Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, July 25, 2016

නොදුටු මානෙක මනමේ පුවත




ඔව්.
වීරයා මරන්න
කඩුව දුන්න පෙම්වතී මම.

දන්න ශිල්ප ඔක්කොම දාල
ඒ හිලව්වට
මාව ඉල්ලපු,
කැමතිදැයි නොවිමසපු,
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ
බිඳින්න,
මං කැමති වැද්දෙක්ට
ප්‍රේම කරන්න.
ඉගෙන ගත්තට - ධනය තිබුනට
ඔහුට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කුමාර ගති
අප්පිරියයි මට.

ඉතිහාසෙ පුරුද්ද
තවත් ඉවසන්නෙ මොකටද
ආදරේ කැරැල්ලක් තමයි
හිරවෙච්චි ගෑණුන්ට.

-මනමේ කුමාරි-
|නොකියපු කතා {හංසි ජයසිංහ(ස්වර්ණපාලි)}



ගමේ කෙල්ලගේ
මුණ බලන්නේ කොහොමද
අසරණ පෙම්බරා මං
කොහොමද විසිකරන්නේ 
ගුරුතුමා එල්ලපු උරචක්කර මලේ

හොදින් කතා කරන්න බැරිද
වැද්දෙක්ට
අභියෝගේකට
බෑ කියහැක්ද
රජෙක්නෙහ් මං
සුසැට ශිල්පෙ දන්න
මාන්නේ මගේ පෙළපතින් 
උරුම...
හැකිද මට බිදින්න
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ

තිබ්බට පොත්තේ පාට
ඈට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කොමල ගති 
අප්පිරියයි මට
ගමේ සුවදට ලෝබ බදින
රජෙක් මං
සම්ප්‍රධායට කොටුවෙච්ච

මනමේ කුමාරු- 
|නොකියපු කතා


හංසි අක්කගේ මනමේ කුමාරි නොකී කතාවට මගෙන් මනමේ කුමරු නොකී කතාව

ස්නේහයේ ගගුලෑල





ලෙන්ගතු බව දසත බෙදන
ස්නේහයේ ගගුලෑල
ඤනන්විත බලු පැටවුන්
දිවගින්
ආදරය වපුරන
වලිගගින් 
සතුට බෙදන
නාස් අගින්
ලෝකය විමසන
ස්නේහයේ ලොම් ගුලිය
තරහව නොහදුනන
ආදරය ඉල්ලන
නොදුන් විට ගොරවන
එසැනින් ලෙවකන
සගයෙකි
ආදරණිය




සංකල්පනා හොරකම බස්සි අක්කගේ උගත් මැසිවිරු බලලුන්ගෙන්

Monday, July 18, 2016

රමණ මං පෙත්


 වචන මීවිත
තාල හැඩ වැඩ
කෙලි කවට සිනහ මැද
ආල වට්ටම්
තොග මිලයට බෙදයි සැමවිට
රමණ මං දොර
විවර කරනට
පාන සෙනෙහස
ආදරයේ නාමයෙන්
විවරයි මං පෙත්

රමණය

Wednesday, July 6, 2016

වික්කාගේ ආගමනය සහ ජෝකගේ සම්ප්‍රාප්තිය






මගේ හිතාදර වික්ක සහෝදරයාගේ උපන්දිනය 24 දින රාත්‍රියේ සමරනු ලැබුවේ පුරා වර්ෂයක කාලයකට පසු ලංකා  තලයට ගොඩ බට ජොකා සහෝදරයාගේ සහබාගිත්වයෙන්.

ගග අසබඩ  සුපුරුදු ස්ථානය සැමරුමට යොදාගෙන තිබුනත් සිහින සහෝදරයට  කලින් පැනල යන්න ඕන කම තිබුනයෙන් හෙෂලගේ නිවස ඉදිරිපිටින් වැඩ ඇල්ලුවා

සුපුරුදු බිමේ රටාවෙන් ඔබ්බට ගිහින් කේරලය පැත්තෙන් සද මතට ගොඩ බෑව මුලින්ම..නිතිපතා පාවිච්චි කරන තෙල් කඩදහි කෑල්ලෙන් මිදිලා රසගැන්වූ ඔරිජිනල් පේපර් කැබැල්ලක රස සමගින් පලවෙනි වටය නිමා කරලා සිහින  සහෝදරයාගේ  නික්මයමෙන් අනතරුව  හෙෂලගේ ගෙදර තිබ්බ බෝක්කුවක් උඩට වෙලා ජන්ම දින හිමිකරු  ප්‍රිය භාර්යාවගේ නිවසේ පවතී උත්සවය නිමකොට පැමිණෙන තෙක් බලසිටිමයි අරමුණ උනේ..

ගැටෝ කේක් ගෙඩියකුත් උස්සන් වික්කා රැගත් CB4 එක සම්ප්‍රප්ත උනයින් කේක් ගෙඩිය ෆිජ් එකට දාල දෙවෙනි වටේට සුදානම් උනා...
ගග  ලගට යන්න කලින් තීරණය  කරගෙන හිටියැන්  කට්ටිය  පුරෝගත්   බයිසි මොටෝ  ටික  පේලියට  ගග  බලා ඇදුනා..එතන මදුරුවෝ කියල  ලංකාවේ ඉන්න අපේ සුද්දන්ට ඉන්න බැරි උනයින් නැවතත්  බෝක්කු  ආසනය  වෙතට  පැමිණියා..



දේශීයත්වය සපිරි තනමල් නැවුම් රොකට්ටුවක් සුදානම් වුනා ෂනිකෙට..එක  හමාර කරලා  ජොකා  සහ  විකි කඩයක් සොයාගෙන ගොස්  මැන්ගෝ නෙක්ටර් 4ක් සහ  ජම්බෝ පිනට් ලොකු 2කක් අල පෙති පැකට්ටුවක් සමග කෝප්ප  කිහිපයම් මේසයට සම්ප්‍රාප්ත කළා..
බෝක්කු ආසනයේ ඉගෙන ඇබ්සලුට් OZ  සමග කලවමට මැන්ගෝ නෙක්ටර් පලවෙනි වටේ යද්දීම හීරෝ ඇහුව  මෙච්චර ජුස් මොකටද  බන් එක  බෝතලයක්  බොන්න කියලා ..පොඩ්ඩක් හිටපන් ඕකට මම උත්තරේ  තව  ටිකකින් දෙන්නම් කියල කියපු ජොකා බෙන්සන් පෙට්ටියක් සුවියට දීලා උගේ  අතේ තිබ්බ ගොල්ඩ්ලිෆ් ටික  ඉල්ලා ගත්තා..ඌ කාලෙකින් හම්බ උන සුබුරුදු දුමෙහි රස බලන  අතර තුර ඉද හිට හම්බ වෙන නැවුම් රසක් අපි විදගත්තා..


බිම වටෙකින්  අනතුරුව ලෝකල් පන්දමක්  වට  2කක් ගිය පසු  නැවතත් බෝතලයට  වගකිවූ  අතර ඉන්පසු  හොද  පාදමේ  සිටි  අයට  මනාලි  වටයකින් අභ්‍යවකාශයට ගෙනගොස්  අතරමන්  කරන  ලදී...
මනාලි ක්‍රීම්
ඉන්පසුව විකියගේ  උපන්දින  කේක්  ගෙඩිය  මේසයට  වැඩම්මවූ  අතර  හිමිට  හිමිට  කට්ටිය එකට වග  කිවූ  අතර නැවතත්  ලෝකල්  වටෙකින්  අනතුරුව  ගග  ලග  නැවුම් සුලන්  පහරක්  විදින්න මනාලි වත්  කැන්දාගෙන ගගලගට  සම්ප්‍රාප්ත  උනා..

විවිධ තල  වල සිටි අයට එවර මදුරු  ප්‍රශ්න  ඇති උනේ  නෑ..වාඩි  වෙලා  ගැහුවා  පලවෙනී මනාලි උගුරෙන්  පසු එකා  දෙන්න  එහෙන්මම බිම  ඇල  වෙලා සද  තරු  මල් ගනින්න  ගත්  අතර අලුත්  බෙන්සන් පෙට්ටියකුත්  කරලියට ආවා.එකෙන්ත්  කිහිපයක් ගැසීමෙන්  අනතුරුව  සබාව විසිරවීමේ වාරය  එලබියා.


රුවන් සහෝ  ජෝකව  නිවසට ඇරලවීම බාරගත්  අතර සබාතොමෝ සතුටෙන් විසිර  ගියා මගේ  ලග  බෙන්සන් පෙට්ටිය ඉතුරුකොට..එකට  උන  දේ  ඊලග  ලිපියෙන්

Saturday, June 11, 2016

නොඅසන් නොදනිමි



හී සර බඳු
වචන
දායදයක්දැයි
නොදනිමි
මමද
එනමුදු
එයින් මත් උණු බබරිදු
හෙරොයින් වලට නොදෙවිනි
මත්බවයකින්
මිදෙනුවස්
හීයෙන් දෙපළු වුණු ඇපලක්
හා කාරනු හැකිද



Sunday, June 5, 2016

අරුමයක කරුමය


නෙත් පැහැරගත්
නුබේ සියුමැලි
වතේ රස්නය
පරදන
පුසුබක මනොහරය
කියපාන රුවේ අරුමය
අකුරු කරගත නොහි
තැවෙන කරුමය


Tuesday, May 31, 2016

නෙතග




දුටු විටෙක
නිල්වන් නුබේ නුවන්
හද
හිල්කරන හී සැරය
නෙත් කොනෙන් නුබ  බලන
හද දවන ගිනි මැලය
සිත
ත් කරන
නිතබ සිබින නීල වරල
හද දවයි

අකුණු සැරය