Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, June 12, 2014

විසේ විතරක් මදි නෝනේ



කෙල්ලනේ තියෙන විසේට පටලෝගෙන ඊළගට නහයෙන් අඩන්නයි කෑගහන්නයි තියාගන්නේ නැතිව මෙහ ගැනත් හිතපල්ලා

අද මම කොල්ලෝ 100% ක් හරි කියන තැන ඉදන් නෙමෙයි ලියන්නේ..හෙබෙයි කොල්ලන්ගේ වැරදි වලට වඩා සබදත්වයක් අසාර්ථක වීමට කෙල්ලගේ බලපෑම කෙරෙහි කතා කරන්න හිතුවා..
විශේෂයෙන්ම වයස 17 - 26 කාණ්ඩයේ බහුලවම පවතින ගැටළු කිහිපයක් ගන්මු අපි

මේක කරන්න මම මගේ යාළුවන් අතරින් කිසිම නිර්නයකයකට යටත් නොවී ගැහැණු 50ක් සහ පිරිමි යාළුවන් 50ක් සොයා ගත්තා..
එයාලගෙන් මත විමසුමකුත් කරලා ගත්ත විස්තර වලින් තම මේක ගොඩනැගෙන්නේ..
 මම මොවුන්ගේ යෝඋන් ප්‍රේමය සහ එය බිදවැටීමට හේතු තම හෙවුවේ..
17ට වැඩි කොල්ල්ලෝ 50 න් 10 දෙනෙක්ම යොවුන් ප්‍රේමය විදලා තිබ්බේ නෑ හැබැයි කෙල්ලෝ 50 න් 4 දෙනයි මෙහ අද්දැකීම විදාලා තිබ්බේ නැත්තේ..

වයස 17 22 අතරේ පසු කොල්ලන් පෙම් සබද තාවයක් ඇතිකරගැනීමේ හේතු මෙසේ ලගු කරන්න පුළුවන්


  • අනිත් අයටත් තියෙන නිසා
  • අතල් එකක් ගැනීම
(මාත් ඔය කලේ කලේ ඔය හේතු 2 කටම නෙහ්)

හැබැයි කෙල්ලේ මිට වෙනස්..ගොඩක් උන් කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ විවද හේතු නිසා වුවත් යාලු උණෙන් පස්සේ හිතන්නේ සැමියෙකු ලැබුන කියාලා
එකේ නරක පැත්ත තමයි ප්‍රශ්නයක් අවම තමන්ගේ තාත්තට ඉස්සෙල්ල කොල්ලට කියන එක..කෙල්ලන්ට කවදාවත් බෑ තාත්තාට කියන්ට ඕනි එවයි කොල්ලට කියන්න ඕනි ඒවි වෙන් කරලා අදුරගන්න..
ගොඩක් උන්ට මෙහ වයසේදී තමන්ගේ ප්‍රශ්නයක් වත් විසදගන්න බැරි වයසක ඉන්න කොල්ලෙක් කොහොමද කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් විසදන්නේ...ඊට පස්සේ කෙල්ලන්ගේ සුපුරුදු වාක්‍ය 
ඔය මගේ කිසි දෙකට නැ ඔය මට ආදරේ නෑ..වෙන කෙනෙක් කිවුවනම් ඔයා පැනල කරන්නේ..බ්ල බ්ලා බ්ලාලා...
අම්ම තාත්තා කන්න බොන්න දෙනවා නෙහ්..මුලය මය ප්‍රශ්න ඊළගට ඉහල තැන වලින් ලබාගත යුතු උදවු උපකාර..
ඒ වගේම කොල්ලෙක් කරදර කරනවානම් සෙට් පිටින් ගමට බහින වැඩ වලට කොල්ලෝ එකෙන්ම..[හැබැයි teen wolf එකේ වගේ ඇල්ෆා(සෙට් leader ල) බීටාවෝ(සෙට් ඉන්න උන්) වගේම ඔමෙගාවෝ(තනියෙන් ඉන්න සෙට් නැති කොල්ලෝ)]ඉන්නවා කියල මතක තියාගන්න ඕනි.තමන්ගේ එක කොයි ගනයේද කියල තෝරාගන්න ඕනි බොලලමයි...
නිබන්දනයකට කරුණු ඕනි නම් හොයාගන්න අමාරු tute  ටිකක් පොතක් ගැන කියන්නකෝ කොල්ලට..ලොවෙත් හොයල දෙනවා...

මෙවැන් එපිටට ගිහින් හැම දේම කොල්ල කරන්න ඕනි කියන තැන ඉන්න කෙල්ලෝ ඉන්නවා නම් දුක් විදලා හදාගත්ත අම්ම තාත්තා ට ටාටා කියල කොල්ල එක්ක පැනල පලයවූ..පැනලා ගිහින් බදින එවෑ විවාහය සාර්ථක වීමට 40%ක සම්බවිතාවයක් තියෙනවා

ඊළගට කියන්න එපා මෝහකටවත් නැති පබයෙක්ගෙන් වැඩක් නෑ කියල..
උබලා කොල්ලන්ට ලබාදෙන වැඩි වැරදි කෙල්ලනේ..හරියට washing maction එකට හාල් දාලා ඉදෙනකන් බලන් හිටියට වැඩක් නෑ වගේ තමා...

උබලටත් හැගීම් දැනීම් තියෙනවා නෙහ්...කොල්ලගෙන් ඉල්ලාපන් කෝ කට ඇරලා කිස් එකක් අතල් එකක් කොල්ල පැනලා දෙයි..ඕන එකකටත් හරි නැත්තම් තමා ඌ ගැන සලකල බලන්න ඕන..
සමහර කෙල්ලෝ කියන විදියට අනි ඕව අපිට ඕනි නෑමට ඒවා නැතාට ඉන්න පුළුවන් වගේ හිතෙනවා නම් ඉස්සරහට අරන් පලයල්ලා..මගේ නොම්බරේත් සෙවූ කරගනිල්ල කවද හරි ඕන වෙයි..

ඔන්න ඔහොම අටල් එකක් අරන් පොටක් පතක් බලාගෙන මලක් පහනක් පුජ කරගෙන හිනාවෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉදල බලපල්ලකො ජිවිතේ කොච්චර සුන්දරද කියලා..

මේක කිට්ටුවෙන් යන එක අපේ ස්කුබිත් ලියල තියෙනවා මෙතනින් යන්න

හැබැයි ගැනු මෙහෙම කරන්නේ උපතේ කෙස් එකකුත් තියෙනවා එක මෙතනින් යන්                                                                        මෙතනත් තියෙනවා



Sunday, June 8, 2014

මාරයා කොයිද දන්නේ කවුද

-Daihatsu-Hijet-Dx-Turbo
අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්..හැබැයි මට කවදාවත් අමතක නොවන එකක්...

මේක උනේ 2012 දෙසැම්බර් 31..සුපුරුදු පරිදි වර්ෂ අවසාන අපේ සාදය...
දෙඅම්බරයේ මම හිටියේ සිංගප්පුරුවේ..ලන්කවටාවේ 25 වෙනිදා..රට ගිහින් එනකොට අත්දෙක වන වන එන සිරිතක් නැ නෙහ්..
ඔය එන කොට මගේ මස්සිනාත්  මත් එක්ක ලංකාවට ඇවිල්ලයි උන්නේ..එය එක්ක ඒ දවස්ටිකේ එහෙ ඉදල යාලුවෝ එක්ක සෙට් වෙන්න මෙහෙ එන්න ලෑස්ති වෙනකොට බුවා කිවුව යාලුවෝ ටිකත් අරන් මෙහෙ වරෙන් හොද ෆන් එකක් ගන්මු කියල..
ඔය වෙලාව වෙනකොට නුවා සහ චතු මසියා සහ මම තුමා මතට තිත තියමින් හිටියේ Redlable එකක් වගේ මතක..හිතන්න දෙයක් තිබ්බෙත් නැ බස් එකේ නැගල ගෙදර යන එක නෙහ්...ඊට පස්සේ නෙහ් කට්ටියව එහෙට ගෙන්නන යෝජනාව ආවේ ඊට පස්සේ ගත්තා අපේ උන්ට මම cl එකක්..ඒ වෙනකොට උන් මගේ මවු දෙමවුපියන්ව මටක් කරන ගමන් අපේ සුපුරුදු තැන වෙච්ච බොල්ගොඩ තොටුපලේ වැඩ අල්ල තිබ්බේ..ඒ දවස් වල අපේ නිල ප්‍රවාහන සහකරු චිකා මහත්තය.. ඔහුට අටයවශය වැඩක් යෙදිලා තව ටිකකින් යන්න වෙනවා එන්න හොරණට එන්න වෙන්නේ නැ කිවුව...
ඒ ගමන අයියා කිඋවා මල්ලි වෑන් එක අරන් ගිහින් කට්ටියව දා ගෙන එන්න කියලා..ඒ වනකොට අපි 4 දෙනා එක බෝතලයකට වගකියල ඉවරයි...පොලිසියේ ලොකු මමත් මග බලන් ඉන්න දවසක් නෙහ් 31 කියන්නේ..ඕන එකක් කියලා මම ගිහින් නෑවා...නාලා බුලත් විටකුත් කටේ ගෙන රතයට ගොඩ උනා..මට ගෙදෙට්ට යන්න උවමනාවකුත් තිබ්බ පිය තුමාට ගෙනාපු එක දෙන්න උනේ නැ ඒ වෙනකන්..ඊට පස්සේ ගෙදෙට්ට ගිහින් එයට එකත් දීලා ගග ගාවට අවා..එනකොට අපේ උන් ටික frenklin බෝතලේකට වගකියල ඉවරයි..මගේ අටේ උන්ට ගෙනාපු vat69 එකක් තිබ්බ..එකක් බිල දැනෙන ව යැ අපේ උන්ට..කොහොම හරි එකත් එතනම කඩලා ක්ෂණික නවා ගත්තා...ඊට පස්සේ කට්ටියව ගෙන මගට වැටුනා,..
කට්ටිය කිවුවේ තඩියා, සාරා ,හීරෝ ,හේෂා, ජොකා,විකි,මම තුමා සහ චතු හොරණ  ඉදන් මගේ තනියට අවා..ඔය උඩ තියෙන වනඩියට තමා කට්ටියව පටෝගත්තේ...රියදුරු තැම්පත් මම තුමා...
මගට යනකොට නුවා cl එකක් දුන්න ඒ දෙන්න ඉංගිරියේ තියෙන සංගීතයකට යනවා අපිට එතැනට එන්න කියල...එතැනට ගියාම 
අයියා කාරයා කාර් එකේ ඩිකීයේන් blacklable 2 l එකක් ඇදලා ගත්තා..දුමෙන් එහෙම කිසිම අඩුවක් නෑ..අයියා malbaro gold carton එකයි මම malbaro dark menthol carton එකයි ගෙනිහින් තිබ්බා












රැ 11 වගේ වනකොට ඒ බෝතලෙත් ඉවරයි
ඊට පස්සේ කරලියට ආවේ grants එකක්..එකේ ටිකක් යනකොට කට්ටියට හොද ගණන්..ඊට පස්සේ අපි හොරණ ගෙදෙට්ට අතුරු පාරවල්වල පිහිටෙන් සම්ප්‍රාප්ත උනා..එන අතැර තුරදී චතු ගෙවල් ගාවින් බැස්ස වාහනේ හෙල්ලෙනවා වැඩි කියලා..ගෙදෙට්ට අවම අයිය තව grants එකක් දුන්න..ඒ වෙලාවේ හිටි තත්වේ අනුව එක හිටන්නවත් බෑ.එක නිසා එක අයිත් ගෙයින්ම තිබ්බා.ඔය අතරේ අපේ උන් මුලින්ම ගත්ත frencklin 2න් ඉතුරු එක වාහනේ අස්සේ තිබිල උස්සන් අවා..දෙන සැන්ඩිත් නැ කුල් වතුරත් එක්ක ඕක අමාෂ ගත කරගන්මු කියලා යෝජනාවක් අවා..ඒ ගමන එකට වග කියමින් ඉන්නකොට බාප්පා ගේ ඇතුලෙන් කෑම පිගන් කිහිපයකුත් ගෙනත් තිබ්බ..ජොකා කට්ටියව හදට ගෙනියන්න රොකට්ටුව කුත් හදාලා..ඕකත් දාගත්ත..
දෙන කට්ටියට හොද ගණන්...එහෙ නවතිමු කියලා යෝජනා කලත් 1 වෙනිදා ගෙදර ඉන්න ඕනි කිඋව කිහිප දෙනෙක්ට...
කට්ටියට කොච්චර වැඩිද කියනවා නම් සිගරට් ගදයි ලු පත්තු කරනකොට එක එකා ඇත වෙනවා... දැන් රියදුරු කෙනෙක් නෑ..මටත් හොදගණන්..නුවයි මයි බොහොම අපරුවෙන් ඇත අල්ලාගෙන ගිහින් වෑන් එකට නැග්ග..මමතුමා රියදුරු අසුනේ ඉඩගත්තෙත් නුවාගේ උදවුවෙන්...අනිත් උන්ට එහෙම නැග්ග එකට එලවන්න පුළුවන් වෙයිද කියල බලන්න තරම් වත් සිහියක්නැ..
යන්න කලින් බාප්පට කියන අමතක උන නිසා අයිත් බැහැගන්නත් බැරි නිසා බාප්පට ගත්ත  cl එකක්..එයට යනවා කියල යන්න පිටත් උනා... බාප්පා කිවුවා ගිහින් cl එකක් දෙන්න කියලා..
හොරණ ඉදල අපේ ගෙදෙට්ට 18 km තියෙනවා..
ඒ එන අතරමග කට්ටියගෙම ගෙවල් වලට ගිහින් බස්සල අන්තිමට තම ආවේ..ජොකා සාරා ලගේ ගෙදර නැවතුනා..අපේ ගේ ගාවින් නවත්තල මම බාප්පට cl එක්ක් දීලානුවාව වෑන් එකත් එක්ක යැවුවා..නුවාඉන්නේ හොරණ..මම හිමිට ගේට්ටුව ඇරගෙන බලුතදියව ශේප් කරගෙන ගේ වටේ ගිහින් කාමරේ හොයාගෙන ජෙනෙලෙන් පැන්න..(එක මම වේලාසන ඇරලා තියල ගියේ)ඒදන් හිටිය ඒවා ගලෝල ශෝටකට බහිනකොට මෙන්න cl එකක් එනවා නුවා ගෙදර ගිහින්...
පහුව දා උදේ 4න් එක දැක්කම තම දෙලොව රත් උනේ..
තැන් 4ක නවත්තලා අතුරු පාරවල් 2කක කෙරෝලටම ගිහින් කට්ටියව බස්සල එන්න මට ගිහින් තියෙන්නේ විනාඩි 10..මව බස්සල නුවා ගෙදර ගිහින් විනාඩි 8න්..මගේ සමනය වේගය 120 ට ආසන්නව තිබිල තියෙනවා..ඔය වාහනේ උපරිම වේගය 140kmh
(දුරකථන ඇමතුම් වලින් වේලාවන් ලබාගත්තේ-බාප්පට දීපු cl 2න් මම අපු වෙලාවත් බාප්පට අන්තිම cl එක සහ නුවාගේ cl එකෙන් නුව ගිය වෙලාවත්)

පසු දා දැනගත්ත ඒවා
ජෝකාට රා එළිවෙනකන් ඇද හෙල්ලුනලු..
සාරා එලි වෙනකන් key bord එකේ අකුරක් හොයලා
නුවාට ගෙදර ගියා මතක නෑ ලු..
දිලගේ සාක්කුවේ තිබ්බ සිගරට් පෙට්ටිය නෑ ලු
හීරෝ කියනවා වෑන් එකට නැග්ග ගමන් බැස්සුවලු..

ඊට ටික කාලෙකට පස්සේ උන සිද්දියක් නිසා මම දැන් බිලා නම් මලාට වාහනයක් වත්ත වටේ වත්  එළවන්නේ නෑ...ඒ සිද්දිය හිමිට කොටන්නම් කෝ......

Sunday, June 1, 2014

෴මුහුකුරායාම෴ 2






දැන් දෙයියනේ කියලා A/L පන්තියේ ඉගෙනීම් කටයුතු කරමින් ඉන්නා අතර තුරදී සුපුරුදු පරිදි වෙසක් උත්සවයත් ලග උනා...වෙසක් එකට සම්පදයනුකුලව අපි කරන දේවල් ටික වෙනම කියන්නම් කෝ...
වට වන්දනාවේ යාම සදහා අපි හැමදාමත් එකතු උනේ විකි සහෝදරයාගේ ගෙදෙට්ට..දඩු මොනර ටික(ඒ දවස් වල කට්ටියට bick පිස්සුව තදටම ගහලා තිබ්බා දෙයියනේ කියලා අපේ උන්ට හොද bick ටිකකුත් තිබ්බ ) පණ ගන්වා ගෙන් එක දෙන්න එහෙට සෙන්දුවෙන්න පටන් අරන් තිබ්බේ ඒ වෙලාවේ..මටක විදියට තරුගේ 250 යා සුනගේ ගල දිලගේ හරිකේන් එක ජෝකගේ අපචිය මැක්කගේ fzr එක විකිගේ හෝන්ඩා එක යනධි වශයෙන් හොද සේනාංකයක් කවදත් එකතු උනා

සියලු දෙනා එනකන් දුමක් කාරිය අල්ලන ගමන් කොල්ලෝ සෙට් උනාම ඇදෙන ප්‍රධාන මාතෘකා වලින් එකක් වෙච්ච කෙල්ලෝ ගැන කථා කරන්න උනා..
ඔය අස්සේ කවුරු හරි එකෙක් ඇහුවා
මචං ටෝක් කරන්න පුළුවන් කැල්ලකගේ නොම්බරයක් නැද්ද බන් කියලා
ඒ වෙලේ එතන හිටිය හීරෝ මෙන්න මේක ගහගනිල්ල පුළුවන් නම් දාල පෙන්නපන් මත් ට්‍රයි කල rpl එකක් වත් නැ බන් කියලා නොම්බරයක් දුන්නේ අභියෝගයක්ද සමගින්...
කිහිප දෙනෙක්ම නොම්බරේ 4න් එකට දාගන්න අතරේ මම අසල තිබ්බා පන්සල දෙසට හැරිලා නමෝ විත්තියෙන් මිස් කෝල් පාරක් ගැහුවා...
හැරෙන තැපෑලෙන් 
who is this 
කියලා මට මැසේජ් පාරක් ආවා..මේක කරලා තියෙන කොල්ලෝ දන්නවා නෙහ් ඒ කියන්නේ තැබිලි පට ලයිට් එක කියලා ඒ කියන්නේ වැඩෙන 35% ක් ගොඩ..
ටිකකට කලින් ගත්ත පන්සිල් අමතක කරලා එතන ඉදන් මම වචන රචන කරන්න පටන් ගත්තා...විකි bick එක පදින අතරේ මම පිටිපස්සේ ඉදන් දිගටම වැඩේ කළා...දන්සල් වල පොලින් වල මගදී කැලි බලන ගමන් එකසිය ගානට කෙටිපණිවිඩ හුවමාරු උනා

නැවත අපි සෙට් එක හමු උනේ පොසොන් පෝයට..විවිද වැඩකටයුතු නිසා හදිස්සියෙන් හමු උවත් නිදහසේ කතා කරන්න උනේ නැ..ඒ මාසය ඇතුලත මම ඇයත් සමග චායා රුප හුවමාරු කරන්(එක පාරක් උන වැඩක් නිසා 4ටො එක බලන්නේ නැතුව කෙල්ලෝ හම්බ වෙන්නේ නැ)
ඇයව මුන ගැසිත් තිබුනා...          
ඒ වනවිට ඇය මගේ පෙම්වතියයි.
මුලින්ම මම ඇයව හම්බ උනේ නුගේගොඩ පුරවරයේදී..මගේ වෙලාවට වැඩකිරීමේ හොද වැඩි කමට මම යනවිට ඇයගේ පුෂ්පය විකසිත වෙලා තිබ්බ.කෙල්ලව හම්බවෙන්න ගියාට යන්නේ කොහෙද කියලා හිතන්න ඕනි කියලා ඒ වන විට වැටහීමක් තිබ්බේ නැ..හම්බ වෙලා එයාගෙන් තම මම ඇහුවේ කොයිද යන්නේ කියලා. එයා එදා clz එකක් cut පාරක් දාලා ඇවිත් තිබ්බ නිසා මිනිස්සු වැඩිය ගැවසෙන තැන් වල නම් බෑ කිවුව..(එහෙම කිවුව කියලා රූම් එකකට යන්න අහන්න බැ නෙහ් හම්බ උන මුල් දවස නෙහ් එදා..)ඊට පස්සේ ඔළුවට ආවේ පාර්ක් එක එතැන සෙනග නිසා කපල දැන්ම...ඉස්සර ඉදන් කෙල්ල එක්ක beach වල කට්ට කන එක මට අරහන්..mac එකකට හරි kfc එකට හරි රිංගන්න තිබ්බත් එයාගේ clz ඇරෙන්නේ 12 නිසා එච්චර වෙලා ඒවැ තපින්න බැරි නිසා එකත් අල්ලලා දැන්මා....ඔය අතරේ කියෝපු වැල කතාවක තිබ්බ කුප්ප අදහසක් හිතට ආවා..දවල් කෝච්චියේ ඉදහිට එන වඩේ කාරයා ඇරෙන්න හවෙක්වත් නැ කියලා එකේ තිබ්බා..down south පැත්තේ රුමක් ගහමුද ඇහුවාම එය උඩින්ම එකට කැමති උනා..නුගේගොඩින් 112 ක නැගල බම්බලපිටිය ස්ටේෂම ගාවින් බැහැල කළුතර බලා යන කෝච්චියකට නැග්ගා
කෝච්චියේ යනගමන් කට කෑමේ ක්‍රීඩාවේ යෙදුනා ඇරෙන්න විශේෂ දෙයක් උනේ නම් නැ..ඊට පස්සේ එහෙන් උදේට කාලා අනිත් කෝච්චියේ කොලබ ඇවිත් සබා තොමෝ සතුටින් විසිර ගියා..ඉන්පසු දිනපතා sms කරා ඇරෙන්න විශේෂ යමක් උනේ නැ..
හිරෝවා බැ කිඋව එක කරපු සතුටෙන් කල කි දෑ පිරිස හමුවේ තබා අපි පොසොන් අතල් විදගැනීමට ගමන් ඇරබුවෙමු..
ඊට පස්සේ දෙතුන් දවසක් ඇයව මුණ ගැහුනා..ගැනු කොහොමත් දාර්ශනික වදන් බෙදන්න දක්ෂයි නෙහ්..මටත් ඒවා නොමදව ලොරිගණන් ලැබුනා..විශේෂයෙන් රූම් එකකට යමු කියන වෙලාවට 
ඇයගේ සමාජ තත්වය පවුල් පසුබිම ගැන හිතුවාම ඒවා ඇත්ත වෙන්න ඇති කියලා මම ඒ දවස් වල හිතුවා..
එක නිසා මම වැඩිය ඒ ගැන බලකරන්න ගියෙත් නෑ...සාමානයෙන් කොල්ලෝ කියන ඔයාට මාව විස්වාස නැ ආවේ නැත්තම් මම තරහයි වගේ බොලද වදන් කවදාවත් මගේ ගාව තිබ්බේ නැ...
හැබැයි එක දවසක් ද කොහෙද අපි kfc එකට ගියා අනිත් දවස් ඔක්කම නතර උනේ වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේ..මම එකට යන්න විශේෂ හේතුවක් තිබ්බා..එකේ box එකේ ගාන අඩුයි..අනික් එක හොදට ඉඩකඩ තිබ්බ..ඒ විතරක් යෑ ඉස්සරහින් දාගන්න කර්ටන් එකකුත් තිබ්බ...පිරිසිදු කමත් ඉතා ඉහලයි එකේ...
කොහොමින් කොහොම හරි මාස 6කට අසන්න කාලයක් අපේ සම්බන්දය ගලාගෙන ගියා..

ඔහොම යනකොට දවසක් අපි තිතට මත තියන්න රෙස්ටුවරන්ට් එකකට සෙට් උනා..
අපි ආපු කාරිය කරගෙන එලියට එනකොට දැකල පුරුදු ජෝඩුවක් එකේ රූමස් තිබ්බ පැත්තේ ඉදල එලියට එනවා..ඇස් දෙක පිහ දාලත් බැලුවා..නෑ වැරදිලා නෑ.. මගේ කෙල්ලයි එයාගේ බොසයි(කියන්න බැරි උන නෙහ්..ඇය ඒ වන විට A/L ඉවරකරලා මහරගම පැත්තේ කට්ටිය පිටරට පටවන පොට් එකක රැකියාවක් කළා..මෙයා අක්කා පාරක්..හැබැයි එක එක දන්නේ නැ අද වෙන කන්)
ඇගේ මුන දිහා ටික වෙලාවක් බලන් ඉදල අපි සෙට් එක එතැනින් එන්න ආවා..බිවුවම සිංහයා වෙන මගේ යාලුවෝ දෙන්නෙක් ඔහුට ගහන්න කතා කලා..කොල්ලෙක් හැකියාව දාලා බඩුවක් talk කරගත්තම උඋට ගහල හරියනවා යෑ..ඒවා මගේ පොතේ නැ....

නිගමනය:- ගැනු දෙන නැවු talk ගණන් නොගෙන සිටිය යුතුයි...

ඔන්න එහෙන දෙවෙනි කොටසත් ලියුවා...එක වෙරළු මල් ආරාමයක් තිබෙන නිසා මම සංයමයෙන් ලිවුවා.......

Saturday, May 31, 2014

අවාරෙට මෙහෙම ලියුනා




ගූගල් වෙතින්




නියං සමයක 
ලද වැසි බිදක් විය 
දිනක
එවන් විටක 
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක 
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
 මම 
ඇද වැටුණි
 නොමැති 
සොවින් 
නුබ මම 
ලග





කීවා                                                                                             අසුරු

නුබ මට                                                                                      සැනින්
ඇදි හසරැල්ලකි                                                                             කදුළු
නිතර මගේ                                                                                  සලන
මුවේ                                                                                               නුබ
රැගෙන ගියේ                                                                                    අද
නුබ                                                                                       සිනාසෙනු
මට එය අත                                                                           කෙසේම්ද
වනා                                                                                                මට
                                                                                                කියන්න

Friday, May 16, 2014

෴මුහුකුරායාම෴





ඉස්සුවේ මෙතනින් http://kaceym.deviantart.com/art/Mark-McCloud-Growing-Up-165452039

පැති ගණනාවක් ඔස්සේ කතා කලහැකි මාතෘකාව වුවත් ආදරයේ මුහුකුරායම ගැන ස්වකිය අද්දැකීම් අල්ලා විමසීමක් කිරීමට කලෙක ඉදන් මට හිතුනා



දකින දකින චිත්ත කැලි වලට ලොබ නැතුව නොම්බරේ දික්කරල දවස පුරාම වචන රචන කලත් හා පුරා කියලා ආදරේකට මුල පිරුවේ 11 වසරේදී..ජිවිතේ ගැන කිසිදු බරපතලක් නැති ඒ කලේ අත දිග හැර වියදම් කිරීමට අවැසි මුදල්ද මදි නොකියන්න ගෙදරින් සම්පදනය වුනි.ඒ තුමියටත් එහෙමයි...
අපේ අම්මත් ගුරුවරියක් උන නිසා විභාග තියෙන කාල වකවානු හොදට දැනන් හිටිය නිසා විබගයට දවස් 3කට විතර කලින් බනින්න පටාන් ගන්නවා..
බැන්නට මම ලියන සටහනක් මටවත් කියෝගන්න පුළුවන් එකක් යෑ අච්චු පොතක් පෙරළන් මනෝ පාරක් ගහන එක තම වැඩේ...අද වෙනතුරු මට විබගයක් කියලා මනසට පීඩනයක් වත් පාඩම් කරන්න ඕන කියලා පිළින් එකක් වත් නැ නෙහ්...
සැහෙන බුදලයකට හිමිකම් කිඋව ඈ විබහග සමත් උනත් එකයි නැතත් එකක් ම්නසිකත්වයේ තම හිටියේ..
කොහොඉන් කොහොමින් හරි කාලය ගලාගෙන යන විට මගේ දවසේ ප්‍රධාන රාජකාරි උනේ නෑම කෑම ලැම ඇතුළු සියලු දේ ඇයට දැන්වීම සහ ඉඩ ලද විගස ඇය හ දොඩමලු වීම
(11 වසරේ පොඩි න් දිහා බලන්න අද යි එදයි කියලා කිසි වෙනසක් නැ උන් කරන්නෙත් මෙහ ටිකම තමා)

මෙයාගේ විශේෂය තමා අදින්නේ බ්‍රෑන්ඩඩ් ඒවා විතරයි.Dolce & Ggabbana.සෙරෙප්පු කුට්ටමේ ඉදන් ඒවා..තෑග්ගක් දෙන්න ගිහින් තමා මාව එරුනේ..ඇයි දෙයියනේ එක කැල්ලක් ගත්තොත් මගේ සතියක ගතමනාව කුඩු..කොච්චාර බොක්කෙන් ලවු කරත් නොකා නොබී එකතු කිරීමේ පුරුද්දක් අදටවත් නෑ..එකට හොයාගත්තා මම විසදුමක් පිටකොටුවෙන්..
කෙනෙක් දිහා සැකෙන් බැලීම හා හැමදේම බැරෑරුම් විදියට සිතීම අදටත් මට කරන්න බැ..නමුත් මගේම වයසේ සිටි ඈ(මාස 3ක් වැඩිමල්)හට සියල්ල හාර අවුස්සා දැනගන්න ඕන උන..බුකියේ පින්තුරයකට comment කිරීම ඇයට මම කෙල්ලෙක් එක්ක නිදියගත්ත වගේ ලොකු දෙයක් උනා 
ඒ වගේමා මගේ මුර පද ඇයට නොදීම අයට ලොකු ප්‍රශ්නයක් උනා(ඇත්තටම මම එක නොදුන්නේ මගේ හොර වැඩ වත් අවිස්වාසයක් නිසා වත් නෙමෙයි..සමහර යාලුවන්ගේ පුද්ගලික ප්‍රශ්න මා ට එක හරහා කියා තිබීමයි..මා කෙරෙහි ඇති විශ්වාසයෙන් කියූ යමක් මට විස්වාස උන පලියට් පිටට කියන්නේ නැ මම)
නමුත් මම ඇගේ මුර පද නොඉල්ලූ නිසා ඇයට එම වලි දුරදිග ගෙනියමට නොහැකි උනා..
ඔය වයසේදී කෙල්ලෙක් ඉන්න කොට දවසෙම මල් කැඩිම පන්ති කට් කොට ඇවිදින්න යාම එකට ඉදන් පින්තුර ගැනීම ඊළගට එන එක තම කැල්ල ඇදීම
සමාජ පසුබිම සහ තිබු සබදතා නිසා බය කියන එක අහලකවත් තිබ්බේ නැ මොනම දේකටවත්.
කොහොම හරි talk කරලා වැඩේ ගොඩදාගත්තා කියමුකෝ..කොහොමත් ඉතින් ලංකාවේ සම්ප්‍රදායට ඔක්කොම වෙනකන් සහයෝගය දීල අන්තිමට හැටි ගියාම කරන්නේ අඩන එක නෙහ් මුල් පාර..ඔයාට මම ඉන්නවා නෙහ් බබා බ්ලා බ්ලා..............
ගාලා පෙති 2කකුත් ගිල්ලොල වැඩේ ගොඩදාගත්තා.ඔය සබද තාවය මස 8ක් විතර යන කොට මට කෙල්ලගේ(එතකොට කෙල්ල නම් නෙමෙයි සිකුරු 7 තියරියෙන් එහෙම කියමුකෝ) විබාගේ ට මාසයක් විටර තියල දවසක clz පාරක් කට් කරලා කොල්ලෝ සෙට් එක ගල්කිස්සේ සෙට් වෙලා beer පාරක් එහෙම ගලපලා දුමක් එහෙම ගෙන රේල්පාර දිගෙ එනකොට ගල් අස්සේ මගේ හොදම යාළුවෙක් ව දැක්ක..උඋට bitak දෙන්න හිටන් එතැනට බෙල්ල දික් කරනකොට මගේ ප්‍රියම්බිකාව උගේ තනි රකිනවා කියන්නකෝ...බිලා හිටපු නිසාද මන්දා දුකක් සතුටක් කේන්තියක් මොකවත් එවලේ ඇති උනේ නැ අප්පා..අපේ උන් ගේ ඇස් ගෙඩි නළලට යවල මම උන් දෙන්නට සුබ පතලා එතැනින් නික්මුනා..මෙහ වෙලාව තුලදී උන් දෙන්නම බිම බලන් හිටිය වගේ තම මතක(නැත්තන් එතන හිටිය උන් උගේ මතක බන කියවනවා නෙහ්) හැබැයි පහුව ද පට්ට දුකයි..මගේ යාලුවෝ ටිකයි සොහොයුරි නොහිටින්න අපොස සාපෙ මටත් සාපයක්ම වෙලා හොද ආතල්ට්‍රිප් ටිකක් ගහල කෙලින්න තියෙන පිස්සු ටික කෙලලා ප්‍රතිපලේ එන දවස වෙනකොට හිතේ ඈ ගොඩක් දුරට අයින් වෙලා.A7 C2 කියලා ප්‍රතිපලේ අවම සතුටට එයාව ගොඩක් අමතක උන..(clz කට් කරපු රවුම් ගහපු තරමට ඔහොම එකක් අවම පුදුම වෙන්නේ නැත්තේ මොකද)
හැබැයි මම මගේ යාලුවට වචනෙකින් වත් කරපු දේට මොකුත් කියලා නැ එකම එකක් කිඋව මගේ එක යාළුවෙක් "උබ ඕකිව අතැරපු දට උබ ගැන බලාගන්නම්" අරුගේ චරිටතෙ හොද වැඩි නිසා කොල්ලෝ ඌ එක්ක මලෙන් හිටියේ මගේ කෙස් එක පිට දාල උඋට නෙලන්න කට්ටියට ඕන කම තිබ්බේ..එක මම වැලෑක්වුවා..නිශ හොයන සතුට මගේ ගාව නැති නිසා නෙහ් ගියේ..හැබැයි අදටත් උන් දෙන්න මම ඉන්න තැන් වලට එන්නේ නැ..ඉන්නවා දැක්කම මගේ කුපාඩි රටට මොනවා අලිම කලන්න හිතෙනවා නෙහ්..ඉතින් මම කරන්නේ මගේ ජන්ගමේ තියෙන 
මතකයන් ඔබේ සිතේ තබාගෙන......අදටත් මම ඔබගේ පළමු පෙම්වතා සෝන්ග් එක play කරන එක දෙන්නම මාරු එක ඇහෙනකොට 
නිගමනය:-ගැනු නිසා යාලු කමුත් නැති වෙන්න පුළුවන් වගේම රට්ටරන් යාලුවෝ අතරේ සිංහ හම පොරෝගත්ත නරිත් ඉන්නවා

ලියන්න කරුණු ගොඩක් තියෙනවා අප්පා...කෙටියෙන් ලිවීමේ හැකියාව මගේ අන්තිමයි..එක කරුණක් ලිය උනා මාගලක් වගේ තව මෙහ වගේ 2ක් තියෙනවා ඊටත් පස්සේ මාතෘකාව සමාලෝචනය කරමු.ඒ ටික ඔක්කොම කියවවි කියලා හිතනවා කට්ටියම

Saturday, May 10, 2014

තේරුම් කරපල්ලා දන්නා එකෙක්

මෙන්න මේකේ කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ මුකාද? දන්නා එකෙක් තේරුම් කරපල්ලා කෝ

Tuesday, May 6, 2014

විදි මිහිරක කටු සටහන්

       
ගූගල් වෙතිනි


     නෙතට කදුළු
     සිනහ  කැකුළු
                 ගෙනෙයි නිරන්තරේ

     නෙතක මහිම 
     සිතක මිහිර 
     ලොවට කියන අපේ 
                                      ආදරේ 
     නොමැති විටක හැගෙන
     ඇති විටෙක තැවෙන දෙයකි
                                       ආදරේ
     නොමැති වු සොවින් මම පෙලෙන 

     නුබ විදින දෙයකි 
                                       ආදරේ