Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, September 11, 2015

මුහුකුරායාම 4

මගේ ජිවිතේට ආව ගිය ඇත්තියෝ ගොඩ දෙනෙක් ගැන කතා කලා නෙහ් අද කියන්න යන්නේ මගේ ජිවිතේට ඇවිල්ල මගේ ජීවිතේම උන කෙනෙක් ගැන.
එය ජිවිතේට එන්නේ හරි අමුතු විදියට.ඉස්කෝලේ යන කලේ මාසෙකට නැත්නම් 2කට සැරයක් පිටකොටුවේ රවුමක් ගහන්න යනවමයි මම..පේමන්ට් එකෙන් සුකුරුත්තන් බඩු කෑලි ටිකක් 2වන හරස් විදියේ Transasia mobile එකෙන් යාළුවෙක් හදන්න බෑ කියල අයින් කරපු 4න් එකකට අටවන්න මොකක් හරි කැල්ලක් ගුවන් පාලම යට කඩෙන් රස පලතුරු බිම එකක් බොන්න වගේ කාරනා ගොඩක් තිබ්බා යන්න මට..
පිටකොටුවේ බඩු ගැනීමේ තියරියට සුදු ඇදුම වත් සපත්තු 2 කවත් ගැලපෙන්නෙම නැ.පොත් කියන ජාතිය උපරිම අඩුවෙන් ගෙනිච්ච මගේ බෑග් එකේ අමතර ඇදුමක් සෙරෙප්පු කුට්ටමත් එලියට ගෙන ඉස්කොලෙන්ම මුන කට හෝදගෙන එක ඇදගෙන තාමා යන්නේ.

ඉතින් ඔහොම ගිය දවසක සුදු කිටක් ගහපු හරි චාම් කොන්ඩේ දිග කෙල්ලෙක් අයින දිගේ ස්ටේෂමට ඇවිදන් එනවා දැක්ක..හිත හිත ඉන්න දෙයක් තිබ්බේ නෑ ටෙලිපොන් නොම්බරේ ලියපු කොළ කෑලි ඒ දවස්වල ඕන වෙලාවක පර්ස් එකේ තිබ්බ.දැක්ක දවසෙම කතාකරල නොම්බරේ දෙන්න තරම් ගටක් තිබ්බේ නෑ ඒ දවස් වල ලගින් යන ගමන් බෑග් එකට නොම්බරේ ඔබල 
එක්ස්කියුස් මි...... පානදුර පහුකරන් යන අවුට්ස්ටෙෂන් බස් නවත්වන්නේ කොතනද කියල ඇහුව..
ඒ ලස්සන ඇස් දෙක රවුම් කරලා ලාවට ඔරොල 
මම මෙහෙ කෙනෙක් නෙමෙයි සොරි කිවුව.

සොරි තාමා වටිනාම වචනේ.කෙල්ල මැනර්ස් දන්නවා.තවත් ලකුණක් වැටුන
බඩුම තාමා කෙල්ලට තියෙනේ තද දුපුරු පාට කැට්ස් අයි 2කක් තවත් ලකුණක්
කෙල්ලට හෑන්ඩ් බෑග් එකක් නෑ රෙදි වලින් හදපු සයිඩ් බෑග් එකක් දල තිබ්බේ.
සල්වාර් ඇදුමට නියමෙට ගැලපෙනවා එක.ලකුණු ගොඩායි.
කෙල්ල වටපිට බැලිල්ලක් නැ නයිට් මේල් එක වගේ කෙලින් බලාගෙන එක එල්ලේ ස්ටේෂමට.එහා පැත්තෙ එකෙක් කන්න වගේ ඇගේ කෑලි එකෙන් එක ස්කෑන් කරනවා කියල මීටරයක් නැ.ඕන එකක් කියල රිංගුවා ස්ටේෂමට.
කෙල්ලට එහාපැත්තෙ පෝලිමේ හිටගත්තා 
ඇතුලෙදි කතා කරන්න දේවල් තියෙනත් එපෙයි පනදුරේට ටිකට් එක 22 කියල දැනදැනත් ඇහුව කවුන්ටරේ එකාගෙන් ගාන අහල දුන්න සල්ලි. කෙල්ල පොල්ගහවෙලට ගත්තේ ටිකට්.
ඇතුලට රින්ගුවට කෝච්චියක් තියෙන වෙලාවක් අහගන්න බැරි උනා.
එයාගේ කෝච්චියත් ඇවිල්ල තිබ්බේ නැති නිසා කෙල්ල ඉඩ තිබ්බ බැංකුවක ලෑන්ඩ් කළා..හරි බරි ගැහිලා වාල දිහා බලාගෙන තමන්ගේ කල්පනාවක ඉන්නවා විනා කෙල්ල වට පිට බැලිල්ලක් නෑ..
මට නම් එහෙම ඉන්න බෑ..පහු කලෙකත් එයාගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ එකට..එය දිහා බලන ගමන් වටේ යන කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම දිහා මම බලනවා ඒ මගේ හැටි බොරු උපාසක මූඩ් එක ඔන් කරන එක මට හෙනම අමාරුයි.
සාමානයෙන් කෙල්ලෙක් තමන්ගේ දිහා එකෙක් කන්න වගේ බලන් ඉන්නකොට ඔරවන එක සාමන්‍ය දෙයක් නෙ ඒ වෙලාවට මගෙන් ඔවුන්ට මුව පුරා සිනහවක් සන්ග්‍රහ කිරීමත් සමානයි.එත් මෙකි ඔරවන්නවත් බලන්නේ නැ නෙහ්.
හෑ බලන්න බැරි තරමට මම කැත ද? 
කොටයි කෙට්ටුයි උනාට මුන බලන්න බෑ කියල කවුරුවත් කියල නෑ නෙහ් ඕන එකක් ප්‍රීති වෙසක් කියල මම කතාවට බැස්ස
exquice me madam down south train shedul එක එහෙම දන්නවද?
sorry පොල්ගහවිලින් කොලබට ඇවිත් ලෝ කොලේජ් එකට ගිහින් ගෙදර යනවට අමතරව මේ කොලබ ගැන මම කිසි දෙයක් දන්නේ නෑ..
ඔය තියෙන්නේ තව කරුණු 2කක්
කෙල්ල ලෝ කොලේජ් 
අතු ගැවා උනත් අක්ක පාරක්.
හප්පා මැඩම් ඔහොම ඇවිල්ල නින්ද ගිහින් වෙන තැනක බැස්සොත් පාරේ නෙහ් ඉන්න වෙන්නේ
සුටි මුන රවුන් උනා ඒ පාර
මම ගෙදරින් පිට නිදාගන්නේ නැ ඒ වගේම මම මැඩම් කෙනෙක් නෙමයි.
කෙනෙක් ඒ වදන කෙල්ලට මල පැනල කියල තේරුම් ගත්තත් මට නම් ගණ අදුර නසලන්නට ඇත කොනක දැල්වුණු පහන් සිලක් වගේ චුටි එළියක්..කෙල්ලෙක්ට මැඩම් කියනාකොට එකී මැඩම් කියන්න එපා කියන්නේ කතාව දිගට ගෙනිච්චට කමක් නෑ කියන ලයින් එකෙන්..හැබැයි එක කෙල්ල අපිට කැමති කිවුව කියල වැරදියට තේරුම් ගන්න එපා


මෙහෙමනේ මැඩම් අද කලේ කෙල්ලන්ට අක්කේ කිවූවම ඔරෝනවා නංගි කිවුවොත් පුප්පන්ලා උඩ ඉදන් යටට බලනවා ඇන්ටි කිවුවොත් බුරනවා ඉතින් සියලු දෙනාට පොදුවේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් වදනක් මැඩම්..ලේසි පහසුයි දිව විකෙන්නේ නැ.

එක කිවුවම කෙල්ලට ටිකක් හිනා ගිය හැබැයි තිබ්බ ආඩම්බර කමට එක පිටට පෙන්නුවේ නැ අහක බලාගත්තා නමුත් එයාගේ ඇස් දෙක දිහාම බලන් හිටපු මට එක පෙනුනා.එතකොටම එයාගේ කෝච්චිය ආවා..
එහෙනම් සර් මම යනවා කියාගෙන එකි ගියා.

මැද ඇගිල්ලට මුද්දක් දාලා තිබ්බේ ඒ කියන්නේ කෙල්ල බැදලා නෑ.පතරංග 4න් එකක් නෑ.තිබ්බනම් එක මෙලහකට 2පරක් ඇදලා වෙලාව බලන්න, කාලය අපි එකට හිටිය.ඒ වගේම කොල්ලෙක් නැ වෙන්න ඕනි..හවස 5යි වෙලාව බස් එකට හෝ කෝච්චියට නගින්න කලින් කොල්ලට මැසේජ් එකක් හරි දානවා කෙල්ලෙක් අනිවා.

ඊට පස්සේ දවස් 4ක්ම ස්ටේෂන් එක ගාව කැරකුණ කෙල්ල හම්බ උනේ නැ..එක කෙල්ලෙක් වෙනුවෙන් දවස් 4ක් ම කට්ට කෑවානෙහ් ඔය මදැයි කියල වැඩේ අලලා දැන්ම.
ඔයිට මාස 2කට විතර පස්සේ 
ඇක්වයිනාස් එකේ ක්ලාස් යන කලේ ක්ලාස් එකේ ඉන්න කම්මැලි හිතිල ආවා එලියට.ඒ දවස් වල ජෝකාත් රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් ගියේ මාත් එක්කමයි..මම ගෙදර යනවා කියල මැසේජ් එකක් යැවුවා මෙහෙම
පට්ට බෝරින්ග් ඔයි මම ගෙදර යනවා
මෙන්න හැරෙන තැපෑලෙන් එනවා කෝල් එකක් අපිත් එළියේ ඔයි තුන වෙනකන් වටේට ඇවිදිනවා වරෙන් ඉක්මනට mc එක ගාවට කියල(අපි කිවුවේ ඌත් එක්ක ක්ලාස් ගිය කෙල්ල ආදරේට අපි කියන්නේ කොට මැඩම්..මටත් වඩා කොටයි ගොඩක්)
එතැනින් 3 දෙනාත් එක්ක සෙට් වෙලා ගෙදර එන්න කියල එනකොට මොරටුවේ ටිරෝන් ග්‍රවුන්ඩ් එකේ යනවා මැච් එකක්..කොට මැඩම් ට මැච් එක බලන්න ඕනි කිවුව..ඕන එකෙක් කියල බැස්ස අපිත්.සුමන්ගලේ බිග් මැච් එක එතන කඩෙන් ජෝකා සිගරට් ටිකකුත් අරගෙන ගියා ගේට්ටුව ගාවට අම්මේ දන්න එකෙක්..ඌට සැලුට් එකකුත් ගහල රිංගුවා ටිකට් නැතුවම ඇතුලට..ආතල් කෝටියයි දන්නා අදුරන ඔක්කොම එතන.උන් එක්කම හීනියට පොඩ්ඩක් අනුමත වෙලා (කෙල්ලෙක්ව දක්කන් නෙහ් ආවේ හිතේ හැටියට බොන්න බෑ නෙහ්)ටික වෙඅවක් මැච් එක බල බල ඉන්නකොට ජංගමය හඩලන්න ගත්තා.අතට අරන් බැලුව 
මගේ නොම්බරෙමයි
බ්‍ර්ර්ර්ර්ර්ර්ර්
අයිත් බැලුව මගේ එකේ මැද තියෙන 0 මුලට ඇවිල්ල
ඕන එකක් කියල අන්සර් කල
මොකෝ මට 4න් එකෙන් ඇදලා අරන් ගහන්නද

කෙල්ලෙක් හිනි වොඉස් එකකින් මොකක්ද කියවන යනවා..
හොවූ හොවූ මැඩම් කාටද කතා කරන්න ඕනි
දිනුෂ මම රුවනි
මොකාද යකෝ රුවනි!
පෙරේදා ක්ලාස් එකේදී නම්බර් එක ඉල්ලගත්තේ නෝට්ස් ටික ගෙන්න ඔයා මතක් කරන්න කිවුවේ
sorry මැඩම් ඔයාට වැරදිලා අයිත් නම්බර් එක චෙක් කරලා ගන්න
නෑ හරි 071643**** නෙහ් යටින් D අකුරකුත් ලියල තියෙනවා කිවුව.
හුටා කෙල්ල නම්බරේ නෙමෙයි නම්බරේ ලියපු කොළ කැල්ලයි මාරු කර තියෙන්නේ එහෙම නැත්නම් කතා කරන්න මාතෘකාවක් නැතිවට කොහෙවත් ඉන්න එකෙක්ව සබා ගත කරලා..
එකෙන් වැඩක් නෑ මට කෙල්ල මම ට්‍රයි කරපු එකක් මොකා උනත්
D අකුර ලොකුවට ලියල තමා මම කෙල්ලන්ට නම්බර් දෙන්නේ.
දැන් ප්‍රශ්නේ කොයි එකද කියල තෝරාගන්න එක..ඇහැට කනට ක්ලික් වෙන හැම එකිටම නොම්බර දෙනවා නෙහ්.දැල් දන්නේ නැතුව මාළු අහුවෙනවා යෑ..
රුවිනි කිවුවේ කොහේ රුවිනිද
මම පොල්ගහවෙල ලෝ කොලේජ් යන්නේ ..... සර්ගේ ගේ ඉන්ග්ලිෂ් ක්ලාස් එකේ පූ එක්ක ඉන්නේ පූ එක්ක ඇවිත් නොට් ඉල්ලුවේ
පොල්ගහවෙල ලෝ කොලේජ්..! මේ මගේ සුරංගනාවී නෙහ් අප්පා
සුජි 4න් දෙයිද ළමයින්ට කිවුවලු.

ටොම් ට ජෙරී සාස් පානෙන් ගැහුවා වගේ වටේ සද්ද අඩු වෙලා නහර වල ලේ ගමනාගමනය වැඩි වෙලා ඇගේ රුපය නෙත් මායිමේ මැවෙන්න ගත්ත..එහෙම ඒවා වෙන්නේ පොත් වල මට එහෙම එක්ක නම් උනේ නැ
කෝල් එක ඇදන් යන්න ඕනි කියල විතරයි මතක් උනේ.බැස්ස කතාවට.
අනේ සොරි මැඩම් මම පොල්ගහවෙල නෙමයි.ඒ වගේම මම ඔය කිවුව සර් ගේ පන්ති යන්නෙත් නෑ මම දන්නේ පූ ල දෙන්නයි එකෙක් විනිද පු අනිත් එක රොමේෂ් ගේ පු සුන්දුව හැබැයි මම ඔයාව නම් දන්නවා මැඩම්.
මුලින්ම මම මැඩම් කෙනෙක් නෙමයි ඔය දිනුෂ නෙමෙයි නම් කොහමද මව දන්නේ මගේ බෑග් එකට ඔයාගේ නම්බර් එක ආවේ කොහොමද?
මම දැන් ඉන්න තැන ටිකක් සද්දේ වැඩි මැඩම් මම ගෙදර ගිහින් කෝල් එකක් ගන්නම් අරන් තේරුම් කරලා දෙන්නම්.එතකන් කල්පනා කරන්න ගිහින් මොලේ උලුක් කරගන්නේ නැතුව පරිස්සමට නාලා කාලා ඉන්න.
බුදු සරණයි
කියල 4න් එක කට් කළා.
මුනට හම්බ වෙලා කතා කරනකොට වගේ නෙමයි 4න් එකෙන් කතා කරනකොට කෙල්ලව ටෝක් කරගන්න ඕනි නම් ඔක්කොම විස්තර එක කෝල් එකෙන් කියන්න හොද නෑ කියන එක මගේ තියරියක්..කොච්චර එපා කිවුවත් අහස දිහා නැත්තම් ටෙඩියෙක් බදාගෙන කලපනා කරන්න කෙල්ලෝ රුසියෝ ඉතින් කල්පනා කරන්න දෙයක් ඉතුරු කරලා කෝල් එක කට කරන්න ඕනි එතකොට තම ඊලග කෝල් එක ගැන අවස්ථාවක් හම්බ එවන්නේ හැබැයි එකේදී තව ප්‍රශ්නයක් දාන්නා කලින් ප්‍රශ්නේ බාගෙට විසදන්න..අත්දුටුයි පර්ත්යක්ෂයි
එදා ගෙදර එන ගමන් 4න් එකට සල්ලි එහෙම දාගෙන ඇවිත් නාල කාල අරාගත්ත කෝල් එකක්.(එක ගැන ලියන්නේ නැ මතක විදියට මුල්ම කෝල් එක විනාඩි  30 ක් වගේ කතා කළා) .මම කෙල්ලෙක්ට 4න් එකෙන් වැඩිම වෙලාව කතා කරලා තියෙන්නේ මෙයා එක්ක.එදා පටන් ගත්ත කෝල් කිරිල්ල අවුරුදු එකහමාරක් එක දිගටම හැමදාම කතා කළා.ඒ කෝල් එකෙන් මාසෙකට පස්සේ තමයි අපි දෙන්න මුලින්ම හම්බ උනේ.ජිවිතේ පලවෙනි වතාවට මම වෙලාවක් වැරද්දුවේ එදා තමා..ඉස්කෝලෙට ක්ලාස් වලට වෙලාවට නොගියට අනිත් හැම වැඩේටම වෙලාවට යන එන එක අදටත් මගේ පුරුද්දක්.කිවූව වෙලාවට හම්බ නොවෙන්න එන යාළුවන්ට බනින එක වගේම මම විනාඩියක් හරි පරක්කු උනොත් සමාව ඉල්ලන එකත් මට පුරුද්දට ගිහින් හැබැයි මම පරක්කු වෙන්නේ නැ ලේසියෙන්..

එදා කෙල්ල හම්බ වෙන්න එනවා කිවුව දවසේ මම හිටියේ හොරණ ගෙදර,හොරණ ඉදන් කොලබට පැයකින් බස් එක යයි කියල උපකල්පනය කරලා පැය බාගයක් වැඩිපුරත් දාලා තම මම ගෙදරින් එලියට බැස්සේ කරුම බස් එක පැය 1.5 කින් කොහුවල.ඔන්න එතකොට කෙල්ල ඇවිත් කෝල් කරනවා ලෝ කොලේජ් ගියාට එකී පට්ට බයයි 2 වෙනි කෝල් එක දුන්නේ අඩ අඩ. ඒ ගමන බස් එකෙන් බැහැල කොහුවල ඉදලා 3විල් එකකට නැගල උඋට කිවුව මචන් විනාඩි 15 කොටුවට දන්මොත් වැඩිපුර 200ක් දෙන්නම් කියල ඌත් සුපිරි බුලට් එකක් වැඩිපුර ආවේ පේමන්ට් එකේ.කොහොම හරි ගෙනත් බැස්සුවා විනාඩි 10 විතර කෙල්ලගේ හිත හදල එතැනින් අපු බස් එකකට නැග්ග වැල්ල වත්ත පැත්තට එන්න කියල කරුමෙක මහත කියන්නේ එදා රොක්සි එක වහල.10.30 මිස් මිස් උනොත් නුගේගොඩ එකේ රුවිත වෙලාවල් තියෙන්නේ කියල දනන් හිටිය එක 11.30 ට පටන් ගන්නේ යන්නත් වෙලා තිබ්බ නමුත් හම්බ උන පලවෙනි දවසෙම කෙල්ල වැරදි චිත්‍රයක් මව ගන්නවා ෂුවර් මූ ෆිල්ම් හෝල් කාපු එකෙක් කියල එක නිසා එකිවත් ඇදගෙන ගිය වැල්ලවත්ත බීච් එකට.කෙල්ලෙක් එක්ක මුලින්ම බීච් ගියේ එදා තමා පැය 2කක් විතර කතා කර කර ඉදල හීනියට ලිප් කිස් පාරක් එහෙම දීගෙන ඉන්නකොට බඩගින්න ඇඩ්මිට් වෙන්න ගත්තා.වැල්ලවත්ත කිට්ටුව තියෙනවා යාල රෙස්ටුවරන්ට් කියල පොට් එකක් හරි රසයි කෑම මස් කාරියක් තියෙනවා හොදට පහේ බැදලා හදන ඔතනට එක්කන් ගිහින් බඩ කට පිරෙන්න කාලා කෙල්ලව කොටුවට ගිහින් කෝච්චියට නග්ගල ගෙදර ආවා..එයා ගැන කිවුවේ නැ නෙහ් කෙල්ල අක්ක කෙනෙක් අවුරුදු වලින්ම 2කක් වැඩිමල්.කෙල්ලගේ අම්ම රට අම්මයි තාත්තයි සෙපරේට් වෙලා ඉන්නේ.ඒකිට මල්ලි කෙනෙක් ඉන්නවා තාත්තා ගේ මුලික රාජකාරිය බොන එක අනික් වෙලාවට බුවා කොහෙද මන්දා වැඩ කල මම තැන අහල නෑ කවදාවත්.අම්ම මල්ලිගේ නමට සල්ලි එවනවා එකෙන් තමා කෙල්ලයි මල්ලි ජිවත් උනේ.කෙල්ලට වැඩිපුරම ආශ්‍රය කලේ එහා ගෙදර ඉන්න මුස්ලිම් පවුලක් සිංහල ඉංගිරිසි වගේම දෙමල ටිකකුයි මුස්ලිම් ටිකකුත් කෙල්ලට කතා කරන්න පුළුවන්.ඔහොම කාලය ගෙවෙන කොට හැම සති අන්තෙම වගේ අපි හම්බ උනා කෙල්ලව අපේ ගෙදර එක්ක්කන් ආවා මම..
එක උනේ මෙහෙමයි.සාමානයෙන් ගෙදර ඉන්නකොට මගේ 4න් එක මම අතේ තියන් ඉන්නේ නැ.ඕක කාමරේ තියෙන්නේ.කෙල්ල ඕකට කතා කරලා කරලා ගන්නෙම නැති පාර ගෙදර එකට අරන්.පොඩි කලේ ඉදන් මාව ආශ්‍රය කරන එකෙක් ට උනත් සාමානයෙන් අපේ තාත්තයි මයි 4න් එකෙන් කතා කරනකොට අදුරගන්න බෑ අපේ අම්මටත් බෑ.හැබැයි මෙකි අදුරගෙන මෙකි අපේ පියතුමාගෙන් අහලා
අප්පච්චි ඩි ඉන්නවද කියලා
පොඩ්ඩක් ඉන්න දුවේ කියල
අපේ මහ තැන මාව හොයන ඇවිත් කියනවා මම නොදන්නා මගේ දුවෙක් ලෑන්ඩ් 4න් එකට කතා කරනවා පොඩ්ඩක් කතා කරලා මටත් අදුන්වල දෙන්න කියල
ඊට පස්සේ දවසක ගෙදර උන්දැලට අයව අදුන්වා දීම සිදුකෙරුණා.
ඔහොම දහමින් සෙමෙන් කාලය ගත වෙනකොට අක්කයි මල්ලි තරහ උනා.මල්ලි කෙල්ලෙක්වත් අරන් ඇවිත් ගෙදර පැත්තකුත් වෙන් කරගෙන ජිවත් වෙන්න පටන් ගත්තා.ඌ බෑන්ඩ් එකක ඔක්ටපෑඩ් ශිල්පියෙක් විදියට පොඩි ජොබ් කට්ටක් කලත් ඌට සැලකිය යුතු අදායමක් නම් එකෙන් ලැබුනේ නෑ..ඒ දවස් වල ඌ ඉස්කෝලේ යන පොඩි එකා.කෙල්ලෙක් ගෙනාවට 18 වත් පිරිලා තිබුනේ නෑ.ඊට පස්සේ කෙල්ලට අම්ම එවන සල්ලි සතයක්වත් ඌ දුන්නේ නෑ.ඇගේ සියලු වියදම් බැලුනේ මගේ අතින්.ඇදුම් පැළදුම් කෑම බිම අදයපන වියදම් සියල්ලම.අපේ මහා තැනත් මගේ උවමනාවකට කියල සල්ලි ඉල්ලුවම නොදුන්නට එයාගේ ඒවාට ඉල්ලන පරක්කුවෙන් දුන්න.
කෙල්ලේ තාත්තා කියන කෙනා නම් නමට හිටපු රූකඩයක්.රෑ වෙච්ච දවසක මම කෙල්ලව ගෙදර එක්ක ආවම අපේ අම්මා බදින්නේ නැතිව කෙල්ලෙක්ව ඔහොම එක්ක ආවම කෙල්ලට නේද මෝඩයෝ හොද නැත්තේ කියල මට පලු යන්න බැනලා අම්ම එයාගේ කාමරේ කෙල්ලව තියාගෙන පරිස්සම් කරත් දුව ගෙදර ඇවිත් නැ කියන එක හොයන්න ඒ තාත්තාට උවමනාවක් තිබේ නැ.(අපේ අම්ම දන්නේ නෑ කෙල්ල ඒ වෙද්දී වටින කියන සියලු දේ මට දීල ඉවරයි කියල)
මම ඒ ගෙදර දවස් ගණන් නැවතිලා හිටිය.ඒවා අපේ ගෙදරින් වත් දන්නේ නැ.යාළුවෙක් ගේ ගෙදර වගේ බොරු ගොඩක් කියල මම හිටියේ.ඔහොම කාලය ගත වෙනකොට ඉඩ හිට තරහ වෙන එක යාලු වෙන එක සාමනය දෙයක් උන අපි අතරේ.තරහ උනත් දාලා යන්නේ නැ කියන විස්වාසය දෙන්නගෙම හිත් දැනන් හිටියා..මම සාමානයෙන් මල පැනල තරහ උනාම යාලු කරගන්න ටිකක් අමාරුයි හැබැයි ඒ තරහ හිමිට නිවුනම මමම කතාකරනවා.ඔය විදියට දවසක් තරහ වෙලා මම එහෙන් ආවා.මාසයක් විතර කතා කලේ නෑ.හැබැයි වියදමට එයාගේ ගිණුමට සල්ලි දැමීම මම වැරද්දුවේ නෑ.කතා නොකලත් ඒවා කළා එහා ගෙදර මුස්ලිම් ඇන්ටි ට කතා කරලා හොදින් ඉන්නවද බැලුවා ඔය ඔක්කොම කළා.ඔය අතරේ මම රට ගියා සති 3කට සිංගප්පුරුවට.ඒ ගිහින් ඇවිත් කෝල් කර කරා ගත්තේ නෑ.සාමානයෙන් එහෙම වෙනවා.ඒ ගමන එහා ගෙදෙට්ට පණිවිඩේ දුන්නම පුතා පොඩ්ඩක් එන්න දෙයක් කියන්න තියෙනවා කියල කිවුවා...එදා රෑ කෙල්ල කතා කරා පහුව දා හම්බ වෙන්න එන්න පුලුවන්ද ඇහුවාම හා කිවුව 4න් එක කැඩිලා කිවුව.ඊලග දවසේ හම්බ උනා මම මළගෙදරක නිදිමරලා පට්ට නිදිමතේ ගිහින් හම්බ වෙලා තෑගි ටික එහෙම දීල අලුත් 4න් එකකුත් අරන් දීලා යැවුවා.එත් කෙල්ල කතා කිරීම අඩුයි වෙනසක් තේරෙන්න ගත්තා මට ඔයිට සති 2 කකට විතර පස්සේ කෙල්ල කතා කරන්නෙම නැති කොට ගියා මම එහෙ.අල්ලපු ගෙදර අය පල්ලි ගිහින් මම කෙල්ලගේ තාත්තාගෙන් එය කෝ අහනකොට කිවිව දෙයින් මගේ ලෝකෙම කඩා වැටුනා 
එය ගිය සතියේ බැන්ද නෙහ් පුතා පුතාට කිවුවේ නැද්ද කියල ඇහුව.
මම ඇහුවේ කාවද කියල විතරයි 
මාත් හරියටම දන්නේ නෑ ඒ ළමය මිට කලින් මෙහෙ ඇවිල්ලත් නෑ
කිවුවා
 කෙල්ල ගෙදර නොයෙන එක නොදන්නා උගෙන් ඊට වඩා හොද උත්තරයක් නොලෑබෙන බව දන්නා නිසා මම එතන කඩෙන් සිකරට් පෙට්ටියකුත් අරන් මුස්ලිම් ඇන්ටිලගේ ගෙදර එළියෙන් වාඩි වෙලා මගේ හොදම යාලුවෙක්ට කෝල් එකක් දුන්න..මම එයාට කොච්චර ආදරේ කලද කියල හොදටම දන්නා කෙනෙක්ට දුන්නේ කෝල් එක..
මම එනකන් උබ ඔතනින් අඩියක් වත් හොල්ලල තිබ්බොත් අපේ යාලු කම ඉවරයි ඒ වගේම කාත් එක්කවත් කිසිම දෙයක් කතා නොකර ඉදපන් කිවුවා..ඌ ඒ වෙලාවේ නිට්ටබුවේ ඇවිත් ඉදල තියෙන්නේ වැඩකට.එවලේම කැබ් එකක් හයර් කරන ඌ ආවා..ඊට ටික වෙලාවකට පස්සේ අර ඇන්ටිලා ආවා.
පුතා මේක කොහොම කියන්නද කියල මට තේරෙන්නේ නෑ කිවුව
එය බැන්ද එකද ආන්ටි මට තාත්තා කිවුවා.
ඒ කොල්ල කවුද කියල එයාල දෑනන් ඉදලත් නෑ 
මාසයක් ඇති ලු එක පටන් අරන්.
හැබැයි මම ඊට පස්සෙ කෙල්ල ගැන හෙවුවා බැදලා තිබ්බේ මාතලේ කොල්ලෙක්ව.
තවුසන් ටෝක් දීලා අල්ලන් තිබ්බට උගේ ගෙදර කිසිම පහසුකමක් තිබ්බේ නැ
මගේ කෙල්ලට දුක් විදලා පුරුදු එකියෙක් නෙමෙයි මම දවස් ගානක් ඒ ගේ ගාව හැංගිලා බලන් හිටියා කෙල්ල දර පලනවා වතුර අදිනවා මට බලන් ඉන්න බෑ.
කෙල්ලගේ හොදම යාලුවෙක් හිටිය එයා පූ.. පූ ට කියල මම වතුර මෝටරයක් ගෑස් කුකර් එකක් සිලින්ඩරයක් ප්ලාස්ටික් ටැංකියක් ෆෑන් එකක් ගන්න සල්ලි පූ ලෝන් එකක් දෙන විදියට දුන්න.පූ මට සැහෙන්න බැන්න දාලා ගියපු එකික් වෙනුවෙන් ඔහොම කරන්න එපා පිස්සෙක් වෙන්න එපා කියල නමුත් හිත වවන්නේ නෑ..
කොල්ලගේ රස්සාව නැති උනා ඊට ටික කාලෙකට පස්සේ මම එකත් හදලා දුන්න..
අදටත් ඒ මතකේ හිතට වැඩ දෙනවා
ඒ කොල්ල කොහොම හරි මගේත් එක්ක යාලු වෙලා හිටිය කියල දැනගෙන.මට කතා කලා තාමත් ඉද හිට කතා කරනවා ඌ..ඌ දැනන් ඉදල නෑ කෙල්ලට කොල්ලෙක් ඉන්නව කියල.ඌ එකට මගෙන සමාවත් ගත්තා ඌ නොකරපු වරදකට මගෙන් මොකට සමාව ගන්නවද.හැබැයි ඌ අදටත් මම එයා වෙනුවෙන් කරපු දේවල් දන්නේ නෑ..මගේ යාලුවෝ 2න්නෙක් විතරයි මේවා දන්නේ අනිත් උන් දන්නවා නම් බැනල මරලා මාව.ගෙදරින් හිතන් ඉන්නෙත් මම එයාව අතෑරියා කියල ගෙදරිනුත් හොදටම බැන්න ඒ වගේ හොද කෙල්ලෙක් එක්ක ඉන බැරි නම් මට කෙල්ලෙක් එක්ක ඉන්න බෑ කියල.හැබැයි ඇත්ත සිද්දිය කියල මම ඒ ප්‍රශ්න වලින් බේරුනොත් තාත්තා කෙල්ලට යහතින් ඉන්න දෙන්නේ නෑ කියල නම් මම දන්නවා

ඊට පස්සේ පොඩි පොඩි සබදතා කිහිපයක්ම ඇති උනත් ඒවා මාසෙකට වඩා පැවතුනේ නෑ මගේ