ගසමින් මගේ ඔළුවට
ආදරෙන්
පිස්සුද මෝඩයෝ
මැරෙන්නද හදන්නේ
කියයි නිතරම
රස කැවිලි සේම
රෝස්වුනු ඇගේ
කිරි ටොපි
කෑ යුතුමයි ඇගේ පොරයට
හුරමින් උර තලයම
නගන ඇගේ කිචි බිචිය
පරයයි හෙළ රැප් කලාවම
හපමින් හුරමින්
ගතු කියන,
සැමදාම
ඇයයි මගේ මිතුරිය
ආදරේ කරනා
සැමදාම
හරි වචනේ .... පෙම්වතිද ...? මිතුරියද ....?
ReplyDeleteමේ දෙකෙන් කෝක උනත් මෙතන මොනවා හරි තියනවා අනේ .....
ගොඩක් දෙනෙක් පටලවගන්න තැන තමයි ඕක..කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාලුවෝ වෙන්න බැරිද..
Deleteඇය මගේ මිතුරියයි..
එතකොට හපන්නේ හුරන්නේ මොන එහෙකටද ...? මරු යාළුකම ... ආචාර්යතුමාගේ
Deleteකෙල්ලෙක් වෙලත් කෙල්ලන්ගේ ප්‍රධාන අවිය දන්නේ නැද්ද නිහන්සෝ..
Deleteමගේ කටු බෝඩියට නෙලුවම එයාලටම සිදෙන නිසා අපේ සෙට් එකේ කෙල්ලෝ ඔක්කොමල්ල කොටින් ගේ වගේ තියෙන නියපොතු සෙට් එකෙන් හුරන එක තමා කරන්නේ..මගේ යෙහෙළියගේ රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා
මගෙ බෙස්ට් ෆ්‍රෙඩා ඕක විස්තර කළේ
Delete“ උඹ බස් එකට නැග්ග වෙලාවෙ ඉඳල කියෝන හැටි අහගෙන ඉඳල මගේ කන් දෙක පිරිල, තෝ දිහා බෙල්ල නවාගෙන, කඩාගෙන බලං ඉඳල බෙල්ල රිදි රිදි, ඔක්කොම විඳගෙන මං බස් එකෙන් බැස්ස ගමන් කරන්නෙ කඩේකට ගිහින් පැනඩෝල් දෙකක් ගහන එක.. ඇයි යකෝ.. ගුටි කාලම මගේ අත ඉදිමිලනෙ මඟුල....”
ඕං ඔහොමයි ඒ ජාතකේ... හි හි
http://mycrazymoods.blogspot.com/2013/08/blog-post.html
Deleteඋදේට හවසට අනිවරයේ දෙන කෝල් 2න් එකක් හරි අපේ ගෙදර හරි ඇවිත් ගියාම මම විනාඩි 10ක් ඇල වෙලා ඉන්නවා එකකට එකක් සම්බන්දයක් නැති මාතෘකා 50 ක් විතර අහලා තෝන්තු වෙච්ච ඔලුව එකලස් වෙනකන්..
Delete//රතු කට්ටේ උපරිමේ කියන්නේ විකන්න පටන් ගන්නවා//
ReplyDeleteසොඳුරු ආතල්ද ?
රතු කට්ට කිවුවේ කේන්තිය
Deleteඅනේ වාසනාවන්...
ReplyDeleteහූරනව විතරද...? කොනිත්තන්නෙ නැද්ද?
කොනිත්තන්නේ නැති කෙල්ලෝ ඉන්නව යෑ..කොටි නියපොතු වලින් කොනිත්තන එකත් කරනවා ලෙසටම
Deleteහා හා හොරෙ දැනුනා දැනුනා, ඕවා තම බන් යාලු කම්, ලිමිට් දාගත්ත යාළුකම් වලට වැඩිය ආපස්සට දවසක හැරිලා බලන්න පුළුවන්, එල ජය, කවිය ගති.
ReplyDeleteබොහොම ස්තුති සහෝ..
Deleteලිමිට් දන්න බෑ බන් හොද යාලු කමකට..හිතේ තියෙන හැමදේම කියන්න පුළුවන් කෙනෙක්ටයි හොද යාළුවෙක් කියන්නේ එහෙම කෙනෙක්ට කොහොම සිමා දාන්නද
මේ වගේ මිතුරුකම් හරිම සුන්දරයි...
ReplyDeleteඅනිවාර්යෙන්ම
Deleteපිරිමි යාළුවො හොඳයි.මටත් වැඩිපුරම ෆිට් පිරිමි යාළුවො. හැබැයි බලන මිනිස්සු බලන්නෙම වැරදියටනෙ. යාලුවෙක් කීවට පිළිගන්නේ නැහැ හිතන්නෙමවෙනින් දෙයක්
ReplyDeleteඑක නම් ඇත්ත..හැබැයි ඇගේ පෙම්වතා වගේම මගේ හිටපු පෙම්වති(මේ දවස් වල මම තනිකඩ නෙහ්) අපේ මිත්‍රත්වය වැරදියට හිතන්නේ නැති එක ගැන මට සතුටුයි
Deleteඑක හරි බන් හුරන්න විතරයි දන්නේ
ReplyDeleteඑකෙන්ම
Delete