Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, November 24, 2013

෴ අයියේ කන මගේ ෴

                 පාරට බට විට මගේ කටේ නිතරම රැවු දෙන වචන සෙට් එකක් තමා අයියේ හෝන් එක උබේ උනාට කන මගේ..ඕකත් එක්ක රියදුරු ගේ උභය පාර්ශවය මතක් කිරීමකුත් සිදුවෙනවා..හැමදාම ඔහොම වෙනකොට හිතුව ඕක ගැන පොස්ටුවක් ලියන්න..යාලුවෝ ගැනයි කවි කෙලපු පිස්සුයි ගැන ලිය ලිය හිටිය මගේ ඇහෙන දකින දේ ගැන ලියන පලවෙනි පොස්ටුව...දොසක් දුටුවහොත් සදොස් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි

දැලේන් ඉස්සුවේ

ආඩම්බරකාර තාත්තා එක්ක අස්චර්යට ගමන් කරන අපේ රියදුරෝද අස්චර්යේ වැඩ දිනෙන් දින තව තවත් වැඩි වෙමින් පවතී.........
ඒ අතරින් වාහන නලා ගැන නම් කතා නොකරම බැරිය...
දැලේන් ඉස්සුවේ










ශබ්දය සදහා වන පරිසර ප්‍රඥප්තිය කියා එකක් තියෙනවා කියලා කියෙන් කීදෙනෙක් දන්නවා ඇද්දදැයි පාරට බට විට මොනවට පැහැදිලි වෙයි...එසේම මෝටර් රථ පනතෙහි ආකාරයට මෙය මෙසේ විය යුතුයි..


වාහනයක නළා ශබ්දය මීටර් 7ක් දුරට ඩෙසිබල් 93කින් ද, මීටර් 2ක් දුරට ඩෙසිබල් 105කින් ද යුක්ත විය යුතු බව මෝටර් රථ පනතේ නියමයයි.

මේක මනින්න 
දැලේන් ඉස්සුවේ ශබ්දය මනින ජිරිබිරිස් එකක්

මෙන්න මෙහ වගේ ජිරිබිරිස් එකක් තියෙනව..මේකේ මිල අසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා....

ගොඩක් ලංකාවේ උන් වාහන එළවන්නේ හෝන් එක ඔබාගත්ත ගමන්මයි විශේෂයෙන් පුද්ගලික බස් රථ රියදුරන් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් අතර මෙය බහුලව සිදුවන්නක්...එකෙන් අදහස් වෙන්නේ නැ අනිත් රියදුරන් අතින් මේක වෙන්නේ නැ කියලා
දැලේන් ඉස්සුවේ බහුතරයක් මෙහෙම තමා










අපේ අසල්වැසි රට ඉන්දියාවේ ද මෙහ් තත්වේ මෙතරම් දරුණු නැහැ...
දියුණු රටවල් වල හෝන් එකක් ගහන්නේ නැතිම තරම්...









මේක ගහල තියෙන තැනකවත් ඔය පුරුද්දෙන් මිදෙනවා මම දැකල නැ...

මෙම ප්‍රශ්නයට ප්‍රදාන හේතුව ලෙස මම නම් දකින්නේ රියදුරන් ගේ අඩු අද්‍යාපන තත්වය සහ නලාව බාවිතා කල යුතු අවස්ථා පිළිබද හරි අවබෝදයක් නොමැතිකම

14 comments:

  1. ඩ්‍රයිවර්ලාගෙන් අහපුවාම කියන්නේ හෝන් නැතුව වාහන එලවන්නේ කොහොමද කියලා. අනික පදිකයොන්ට හෝන් ගැහුවෙ නැත්නං උන් පාරෙන් අයින් වෙන්නැතිලු. ප්‍රයිවට් බස් කාරයෝ යන්නෙම හෝන් ගහගෙන ඇම්බියුලන්ස් යනවා වගේ. පාරේ විනයක් නැතිකම තමා, වෙන මොකද්ද.

    ReplyDelete
    Replies
    1. බොරු කතාවක් නෙහ් යාලු...හෝන් නැතිව එලවන්න පුළුවන් කියලා මම කියන්නේ අද්දැකීමෙන්..

      මේක අනිවාර්යෙන්ම රියදුරන් ගේ නොදැනුවත් බාවය තමා...බස් ස්ටෑන්ඩ් එකක් ගාවදී ඇම්බියුලන්ස් හෝන් එකක් වත් ඇහෙන්නේ නැති ගානට මුන් ඕක ඔබනවා නෙහ්...

      අනිත් රටවල පදිකයෝ නැද්ද???
      ඇයි අපේ උන්ට බලලා හැදෙන්න බැරි...

      Delete
  2. ඉතාලියේ වාහනයක හෝන් එකක් ගහන්නේ කලාතුරකින්.. මම මගේ බයික් එකේ හෝන් එක ගහපු කාලයක් මතක නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සහෝ ලංකාවෙන් පිට ගියවෙලාවට මමත් අදදැකපු සිද්දියක් පිටරට්ටු හෝන් ගහන්නේම නැති තරම්

      Delete
  3. බස් ඩ්‍රයිවර්ලා නං හෝන් එක උඩ ඉඳ ගත්ත ගමන් ම තමයි ඉන්නේ. //වාහනයක නළා ශබ්දය මීටර් 7ක් දුරට ඩෙසිබල් 93කින් ද, මීටර් 2ක් දුරට ඩෙසිබල් 105කින් ද යුක්ත විය යුතු බව මෝටර් රථ පනතේ නියමයයි.// මේ ගැන නං මම අද යි ඇහුවේ. මම හිතන්නේ නෑ ලංකාවේ රියදුරන්ගෙන් 1% ක්වත් මේ ගැන දන්නවා ඇති කියලා :(

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝදරි...සුක්කානම කරකවන්න පුළුවන් උන ගමන් හැම එකාම හිතන්නේ රියදුරෙක් කියලා...ඕනෑම නරියෙක් ට සමත් වෙන්න පුළුවන් රියදුරු විබගය ඊට හපන්...
      මාර්ග නීති දන්නේ නැති උන් රියදුරු ආචාර දර්ම කියලා ජාතියක් තියෙනවා කියලා අහලවත් නැ...මේක අපේ ක්‍රමයේ වැරැද්දක්...

      ස්තුති මෙහ පැත්තේ අවට

      Delete
  4. කතාව නම් ඇත්ත. මරු පින්තූර ටික!

    ReplyDelete
  5. අපි ලංකාවේ අය වාහන පදවන්නේ හෝන් එකෙන්නේ...මෙහෙ හෝන් එක ගහනවා කියන්නේ නරක ගතියක් හැටියට තමයි බලන්නේ. මොනවා කරන්නද ආචාර්ය හැම එකක්ම අප්සයිඩ් ඩවුන්නේ. බඩුයි නඩුයි ඔක්කොම රජවරුන්ගෙනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා....බොහොම ස්තුති මෙහ් පැත්තේ ආවට

      Delete
  6. //අපේ අසල්වැසි රට ඉන්දියාවේ ද මෙහ් තත්වේ මෙතරම් දරුණු නැහැ//
    මම දන්නේ නෑ ඔබ ඉන්දියාවේ කුමන පළාතක සංචාරය කලාද කියලා. එහෙ ලොරි වල පිටිපස්සේ ගහලා තියෙනවා Horn OK Please කියලා. මට හිතෙන්නේ උන් අපිටත් අන්තයි කියලා.

    ඔය හෝන් ගැහිල්ලට හේතුව තමයි ඉවසීමක් නැති කම. තමන් ලොකු යයි සිතීම. තායිලන්තේ මිනිස්සු පාර මැද්දේ ඉඳන් සපත්තුවක ලේස් එකක් ගැට ගැහුවත් හෝන් ගහන්නේ නෑ. කාලීන වශයෙන් වැදගත් සටහනක්.

    ReplyDelete
    Replies
    1. සිසිල් දේශ ගුණයක් පවතින ඌටි වල තම මම ගියේ..එහෙදි දුටුව දේවල් වලින් රටේ තත්වය තීරණය කිරීම මගේ වැරැද්දක්...
      බොහොම ස්තුති මෙහ පැත්තේ ආවට සහ මගේ වැරැද්ද පෙන්වා දුන්නට

      Delete
  7. අයියේ හෝන් එක උබේ උනාට කන මගේ..
    සහතික ඇත්ත මල්ලි

    ReplyDelete
    Replies
    1. ඔය රටෙත් හෝන් ගහන්නේ නැ නෙහ් අක්කියෝ

      Delete