කලෙක ඉදල සිරිපාදේ කරුණා කරන්න ලොකු උවමනාවක් තිබ්බත් අවුරුදු 22 වෙනකන් ඉස්ට කරගන්න නම් බැරි උනා.ඔහොම ඉන්න අතරේ ඒ අවස්ථාව අහම්බෙන් උදා උනා.ඒ අපේ මංගල උත්සව සදහා නිල ඇදුම් සපයනා ඇබා විකි මැතිතුමාගේ පිහිටෙන්..
යන්න ඉන්නේ හොද ගමනක් සද්දවෙන් යා යුතු උනාට වැඩේ පටන් ගත්තේ නම් වෙන අදහසකින්..
සිද්දිය මෙහෙමයි
ඇබා හි සේවය කරන වික්කගේ ගෝලයෙක් ඒ ලගපාත ගාමන්ට් එකක සුට්ටන් අක්කිය කෙනෙක් එක්ක ආලෙන් වේලිලා ඉන්නවා.ඉතින් ඒ දැරිවි සහ ඇගේ මිත්‍ර සංගමය සිරිපාදේ කරුණ කරන්න යනවා සහ ඔවුන්ගෙන් බහුතරය තනිකඩයි කියන අරන්චියත් අරගෙන වික්ක අපිව හොයාගෙන ආවේ නිකන් තඩියාගේ වැන් එකට හයර් එකකුත් හොයාගෙන..ඒ ඇබා එකෙන් 5 දෙනෙක් ඒ වෙනකොටත් ගමන යන්න සුදානම් වෙලා..තෙල් වියදමත් බෙදෙන නිසා අපේ උන්ටත් වික්ක අරාධනා කළා..ඔක්කොමල පැනල එන්නම් කිවුවට එකෙක් වත් අන්තිම මොහොත වෙනකන් හරි වචනයක් නම් දුන්නේ නැ..තනිකඩ කෙල්ලෝ ටිකක් කිවුවම අපේ උන්ටත් වෙන මොකුත් ඕනි නැ නෙහ්..
කොහොමින් කොහොම හරි යන දවසත් ලං උනා..කලින් දවසේ සුපුරුදු පරිදි සුරුට්ටුවක් ගහල පෙන්ටියක් බිබී ඉන්නකොට වැඩ ඇරිලා වික්කත් එතනට සැපත් උනා.ඌ ගේනවා කන ටින් ගාන ප්‍රවෘතියක් කෙල්ලන්ට මළගෙයක් වෙලා උන් ගමන යන්නේ නෑ කියල..
කොල්ලන්ගේ මොරාල් එක ටික ටික පහල බහිනකොට ඇබා එකේ උනුත් නොපමිනිමට හේතු එක දෙක ඉදිරිපත් කරන්න ගත්තා..එකෙක්ගේ නෝනා ඉස්පිරිතාලේ ලු තව එකෙක්ගේ සියා ඉස්පිරිතාලේ වගේ ඒවා කියල උන් ටික කැපුනා.
හැබැයි වැඩක් පටන් ගන්න කම්මැලි උනාට තඩියා තනියෙන් හරි එක ඇදන් යන ගතියක් තියෙනවා (අධ්‍යාපන කටයුතු හැර අනිත් ඒවා)එකට පින් සිද්ද වෙන්න මම තනියෙන් හරි යනවා යන උන් කියපන් කියල තදිය පෙරමුණේ හිටගන්නකොට මම තුමා දෙවෙනියටත් වික්ක හීරෝ බවුවා සෙවුවාඅමිල අයියා අබේ පිළිවෙලින් එකතුඋනා.
ඒ අස්සේ ට්‍රිප ගැන විකියනේ බර්යාවට ආරංචි වෙලා.ඒකිව හලලා යන්න හැදුවා කියල යුධ ප්රකසෙකුත් එවලා.
එතැනින් ඊලග පුරස්නේ පටන් ගත්තා..ඒකිව හලලා යන්නත් බෑ කොල්ලෝ ගොඩක් විතරක් යන හින්දා ඒකිව ගෙදරින් පන්නන්නත් බෑ..මොන මගොඩිය කරත් උපරිම රහස්‍යභාවය සහ දෙන්න දෙමවුපියන්ට තියෙන පිළිගැනීමත් නිසා හැමෝගෙම ගෙවල් වලට හොද කාර්ඩ් එකක් මම තුමාට තියෙනවා..එකට පින් සිද්ද වෙන්න කෙල්ලගේ අම්මට කෝල් කරලා ඒකිට අවසර ගත්තා ඒ උනාට කෙල්ල මලෙන් එකී එන්නේ නෑම ගානවා..නො$%^#^ දවල් 2 වෙද්දී ලෑස්ති වෙලා හිටපන් කියල කෝල් එක කට් කල මම එකී එනවා කියල දන්නා නිසා..
නඩේ 9 දෙනයි..නාමය නපුරුයි කියල තදිය තව එකෙක් ව හෙවුවා විටක් ඉවර වෙනකන්ම හපන ගමන්..ඕන මගුලක් කියල අන්තිමේ අපි 9 දෙන යන්න තිරණය කරා..නඩේ ගුරා වික්ක ඌ කෝඩු..තඩියා අමිල අයියා මම මදු සෙවුවා කොඩුකාරයෝ.නඩයෙන් 6 කෝඩු..අබේ මල්ලි පොඩි කලේ අම්මගේ අතේ එල්ලිලා ගිහින් තියෙනවලු.හිරෝව දන්සලක් දෙන්න එක පාරක් ගියාලු බවුව නම් ගිය මුරේ ගිහින් තිබ්බා වැඩපලේ සෙට් එකක් එක්ක...
ඔන්න ඔහොම වෙච්ච නඩේ නමෝ විත්තියෙන් පහුවදා මෙහෙන් ගමන් ඇරබුවා..දුරක යන්න කලින් මම හැමදාම කරනවා වගේ පන්සලට ඔක්කොමලාව දක්කාගෙන ගිහින් මලක් පහනක් පුජ කරලා ඊළගට ලග කඩෙන් දුමක් දාලා ගමන පටන් ගත්තා..යන පාරා gps එකෙන් බලන් ගිහින් කොහොම හරි ජිවිතේට වාහනයක් ගිහින් නැති පාරක පැය 2කක් විතර ගිහින් යන්තම් රත්නපුර සිරිපා මාර්ගයට අවතීරණ උනා
හවස 6 ට විතර උනාට සාමානය එළියක් තිබ්බ හැබැයි මල් වැස්සකුත් තිබ්බ..ඉදිකටු නුල් එහෙම මගේ බෑග් එකට පැටවුණා.එතැනින් ඉටිකොළ ටිකකුත් අරන් එකත් පෙරෝගෙන දෙයියනේ කියල කරුනකරන්න පටන්ගත්තා..
මුලින්ම දෙයියන්ගේ අඩවිය කියල අපේ උන් මට කට වහගෙන වරෙන් කියල නීතියක් දැන්ම නිසා මම පාඩුවේ බුලත් විටක් හපන්න ගත්තා විතරයි දේවාලෙකට ගියා කට්ටියම..එතන හිටිය දෙවියන්ගේ ඒජන්ට් කෙනෙක්ට කියල කාසියක් අපේ උන් බලෙන්ම මගේ අතෙත් ගැට ගැස්සුවා සුදු රෙදි කෑල්ලකින්..ඉලඅගට මොනර පිල් සෙට් එකකින් ඔළුවට පත බෑවා..
ඔතනින් මාරු වෙලා ඉස්සරහට යනකොටම දන්නා අදුරන මුණු සෙට් එක්කක් ඉන්නවා බැලින්නම් උන් බත් දන්සලක් දෙනවා..කා ගියගත්ත ගමන් ඉන්න අපේ උන්ට මසුරන්..තොටුපළෙන් වැලි පටෝනවා වගේ කොත ගහල සෙට් එකම පටෝගත්ත..ඒ අස්සේ මාදුව බත් එකක් ඔතගන්න ඕනි කියල නහයෙන් අඩනවා.ඔතාගත්තා වගේ යෑ අපිනේ උස්සන් යන ඕනි කුනුහරුපයක් කියල ඒකිව පුටුවක වැඩි කරලා දන්සලෙන් බත් කාලා කන දීපු ටොපිය එබුවා කටේ..
මුලදී කියන්න අමතක උන නෙහ් අපේ උස මහත විසබිජේ නොහොත් තඩියා කිසිම බෑග් එකක් ගෙනාවේ නෑ කියහන්කෝ..අපේ බෙඩ්ශීට් එකක් තරම් වන උගේ ටවල් එකයි ඩබල් XL කලිසම් ෂර්ට් ටික එබුවා අපේ බෑග් වලට..ඌට නිදහසේ යන්න ඕනි කියනව නෙහ්..කොයි වෙලේ බොයිල් කරයිද දන්නේ නැත නිසා අපිත් එක පයින් ඔබගත්තා ඒටික..මාදුව විකියගේ කරේ එල්ලලා ඒකිගේ බෑග් එක..
බතට පස්සේ දුම කියල අමිල අයියයි මයි දුමක් දන්නා ගන්නකොටම වැඩි ලෝඩ් එක බාන්න තැන හොයනවා..ලොරිත් එහෙම නෙහ්.තොටුපළෙන් තලලා තලලා දාගන්න ලෝඩ් එක මගදී බාගයක් බාලා සවලෙන් උස්සල බාගේ එක කරනවා.පොදු පොට් එකකින් ඒ අවස්යතාත් ඉටු කරගෙන ගමන් ආරම්ඹ කරා..මුලදී තැන්න ටිකක් පඩි ටිකක් වගේ නිසා කට්ටිය ඇදලා ආවා. එනකොට
තාමා මුලින්ම දැක්කේ පඩි වල නොම්බර ගහල තියෙන සින් එකක් එක දැකල ටික දුරකින් පහලට බහින නඩයක් හම්බ උනා වික්ක උන්ව ටෝක් කරලා අයියේ පඩි කියක් විතර ඔක්කොම තියෙනවා ඇහුව
උන් තම මුලනේ කොල්ලෝ උබල ඔක්කොම 12000ක් විතර තියෙනවා ඩබල් එකේ නැගහන් කිවුව විතරයි තඩියා වැටුනා රෝල් වෙලා කන්ද පමුලටම මානසිකව.
එතන ඉදලා කොල්ල ගියේ 35ශ්‍රී සමනල මුණ ලොරියක් කඩුගන්නාව අදිනවා වගේ..පඩි 5යි එක දිගට නගින්නේ හති අරිනවා..
නකල්ස් ගගියෙත් එහෙම නිසා අපි එක බලාපොරොත්තුවෙන් ගියේ..අරක නොඇහුවත් කොල්ල නවතින සයිස් එකේ හිටියේ 1000 වෙනකොට බුවාට හොද ගණන්.ආසාවට වත්ත වටේ වත් ඇවිදින්නේ නෑ නෙහ්.එහෙම උන නම් 122kg බර වෙන්නෙත් නෑ නෙහ්..ඔය අස්සේ මාදුව හිටගෙන නිදි
වාහනේදී නම් කතා උනේ මුලින් නාගෙන ගමන පටන් ගන්නයි නමුත් අදුර සහ දේශගුණය කට්ටියව මන්දගාමී කරා ඒ වැඩේට...හිමින් හිමින් යනකොට කට්ටියම ඩල් නිසා තඩියගේ සහයට මම යි හිරොවයි පසු බැස අනිත් උන්ව ඉස්සරහට යවන්න තීරණය කළා මදුගේ නිදිමත නිසා ටික දුරක් යනකොට උන් දෙන්න ඉන්නවා බිම වැඩි වෙලා ඒ ගමන ඉදගන්න හම්බ වෙන හැම තැනම ටික ටික විවේක ගනිමින් කොපි බිබී ඉස්සරහට යනකොට අනිත් සෙට් එකත් අයිත් සෙට් උනා උන්ට බඩගිනි ලු බන්ඩාගාරික මම එනකන් උන් නැවතිලා ඉදල තියෙන්නේ..ඒ ගමන කඩේකින් පාන් වුයි රොටි කළා බිවුවා තේ..ඊළගට හිමින් හිමින් ගැටුව ලිහිණි හෙළ හරියේදී තදිය අම්බලමක පත බැවුනා නිදිමතයි කියල.
මාදුව ගෙනත් තිබ්බ අග්ගල වගයක් කාල මම ගෙනිච්ච වින්ටෝජිනෝ සත් කාරයක් කළා තදියටට්යි මදුවටයි..අවුරුදු ගානක් st jhon ප්‍රථමාධාර සේවයේ හිටියෙන් මගේ ගමන් මල්ලේ බෙහෙත් අඩු උනේ නෑ කවදාවත්..මැහුම් දන තුවාලයක ඉදල සන්නිපතේ කිට්ටුවට එනකන් ලෙඩ වලට බෙහෙත් මම රෙඩි..
ඊට පස්සේ හිමින් හිමින් කටු කිතුල අම්බලමට ලං වෙනකොට රෑ1 පහු වෙලා.එතැනට ආවා විතරයි
මුන් දෙන්න දෙපැත්ත වැටිලා නිදාගත්තා..මිට ටිකකට කලින් කඩල සහ බෙලිමල් දන්සලක් හම්බ උන නෙහ් එක ගැන කියන්න බැරි උන නෙහ්..එකෙන් බඩකට පිරෙන්න කාලා මාදුව මට හොරෙන් මුලක් බැදගෙන...අපරාදේ කියන්න බෑ කෙල්ල නිදියන්න කලින් එක අතට දුන්න උස්සන් ඇවිල්ල එපා වෙලා මේක කාලා ඉවර කරපල්ලා කියල..මුන් ටික නිදගන්නකන් අපි 2වෙනි පාරටත් කඩල කාලා දුමක් එහෙමත් දැන්ම..ඊට පස්සේ හොල්ලල කරලා නැගිට්ටුවම තඩිය
සිගාරට් එකක් දියණ මුලින්
ඔන්න එක දුන්නම තමා කොල්ල කකුල් 2කෙන් හිටගත්තේ...කොහොමින් කොහොම ඉදිකටුපනටත් ලං කරා...
එක එකා එක එක විදියට චාරිත්ත්ර ටික ඉටු කරලා එටන කඩේට ගිය කොපි පාරක් දන්න..
යනකොට අබය මලයා නිදි මෙන්න මෙහෙම
අනිත් උනුත් වැඩි වෙනසක් නෑ
ඒ ගමන තීරණය කරා එතන තියෙන අම්බලමේ පැය 2කක විවේකයක් අරන් අපහු යන්න..4න් ඔක්කොගෙම එළම් එහෙම තියාගෙන සැතපුනා කට්ටියම
අපරාදේ කියන්න බෑ තඩිය පෙරොන රෙදිත් අරන් ඇවිල්ල..උස්සන් යන අමාරුවක් යෑ..අපේ බෑග් අදාල ගන්නකොට තම දැනගත්තේ මූ ගේ රෙද්දත් අපි උස්සන් ඇවිල්ල කියල..මොනවා නැතත් කොල්ලට විනාඩි 5න් බුරුත කොටයක් ඉරාන ගානට සෙට් වෙන්න පුළුවන්..කොල්ල ලී ඉරනවා අපි ඉස්සුවා රෙද්ද..උඩ එකේ කෙරෝලේ එකෙක් පෙරාවන් ඉන්නවා පෙන්නේ එක..
පැය 2කෙන් වැදුණු එලාම් එක දෙක හිමිට ඔෆ් වෙනවා ඇහුන..කොහොම හරි අපි නිදාගන්නකොට 3ට විටර ඇති..6.30 ට නැගිට්ට..මාදුවා හිතලේ මොනවාද දොඩෝනවා ඇහිලා තම මටත් ඇහැරුනේ..එත් තඩියාව නම් ඇහැරගන්න උනේ නැ..කුණුහරුප කියෝ කියෝ අපිව එලෝ එලෝ බුවා නිදි..එතන කඩෙන් හොද ට් පාරක් අමාෂ ගත කරගෙන ඊයේ රෑ ඉතුරු වෙච්ච මලුවටම එකයි සුරුට්ටු බාගයක් වික්කයි මායි පත්තු කරගෙන නිවි සැනසිල්ලේ බොන්න සෙට් වෙනකොටම මදු බෙලිකටු මල්ල හොලවන්න ගත්තා කන ගවින්ම....කන්න ඕනි කියල ඒ ගමන බෑග් වල තිබ්බ පාන් ටික අරන් සිනි සම්බෝල බෝතලෙත් එක්ක හලගත්තා බඩට..
ඒ වෙනකොටත් නිදන් හිටපු තඩියටයි බවුවටයි පංගුව ඉතුරු කරලා..අපි ඉස්සරහට ගියා නැගිට්ටම ඉස්සරහට වරෙන් හම්බ වෙන දිය ඇල්ලක් ගව අපි ටිකක් පෙගෙන්නම් කියල..
මුණ හේදුව කියන්නන සක්ෂියටලු මේක ගත්තේ
උන් දෙන්නව තනි කරලා අපි ඉස්සරහට ඇදෙනකොට සේවුවට සුද්දියෙක් සෙට් වෙලා සෙවුවා ඒ දවස් වල කඩ්ඩ ක්ලාස් එහෙමත් බඩ ගාන කලේ..එක පාරටම අයියේ මෙකි මොනවාද අහනවා කියාගෙන මූ අපි ගාවට ආවා කියන්නකෝ..
සුද්දී තව කොච්චර දුර යන්න ඕනිද මම බස් එකක් ගන්න..
මදු උබට පඩි 7000ක් විටර තියෙනවා.අසන්න වශයෙන් 6 කම් වගේ
සුද්දී කොච්චර වෙලා යයිද යන්න? ඔයගොල්ලෝ කීයටද නගින්න පටන් ගත්තේ
මම ඊයේ හවස පැය 9 කිට්ටු වෙන්න ඇවිද්ද පැය 3ක් නිදාගත්තා..
සුද්දී ඔ මයි ගෝඩ්
මම උබ කොහෙන්ද නැග්ගේ
සුද්දී හැටන් වලින්
මම කොච්චර වෙලා ගියාද
සුද්දී පැය 2කයි..උඩට ගිහිල්ල මෙටනටම එන්න..bye guys
කියාගෙන එකී ගියා
අපි දවස් 2කක් තිස්සේ නගිනවා එකී පත මල්ලකුත් එල්ලගෙන පැය 2කෙන් නැගලත් බහිනවා..එතන ඉදල අපේ උන්ගේ මාතෘකාව උනේ හැටන් හෙනම ලග ඇති අපරාදේ මෙහෙන් ආවේ අපිට එහෙන් බහින්න බැරිද වාහනේ එහෙට ගෙන්න ගන්න විදියක් නැද්ද වගේ ඒවා
කොහොමින් කොහොමින් නාන්න තැනකුත් සෙට් උනා
වතුර දැකීමේ ප්‍රීතිය නිමිත්තෙන් |
නාන්න තැනක් කිවුවාට ලොකු පොට් එකක් නෙමෙඉ පොඩි දියපාරක ගිලිලා නාන්න වලක් සහ අයිස් කැටේට වතුර ටික..
බහිනකොට හිතල උනාට බැස්සැයින් පස්සේ උඩට එන්න බෑ..පට්ට ආතල්..පැයක් හමාරක් ගිලිලා ඉන්නකොට තඩියා හිමිට සේන්දු උන එතනට...උඋත් එක්කත් ටිකක් වෙලා පෙගිලා..එතන කඩේක බෑග් ටික තියල කට්ටිය කරුනාකරන්න පටන් ගත්තා..නැමෙන් සහ නින්දෙන් ලද පන්නරයෙන් ඊයේට වඩා අද ටිකක් ඉක්මනින් නැග්ග..ඊයේ තඩියගේ උපරිම වේගය උනේ එක දිගට පඩි 5..5ක් නගිනවා බුවා විනාඩියක් හති අරිනවා..එක වෙලාවකට කටත් ඇරන් අහස දිහා බලන් ඉන්නවා..හැබැයි අද කොල්ලෝ එක දිගට ටික ටික නගින්න ගත්ත පැය 2කකින් වගේ හැරමිටි පානට ගැටුවා..එතන කඩෙන් කිරි කොපි ගත්තා..සමුපකාර ආපන ශාලාවක් තියෙනවා එතන..සුපිරි කිරි කොපි එක..කොපි වලට දාල තියෙන්නේ නෙස්ටමෝල්ට් වෙලාවට ලගපතක බල්ලෙක් හිටියේ නෑ..හිටිය නම් ඌ එක බිලා කඩේ එකාව කනවා ෂුවර්..ගත්ත නිසා ටිකක් බිලා ඉතුරු ටික හලාල විටක් එහෙම කාලා දුමක් දාලා ගමන පටන් ගත්තා..
ඒ පැත්තේ විට වලට තියෙන්නේ සුදුපාට හුණු එක අපිට හෙන සැරයි..තොල කට ගන්න දෙයක් තිබ්බේ නෑ ඒ වෙනකොට...ඉස්සරහට හම්බ වෙන කඩවල් වලිනුත් එක එක දේවල් සප්පයන් වේවි හිමිට ඉදිරියට ඇදෙනකොට බඩගින්න වැඩ දුන්නයින් කඩේකින් උණු උණු බත් එකකට වග කිවුවා..සාමානයෙන් වතුර එකක් වත් උණුවෙන් බොන්නේ නෙති මට එවලේ නම් ඒ උණු බත් එක දිව්‍ය බෝජනයක්..බත් එක්ක පරිප්පු සොයා කොලමැල්ලුමක් රතුඅල..කෑවා නෙමෙයි ගිල්ල..එතනත් දුමක් කාරිය දාලා වතුර බෝතල් එහෙම පුරෝගෙන ඉදිරියට ඇදුනා.මෙන්න මේ වෙලාවේ තඩියා වතුර බෝතලයක් ඉල්ලා ගත්තා..එක තම ඌ ඉසිස්සෙල්ලම මේ චාරිකාවේ යමක් උස්සන් යන්න ගත්ත පලවෙනි වතාව..තඩියාව ඉදිරියට දැක්වීමේ කාර්ය එතන ඉදල සෙවුවා මල්ලි බාරගත්ත..දැක්කුවේ නැත්තං කොල්ල ඉන්නවා අයිනක් අල්ලන් හුලන් බොන කිබුල වගේ කටත් ඇරගෙන.ඒ හින්ද මාරුවෙන් මාරුවට එක එකා ඒ ඩියුටිය කළා..
පඩියෙන් පඩිය තාලෙට |
ඔහොම මහගිරි දබේ ගාවට එනකොට අපේ හිරෝවට බෝගක් සෙට් උනා...ඒ හරියේ එකට පහසුකම් නොමැති නිසා කොල්ල එටන ඉදන් උඩටම දිවුවා කට්ටියවම පෙරලගෙන...හිට් වෙන තඩියාව නිව නිව අඩන මදුවාව සනසවගෙන අපිත් උඩට එනකොට මුලින් ගිය සෙට් එක පැත්තේ තියෙන්නේ හෝල් එකක් වගේ එකක් එකේ තැපලා නිදි..කකුල් අට පැය රිදෙනවා කිවුව උන්ට සාත්තුවක් දීලා පෙන් කිලර් ටිකකුත් පොවල..බෝග නිදහස් කිරීමෙන් ලද සුව පැත්තකට වෙලා විදිමින් හිටිය හිරෝවව ඇදගෙන මම මළුව පැත්තට ආවා..
එදා කෙම්මුරද මොකක්ද කියල මළුව වහනවා ලු ටිකකින්..ඒ වෙද්දී වෙලාව 4ට කිට්ටුයි..අයිත් අරින්නේ 6ට කිවුවා..ඒ ගමන ඩබල් එකේ ගිහින් සෙට් එකව ඇදන් ආවා වන්දන්න..ෆුල් ඩල් වෙලා හිටිය තඩියව නැගිට්ටගන්න බැරි උනාකුණුහරුප කියා කියා අපිව එලොනවා..ඒ ගමන අපි ගිහින් හිතේ හැටියට වැද පුදාගෙන මල් පහන් පුජ කරලා ගන්ටාරේ එහෙමත් ගහලා මළුව වහන්න කියල පහලට එවනකන්ම හිටියා..ඊට පස්සේ තම පහලට බැස්සේ..එතකොට තදිය නැගිටලා ඉන්නවා හොද කුණුහරුප දෙකක් කියල උවත් ඇදන් ආවා පොඩි ශේපක් ගෙන වන්දන්න බලන්.ගේට්ටුව වහලා..ඒ ගාමන් 6ට මුට වන්දගෙන තාමා පහලට බහින්නේ කියන තීරණේට කට්ටිය ඇවිල්ල වෙලාව එනකන් පොඩ්ඩක් සැතපුනා..
ටිකකින් ඇහැරිලා බලද්දී තඩියා නෑ.මළුව උඩ හැමතැනම හොයල නැති පාර හැටන් පාර දිගේ එකෙක්වද අපු පාර දිගේ එකෙක්වද පිටත් කරලා මළුවේ හිටපු අයට පින්තුරයක් පෙන්න පෙන්න හොයන්න ගත්තා..ඔහොම ගිහින් පහලට බැස්ස කොල්ලෝ දෙන්න උඩට ආවා..අපි ටිකක් දුර ගිය මචන් බුවාගේ වේගේ අනුව එච්චර දුර නම් යන්න විදියක් නෑ කියල.තවත් ටිකක් වෙලා බලන් ඉන්නකොට මෙන්න කොල්ල එනවා හැටන් පාර දිගේ..නින්දෙන් නැගිට්ටම බුවාට මතක් වෙලා මල් හදුන් කුරු ගත්තේ නෑ නේද කියල ඌ ඒවා හොයන්න ගිහින්..මදු ගෙදරින් සියල්ල ලෑස්ති කරගෙන ඇවිත් තිබ්බ බුවා එක දන්නේ නෑ නෙහ්..වදින්න බැරි වෙච්ච රටේ දුකටත් එක්ක ඩබල් එකේ බැහැල..පහල කඩේකින් රෝල් එකක් කාලා තේ එකක් එහෙම බිලා දුමක් කාරිය දාලා කොල්ල මලුත් අරන් උඩට ඇවිල්ල තියෙන්නේ..
එදා සැහෙන්න වෙලාවක් ගතා කියල පුඋජාවක් තිබ්බ එකටත් සම්මාදන් වෙලා තඩියට වන්දවල එටන හිටපු වෙන නඩයක් දුන්න පලතුරු ටිකකුත් බඩට ගෙන පහලට කරුණා කරන්න පටන්ගත්තා 6.30 ට විතර...මකර තොරණ ලග කඩෙන් රාත්‍රී ආහාරය ගන්නකන් මොකුත් නෑ කියල කට්ටියට බහින්න දුන්න..බැරි අමාරුවෙන් නැග්ග තඩියා බහිනවා හිටු කියල.මදු ගේ කකුල් පැලිලා..වැල් වලට වෙලා කකා ඉන්නවා මිසක් ආසාවට ඇවිදිනවා යෑ මුන්...ඒ මදිවට හයිය සෙරෙප්පු දෙකක් දාන් ඇවිත් තියෙන්නේ..ගෑනු නෙහ්..
නකල්ස් චාරිකාවේ වගේම මේකෙදිත් මම ගියේ පාවහන් රහිතව..දර්මරාජ ගාලේදී උණුසුමෙන් පොඩි හිරිහැරයක් තිබ්බත් මට ඔය සෙරෙප්පු සපත්තු දාගෙන යනවට වඩා නිකන් සනීපයි..
කෙල්ලගේ කකුලෙන් ලේ එනවා ඒ ගමන ඒකිගේ අතේ තිබ්බ පොඩි බෑග් එකත් හිරෝවගේ අතට දීලා මගේ ප්රතමදර මල්ලෙන් හොයාගත්ත ක්‍රීම් එකක් උලලා බැන්ඩේජ් පාරක් දාලා හිමිට හිමිට බහින්න ගත්තා..කඩාගෙන බිදගෙන යන තඩියට පඩියක් හරි මිස් උනොත් සදා සොක්ති නිසා ඌත් එක්ක බහින්න කොටසක් ව යවලා හිරොවයි මායි විකියි අබේ මලයයි පසුපසින් මාදුව එක්ක බහින්න ගත්තා.අපි බහින්න පැය බාගෙකට විතර කලින් කට්ටිය මකර තොරණ ලග කඩේට සෙට් වෙලා අපි යනකොට..එතනින් බත් ටිකක් බඩට ගෙන කලින් විදියටම කොටස් 2කට පහලට ගමන් ඇරබුවා..සිකරට් වතුර බුලත්විට වගේම ප්රතිපදනත් කොටස් 2කට බෙදල ඉස්සරහහින් බහින් සෙට් එකට දුන්න කොටහක්..කොපි බිබී විට කකා පහලට ආවා අපිත් හිමිට හිමිටඉදිකටු පානට එනකොට මාදුවා ඩවුන්..ඒ ගමන මදුවාව උස්සන් බහිමු කියල සෙට් උනා. කරට අත දා ගෙන උස්සන් එන්න එක කිට්ටුව උස දෙන්නෙක් ඉන්න ඕනි අබය මල්ලි කන්නේ පොල් පොර නෙහ් ඌ කොකා වගේ උසයි..හිරෝව ඊළගට උසයි විකි ඊළගට මම කොටා..ප්රතමදර පුහුණුවට පින් සිද්ද වෙන්න කරේ තියන් හරි බහින්න් හැකියාව තියෙන නිසා වික්කගෙයි මදුගෙයි මලු දෙකත් හිරොටයි අබේ මලයටයි දීලා විකියි මයි මදුවාව කරට ගත්තා..ඒ පටන් ගත්ත පිම්ම කටු කිතුල හරියට වෙනකන්ම එක් දිගට ඇද්ද..කටු කිතුල අම්බලමට කලින් හම්බ උන කඩේකින් කොපි පාරක් දාල තෙල් රොටියක් ගිලල විට 2කක් ගබඩා කරගෙන දුමක් දාලා.සෙට් උනා අයිත් බහින්න ඒ වෙද්දී වෙලාව 12 පහුවෙලා..අනිත් උන් කොහෙද බලාගන්න 4න් වලට සිග්නල් කදුලක් නැ..ඔහොම් බැහන් එද්දී හති අරින්න ගල් පඩි පෙලේ වැඩි වෙලා විටක් දානකොට අබය මට පැත්තකට කථා කරලා කියනවා
පස්සෙන් කවුරු හරි එන සද්දයක් ඇහෙනවා බන් මම දෙතුන් පාරක්ම හැරිලා බැලුව නෑ නමුත් එනවා දැනෙනවා කියල ඒ වගේම හති බෑග් එල්ලන් හති වැඩි කමට හිරෝව තනියෙන් කියෝනව කියල..පොඩි එකාගේ හිත ගැස්සිලා..හොද වෙලාවට ඌ එක පැත්තකට කතා කරලා කිවුවේ නැත්තම් මාදුවගේ හිතත් ඉවරයි..එතන ඉදල අබය ව පෙරගමන් යැවුවා..යකට අපේ එකා ගැහුවොත් ඇරෙන්න හිරෝව කියන්නේ සාමානයෙන් මොකෙක්ටවත් බය එකෙක් නෙමෙ.. ඒ හින්ද මට ඌ ගැන හිටන්න ඕන උනේ නෑ..ටික දුරක් යද්දී තේරුණා අරු කිවුව කතාව ඇත්ත කියල හිරෝව තනියෙන් කියෝනව තාමා..ඒ ගමන ඌව බයිට් කර කර විහිළු කර කර පල්ලම් බැස්ස..ටිකෙන් ටික ගම්මාන කිට්ටු කරනකොට අපේ වතුරත් ඉවරයි..කඩත් වහලා..ගෙදරක මිදුලේ ටැප් එකක් හොයනකොට ඒ ගෙදර මිනිස්සුන්ට ඇහිලා එලියට ආවා එහෙන් වතුර ඉල්ලන් බිලා පහලට අව්ව යන්තම් එනකොට පාන්දර 5 ට විතර ඇති. ඒ වෙද්දී අරුන් බැහැලා සැපට නිදිත් එක්ක..යන්න කියල වාහනේට නැග්ගම තඩියා අයිත් අපිව එලෙවුව අර යද්දී බැන්ද රෙදි කැල්ල දේවාලෙන් තියල එන්න කියල.ඒ ගමන මාදුවගේ එකත් ගලෝගෙන වික්කයි මායි ගිහින් එක දෙවියන්ට රිටර්න් කරලා ආවා..ඊට පස්සේ මට මලා වගේ නින්ද ගිය අමිල අයිය හිමිට හිමිට එලොගෙන ඇවිල්ල නියිට් කඩේකින් නවත්තල තම ඇහැරුවේ..එතනින් උණු උණු මලු පාන් ටිකක් බඩට දා ගෙන කිරි පැකට් එකකුත් ගහලා දුමකුත් දාලා අයිත් අපි නිදාගත්තා අමිල අයියා ගෙවල් කිට්ටුවාදී තාමා ඇහැරුවේ...
කට්ටියව ගෙවල් වලට දාල තඩියා ගෙදර ගියා..හොද නින්දක් එහෙම දාල නැගිටලා හවස කෝල් කලාම කොල්ලගෙන් ප්‍රතිචාරයක් නෑ..ඒ ගමන උගේ නංගිට කෝල් කරලා බැලුවමයි දැනගත්තේ කොල්ල අපු වෙලේ ඉදන් තාම නිදි කියල..නිකන් නම් කමක් නෑ අම්මට කියල බතුත් කවොගෙන කන්න අමාරුයි කියල.
ඒ ගමන එහෙට ගිහින් කොල්ලට හොද මසාජ් එකක් දීලා තමා කෙලින් කලේ..දවස් 3ක් විතර ඌ අව උදේටයි හවසටයි වින්ටජිනෝ ටියුබ් එකකුත් උස්සගෙන මසාජ් කරවගන්න
මෙහ චාරිකාවේදී දුටු හිත සසලම කරන කාරනාවක් 2කෙන් මුල් එක තමා
බොලගේ මහා අප්පච්චි හොරකන් කරපු පහන වෙනුවට තිබ්බ මහලොකු පහන පුපුරලා කැඩිලා ගිහින්..එකේ පොඩි පහන් වටේට තියල පත්තු කරන්නේ..
ඊලග එක තමා මේක.උඩමළුවේ එක පැත්තක් තමා මේ
අණක් ගුණක් නැති අපේම කාලකන්නි අපේ පරිසරේට කරලා තියෙන විනාසේ බලන්න..යන්න කලින් උපදෙස් දෙන උන් කියන්නේ කට වැරැද්ද ගන්න එපා දෙයියන්ගේ අඩවිය අරකයි මේකයි කියල..මගේ කට කොහොමත් හොද නෑ වගේම මම දෙයියෝ අදහන්නේ නෑ..හැබැයි ඒ උපදෙස් දෙන එකෙක්වත් ගෙනියන කුණු මග දාන්න එපා කියල උපදෙස් දෙන්නේ නෑ..දෙයියෙක් ඉන්නවනම් උබලට කරදර කරන්නේ කටින් පිට වෙන වචන වලට නෙමෙයි උබල කරන මේ වගේ වැඩ වලට..කුණු දන්න එපා යකුනේ අතර මග අරන් වරෙන් ගෙදරට නැත්තන් කුණු බක්කියක් හම්බ වෙනකන් විසේසයෙන් ස්වබාවික පරිසර පද්දතීන් වලට කුණු එකතු කරන්න එපා..තමන්ගේ දේවල් රැක ගන්න බැරුව තමන් ඒවා විනාස කරන්න එක පොලිතින් කෑල්ලකින් හරි දායක වෙනවා නම් එන්න එපා රෙද්ද උස්සන් බදුර්ධින්ගෙන් විල්පත්තු බේරගන්න..මුලින් තමන්ගෙන් පරිසරය බේරන් හිටපල්ලා..
මුල්ම කොමෙන්ටුව මගේ ඈ... අන්තිමට දිපු අවවාදේ නම් එල... මෙක සිරිපා අවාරේ නෙද... කවදා ගිය එකක්ද මේ...
ReplyDeleteබොහොම ස්තුති...2015 04 03 තම ගමන පිටත් වූ දවස
Deleteසුපිරි ගමනක්
ReplyDeleteඑකෙන්ම
Deleteහික් ගමනට මාස තුනක්.
ReplyDeleteමාස 3ක් නෙමෙයි යකු දවස් 3ක්
Delete