Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, July 25, 2016

නොදුටු මානෙක මනමේ පුවත




ඔව්.
වීරයා මරන්න
කඩුව දුන්න පෙම්වතී මම.

දන්න ශිල්ප ඔක්කොම දාල
ඒ හිලව්වට
මාව ඉල්ලපු,
කැමතිදැයි නොවිමසපු,
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ
බිඳින්න,
මං කැමති වැද්දෙක්ට
ප්‍රේම කරන්න.
ඉගෙන ගත්තට - ධනය තිබුනට
ඔහුට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කුමාර ගති
අප්පිරියයි මට.

ඉතිහාසෙ පුරුද්ද
තවත් ඉවසන්නෙ මොකටද
ආදරේ කැරැල්ලක් තමයි
හිරවෙච්චි ගෑණුන්ට.

-මනමේ කුමාරි-
|නොකියපු කතා {හංසි ජයසිංහ(ස්වර්ණපාලි)}



ගමේ කෙල්ලගේ
මුණ බලන්නේ කොහොමද
අසරණ පෙම්බරා මං
කොහොමද විසිකරන්නේ 
ගුරුතුමා එල්ලපු උරචක්කර මලේ

හොදින් කතා කරන්න බැරිද
වැද්දෙක්ට
අභියෝගේකට
බෑ කියහැක්ද
රජෙක්නෙහ් මං
සුසැට ශිල්පෙ දන්න
මාන්නේ මගේ පෙළපතින් 
උරුම...
හැකිද මට බිදින්න
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ

තිබ්බට පොත්තේ පාට
ඈට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කොමල ගති 
අප්පිරියයි මට
ගමේ සුවදට ලෝබ බදින
රජෙක් මං
සම්ප්‍රධායට කොටුවෙච්ච

මනමේ කුමාරු- 
|නොකියපු කතා


හංසි අක්කගේ මනමේ කුමාරි නොකී කතාවට මගෙන් මනමේ කුමරු නොකී කතාව

2 comments:

  1. Replies
    1. කතාව වෙනතකට යොමු කරපු hansi අක්ක තමා තොරණේ විස්තරේ දන්නේ..එයාගේ තොරණට මම තව පින්තුර කොටුවක් එල්ලුව විතරයි

      Delete