Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, May 6, 2014

විදි මිහිරක කටු සටහන්

       
ගූගල් වෙතිනි


     නෙතට කදුළු
     සිනහ  කැකුළු
                 ගෙනෙයි නිරන්තරේ

     නෙතක මහිම 
     සිතක මිහිර 
     ලොවට කියන අපේ 
                                      ආදරේ 
     නොමැති විටක හැගෙන
     ඇති විටෙක තැවෙන දෙයකි
                                       ආදරේ
     නොමැති වු සොවින් මම පෙලෙන 

     නුබ විදින දෙයකි 
                                       ආදරේ








21 comments:

  1. පිස්සු ආදරේ.. හැක්.. හොදයි ආචාර්ය වීරකූක්කා...

    ReplyDelete
    Replies
    1. නම කන්න එපා බොල.වීරකෝන් මගේ ඇත්ම වාසගමයි

      Delete
    2. එකට මක් වෙනවද ප්‍රියෝ

      Delete
  2. ආදරේ ...ආදරේ තවම නොදන්න ආදරේ

    ReplyDelete
    Replies
    1. තිත්තයි අපුලයි මට නම් දැන් ආදරේ

      Delete
  3. මලයා ඔය ෆොටෝ එකම දැකලා මමත් ලිවුවා කවියක්. මේ තියෙන්නෙ ඒක;


    පැටලිල්ල


    හිරුගෙ උනුසුම හදම පුබුදා
    සදා සොම්නස් සුවය දුන්නේ

    හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
    නෙත් කොනින් තරු රුව සොයන්නේ.....

    මහරු මිණියෙන් දිවිය හැඩකර
    රනින් කිරුලක් පළන්දන්නේ

    අඳවු දෙනෙතින් - කිරුලු නොතකා
    තිරිවාන කැටයක් සොයන්නේ......

    වරද කොතැනද?
    සැලෙන හදකද?
    කෙලෙස පැටලුම
    ලෙහා ගන්නේ?

    මෙයද නිවරද?
    නොවෙන මන නඳ
    එයද මනුසත්
    ගතිය වෙන්නේ?

    නෙතු පියන් තදකර වසන්නේ
    සවන්පත් දොරගුළු දමන්නේ
    හදට තරවටුවක් කරන්නේ
    හිරු රැසිනි මම ලොව දකින්නේ

    අනේ සඳ සිසිලක් දියන්නේ..........!


    :D

    ReplyDelete
    Replies
    1. මම නම් කවිය ලියලයි 4to එක හෙවුවේ...එක ,මගේ පරණ ජිවිතේ ගැන අයිත් එයට මතක් කරන්න

      Delete
  4. ආදරේ.... ආදරේ..... සුන්දරයි කියා සිතු ආදරේ......

    ReplyDelete
    Replies
    1. සිතන තරම් නැත සුන්දර ආදරේ

      Delete
  5. දයාබර අාදරය......

    ජය වේවා!!!

    ReplyDelete
  6. ආදරේ? ඒ මොකද්ද බං?

    ReplyDelete
  7. එතකොට ආචාර්ය තුමත් ආදරේ කල එහෙනම්

    ReplyDelete
    Replies
    1. එකෙන්ම කිහිප පාරක් මා ආදරේ කොරා මාත්

      Delete