Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, October 10, 2014

මුහුකුරායාම 3








ඔහොම කාලය ගලාගෙන යනකොට විටින් විට කැඩෙමින් තව තවත් ශක්තිමත් වෙමින් මෙහ ලගකදී නැත්තටම නැති උන මගේ බොක්කෙන් කරපු love එකකුත් තිබ්බ..අද කියන්න යන්න එක ගැන නම් නෙමෙයි විවිද හේතු මත එක නැවතුන කාලවලදී හිස්තැන පුරවන්න අපු අය ගැනයි......කලින් එකේදී මම කිවුවේ කොන්ඩේ දිග අක්කගේ නංගි කෙනෙක් ගැන..මෙහ් එයාගේ කතාව..අපි ඒ ට්‍රිප ගිහින් ඇවිත් දවස් දෙක තුනකින්ම අපේ හේෂා එක ටෝක් කරන තිබ්බ..එතකොට එක O/L  වත් කරලා නැති හෙන පොඩි කෙල්ල.. 4න් එකෙන් මල් කඩ කඩ හිටියා..ඔය අතරේ අපේ චමිලයා දෙතුන් පාරක්ම අනුරපුරේ ඇදලා තිබ්බා.කාලයාගේ ඇවෑමෙන් අපේ හෙෂගේ සම්බන්දෙ බිදවැටුන.නමුත් මත එක්ක දිගටම ඔය හැමෝම කතාබහ කළා..එවට එහෙ කොල්ලෙක් සෙට් උන ඒවා කරපු කියපු දේවල් මම දැනන් උන්නේ...ඔය අතරේ මගේ යාලුවා චතු අනුරපුරෙන් කෙල්ලෙක් හොයාගත්තා ඉතින් මාසෙකට සැරයක් වගේ එහෙ අදින්න අවස්ථාවක් ආවා.ඉතින් මම අර නන්ගටත් cl දෙකක්තුනක් දීලා සෙට් කරගත්තා..අවුරුදු ගානකට පස්සේ එයාව හම්බවෙන දවස උදා උනා..            
මගේ යාලුවත් මාස ගණනක් මල් කඩ කඩ ඉදල කෙල්ලගේ මවු දෙමවුපියෝ හම්බ වෙන්න යන්න දාගත්ත කියන්නකෝ.. ඒ වෙද්දී මූ කෙල්ලව දැකල තිබ්බේ 4to විතරයි.(අපි නම් මලාට යනවද දකපුවත් නැති කෙල්ලෙක්ගෙ ගෙදෙට්ට කතා කරන්න bt  මූ ගියා)ඌත් එක්ක තනියට යන්න සෙට් උනේ මම..හැබැයි අපි කෙල්ලගේ ගෙදෙට්ට එනවා කිවුව දවසකට කලින් එහෙට ගියා..වෙන මොකටවත් නෙමෙයි කෙල්ලව බලල අදුරගන්න..අනුරපුරේ බස් නැවතුමේ උන් දෙන්න හම්බ වෙන අතරේ මම තුමා සහ මෙහි කතා නායිකාව හමු උනා...අපේ කතා නායිකා තුමිගේ අමතර පන්තියක් තියෙනවා කිවුව නිසා ඇය වෙන් වෙලා ගිය අතර මම මගේ යාලුවා සහ අලුත් මනමාලි අපේ යාළුවෙක් ගේ පොට් එකක් තියෙනවා ගල්එදඩුගොඩ (අර වැල්ඩින් වෙදමහත්තයා ඉන්න කිට්ටුව)මගේ යාලුව ලස්සනට යෝකර් පන්දුවක් දමලා අලුත් මනමලිව යාලුවෙක්ගෙ ගෙදෙට්ට යනවා කියල ගෙදෙට්ට කියල රාත්‍රියට ඉන්න කැමති කරගෙන..   

 එතන පොට් එක ගැන කියනවා නම් කොටේජ් ආකාරයට හැදු කාමරවලින් සමන්විත කැලයක් අසල එකක්..අනිත් නිවස වලට ටිකක් ඇතින් තිබ්බ හුදෙකලා තනි කාමරය මම මගේ පාවිච්චියට තෝරගත්ත අතර යාලුව සහ උගේ අලුත් මනමාලි ඉස්සරහම තිබ්බ එකක් ඇතුලට රිංගුවා..එතකොට වෙලාව හවස 4 විතර වෙලා..කරන්න කිසිම දෙයක් නෑ..ඒ මදිවාට ඒ රෙද්දට විදුලිය සපයලා තිබ්බේ සුරිය පැනල වලින්..4න් එක චාර්ජ් කරගන්න බලනකොටයි එක දැනගත්තේ..කාර් චජරේ වත් වෙලාවට ලග තිබ්බේ නෑ දෙන්න බස් එකේ අපු නිසා නැත්තන් එකට වයර් කැල්ලක් අටෝගෙන මම වැඩේ කරගන්නවා..4න් එකත් බැහැල ගිය..කොහොම හරි චාර්ජ් කරගන්න විදියක් නැති කොට කරන්න දේකුත් නැති එකේ නෑවා හිතේ හැටියට..ඊට පස්සේ ඇවිත් බැලින්නම් පැයකට හමාරකට වඩා ගිහින් නෑ..

ගෙනාපු සිගරට් වුත් ඉවර වෙලා..පාර පැත්තේ ආවා දුමක් දාන්න කියලා හිතාගෙන..
හුටා කඩයක් නෑ පෙන මායිමකපාරේ වාහනයක් වත් නෑ..දෙපයන් සරණන් ගච්චාමි කියලා ඇවිද්ද කඩයක් හම්බ වෙනකන් පයකට විතර පස්සේ තමා කඩයක් හම්බ උනේ..සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව ගත්තා පැකට් 2ක්ම..අරගෙන ටුක් ටුක් එකකින් ආවා..ටුක් එකේ අයිය කිවේ කිලෝමීටර් 5ක් ඇවිල්ල කියල මම.දෙයියනේ කියල ඇතුලට වෙලා දුමක් දන්නා ගත්තා විතරයි යාලුව පන කඩාගෙන ආවා..අතේ තිබ්බ එක උදුරන් මාස ගානක් පිපාසෙන් හිටිය එකෙක් වගේ ගැහුවා එක ෂොට් 2ට ගහල ටොපියකුත් කකා ඌ ගියා..ටිකකින් 3දෙනාම පාරට ගිහින් රෑට කල එහෙම නිදාගන්න ආවා..
මොන නිදාගැනිල්ලක් ද.ටිකකින් ඇහෙන්න ගත්තා නරි කෑගහනවා..ඊට පස්සේ අලියා..ඒ කාමරේ ජනෙල් 2කක් තිබ්බ මම කලේ මාරුවෙන් මාරුවට අලියා මේකෙන් එයි ද අනිකෙන් එයි ද කියල බල බල හිටපු එක..අලියා කැගහන්නේ හෙන ලග..පාන්දර ජාමේ තමා ටිකක් නින්ද ගියේ..පහුව දා අර ගැනු ළමයා(ඒතකොට ළමය නෙමෙයිද කොහෙද) ව පිටත් කරලා ටික වෙලාවකින් අපි දෙන්නත් බස් එකේ නැගල ඒ ගොල්ලන්ගේ ගෙදෙට්ට සැපත් උනා..සුහද පිලිසරදකින් පස්සේ දිවා ආහාරයද ගෙන ගෙදර එන්න පිටත් උනා..මම බස් රථයකින් ගිහින් තියෙන වැඩිම දුර තමා අනුරාදපුරේ..එකත් එක පාරයි අයිත් නම් යන්නේ නෑ මලාට..අජිත් ගේ සින්දු අහන් එදා වින්ද කරුමයක් ඔක්කොම අතල් කුඩු..
ඔයින් මාසෙකට පස්සේ මගේ මාම කෙනෙක් රට ඉදල වැඩිය ඔය අතරේ.බුවාට අනුරපුරේ යන්න ඕනෙයි කිවුවා...
ඒ ගමන් ම මනමලිව බලන්නත් යමු කියල මගේ යාලුව යෝජනාවක් ගෙනාවාදෙන ඔය ගමන සදහා වාහන 3ක් ලෑස්ති උනා..මගේ යාළුවගේ පවුලේ උදවිය hiace hiroof එකක මමතුම සහ මගේ තවත් මිත්‍රයෙක් සහ ඔහුගේ භාර්යව පුතා සහ අර මිතුරා මගේ ප්‍රියතම hijet budy යේ මගේ මාමා මම්මා බාප්පා අක්ක සහ එයාගේ දරුවන් town ace එකක..උදේ පන්දර පිටත් වීමට යොදාගෙන තිබ්බේ..දීපාල් සිල්වා මහත්තය කියනවා වගේ ලංකාවේ අපි වෙලාවටම වැඩකරනවා නේහ්..ඉතින් උදේ 9 ට විතර යන්තම් පිටත් උනාඅපේ කථා නයිකවවත් මම එදා හමුවෙන්න දා ගෙන තිබ්බේ..උදෙන්ම යනවා කිවුව හින්දා එයට කිවුවේ මම 12 ට හම්බ වෙන්නම් කියල..අවසනාවක මහත කට්ටියව එකතු කරන උදේ ආහාරය ගන්න නවත්තනකොටම 12 එහාකොට කුරුණෑගල හරියේ අපි.තව 119 km යන්නත් ඕනි කොහොම හරි එක එක බොරු කියලා කට්ටියව 12.45 වෙනකොට අයිත් වාහන වලට දාගත්තා..අනිත් වන එක එලෙවුව මගේ මාමව බයික් කාරයොත් පහු කරන යනවා..මගේ වාසනාවට කෑමෙන් පස්සේ ඒ වාහනේ මගේ අනිත් යාලුවට එලවන්න හම්බ උනා..මෙහ් අස්සේ අපේ කතා නයිකාව cl කරනවා මට හෝගාලා..යන්තන් දන්නා ධර්මෙන් දේශනාවක් දාල 2 වෙනකන් ඉල්ලගත්ත වෙලාව..විදුරු වහලා ac පාරක් දාල සින්දුවත් ටිකක් වැඩි කාලා..පිටි පස්සෙන් අපු මගේ යාලුවත් හෙඩ් පාරක් ගහල ගේම ඉල්ලුව..119 km පැය 1 විනාඩි 5 ක කාලයකින් ගියා පැයට කිලෝමීටර් 110 ක සාමාන්‍ය වේගයක් පවත්වා ගනිමින්..කොල්ලෝ දන්නවා නේහ් කැල්ල හම්බ වෙන්න තියෙන කොට අනිත් දේවල් ගැන කොල්ලෙක් හිතන්නේ නෑ කියලා.. 

කෙල්ලගේ රතු කට්ට පනින්න විනාඩි 10යි තව තියෙන්නේ..අපු ගමන් town එකේ වැන් එක නැවැත්තුව මම..අපේ මනමාලය ට වැන් එක දුන්න මම පන්න පාර නැග්ග කෙල්ලවත් ඇදගෙන වීල් එකකට..ගෙදර කට්ටියව ෂේප් කරන වගකීම දුන්න මගේ අනිත් යාළුවගේ wifeට..වීල් එකට සල්ලි දෙන්න බලද්දී තම දැක්කේ පර්ස් එකේ සල්ලි නෑ කියලා..වහනේ එන ගමන් යාලුවට කිවුව එක අස් කරන්න කියල මොකද ඒ වෙනකොට කුරුණෑගල ලද්දකගේ ඡායරුපයක් එහෙම එකේ තිබ්බ..4න් එක සුද්ද කරන්නත් වෙලා මදි වෙච්ච නිසා යාළුවගේ wife ගේ 4න් එක ඉල්ලන් ගියෙත්..අරු සල්ලිත් එක්කම අස් කරලා..වෙලාවට කෙල්ලගේ අතේ සල්ලි තිබ්බ..වීල් එකටත් ඒකිගෙන් ගෙවල රූම් එකටත් එකිගෙන්ම අරන් දීලා හවස් වෙලා ඒකිව වීල් එකට දාලා ඉවර උනාමයි මතක් උනේ අරුන් ඉන්න තැනට යන්නවත් මට සල්ලි නෑ කියලා..ඉල්ලන් අපු 4න් එකෙත් සල්ලි නෑ..වීල් එකකට නැගල එකේ අයියගේ 4න් එකෙන්ම cl එකකුත් අරන් අරුන් ඉන්න තැන හොයාගෙන ගිහින් තමා සල්ලි දුන්නේ..ඊට පස්සේ අනුරපුරේ ආවා සති 2කට පාරක් වගේ.මගේ යාලුවට ලයිසොන් නෑ..ඉතින් මම ඒ හැම පාරම ඌත් එක්ක ආවා..උන් දෙන පෙම් සුව විදින අතරේ මත් පෙම් සුව විදින්න අමතක කලේ නෑ.ඊ

ට මාස 4කට විතර පස්සේ උන් දෙන්න බැන්දා එක ගැන වෙනම ලියන්නම්..ඊට පස්සේ අනුරපුරේ යාම එහෙන්මම නැවතුනා..ඊට ටික කාලෙකට පස්සේ අපේ කතා නායිකාවගේ සහෝදරිය විදේශයේ සිට මෙරටට ආවා..ඇය පදිංචිය සදහා කොලබ පුරවරයට සැපත් උනාමම තුමා තම අයට අනෙක්සියක් එහෙම හොයල දුන්නෙත්..ඇය තනියට නංගිවත් ගෙන්න ගත්තා..මට අයිත් මගුල් වසන්තේ උදා උනා..අක්කා අනුපුරේ එහෙම ගියාම නංගිගේ තනි රැකිල්ල එහෙම මට බාර උනාමම ඒවා නොපිරි හෙලා ඉටු කාලා..
ඇයගෙයි මගෙ සම්බන්ද තාවය ඊට ටික කාලෙකට පසු බිද වැටුනා

ඒ දවස් වල එක විනෝදයක් උනාට පසු කාලීනව ලොකු මානසික පසුතවිල්ලක්ට හේතු උනා..කෙල්ලෙක්ව රෑවට්ටුව නේද කියන එක..මම මෙහ් ලගදි අයට කතා කරලා සියලු දේ කියලා සමාව ඉල්ලුවා..ඇය සමාව දෙයිද නැද්ද කියන මට මොකුත් කිඋවේ නෑ..නමුත් එක කිවුවයින් පස්සේ මගේ හිතට නම් මාර සැහැල්ලුවක් දැනුනා........................
x

Friday, August 8, 2014

අනුරපුර සිරි දුටු අසිරි

 
පින්තුරය
ඉස්සුවේ http://buwanekabayouth.blogspot.com/ එකෙන්



               අපේ තඩියා කඩ්ඩ ඉගෙනගන්න ප්‍රසිද්ධ පොට් එකකට කාලයක් ගියා..එතන කට්ටිය ට්‍රිපක් යන්න සෙට් වෙලා..අනේ යන්න කියල බැලින්නනම් කලින් දවසේ රැ එක එකා හැලෙනවලු..අන්තිමට උගන්වපු ගද සුද්දීයෙකුයි කොණ්ඩේ දිග කෙල්ලෙකුයි විතරයි ඉතුරුවෙලා තියෙන්නේ...නවතින්න තැන ආදිය අර කොන්ඩේ දිග කෙල්ල ලෑස්ති කරල...එහෙමත් එකේ නොගිහින් හරි නැති නිසා තඩියා කතා කල අපිට..මට දුරකථන ඇමතුම දෙනකොට වෙලාව හරියටම 11.30 රෑ..එක දුන්නෙත් මචන් 4 වෙනකොට ලෑස්තිවෙලා ඉදපන් දවස් 2කක ගමනක් යන්න කියල විතරයි..යන්නේ කොහෙද යන්නේ මොකේද මොකුත් දන්නේ නැ..හරි හමන් විස්තරයක්වත් නොදැන ගෙදරින් පාන්දර එළියට බැස්සේ ගාලු යනවා කියලා..යන දිහාව ගෙදෙට්ට කියන්න තියා අපිවත් දන්නේ නෑ නෙහ්.....ඉතින් ගාලු යනවා කියල තමා පිටත් උනේ..ඕක අහන්න ගිය නම් තදියගෙන් කුණුහරුපයක් තම හම්බ වෙන්නේ..අනික මගේ යාළුවෙක් දෙයකට කතා කලාම අහන සිරිතකුත් නැ..මැරෙන්න හරි මම යනවා......
තඩියාගේ වෑන් රජයාගෙන් තමා ගමන පිටත් උනේ..සහ පිරිවර මෙහෙමයි..මම තුමා තඩියා හීරෝ චිකා බවුවා.චෙෆා ජනියා චමිල අයියා හේෂා සහ සුද්දී.. කොණ්ඩේ දිග අයිටම් එක එහෙන් එකතුවෙන්නේ...උදේ පාන්දර හිස්බඩම දුමක් කාරිය යනගම අදින්න අපි අමතක කලේ නෑ..පොඩි සම්මාදම් පාරක් දාලා වාහනේ තෙල් තත්වේ යහපත් කරගත්තා මුලින්ම..
පලවෙනි පින්ම අනුරාධපුර කලා ඔය කිට්ටුවින් තමා නවත්තලා උදේ ආහාරය ගත්තේ..අත්දෙක වන වන ගෙදරකට යන්න බැරි නිසා පොඩි ජාති කිහිපයකුත් අරන් අර කොණ්ඩේ දිග අක්කලාගේ ගෙදෙට්ට සැපත් උනා...
               ආපු වෙලේ ඉදන් කට්ටිය වස විස හොයනවා තව කොටහක් නාන්න තැනක් හොයනවා
                 අපි කට්ටියව නාන්න දෙන්නම් කියල පල්ලියක් බලන්න එක්කන් ගියා මුලින්ම..ඊළගට ගිය වතුර හිදිච්ච කණුවක් ගාවට..ඉතින් ඔය අටරේ මම තුමයි බවුවා මහතායි හේෂයි 3 විල් ඓය කෙනෙක්ට ටෝකක් දාලා ගුවන් ගත වෙන්න බදු චුට්ටක් හොයාගත්තා...












                     අවු කුට්ටේ පට්ට දුරක් ඇවිද්ද එකටයි නාන්න තැනක් නැති වෙච්ච එකයි උදෙන් අපු එකයි ඔක්කොම එකට මහන්සි..කට්ටිය ගුවන් ගත වෙලා බත් චුට්ටක් කාලා පොඩි ඇලර්ට් පාරක් දැන්මා..

                     එදා දවස එහෙම ඉදාලා හවස කට්ටිය යකඩ කුඩුවේ ඉන්න සිංහයෙක් හොයන ගිහින් බදු ගෙනත් රෑට සෙට් වෙන්න ලෑස්ති උනා
8 දෙනාගෙන් 6 දෙනෙක් බොනවා..













                   vx 2කකුයි  orange 1 කුයි ගේනවා..හපන්න කොත්තුවකුයි කලවමට කොක් එකයි පලතුරු බිම එකයි ගෙනත් තිබ්බ..මම කතාව මුලදී කිවුව කොන්ඩේ දිග අක්කගේ මල්ලිත් ගෙදෙට්ට හොරෙන් එවිත් අපිට සෙට් උනා..කියන්න අමතක උන නෙහ්..අපි ට නවාතැන් ගන්න ඒ අක්කලාගේ ගෙදෙට්ට එහා පැත්තේ ඒ දවස් වල හදාගෙන යන ගෙයක් ලෑස්ති කරලා තිබ්බ..

                     බොන්න පටන් ගත්තාම බවුවගෙන් මුල්ම ප්‍රශ්නය ඌ බොන්නේ කුල් වතුර එක්ක විතරලු..අනේ අර මල්ලි කාරයව කඩේට යවල එක ගෙන්න ගත්තා..

මෙතැනින් තමා රස සාගරේ පටන් ගන්නේ

                   ඔන්න එක බෝතලයක් කාරිය ඉවර වෙනකොට කට්ටියට යන්තම් පාදම්...ඔය අතරේ කැහි කුරු ඉවර උනා.අපි හිටියේ උඩ තට්ටුවක..කවුරුත් ස්වේච්චාවෙන් ඉදිරිපත් නොවුයෙන්...කට්ටිය බලන් ඉන්නකොට තඩියා ගේ රටට කුපාඩි අදහසක් ඇවිල්ල එක මගේ කනට දැන්ම..චිකාව යවමු කියලා..ගේ ඇතුලෙවත් කරුවලේ ඇවිදින්නේ නැටි එකාව මහා රා කඩේ යවපන් කෝ..හිස් බෝටලේ කරකොන ක්‍රීඩාව තියෙන්නේ ඕක කළා..වැටුන එක යන්න ඕනි නැත්තන් ඌ පො%$ කියල කිඋව
බෝටලේ අතට ගන්න කොටම මූ කිවුවනේහ් පො%$ කිඋවට කමක් නෑ මම නම් යන්නේ නෑ කියලා
ඔහොම ටික වෙලාවක් ඌව bite කර කර ඉන්නකොට අර මල්ලිම අයිත් කඩේ ගියා..
ඔය ගිය අතරේ අපේ බවුව තුමා අඩන උන්න සරම චිකා කැඩුව..වෙන් එකෙක් නම් පෙනල එක අල්ල ගන්නවා නෙහ්..මූ උපන් අඩුම පිටින් බොන්න පටන් ගත්ත නෙහ්..ටික වෙලාවකින් අපිට ඇහුනා පඩිපෙළ නැග ගෙන කවුරු හරි එනවා..ඉතින් අපි මුඋට සරම ඇදගනින් කිඋවම මූ කියපි උබලා කැඩුව නම් අන්දපන් මම නම් අදින්නේ නෑ කියල..අන්තිමේ චිකාම එක ඇන්දුවා
                දෙවෙනි බෝතලෙත් ඉවර වෙනකොට එකා දෙන්න හේත්තු දන්න ඇල වෙන්න තැන් හොයන්න ගත්තා..
ඔහොම ඉන්නකොට මම තුමාට දුරකථන ඇමතුමක් අවා..පොඩ්ඩක් එහාට ගිහින් එකට කතා කරනකොට ජනියා වැනි වැනි ඇවිත් ශොටේ එල්ලුනා..එක බිම මූ දෙන එක පාගන් ඉන්නවා ඇමතුම නිසා මට මොකුත් කියන්න විදියකුත් නෑ..
මම තුමා T shirt එක පිටින් ඇමතුම අවසන් කරලා එනකොට කට්ටිය ෂොට පාස් කරනවා..මම වැඩි වෙලා හිටියේ සිමෙන්ති බැම්මක් උඩ..කලිසම නැතුව එකේ වාඩි උනොත් මගේ වටිනා අවයවය හානි වීමේ ප්‍රවනතාවයක් තිබ්බ නිසා කලිසම ඉල්ලුව..මුන් දැන් එක එක එකා පාස් කරනවා..උබල ගන්න අතල් එකක් ගනින් මම බොනවා කියලා(බවුවට පුළුවන් නම් මට බැරි මොකෝ) ෂර්ට් එක ගලෝල එක තියල ඉදගන්න හැදුවාම එකත් උදුරගත්තා..බෝතලේ තිබ්බේ බිම වීම සහ සුළු බුකම්පන තත්වයක් නිසා හිටන් වක්කරගන්න අමාරු තත්වයක හිටියේ..ඔන්න ඔය කාරනාව නිසා මම තුමාගේ මල විකසිත උනා..වට පිට බැලුවම ඇත පොරවක් හම්බ උනා..එකත් අරන් චික ගාවට පැන්න විතරයි මූ කලිසම අරන් මට එන්දුවත් එක්ක..

                     එතනින් පස්සේ එකා දෙන්න නිදියන්න ගත්තා..අන්තිමට ඉතුරු උනේ මයි තඩියයි බවුවයි මල්ලි විතරයි..අමද්‍යප සංගමේ චමිල කලින්ම වෑන් එකට ගියා නිදාගන්න කියලා..
පාන්දර 1ට විතර මල්ලි ගියේ උදේ 6ට නැගිට්ටවන්න එනවා කියාගෙන..ඌ ගියම බවුවා දොරත් ලොක් කරලා ආවා..එක එක විකරා කියෝ කියෝ අපි 3 දෙන ඉතුරු බෝතලෙන් තුන් කලක් විතර ඉවර කළා..කොහොම හරි අපි නිදාගන්නකොට පාන්දර 4වත් වෙන්න ඇති..



                                   


                 







                නින්දයගෙන එනකොට එකෙක් ඇවිල්ල හොල්ලන්න ගත්තා..දුන්න ඌට පයින් පාරක් දීලා නිදා ගත්තා මම අයිත්.කොහොම හරි 9 ට විතර මට ඇහැරුනා..ඇහැරුනාම ලග හිටිය තඩියා නෑ..හිරෝව ඇහැරවල ඇහුවා එකෙක්වත් දන්නේ නෑ..වෙරි මරගාතේ කොහෙවත් ගියද දන්නේ නෑ නෙහ් එක නිසා කට්ටිය එලියට බැස්ස තදියාව හොයන්න..එලියට එනකොට චමිල අයියා කිවුවා මල්ලි කාරයා උදේ පාන්දර ඌව එක්කන් ගියා වගේ ලාවට දැක්ක කියලා..ඒ ගමන කට්ටිය මලයව හොයාගෙන.යනකොට ඌ තලගොයා වගේ කොට බිත්තියක් උඩ තැපලා ඉන්නවා..අපි හිතුව බීපු අමාරුවට වෙන්න ඇති කියලා..ඌව ඇහැරවල ඇහුව තඩියා ගැන...
ඌ කිඋව අයියේ එය ටොයිලට් එකේ කියල..එහෙ ටොයිලට් තිබ්බේ ගෙදරින් එළියේ වෙනමම..කට්ටියත් එක්ක ගියා එතැනට..ගිහින් කතා කළා නෑ සද්දයක්..ඊළගට මල්ලි කරය හෙන ගේමක් දීලා දොරේ ලොක් එක පැන්නුව...අනේ වාසනාවන් කියන අපේ එකා ටවල් එකත් බිම එලාගෙන සැපට නිදි..
යන්තම් හොල්ලල හොල්ලල ඇහැරවාගත්තා ඌව..ඊට පස්සෙයි සිද්දිය දන්නේ..

                     මල්ලි කරය උදේ පාන්දර අපිව ඇහැරවන්න ඇවිල්ල.දොර ලොක් කරලා නිසා ඌ වතුර බටයක් දිගේ බඩගාගෙන උද තට්ටුවට නැගලා..මුලින්ම ඇහැරවන්න හදලා තියෙන්න මාව..මම ඌට තමයි පයින් ගහල තියෙන්නේ.. ගහපු පාරට ඌව බිත්තියේ වැදිලා තදියගේ ඇගට වැටිලා..එටකොට තඩියා ඇහැරිලා..උදෙන්ම පිටත් වෙන්න තිබිච්ච නිසා තදියව ඇහැරවන් එක්ක ගිහින් මුන හොදවන්න..බෝග දාන්න ලේසි වෙන්න සිගරට් එකකුත් දීල..නිදි මරගාතේ ගිය අපේ එකා එකත් ගහලා අරක ඇතුලට වෙලා තැපලා..බිත්තියේ වැදිච්ච පාරට පොඩි එකා බිත්ති කණ්ඩියක් උඩ තැපලා...

                    කට්ටියව 12 ට විතර ලෑස්ති කොරන් ගියා සුද්දිට සිගිරිය පෙන්නන්න..යන අටහ්ර මගදී චමිලය සුක්කානමේ අසමානය වෙවුලිල්ලක් ගැන කිවුව..
ඒ අවු කුට්ටේ සිගිරිය නගින්න අපේ ගොඩක් උන් ගේ කැමැත්තක් තිබ්බේ නෑ..තඩියා සුද්දී තව කවුදැයි ගිය..අපි ටික වෑන් එකේ නතර උනා..


                     කටත් හොරා ලැපකුත් අරන් මුකුළු කරන්න ගිය මෙහ දෙන්නව මගේ පැපරාසි කැමරාව දුටුවේ සිට් එක කඩන නින්දක් දාන් ඉන්නකොටයි...ඔතන ඉන්නේ අපේ චමිලයා..බුවා කලින් දවසේ සැතපුණේ වෑන් එකේ නෙහ්..වන එක නවත්තලා තිබ්බේ ඔය කොන්ඩේ දිග කෙල්ලේගේ කාමරේත් ටොයිලට් එකත් අතර උඩදී මම කිවුව නෙහ් එහෙ ටොයිලට් තිබ්බේ එළියේ කියල..රැ අපි උඩ බොන අතරේ ටොයිලට් යන්න අපු කෙල්ල වෑන එකේ රැයෙන් වැඩි හරියක් ගතකරලා තියෙනවා..

කට්ටිය සිගිරිය බලල අවාම අපහු එන පාරේ දිය කඩිත්තක් හම්බ වෙලා හිතේ හැටියට නාගත්තා


                       මගින් දවල් කෑම එහෙම අරන් පොඩ්ඩක් වටේ ගහල පන්සලක්ද මොකක්ද බලන්න ගියා..අර නංගි හේෂා ඇතුළු පිරිසක් වාහනේ නැවතුනා..අපි ගිය ඕන වෙහෙරක් බලල පඩුරු දාලා එන්න කියල..කැලයක් මැද්දේ අවිද්දල අවිද්දල එක්කන් ආවා අපිව
පන්සලක් කකිවුවට වදින්න පිළිමයක් හොයාගන්න බැරිව

                      එනකොට හවස 7 විතර උනා..දැන් කට්ටියට ඕන කොහේ හරි ඉදන් බොන්න..බදු ඔක්කොම අරන් එන ගමන් තඩියා තමා ඒ වෙලේ රියදුරු අසුනේ හිටියේ හබරණ කැලේ මැද්දේ නැවැත්තුව බොමු කියලාඉවසුම් නැතිව හිටපු උන් ටික පැනපු ගමන් වදේ පටන් ගත්තා..1 වෙනි වටේ ඉවර කරලා දුමක් එහෙම දානකොට චිකා පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් ගියා ගිය වේගෙන් මූ දුවන් ආවා මචෝ මේක අලි මන්කඩක් ලු දැන් අලියා පහලට එන වෙලාව කියල පාරේ ගිය මිනිහෙක් කිවුව කියලා..ඕක කිවුව විතරයි බවලත් උදවිය විලාප තියන්න ගත්තා..අපිටත් මතක් උනේ නෑ ඌට හම්බ වෙන මිනිහෙක් අපිව පහු කරන් යන්න ඕනි නේද කියල..අපිත් කොත්තුවත් ඔතාගෙන එතැනින් පිටත් උනා
                     ඔතනින් පිටත් වෙලා ආවේ වැවු බන්ට් එකකට..කියන්න අමතක උනා නෙහ් මෙතන තව වැදගහ්ත් බවලත් කෙනෙක් හිටියා..ඔය කොන්ඩේ දිග අක්කගේ නැන්දගේ දුව..ඉස්සරහට එය ගැන වෙනම කතාවක් ලියනම්..එයාගේ පියතුමා එහෙ පොලෝසියේ ලොකු ඩයල් එකක්,,එක දැනගත්තේ අන්තිම දවසේ මම එයාගේ ගෙදර ගියාම..
ඒ දවස් වල පැවිල්ල වැවු එහෙමත් හිදිලා..අපේ තඩි රියදුරු තුමා වැව මැදට ගිහින් වාහනේ නැවැත්තුවේ..මොකද එහුවම කොයි පැත්තෙන් පොලිසිය අවත් බෝතලේ හංගන්න වෙලා තියෙන නිසා ලු..හැබැයි කට්ටියගේ බිම කොච්චරද කියනවා නම් පොලිස් ජීප් එක ලගට එනකන් දන්නේ නෑ..එටකොට අන්තිම වටේ යමින් හිටියේ..කට්ටිය ෂොට් එකත් එක්කම වාහනේට නැගල..එටන හිටිය පොඩිම එක වෙච්ච මගේ අතේ බෝතලේ...
ඊට පස්සේ අපි එතැනින් ඇවිත් සුපුරුදු තැනම නිදා ගත්තා..ඇහැරුනේ ටිකක් දවල් වෙලයි..
උදේ පාන්දරම දුමක් අමාෂ කරගන්න කට්ටිය පෝලිමට පහලට බහිනකොට අපේ ජෝඩුව ඉන්නවා කතාවක් දාගෙන..කෙල්ල ඇවිත් තියෙන්නේ අපිට තේ දෙන්න..අවම අපි නිදි නිසා මොනවා කලද දන්නේ නැ...
අපිටත් මොකෝ අපේ එකාගේ මොනවා ගෙවෙනවද කියල අපි බිඋව කුල් කරපු තේ එකක්(ඇල් වෙන්නම නිවිලා) ..එකත් ගහල එලියට බැහැල දුමක් දානකොට 
කෙල්ල එවිත් අහනවා
මල්ලි අද සුනාමිය එනවා ඔයාලට පුලුවන්ද මලු අල්ලන්න
                    අපේ සෙට් එකේ  ඔක්කොමල කොලඹ හැදිච්ච වැඩිච්ච උන්..මම තුමා විතරයි ගමක පහස විදලා තියෙන්නේ...තදියයි චිකගෙයි මහා ගෙවල් ගාලු පුරවරේ උනාට උන් එහෙ යන්නේ අවුරුද්දට විතරයි..
එහෙම සෙට් එකකට සුනාමියකට බෑග් අල්ලන්න කිඋවම වෙන ශෝකනිය තත්වේ හිත ගන්න පුළුවන් නෙහ්..මුහුදෙන් එන සුනාමියට අමතරව තවත් සුනාමියක් ගම වල තියෙනවා.ඒ තම ගොයම් කපන මහා මැසිම..ඔකේ fullly auto ඒවා නම් ලංකාවේ අඩුයි..එහෙ තිබ්බෙත් semi එකක්..එකෙන් කැපෙන ගොයම් ටික අතින් ගොයම් මැඩිමේ(ගොයම් ගහෙන් වී වෙන් කිරීම) යන්තයට දන්නා ඕනි..එකෙන් එන වී ටිකට බෑග් එක අතින් අල්ලන් ඉන්න ඕනි..

දැන් මෙහ වෙනකොට ගෙනාපු සන්තකෙත් ඉවර වෙලා වසක් විසකුත් නැතිව හිටියේ අපි..ඔය අතරේ බවුවා ගිහින් තනමල් විල් ටිකක් හොයාගෙන ආවා..උදේට කාල අරකත් ගහලා වැඩේ පටන් ගත්තා..
කට්ටිය තනමල් විල් සිහියෙන් පිස්සු කෙලියා..
                    සමහරු අල්ලන් ඉන්න බෑග් එක පිරිලා ඉතිරෙනවා දන්නේ නෑ..විල්බැරැක්කේ තියෙද්දී සමහරු ලොකු වී මල්ල කරේ තියාගෙන යනවා..එකෙක් කස කස පිදුරු ගොඩේ නිදි..කොහොම හරි හවස් වෙනකන් අතල් ලෝකයයි එතන..
                     ගමේ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ..කොහොම හරි දවල්ටත් අර අක්කලාගේ ගෙදරින් කෑව..අපේ සෙට් එකේ හිටිය නෙහ් චෙෆේක් බුවා බාරගත්තා පැනලා උයන්න..බුවා වස විසෙන් තොර එකෙක් නිසා හොද සිහියෙන් හිටියා.අපි අග පාට හෝදගෙන එනකොටත් ඌ ලීක්ස් ගහක් අල්ලන් කපනවා..ඌට පිහි කැපෙන්න නෑලු මෙසේ උස වැඩි ලු එක එක ජාති...ඒ ගමන මම තුමයි බවුවයි තඩියායි වැඩේට බැස්සා....
                     එලොළු ටික කපලා fried rice වගේ එකකුයි කුකුලා හොද්දකුයි chili past එකකුයි අපි තුන් දෙනා අටෝගත්තා..කෙල්ලගේ ගෙදර උදවියත් කිවුවකම නම් හොදයි කියල..අපි හිටියේ නිකන් බත් මුට්ටිය කන ගානට බඩගින්නේ..කුබුරේදීත් බත් ජුන්ඩක් කෑවා තනමල්විල් බහිද්දී එවා ඔරොත්තු දෙයි යෑ......
                     ඔන්න හවස 5ට විතර අපිව එක්කන් ගියා වැවක් වගේ එකකට නාවන්න..ඒ යන ගමනට එහෙන් මාරු කොල්ලෙකුත් සෙට් උනා..අදටත් ඌ බොක්ක..
කට්ටිය නාලා කරලා ඇදිරි වැටුනමයි ආවේ..ඔය නන අතරේ අර නංගි කෙනෙක් මම කිවුවේ කට්ටිය එයාට පැණි පාරක් හලලා නොම්බර එහෙමත් මාරු කරගෙන..හැබැයි මම තුමාට ඒ ඇත්තිගේ නොම්බරේ හම්බ උනේ සිගිරිය බලන්න යන්න පිටත් වෙන්නත් කලින්..(හම්බ උන විදිය අහන්න එපා එක සාමාන්‍ය දෙයක්..ගොඩක් සංගම් වල මම සම්බන්දිකාරක වෙන්නෙත් ඔය සන්නිවේදන හැකියාව නිසා)
අර අක්කලාගේ ගෙදෙට්ට ඇවිල්ලා අයියේ මව ගෙදෙට්ට දානවද කියල අර නංගි පාර අහනකොට තම කට්ටිය දැනගත්තේ මම තුමත් ඉන්නවා කියලා..ඉතින් එයාව ගෙදෙට්ට දන්න මම තුමා හේෂා(බුවා එයට line  කියල අපේ සෙට් එකටම කියල තිබ්බේ)බවුවා චමිල සහ අක්කා පාර ආවා..හේෂා line නම් මම මොකටද පැනන් ගියේ අහන්න එපා මම ආවේ නංගිගේ කොම්පීටරේ කැඩිලා පොඩ්ඩක් බලල යන්න කියපු නිසා ඒ වෙද්දී හෙෂාගේ අදහස නංගි දැනන් හිටියේ නෑ..


සුද්දී සහ කොන්ඩේ දිග අක්කා..

කෙල්ල ගෙදෙට්ට කියල පාර කිය කිය ගිය අන්තිමට බහිද්දී දැක්කේ ඇවිත් තියෙන්නේ පොලිසියට කියලා..කට්ටියගේ මුනු දැක්ක කෙල්ලමයි කිවුවේ බයවෙන්න එපා අයියේ අපේ තත්තා තම මෙහේ අහවල් ලොක්කා..අපි ඉන්නේ නිල නිවසේයි කියලා..ඊට පස්සේ මම තුමා කොම හදනකන් හේෂා පොඩි චැටක් දැන්මා..
ඒ වැඩ ඉවර කරලා එනකොට තවත් අතල් එකක් හම්බ උනා..අපේ ජෝඩුවගේ මම උද දාලා තියෙන පින්තුරේ එයාගේ මල්ලි දැක්ක..බුවා මට දුන්න ෆුල් ස්ටොරිය මෙකි ගැන වෙරිමරගතේ..කෙල්ලට එහෙත් කොල්ලෙක් ඉන්නවා ලු..මම යන ගමන් කිවුවා අක්කේ අර 4ටො එක මල්ලි දැක්ක කියල..තනි කෙල්ල නිසා එය හිටියේ ඉස්සරහ සීට් එකේ අපි පස්සේ මම මැද්දෙන් බෙල්ල දාලා තමයි කිවුවේ..කිරි අප්පොට ඩොගීලා පනින්න මෙකි අඩන්න ගත්තේ නැද්ද ගෙදර යන්න බෑ මල්ලි මොනවා කියයිද අරකයි මේකයි කියලා...දැන් මම නෙහ් ඇඩේවුවේ මම නළවන්නම් කියල ගත්තා මුලිකත්වේ..අරන් චමිලයට කිවුවා මුලින්ම අයිනට කරලා නතර කරන්න කියලා..ඇයි යකඩෝ මේකිව අඩ අඩ ගෙදර එක්කන් යන්න පුළුවන් යෑ ගෙදර උන් බලයි කොල්ලෝ 4ක් එක්ක කෙල්ල ගියේ දැන් අඩගෙන ගෙදර එනවා..කෙලින්ම දුෂණ නඩුවක් නෙහ් ෆයිල් වෙන්නේ...හැබැයි කෙල්ල අඩන්නේ අපේ එකාගේ අත අල්ලන් කියන එක මම නොට් කළා..හීරෝ කොහොමත් වැඩිය කට නැති එක නෙහ්..ඌ ඉන්නවා සීට් එකේ..හෙෂත් සීට් එකේ බවුව මගේ ගව ඉදන් වචන බෙදනවා මල්ලිව ඌ බලාගන්නම් කියනවා මොනවටවත් කෙල්ල නෙමෙයි මෙල්ල උනේ..ඔය අටරේ චමිලය මට සිග්නල් එකක් දුන්න උබල බැහැපන් මම බලාගන්නම් කියල..අපි බැස්සම හේෂා නලවන්න ගත්ත..ඌට බැහැපන් කිවුවට බහින්නෙම නෑ..හෙන ගේමක් දීල බස්සගෙන අපි පයින් ඇවිදන් ඇවිදන් ගිය කඩයක් හොයන්න දුමක් දාන්න..නෑ.අපහු හැරිලා අවා.එනකොට චමිලය වැඩේ ගොඩ දා ගෙන.මම හොටු ලේන්සුව අරන් කදුලුත් පිහලා යන්තම් ගෙදෙට්ට ගිහින් දාල කට්ටියවත් පටෝගෙන එහෙන් පිටත් උනා රැ 9 ට විතර..

දැන් එකෙක්ගේ වත් ගාව සල්ලි නෑ අසාවකට..දුමක් දන්නවත් විදියක් නෑ..ඒ ගමන මාරු කාසි එකතු කළා..කොහොම හරි සිගරට් 2කකට ගැන සෙට් උනා..බවුවා බැහැලා ගිය ගෙන්න කියලා..මූ ගේනවා කියන්නකෝ තොර බීඩි මිටියක්..අර එකතුවෙච්ච ගානෙන් මූ බීඩි අරන්..දැන් අරන් ඉවර නෙහ් වෙන බොන්න දේකුත් නැති එකේ කට්ටියම බිඩි බිබී ආවා..එනකොට පාන්දර උනා චමිලය නෙමෙයි එකෙක්ට වාහනේ දුන්නේ..රෝදේ කෙස් එක නිසා ඌම පරිස්සමට ගෙනාවා....

Thursday, June 12, 2014

විසේ විතරක් මදි නෝනේ



කෙල්ලනේ තියෙන විසේට පටලෝගෙන ඊළගට නහයෙන් අඩන්නයි කෑගහන්නයි තියාගන්නේ නැතිව මෙහ ගැනත් හිතපල්ලා

අද මම කොල්ලෝ 100% ක් හරි කියන තැන ඉදන් නෙමෙයි ලියන්නේ..හෙබෙයි කොල්ලන්ගේ වැරදි වලට වඩා සබදත්වයක් අසාර්ථක වීමට කෙල්ලගේ බලපෑම කෙරෙහි කතා කරන්න හිතුවා..
විශේෂයෙන්ම වයස 17 - 26 කාණ්ඩයේ බහුලවම පවතින ගැටළු කිහිපයක් ගන්මු අපි

මේක කරන්න මම මගේ යාළුවන් අතරින් කිසිම නිර්නයකයකට යටත් නොවී ගැහැණු 50ක් සහ පිරිමි යාළුවන් 50ක් සොයා ගත්තා..
එයාලගෙන් මත විමසුමකුත් කරලා ගත්ත විස්තර වලින් තම මේක ගොඩනැගෙන්නේ..
 මම මොවුන්ගේ යෝඋන් ප්‍රේමය සහ එය බිදවැටීමට හේතු තම හෙවුවේ..
17ට වැඩි කොල්ල්ලෝ 50 න් 10 දෙනෙක්ම යොවුන් ප්‍රේමය විදලා තිබ්බේ නෑ හැබැයි කෙල්ලෝ 50 න් 4 දෙනයි මෙහ අද්දැකීම විදාලා තිබ්බේ නැත්තේ..

වයස 17 22 අතරේ පසු කොල්ලන් පෙම් සබද තාවයක් ඇතිකරගැනීමේ හේතු මෙසේ ලගු කරන්න පුළුවන්


  • අනිත් අයටත් තියෙන නිසා
  • අතල් එකක් ගැනීම
(මාත් ඔය කලේ කලේ ඔය හේතු 2 කටම නෙහ්)

හැබැයි කෙල්ලේ මිට වෙනස්..ගොඩක් උන් කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ විවද හේතු නිසා වුවත් යාලු උණෙන් පස්සේ හිතන්නේ සැමියෙකු ලැබුන කියාලා
එකේ නරක පැත්ත තමයි ප්‍රශ්නයක් අවම තමන්ගේ තාත්තට ඉස්සෙල්ල කොල්ලට කියන එක..කෙල්ලන්ට කවදාවත් බෑ තාත්තාට කියන්ට ඕනි එවයි කොල්ලට කියන්න ඕනි ඒවි වෙන් කරලා අදුරගන්න..
ගොඩක් උන්ට මෙහ වයසේදී තමන්ගේ ප්‍රශ්නයක් වත් විසදගන්න බැරි වයසක ඉන්න කොල්ලෙක් කොහොමද කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් විසදන්නේ...ඊට පස්සේ කෙල්ලන්ගේ සුපුරුදු වාක්‍ය 
ඔය මගේ කිසි දෙකට නැ ඔය මට ආදරේ නෑ..වෙන කෙනෙක් කිවුවනම් ඔයා පැනල කරන්නේ..බ්ල බ්ලා බ්ලාලා...
අම්ම තාත්තා කන්න බොන්න දෙනවා නෙහ්..මුලය මය ප්‍රශ්න ඊළගට ඉහල තැන වලින් ලබාගත යුතු උදවු උපකාර..
ඒ වගේම කොල්ලෙක් කරදර කරනවානම් සෙට් පිටින් ගමට බහින වැඩ වලට කොල්ලෝ එකෙන්ම..[හැබැයි teen wolf එකේ වගේ ඇල්ෆා(සෙට් leader ල) බීටාවෝ(සෙට් ඉන්න උන්) වගේම ඔමෙගාවෝ(තනියෙන් ඉන්න සෙට් නැති කොල්ලෝ)]ඉන්නවා කියල මතක තියාගන්න ඕනි.තමන්ගේ එක කොයි ගනයේද කියල තෝරාගන්න ඕනි බොලලමයි...
නිබන්දනයකට කරුණු ඕනි නම් හොයාගන්න අමාරු tute  ටිකක් පොතක් ගැන කියන්නකෝ කොල්ලට..ලොවෙත් හොයල දෙනවා...

මෙවැන් එපිටට ගිහින් හැම දේම කොල්ල කරන්න ඕනි කියන තැන ඉන්න කෙල්ලෝ ඉන්නවා නම් දුක් විදලා හදාගත්ත අම්ම තාත්තා ට ටාටා කියල කොල්ල එක්ක පැනල පලයවූ..පැනලා ගිහින් බදින එවෑ විවාහය සාර්ථක වීමට 40%ක සම්බවිතාවයක් තියෙනවා

ඊළගට කියන්න එපා මෝහකටවත් නැති පබයෙක්ගෙන් වැඩක් නෑ කියල..
උබලා කොල්ලන්ට ලබාදෙන වැඩි වැරදි කෙල්ලනේ..හරියට washing maction එකට හාල් දාලා ඉදෙනකන් බලන් හිටියට වැඩක් නෑ වගේ තමා...

උබලටත් හැගීම් දැනීම් තියෙනවා නෙහ්...කොල්ලගෙන් ඉල්ලාපන් කෝ කට ඇරලා කිස් එකක් අතල් එකක් කොල්ල පැනලා දෙයි..ඕන එකකටත් හරි නැත්තම් තමා ඌ ගැන සලකල බලන්න ඕන..
සමහර කෙල්ලෝ කියන විදියට අනි ඕව අපිට ඕනි නෑමට ඒවා නැතාට ඉන්න පුළුවන් වගේ හිතෙනවා නම් ඉස්සරහට අරන් පලයල්ලා..මගේ නොම්බරේත් සෙවූ කරගනිල්ල කවද හරි ඕන වෙයි..

ඔන්න ඔහොම අටල් එකක් අරන් පොටක් පතක් බලාගෙන මලක් පහනක් පුජ කරගෙන හිනාවෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉදල බලපල්ලකො ජිවිතේ කොච්චර සුන්දරද කියලා..

මේක කිට්ටුවෙන් යන එක අපේ ස්කුබිත් ලියල තියෙනවා මෙතනින් යන්න

හැබැයි ගැනු මෙහෙම කරන්නේ උපතේ කෙස් එකකුත් තියෙනවා එක මෙතනින් යන්                                                                        මෙතනත් තියෙනවා



Sunday, June 8, 2014

මාරයා කොයිද දන්නේ කවුද

-Daihatsu-Hijet-Dx-Turbo
අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්..හැබැයි මට කවදාවත් අමතක නොවන එකක්...

මේක උනේ 2012 දෙසැම්බර් 31..සුපුරුදු පරිදි වර්ෂ අවසාන අපේ සාදය...
දෙඅම්බරයේ මම හිටියේ සිංගප්පුරුවේ..ලන්කවටාවේ 25 වෙනිදා..රට ගිහින් එනකොට අත්දෙක වන වන එන සිරිතක් නැ නෙහ්..
ඔය එන කොට මගේ මස්සිනාත්  මත් එක්ක ලංකාවට ඇවිල්ලයි උන්නේ..එය එක්ක ඒ දවස්ටිකේ එහෙ ඉදල යාලුවෝ එක්ක සෙට් වෙන්න මෙහෙ එන්න ලෑස්ති වෙනකොට බුවා කිවුව යාලුවෝ ටිකත් අරන් මෙහෙ වරෙන් හොද ෆන් එකක් ගන්මු කියල..
ඔය වෙලාව වෙනකොට නුවා සහ චතු මසියා සහ මම තුමා මතට තිත තියමින් හිටියේ Redlable එකක් වගේ මතක..හිතන්න දෙයක් තිබ්බෙත් නැ බස් එකේ නැගල ගෙදර යන එක නෙහ්...ඊට පස්සේ නෙහ් කට්ටියව එහෙට ගෙන්නන යෝජනාව ආවේ ඊට පස්සේ ගත්තා අපේ උන්ට මම cl එකක්..ඒ වෙනකොට උන් මගේ මවු දෙමවුපියන්ව මටක් කරන ගමන් අපේ සුපුරුදු තැන වෙච්ච බොල්ගොඩ තොටුපලේ වැඩ අල්ල තිබ්බේ..ඒ දවස් වල අපේ නිල ප්‍රවාහන සහකරු චිකා මහත්තය.. ඔහුට අටයවශය වැඩක් යෙදිලා තව ටිකකින් යන්න වෙනවා එන්න හොරණට එන්න වෙන්නේ නැ කිවුව...
ඒ ගමන අයියා කිඋවා මල්ලි වෑන් එක අරන් ගිහින් කට්ටියව දා ගෙන එන්න කියලා..ඒ වනකොට අපි 4 දෙනා එක බෝතලයකට වගකියල ඉවරයි...පොලිසියේ ලොකු මමත් මග බලන් ඉන්න දවසක් නෙහ් 31 කියන්නේ..ඕන එකක් කියලා මම ගිහින් නෑවා...නාලා බුලත් විටකුත් කටේ ගෙන රතයට ගොඩ උනා..මට ගෙදෙට්ට යන්න උවමනාවකුත් තිබ්බ පිය තුමාට ගෙනාපු එක දෙන්න උනේ නැ ඒ වෙනකන්..ඊට පස්සේ ගෙදෙට්ට ගිහින් එයට එකත් දීලා ගග ගාවට අවා..එනකොට අපේ උන් ටික frenklin බෝතලේකට වගකියල ඉවරයි..මගේ අටේ උන්ට ගෙනාපු vat69 එකක් තිබ්බ..එකක් බිල දැනෙන ව යැ අපේ උන්ට..කොහොම හරි එකත් එතනම කඩලා ක්ෂණික නවා ගත්තා...ඊට පස්සේ කට්ටියව ගෙන මගට වැටුනා,..
කට්ටිය කිවුවේ තඩියා, සාරා ,හීරෝ ,හේෂා, ජොකා,විකි,මම තුමා සහ චතු හොරණ  ඉදන් මගේ තනියට අවා..ඔය උඩ තියෙන වනඩියට තමා කට්ටියව පටෝගත්තේ...රියදුරු තැම්පත් මම තුමා...
මගට යනකොට නුවා cl එකක් දුන්න ඒ දෙන්න ඉංගිරියේ තියෙන සංගීතයකට යනවා අපිට එතැනට එන්න කියල...එතැනට ගියාම 
අයියා කාරයා කාර් එකේ ඩිකීයේන් blacklable 2 l එකක් ඇදලා ගත්තා..දුමෙන් එහෙම කිසිම අඩුවක් නෑ..අයියා malbaro gold carton එකයි මම malbaro dark menthol carton එකයි ගෙනිහින් තිබ්බා












රැ 11 වගේ වනකොට ඒ බෝතලෙත් ඉවරයි
ඊට පස්සේ කරලියට ආවේ grants එකක්..එකේ ටිකක් යනකොට කට්ටියට හොද ගණන්..ඊට පස්සේ අපි හොරණ ගෙදෙට්ට අතුරු පාරවල්වල පිහිටෙන් සම්ප්‍රාප්ත උනා..එන අතැර තුරදී චතු ගෙවල් ගාවින් බැස්ස වාහනේ හෙල්ලෙනවා වැඩි කියලා..ගෙදෙට්ට අවම අයිය තව grants එකක් දුන්න..ඒ වෙලාවේ හිටි තත්වේ අනුව එක හිටන්නවත් බෑ.එක නිසා එක අයිත් ගෙයින්ම තිබ්බා.ඔය අතරේ අපේ උන් මුලින්ම ගත්ත frencklin 2න් ඉතුරු එක වාහනේ අස්සේ තිබිල උස්සන් අවා..දෙන සැන්ඩිත් නැ කුල් වතුරත් එක්ක ඕක අමාෂ ගත කරගන්මු කියලා යෝජනාවක් අවා..ඒ ගමන එකට වග කියමින් ඉන්නකොට බාප්පා ගේ ඇතුලෙන් කෑම පිගන් කිහිපයකුත් ගෙනත් තිබ්බ..ජොකා කට්ටියව හදට ගෙනියන්න රොකට්ටුව කුත් හදාලා..ඕකත් දාගත්ත..
දෙන කට්ටියට හොද ගණන්...එහෙ නවතිමු කියලා යෝජනා කලත් 1 වෙනිදා ගෙදර ඉන්න ඕනි කිඋව කිහිප දෙනෙක්ට...
කට්ටියට කොච්චර වැඩිද කියනවා නම් සිගරට් ගදයි ලු පත්තු කරනකොට එක එකා ඇත වෙනවා... දැන් රියදුරු කෙනෙක් නෑ..මටත් හොදගණන්..නුවයි මයි බොහොම අපරුවෙන් ඇත අල්ලාගෙන ගිහින් වෑන් එකට නැග්ග..මමතුමා රියදුරු අසුනේ ඉඩගත්තෙත් නුවාගේ උදවුවෙන්...අනිත් උන්ට එහෙම නැග්ග එකට එලවන්න පුළුවන් වෙයිද කියල බලන්න තරම් වත් සිහියක්නැ..
යන්න කලින් බාප්පට කියන අමතක උන නිසා අයිත් බැහැගන්නත් බැරි නිසා බාප්පට ගත්ත  cl එකක්..එයට යනවා කියල යන්න පිටත් උනා... බාප්පා කිවුවා ගිහින් cl එකක් දෙන්න කියලා..
හොරණ ඉදල අපේ ගෙදෙට්ට 18 km තියෙනවා..
ඒ එන අතරමග කට්ටියගෙම ගෙවල් වලට ගිහින් බස්සල අන්තිමට තම ආවේ..ජොකා සාරා ලගේ ගෙදර නැවතුනා..අපේ ගේ ගාවින් නවත්තල මම බාප්පට cl එක්ක් දීලානුවාව වෑන් එකත් එක්ක යැවුවා..නුවාඉන්නේ හොරණ..මම හිමිට ගේට්ටුව ඇරගෙන බලුතදියව ශේප් කරගෙන ගේ වටේ ගිහින් කාමරේ හොයාගෙන ජෙනෙලෙන් පැන්න..(එක මම වේලාසන ඇරලා තියල ගියේ)ඒදන් හිටිය ඒවා ගලෝල ශෝටකට බහිනකොට මෙන්න cl එකක් එනවා නුවා ගෙදර ගිහින්...
පහුව දා උදේ 4න් එක දැක්කම තම දෙලොව රත් උනේ..
තැන් 4ක නවත්තලා අතුරු පාරවල් 2කක කෙරෝලටම ගිහින් කට්ටියව බස්සල එන්න මට ගිහින් තියෙන්නේ විනාඩි 10..මව බස්සල නුවා ගෙදර ගිහින් විනාඩි 8න්..මගේ සමනය වේගය 120 ට ආසන්නව තිබිල තියෙනවා..ඔය වාහනේ උපරිම වේගය 140kmh
(දුරකථන ඇමතුම් වලින් වේලාවන් ලබාගත්තේ-බාප්පට දීපු cl 2න් මම අපු වෙලාවත් බාප්පට අන්තිම cl එක සහ නුවාගේ cl එකෙන් නුව ගිය වෙලාවත්)

පසු දා දැනගත්ත ඒවා
ජෝකාට රා එළිවෙනකන් ඇද හෙල්ලුනලු..
සාරා එලි වෙනකන් key bord එකේ අකුරක් හොයලා
නුවාට ගෙදර ගියා මතක නෑ ලු..
දිලගේ සාක්කුවේ තිබ්බ සිගරට් පෙට්ටිය නෑ ලු
හීරෝ කියනවා වෑන් එකට නැග්ග ගමන් බැස්සුවලු..

ඊට ටික කාලෙකට පස්සේ උන සිද්දියක් නිසා මම දැන් බිලා නම් මලාට වාහනයක් වත්ත වටේ වත්  එළවන්නේ නෑ...ඒ සිද්දිය හිමිට කොටන්නම් කෝ......

Sunday, June 1, 2014

෴මුහුකුරායාම෴ 2






දැන් දෙයියනේ කියලා A/L පන්තියේ ඉගෙනීම් කටයුතු කරමින් ඉන්නා අතර තුරදී සුපුරුදු පරිදි වෙසක් උත්සවයත් ලග උනා...වෙසක් එකට සම්පදයනුකුලව අපි කරන දේවල් ටික වෙනම කියන්නම් කෝ...
වට වන්දනාවේ යාම සදහා අපි හැමදාමත් එකතු උනේ විකි සහෝදරයාගේ ගෙදෙට්ට..දඩු මොනර ටික(ඒ දවස් වල කට්ටියට bick පිස්සුව තදටම ගහලා තිබ්බා දෙයියනේ කියලා අපේ උන්ට හොද bick ටිකකුත් තිබ්බ ) පණ ගන්වා ගෙන් එක දෙන්න එහෙට සෙන්දුවෙන්න පටන් අරන් තිබ්බේ ඒ වෙලාවේ..මටක විදියට තරුගේ 250 යා සුනගේ ගල දිලගේ හරිකේන් එක ජෝකගේ අපචිය මැක්කගේ fzr එක විකිගේ හෝන්ඩා එක යනධි වශයෙන් හොද සේනාංකයක් කවදත් එකතු උනා

සියලු දෙනා එනකන් දුමක් කාරිය අල්ලන ගමන් කොල්ලෝ සෙට් උනාම ඇදෙන ප්‍රධාන මාතෘකා වලින් එකක් වෙච්ච කෙල්ලෝ ගැන කථා කරන්න උනා..
ඔය අස්සේ කවුරු හරි එකෙක් ඇහුවා
මචං ටෝක් කරන්න පුළුවන් කැල්ලකගේ නොම්බරයක් නැද්ද බන් කියලා
ඒ වෙලේ එතන හිටිය හීරෝ මෙන්න මේක ගහගනිල්ල පුළුවන් නම් දාල පෙන්නපන් මත් ට්‍රයි කල rpl එකක් වත් නැ බන් කියලා නොම්බරයක් දුන්නේ අභියෝගයක්ද සමගින්...
කිහිප දෙනෙක්ම නොම්බරේ 4න් එකට දාගන්න අතරේ මම අසල තිබ්බා පන්සල දෙසට හැරිලා නමෝ විත්තියෙන් මිස් කෝල් පාරක් ගැහුවා...
හැරෙන තැපෑලෙන් 
who is this 
කියලා මට මැසේජ් පාරක් ආවා..මේක කරලා තියෙන කොල්ලෝ දන්නවා නෙහ් ඒ කියන්නේ තැබිලි පට ලයිට් එක කියලා ඒ කියන්නේ වැඩෙන 35% ක් ගොඩ..
ටිකකට කලින් ගත්ත පන්සිල් අමතක කරලා එතන ඉදන් මම වචන රචන කරන්න පටන් ගත්තා...විකි bick එක පදින අතරේ මම පිටිපස්සේ ඉදන් දිගටම වැඩේ කළා...දන්සල් වල පොලින් වල මගදී කැලි බලන ගමන් එකසිය ගානට කෙටිපණිවිඩ හුවමාරු උනා

නැවත අපි සෙට් එක හමු උනේ පොසොන් පෝයට..විවිද වැඩකටයුතු නිසා හදිස්සියෙන් හමු උවත් නිදහසේ කතා කරන්න උනේ නැ..ඒ මාසය ඇතුලත මම ඇයත් සමග චායා රුප හුවමාරු කරන්(එක පාරක් උන වැඩක් නිසා 4ටො එක බලන්නේ නැතුව කෙල්ලෝ හම්බ වෙන්නේ නැ)
ඇයව මුන ගැසිත් තිබුනා...          
ඒ වනවිට ඇය මගේ පෙම්වතියයි.
මුලින්ම මම ඇයව හම්බ උනේ නුගේගොඩ පුරවරයේදී..මගේ වෙලාවට වැඩකිරීමේ හොද වැඩි කමට මම යනවිට ඇයගේ පුෂ්පය විකසිත වෙලා තිබ්බ.කෙල්ලව හම්බවෙන්න ගියාට යන්නේ කොහෙද කියලා හිතන්න ඕනි කියලා ඒ වන විට වැටහීමක් තිබ්බේ නැ..හම්බ වෙලා එයාගෙන් තම මම ඇහුවේ කොයිද යන්නේ කියලා. එයා එදා clz එකක් cut පාරක් දාලා ඇවිත් තිබ්බ නිසා මිනිස්සු වැඩිය ගැවසෙන තැන් වල නම් බෑ කිවුව..(එහෙම කිවුව කියලා රූම් එකකට යන්න අහන්න බැ නෙහ් හම්බ උන මුල් දවස නෙහ් එදා..)ඊට පස්සේ ඔළුවට ආවේ පාර්ක් එක එතැන සෙනග නිසා කපල දැන්ම...ඉස්සර ඉදන් කෙල්ල එක්ක beach වල කට්ට කන එක මට අරහන්..mac එකකට හරි kfc එකට හරි රිංගන්න තිබ්බත් එයාගේ clz ඇරෙන්නේ 12 නිසා එච්චර වෙලා ඒවැ තපින්න බැරි නිසා එකත් අල්ලලා දැන්මා....ඔය අතරේ කියෝපු වැල කතාවක තිබ්බ කුප්ප අදහසක් හිතට ආවා..දවල් කෝච්චියේ ඉදහිට එන වඩේ කාරයා ඇරෙන්න හවෙක්වත් නැ කියලා එකේ තිබ්බා..down south පැත්තේ රුමක් ගහමුද ඇහුවාම එය උඩින්ම එකට කැමති උනා..නුගේගොඩින් 112 ක නැගල බම්බලපිටිය ස්ටේෂම ගාවින් බැහැල කළුතර බලා යන කෝච්චියකට නැග්ගා
කෝච්චියේ යනගමන් කට කෑමේ ක්‍රීඩාවේ යෙදුනා ඇරෙන්න විශේෂ දෙයක් උනේ නම් නැ..ඊට පස්සේ එහෙන් උදේට කාලා අනිත් කෝච්චියේ කොලබ ඇවිත් සබා තොමෝ සතුටින් විසිර ගියා..ඉන්පසු දිනපතා sms කරා ඇරෙන්න විශේෂ යමක් උනේ නැ..
හිරෝවා බැ කිඋව එක කරපු සතුටෙන් කල කි දෑ පිරිස හමුවේ තබා අපි පොසොන් අතල් විදගැනීමට ගමන් ඇරබුවෙමු..
ඊට පස්සේ දෙතුන් දවසක් ඇයව මුණ ගැහුනා..ගැනු කොහොමත් දාර්ශනික වදන් බෙදන්න දක්ෂයි නෙහ්..මටත් ඒවා නොමදව ලොරිගණන් ලැබුනා..විශේෂයෙන් රූම් එකකට යමු කියන වෙලාවට 
ඇයගේ සමාජ තත්වය පවුල් පසුබිම ගැන හිතුවාම ඒවා ඇත්ත වෙන්න ඇති කියලා මම ඒ දවස් වල හිතුවා..
එක නිසා මම වැඩිය ඒ ගැන බලකරන්න ගියෙත් නෑ...සාමානයෙන් කොල්ලෝ කියන ඔයාට මාව විස්වාස නැ ආවේ නැත්තම් මම තරහයි වගේ බොලද වදන් කවදාවත් මගේ ගාව තිබ්බේ නැ...
හැබැයි එක දවසක් ද කොහෙද අපි kfc එකට ගියා අනිත් දවස් ඔක්කම නතර උනේ වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේ..මම එකට යන්න විශේෂ හේතුවක් තිබ්බා..එකේ box එකේ ගාන අඩුයි..අනික් එක හොදට ඉඩකඩ තිබ්බ..ඒ විතරක් යෑ ඉස්සරහින් දාගන්න කර්ටන් එකකුත් තිබ්බ...පිරිසිදු කමත් ඉතා ඉහලයි එකේ...
කොහොමින් කොහොම හරි මාස 6කට අසන්න කාලයක් අපේ සම්බන්දය ගලාගෙන ගියා..

ඔහොම යනකොට දවසක් අපි තිතට මත තියන්න රෙස්ටුවරන්ට් එකකට සෙට් උනා..
අපි ආපු කාරිය කරගෙන එලියට එනකොට දැකල පුරුදු ජෝඩුවක් එකේ රූමස් තිබ්බ පැත්තේ ඉදල එලියට එනවා..ඇස් දෙක පිහ දාලත් බැලුවා..නෑ වැරදිලා නෑ.. මගේ කෙල්ලයි එයාගේ බොසයි(කියන්න බැරි උන නෙහ්..ඇය ඒ වන විට A/L ඉවරකරලා මහරගම පැත්තේ කට්ටිය පිටරට පටවන පොට් එකක රැකියාවක් කළා..මෙයා අක්කා පාරක්..හැබැයි එක එක දන්නේ නැ අද වෙන කන්)
ඇගේ මුන දිහා ටික වෙලාවක් බලන් ඉදල අපි සෙට් එක එතැනින් එන්න ආවා..බිවුවම සිංහයා වෙන මගේ යාලුවෝ දෙන්නෙක් ඔහුට ගහන්න කතා කලා..කොල්ලෙක් හැකියාව දාලා බඩුවක් talk කරගත්තම උඋට ගහල හරියනවා යෑ..ඒවා මගේ පොතේ නැ....

නිගමනය:- ගැනු දෙන නැවු talk ගණන් නොගෙන සිටිය යුතුයි...

ඔන්න එහෙන දෙවෙනි කොටසත් ලියුවා...එක වෙරළු මල් ආරාමයක් තිබෙන නිසා මම සංයමයෙන් ලිවුවා.......

Saturday, May 31, 2014

අවාරෙට මෙහෙම ලියුනා




ගූගල් වෙතින්




නියං සමයක 
ලද වැසි බිදක් විය 
දිනක
එවන් විටක 
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක 
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
 මම 
ඇද වැටුණි
 නොමැති 
සොවින් 
නුබ මම 
ලග





කීවා                                                                                             අසුරු

නුබ මට                                                                                      සැනින්
ඇදි හසරැල්ලකි                                                                             කදුළු
නිතර මගේ                                                                                  සලන
මුවේ                                                                                               නුබ
රැගෙන ගියේ                                                                                    අද
නුබ                                                                                       සිනාසෙනු
මට එය අත                                                                           කෙසේම්ද
වනා                                                                                                මට
                                                                                                කියන්න

Friday, May 16, 2014

෴මුහුකුරායාම෴





ඉස්සුවේ මෙතනින් http://kaceym.deviantart.com/art/Mark-McCloud-Growing-Up-165452039

පැති ගණනාවක් ඔස්සේ කතා කලහැකි මාතෘකාව වුවත් ආදරයේ මුහුකුරායම ගැන ස්වකිය අද්දැකීම් අල්ලා විමසීමක් කිරීමට කලෙක ඉදන් මට හිතුනා



දකින දකින චිත්ත කැලි වලට ලොබ නැතුව නොම්බරේ දික්කරල දවස පුරාම වචන රචන කලත් හා පුරා කියලා ආදරේකට මුල පිරුවේ 11 වසරේදී..ජිවිතේ ගැන කිසිදු බරපතලක් නැති ඒ කලේ අත දිග හැර වියදම් කිරීමට අවැසි මුදල්ද මදි නොකියන්න ගෙදරින් සම්පදනය වුනි.ඒ තුමියටත් එහෙමයි...
අපේ අම්මත් ගුරුවරියක් උන නිසා විභාග තියෙන කාල වකවානු හොදට දැනන් හිටිය නිසා විබගයට දවස් 3කට විතර කලින් බනින්න පටාන් ගන්නවා..
බැන්නට මම ලියන සටහනක් මටවත් කියෝගන්න පුළුවන් එකක් යෑ අච්චු පොතක් පෙරළන් මනෝ පාරක් ගහන එක තම වැඩේ...අද වෙනතුරු මට විබගයක් කියලා මනසට පීඩනයක් වත් පාඩම් කරන්න ඕන කියලා පිළින් එකක් වත් නැ නෙහ්...
සැහෙන බුදලයකට හිමිකම් කිඋව ඈ විබහග සමත් උනත් එකයි නැතත් එකක් ම්නසිකත්වයේ තම හිටියේ..
කොහොඉන් කොහොමින් හරි කාලය ගලාගෙන යන විට මගේ දවසේ ප්‍රධාන රාජකාරි උනේ නෑම කෑම ලැම ඇතුළු සියලු දේ ඇයට දැන්වීම සහ ඉඩ ලද විගස ඇය හ දොඩමලු වීම
(11 වසරේ පොඩි න් දිහා බලන්න අද යි එදයි කියලා කිසි වෙනසක් නැ උන් කරන්නෙත් මෙහ ටිකම තමා)

මෙයාගේ විශේෂය තමා අදින්නේ බ්‍රෑන්ඩඩ් ඒවා විතරයි.Dolce & Ggabbana.සෙරෙප්පු කුට්ටමේ ඉදන් ඒවා..තෑග්ගක් දෙන්න ගිහින් තමා මාව එරුනේ..ඇයි දෙයියනේ එක කැල්ලක් ගත්තොත් මගේ සතියක ගතමනාව කුඩු..කොච්චාර බොක්කෙන් ලවු කරත් නොකා නොබී එකතු කිරීමේ පුරුද්දක් අදටවත් නෑ..එකට හොයාගත්තා මම විසදුමක් පිටකොටුවෙන්..
කෙනෙක් දිහා සැකෙන් බැලීම හා හැමදේම බැරෑරුම් විදියට සිතීම අදටත් මට කරන්න බැ..නමුත් මගේම වයසේ සිටි ඈ(මාස 3ක් වැඩිමල්)හට සියල්ල හාර අවුස්සා දැනගන්න ඕන උන..බුකියේ පින්තුරයකට comment කිරීම ඇයට මම කෙල්ලෙක් එක්ක නිදියගත්ත වගේ ලොකු දෙයක් උනා 
ඒ වගේමා මගේ මුර පද ඇයට නොදීම අයට ලොකු ප්‍රශ්නයක් උනා(ඇත්තටම මම එක නොදුන්නේ මගේ හොර වැඩ වත් අවිස්වාසයක් නිසා වත් නෙමෙයි..සමහර යාලුවන්ගේ පුද්ගලික ප්‍රශ්න මා ට එක හරහා කියා තිබීමයි..මා කෙරෙහි ඇති විශ්වාසයෙන් කියූ යමක් මට විස්වාස උන පලියට් පිටට කියන්නේ නැ මම)
නමුත් මම ඇගේ මුර පද නොඉල්ලූ නිසා ඇයට එම වලි දුරදිග ගෙනියමට නොහැකි උනා..
ඔය වයසේදී කෙල්ලෙක් ඉන්න කොට දවසෙම මල් කැඩිම පන්ති කට් කොට ඇවිදින්න යාම එකට ඉදන් පින්තුර ගැනීම ඊළගට එන එක තම කැල්ල ඇදීම
සමාජ පසුබිම සහ තිබු සබදතා නිසා බය කියන එක අහලකවත් තිබ්බේ නැ මොනම දේකටවත්.
කොහොම හරි talk කරලා වැඩේ ගොඩදාගත්තා කියමුකෝ..කොහොමත් ඉතින් ලංකාවේ සම්ප්‍රදායට ඔක්කොම වෙනකන් සහයෝගය දීල අන්තිමට හැටි ගියාම කරන්නේ අඩන එක නෙහ් මුල් පාර..ඔයාට මම ඉන්නවා නෙහ් බබා බ්ලා බ්ලා..............
ගාලා පෙති 2කකුත් ගිල්ලොල වැඩේ ගොඩදාගත්තා.ඔය සබද තාවය මස 8ක් විතර යන කොට මට කෙල්ලගේ(එතකොට කෙල්ල නම් නෙමෙයි සිකුරු 7 තියරියෙන් එහෙම කියමුකෝ) විබාගේ ට මාසයක් විටර තියල දවසක clz පාරක් කට් කරලා කොල්ලෝ සෙට් එක ගල්කිස්සේ සෙට් වෙලා beer පාරක් එහෙම ගලපලා දුමක් එහෙම ගෙන රේල්පාර දිගෙ එනකොට ගල් අස්සේ මගේ හොදම යාළුවෙක් ව දැක්ක..උඋට bitak දෙන්න හිටන් එතැනට බෙල්ල දික් කරනකොට මගේ ප්‍රියම්බිකාව උගේ තනි රකිනවා කියන්නකෝ...බිලා හිටපු නිසාද මන්දා දුකක් සතුටක් කේන්තියක් මොකවත් එවලේ ඇති උනේ නැ අප්පා..අපේ උන් ගේ ඇස් ගෙඩි නළලට යවල මම උන් දෙන්නට සුබ පතලා එතැනින් නික්මුනා..මෙහ වෙලාව තුලදී උන් දෙන්නම බිම බලන් හිටිය වගේ තම මතක(නැත්තන් එතන හිටිය උන් උගේ මතක බන කියවනවා නෙහ්) හැබැයි පහුව ද පට්ට දුකයි..මගේ යාලුවෝ ටිකයි සොහොයුරි නොහිටින්න අපොස සාපෙ මටත් සාපයක්ම වෙලා හොද ආතල්ට්‍රිප් ටිකක් ගහල කෙලින්න තියෙන පිස්සු ටික කෙලලා ප්‍රතිපලේ එන දවස වෙනකොට හිතේ ඈ ගොඩක් දුරට අයින් වෙලා.A7 C2 කියලා ප්‍රතිපලේ අවම සතුටට එයාව ගොඩක් අමතක උන..(clz කට් කරපු රවුම් ගහපු තරමට ඔහොම එකක් අවම පුදුම වෙන්නේ නැත්තේ මොකද)
හැබැයි මම මගේ යාලුවට වචනෙකින් වත් කරපු දේට මොකුත් කියලා නැ එකම එකක් කිඋව මගේ එක යාළුවෙක් "උබ ඕකිව අතැරපු දට උබ ගැන බලාගන්නම්" අරුගේ චරිටතෙ හොද වැඩි නිසා කොල්ලෝ ඌ එක්ක මලෙන් හිටියේ මගේ කෙස් එක පිට දාල උඋට නෙලන්න කට්ටියට ඕන කම තිබ්බේ..එක මම වැලෑක්වුවා..නිශ හොයන සතුට මගේ ගාව නැති නිසා නෙහ් ගියේ..හැබැයි අදටත් උන් දෙන්න මම ඉන්න තැන් වලට එන්නේ නැ..ඉන්නවා දැක්කම මගේ කුපාඩි රටට මොනවා අලිම කලන්න හිතෙනවා නෙහ්..ඉතින් මම කරන්නේ මගේ ජන්ගමේ තියෙන 
මතකයන් ඔබේ සිතේ තබාගෙන......අදටත් මම ඔබගේ පළමු පෙම්වතා සෝන්ග් එක play කරන එක දෙන්නම මාරු එක ඇහෙනකොට 
නිගමනය:-ගැනු නිසා යාලු කමුත් නැති වෙන්න පුළුවන් වගේම රට්ටරන් යාලුවෝ අතරේ සිංහ හම පොරෝගත්ත නරිත් ඉන්නවා

ලියන්න කරුණු ගොඩක් තියෙනවා අප්පා...කෙටියෙන් ලිවීමේ හැකියාව මගේ අන්තිමයි..එක කරුණක් ලිය උනා මාගලක් වගේ තව මෙහ වගේ 2ක් තියෙනවා ඊටත් පස්සේ මාතෘකාව සමාලෝචනය කරමු.ඒ ටික ඔක්කොම කියවවි කියලා හිතනවා කට්ටියම