Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, December 12, 2014

කුඩලු රාජදානිය මැදින් කදවුරු බිමක පහස සොයා





පළමු කොටස හා සබැදේ

නුවරට යනකම් ම තඩියා එක දිගටම රිය පැදවීම කල අතර බවුවා තුමා තඩිය එක්ක කතාවක් ගෙන ගිය අතර අනිත් සියලු දෙනාම නිදි දෙවුදු එක්ක මෙවුවා කළා
නුවර මහ්යන්ගන පාරේ ටික දුරක් ගිහින් මම තුමාට සුක්කානම දෙනකොට හිරෝව බඩගිනි කියල සෙවුවා ගෙනාපු හැලප වගෙයක් දමාගෙන කනවා..
දෙතුන් දෙනෙක් ගෙන් පාර අහගෙන අපි පාන්දර 5 වෙනකොට රන්ගලට සැපත් උනා..
කට්ටිය එතන ටිකක් හිරි ඇරලා කඩේකට ගිය කන්න දෙයක් හොයන පාන් එනවා කිවුවේ 6ට බැවින් 6 වෙනකන් දත කට මඩල සෙල්පි ටිකක් එහෙම ගගහා දුමක් ගෙන හිටියා..
ඊට පස්සේ පාන්ගෙඩි 6 කුයි සිනි සම්බෝල බෝතල් 2 කකුයි 7 දෙනාගේ කුසගින නිවු අතර තවත් අටයවශ කළමනා ටිකක් හා අඩු වැඩියාව අසල කඩයකින් සපයාගන්න කොට තඩියා ටොයිලට් එකක් හොයා ගත්තා ඌයි මයි එකට ගිහින් බර සැහෑල්ලු කරන එනකොට අනිත් උන් ටික බිඩියක් හොයන අදිනවා..එකට රස වැටිලා තවත් කළු සුරුට්ටු ටිකකුත් අරන් තන්ගප්පුවට යන්න පිටත් උනා..එහෙන් ගයිඩේකුත් හොයාගෙන යන ලෑස්ති උනා..ගයිඩත් අපේම වයසේ කොල්ලෙක්..
වාහනේ එහෙම නවත්තල බදු මලු අතින් කටින් එල්ල ගත්තා..මග පෙන්වීමට පමණක් කතා කරගත්තත් ගයිඩා සහෝරයත් අපේ මලු කිහිපයක් කරේ දාගත්තා..ගමනාරම්බ කරනකොට 8.30 ට පමණ ඇති.















ගමනේ මුල් බාගය යන තියෙනේ තේ වත්තක් මැදින් කිලෝමීටර් 3 ක් විටර සෙට් වෙනවා ඒ ටිකට..නඩත්තු කරනා තේ වත්තක් බැවින් මේ හරිය අපහසුවක් ඇත්තෙම නෑ.කුඩලු කරදරෙත් මේ හරියේ නෑ..නමුත් පාන් ගේන්නත් වාහනේ කඩේට යන  එක නැත්තම් නොකා ඉන්න මගේ රංචුවේ උන්ට තේ වතට උඩට එනකොට හොද ගණන්..හැමෝගෙම අතේ ගමන පටන් ගන්නකොට තිබ්බ පොඩි වතුර බෝතල් තේ වත්ත උඩට එනකොටම ඉවර වෙලා..ඒ වගේම අපේ තඩියා බොයිල් කරන්න


ගත්තා..අඩි 10 යනවා ඌ හති අරිනවා ඒ මදිවට ගල් කැල්ලක් වගේ දැක්කොත් ටක් ගාල ලෑන්ඩ් කරනවා..ගයිඩා අයියා ඉස්සරහන් ම කට්ටියට මග පෙන්නගෙන ගිය අතර මම තුමා ගල් උඩ ගස් අයිනේ හති අරිමින් ඉන්න  උන් ව මග ඇරෙන්න නොදී එකතු කරන ආවා අන්තිමට..තඩියා නවතින නවතින වාරයක් පාසා මටත් නවතින්න උනා ඌව මග ඇරෙන්න නොදී එක්ක යන්න..අපේ ප්‍රමාදය නිසා තේ වත්ත මුදුනේ තඩි ගලක් උඩින් බවුවවයි විකි වයි වාඩි කරලා ගයිඩා අයියා අපහු පහලට ආවා අපේ ප්‍රමාදය මොකද බලන්න..ඒ ගමන ඩයල් එක අපේ තඩියගේ බෑග් එකත් ගත්තා කරට.අනේ එත් මේ අලියා නැග්ගේ නෑ කියනකො.කොහොමින් කොහොම හරි තේ වත්ත මුදුනට නැගගත්තා..
තව දුරද අයියේ කියල අහන හැම වෙලේම ගයිඩාගේ උත්තරය උනේ අර වංගුවෙන් එහා පැත්තේ තව පැය බාගයයි වගේ ඒවා.















ඉහත දක්වා ඇති ආකාරයේ මර්ග පද්දතියක් තමා තේ වත්තෙන් පස්සේ හම්බ වෙන්නේ..ඔය අතරේදී දුමක් එහෙම දන්නා අමතක කලේ නෑ..කට්ටිය ඩල් කියල දැනුන වෙලාවක කට්ටියට චොක්ලට් ටික බෙදා දීලා ස්පෙයර් එකට අලුතෙන් කළමනා පුරෝගෙන එල්ලිලා හිටපු උන් වත් ගලෝල ඓත් ගමන් කළා
ඔය යන අහරේ දැනුන ජල පිපාසය හම්බ උන ජල දහරාවලින් නිවාගත් අතර ගෙනිච්ච බෝතල් පුරවගැනීමත් නිරන්තරෙන් සිදු කරා










පැය 3 ක විතර ගමනකින් පස්සේ නකල්ස් කදු පන්තියම හොදින් පෙනෙන විවුර්ත බුමියකට ආවා..එත බෑග් ටික එහෙම ගලෝල නිදහසේ වාඩි වෙලා ගෙනාපු කළු සුරුට්ටු 2ක පත්තු කරගත්තා..අවාසනාවට එතන හරි හමන් පින්තුරයක් නම් නෑ














ඔතන ටික වෙලාවක් ඉදල නැවත ගමන් ඇරබුව..තව වෙලාවක් ඉන්න ඕන කම තිබ්බත් විශාල මී මැසි රංචුවක් පියබගෙන එනවා දැක්ක නිසා ගයිඩා කට්ටියව අරන් ඉක්මනින් මරු උනා.මග දිගට උරෝ හාරපු අලුත් පස් කන්දී එහෙමත් දකින්න හම්බ උනා..ඔන්න එතකොට අපේ බවුවා රුවන් මලයට උරු මස් කන්න හිතිල බුවා පොල්ලක් අරන් උල් කරනවා යන ගමන්..උගේ වාසනාව වැඩි කමට එක උරෙක් වත් ඉසරහට හම්බ උනේ නම් නෑ..
තවත් පැය 2 ක් විතර ගියාම තදියා ලොකු ගලක් බලල ලෑන්ඩ් කරා තවත් යන්න බෑ මෙතන ඉදන් උයලා කාලා යමු කියල..ගයිඩා එවලේ කිඋව තව චුට්ටි මල්ලිලා යමල්ල කියල..තේ ටිකක් හරි හදල දෙනකන් යන්නෙම නෑ කියන ස්ථාවරේ තදිය හිටියෑන් තේ හදමු කියල විකියා ලෑස්ති උනා.
හට්ටියක් අරගෙන වතුර පුරවන්න ගත්තා විකියා මම තුමා විටක් හපන ගමන් ඉතිරි කළමනා එලියට ගන්න පටන් ගත්ත අතරේ සෙවුවා ගියා කෝප්ප ජොග්ගු හෝදන්න.වතුර පුරවන් ඇවිත් බැලින්නම් ලිප නෑ..අරුගේ අතේ අන්තිමට තිබ්බේ කියන කොට ඌ කියනවා මම මුඋට දුන්න කියල.කොහොම හරි අන්තිමට ගෙනාපු එකෙකුත් නෑ..ඒ ගමන බවුවයි ගයිඩයි පල්ලම් බැස්ස ලිප හොයන එන්න..ඒ අතරේ තදියා හෙන ගේමක් දීල ලිප පත්තු කරගත්තා..වට පිටයේ තිබ්බ දර ඔක්කොම තෙතයි හෙන ගේමක් දීලා තමයි පත්තු කරගත්තේ



අනේ අපේ අබේ මලය එච්චර අමාරුවෙන් පත්තු කරගත්ත ලිප උඩින් හට්ටිය තියන්න ගිහින් ලිපට පෙරලුව කියනකො..ඓත් හෙනම ගේමක් දීල දෙවෙනි පාරට ලිප පත්තු කරන බිස්කට් වගයක් තිබ්බ එකත් කාලා දුමක් දන ගමන් තෙක බිවුවා..ඔය වැඩ ටිකට පැයක් විතර ගියා..දෙන මී දුමත් පත් වීගෙන එනවා..කදු වලට අපිට කලින් කරුවලත් පාත් වෙනවා නෙහ්..ඒ මදිවට හිනි පොදෙකුත් තියෙනවා..වැස්සොත් ඔක්කොම අනත නිසා අරුන් දෙන්නගේ මලු ටිකත් කරගහගෙන අපි ගියා කියල ගලේ ලියල ගයිඩා යන පාර කියල පෙන්නපු දිහාට යන්න පටන් ගත්තා..තඩියා තමා පෙරමුණේ ගමන් කලේ..ඌ ගියාම අනිත් උන්ට යන පාරත් ඉබේම හැදෙනවා නෙහ්..ඌ හිමින් යන කොට උස්සන් ඉන්න මලු බර වැඩි කියල සෙවුවා අබේ මලයෝ දෙන ඉස්සර උනා.. 
මේ ඉසවුවෙන් එහාට පාර කලින් තිබ්බ තරම් ලකයක් නෑ..සමහර තැන් වල පාරක් හොයාගන්නම නෑ..එක තැනක පාර 2 කට බෙදෙනවා වගේ පෙනුනා..ටිකක්  ලං වෙලා බැලුවමයි පෙන්නේ එක පාරක් වතුර ගලන ගිහින් නැවතිච්ච එකක් කියල..කට්ටිය එකතු වෙලා තමා එක තිරණය කලේ..දැන් ඊලග ප්‍රශ්නේ පොඩි උන් දෙන්න කොඉ පාරෙන් ද ගියේ කියල..හූ 2කක් 3ක් තියනකොට උන් උඩින් හුවක් තිබ්බ..අපි එනකන් නැවතියන් කියල කෑගහලා කියන ගමන් උඩ පාරේ අපි ගමන් කරන්න පටන් ගත්තා..මෙතනින් චුට්ටක් උඩ තියෙනේ කියල ගයිඩා කිඋවට පැයක් විතර ඇවිදලා හම්බ වෙච්ච ගල් තලාවක් නෑ..කට්ටියත් හොදටම ඩල් වෙලා මෙහ් වෙනකොට..මගදී පාර වැරදුනාද කියන සැකෙකුත් ආවා..තව දෙයක්..ස්පෙයර් එක බවුවට දීල නෙහ් යැවුවේ..කට්ටියව කුඩල්ලොත් කනවා හොද ගානට..මෙහ් හරියේ පාරවල් කලින් තරම් හොද නෑ කියල මම කලින්ම කිවුව නෙහ්..එක පැත්තක වැටුනොත් පැය බාගයක් විතර වැටෙන්න පුළුවන් හෙළක්..ඒ මදිවට තණකොළ වැවිලා හොදටම..එකෙන් කුදල්ලෝ ඉන්නේ ගුලි ගුලි..එකෙක් ගලවන්න නැවතුනොත් 4ක් 5ක් එල්ලෙනවා..ඔහොම යනකොට ගල් තලාවක් හම්බ උනා පොඩි දොළ පාරක් එක්ක..කට්ටියව එක්ක ආවා නම් වගකීම් ගන්න එපැයි..නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරන්න හිටගෙන කට්ටියට කිවුව එතන ටිකක් නවතින්න කියල. මොකද ඒ වෙද්දී සමනය අදුරක් පැතිරිලා තිබ්බ වෙලාව  4.30 ට වගේ ඇති..කට්ටියගෙන් හිරොවයි විකියයි හොදට ෆිට්නස් තියෙන  උන් දෙන්නෙක්.ඉතින් අනිත් උන්ව නවත්තල උන් දෙන්නට කිවුවා පැය බාගයක් ඉස්සරහට යන කියල.ලෙන හම්බ උනේ නැත්නම් අනිත් පැත්තට එන්න මෙතැන අපි නවතිමු කියල..ඒ අටරේ හිරෝව පොඩ්ඩක් ඉදින් කියල ඇල උඩට ගිහින් බෝගක් දල ඇවිත්..ගොන් ගහ..පහලට යනවා වෙනුවට උඩට ගිහින්..ඌත් අවම උන් 2ට සිගරට් 4 කුත් දීලා ටෝච් 2ඉ මන්නයකුයි දීලා යැවුවා..අනිත් කට්ට්ටිය ඒ අතරේ වැතිරිලා හිටිය.මුන් දෙන්න ගිය පයින් ම අනිත් පැත්තට එනවා කියහන් කෝ..අපි ලෙන ගාවටම ඇවිත් නැවතිලා තියෙන්න...ඊට පස්සේ සෙට් එකම අරන් ගිය ලෙනට..
තාමත් බවුවයි ගයිඩායි නෑ..කන්දට ඇතුල් උන තැන ඉදල එකම ජලයකවත් සිග්නල් කදුලක් නෑ ඉතින් ඉන්න ඉසවුවක් හොයාගන්න නෑ..ගයිඩා පාරවල් දන්නවා නෙහ් ඌරා ගැහුවේ නැත්තම් ඌ අරුව එක්කන් එන එක සුවර් නිසා අනිත් වැඩ ටික අපි පිළියෙළ කරන ගත්තා. 
තඩියායි විකියි කුඩාරම් අටවන්න පටන් ගත අතර මලයෝ දෙන්නව දර හොයන්න පිටත් කළා..ඒ අතර මමයි හිරොවයි කන යමක් ලෑස්ති කරගන්න සෙට් උනා..තෙත දර වලට එනසල් පරදැල් දාලා බුමිතෙල් ටිකකුත් දාලා යන්තම් ලිපක් පත්තු කරන් බත් එක ලිපේ තිබ්බ මුලින්ම..හාල් ගරන්න වගේ ජල අවස්යතා වල‍ට කදිම දිය පාරක් ලෙන අසලම තිබ්බ

ලෙන ඇතුලේ ඔන්න ඔහොම ලස්සන ලිපකුත් බදලම තිබ්බැන් වැඩේ ලේසි උනා..දුම් පිබ පිබ උයන අතරේ ගයිඩා සහ බවුවා අපි ඉන්න තැනට සැපත් උනා..බවුවගේ කකුලේ මදි නොකියන්න යාලුවෝ එල්ලිලා හිටිය..කුදල්ලෝ ගලවන්න වරෙන් කියගේනමයි ඌ ආවේ..ලිප තියෙනවා නෙහ් කියල ඉදෙමින් තිබ්බ ලිපේ ගිනි පෙලේලි ටික වික්ක උස්සන් දිවුවා..ඔය අටරේ දීලා ලිපක් වෙනුවට ලිප් 2කක් ම උස්සගෙන කුස්සියට ආවා..මමත් හනිකට අපේ ලිප ගැස් එකට අටෝගෙන බත් එක තිබ්බම දීල කිඋවා ලිප් 2කෙ එක පත්තු කරමු මචන් ඉක්මනට උයන්න පුළුවන් නෙහ් කියල..ඒ ගමන අපේ එක ගලෝලා එක හයි කළා..අවසනාවක මහත එක පත්තු වෙන්නේ නෑ.හෙන වෙලාවක් දගලලා එක අතැරලා අයිත් අපේ එක අටවන් පත්තු කරන්න හැදුවත් පත්තු උනේ නෑ..අස්චර්යක මහත කියන්නේ සිලින්දරේ ගෑස් නෑ..
ලිප් 2කක් ආවේ අරුන් අරක හොයාගන්න බැරුව ගම්මානේ ගයිඩාගේ ගෙදෙට්ටම ගිහින් ගෙදර ලිප උස්සන් ඇවිල්ල..එන අතර මගදී අපේ එකත් හම්බ වෙලා..ඉතින් 2කම උසන් ඇවිල්ලා..
හෙන ආරුවෙන් උස්සන් ඇවිත් තියෙන්නේ හිස් සිලින්ඩරයක් අපේ උන්..රුවනලගේ ගෙදර තිබ්බ සනසෙන් දිනන සිලින්ඩරයක් එක..අස්චර්යේ සිලින්දරේ හිස් එකක්..මහරජාගේ පවුලේ උදවියව මතක් කරන ගමන් අයිමත් ලිප පත්තු කළා..කරලා යන්තම් හාල් කිලෝ 3කුත් පරිප්පු 500 ක හොද්දකුත් සැමන් ටින් 3ක බැදුමකුත් හදාගත්තා..වදිවෙඉ කියල හිතුවට අපේ උන් ඉතුරු කලේ නම් නෑ අපරාදේ කියන්න බෑ..ඔය කෑම පිසෙන අතරේදී ගයිඩා අයියා කෙසෙල් ගහක් කපල එකේ පලු වලින් අපුරු පිල්ලක් හදල දුන්න අපිට නාන්න..සිටලේ ගැහි ගැහි නාලා බත් එකට වග කිවුව..පිල්ල හදල ඊළගට ඒ අයියා තුමෝ කොට ටිකක් හොයන ඇවිත් ගිනි මැලේකුත් ගහලා


කාල බිල ඉවර වෙලා ගිනි මැලේ වටේ ඉදන් බොන්න පටන් ගත්තා බෝතල් 2 කක් ඉවර වෙනකොට ඒකා දෙන්න නිදියන්න ඇදුනා. කොහොම හරි බෝතල් 3ක් ඉවර කරගෙන අපිත් නිදියගත්තා...
පසුදා උදෑසන දුම් පිබල ලිප පත්තු කොරන් තේ එකක් එහෙම බිවුවට පස්සේ ඒකා දෙන්න වතුර බෝතලුත් අරන් කැලේ පැත්තට ඇදුනා..උදේට කන්න නුඩ්ල්ස් සමග මීට් බෝල්ස් කාරියක් මම තුමා සකසන අතර විකි ඉතුරු බෝතලේ උස්සන් ආවා..හිමිට එකක් ගෙන උයල කල බිලා ඉවර කළා..කන අටරේ එකෙක් තිබහට කොක් එක බිලා..දැන් සැන්ඩි නෑ..ඔය අතරේ මට අහු උනා දෙහි ගෙඩියක්..ඕක මිරිකුවා වතුරට..ඔය තියෙන්නේ ටොනික්(ටොනික් එකෙත් ලා ඇබුල් රැසක් එනවා නෙහ්)එකත් එක්ක ඉතුරු ටිකත් කෙලලා දැන්මා..
ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බ ෆ්‍රෙෂ් මිලක් එකට සිනි ටිකක් දල එක උඩින් ගෙන කදමලුත් බැදගෙන ගසක අත්තක් කලා අයියනායක දෙවියන්ට සහ කන්දේ බණ්ඩාර දෙවියන්ට වැදලා ගමන පටන් ගත්තා(බිවුවෑන් පස්සේ මම බුදුන් වදින්නේ නෑ) 
ඉතාම මන්දගාමී ලෙස තමා කට්ටිය පල්ලම් බැස්සේ..එනකොට/.වැස්සෙන් හොදටම කට්ට කාගෙන සිතලේ ආවේ..උදේ ඉතුරු උන නුඩ්ල්ස් පාරක් මම මුලක බැදලා ගත්තා.ගමනේ බාගයක් විටර ඇවිල්ල මහා වැස්සේම කට්ටිය එක ලිහාගෙන කෑවා.එනකොට කන බිස්කට් තිබ්බ චොක්ලට් තිබ්බ යන ගමනේ කන්න මොකුත් නෑ..ඒ මදිවට බුලත් මල්ලත් ඉවරයි..විටක් වත් නෑ කන්න..වැහි බින්දු බිමට වැටෙනවට වැඩ වේගෙන් නුඩ්ල්ස් ටික බඩට ගියා..ඊට පස්සේ ඊලග නැවතුම උනේ මම කලින් කිවුව නකල්ස් කදු වටියම පෙනෙන එළිමහන් බුමිය..හොද ගානට සීතලයි..දීලා හන්ගන් ඉදපු සිගරට් 2කක් එලියට ඇද්ද ඔතනදි..කට්ටියට මසුරන් හම්බ උනා වගෙයි..ඕක ගහල ඉවරවෙනකොට සේවුවාව වෙඋලන්න අරන්
ඒ ගමන රුවනට කිවුව උඋව අරන් ඉක්මනට වෑන් එකට යන්න කියල..ලෝකේ පෙරළෙනවා කිවුවත් අපේ තදියා කකුල උස්සල යන එකෙක් යෑ..හැදල්ලෙක් එල්ලුන ගමන් නවතිනවා අම්මෝ කනවා ඉක්මනට මුව ගලොපන් කියල.
යන්න කිවුවම සෙවුවා
සෙවූ සාස් සාස් සාස්
ඩිලා  සාර්ස් නෙමෙයි බොට තියෙන්නේ හිතල හයියෙන් ඇවිදාපන්.
සෙවූ සාස් සාස්
එතකොටයි අපිට තේරුනේ මූ මෙහ් කියනේ ගෙනාපු සාස්පාන ගැන කියල..එක අටට දීල උන් දෙනවා පිටත් කළා..කට්ටිය ඉක්මන් ගමනින් ගියත් තඩියා නිසා මටත් අන්තිමට තම එන්න උනේ..කොහොම හරි තේ වත්තට එනකොට මටත් හොදටම හිතලයි..පිහිය අතින් අල්ලන්න බෑ..ඒ අස්සේ මූ කුදල්ලෝ ගලවන්න ලු..මට මල විකසිත..
සුද්ද සිංහලෙන් මුඋට අමතල කකුල කවට කමක් නෑ යකෝ මගේ #$#% එකෙක් කනවා ඉක්මන් කරලා වෑන් එකට යමන් කියල එක්ක ආවා ..
අපු ගමන් ඌ ගියා බෝගක් බාන්න ටොයිලට් එකක් හොයන්..ගයිඩා අයියා අපිට තේ සහ හකුරු ගෙනත් දුන්න..ඒවත් කාල පොරොන්දු උනාට වැඩියෙනුත් ගානක් ඩයල් එකට දීලා අපි එන්න පිටත් උනා..මගදී සරම අස්සට අතක් ගෙන තඩියා මචෝ මොකෙක් හරි ඉන්නවා පොඩ්ඩක් ටෝච් එක ගහල බලපන් කිවුව..බැලින්නන් මුගේ අහවල් එකේ දෙපැත්තට කුදල්ලෝ 2න්නෙක් එල්ලිලා..උන්වත් අරන් දල මග කඩේකින් කොත්තු පාරකුත් බඩට ගෙන් දෙයියනේ කියල ගෙවල් වලට ආවා


කපු කැමවල් අපිව





























විශේෂ ස්තුතිය පුදන්න ඕන කිහිප දෙනෙක් ම ඉන්නවා..
අවසර ගන්න ඕන තැනක් දන්නේ නැතිව බත්තර මුල්ලේ චාටර් කාලා ඉන්නකොට දිගනේ දුක අංකයක් මට සොයා දීමට වෙහෙස මහන්සි වූ විස ගොර සර්පයන් තම මිත්‍රයන් කරගත් භුමි අයියටත්  රසකතා අපිට බෙදමින් ජපන් පුරේ සිට මීලග ජනපතිවරණයට බැහැලාම අපේ පක්ෂය දිනවන්න වෙර දරන කෙන්ජි අයියටත්..දිගනින් මට ටිකට් ගැනීමට කෙනෙක් සොයා දුන් මගේ වැඩිමහල් සොහොයුරු අනුෂ්කටත් මා වෙනුවෙන් තම කාලය වැය කරමින් ගොස් අවසර පත හා ටිකට් පත් ලබා දීමට කටයුතු කල රසික සහෝදරයාටත්..පහසු මිලට කුඩාරම් සපයපු සහ අවැසි විස්තර සපයා දුන්  ඇවිදින්නෝ සමුහයේ දිලුම් සහ තිමිර යන සොහොයුරන්ටත් මගේ හද පිරි  ස්තුතිය...


ps නකල්ස් යන යට ගයිඩේක් ඕනි නම් 0813802841 අපි
ව එක්කන් ගිය ඩයල් එක..සුපිරි කොල්ලෙක් සිංහලත් පුළුවන් බර උස්සන් යන්න අය ඕනි නම් ඒවත් ලෑස්ති කරගන්න පුළුවන්..මිල ගනනුත් සාදාරනයි







19 comments:

  1. කලින් කොටස කියවන්න ඕනේ, ඒත් මේක කියෙවුවා, ෆොටෝ ටික නම් නියමයි, අපොයි මල්ලි ජරා කූ දැල්ලෝ තමයි එපා වෙනම සීන් එක නේ,,

    ReplyDelete
    Replies
    1. ලස්සන විදින්න කට්ට කන්න ඕනි කියනවා නෙහ් අක්කෝ

      Delete
    2. මොවුන් ඔමා........ කූ දැල්ලෝ කියන්නේ,,,,,,,,,,,,,????????????????

      Delete
    3. මොවුන් ඔමා........ කූ දැල්ලෝ කියන්නේ,,,,,,,,,,,,,????????????????

      Delete
    4. ඒකනම් ඇත්ත අම්මේ මට නම් අප්පිරියයි ඕකුන්,,

      කුරුට්ටෝ ඇද හොයන් නැතුව හිටාන් ඈ :D අඩනවා ඈ

      Delete
    5. හරි වචනේ වදින්නේ නෑ අප්පා..මාත් දාලා තියෙන්නේ ඕක

      Delete
    6. ඔමා...................... කින්ඩියට අැහුවා නෙමෙයි.... වෙන සත්තු ජාතියක් ද දන්නවා යෑ ඒකයි අැහුවේ............. අැත්තට ම මොකුන් ද ඒ............................. හැක් හැක් හැ.............

      අාචාර්ය මතාං.................... ඩැයන්න වදින්නැතුවායෑ..............

      Delete
  2. හම්මෝ මරු ට්‍රිප් එක නේ

    ReplyDelete
    Replies
    1. බස්සා අයියාවත් ඇදන් ගිහින් එන්න

      Delete
  3. අපූරු ගමන.. හැබැයි කූඩැල්ලන්ට නම් පරාන බයයි.. :S

    ReplyDelete
    Replies
    1. කූ දැල්ලේක් කෑවට මැරෙන්නේ නෑ මැඩම්

      Delete
    2. නංගි මන් කීපාරක් කියලා තියෙනවද අපූරු කියන්න එපා කියලා

      Delete
  4. අා‍වෝ ගි‍යෝ ‍ගමන්
    ‍මෙ‍ලෝ රහක් නැහැ.

    ඔය ගල්ගුහාවක් බලන්නද ගි‍යේ.
    :)
    :)

    ReplyDelete
    Replies
    1. ගුහාවක් නෑ බෝල එතන නයිටක් ගහන්න එකයි පැලෑන]...

      Delete
    2. මුන් යන්නේ බොන්නනේ

      Delete
  5. ඔන්න මාව ඇවිස්සුවා. මේ අවුරුද්දට මේ ජාතියේ ටුවර් එකක් යන්න බැරි වුණා. යාල නම් යනවා. ඒත් මම ආස මේ වගේ කටු කන සීන් වලට.

    ReplyDelete
    Replies
    1. කටු කන්න අස නම් කියපු තැන...

      Delete