Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, February 4, 2016

෴ගාලු මල්ලි෴




අද කියන්න යන්නේ මගේ යාළුවෙක් ගැන නෙමෙයි මගේ සමානයා ගැන..


සම්පුරන නම :-YDK
පදිංචිය :-බැද්දගාන පිටකෝට්ට
පාසල :-ගාල්ල ඇලෝසියස් විදුහල සහ කෝ මහානාම විදුහල
අධ්‍යාපනය :-ගණිත අංශයෙන් උසස් පෙළ සහ විදේශීය විශ්වවිද්‍යාල
පවුලේ විස්තර :-අම්මා තාත්තා මල්ලි එහා ගෙදර නංගි උඩගෙදර අක්කා
ක්‍රිඩා :-ක්‍රිකට්..දක්ෂ කඩුලු රකින්නෙක් සහ ප්‍රහාරාත්මක                                පිතිකරුවෙක්
විශේෂ හැකියා:-ඉටියෝපියාවට ගිහින් දැනමත් විනාඩි 5 කින් යාළුවෝ                            5ස් දෙනෙක් හදාගනි..එක ගෙදර අක්ක නංගි                                          දෙන්නටමඑක පාර මට්ටු නොවී ලවු කිරීම
මා දකින දුර්වලතා :-අවංක වැඩි..අදරේදී සංවේදී වැඩි

මූව මට හම්බ වෙන්නේ සිසිසත්වේ පාස් වෙලා කොලබ මහානාම විදුහලට පය තිබ්බ දවසේ..ලකුණු 157 අරගෙන මම පානදුරෙන් කොලබට යනකොට මේ උලමා ගාල්ලෙන් මෙහෙට ආවේ..ඒ ආවේ අනිත් උන් යන්න පොරකන ගාල්ලේ ඇලෝසියස් විද්‍යාලයේ ඉදලා..මූ කොලබ ඉස්කෝලෙකට යන්න ඕනි කියල නහයෙන් අඩපු නිසා මුගේ ගෙදර අයටත් සිද්ධවෙනාවා කොලබට නුදුරෙන් ගෙයක් අරන් පදිංචියට එන්න..
අපේ ඉස්කෝලේ තිබ්බ ගස්මරු පෙති තෝරු වගේ අවුරුද්දෙන් අවුරුද්ද පන්ති මාරු කරන සිස්ටම් එකක්..ඒ දවස් වල එකටඅවුල් උණාට දැන් එකේ අගේ තේරෙනවා..මොකද සෙක්ෂන් එකේ හිටිය (329 - 36) දෙනා එක්කම එක අවුරුද්දක් හරි බත් පතබෙදන් කාල තියෙන නිසා..ඉන්ග්ලිස් මිදියම් පන්තියේ හිටිය 36 වෙනම .අනිත් 293 එවරෙඩි..ඉතින් ඕකෙදි 6 ඩි එකට හිටිය අපිඅයිත් හම්බ උණේ 9 යෙදී..අයිත් 10 11 මගේ ඉස්සරහ හිටපු එකා..
ඇත්තටම 10 දී තාමා ෆිට් එක ඇති වෙන්න පටන් ගත්තේ..මට සමිති සමාගම් පිස්සුව ගහල තියෙනකොට මුට ක්‍රිකට් පිස්සුව..
පැක්ට්‍රිස් ඇතා නැතා කොල්ල උදේ පාන්දර පන්තියට කලින් යන්නේ පැවිලියන් එකට..කොල්ලගේ පොත් බෑග් එක වැරදුණත්අතේ ගෙනියන වතුර බෝතලයක් තිබ්බ 

මෙන්න මේ වගේ නිල් පාට එකක්



උඩ තියෙන එකට කිට්ටුවෙන් යන එකක..කෙල්ලෝ පොත් ටික තුරුල් කරන යනවා වගේ මූ එන්නේ ඕක තුරුල් කරන්..
ඇවිදින්න තැනක් නැතිම උණ වෙලාවට පන්තියට යන්න පුරුදු වෙලා හිටිය මට එහෙම පන්තියට යන හැම දවසකම ඉන්නතැනක් නැතිව පන්තියට එන මූව හම්බ වෙන එක අනිවාර්ය සිදුවීමක්.
මට වගේම ගාලු මල්ලි නැත්නම් දරේට පුස්තකාලේ ඉන්න වෙලාවක් කලාවක් ඕනි උණේ නෑ..දවස තිස්සෙම පුස්තකාලේ ටැග්ගැහිලා ඉන්නකොට ඕනිම එකෙක් ගෙන් දකින ගුරුවරු මොකක්ද පන්තිය මොනවාද දැන් තියෙන්නේ අහන එක සාමාන්‍යදෙයක් උණාට ගුරුවරු හිතන් හිටියේ අපේ පන්තිය පුස්තකාලය කියල.
අපි දෙන්නටම පුස්තකාල කාර්ඩ් එකක් තිබ්බේ නෑ..ඌ පොත් ගෙදර ගෙනියන්නේ නැති නිසා කාර්ඩ් එකක් නෑ කාර්ඩ් දීලාපිරිමහන්න බැරි නිසා මට කාර්ඩ් එකක් නෑ..මම දවස ගානේ පොතක් ගෙදර ගෙනිච්චා..ඌ දවස ගානේ පොතක් ඉස්කෝලෙදි කියෝලා ඉවරකලා.
මූට තිබුණා අපල 2කක්
සංගීත අපලෙකුයි ක්‍රිකට් අපලෙකුයි..හැබැයි එක හොයාගත්තේ කේන්දර බලන කෙනෙක් නෙමෙයි ඇති ගෞරවණීය මම තුමා..මේකා බෙල්ලේ එල්ලන් හිටියා පෙන්ඩන්ට් 2කක් උඩ පින්තුරේ පේනවා වගේ ගිටාර් එකකුයි ක්‍රිකට් කරයෙකුයි..ඕක විනයා දැකලා මූව අල්ලන් හිටිය දවසක ඔතනින් යද්දී මම ඇහුව මොකෝ තෝ අද මෙතන මුරද කියල එවෙලේ මේකට අරූඇල්ලුවා බන් කිවුවම මම තුමාගේ උපදේශය උණේ ඔකේ] තියෙන ගල් කෑල්ල පෙන්නපන් අරුට අපලෙකට කියහන් දාලතියෙනේ අම්මගෙන් ලියුමක් හෙට ගේන්නම් කියපන්..විනයා ගේ වික් පොයින්ට් මම තරම් හොදට වෙන කවුරුවත් දන්නඑකකක් යෑ..

සිස්සත්වෙට වගේම අපොස සාමාන්‍ය පෙළ විබගයටත් එකම සමාර්ථය එකම විෂයන් වලට එකම විදියට තමා අපිටලැබුණේ..ඉංගිරිසි හෝඩියම නෑ ජාති 2කකින් තාම තියෙන්නේ A සහ C මම C ගත්ත විෂයන් දෙකටම උටත් C.

ඔහොම කළේ ගෙවිලා උසස් පෙළටත් ආවා..අපි දෙන්නම එකම විෂයක් කරමු, උබ කරන නිසා මාත් කරනවා වගේ කිසිම පෙර සුදානමක් අපි දෙන්නගේම තිබ්බේ නෑ..සුපුරුදු පරිදි 1 වෙනි දවසෙම පරක්කු වෙලා අලුත් පන්තියට යනකොටම පිටිපස්සෙන් ආවේ මූ..මම එදා මුගෙන් අහපු පළවෙනි වචනේ අපෝ තොත් මේකේද? ඌ දීපු උත්තරේ නොදකින් මේ අවුරුදු 2කත් ඉවරයි..කිසිම වෙනසක් නැතිව 1 වෙනි වාර වගේම 2වෙනි වරත් අපි දෙන්නම එකම සමාන සමාර්ථය බැගින් ලැබුවා..පොදු පරික්ෂනෙවත් ලකුණු වෙනස් නෑ.

බ්‍රයිටෝ ඉදිරි පෙළ ක්‍රීඩා කරද්දී පිස්සු කෙළින උන් පිටුපසට යද්දී මැද ඉන්නේ සාමානයෙන් වැඩ කරන උන්..මොන පිස්සුද මොන පොතේ ද එහෙම තියෙන්නේ..මැද පේළියේ ඉන්නේ ලෝක ආණ්ඩපාලයෝ..පිස්සුවක් කෙලන් ආරක්ෂිතව ඉන්න හොදම තැන මැද පෙළ..අවුරුදු ගණක අද්දැකීමෙන් කියන්නේ..
පන්තියක කොහෙන් සද්දයක් ඇහුනත් මොන වැරැද්දටත් අල්ල ගන්නේ පිටිපස්සේ පේළියේ එකෙක්ව..පිටි පස්සේ ඉන්නේ වැඩ කරන්නේ නැති ළමයි කියල මේ සමාජේ කියමනකුත් ගොඩනැගිල තියෙනවා නෙහ්.ඉස්සරහ පේළියේ වැඩක් නොකර ඉන්න බෑ නෙහ්..එන හැම ගුරාම හොම්බ දාන්නේ උන්ගේ පොත් වලට නෙහ්..එතන හරියන්නෙත් නෑ..ඒ වගේම මැද පේළියක එකෙක් අඩු උණාට මිස්ලට නොට් වෙන්නේ නෑ..මොකද ගොඩක් දාට අපි ෂොට් ලීව් නෙහ්.ඉතින් අපි දෙන්නගෙම වසා භවන මැද පෙළ.හැබැයි අපි දෙන්න එක ළග නෙමෙයි හිටියේ පන්තියේ ඉන්න වෙලාවට..වෙන හේතුවක් නෙමෙයි එක ළග දෙන්නෙක් අඩු උණාම හිස් තැන ලොකුවට පේන නිසා..
මුගේ ලෝකේ වීරයා වගේම උගේ ආදර්ශය..ගැලුවා හොද කීපර් කෙනෙක් වගේම සංගා වගේම හොද තාක්ෂණික පිතිකරුවෙක්



ඔහොම පිස්සු කෙළ කෙළ ඉන්න කොට අපි දෙන්නටම ආදර සම්බන්ද තා එහෙම තිබුණා..ඔන්න ඔය කළේ මූ ගෝතමී එකේනංගි කෙනෙක් එක්ක යාලු වෙලා හිටිය..වයස දන්න නිසා නංගි කිවුවොත් ඇරෙන්න නැත්නම් නංගි කියන්න බෑ..2යි 4රෙ කැල්ල..කොණ්ඩේ කපල හරි ලස්සනයි.
මුගේ අනිත් විශේසේ ගොඩක් කොල්ලෝ කොණ්ඩේ දිග කෙල්ලන්ට කැමති උණාට මූ ආස කොණ්ඩේ කොටට කපපු කෙල්ලන්ට..පැටලෙන්නේ නෑ කටේ යන්නේ නෑ ඔන්න ඔය වගේ සාධාරණ හේතු වගයක් මූට තිබ්බ.අනිත් උන් කෙල්ලෙක්ගෙ සුකොමල බවට ආශා වෙනකොට මූ ආශා කළේ හැඩි දැඩි බවට..ස්පෝර්ට්ස් කරන කෙල්ලෝ මුගේ ප්‍රියතම..හැබැයි එකේ හොදෙකුත් තියෙනවා පියරු තට්ටු පිටින් උලන් ඉන්න කෙල්ලන්ට වඩා කට්ට කාගෙන අවුවේ ඉන්නපුළුවන් කෙල්ලෝ සුපිරි..උන්ට ඉක්මනින් හති වැටෙන්නේ නෑ පහුරු ගාලා පිට හම යවන්නේ නෑ.අපි වගේම ගොඩක් වෙලා විකට් එකේ ඉන්න පුළුවන් ටෙස්ට් නම් ටෙස්ට් ටි 20 පවර් ප්ලේ ඕනෑම එකක සෙල්ලම් කරනවා නොවෑ..මූ කිවුවට මමත් විශ්වාස කළේ නෑ අද්දැකීම විදිනකන්..බය නැතුව කියන්න පුළුවන් අද්දැකීමෙන් දන්න නිසා..
දැන් ගෝතමී නංගි ඒ වගේ හොද හැඩිදැඩි කෙල්ලෙක් ඔන්න දවසක් ඒකිගේ 4න් එක වැඩ කරන්නේ නෑ කියල දෙන්න එක්කෂෝර්ට් ලීව් එකක් එහෙම දාලා 1.30 වෙද්දී බොරැල්ලට ආවා.එකී එතනින් යන බස් එකක යන්නේ..ජිරාෆ් වගේ බෙල්ල දික්කර කර බස් වටේ කැරකිලා ඔන්න බස් එකකට නැග්ග මාවත් ඇදගෙන..සන්තුෂ්ටින් පරමං ධනං කියන්න කෙල්ලගේ 4න් එකතාත්තා කරය අත්අඩංගුවට අරගෙන..ඔය සිදුවීමෙන් දවස් 3කට 4කට පස්සේ කොල්ල කියනවා
මචං අරකිගේ තාත්තා හම්බ වෙන්න ඕනි කිවුවා යමන්ද කියල..
ඕක අහන්නත් දෙයක්ද බන් දවසක් සෙට් කරන් මට මැසේජ් එකක් දැන්මනම් මම එනවා නෙහ් බන් කිවුවා..මොකද කෙල්ලගේතාත්තා නෙමෙයි සියා කතා කළත් ගෙදෙට්ට ගිහින් කතා කරන්න මට වගේම ඌටත් හොද ගටක් තියෙනවා කියල මමහොදටම දන්නවා..
නෑ බන් මේක අනිත් ඒවා වගේ කෙස් එකක් නෙමෙයි කෙල්ලගේ තාත්තා එයාර් ෆොස් එකේ රෑන්ක් එකක් අපි දෙන්නව හක්කේ තියල සෙම අරි බුවා..
එහෙනම් අපි අම්මව හම්බවෙමු ඩැඩා ඩියුටි ඉන්න වෙලාවක, ඉසි පිසි වැඩේ ගොඩ ඇගටත් සනීපයි නෙහ්
යකෝ එකිත් එයාර් ෆොස් ම තාමා.අරකිගේත් ටර්ගට් එකත් කවදා හරි එයාර්ෆොස් එකට යන්න.ඕවට ගියාම කෙල්ලන්ට අපිව අමතක වෙනවා ක්ශනිකෙට ඒක නෙහ් මම මතක තියෙන ටිකේ පණ දාගෙන ලවු කරන්නේ..
හුකනවා දාල..මේ දෙන්නගෙන් එකෙක්ට හරි ප්ලේන් ලයිසන් තියෙනාවද...නිකන් විහිළුවට වගේ උබලගේ ගෙවල් උඩින් යනගමන් බෝම්බ කැල්ලක් දාලා අත්මරක්ෂාවට අතෑරියා කිවුවොත්..
තොට වගේ දවසක් කතා කළාම කෙනෙක් ගැන ඌවත් නොදන්නා ඒවා දැනගගන්න මෙවුවා එකක් නෑ මට..දෙන්නම හමුදාවේ කියල දැනගත්තෙත් මම ඊයේ..ගෙදර යන එක ඇගට හොද නෑ..කොහෙට හරි එන්න කියල හම්බ වෙමු..
ඊට පස්සේ අපි බැලුව අපේ ආරක්ෂාව උපරිම තියෙන තැනක්..
කොල්ලුපිටිය ඉස්කෝලෙට චෝර වෙන්න පුළුවන් දෙහිවල බැකප් එකට අපේ උන් වෙනම ගෙනියන්න වෙනවා කොටුව හොදයි සෙනග වැඩි..නුගේගොඩ..සුපිරි
කොමර්ස් උන්ට ක්ලාස් තියෙන දවසක් බලල වැඩේ ගළපමු..මැත්ස් බයෝ දෙකේ ඉන්නේ පිස්සු කෙලින හරිම ටිකදෙනයි..හදීසි වලියකට උන්ගේ සහය පතනවට වඩා හොදයි කකුල් දෙකේ පිහිට පතන එක..මොකද ටික දවසකට කලින් පන්තියේ වලියක් ගියා ප්ලැටුන් එකෙන් ඇවිත් එකෙක්ට නෙළුවා..දෙගොල්ලොම යාළුවෝ වෙච්ච අපි බේරන්න මැදට පැනල දෙපැත්තෙන්ම ගුටි කනකොට පන්තියේ උන්නම් ගම් දාල ලියුමක් ලියල පිනාට දෙන්න රණ්ඩුව නිසා උන්ට ඉගෙන ගන්න බෑ කියල අන්න එහෙම පොන්න හැත්තක් හිටියේ..
එක නිසා කොමර්ස් උන්ගේත් සප් එක ඇතිව දවස තීරණය උණා..
ප්ලැන උණේ කොමර්ස් එකේ උන් ටික ස්කුල් බස් එකේ ගිහින් ගුවන් පාලම අවට තැන් තැන් වල ඉන්නවා..අපි දෙන්න ඊට පිටිපස්සේ බස් එකේ ඇවිත් බුවාට ටෝක් කරනවා ගේම නම් ගේම සාමේ නම් සාමේ කියල කට්ටිය ඇලර්ට් එකේ ඉන්නව..
සරසවිය ඉස්සරහින් අපි බැහැලා දුන්න බුවාට කෝල් එකක්..බුවා පොඩ්ඩක් ඉස්සරහ ඉදන් අත වැනුවා..මොනවා උණත්අන්කලය ජෙණුවින් ඌ තනියෙන් ට්‍රෙලක ඇවිත් තිබ්බේ..අපේ එකාගෙන් ඉන්නේ කොහෙද අම්ම මොනවාද කරන්නේ අහන්නේ නැතුව බුවා ඒවා හොයන් ඇවිත් තිබ්බේ.
පුතා මේක දිගටම කරන් යන්නද හිතන් ඉන්නේ.
ඔවු අන්කල් තාත්තේ කියපන් කියල මුට මගින් මගටම කියලත් අන්කල් ගෑව කියන්නකෝ
එයා, එයාර් ෆොස් යන්න හිතන් ඉන්නවා කියල ඔයා දන්නවාද
ඔවු අන්කල්
එකේදී මුල් අවුරුදු (කීයක්ද මන්දා කිවුවා) බදින්න බෑ ඒ වෙනකොට මේක නවතින්න පුළුවන් එහෙම හිතෙන්නේ නැද්ද..
යකෝ දුවත් එක්ක තියෙන ඇෆයර් එක නවත්තාපන් සුදු වෑන් එවනවා අයිත් අහුවෙන්න එපා වගේ සුපුරුදු වදන් ටික බලාපොරොත්තුවෙන් ගියාට මූ ඇවිත් තියෙන්නේ කේන්දර බලන්න නෙහ්
අන්කල් මගේ ටර්ගට් එක නැෂනල් ටීම් එකට ක්‍රිකට් ගහන එක දැනටත් මම ******* ක්ලබ් එකේ සෙල්ලම් කරනවා.ඉතින්මටත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් බදින්න නම් බැරිවෙයි අපේ  එකා දුන්න රජ ටෝකක්
හරි ඔයා ඔයාගේ ටර්ගට් එකට යන්න එදාට මම ඔයාව හොයන ඇවිත් දුවව දෙන්නම්(ටර්ගට් එකට ගිහින් ඊළගට වරෙන් ගෑනු ඉල්ලන්න නික්ම වගේ එකක් මම බලාපොරොත්තු උණේ)එතනක් තැන් තැන් වල ඇවිදින්නවත් දෙන්නගේ අධ්‍යාපනේ නැතිකරගන්නවත් බෑ..එහෙම උණොත් මේ පොරොන්දුව අවලංගුයි..දුවව හම්බ වෙන්න ඕන නම් අපි ඉන්න දවසක ගෙදෙට්ට ඇවිල්ල කතා බහ කරන්න අපෙන් කිසි බාධාවක් නෑ .ඒ වගේම දැන් ඔයා දුවට කතා කරලා කියන්න අපි කතා උණ ටික
මගෙන් වත් 4න් එක නොයිල්ල මූ පැනපු ගමන් කියපි අන්කල් 4න් එකේ කෙර්ඩිට් නෑ කියල..
ආ මගේ එකෙන් ගන්න ගෙදර නොම්බරේ පුතා දන්වා නෙහ්.
ගෙදර එකෙන් රිංග්ස් යනවා උස්සන පාටක් නෑ..
අන්කල් 4න් එක අන්සර් කරන්නේ නෑ නංගි නිදි ඇති නැත්නම් හෙඩ් 4න් එක කනේ ගහගෙන ඇති කියල..(තාත්තාට වඩා අපේ එකා දන්නවා දුව ගැන)
ඊළගට මූ මුගේ 4න් එකෙන් නොම්බරයක් හොයල කෝල් එකක් ගත්තා අරන් විස්තර ටික කිවුවා..කියල අන්කලයට 4න් එක දුන්න..
එයාගේ 4න් එක ඇන්ටි ඊයේ ගත්ත නේහ් පුතා ඔයා මොකටද කතා කළේ..ඊයේ හවස මම තව එකක් ගිහින් දුන්න අන්කල් කියල මූ කිවුවා..
අපේ උන්ටත් පරක්කු වෙන නිසා සකච්චාව එතනින් නවත්තල එන්න ඕන උණේ මට නම්, ඇයි හත්වලාමේ අරුන් පන්ති යන්න එපෙයි..එහෙම කියල අපි එහෙනම් ගිහින් එනම් අන්කල් කියල මම කියද්දී අරූ පැනපු ගමන් අන්කලයට වැන්දා දනගහල
හොදට ඉගෙනගනින් පුතා කියන එකත් අහගෙන අපි එන්න හැරුණ අන්කලයා බයිසිකලේ පැත්තට ඇවිදන් ගියා..
විනාඩියක් දියන් මචං කියල මු ඒ පැත්තට ගියා..එක පාරට මොකද උණේ කිස් එකක් වත් දෙන්න හිතිලද කියල මමත් හැරුණාඒ පැත්තට..ගිය පයින් මූ ආවා..
අන්කලයට වැන්ද එකට සෙට් එකෙන් ඇති වෙන්න බයිටුත් වෙලා කට්ටියට ස්තුති කරලා පිටටත් කරලා අපි දෙන්න බස්ටෑන්ඩ් එක පැත්තට ආවා..එන ගමන් ඇහුව උගෙන් මොකෝ බන් හදිස්ස්යේම අයිත් දිවුවේ කියල
නෑ බන් අන්කලය පාවිච්චි කරන්නේ මම කෙල්ලට දීපු 4න් එකක් එකේ කපල් පැකේජ් එකක් තිබ්බේ ඉතින් මට එක සිම් එකකින් වැඩක් නෑ නෙහ් ඉතින් අනිත් එක ඉල්ලගන්න පුළුවන්ද බලන්න ගියේ බැරි නම් මගේ එකත් ඌටම අපහු දෙන්න ඒ මුසලයා එක කඩලා නෙහ්..කිවුවා..
එච්චර දැහැමින් කතා කරපු බුවා ගෙදර ගිහින් කෙල්ලට ඊයේ හවස දුන්න 4න් එකත් අරන් තිබ්බ..ඊට ටික කාලෙකට පස්සේ මූටත් කෙල්ලව එපා වෙලා ඇෆයර් එක නැවැත්තුවා.නවත්තලා මාසෙකින් විතර මූ ගෙදර යනකොට ඩිෆෙන්දරයක් ඇවිල්ල මූගාවින් නවත්තල(සුදු පාට හිරුනිකා මොඩල් එකක් නෙමෙයි කළු එකක්)රටේ ලොකු පොරකගේ psd එකේ චිෆ්..ඌ කැල්ලව දාගෙන.ඒක කියල යන්න ඇවිල්ලා.. සද්දේ දාලා යන්න ආපු එකාත් ඕන කෙස් එකක් තියෙනවා නම් මට කෝල් එකක් දියන් මල්ලිකියල මුට නම්බරෙත් දීලා ගිහින්..ඊට ටික කාලෙකට පස්සේ මම උන් එක්ක බෝතලේකුත් ගැහුවා.ගාලු ට කතා කරලාතියෙන්නේ ඌ ඉතින් බොන එකෙක් යෑ ඌ මාව ඇදන් ගියා මම බිවුවා ඌ බයිට් ටික කෑවා.

තව මුට තියෙනවා අමුතු ප්‍රේර්මේකුත්.ගොඩ දෙනෙක් පතන ප්‍රේමේ අවසන් පලේ විවාහයට උන් දෙන්නම කැමති නෑ.සෙක්ස් රිලේෂන් ෂිප් එකකුත් නෙමෙයි.උන් දෙන්නට දෙන්න නැතුවත් බෑ.ෆ්‍රෙන්ඩ්ෂිප් විත් බෙනිෆිට් වුත් නෙමෙයි.එකෙක් හරි වෙන කෙකෙන් එක්ක කතා කරන එකත් ඉවසන්න දෙන්නටම බෑ.හැබැයි දෙන්නම අනෙකාව තමන්ගේම කරගන්න කිසි කැමැත්තක් නෑ..කරන්න තියෙන හැම මගුලම කර කර උන් දෙන්න අතල් එකේ ඉන්නවා..දෙන්නට දෙන්න හොරෙන් හොර කොටුත් පනිනවා..එයාගේ නංගි එක්කත් මූ යාලු උනා..අක්කවයි නංගිවයි ගානට බැලන්ස් කරන කොල්ල රන් එක දුන්නා විහින් මට්ටු වෙනකන්ම..
ඒලෙවල් කෙමෙස්ට්‍රි දවසේ MCQ පේපර් එක ලියල මම බැලුව මූ දිහා(බුවා මට අල්ලපු පුටුවේ) ඉන්නවා උඩ  බලාගෙන රිසක් එකක් අරන් උත්තර පත්‍රය දැන්මා බුවාගේ මේසේ උඩට හෙන අමාරුවෙන් මෙහ පැත්ත බලල මු කියාපි
මචන් අරකි අද දවසටම කෝල් කලේ නෑ කියල
රවුමට රවුමට ඇවිදින මිස් නොහිටින්න මම ඌට අම්මගෙන් බීපු කිරි මතක් කරනවා..උලමා..

කෙල්ලෙක් හින්ද විබාගේ වගේම අවුට් ඔෆ් ඇටෙන්ෂන් නිසා ක්‍රීඩා ජීවිතේම නැති කරගත්තා

බුවාගේ ඊලග ප්‍රේමේ තමා මහා මුහුද..ඌ මුහුදට අසයි..නාවික හමුදාවේ ඉදන් මාළු බෝට්ටුවට වෙනකන් අඩන ගියා මම මූව හැබැයි මුල් දවසේ තියෙන උනන්දුව පහුවදාට නැති කරගන්නවා..
ඒ හැමදේටම මම අදටත් බනින්නේ කෙල්ලෝ 2න්නෙක්ට.
එක්කෙනෙක් මුගේ අමුතු ප්‍රේමේ..
අනික මුගේ සදාකාලික ප්‍රේමේ..
මගේ වගේම අක්කා කෙනෙක් හම්බන්තොට පැත්තේ..මූ බොක්කෙන්ම ආදරේ කලේ ඒකිට..එකී මුට ආදරේ කලාවැඩි..මුගේ අමුතු ප්‍රේමේ ගැන එකී දැනන් හිටිය දෙන්න එකට ඉන්න වෙලාවල් වලට අමුතු ප්‍රේමේ අවන කෙටි පණිවිඩ වලට උත්තර බැන්දෙත් එකී වෙන කෙනෙක් උත්තර බැන්දේ කියල හොයන්න බැරි වෙන්නම එකී මුගේ style එක වචන තේරුම් අරන් තිබ්බ්බා.එකී කවදාවත් මේක අදින් නවත්තාපන් කිවුවේ නෑ..එක එහෙම එක පාර නවත්වන්න බෑ කියල එකී දැනන් හිටිය මුට ආදරේ කරන ගමන් එකී ඇති වෙන්න කල් දුන්න..අන්න ඒ කාලේ මූ ප්රෝයෝජනයට ගත්තේ නෑ දෙන්නම තියන් ඉදිය මිසක්..ඒකිගේ ඉවසීමේ සීමාව පනිනකන්ම..ආදරේ කළා කියල මුට එච්චර නිසදහස්ක් දීපු නිසා තාමා අද ඌ දුකින් ඉන්නේ අන්න එකයි මම එකිටත් බනින්නේ..
ඌට දුක්වෙන්න එපා කියන්නවත් අමතක කරපන් කියන්නවත් විදියක් නෑ මට මොකද ඒ දුක මම හොදටම දන්න නිසා ඒ දුකෙන්ම මාත් පෙලෙනවා කියල ඌ දන්න නිසා 

උගේ තනි රකින පර්ශියන් සුරතලා



19 comments:

  1. වීරෙ... අපරාදෙ යකෝ මූ... ගෙම්බෙක් වෙලා...

    ReplyDelete
    Replies
    1. මූ ගෙම්බෙක් නෙමෙයි බන්..යාළුවෙක් උදවුවක් ඉල්ලුව වෙලාවට සෙට් වෙන්න කතා කලාම කෙල්ලව දෙවෙනි තැනට දාන්න දෙපාරක් හිතන්නේ නෑ..
      එකයි මම මූට ආදරෙත්..

      ගෙම්බෝ එහෙම නෑ නෙහ් බන්.උන් යාලුවෝ නෑදෑයෝ හැමෝවම දෙවෙනි තැනට දානවා කෙල්ල නිසා..හැබැයි මු දෙවෙනි තැනට දාලා තියෙනේ ඌව විතරයි

      Delete
  2. මොකද යකෝ හාවා හඳ දකිනවා වගේ....?

    මම හිතන් හිටියේ කොන්ඩේ කපපු කෙල්ලන්ට කැමති මම විතරයි කියලා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් උබත් හොදට ස්පෝර්ට්ස් කරන කොල්ලෙක්

      Delete
    2. නෑ බොල ස්පෝට්ස් කරන්න ඕන නෑ
      මට හරියට බෝලයක් වත් අල්ල ග් බෑ
      ඒචත් ෂෝට් හෙයා ගර්ල්ස් කියන්නෙ සිරාවටම
      ඒ ටික ඕන නෑ

      Delete
    3. පිට්ටනියේ කරන සපෝර්ට් ගැන නෙමෙයි බන් කිවුවේ වෙන එකක්
      කොන්ඩේ කපල ඉන්න කෙල්ලෝ ගොඩ දෙනෙක් ස්පෝර්ට්ස් කරන ෆිට්නස් හොද තත්වේ තියෙනවා

      Delete
  3. අයියෝ පවු යකෝ කොල්ලෙකුගේ අනාගතේ ඔහොම විනාස වෙන එක ගැන. ඔය ගොන්කම් තේරෙන්නේ 40 ලං වෙද්දී තමා..

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත නමුත් මොලේ පිළිගන්න ඔය ඇත්ත හදවත පිළිගන්නේ නෑ නෙහ් එක උඋට පිළිගන්වන්න මම නොකරපු දේකුත් නෑ

      Delete
  4. මොකක් කියන්ඩද මංදා. මට ඔළුව කැක්කුමයි මේක කියෝලා.

    ReplyDelete
  5. දිගත් වැඩි අකුරුත් අඩුයි කෑලිත් හැලිල
    කියවල ඉවර වුනාම කොමෙන්ටු දාන්න හිතෙන්මෙ නැ...
    ඌ ඔය තරං අවංකයි ං එක ගෙදර අක්කටයි නංගිටයි එක පාර ලව් කලේ හැක්...

    මං කල්පනා කොලේ උෟ සිරා පොරක්ද නැත්තං ඇත්තටම ඌ මිස්ටේක් එකක් දකරගතක්තෙ කියල

    ReplyDelete
    Replies
    1. අකුරු අවුල ගැන නම් සමාවෙයන් සහෝ..ගූගල් input tools වලින් සමහර වචන වදින්නේ නෑ..පොතක් ලියන්න තියෙන කරුණු හරි අමාරුවෙන් මේ ගානටවත් කොට කරගත්තේ..

      උගේ ආදරේ වෙනයි හැබැයි ඌ මට අවංක සිරා යාළුවෙක්..ඌ එක පාර දෙන්නෙක් ට ලවු කරපු එකට මට බනින්න බෑ ඌ මගේ සමානයා

      Delete
    2. අපි දෙන්නම මැනුෆෑක්චර් ෆෝල්ට් වෙච්ච අයිටම් 2කක්

      Delete
  6. මෙහෙමත් බුවාලා ඉන්නවද ? දැන් ඉතින් බුවාට කිසිම ප්‍රේමයක් නැද්ද? .. අදමයි ඔන්න මේ පැත්තට ගොඩඋනේ මාත් ෆලෝ පාරක් දැම්ම

    ReplyDelete
    Replies
    1. උඩින්ම කියල තියෙනවා අද කියන්නේ මගේ සමනයා ගැන කියලා ඉතින් එහෙම උන් එකෙක් නෙමෙඉ 2න්නෙක්ම ඉන්නවා

      ප්‍රේමයක් නැද්ද?? එක ටිකක් සන්කිරනයි මෙ දවස් වල..බුවා කාමරේ බෙදා ගන්නේ පිලිපින් කෙලි පොඩිත්තියක් එක්ක මෙ දවස් වල එක ප්‍රේමේ ද කාමේද කියන්න මම දන්නේ නෑ

      Delete
  7. මාරයි බන්, මොනා උනත් සමානයෙක් කෙසේ වෙතක් එක පිටින් දාල උඹ ගැන ලියනොද මන්දා :D

    ReplyDelete
    Replies
    1. ඌ ආසා පිට්ටනියට මම ආසා වතුරට ඌ කොන්ඩේ කපපුවට අස වෙනකොට මම කොන්ඩේ දිග ඒවාට අසයි වගේ පොඩි වෙනස්කම් ටිකක් ඇරුනම අපි දෙන්නම එකෙක් බන්

      Delete
  8. මෙහම් එවුන් ඉන්නවා කියලා හිතාගන්නවත් බැ ..

    ReplyDelete
    Replies
    1. මුගේ වැඩ මිට හපන් සහෝ මම වතුරෙන් සැන්ඩි කරලා ලියලා තියෙන්නේ

      Delete