Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, July 25, 2016

දිනාගනු කෙසේ ඇගේ ආදරේ



ගොඩක් අයට වැදගත් වෙන එකක් තාම අද ලියන යන්නේ..
තනිකඩ ජිවිතේ රත්තරන් තනිකඩ කොල්ලන්ගේ සංගමේ වගේ තනිකම වහන්න බොර හේතු මවන අයටත්..එකෙක්ට කෙල්ලෝ 8ක් ඉන්නවා නම් මගේ කෙල්ලොත් තියන් ඉන්න එක හොයා නැ අයියලත් සල්ලි තියෙන්න ඕන කෙල්ලෙක් හොයාගන්න මට කෙල්ලෙක් නේ කෙල්ලෝ මට කැමති නැ කියල හිතන මල්ලිලාටත් එක වගේ වැදගත් මේක..

මම මේක කෙල්ලන්ගේ පැත්ත ගැන ලියන්නේ නෑ.හැබැයි ලගින් ආශ්‍රය කරන කෙල්ලන්ගෙන් දැනගත්ත අහගත්ත දේවල් මේකේ අන්තර්ග්ගතයි.


මුලින්ම කියන්න  ඕනි ෆිල්ම් වල වගේ කෙල්ල ඇවිල්ල කොල්ලගෙන් යාලු වෙන්න  අහන  අවස්ථා විරලයි..නැතුවම නෙමෙයි..ඉතින් එක හින්දා උබට කෙල්ලෙක් ඕනි නම් උබ ටෝක් කරන්න ඕනි.
කෙලින් අහන්න බෑ බෑ වගේ නම් යාළුවෙක් අතේ හරි අහපන්.ටෙලිපති හරි අනෙකාගේ හිත් කියවන්න පුළුවන් කෙල්ලෝ නෑ..හැබැයි ගොඩක් කෙල්ලෝ ආසයි කෙලින් ඇවිල්ල තමන්ගෙන් අහන කොල්ලන්ට..කෙල්ලෝ කියන විදියට කැමති ද කියල අහන්න ගටක් නැති කොල්ලෙක් අනිත් වැඩක් කරන්නේ කොහොමද කියන එක..උබට හොදයි කියල හිතෙන ඕනෑම කෙල්ලෙක්ගෙන් අහපන්..ඕනි තරම් කතා කරපන් කියල කටක් තියෙන්නේ 4කින් 5කින් අහනකොට 1ක් ගොඩයනවා එකෙන්ම..

මුලින්ම කෙල්ලෙක්ට හිත යනවා නෙහ්..එකී ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනි..
  1. කොල්ලෙක් ඉන්නවද
  2. කෙල්ලගේ විනෝදාංශ
  3. කෙල්ල කන්න ආස දේවල්
  4. කෙල්ලගේ පරමාදර්ශී චරිත
  5. කෙල්ලගේ උපදේශක මණ්ඩලය
  6. තව කෙල්ල ගැන හොයාගන්න පුළුවන් ඕනිම විස්තරයක්

තමන් ලස්සන නෑ එකී මට කැමති වෙයිද?  එක දැනගන්න අහන්නම වෙනවා..තමන් ගැන අවතක්සේරු කරන්න එපා..හීනමානය තියාගෙන උබට කෙල්ලෙක්ව තියා බල්ලෙක්වවත් ෆිට් කරගන්න බෑ..
ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට සමත..මම නම් පිළිගන්නෙම නැති බැහැරම කරන කන්සෙප්ට් එකක්...එක දේකට වඩා පුළුවන් උන් ඕනි තරම් ඉන්නවා..හැම එකෙක්ටම අඩුම ගානේ එක දෙයක් වත් පුළුවන්..ඒ හින්ද තමන් ගැන හොද ආත්ම විස්වාසයක් තියාගනින්..
සල්ලි තියෙන එකට විතරයි කෙල්ලෝ ඉන්නේ...ඔන්න කොල්ලනේ ඊළගට අයින් කරගන්න ඕනි තවත් මනස්ගතයක්..සල්ලි තිබීම කෙල්ලන්ව දාගැනීමට පහසු මගක් මිසක් එකම මග නෙමයි..දාගැනීමට වඩා ගැලපෙනවා ඇදට ගැනීමට කිවුවොත්..අපි හැමෝටම තියෙනවා නෙහ් හීනයක් ඕක වචන වලින් මවල පෙන්නන්න පුළුවන් නම් උගේ අතේ අද සල්ලි නැති එක කැපිල යනවා එකෙන්..මම දෙන්නම් උදාහරණ මගේ ජිවිතෙන්ම...ඉස්කෝලේ යන කලේ ඒ හැටි සල්ලියක් නෑ නෙහ් කොල්ලන්ගේ අතේ.මටත් එහෙමයි..හැබැයි ඒ කාලේ  දාලා හිටියේ හොදට දත තියෙන පොෂ් කෑල්ලක්..අපේ වචනයෙන්ම කියනවනම්..මම කෙල්ලන්ට ප්‍රතිපත්තියක් විදියට බොරු කියන්නේ නෑ.මම යන්නේ එන්නේ බස් එකේ.තෑගි ගන්නේ පිටකොටුවෙන් හැබැයි බ්‍රෑන්ඩඩ් ලේබල් ගහපු කොලිටි ඒවා..
කිට මරනවා කියල නුහුරු සපත්තු දෙකක් දාගෙන කාගෙන් හරි ඉල්ලගත්ත නොගැලපෙන සගක් දාගෙන විකාරයක් වෙන්න එපා..උබේ ඇදුම ඩේනිමයි රබර් 2කයි නම් එකෙන් පලයන්..හැබැයි සෙරෙප්පු දෙක හෝදගෙන ඩෙනිම හෝදගෙන කියාගෙන පිළිවෙලට පිරිසිදුවට..
සෙන්ට් ටිකක් ගාන්න වැඩිපුර තියෙන ලොන් ටික කපලා ඩියෝ එකක් එහෙම ගාල සුවදට යන්න..
යාලුවන්ගේ 4න් බයිසිකල් ඉල්ලන් ගිහින් ඇඩ් දාන්න එපා..නොපෙන්නුවට කෙල්ලෝ අපිට වාඩා හොදට බයිසිකල් අදුරනවා..අනික උබට කොච්චර වාහන පදින්න කරන්න පුළුවන් උනත් අනුන්ගේ වාහනේක ගියාම අපි එක පරිස්සම් කරන්න හදන විදිය ක්ලික් වෙනවා..
කෙල්ලෙක්ට උබේ හිත ගියාම බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල..කුඩු කඩලා කුඩු හදන්න යන්න එපා සහගහනවා..මම කවදාවත් අනුමත කරන්නේ නෑ එක..කොල්ලෙක් කාරිය නැත්නම් ඒකිට දැනෙන්න දියන් උබ ඒකිට කැමති කියලා..එකී දිහා බලන් හිටපන්..හිනා වෙයන් පොඩ්ඩක් පස්සෙන් පලයන්..හැබැයි ඕක ගොඩ දවසක් ඕන නෑ..මගේ තියරියට නම් දවස් 4ක් ඇති..කියපන් කෙල්ලට කැමැත්ත..එක පාර උත්තරයක් ඉල්ලන්න එපා කල් අරන් හොදට හිතල කියන්න කියපන්..කෙල්ල නම්බරේ ගන්නේ නෑ වගේ හිතෙනවා නම් එකිත් එක්ක ඉන්න ඊළගට ලස්සන කෙල්ලට නම්බරේ දෙන්න දවස් 2කකින් මෙයාට මේක දෙන්න එතකන් පරිස්සම් කරගන්න කියලා..

දවස් 2කක් තුනක් වැඩිය පෙන්නේ නැතුව හිටපන් ඒ කාලය ඇතුලත උබ හොයාගත්ට කෙල්ලගේ උපදේශක මණ්ඩලය ටෝක් කරන්න ඕනි..ගොඩක් කෙල්ලන්ට ඉන්නවා උපදෙස් දෙන මල්ලි කෙනෙක්..බුවාව ෆිට් කරගත්තම වැඩෙන ගොඩක් ගොඩ..ඊළගට ඉන්නව තමන් ගොඩක් ලස්සනයි කියල හිතන් ඉන්න කෙල්ලෙක්..පැණි නොවන බටර් පාරක් ගාපන් ඒකිට..මොකද එකී තාම උබේ වැරදි කියා කියා කෙල්ලව පස්සට අදින්නේ..
ඊළගට හම්බ උනාම කෙල්ල උබව ෆ්‍රෙන්ඩ්සෝන් එකට දායි..අපි යාලුවෝ වගේ ආශ්‍රය කරලා බලමු වගේ බයිලාවක් එක්ක..අන්න එතැනදී උබේ වචන වල හැකියාව උපරිමේටම ඕනා වෙනවා..
කලින් හොයාගත්ත කරුණ වලින් කෙල්ල ආසා ලෝකේ ඒකිට මවල පෙන්නපන්..
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...



8 comments:

  1. //ඊළගට ඉන්නව තමන් ගොඩක් ලස්සනයි කියල හිතන් ඉන්න කෙල්ලෙක්..//

    ප්ලෑන් B !!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා පත්තරේව..
      අනිවාර්යෙන් B C D තියෙන්න එපැයි

      Delete
  2. Replies
    1. එකෙන්ම..තව එකතු වෙන්න ඕනි දේවල් තියෙනවා නම් අද්දැකීම් ඇසුරෙන් ලියන්නකෝ

      Delete
  3. අවංකවමයි කියන්නෙ... ළගපාතක හිටියනං පර්ස් එකේ තියෙන ඔක්කොම කාසි ටික කටට දානවා.... මොකද මං ළග මසුරන් නැති හින්දා..... මේක පට්ට කියන්නෙ පට්ට එකෙත් හොදම එක..... මේ පොස්ට් එක මීට අවුරුදු බර ගානකට කලින් කියෙව්වං කියලා මට හිතුණා.... මොකද ඔය ඔක්කොම අත්දැකීමෙන් ම ගන්න උනානෙ අපිට ඉතිං.... කමක් නෑ කමක් නෑ.... අයෙමත් කියන්නෙ සුපිරියි ආ........

    ReplyDelete
  4. නියමයි තව ලියපං ඊලග පාරටවත් උෙඹ ට්‍රික්ස් දාල ට්‍රයි කරල බලන්නම්.

    ReplyDelete
  5. බොහොම ස්තුති..අත් දුතු ප්‍රත්‍යක්ෂ ක්‍රම වරදින්නේ නෑ කවදාවත්

    ReplyDelete