙක් උනත් යලුවන් ගේ දේවල් උස්සන්නේ නැ මූ....
අපේ විනය බාර  සර් අල්ලන කොල්ලන්ගේ ජංගම දුරකථන සර් ගෙන් උස්සල නැවත කොල්ලෝ අටට දෙන්නෙත් බුවා තම....

ස්කොලේ තිබ්බ හැම සංගමෙකම වගේ හිටිය ශිෂය නායකයෙක්..පන්තියේ හිටියේ නැති තරම්..හැබැයි උසස් පෙළ හොදින් සමත්...කොහොමද කියලා නම් මම කියන්නේ නැ...එක දන්නේ ඩයල් එකට එහා පැත්තේ හිටිය ලංකාවෙන් 5 වෙනියා ගතට එකා විතරයි

Wednesday, October 23, 2013

සමාව බජනෙට දාන්ට




අක්ක මට එවපු කතා වල මම කොටස් මාරු කොරන් මම ඉක්මනින් එක හදන්නම්

Friday, October 18, 2013

ඩොකගේ සහෝදරි

මගේ අක්ක ගැන කියනවා නම්....

    එය දැන් ඉන්නේ විදේශ ගතව...එහෙන් මට මස්සින පොඩ්ඩකුත් හොයාගෙන..ලගදීම දෙන්න එනවා එක වහලක්යටට කොරන්න තමා ඉන්නේ...
අක්ක ඉන්න රට ගැන කියනවා නම්...ලෝකයේ වේගයෙන් ම දිවුණු වෙන රටක්...අකුරු වෙනුවට චිත්‍ර වගේ අයිටම් වගයක් තමා එහෙ බවිතේ....කාලෙකට හිටෛ පැලෙන්න කාලෙකට රසෙයි මැරෙන්න...මට නම් ඉතින් මගේ ලංකාව  තරම් කොයිකවත් වටින්නේ නැති නිසා අනිත් රටවල් වැල ඇද පේනවා වැඩි...කොහොම හරි මගේ අක්ක ලංකාවට වගේම එහෙටත් ආස නිසා එය එහෙ පදිංචි වෙන්න තමා යන්නේ

මගේ අක්කට මට වඩා හොදට ලියන්න පුළුවන්...නමුත් කාර්ය බහුලත්වෙ එක්කෙයට ඉඩ ලැබෙන වෙලාවට ලිපි ලිය ලිය එවන්නම් කිවුව මම ඒවා අද පටන් මේකේ දැන්නම් මෙහ් තේමාවෙන්

මෙහ් ඉන්නේ අක්කගේ තනි රකින කට්ටිය


















මුන්ට නම් වගයකුත් තිබ්බ ඒවා කියන්න ගියාම දිව විකෙන නිසා මම කියන්නේ කළු පූසා දුබුරු එකා හාවා සහ බවුවා...අක්ක ආපු වෙලාවක නම් ටික දන්න කියන්නම්...

ඈ හට ආලේ කලෙමි




නුබේ පහසට ලොල් වු මසිත
විටක
හඩයි
විටක තැවෙයි
ඇසිල්ලක පිනයයි
මන්ද යත්
නැගෙන සිතිවිල්ලකි
දැනෙන 
සිතුම 
නුඹ කල මුලාව
ඉතිරියි තමා සිත අද්දර

෴චිකා෴

කුකුල් පුතා නොහොත් චිකා

සම්පුරන නම :-T.N.H
පදිංචිය           :-පානදුර පැත්තේම තමා
පාසල             :-sjgs & සාන්ත සෙබස්තියන් විදුහල් වලින්
අධ්‍යාපනය     :-ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ සහ ව්‍යාපාර පරිපාලනය පෞද්ගලික පොට්
                       එකකින්

පවුලේ විස්තර :-පියා සාර්ථක වයපාරිකයෙකි මව සහ පාසල් යන වියේ සිටින නිවුන් 
                          සොහොයුරියන් දෙදෙනා
ක්‍රිඩා                 :-හොද ටෙනිස් ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක්
විශේෂ හැකියා:-ශුර  බුද්දියකින් හෙබි වයපාරිකයෙකි..විශිෂ්ට රියදුරෙක්.. 
මා දකින ඔහුගේ
දුර්වලතා         :-ක්‍ෂණික කෝපය සහ දැඩි කලබල කාරී ස්වබාවය


සාමානයෙන් ළමයෙක් ට ගෙදර කතා කිරීමට බාවිතා කරන ලොකු පුතා සුදු පුතා...... ආදී නම් වලින් ඔබ්බට ගිය නමක් පියා විසින් දමා ඇත...එක තමා කුකුල් පුතා අපේ පහසුවට චිකා උනෙත් ඒකම තමයි..

තඩියා වගේම මේකත් මගේ 1 වසරේ ඉදලා යාළුවෙක්...1-5 දක්වා මෙයාගේ අස්නේ උනේ තඩියට යාබද අසුන..
අපේ සෙට් එකේ මුලින්ම රියදුරු බලපත්‍රය ගත්තේ මේකා තමා...හමොයම කලින් වාහන එලවීමේ කුසල තවෙ ගත්තෙත් මේකම තමා...(මුලින් ලයිසන් ගතට එක තමා මුලින් එළවන්නේ කියන්න එපා)18 සම්පුර්න වෙලා ලයිසම අතට එනකොට අපේ සෙට් ඒකම ඇති වෙන්න වාහන කරකවපු උන්...
චික ඒ අතින් ගොඩක්ඉදිරියෙන්... අපි 3 වසරට එනකොට චිකා ට තනියම ඕනෑම මාර්ගයක ඕනෑම වාහනයක් දාවනය කිරීමට තරම් හැකියාව තිබ්බා...
හැමදේම මුලින් කරනවා වගේ තමා කට්ටිය සෙට් උනොත් මුලින්ම ගෙදර යාමේ අවශ්‍ය තාවය මතුවෙන්නෙත් මේකටම තමා...
කටවචනෙට කියන කඩදහි ලිපේ දමා ඇවිල්ලා කියන එක නම් එකෙන්ම ගැලපෙනවා

2.7එන්ජිමකින් බල ගැන්වෙන සෙට් එකේ ඒකම 4*4 එක

වාහන කිහිපයක හිමි කරුවෙක් වන මොහුගේ හුරතල තමා මෙහ්

වෙසක් පොසොන් වලට වර්දින්නෙම නැති වන්ඩියක් තමා මේකත්
වෙසක් දවසක

හතර වටෙන්ම කට්ටියවෙල්ල ගන්න චිකා ඉතුරු ටික ඔක්කොම පිටි පසේ බක්කියේ
කවදත් වාහන 2ක් 3ක් යන අපේ චාරිකාව මේක ඉස්සර උනොත් නම් දන්සල් කලා හමාරයි..නවත්තන්නේ නැ නෙහ්...
ව්‍යාපාර කටයුතුත් එක්ක තරමක් අවිවේකි ජිවිතයක් ගතකළත් විවේකි සති අන්තය පොහොය ප්‍රසිද්ද නිවාඩු වලට ක්‍රිකට් ගසන්න හෝ ජලතර ක්‍රීඩාවකට ඇරයුමක් වරදින්නේ නැ...මහන්සි වෙලා උපයනවා වගේම වියදම් කරන්නත් කවදාවත් පැකිලෙන්නේ නැති ලොස් නැති ඩයල් එකක්..

බයිලා සංගීතයට සහ වේග රිද්ම සිංහල ගීත අහන්න තම වැඩිපුරම ප්‍රියතාවය...තිතට මත තියපු වෙලාවට නොවතින ගීත වැලක් වරදින්නෙම නැ...

සමාජ සබදතා ඉතාමත් ඉහල මට්ටමක පවත්වාගෙන යන ඩයල් එකක්...සමාජයේ හැම මට්ටමකම පුද්ගලයෝ බුවා එක්ක ඉන්නවා...

පොඩි දෙයක් ඇති බුවාට මලපනින්න නම්..

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

ps මේකාගේ පූජනීය ලවක් තියෙනවා එක කියන්න බැරි උනා නෙහ්...එයාගේ ගෙවල් පට්ටට අපි කියමුකෝ ඉන්දියාව කියලා(සිරා ගම කියන්න බැ හොදේ) පෝයට අපේ සෙට් ඒකම සුදු වතින් සැරසිලා රථ පෙරහරකින් ඉන්දියාවේ පන්සලට යනවා...නිවාඩු පාඩු දවසට සෙල්ලම් පාරක් එහෙම ගලපලා ඉවර උනාම අපි යනවා ඉන්දියාවේ රබර් වට්ට ගාවට..යනවා කියුවේ වාහනේ ගියා හරෝ ගත්තාට අවා...ගේ පොඩ්ඩක් බලාගන්න අපේ බුවාට...මේකට දැන් අවුරුදු 4ක් විතර වෙනවා...තඩියට වඩා මේක දියුණුයි මෙහ් දෙමහල්ලෝ එකට ගමන් බිමන් පවා යනවා ඉඩ ලද විගස...හැබැයි මේකත් ලංකාවේ ටෙලිනාට්‍යයක් බලනවා වගෙයි..නාට්‍යට වඩා වෙළද දැන්වීම්...

Thursday, October 17, 2013

෴තඩියා෴

චුට්ටන් ඇග පත 

සම්පුරන නම  :-D.K.M
පදිංචිය           :-පානදුර පැත්තේම තමා
පාසල             :-sjgs & ශ්‍රී සුමංගල විදුහල් වලින්
අධ්‍යාපනය     :-වාණිජ අංශයෙන් උසස් පෙළ සහ ඌට අහන්න ලැබිච්ච හැම පටමාලාවකම මුලික
                          අඩිතලම දමා ඇත
පවුලේ විස්තර:-අම්මා අගනුවර ප්‍රසිද්ද හෝටලයක විදායක නිලදරිනියක්  තාත්ත කළුතර පුරවරයට
                          ආසන්න තරු හෝටලයක විදායක නිලදාරියෙක්..කාලයක් විදේශීය හොටලයක
                           විදායක නිලදාරියෙක් වශයෙන්ද සේවය කලා  සහ සහෝදරිය
ක්‍රිඩා               :-මොනවාද නොකළේ.... කාලයක් මාත් එක්කම බැට්මින්ටන් ගැහුවා මාත් එක්ක
                         පිනන්නත් ගියා...ඊළගට කාලයක් බොක්සින් ගැහුවා....
විශේෂ හැකියා:-චතුර කතික හැකියාවක් ඇත.කළු ගලක් දුන්නත් market කරයි...පුර්ව සුදානමකින්
                          තොරව ඕනෑම විවාදයකට එලබෙයි...බත් හොදට අනලා කවන්න වගේම කන්න
මා දකින ඔහුගේ
          දුර්වලතා:- පුරා 5 වසක් තිස්සේ ඒක පාර්ශ්වික ප්‍රේමය....මුල්‍ය කළමනා නොකිරීම.

මුගෙයි මගෙයි මිතු දම ඇරබෙන්නේ 1 වසරට පාසලට ඇතුල්වු දා පටන්...1-5 දක්වා මගේ යාබද අසුනේහ් හිමිකරුවා...ඒ කල තඩියා නොහොත් දිලාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා සදහා යන නිසා දිලගෙයි නගගෙයි මගෙයි ළමා කාලයය ගෙවුනේ අපේ ගෙදර...
ඔහොම සුන්දර කාලයක්...1 වසරේ ඉදල ටියුෂන් පන්ති දක්වන මන සිකත් වයක් අපේ දෙමු පියන්ට තිබ්බේ නැ...සමහර vට අපේ අම්මත් ගුරුවරියක් නිසා ළමා මනස හොදින් තේරුම් අරන් තිබීම වෙන්න පුලුවන් එකට හේතුව...අපේ අම්මා ගෙදර වඩා කරවනකන් අපි එති තරම් සේලම් කලා..සමහර දට වත්ත පහල තිබ්බ කණුවක් දෙපෙත්තකින් හරස් කරලා ඉහිනවා මලු පැටියෙක් අලන්න ...එහෙම නැත්තන් අපි 3 දෙනාට හිටියා සුරතලෙක් ශිබා ඕකට බලු පුහුණුව ලබා දීමත් අපේ දවසේ එක් අංගයක්...එහෙම නැත්තම් ශිත කරන්න් උස්සනවා sosegous packet  එක..වත්ත පහල ගහනවා ලොකු ගිනි මැලේකුත්..කම්බි කුරකින් අර ටික දානවා B.B.Q  දාල 4 දෙනා එක්ක ගිලිනවා(දැන් අහන්න එපා කවුද 4 වෙනියා කියලා ඒ අපේ බලු රාල)

අපේ ජොකා ගේ වන්ඩිය ඇරුනම අපේ ප්‍රරවාහන අවශ්‍යතා වලට නොපැකිලිව ඉස්සෙලම එන කෙනා තමා දිලා

2.0 එන්ජිමකින් බල ගැන්වෙන මේක තමා එයාගේ පන

කවදාවත් වෙලාව කියන එක ගැන හැගීමක් නැති උනත් කොහොම හරිගනක් හොයාගෙන පෙට්‍රල් පාරකුත් ගලපාගෙන බුවා එනවා...ඇතුලට දාගන්න පුළුවන් ගාන ගැන වාහනේ දාරිතාව මැන්ට ප්‍රශ්න නැ කවදාවත්..ඉන්න කට්ටියවම කොහොම හරි ගෙනියනවා කියන තියරියේ ඉන්න බුවා ඩිකියේ හරි අපි පැක් උනාට පස්සේ බුවා ඉගිලෙනවා..කවදාවත් කට්ටිය වැඩි අදින්නේ නැ යට වදිනවා ටෝක් ලොවෙත් කියන්නේ නැ...

වැඩිම පටමාලාවන් ගණනක් වගේම වැඩිම රැකියා ප්‍රමාණයක් කරලා තියෙන්නේත් මේකම තමා..
ගිණුමේ ගානක් ඉතිරි වෙලා තියෙනවා නම් එක ඉවර වෙන්නකන් බුවා ගෙදර...එහෙම නිවාඩු දෙන්න තාත්තාගේ කොම්පැනිය නෙමෙයි නෙහ්...ඉතින් තව එකකට යනවා ඊළගට...
මෙහ් දවස් වල බුවා අලවි ප්‍රවර්දන නිලදාරියෙක් විදියට වැඩ...


කාර්ය බහුලත්වයත් එක්කල කට්ටියට මුන ගැහෙන්න තියෙන අවස්ථා දැන් සෑහෙන්න අඩු වෙලා...විසුරුණු කට්ටිය එකතු කරන්න දිලා සෑහෙන්න වෙහෙසක් ගන්න කෙනෙක්..බුවාගේ පඩි දවසට අනිවා එයාගේ ජංගම මෙඋව එකෙන් cl එකක් වරදින්නේ නැ... 

"මචං තියෙන ගානකුත් අරන් ගේට්ටු ව ගාවට වරෙන් මම ගේට්ටුව ගාව".
බුවාගේ නිල රථයෙන්ම කට්ටියව එකතු කරනව...සල්ලි තිබුන නැතා එකට කට්ටිය ගොඩ වෙනවා..
කලෙක්ෂන් වටයේ හැමදාමත් වගේ සොච්චම් මුදලක් එකතු වෙයි...ඉතිරි මදි පාඩුව දෙපාරක් නොහිතා පිරිමසන්නේ දිලා තමා..

අපගේ සුපුරුදු වාඩිය තමා බොල්ගොඩ ගං කොමලියගේ මහබෙල්ලන තොටුපල..මාසයෙහි විස්තර රසවත් සිදුවීම්  සමගින් මතට තිත තියන බුවාගේ ඊලග වැඩේ තමා

මායිම් නිරීක්ෂණයට යාම..
කලින් කිවුව නෙහ් මම 5 වසක ඒකපර්ශිවික ප්‍රේමයක් ගැන..අන්න එයාගේ ගෙවල් වටේ වහනේ කරකවනවා...(5 වසක් ඒක පර්ශිවික කිවුවාට එක දිගට ගලන් ගියේ නැ..මගින් මගින් වෙළද දැන්වීම් 3ක් 4කුත් ගියා..හිත පහල වෙච්ච දා ඉදන් තමා 5 ගැන්නේ)

අපේ වාර්ෂික චාරිකාවකදී ගත්ත බුවා ගේ නින්ද...

නිදා ගත්තම නම් ඇහැරවනවා සුම්මා



තිතට මත හැදුන වෙලාවක
බුවාගේ කැම ගැන කියන්නම එපැයි...සාමානයෙන් හාල් කිලෝ 1 කැ බත් කන මොහු ටිකක් මහන්සි උනොත් නම් 1.5 යන්ටම් දාගන්නවා...තෝසේ වගේ ඒවා නම් 8ක් සහ අල බොන්ඩා 3ක් පමණ..වේලකට සැහේ....

යාලුවෝ වෙනුවෙන් දෙයක් කරන්න හිත නැකත් බලබල ඉන්නේ නැති..යාළුවෙක් ට කරදරයක් නම් පොලියට හරි සල්ලි හොයන් යාලුවට උදවු කරන සිරාම ඩයල් එකක්

හැබැයි චුටි දෙයක් ඇති හිට රිද්දන් බුවාට මාසයක් හිතන්න...

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

Tuesday, October 15, 2013

ගුරුතුමී







ලද සුපහන්
දැනුම් ඔවදන්
දුන් පැසසුම්
නිතින ගුරුකම්
සොදුරු වරුණේ
නොමැත ගෙත්තම් උයේ
අමිල මැණිකකි
මවුනි ගරු
වදිමි බැතියෙන්
නුඹයි ගරු