Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, August 16, 2015

ෆයිටර්ස් Fiters

ගූගල් දෙවියාගෙන්



ගොඩක් දෙනෙක් දන්නා කියන මාලුවෙක් ගැන තමා මම අද කියලා දෙන්න හදන්නේ..අද ගොඩ දෙනෙක් ලස්සනට චුටි බොල් එකක ගෙන හැදුවට ෆයිටර් උන්මදෙකින් තරුණයන් පෙලිච්ච කාලෙකුත් තිබ්බා ලස්සනට අමතරව ඔට්ටු වට කෙටවීම ආදියත් ලංකාවේ බොහොම ජයට වෙච්ච කාලෙකුත් තිබ්බ කියලා අමතක කරන්න හොද නෑ..ඒ තරමටම නැතත් පාසල් සිසුන් අතර මෙය අදටත් සිදුවෙනවා



                 






















හැඳින්වීම

සාමානයෙන් ෆයිටර්ස් කියලා හැදින්නුවට මොඋන්ගේ නාමය ඇවිල්ල Siamese fighting fish කියන එකයි ඒවගේම BETTA යන නාමයෙන් මෙන්ම Siamese betta නාමයෙන්ද හදුන්වනු ලබයි..
Belontiidae කුලයට අයත් වන මොහුගේ නිජ බිම කොලොම්බියාව හ තායිලන්තය ලෙස තම වාර්තා වන්නේ අද වන විට ලොව පුරාම විසිරි ඇත.




ජිවන රටාව

සාමානයෙන් වරල් සහිත ශරීරය 7cm පමණ විශාල වෙයි.එසේම මත්සයින් 10,000 කට එකෙක් පමණ 12 cm විශාල සිරුරකට උරුම කම් කියයි..අවුරුදු 2ත් 4ත් අතර ජිවිට කාලයකට උරුම කම් කියයි..හැබැයි කලතුරකින් අපිට හම්බ වෙන මළුවට නම් එච්චර ආයු කාලයක් නැ..එකා සාමානයෙන් අවුරුදු 1.5 තමා උපරිම


පිරිමි සතුන් කලහකාරී ගති ලක්ෂණ පෙන්න අතර වැඩුණු පිරිමි සතුන් දෙදෙනෙකු එක ටැංකියක දැමීම කිසිසේත් නොහැක..ගැහැණු සතුන්
තරමක් සමජ ශිලිය.

ආහාර

සාමාන්‍ය මත්සය ආහාර දිය හැකිය නමුත් අබිජනනයට ගන්න පිරිමි සතුන්ගේ නියමිත වර්ණයන් ලබාගැනීමට blood worms දීම අනිවාර්යයි.




වෙළද පොලේ මෙලෙස ටින් පැවතුනත් මිලෙන් නම් තරමක් වැඩි.


මේවා හොයාගන්න තියෙන හොදම ස්ථානය තම නිවසේ ඉදුල් වතුර බැස යන කානු පද්දතිය..ඔබ එය හොදින් නිරීක්ෂණය කළහොත් රතුපාට ස්ථරයක් දැකිය හැකිය..එක පාරට දැක්කම නම් තේකොල මන්ඩි වගෙඉ(මෙහ පැවිල්ල ඉවර උන ගමන් පැහැදිලි චායා රුප කිහිපයක් දමන්නම්)නගර බද ඉන්න ඈයෝ කණුව බලල ඇවිත් මට බනින්න එපා එහෙම මගුලක් නැ කියල..බට වලින් හෝ කණුවක් දිගේ ගෝස් මහපෝලොවට වැටෙන තැන බලන්න






ලෙඩ රෝග සහ ප්‍රතිකාර

මේ යටතේ සුලබ රෝග සහ ඒවාට ප්‍රතිකරත් කලාතුරකින් සැදිය හැකි රෝග ගැන කෙටි හැදින්විමකුත් කරන්නම් ෆයිටර් මත්සයන්ට අදාල වෙනයම් රෝගයක් ගැන දීර්ග හැදින්වීමක් අවශ්‍ය නම් කමෙන්ටුවක් ලෙස දමන්න මා මෙයට එය හැකි ඉක්මනින් එක් කරන්නම්

ඩ්‍රොප්සි (dropsy)






























බැක්ටීරියාවක් නිසා වැළඳෙන රෝගයකි.නමුත් බෝනොවන රෝගයකි මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ජලයේ අපිරිසිදුතාවයයි. මෙම බැක්ටීරියාව මසුන්ගේ වකුගඩු ආසාදනය කරයි. මුලින්ම මත්ස්‍යාගේ ඇස් එළියට නෙරා ඒමක් හොඳින් නිරීක්ෂණය කළවිට දැකිය හැකිය.එමෙන්ම කරමල් අසල රතු පැහැ ඉරක් ද නිරීක්ෂණය කල හැක ඉන් දින කිහිපයකින් පසු මත්ස්‍යාගේ කොරපොතු පිම්බී බඩ කෙමෙන් කෙමෙන් විශාල වේ. උදරයේ දියරයක් එකතුවීමෙන් බඩ ඉදිමේ.මෙහ් අවස්ථාවේ මත්ස්‍යා ආහාර ගැනීම පවා සාමාන්‍ය ලෙස කරයි. නමුත් රෝගය උත්සන්න වන විට ආහාර ගැනීම කිරීමට හෝ මත්ස්‍යාට පිහිනීමට පවා නොහැකි ලෙස ශරීරය ඉදිමෙයි. බොහෝ අවස්ථාවල බඩ උඩට සිටින සේ ටැංකියේ පැත්තකට වී මත්ස්‍යා දින ගණනාවක් සිටී.ජලයේ ගුණාත්මක භාවය ගැන සැළකිලිමත් වූයේ නම් මෙවැනි බොහෝ රෝග වළක්වා ගත හැකි ය. මෙම රෝගයට ගොදුරු වූ මත්ස්‍යයින්ට ප්‍රතිකාර කිරීමෙන් සුව කරගැනීමට ඉතා අපහසු ය.






Mouth Fungus












මත්සයන්ගේ මුකය වටා සුදු පුල්ලි( පුස් වර්ගයක්) සැදීම මෙහිදී සිදුවෙනවා රෝගය ව්‍යාප්ත වෙත්ම එම පුල්ලිය බුල් බූල් ස්වබාවයක් ගන්නවා කොටන් රෙද්දක් වගේ.මේ අවස්ථවේ මත්සයා අහාර ගැනීම අඩුකරනු ලබයි.රෝගයේ මුල් අවස්ථාවේ අසාදිත මත්සයන් ටැංකියෙන් වෙනකොට වෙනත් ටැංකියකට දැමීම සිදු කල හැකිනම් රෝගය පහසුවෙන් පාලනය වෙනවා..ප්‍රථමික අවදියේදී KMNO4 2-4 ppm යෙදීම පහසුවෙන් කල් හැකි ප්‍රති කාරකයක්..අනෙත් ප්‍රති කාරක ‍වෘර්තිය දැනුම නොමැතිව කියවා කරන්න යාමෙන් මුළු ටැංකියෙම මත්සයින් විනාස විය හැකි බැවින් ඒ ගැන සදහන් කිරීමෙන් මම වලකිනවා..අවශය කෙනෙක් වෙතොත් විමසන්න.

අභිජනනය

වැඩුණු මවු සතුන් ජෝඩුවක් පමණක් කුඩා ටැංකියක අභිජනනය කරවයි.ෆයිටර් මත්සයෙක් ගේ හොදම පරිනත වයස ලෙස සලකන්නේ අවුරුද්ද ක වයස..සාමානයෙන් කඩේ ගැන ඉන්න මත්සයින් මාස 6 ක උපරිම වයස තාමා සිටින්නේ.සාමන්යෙන් එකම වර්ණයේ සහ එකම විදියේ වරල් සහිත සතුන් දෙදෙනෙකු යොදාගනී මන්ද එවිට වර්ණ ගුණාත්මකත්වය ඉහල අගයකින් යුත් පැටවුන් ලබාගත හැකි බැවිනි.අඩි 1 X 1 ටැංකියක් වුවද සැහෙයි.එයට ගල් පතුරක් වැනි යමක් එක කරනවා ගැහැණු සතාට පිරිමි සතා බිත්තර දමා අවසන් වූ ගැහැණු සතාව එලව දමන නිසා සැගවීම සදහා.මුලින් ටැංකියට පිරිමි සත්ව දමා කෙසෙල් හෝ කැන්ද වැනි ශාක පත්‍රයක් දමන්න.පැය 2ත් 5ත් අතර වෙලාවකින් පමණ බලන විට nest එකක් එහෙම නැත්තන් පෙන වලින් කැදැල්ලක් පිරිමි සතා නිර්මාණය කරනවා..ගැහැණු සතාව විනිවිද පෙනෙන ජෑම් වැනි බෝතලයක දාලා ටැංකිය ඇතුලෙන් තැබීමෙන් මේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්.පිරිමි සතා පෙන වලින් කුඩුව සැදු පසු ගැහැණු සතාව ටැංකියට එක්කිරීම සිදු කරනවා..සාමානයෙන් පැය 10- 17 ත් අතර කාලයකි බිත්තර දැමීම හාර කරනවා ගැහැණු සතා.අපි දාන කොලේ උස්සල බැලුවම පෙන අතර සවු ඇට වැනි තද සුදු පාට බිත්තර තාමා මොවුන් දමන්නේ බිත්තර දමා ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ගැහැණු සතාව ටැංකියෙන් ඉවත් කිරීම සිදු කරනවා.


බිත්තර දමා දෙවෙනි දින පැටවුන් එලියට එම සිදු වෙනවා.එලියට පැමිණි පැටවුන් පැය 24ත් 36 ත් අතර කාලයකදී පිහිනීම අරම්බ කරනවා..ඒ වන තෙක් කිසිදු කෑමක් දීමේ අවශ්‍ය තාවයක් නැ

පැටවුන් පෝෂණය හා රැකබලාගැනීම

පැටවුන් පිහිනීම අරන්ම්භ කරන විට කෑම සැපයීම සිදුකල යුතු වෙනවා..වාණිජ වශයෙන් පැටවුන් බෝකරන මධ්‍යස්ථාන වල දී පැරමිසියම් රොටිෆෙරා ඉන්ෆසුරිය වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී බිත්තර කහමද පාන් කල්චර් වැනි දේ ඩිය හැකිය..4 වන 5 වන දවස වන විට බ්‍රියින් ශිම්ස් තාමා සාමානයෙන් දෙන්නේ ගෘහස්ථව සාදන ඔබට බිත්තර කහමදම දින 10 පමණ වනතෙක් දිය හැකිය.

පැරමිසියම්

එක සශෛලික ජීවියෙකු වන පැරමිසියම් අන්වීක්ෂයකින් පමණක් දිස්වන ජීවියෙකි සමානයන් අපිරිසිදු ජලයේ ජිවත් වන මොඋව්න් අනෙක් අන්වික්ෂිය ජීවින්ගෙන් වෙන්කර හදුනාගැනීම අපහසුය

රොටිෆෙරා

සත්ව ජලන්ගයක් වන මොවුන් අනෙකුත් ජළඟ අතරින් කුඩාම ජීවින් වේ.මෙය මත්සය පැටවුන් සදහා ලබාදිය හැකි ආහාරයකි.

ඉන්ෆසුරිය

බොහොම සැලකිල්ලෙන් ඩිය යුතුයි මන්ද වැඩි වූ විට ටැංකිය අපවිත්‍ර වේ.


                  වැනි ශුද්‍ර ජීවී අහාර වර්ග මුල් දවස් 3දි දෙනු ලබයි.ගෘහස්ථව සැදීමේදී

බිත්තර කහමද

කහමදය වතුරේ ඩිය කර රෙද්දකින් පෙරා පෙරාගත් ද්‍රවණය මත්සයින්ට දීම සිදු කරයි.

පාන් කල්චර්

මෙය සැදීමට පරණ මුහුණ ටිකක් සොයගට යුතුයි පළමුව.ඉන්පසු පරණ පාන් ගෙඩියක් ගෙන කුඩා කැබලි වලට කඩා ජලයේ පොගවන්න ඉන්පසු එය තලපයක් වන තුරු අතින් හොදට පොඩි කරන්න ඉන්පසු එය රත් කර නිවෙන්න හරින්න හොදින් නිවුණු පසු කලින් සපයාගත් මුහුම් මුසු කරන්න..ඉන් පසු විදුරු කැබැල්ලකින් වැනි දෙකින් බැදුනේ කට වසා මද හිරු එලිය වැටෙන ස්ථානයක ගබඩා කර තබන්න දින 3කට පමණ පසු කුඩා පණුවන් රාශියක් නීරික්ෂණය කල හැක දින 2ක් 3ක් වයස මත්සය පැටවුන්ට මෙය කදිම ආහාරයක්


                                                                     වැනි දේ දිය හැකිය..


කුඩා පැටවුන්ට අහාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු කරනු කිහිපයකි..පැටවුන් දුර්වල බැවින් ඔවුන්ට අහාර සොයා ඔබ මොක පිහිනීමට අවශ්‍ය නොවිය යුතුයි. ඒ සදහා අහාර යෙදීමේදී සැමතැනටම විසිරෙන ලෙස යෙදිය යුතුයි.පැටවුන් ගන්නේ කුඩා අහර ප්‍රමාණයක් බැවින් ඒවා පෝෂණ තත්වයෙන් ඉතා ඉහල විය යුතුයි..ඒමෙනම කෑම වැඩිවීමෙන් ටැංකිය අපවිත්‍ර නොවීමටද වගබලාගත යුතුයි..කුඩා කරුණු වුවත් මේවා පිළිබද අවදානය යොමු නොකිරීමෙන් බොහෝ පැටවුන් විනාස විය හැකිය.


සති 2 කක් පමණ ගිය විට මුල් ටැංකියෙ මසුන් පිහිනනු හොදින් දැකගත හැකිය ඒ අවස්ථාවේදී විශාල ටැංකියකට මාරු කිරීම සිදුකල යුතුයි.මන්ද ඉඩකඩ මදි වීම වතුර අපවිත්‍ර වීම වැනි කාරනා මේ අවස්ථාවේ සිදුවීමට පටන් ගන්නා බැවින්.වතුර අගල් 4ක් පමණ පිරවූ විශාල ටැංකියකට බෝකිරීමට යොදාගත් ටැංකිය පිටින් උස්සන් ගිහින් හැලීම තාමා වඩා සාර්ථක ක්‍රමය..ඒ ක අමාරු නම් කෝප්පයකින් හිමිට වතුර ටික අස් කල යුතුයි..දැලක් බාවිතයෙන් ඇල්ලීම නොසුදුසුයි මන්ද සාමානය මදුරු දැලෙන් ඇල්ලිය නොහැකි තරමට පැටවුන් කුඩා අතර ඊට කුඩා දැලක් බාවිතයෙන් ඇල්ලීමේදී පැටවුන් ඇද වීම තැලීම වැනි දේ මගින් අස්වැන්න අඩුවිය හැකිය..





විශාල ටැංකියක මාස 2ත් 4 ත් අතර කාලයක් වෙන්නොකර සැදීමේ හැකියාව පවතිනවා ටැංකියේ ඉඩ ප්‍රමාණය ලබාදෙන කෑම වල පෝෂනතත්වය වැනි කරන මත එය රදාපවතිනවා..ඉන් පසුව පිරිමි සතුන්ව වෙන්කිරීම සිදුකල යුතු වෙනවා අනිවාර්යෙන්ම.මන්ද යත් මුලදී කිවුවා වගේ කලහකාරී ගතිලක්ෂණ පෙන්වන මත්සය වර්ගයක් බැවින් පිරිමිසතුන් එකිනෙකා කොටගැනීම සිදුවෙනවා.මේ නිසා පිරිමි සතුන්ව වෙන් වෙන්ව ඇති කිරීම සිදුවෙනවා.නිසි පරිදි වරල් වර්ධනය සිදුවන්නේ වෙන්කළ පසුව තාමා..හැබැයි වෙන් කල පසුව සතියකට වරක් වත් පණුවන් ලබාදීම අනිවාර්යෙන් සිදුකල යුතුයි..මාසයක් ඔඅමන වෙන් කර සිටි පසු වෙළදපොලට දැමීමට සුදුසු තත්වයට මත්සයා ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මක බවිනුත් උපරිමේට පැමිනේනවා.


වල්ගය අනුව නාමකරණය



ෆයිටර්ස් ලටම වෙන් උන fb group එහෙමත් තියෙනවා ගොඩක් පින්තුර එහෙමත් තියෙනවා එකේ අලුත් ජාතිවල එහෙම

මෙතනින් ගිහින් බලන්න මාලු ගැන
මෙතනින් ගිහින් බලන්න බෝකරන්නන් ගැන
                                              










Thursday, July 16, 2015

ලකී බැම්බෝ



එක එක කාලෙට එක එක පිස්සු හැදෙනවා නෙහ් මේකත් එහෙම පිස්සුවක් හැදිච්ච කලෙක කරපු වැඩක්..ලාබයක් මිස පාඩුවක් නොවුන මේකේ කම්මැලි කම සහ වෙළදපොල අඩුවීම මත නතර කරපු එකක්..

ලකී බැම්බෝ එහෙම නැත්නම් සැන්ද්‍රියානා යනුවෙන් කොයි කවුරුත් දන්නා මේක ෆෙන්ෂුයි අයිටම් එකක්..අද වේලදපොලේ ගොඩක් නිර්මාණ තිබ්බට ෆෙන්ශුඉ වල නම් තියෙන්නේ බොහොම ටිකයි නිර්මාණ








ප්‍රධාන වශයෙන්ම නැවේ ආකෘතිය සහ තිරිවාන ගල් යෙදු විනිවිද පෙනෙන බජනයේ වතුර පුරවල සහ 3 වෙනි රුපයේ මැද තියෙන ගහ වටේට වතුර පුරෝලා මාලුවෙක් දාලා
නුතන වෙළද පොළ සහ දක්ෂය නිර්මාණකරුවන් හේතුවෙන් ව්විද නිර්මාණ කරලියට පැමිණිලා තියෙනවා..

ඔඩෙල් එකේ රු 1500 වන එකක් පොඩි පැළ තවානක 800 ක් වගේ මිලක් වෙනවා.නමුත් 100 ට 200 ව වගේ බාල්දු මිලගණන් වල ට විකිනුනේ නෑ ඒ දවස් වල නිර්මාණයට වෙන මහන්සිය එක්ක ගුණාත්මක බවකුත් තියාගෙන තම ඒ දවස් වල අපි මිල කිවුවේ..

මේ නිර්මාණය ලස්සන වුනාට නිර්මාණයේ පොඩි කතන්දරයක් තියෙනවා..මුලින්ම 




ෂෙඩ් නෙට් වලින් සැකසු නසරියක හිටවපු පල වලින් තාමා මේක කරන්න ඕනි..එහෙම කියන්නේ නිට්ටබුව පැත්තේ තියෙනවා ගෙවල් වල ඕන තරම් අතු ගන්න නමුත් ගුණාත්මක බැවින් තොරයි වගකීමක් දෙන්න බෑ..රෝග නිරෝධන හැකියාව අඩුයි ඒකාකාරී වර්ණ නෑ වැඩිම ඒකාකාරී නෑ අන්න ඒ හේතු නිසා ඉ ක්‍රමානු කුලව වගාකරපු ගස්ම ගන්න ඕනි..ඒකාකාරී ලෙස නොවැඩිම ඉටා වැදගත් අපි නිර්මාණයක් කලාම එක එක ගස් එක එක අනුපාත වලින් වැවෙන්න ගත්තාම නිර්මාණයේ හැඩය වෙනස් වෙනවා..

මෙහෙම හිටෝපු ගස් උගුල්ලලා නෙමෙයි ගන්නේ නිර්මාණයට අවශ්‍ය උස හිටින්න කපනවා මුල පොළොවේ තියෙද්දී..ඊළගට දවසක් හෙවනේ තියෙන්න ඕනි..ඊළගට මුල් අද්දවීමේ වර්ධක හෝමෝන සහිත ජලයේ දාලා දවස් 2ක් හෝ 3ක් තියෙනවා කිරි මුල් එනකන්..ඊට පස්සේ තාමා වැඩි කොළ වේලිච්ච කොළ ගලෝල ගහ සුද්ද කරන්නේ..ඒ වෙනකොට මැලවිච්ච කිරි මුල් ඇදල නැති ගස් අයින් කරන්න ඕනි..ඊට පස්සේ තවත් දවස් 2කක් විතර තියෙනවා හොදට මුල් අදින්න
ඊට පස්සේ තම විවිද රටා වලට සැකසීම කරන්නේ..ඒ පිළිබද පින්තුර වගයක් ipad එකේ තියෙනවා මෙහ දවස් වල එකේ display රාජයා යන්න ගොහින්

රටා සැකසීමෙන් පසුවත් දවස් 3ක් වතුරේ දාලා තියන්න ඕනි රෝපණය කරන්න කලින්..සැකසීමේදී හනිවෙන ගස් ඒ දවස් 3නෙදි මෙන්න ගන්නවා අන්න ඒවා ඓන් කරලා ඒ වෙනුවට අලුතෙන් දීම කරන්න ඕනි..
ඊට පස්සේ පුළුවන් සුදුසු බදුනක පැල කරන්න. ඒ සදහා කොහුබත් ගෙන කොහුබත් දවස් 2කක් හොද අවුවේ වෙලන්න ඕනි ඊළගට තාමා එකට දිලිර නාශකයක් යොදල හෙවනේ තියන්නේ..මේවා නොකර නිකන්ම කොහුබත් අරන් කරන්නත් පුළුවන් ගෙවල් ඇතුලේ තියෙන ශාකයක් සහ හිරු එලියට නිරාවරණය නොවීම කියන කරනා එක්ක පුස් වර්ග විවිද සතුන් ඇතිවීමේ සම්බවිතාවක් මම පුද්ගලිකව අත්විදලා තියෙනවා..

කොහුබත් මදයේ හොදින් හිරකරගත් ගහට උඩින් සුදු තිරිවාන දීමක් කරනවා වැඩි ලස්සනට
ඊළගට ෂෙඩ් නෙට් හවුස් එකක සතියක් තැබීමෙන් අනතුරුව තාමා වෙළදපොලට නිකුත් කරන්නේ

විකුනන්න විවිද බොරු වගේම විවිද උපක්‍රම අපි පාවිච්චි කළා ඒ ගැන පහලට කියනවා නමුත් රු 900 සිට 12000 දක්කව විශාල මිල ගණන් වල ව්‍යාපාරයක් කරද්දී ගුණාත්මක බව උපරිමෙන් බැලුව..ශාකයකට වගකීම් සහතිකයක් දීපු එකම ආයතනය අපි..අවුරුද්දක් ඇතුලත ගහක් මිය ගියොත් ගහට ගහක් දෙනවා. ඒ වගේම රු 10000 ට වැඩි මිලදීගැනීම් කරන ඕන කෙනෙක්ට ප්‍රවාහන පහසුකම් නොමිලේ..ගහක් පිළිබද කතා කරන ඕනෑම පැමිණිල්ලකට ස්ථානයටම ගොස් සේවාවන් නොමිලේ සැපයුවා..එහෙම කරමින් ගුණාත්මක බවය උපරිමේටම තියාගත්ත..

අවස්ථා 2 කකදී පමණක් මාරු කිරීම් සිදු කිරීමට සිදුවීමෙන් අපේ ගුණාත්මක බව හොදාකාරව පැහැදිලි වෙනවා.

දැන් කියන්නම් විකුනන්න කරපු මගෝඩි

ෆෙන්ෂුයි ක්‍රමේට ඊසාන දිසාවට තාමා ගහ තියෙන්න ඕනි..නමුත් යන සමහර තැන වල ඊසාන ට අහක් තියන්න ඉඩ නෑ තැන බලල තමා අපි දිශාව කියන්නේ
උතුරට වයබට ස්ථානයේ ඉඩ තියෙන පැත්ත තාමා අපිට ෆෙන්ෂුයි පල දීමේ දිශාව..

ඒ වගේම සමහර ආයතන වලට ගියාම කියනව අපි ac ඔෆ් කරන්නෙම නෑ ac එකේ ගස් හැදෙන්නේ නැ නේද කියල ඉතින් ඔය ඉල්ලන් නෙහ් කන්නේ..
සර් 90% ෂෙඩ් නෙට් එකේ cold වෝටර් වලින් සීසන් කරපු ප්ලන්ට්ස් අපි ගව තියෙනවා සාමානයෙන් අපි එකට අඩිෂනල් 500 ගන්නවා සර් ලොකු ඔඩර් එකක් දාපු නිසා එකකට 100 වගේ අරන් දල දෙන්නම් සර් කියල ඇඩ්වාන්ස් එකකුත් අරන් හෙට යනවා මගින් නවත්තල ස්ප්‍රයර් එකකින් වතුර ටිකක් විදන් යනවා ෆර්ම් එකෙන් ගත්ත ගමන් කියල..

මේ ශාකයට පොර ඕනි නෑ මොකද ගහ වර්ධනය කරන්නේ නැති නිසා.පොර ඕනි නෑ කියල සමහරුන්ට කොච්චර කිවුවත් පිලිගන්නේ නැ ඒ වගේම රටේ තියෙන ඒවා දන්නා අහනවා..එහෙම යට ගිහින් දෙනවා අපේ විශේෂ හෝමෝන් මිශ්‍රණය රු 500 ලීටර් 1.5 මාසෙකට මිලිලීටර් 100 ක් දන්නා කියල..එක හදන්නේ ටැප් එකෙන් ගත්ත සුපිරිසිදු වතුරට කිරිමැටි යෝගට් හැන්දෙන් එකයි..හොදට හොලොල ගිහින් දෙනවා..ඕක නොදින්නොත් වෙන මගුල් දාලා ගහ මරාගන්නවා නෙහ්..මටත් මොකෝ 

ටිකක් ලොකු කම්පැනි වලට ගියාම අහනවා කොහොමද හොද කියල මුල් කාලයේ මම මෙතැනට මෙහෙම එකක් හොදයි කිවුවට උන් පිළිගත්තේ නෑ පස්සේ හොයාගත්තා එකට විකල්පයක්..ආයතනයේ 4තො ගන්නවා 4තර අතේ. ඊළගට කියනවා අපේ ඩිසයිනස් ලට දාලා තම සර් බලන්න ඕනි.
මම දැන් මෙහ ටික මේල් කරනවා ඩිසයින බලල කියයි හෙට මම අයිඩියාස් ටිකත් අරන් එන්නම් කියල..අනේ පින්වතුනි උන් එකෙන්ම කැමති වෙනවා මගේ අදහස් වලට..මට ඩිසයිනරයෙක් තියා දයිනොසරයෙක්වත් නෑ..

පොර්ජෙක්ට් ප්රෝපොසල් දෙන්න කියපු තැන් වලට නම් ෆොටෝෂොප් වලින් ගස් ටිකක් අලෝලා ගිහින් පෙන්නලා ගොඩ දාගත්තා





 
 










සියලුම චයරුප සහ හිමිකම් මා සතුයි..
 
ඉහත දැක්වෙන ආකාරයේ රිකිලි නම් ලන්කව්වේදී අපිට හදන්න බෑ ඕව සින්ගප්පුරුවෙන් මැලේසියාවෙන් ගෙන්වන්න ඕන..

බිස්නස් එක කරද්දී මාත් එක්කම හිටිය ගමන් සගයෝ දෙන්න චත්තා සහ මද්දා..ආදරෙන් මටක් කරන්න ඕනි..

Sunday, July 12, 2015

ශ්‍රී පාද අඩවියේ පුරා දෙදිනක්


කලෙක ඉදල සිරිපාදේ කරුණා කරන්න ලොකු උවමනාවක් තිබ්බත් අවුරුදු 22 වෙනකන් ඉස්ට කරගන්න නම් බැරි උනා.ඔහොම ඉන්න අතරේ ඒ අවස්ථාව අහම්බෙන් උදා උනා.ඒ අපේ මංගල උත්සව සදහා නිල ඇදුම් සපයනා ඇබා විකි මැතිතුමාගේ පිහිටෙන්..
යන්න ඉන්නේ හොද ගමනක් සද්දවෙන් යා යුතු උනාට වැඩේ පටන් ගත්තේ නම් වෙන අදහසකින්..
සිද්දිය මෙහෙමයි
ඇබා හි සේවය කරන වික්කගේ ගෝලයෙක් ඒ ලගපාත ගාමන්ට් එකක සුට්ටන් අක්කිය කෙනෙක් එක්ක ආලෙන් වේලිලා ඉන්නවා.ඉතින් ඒ දැරිවි සහ ඇගේ මිත්‍ර සංගමය සිරිපාදේ කරුණ කරන්න යනවා සහ ඔවුන්ගෙන් බහුතරය තනිකඩයි කියන අරන්චියත් අරගෙන වික්ක අපිව හොයාගෙන ආවේ නිකන් තඩියාගේ වැන් එකට හයර් එකකුත් හොයාගෙන..ඒ ඇබා එකෙන් 5 දෙනෙක් ඒ වෙනකොටත් ගමන යන්න සුදානම් වෙලා..තෙල් වියදමත් බෙදෙන නිසා අපේ උන්ටත් වික්ක අරාධනා කළා..ඔක්කොමල පැනල එන්නම් කිවුවට එකෙක් වත් අන්තිම මොහොත වෙනකන් හරි වචනයක් නම් දුන්නේ නැ..තනිකඩ කෙල්ලෝ ටිකක් කිවුවම අපේ උන්ටත් වෙන මොකුත් ඕනි නැ නෙහ්..
කොහොමින් කොහොම හරි යන දවසත් ලං උනා..කලින් දවසේ සුපුරුදු පරිදි සුරුට්ටුවක් ගහල පෙන්ටියක් බිබී ඉන්නකොට වැඩ ඇරිලා වික්කත් එතනට සැපත් උනා.ඌ ගේනවා කන ටින් ගාන ප්‍රවෘතියක් කෙල්ලන්ට මළගෙයක් වෙලා උන් ගමන යන්නේ නෑ කියල..
කොල්ලන්ගේ මොරාල් එක ටික ටික පහල බහිනකොට ඇබා එකේ උනුත් නොපමිනිමට හේතු එක දෙක ඉදිරිපත් කරන්න ගත්තා..එකෙක්ගේ නෝනා ඉස්පිරිතාලේ ලු තව එකෙක්ගේ සියා ඉස්පිරිතාලේ වගේ ඒවා කියල උන් ටික කැපුනා.
හැබැයි වැඩක් පටන් ගන්න කම්මැලි උනාට තඩියා තනියෙන් හරි එක ඇදන් යන ගතියක් තියෙනවා (අධ්‍යාපන කටයුතු හැර අනිත් ඒවා)එකට පින් සිද්ද වෙන්න මම තනියෙන් හරි යනවා යන උන් කියපන් කියල තදිය පෙරමුණේ හිටගන්නකොට මම තුමා දෙවෙනියටත් වික්ක හීරෝ බවුවා සෙවුවාඅමිල අයියා අබේ පිළිවෙලින් එකතුඋනා.
ඒ අස්සේ ට්‍රිප ගැන විකියනේ බර්යාවට ආරංචි වෙලා.ඒකිව හලලා යන්න හැදුවා කියල යුධ ප්‍රකසෙකුත් එවලා.
එතැනින් ඊලග පුරස්නේ පටන් ගත්තා..ඒකිව හලලා යන්නත් බෑ කොල්ලෝ ගොඩක් විතරක් යන හින්දා ඒකිව ගෙදරින් පන්නන්නත් බෑ..මොන මගොඩිය කරත් උපරිම රහස්‍යභාවය සහ  දෙන්න දෙමවුපියන්ට තියෙන පිළිගැනීමත් නිසා හැමෝගෙම ගෙවල් වලට හොද කාර්ඩ් එකක් මම තුමාට තියෙනවා..එකට පින් සිද්ද වෙන්න කෙල්ලගේ අම්මට කෝල් කරලා ඒකිට අවසර ගත්තා ඒ උනාට කෙල්ල මලෙන් එකී එන්නේ නෑම ගානවා..නො$%^#^ දවල් 2 වෙද්දී ලෑස්ති වෙලා හිටපන් කියල කෝල් එක කට් කල මම එකී එනවා කියල දන්නා නිසා..
නඩේ 9 දෙනයි..නාමය නපුරුයි කියල තදිය තව එකෙක් ව හෙවුවා විටක් ඉවර වෙනකන්ම හපන ගමන්..ඕන මගුලක් කියල අන්තිමේ අපි 9 දෙන යන්න තිරණය කරා..නඩේ ගුරා වික්ක ඌ  කෝඩු..තඩියා අමිල අයියා  මම මදු සෙවුවා කොඩුකාරයෝ.නඩයෙන් 6  කෝඩු..අබේ මල්ලි පොඩි කලේ අම්මගේ අතේ එල්ලිලා ගිහින් තියෙනවලු.හිරෝව දන්සලක් දෙන්න එක පාරක් ගියාලු බවුව නම් ගිය මුරේ ගිහින් තිබ්බා වැඩපලේ සෙට් එකක් එක්ක...
ඔන්න ඔහොම වෙච්ච නඩේ නමෝ විත්තියෙන් පහුවදා මෙහෙන් ගමන් ඇරබුවා..දුරක යන්න කලින් මම හැමදාම කරනවා වගේ පන්සලට ඔක්කොමලාව දක්කාගෙන ගිහින් මලක් පහනක් පුජ කරලා ඊළගට ලග කඩෙන් දුමක් දාලා ගමන පටන් ගත්තා..යන පාරා gps එකෙන් බලන් ගිහින් කොහොම හරි ජිවිතේට වාහනයක් ගිහින් නැති පාරක පැය 2කක් විතර ගිහින් යන්තම් රත්නපුර සිරිපා මාර්ගයට අවතීරණ උනා
හවස 6 ට විතර  උනාට සාමානය එළියක් තිබ්බ හැබැයි මල් වැස්සකුත් තිබ්බ..ඉදිකටු නුල් එහෙම මගේ බෑග් එකට පැටවුණා.එතැනින් ඉටිකොළ ටිකකුත් අරන් එකත් පෙරෝගෙන දෙයියනේ කියල කරුනකරන්න පටන්ගත්තා..
මුලින්ම දෙයියන්ගේ අඩවිය කියල අපේ උන් මට කට වහගෙන වරෙන් කියල නීතියක් දැන්ම නිසා මම පාඩුවේ බුලත් විටක් හපන්න ගත්තා විතරයි දේවාලෙකට ගියා කට්ටියම..එතන හිටිය දෙවියන්ගේ ඒජන්ට් කෙනෙක්ට කියල කාසියක් අපේ උන් බලෙන්ම මගේ අතෙත් ගැට ගැස්සුවා සුදු රෙදි කෑල්ලකින්..ඉලඅගට මොනර පිල් සෙට් එකකින් ඔළුවට පත බෑවා..
ඔතනින් මාරු වෙලා ඉස්සරහට යනකොටම දන්නා අදුරන මුණු සෙට් එක්කක් ඉන්නවා බැලින්නම් උන් බත් දන්සලක් දෙනවා..කා ගියගත්ත ගමන් ඉන්න අපේ උන්ට මසුරන්..තොටුපළෙන් වැලි පටෝනවා වගේ කොත ගහල සෙට් එකම පටෝගත්ත..ඒ අස්සේ මාදුව බත් එකක් ඔතගන්න ඕනි කියල නහයෙන් අඩනවා.ඔතාගත්තා වගේ යෑ අපිනේ උස්සන් යන ඕනි කුනුහරුපයක් කියල ඒකිව පුටුවක වැඩි කරලා දන්සලෙන් බත් කාලා කන දීපු ටොපිය එබුවා කටේ..
මුලදී කියන්න අමතක උන නෙහ් අපේ උස මහත විසබිජේ නොහොත් තඩියා කිසිම බෑග් එකක් ගෙනාවේ නෑ කියහන්කෝ..අපේ බෙඩ්ශීට් එකක් තරම් වන උගේ ටවල් එකයි ඩබල් XL කලිසම් ෂර්ට් ටික එබුවා අපේ බෑග් වලට..ඌට නිදහසේ යන්න ඕනි කියනව නෙහ්..කොයි වෙලේ බොයිල් කරයිද දන්නේ නැත නිසා අපිත් එක පයින් ඔබගත්තා ඒටික..මාදුව විකියගේ කරේ එල්ලලා ඒකිගේ බෑග් එක..
බතට පස්සේ දුම කියල අමිල අයියයි මයි දුමක් දන්නා ගන්නකොටම වැඩි ලෝඩ් එක බාන්න තැන හොයනවා..ලොරිත් එහෙම නෙහ්.තොටුපළෙන් තලලා තලලා දාගන්න ලෝඩ් එක මගදී බාගයක් බාලා සවලෙන් උස්සල බාගේ එක කරනවා.පොදු පොට් එකකින් ඒ අවස්‍යතාත් ඉටු කරගෙන ගමන් ආරම්ඹ කරා..මුලදී තැන්න ටිකක් පඩි ටිකක් වගේ නිසා කට්ටිය ඇදලා ආවා. එනකොට



තාමා මුලින්ම දැක්කේ පඩි වල නොම්බර ගහල තියෙන සින් එකක් එක දැකල ටික දුරකින් පහලට බහින නඩයක් හම්බ උනා වික්ක උන්ව ටෝක් කරලා අයියේ පඩි කියක් විතර ඔක්කොම තියෙනවා ඇහුව
උන් තම මුලනේ කොල්ලෝ උබල ඔක්කොම 12000ක් විතර තියෙනවා ඩබල් එකේ නැගහන් කිවුව විතරයි තඩියා වැටුනා රෝල් වෙලා කන්ද පමුලටම මානසිකව.
එතන ඉදලා කොල්ල ගියේ 35ශ්‍රී සමනල මුණ ලොරියක් කඩුගන්නාව අදිනවා වගේ..පඩි 5යි එක දිගට නගින්නේ හති අරිනවා..
නකල්ස් ගගියෙත් එහෙම නිසා අපි එක බලාපොරොත්තුවෙන් ගියේ..අරක නොඇහුවත් කොල්ල නවතින සයිස් එකේ හිටියේ 1000 වෙනකොට බුවාට හොද ගණන්.ආසාවට වත්ත වටේ වත් ඇවිදින්නේ නෑ නෙහ්.එහෙම උන නම් 122kg බර වෙන්නෙත් නෑ නෙහ්..ඔය අස්සේ මාදුව හිටගෙන නිදි




වාහනේදී නම් කතා උනේ මුලින් නාගෙන ගමන පටන් ගන්නයි නමුත් අදුර සහ දේශගුණය කට්ටියව මන්දගාමී කරා ඒ වැඩේට...හිමින් හිමින් යනකොට කට්ටියම ඩල් නිසා තඩියගේ සහයට මම යි හිරොවයි පසු බැස අනිත් උන්ව ඉස්සරහට යවන්න තීරණය කළා මදුගේ නිදිමත නිසා ටික දුරක් යනකොට උන් දෙන්න ඉන්නවා බිම වැඩි වෙලා ඒ ගමන ඉදගන්න හම්බ වෙන හැම තැනම ටික ටික විවේක ගනිමින් කොපි බිබී ඉස්සරහට යනකොට අනිත් සෙට් එකත් අයිත් සෙට් උනා උන්ට බඩගිනි ලු බන්ඩාගාරික මම එනකන් උන් නැවතිලා ඉදල තියෙන්නේ..ඒ ගමන කඩේකින් පාන් වුයි රොටි කළා බිවුවා තේ..ඊළගට හිමින් හිමින් ගැටුව ලිහිණි හෙළ හරියේදී තදිය අම්බලමක පත බැවුනා නිදිමතයි කියල.




මාදුව ගෙනත් තිබ්බ අග්ගල වගයක් කාල මම ගෙනිච්ච වින්ටෝජිනෝ සත් කාරයක් කළා තදියටට්යි මදුවටයි..අවුරුදු ගානක් st jhon ප්‍රථමාධාර සේවයේ හිටියෙන්  මගේ ගමන් මල්ලේ බෙහෙත් අඩු උනේ නෑ කවදාවත්..මැහුම් දන තුවාලයක ඉදල සන්නිපතේ කිට්ටුවට එනකන් ලෙඩ වලට බෙහෙත් මම රෙඩි..
ඊට පස්සේ හිමින් හිමින් කටු කිතුල අම්බලමට ලං වෙනකොට රෑ1 පහු වෙලා.එතැනට ආවා විතරයි






මුන් දෙන්න දෙපැත්ත වැටිලා නිදාගත්තා..මිට ටිකකට කලින් කඩල සහ බෙලිමල් දන්සලක් හම්බ උන නෙහ් එක ගැන කියන්න බැරි උන නෙහ්..එකෙන් බඩකට පිරෙන්න කාලා මාදුව මට හොරෙන් මුලක් බැදගෙන...අපරාදේ කියන්න බෑ කෙල්ල නිදියන්න කලින් එක අතට දුන්න උස්සන් ඇවිල්ල එපා වෙලා මේක කාලා ඉවර කරපල්ලා කියල..මුන් ටික නිදගන්නකන් අපි 2වෙනි පාරටත් කඩල කාලා දුමක් එහෙමත් දැන්ම..ඊට පස්සේ හොල්ලල කරලා නැගිට්ටුවම තඩිය
සිගාරට් එකක් දියණ මුලින්


ඔන්න එක දුන්නම තමා කොල්ල කකුල් 2කෙන් හිටගත්තේ...කොහොමින් කොහොම ඉදිකටුපනටත් ලං කරා...
එක එකා එක එක විදියට චාරිත්ත්‍ර ටික ඉටු කරලා එටන කඩේට ගිය කොපි පාරක් දන්න..










යනකොට අබය මලයා නිදි මෙන්න මෙහෙම

















අනිත් උනුත් වැඩි වෙනසක් නෑ



















ඒ ගමන තීරණය කරා එතන තියෙන අම්බලමේ පැය 2කක විවේකයක් අරන් අපහු යන්න..4න් ඔක්කොගෙම එළම් එහෙම තියාගෙන සැතපුනා කට්ටියම







අපරාදේ කියන්න බෑ තඩිය පෙරොන රෙදිත් අරන් ඇවිල්ල..උස්සන් යන අමාරුවක් යෑ..අපේ බෑග් අදාල ගන්නකොට තම දැනගත්තේ මූ ගේ රෙද්දත් අපි උස්සන් ඇවිල්ල කියල..මොනවා නැතත් කොල්ලට විනාඩි 5න් බුරුත කොටයක් ඉරාන ගානට සෙට් වෙන්න පුළුවන්..කොල්ල ලී ඉරනවා අපි ඉස්සුවා රෙද්ද..උඩ එකේ කෙරෝලේ එකෙක් පෙරාවන් ඉන්නවා පෙන්නේ එක..
පැය 2කෙන් වැදුණු එලාම් එක දෙක හිමිට ඔෆ් වෙනවා ඇහුන..කොහොම හරි අපි නිදාගන්නකොට 3ට විටර ඇති..6.30 ට නැගිට්ට..මාදුවා හිතලේ මොනවාද දොඩෝනවා ඇහිලා තම මටත් ඇහැරුනේ..එත් තඩියාව නම් ඇහැරගන්න උනේ නැ..කුණුහරුප කියෝ කියෝ අපිව එලෝ එලෝ බුවා නිදි..එතන කඩෙන් හොද ට් පාරක් අමාෂ ගත කරගෙන ඊයේ රෑ ඉතුරු වෙච්ච මලුවටම එකයි සුරුට්ටු බාගයක් වික්කයි මායි පත්තු කරගෙන නිවි සැනසිල්ලේ බොන්න සෙට් වෙනකොටම මදු බෙලිකටු මල්ල හොලවන්න ගත්තා කන ගවින්ම....කන්න ඕනි කියල ඒ ගමන බෑග් වල තිබ්බ පාන් ටික අරන් සිනි සම්බෝල බෝතලෙත් එක්ක හලගත්තා බඩට..

ඒ වෙනකොටත් නිදන් හිටපු තඩියටයි බවුවටයි පංගුව ඉතුරු කරලා..අපි ඉස්සරහට ගියා නැගිට්ටම ඉස්සරහට වරෙන් හම්බ වෙන දිය ඇල්ලක් ගව අපි ටිකක් පෙගෙන්නම් කියල..

මුණ හේදුව කියන්නන සක්ෂියටලු මේක ගත්තේ


උන් දෙන්නව තනි කරලා අපි ඉස්සරහට ඇදෙනකොට සේවුවට සුද්දියෙක් සෙට් වෙලා සෙවුවා ඒ දවස් වල කඩ්ඩ ක්ලාස් එහෙමත් බඩ ගාන කලේ..එක පාරටම අයියේ මෙකි මොනවාද අහනවා කියාගෙන මූ අපි ගාවට ආවා කියන්නකෝ..
සුද්දී  තව කොච්චර දුර යන්න ඕනිද මම බස් එකක් ගන්න..
මදු  උබට පඩි 7000ක් විටර තියෙනවා.අසන්න වශයෙන් 6 කම් වගේ
සුද්දී කොච්චර වෙලා යයිද යන්න? ඔයගොල්ලෝ කීයටද නගින්න පටන් ගත්තේ
මම ඊයේ හවස පැය 9 කිට්ටු වෙන්න ඇවිද්ද පැය 3ක් නිදාගත්තා..
සුද්දී ඔ මයි ගෝඩ්
මම උබ කොහෙන්ද නැග්ගේ
සුද්දී හැටන් වලින්
මම  කොච්චර වෙලා ගියාද
සුද්දී පැය 2කයි..උඩට ගිහිල්ල මෙටනටම එන්න..bye guys
කියාගෙන එකී ගියා
අපි දවස් 2කක් තිස්සේ නගිනවා එකී පත මල්ලකුත් එල්ලගෙන පැය 2කෙන් නැගලත් බහිනවා..එතන ඉදල අපේ උන්ගේ මාතෘකාව උනේ හැටන් හෙනම ලග ඇති අපරාදේ මෙහෙන් ආවේ අපිට එහෙන් බහින්න බැරිද වාහනේ එහෙට ගෙන්න ගන්න විදියක් නැද්ද වගේ ඒවා
කොහොමින් කොහොමින් නාන්න තැනකුත් සෙට් උනා

වතුර දැකීමේ ප්‍රීතිය නිමිත්තෙන්

නාන්න තැනක් කිවුවාට ලොකු පොට් එකක් නෙමෙඉ පොඩි දියපාරක ගිලිලා නාන්න වලක් සහ අයිස් කැටේට වතුර ටික..

 


බහිනකොට හිතල උනාට බැස්සැයින් පස්සේ උඩට එන්න බෑ..පට්ට ආතල්..පැයක් හමාරක් ගිලිලා ඉන්නකොට තඩියා හිමිට සේන්දු උන එතනට...උඋත් එක්කත් ටිකක් වෙලා පෙගිලා..එතන කඩේක බෑග් ටික තියල කට්ටිය කරුනාකරන්න පටන් ගත්තා..නැමෙන් සහ නින්දෙන් ලද පන්නරයෙන් ඊයේට වඩා අද ටිකක් ඉක්මනින් නැග්ග..ඊයේ තඩියගේ උපරිම වේගය උනේ එක දිගට පඩි 5..5ක් නගිනවා බුවා විනාඩියක් හති අරිනවා..එක වෙලාවකට කටත් ඇරන් අහස දිහා බලන් ඉන්නවා..හැබැයි අද කොල්ලෝ එක දිගට ටික ටික නගින්න ගත්ත පැය 2කකින් වගේ හැරමිටි පානට ගැටුවා..එතන කඩෙන් කිරි කොපි ගත්තා..සමුපකාර ආපන ශාලාවක් තියෙනවා එතන..සුපිරි කිරි කොපි එක..කොපි වලට දාල තියෙන්නේ නෙස්ටමෝල්ට් වෙලාවට ලගපතක බල්ලෙක් හිටියේ නෑ..හිටිය නම් ඌ එක බිලා කඩේ එකාව කනවා ෂුවර්..ගත්ත නිසා ටිකක් බිලා ඉතුරු ටික හලාල විටක් එහෙම කාලා දුමක් දාලා ගමන පටන් ගත්තා..
ඒ පැත්තේ විට වලට තියෙන්නේ සුදුපාට හුණු එක අපිට හෙන සැරයි..තොල කට ගන්න දෙයක් තිබ්බේ නෑ ඒ වෙනකොට...ඉස්සරහට හම්බ වෙන කඩවල් වලිනුත් එක එක දේවල් සප්පයන් වේවි හිමිට ඉදිරියට ඇදෙනකොට බඩගින්න වැඩ දුන්නයින් කඩේකින් උණු උණු බත් එකකට වග කිවුවා..සාමානයෙන් වතුර එකක් වත් උණුවෙන් බොන්නේ නෙති මට එවලේ නම් ඒ උණු බත් එක දිව්‍ය බෝජනයක්..බත් එක්ක පරිප්පු සොයා කොලමැල්ලුමක් රතුඅල..කෑවා නෙමෙයි ගිල්ල..එතනත් දුමක් කාරිය දාලා වතුර බෝතල් එහෙම පුරෝගෙන ඉදිරියට ඇදුනා.මෙන්න මේ වෙලාවේ තඩියා වතුර බෝතලයක් ඉල්ලා ගත්තා..එක තම ඌ ඉසිස්සෙල්ලම මේ චාරිකාවේ යමක් උස්සන් යන්න ගත්ත පලවෙනි වතාව..තඩියාව ඉදිරියට දැක්වීමේ කාර්ය එතන ඉදල සෙවුවා මල්ලි බාරගත්ත..දැක්කුවේ නැත්තං කොල්ල ඉන්නවා අයිනක් අල්ලන් හුලන් බොන කිබුල වගේ කටත් ඇරගෙන.ඒ හින්ද මාරුවෙන් මාරුවට එක එකා ඒ ඩියුටිය කළා..

පඩියෙන් පඩිය තාලෙට



ඔහොම මහගිරි දබේ ගාවට එනකොට අපේ හිරෝවට බෝගක් සෙට් උනා...ඒ හරියේ එකට පහසුකම් නොමැති නිසා කොල්ල එටන ඉදන් උඩටම දිවුවා කට්ටියවම පෙරලගෙන...හිට් වෙන තඩියාව නිව නිව අඩන මදුවාව සනසවගෙන අපිත් උඩට එනකොට මුලින් ගිය සෙට් එක පැත්තේ තියෙන්නේ හෝල් එකක් වගේ එකක් එකේ තැපලා නිදි..කකුල් අට පැය රිදෙනවා කිවුව උන්ට සාත්තුවක් දීලා පෙන් කිලර් ටිකකුත් පොවල..බෝග නිදහස් කිරීමෙන් ලද සුව පැත්තකට වෙලා විදිමින් හිටිය හිරෝවව ඇදගෙන මම මළුව පැත්තට ආවා..
එදා කෙම්මුරද මොකක්ද කියල මළුව වහනවා ලු ටිකකින්..ඒ වෙද්දී වෙලාව 4ට කිට්ටුයි..අයිත් අරින්නේ 6ට කිවුවා..ඒ ගමන ඩබල් එකේ ගිහින් සෙට් එකව ඇදන් ආවා වන්දන්න..ෆුල් ඩල් වෙලා හිටිය තඩියව නැගිට්ටගන්න බැරි උනාකුණුහරුප කියා කියා අපිව එලොනවා..ඒ ගමන අපි ගිහින් හිතේ හැටියට වැද පුදාගෙන මල් පහන් පුජ කරලා ගන්ටාරේ එහෙමත් ගහලා මළුව වහන්න කියල පහලට එවනකන්ම හිටියා..ඊට පස්සේ තම පහලට බැස්සේ..එතකොට තදිය නැගිටලා ඉන්නවා හොද කුණුහරුප දෙකක් කියල උවත් ඇදන් ආවා පොඩි ශේපක් ගෙන වන්දන්න බලන්.ගේට්ටුව වහලා..ඒ ගාමන් 6ට මුට වන්දගෙන තාමා පහලට බහින්නේ කියන තීරණේට කට්ටිය ඇවිල්ල වෙලාව එනකන් පොඩ්ඩක් සැතපුනා..

ටිකකින් ඇහැරිලා බලද්දී තඩියා නෑ.මළුව උඩ හැමතැනම හොයල නැති පාර  හැටන් පාර දිගේ එකෙක්වද අපු පාර දිගේ එකෙක්වද පිටත් කරලා මළුවේ හිටපු අයට පින්තුරයක් පෙන්න පෙන්න හොයන්න ගත්තා..ඔහොම ගිහින් පහලට බැස්ස කොල්ලෝ දෙන්න උඩට ආවා..අපි ටිකක් දුර ගිය මචන් බුවාගේ වේගේ අනුව එච්චර දුර නම් යන්න විදියක් නෑ කියල.තවත් ටිකක් වෙලා බලන් ඉන්නකොට මෙන්න කොල්ල එනවා හැටන් පාර දිගේ..නින්දෙන් නැගිට්ටම බුවාට මතක් වෙලා මල් හදුන් කුරු ගත්තේ නෑ නේද කියල ඌ ඒවා හොයන්න ගිහින්..මදු ගෙදරින් සියල්ල ලෑස්ති කරගෙන ඇවිත් තිබ්බ බුවා එක දන්නේ නෑ නෙහ්..වදින්න බැරි වෙච්ච රටේ දුකටත් එක්ක ඩබල් එකේ බැහැල..පහල කඩේකින් රෝල් එකක් කාලා තේ එකක් එහෙම බිලා දුමක් කාරිය දාලා කොල්ල මලුත් අරන් උඩට ඇවිල්ල තියෙන්නේ..
එදා සැහෙන්න වෙලාවක් ගතා කියල පුඋජාවක් තිබ්බ එකටත් සම්මාදන් වෙලා තඩියට වන්දවල එටන හිටපු වෙන නඩයක් දුන්න පලතුරු ටිකකුත් බඩට ගෙන  පහලට කරුණා කරන්න පටන්ගත්තා 6.30 ට විතර...මකර තොරණ ලග කඩෙන් රාත්‍රී ආහාරය ගන්නකන් මොකුත් නෑ කියල කට්ටියට බහින්න දුන්න..බැරි අමාරුවෙන් නැග්ග තඩියා බහිනවා හිටු කියල.මදු ගේ කකුල් පැලිලා..වැල් වලට වෙලා කකා ඉන්නවා මිසක් ආසාවට ඇවිදිනවා යෑ මුන්...ඒ මදිවට හයිය සෙරෙප්පු දෙකක් දාන් ඇවිත් තියෙන්නේ..ගෑනු නෙහ්..
නකල්ස් චාරිකාවේ වගේම මේකෙදිත් මම ගියේ පාවහන් රහිතව..දර්මරාජ ගාලේදී උණුසුමෙන් පොඩි හිරිහැරයක් තිබ්බත් මට ඔය සෙරෙප්පු සපත්තු දාගෙන යනවට වඩා නිකන් සනීපයි.. 
කෙල්ලගේ කකුලෙන් ලේ එනවා ඒ ගමන ඒකිගේ අතේ තිබ්බ පොඩි බෑග් එකත් හිරෝවගේ අතට දීලා මගේ ප්‍රතමදර මල්ලෙන් හොයාගත්ත ක්‍රීම් එකක් උලලා බැන්ඩේජ් පාරක් දාලා හිමිට හිමිට බහින්න ගත්තා..කඩාගෙන බිදගෙන යන තඩියට පඩියක් හරි මිස් උනොත් සදා සොක්ති නිසා ඌත් එක්ක බහින්න කොටසක් ව යවලා හිරොවයි මායි විකියි අබේ මලයයි පසුපසින් මාදුව එක්ක බහින්න ගත්තා.අපි බහින්න පැය බාගෙකට විතර කලින් කට්ටිය මකර තොරණ ලග කඩේට සෙට් වෙලා අපි යනකොට..එතනින් බත් ටිකක් බඩට ගෙන කලින් විදියටම කොටස් 2කට පහලට ගමන් ඇරබුවා..සිකරට් වතුර බුලත්විට වගේම ප්‍රතිපදනත් කොටස් 2කට බෙදල ඉස්සරහහින් බහින් සෙට් එකට දුන්න කොටහක්..කොපි බිබී විට කකා පහලට ආවා අපිත් හිමිට හිමිටඉදිකටු පානට එනකොට මාදුවා ඩවුන්..ඒ ගමන මදුවාව උස්සන් බහිමු කියල සෙට් උනා. කරට අත දා ගෙන උස්සන් එන්න එක කිට්ටුව උස දෙන්නෙක් ඉන්න ඕනි අබය මල්ලි කන්නේ පොල් පොර නෙහ් ඌ කොකා වගේ උසයි..හිරෝව ඊළගට උසයි විකි ඊළගට මම කොටා..ප්‍රතමදර පුහුණුවට පින් සිද්ද වෙන්න කරේ තියන් හරි බහින්න් හැකියාව තියෙන නිසා වික්කගෙයි මදුගෙයි මලු දෙකත් හිරොටයි අබේ මලයටයි දීලා විකියි මයි මදුවාව කරට ගත්තා..ඒ පටන් ගත්ත පිම්ම කටු කිතුල හරියට වෙනකන්ම එක් දිගට ඇද්ද..කටු කිතුල අම්බලමට කලින් හම්බ උන කඩේකින් කොපි පාරක් දාල තෙල් රොටියක් ගිලල විට 2කක් ගබඩා කරගෙන දුමක් දාලා.සෙට් උනා අයිත් බහින්න ඒ වෙද්දී වෙලාව 12 පහුවෙලා..අනිත් උන් කොහෙද බලාගන්න 4න් වලට සිග්නල් කදුලක් නැ..ඔහොම් බැහන් එද්දී හති අරින්න ගල් පඩි පෙලේ වැඩි වෙලා විටක් දානකොට අබය මට පැත්තකට කථා කරලා කියනවා
පස්සෙන් කවුරු හරි එන සද්දයක් ඇහෙනවා බන් මම දෙතුන් පාරක්ම හැරිලා බැලුව නෑ නමුත් එනවා දැනෙනවා කියල ඒ වගේම හති බෑග් එල්ලන් හති වැඩි කමට හිරෝව තනියෙන් කියෝනව කියල..පොඩි එකාගේ හිත ගැස්සිලා..හොද වෙලාවට ඌ එක පැත්තකට කතා කරලා කිවුවේ නැත්තම් මාදුවගේ හිතත් ඉවරයි..එතන ඉදල අබය ව පෙරගමන් යැවුවා..යකට අපේ එකා ගැහුවොත් ඇරෙන්න හිරෝව කියන්නේ සාමානයෙන් මොකෙක්ටවත් බය එකෙක් නෙමෙ.. ඒ හින්ද මට ඌ ගැන හිටන්න ඕන උනේ නෑ..ටික දුරක් යද්දී තේරුණා අරු කිවුව කතාව ඇත්ත කියල හිරෝව තනියෙන් කියෝනව තාමා..ඒ ගමන ඌව බයිට් කර කර විහිළු කර කර පල්ලම් බැස්ස..ටිකෙන් ටික ගම්මාන කිට්ටු කරනකොට අපේ වතුරත් ඉවරයි..කඩත් වහලා..ගෙදරක මිදුලේ ටැප් එකක් හොයනකොට ඒ ගෙදර මිනිස්සුන්ට ඇහිලා එලියට ආවා එහෙන් වතුර ඉල්ලන් බිලා පහලට අව්ව යන්තම් එනකොට පාන්දර 5 ට විතර ඇති. ඒ වෙද්දී අරුන් බැහැලා සැපට නිදිත් එක්ක..යන්න කියල වාහනේට නැග්ගම තඩියා අයිත් අපිව එලෙවුව අර යද්දී බැන්ද රෙදි කැල්ල දේවාලෙන් තියල එන්න කියල.ඒ ගමන මාදුවගේ එකත් ගලෝගෙන වික්කයි මායි ගිහින් එක දෙවියන්ට රිටර්න් කරලා ආවා..ඊට පස්සේ මට මලා වගේ නින්ද ගිය අමිල අයිය හිමිට හිමිට එලොගෙන ඇවිල්ල නියිට් කඩේකින් නවත්තල තම ඇහැරුවේ..එතනින් උණු උණු මලු පාන් ටිකක් බඩට දා ගෙන කිරි පැකට් එකකුත් ගහලා දුමකුත් දාලා අයිත් අපි නිදාගත්තා අමිල අයියා ගෙවල් කිට්ටුවාදී තාමා ඇහැරුවේ...

කට්ටියව ගෙවල් වලට දාල තඩියා ගෙදර ගියා..හොද නින්දක් එහෙම දාල නැගිටලා හවස කෝල් කලාම කොල්ලගෙන් ප්‍රතිචාරයක් නෑ..ඒ ගමන උගේ නංගිට කෝල් කරලා බැලුවමයි දැනගත්තේ කොල්ල අපු වෙලේ ඉදන් තාම නිදි කියල..නිකන් නම් කමක් නෑ අම්මට කියල බතුත් කවොගෙන කන්න අමාරුයි කියල.
ඒ ගමන එහෙට ගිහින් කොල්ලට හොද මසාජ් එකක් දීලා තමා කෙලින් කලේ..දවස් 3ක් විතර ඌ අව උදේටයි හවසටයි වින්ටජිනෝ ටියුබ් එකකුත් උස්සගෙන මසාජ් කරවගන්න



මෙහ චාරිකාවේදී දුටු හිත සසලම කරන කාරනාවක් 2කෙන් මුල් එක තමා 


බොලගේ මහා අප්පච්චි හොරකන් කරපු පහන වෙනුවට තිබ්බ මහලොකු පහන පුපුරලා කැඩිලා ගිහින්..එකේ පොඩි පහන් වටේට තියල පත්තු කරන්නේ..

ඊලග එක තමා මේක.උඩමළුවේ එක පැත්තක් තමා මේ





අණක් ගුණක් නැති අපේම කාලකන්නි අපේ පරිසරේට කරලා තියෙන විනාසේ බලන්න..යන්න කලින් උපදෙස් දෙන උන් කියන්නේ කට වැරැද්ද ගන්න එපා දෙයියන්ගේ අඩවිය අරකයි මේකයි කියල..මගේ කට කොහොමත් හොද නෑ වගේම මම දෙයියෝ අදහන්නේ නෑ..හැබැයි ඒ උපදෙස් දෙන එකෙක්වත් ගෙනියන කුණු මග දාන්න එපා කියල උපදෙස් දෙන්නේ නෑ..දෙයියෙක් ඉන්නවනම් උබලට කරදර කරන්නේ කටින් පිට වෙන වචන වලට නෙමෙයි උබල කරන මේ වගේ වැඩ වලට..කුණු දන්න එපා යකුනේ අතර මග අරන් වරෙන් ගෙදරට නැත්තන් කුණු බක්කියක් හම්බ වෙනකන් විසේසයෙන් ස්වබාවික පරිසර පද්දතීන් වලට කුණු එකතු කරන්න එපා..තමන්ගේ දේවල් රැක ගන්න බැරුව තමන් ඒවා විනාස කරන්න එක පොලිතින් කෑල්ලකින් හරි දායක වෙනවා නම් එන්න එපා රෙද්ද උස්සන් බදුර්ධින්ගෙන් විල්පත්තු බේරගන්න..මුලින් තමන්ගෙන් පරිසරය බේරන් හිටපල්ලා..

Wednesday, July 8, 2015

1 + 30 ගෙවුණි මෙලෙස



            හැමදාම ගගවල් ගාවයි වාහන ඇතුලෙයි සෙට්වෙන නිසා හොදට බඩ කට පිරෙන්න හොද පොට් එකකට ගිහින් බොමු කියල මෙදා පොටේ කට්ටිය තීරණය කරගත්තා..
මුලින් තඩියාගේ නිවසේ BBQ පර්ටියක් දන්න කතා කලත් එකෙන් වෙන්නේ මට බොන්න නැති වෙන ඒක සහ මාව නිකන්ම කුකා වෙන නිසා රන්දිය කියල මොරටුව පැත්තේ තැනකට සෙට් උනා..
බවුවා, අබේ මලයා, තඩියා, හීරෝ,නිප්පා,හේෂා, විකි, චිකා,සෙවුවා, මම තුමා සහ කාලෙකට පස්සේ සරදයත් සෙට් උනා..
වෙනදා වගේ රස කතා නම් අඩුයි මේ පාර
31 උදේ වරුවේ තඩියා ගිහින් මේසයක් එහෙම බුක් කොරලා ආවත් තිබ්බා..එත් යනකොට කියපු තැන නැතුව වෙන තැනක මේසයක් තම තියල තියෙන්නේ.ගග අයිනේ ලස්සන පොට් එකක් අපි බූක් කලේ.අනිත් තැන එච්චර ලකයක් නැ මේස ගොඩක් මැද්දේ..ඒගමන ඩියුටි එතන හිටපු මැනේජර් කාරයව හොයාගෙන..ගිහින් ඌට කිවුවම ගග අයිනේ ටිකක් එහාට වෙන්න ටොප් පොට් එකකට අලුතෙන් මේසයක් දාල දුන්න..



1 වෙනි බෝතලේ ඉවරවෙනකොටම සාරදයව උණවටුනට කැන්දන් යන්න එකියක් ඇවිත් ඌ එකී එක්ක කැපුනා...විහිළු තහළු සමග පබළු මැදින් 3 වෙනි බෝතලේ යනකොට වික්ක ඔෆ්ලෝ දැන්ම කියපන්කො.වෙනදට හොදට ගහන එකෙක් වෙච්ච ඌට වෙච්ච දේට කට්ටියටම අවුල් ඒ මදිවට එක පැත්තක කබරයා.තම පටන් ගත්තා විතරයි පොට් එක මාරු කරන්නත් දුක නිසා වට පිට බලනකොට අහු උන මට අයිස් බකට් එක එක අරන් මම ගගට බහිනකොටම හේෂා ඔත්තු බැලුව වෙටරය එනවද කියල හිරෝව වික්කගේ පිට අතගානවා බවුවා මට සහය දුන්න..මම ගගෙන් වතුර අරන් දෙනවා ඌ හෝදනවා..කොහොම හරි ඔක්කොම හෝදලා ගගටම දාලා අයිත් මනුස්ස වාසයට සුදුසු ලෙස ස්ථානය ගොඩ දාගත්තා..
වතුර ඇද්දේ මේ වගේම එකකින් 
කෙමෙන් කෙමෙන් එකෙන් එක හිස් වෙද්දී එක එකා පිපිරෙන්න ලං උනා..12 කණිසමට කුස්සිය වසන නිවේදනය වේටර් කොලුවා කලින් දීල තිබ්බත් බවුසර් වලට තෙල් ගහන්න වෙලා යනවා නෙහ්..බයිට් සහ සිගරට් හිගතායක් මතු වුයෙන් දිගැදුනු උදවියට එසේම ඉන්න ඉඩකඩ සලසා දී නිප්පා සහ හේෂ කඩයක් සොයා ඉගිල්ලුන සිගරට් ගෙන්න..තදියයි මායි ගිහින් තට්ටු කරලා කරලා දොර ඇරවගෙන රයිස් වුයි මසකුයි ඩවුන්ලෝඩ් කරගත්තා..1.30 ට Dj කරපු එකා ලාස්ට් අවර් ගාලා කෑගහනකොට ඉතුරු කොටෙත් කරපින්නාගෙන ෆ්ලොව් එකට ඇඩ්මිට් උනා සෙට් එකම..ටිකක් වෙලා නටනවා මතකයි මහන්සි නිසා වතුර ටිකක් බොන බලද්දී මම මගේ කාමරේ හිටියේ .

පහුවදා කට්ටිය සෙට් උනාම හිස්තැන් පුරවන්න හැදුවට ගොඩ දෙනෙක්ට ඒ හිස් තැන එහෙන්මමයි..

කොහොමද ගෙදර ආවේ?
කවුද වාහනේ එලෙවුවේ?
පාරේ පොලිසීයෙන් හිටියේ නැද්ද?
කීයටද අපි එහෙන් ආවේ?
අන්තිමට ගත්ත රයිස් එකට බිල ගෙවුවද?
මගේ සාක්කුවට ගෑරුප්පුවක් දැන්මේ කවුද?
මම ගෙට ගියේ කොහොමද?
ජනේලෙන්ද පැන්නේ, ටට්ටු කරලා ඩැඩා ට කියල දොර ඇර ගත්තද?

දෙතුන් දෙනෙක්ටම වාහනේ තමන් එලෙවුවා වගේ මතකයි ලු අනේ මට නම් මේලෝක මතකයක් නැ 

කොහොම හරි වාහනේ මම නිදාගෙන නෑ..හංගපු සිකරට් එකක් හෙවුවලු කැබිය පෙරලෙන..තඩියා වැර්ලස් එකේ සද්දේ අඩුකරන්නේ නැති නිසා අබයා බෆල් එකේ වයර් එක ගලෝලා නිදාගෙන..මගදී නයිට් කඩේකින් සිකරට් අරන් තිබේ..එතැනට අපු ගමේ එකේක් ගෙන් නින්දෙන් නැගිටලා අබයා ගේම ඉල්ලලා ජිවිතේ පලවෙනි වතාවට.
මෙන්න මෙවුවා පොo වල තිබ්බා මෙහෙම







Sunday, May 10, 2015

SLIM PCM III

මේකත් තඩියගේ සලීම් එකේ එක්සැම් එක වෙනුවෙන් හදපු එකක්..මම ගිණුම් කරණය ගැන ඉගෙන ගෙන නම් නෑ ඌ දීපු පොත් ටික කියෝලා හැදුවේ කොල්ල විබාගේ නම් පාස් වෙලා තිබ්බ..පැය 36 ක් එක දිගට වැඩ කරලා තමා මේක ගොඩ දැම්මේ..මූ මට දවස් 2කක් තියල නෙහ් ගෙනත් දුන්නේ මේක හදපන් මචෝ කියල..අපරාදේ කියන්න බෑ කොල්ලත් දවස් 2කම අපේ ගෙදෙට්ට වෙලා ඇහැරන් තනි රැක්ක මගේ විටකුත් හපන ගමන්


මෙතනින් ගන්න

Hobbies












අපේ තඩියා උගේ ගෝලයත් එක්ක කඩ්ඩ කොස් එකක් කලා නොවෑ ලගදි.උන් දෙන්නගේ අන්තිම විබාගෙට ප්‍රසන්ටෙෂමක් හදන්න මම තුමාට පැවරුණා..විනෝදාංශ මාතෘකාව යටතේ හදපු ඒ දෙක මම මේකේ එල්ලනවා උන් දෙන්න දැන් සැටිපිකෙට් අරන් ඉවර නිසා තව හදන කෙනෙක්ට ප්‍රයෝජනෙට


තඩියගේ එක

සෙවුවගේ එක





ජය වේවා

Monday, December 29, 2014

මගේ පිළිවෙල ඇගේ අපිළිවෙලයි






කෙල්ලන්ට සාපේක්ෂව ගත්තම කොල්ලන්ට තියෙන්නේ වෙනස්ම පිළිවෙලක් ම නෙහ්..හැබැයි මෙහ් රාමුවෙන් පිට පනින අය ඕන තරම් ඉන්නවා.මම සහ මගේත් එක්ක උදේ හවස ඉන්න උන් ටිකට අදාලව කොල්ලෝ ගැනත් ඒ සෙට් එකේම ඉන්න කෙල්ලෝ සහ මගේ උන්ගේ මම ආශ්‍රය කරන නගාලා බුකියෙන් හම්බ උන කෙල්ලන්ට සාපේක්ෂව කෙල්ලෝ ගැනත් ප්‍රොෆ පොඩි සමීක්ෂණ පාරක් ගැලපුවා.

අපි කාමරේ අස් කිරිල්ලෙන් පටන් ගන්මු..

බලනවකො තමුසෙගෙ කාමරේ හැටි මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් ද තමන්ගේ කාමරේට අම්මා බෙල්ල දාන දාන පාරට මේ වචන කොල්ලෙක්ට අලුත් දේවල් නෙමෙයි.බොරු කියන්න ඕනි නෑ මට නම් කාමරේ අස්  කරන්න දවසක් යනවා...නිවාඩු දවසක පාන්දර 10 ට විතර නැගිටින කොල්ලෝ ඔය අස් කිරීම වගේ වැඩක් එක දිගට කරන්නේ නෑ මලාට..ටිකක් අස් කරයි උදේට කනවා ටිකක් වෙලා කැරකි කැරකි ඉන්නවා අයිත් ටිකක් කරනවා මම අහපු ගොඩ දෙනෙක් මෙහෙමයි..හැබැයි ඉතින් දවසක් තිස්සේ මැරීගෙන අස් කරත් අම්මලා කියන්නේ ඔය අස් කරාද කියල තමා..කොල්ලෝ කාමරේ අස් කරද්දී තමන්ට භාණ්ඩ ගැනීමේ/සොයාගැනීමේ පහසුව පිණිස ඒවා ස්ථාන ගත කලත් කෙල්ලෝ බදු තියන්නේ ඇස පිනවීම මුලික කරගෙන..මේක මෙතනින් තිබ්බොත් කොහොමද එක පෙන්න තියන්න හොද නැද්ද කියල දහසකුත් දේවල් කල්පනා කරනවා ලු..ඉතින් කොල්ලෙක් ගේ කාමරේ පිළිවෙල පෙන්නේ තවත් කොල්ලෙක්ටම විතරයි..හැබැයි කෙල්ලෙක් ගේ කාමරයක් බැලුවම ඕනිම කෙනෙක්ට ලස්සනට පේනවා..කෙල්ලෙක් පන යනකන් අතු ගාලා දුවිලි ගසල ගන්න පිරිසිදුව කොල්ලන්ගේ ටිකක් අඩුයි..කොළ ටික මෙසේ යටට වැලි ටික ඇද යටට තල්ලු කරාට දොර ගාව ඉදන් ඇදටත් කොම ගාවටත් කොල්ලන්ට පිරිසිදු පාරක් තියෙනවා යන්න..ඒ වගේම ගොඩක් කොල්ලෝ කාමරේට එයාර් ෆ්‍රෙෂ්න එකක් කෙලිනවා..ගොඩක් කෙල්ලෝ දවස ගානේ(ජොබ් නොකරන ගෙවල් වල ඉන්න අය) වැඩට යන අය සති අග කාමරේ අස් කරාට කොල්ලෙක් එක කරන්නේ එක්කෝ මාසේ අග එහෙම නැත්තම් මාස 2කකට වගේ පාරක්.කාමරේ බෙඩ් ෂිට් එකේම කොල්ලෙක්ට අම්ම හෝදලා දුන්නොත් මිසක් හෝදන්නේ එකේ දරු පවුල් වැඩි උනාම තමා..ප්‍රාණ ඇප කාරයන්ව ඇදෙ නිදහස් කරන උන් ඉන්නවා නෙහ්..

ඊළගට බලමු අදින පළදින රෙදි.

කොල්ලෙක් ඩෙනිමක් අදින්න ගත්තම ඌට එක පට්ට ගැහුවා ඇති කියල හිටෙනකන් එකේ කුණු පෙන්නේ නැ..ගොඩක් උන් කෙල්ලව බලන්න යනවා නම් ඊට කලින් දවසේ අල්මාරියෙන් වෙන ඩෙනිමක් එලියට අරන් පරණ එක කුඩේට ඔබනවා..කොල්ලෝ ගොඩ දෙනෙක් ට තියෙනවා ලොකු ලෝන්ඩරි බින්..එහෙම නැත්තම් ඒවා ගොඩ ගැහෙන්නේ ඇදුම් දාන රැක් එකේම තමා..ඕක පිරුනාම තමා කොල්ලෙක්ට හෝදන්න මතක් වෙන්නේ..සාමානයෙන් කොල්ලෝ මැච් කරලා අදින්නේ කෙල්ලව බලන්න යන මුල් දවස් වල විතරයි ලු.(ලු කිවුවේ අනිත් උන් එහෙම උනාට මම  පලවෙනි දවසේවත් පිළිවෙලට නොයන එකෙක් නිසා)ඉතින් අල්මාරියේ ඇදුම් තියෙනකන් අර රෙදි කන්ද හෙඩිම ගැන ප්‍රශ්නයක් නෑ..හැබැයි වැඩට යන කොල්ලන්ගේ නම් මේක වෙනස්.උන් නම් වැඩට අදින ටික සති අන්තෙට හෝදනවා..ගෙවල් වල ඉදන් වැඩට යන උන් නම් අම්මට හෝ නගාට අක්කට කියල හෝදගන්නවා.
කෙල්ලන්ගේ මෙහ් තත්වය වෙනස් එයාලා සාමානයෙන් එදිනෙදා යට ඇදුම් ටික නම් අනිවා හෝදනවා ලු අනිත් ඒවත් දවස් 2කට සැරයක් උපරිම 3යි වැඩ කරන කෙල්ලෝ සමහරු නම් සති අන්තේ තමා හෝදන්නේ..ඒ වගේම රෙදි දාන කුඩේ කොල්ලේක් ගේ කාමරේට ඇතුල් වෙනකොටම දකින්න හම්බ උනත් කෙල්ලෝ මේවා තියන්නේ හංගලා..
කොල්ලෝ ඇදුමක් අදින්න අල්මාරියෙන් ගන්න යනකොට මුලින්ම මතකෙට එන එක අල්මාරිය පෙරලලා බලනවා තියෙනවද කියල..නෑ කියන්නේ එක්කෝ යාළුවෙක් ඇදන් ගිහින් නැත්නම් කිළුටු කුඩේ..ඔය හෙවිල්ල කෙල්ලෝ වගේ ලතාවකට කෙරෙන්නේ නැති නිසා රෙදි හෝදලා ඇතුලට දාන දාන වාරයක් පාසා අස් කරන්නව.සමහරු නම් බෝල කරලා ඔහේ ඔබනවා..කෙල්ලෝ එහෙම නැ එයාල පිළිවෙලට ලතාවට නෙහ් වැඩ ඉතින් එයාලගේ අල්මාරි වැඩිය අවුල් වෙන්න නෑ..කෙල්ලෝ ඕක අස් කරන්නේ ශෝපින්ග් ගිහින් අපු දාට පහුවෙනිදා.(අපු දවසේ ඔක්කොම ටික ඇද ඇද, ඇද උඩට දානවා..ඊළගට බෝල කරලා පුටුවක් උඩට දාල තැපෑල නිදියනවා.)කෙල්ලනේ ෂොපින් යාම සාමානයෙන් සති 5 ත් 8ත් අතර කාලයේදී වෙනවා මයි..ඒ නිසා සති 5-8 කාලයක් තුල ඔවුන් අල්මාරිය අස් කරලා පරණ ඒවා අයින් කරලා අලුත් ඒවාට ඉඩ හදාගන්නවා ලුපරණ ඒවා අයින් කරනවා කිවුවට උපරිම අයින් වෙයි 1 ටි ශිර්ට් එකක් ස්කර්ට් එකක් වගේ පොඩි දෙයක්..මොකද කෙල්ලෝ අහක දාන්න ලෝබයි..

කාමරේ ගැන

 කොල්ලෙක් බිත්ති 4කට කාමරයක් කියන්නේ එකේ ඇදක් තියෙනවනම් උනාට කෙල්ලෙක් ට එහෙම බෑ.කන්නාඩි මේසයක් සපත්තු රැක් එකක් ටවල් රැක එකක් අල්මාරිය මේසය අනිවාර්යෙන්ම ඕනි ලු එක තමන්ගේ එක වගේ දැනෙන්න අරහේ මෙහෙ උලන ක්‍රීම් ජාති ටිකයි කියුටෙක්ස් ටික හෙයාර් ඩයර් එක වගේ පොඩි පොඩි දේවල් ටිකක් ටියෙන්නම ඕන උනාට කොල්ලෙක්ට තමන්ගේ වගේ දැනෙන්න ඕනි තමන්ගේ කොම්පියුටර් එකයි සවුන්ඩ් සිස්ටම් එකයි 4න් චජරෙයි ලු..සමහරුන්ට ෆෑන් එක ඕනමලු..(මටත් ඔනිමයි)
කොල්ලෝ කාමරේ අස් කරලා කුණු ටික දොරේ එලියට ගෙනත් නතර කරනවා අම්මට ගෙනියන්න..හැබැයි කෙල්ලෝ මුළු ගේම අතු ගානවා ලු
අපි යමු ඊළගට කුස්සියට
මට මෙහෙ ගැන අහන්න වුර්තිය කෝකියෙක් සහ නීතිපතා උයන කොල්ලෙක් හම්බ උනේ නෑ.ඉතින් ඉදල හිටලා උයන කොල්ලන්ගෙන් තාමා ඇහුවේ.කියන්න කණගාටුයි කොල්ලෝ ඉදල හිටලා අලුත් විදියකට බිත්තරයක් හරි බැදගන්න හදනවා හැබැයි කෙල්ලෝනොකරම බැරි අවස්ථාවක පරිප්පුවක් හරි මළුවකට අමතරව දෙයක් හදන්න හිතන්නා නෑ ලු(අවිවාහක අය)
අපේ අම්ම හැම ජාතියම බෝතල් බෝතල් වල දාල පැන්ට්‍රියේ ලස්සනට අඩුක කරලා තියෙනවා.උයන වෙලාවට අදාල බෝතලේ අරන් එකෙන් අවශ්‍ය ප්‍රමනෙට ගෙන අයිත් එතැනින්ම තියනවා.හැබැයි කොල්ලෝ උයන්න ගියාම එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම කුකර් එක වටේට තිය ගන්නවා ගොඩක් කොල්ලන්ට එක පාරින්ම පහේ දැමීම ගැන අවබෝධය අඩුයි(නිතරම උයන්නේ නැති නිසා වෙන්න පුළුවන්)උයල ඉවර උනාම එක බෙදන් කනවා මිසක අස් කිරීම ගැන(ගත්ත බෝතල් නියමිත තැන තියන්න)වෙහෙසෙන්නේ එහෙමත් කොල්ලෙක්.හැබැයි කොල්ලෝ කපන කොටන කොට ඉතුරුවෙන සුන් බුන් නම් එවලේම බින් කරනවා ලු..ගැනු පාර්ශවේ මේක කොරන්නේ අන්තිමට නෙහ්.

දැන් බලමු කොමයි 4න් එකයි ගැන

රෙදි කැල්ලක් අරන් ලැප පිය දැන්මට එතනින් එහා සාත්තුවක් කරන්නේ නෑ කෙල්ලෝ..ඒ වගේම කෙල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට රෙද්දකින් වහල්ලු තියෙන්නේ..ඒ වගේම ලැප තියෙන්නේ ඇද උද නැත්තනම් මේසයේ..කෙල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන ඩේ ෆිල්ම් එකක් බලන එක නැත්නම් fb එහෙමත් කෙනෙක් මොනවා හරි කුරුටු ගයි..එක කරලා එයාල එකෝ එදෙන් බැහැල ගිහින් මෙසේ උඩින් තියල ඇවිල්ල නිදාගන්නවා නැත්නම් ඇදෙ පැත්තකින් තියන් නිදාගන්නවා
ගොඩක් කොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ පැත්තේ පියනට ඇන දාලා නෑ එහෙම නැත්නම් එක ගලෝල තියෙන්නේ කොල්ලෙක් කාමරේ අස් කරනකොට අනිවා කොම සර්විස් කරනවා..වැඩ කිඩ ටිකක් දන්නා උන් නම් එදාට ලැප වගේම 4න් එකත් ගලෝල දුවිල්ල ටික අයින් කරනවා..මම නම් ඇම්ප් එකයි රැවුල කපන ට්‍රිමර් එකයිත් ගලෝල සුද්දයක් දෙනවා.. කොල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන හැම දේම කරන අතර වැලත් අදිනවා..හැබැයි කොල්ලෝ කවදාවත් ඕක මෙසේ උඩින් තියන්න ඇදෙන බහින්නේ නෑ මේසේ ඇද ගාව නැත්නම් ලැප තියන්නේ බිමින් ගොඩක් උන් එකටම රෙදි කාර්පට් එකක් ඇද ගාවින් තියන් ඉන්නවා..

බෑග් එක

ට්‍රිපක් එහෙම යනකොට ලොකු මල්ලක් ගෙනියනවා නෙහ්.කොල්ලන්ගේ එකේ අනිවා තියෙන්නේ තමන්ගේ ජෝක්කු...ටවල් එකක් නම් ගොඩක් උන් ගේන්නේ නෑ..කවුරු හරි එකෙක් ගෙනෙයි කියල උන් එලියට බහිනවා..ඉන්න දවස් ගැන කීයද කියන එක මත නෙමෙයි කොල්ලෝ ගෙනියන ඒවා තීරණය කරන්නේ..ප්‍රධාන වසයෙන් බෑග් එකේ බර උස්සන් යන්න තියෙන දුර මත එක වෙනස් වෙනවා..දවස් ගාන කීය උනත් කොල්ලෝ ගෙනියන්නේ එක බෑග් එකයි..මදි පාඩු මගින් කාගෙන් හරි ඉල්ලගන්න එක තම සාමානයෙන් කොල්ලන්ගේ සිරිතත.හැබැයි කෙල්ලෝ දවස් 2කක ට්‍රිපක් නම් දවස් 3කට ඇදුම් ගෙනියනවා..ගොඩක් වෙලාවට කෙල්ලන්ට බෑග් එකට වඩා ඕනි..හෑන්ඩ් බෑග් එකත් දැන් ලොකු මල්ලක් බවට පත් වෙලා නෙහ්..ඔකේ තියෙන දේවල් ගැන වෙනම වෙලාවක ලියනම්..ක්ලාස් යන කලේ බෑග් මේසේ උඩට හලලා හොද අද්දැකීම් තියෙනවා මට.

අවසාන වශයෙන් කතා කරමු ශරීරයේ පිරිසිදුව ගැන

කාලගුණය කොහොම උනත් කෙලින් කටින් හිටගන්න පුළුවන් ශරීර සෞක්‍යක් තියෙනවා නම් කොල්ලෝ නානවා හැමදාම..ඒ වගේම ගොඩක් කොල්ලෝ ආසා ලයිෆ් බෝයි වගේ වැඩිය සුවදක් නැති හොදට කුණු යන සබන් වලට..මුනට නම් ෆේෂ් වොෂ් පාවිච්චි කරනව සමහරු ඒ වගේම හොද ෂැම්පු එකකුත් ගොඩක් උන් පාවිච්චි කරනවා..
කෙල්ලෝ එහෙම නෙමෙයි එයාලට නාන්න යහපත් සෞම්‍ය කාලගුණයක් වගේම 100% නිරෝගී සෞක්‍යක් තිබිම අනිවාර්යයි..ඔය කොන්ඩේ දිග කෙල්ලෝ නම් දිග කොන්ඩේ වෙලෙන්නේ නෑ වෙලුන් නැති උනාම මට රෑට ඔලුව කැක්කුම හැදෙනවා කියල ලස්සන තර්කයක් තියන් ඉන්නවා නන එකෙන් බේරෙන්න.(සියලු පෝෂනේ කොන්ඩේ උරාගන්නා නිසා මොලේ ට පෝෂණ අඩුවක් මම දකින විදියට ඩයර් පාවිච්චි කරන එක විසදුමක් උනාට එකෙන් කොන්ඩේ සවුත්තු වෙනවා කියන්නේ එයාලගේ)
හැම කෙල්ලටම ෆේෂ් වොෂ් එකක් තියෙනවා..ඒ වගේම ක්ලේන්සර් එකක් ස්කර්බ් එකක් ඩීප් ක්ලිනර් එකක් අනිවා පාවිච්චි කරනවා..කොන්ඩේට ෂැම්පු එකක් වගේම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරනවා නාන දවසට.ඒ වගේම නාලා ඉවර වෙලා ෆේෂ් වොෂ් දාලා අයිත් මුණ හෝදනවා මුනේ ෂැම්පු තියෙනවා නම් යන්න කියලා.



කෙල්ලෝ බල්ලන්ට පන වගේ පෙන්නුවට බල්ලන්ව නවන්නේ එහෙමත් කෙල්ලෙක්..ඒවගේම ගොඩක් කෙල්ලන්ගේ කාමරේ බල්ලට තහනම් ප්‍රදේශ..විශේෂයෙන් බල්ලා පිරිමි සතෙක් නම්..බල්ලෝ හදන කොල්ලෝ උන්ව නාවනවා වගේම ඇදට නැගල තමන්ගේ නින්ද කැඩුවොත් කෑගහනවා ඇරෙන්න පැත්තෙන් නිදාගත්තට මොකුත් කියන්නේ නෑ හැබැයි බල්ලෝ කවද්ද එහෙම හිටියේ..ඒ වගේම කුඩුවට දාන්න බල්ලව හොයනකොට බලල රිංගන්නේ කොල්ලගේ කාමරේට.කෙල්ලන්ගේ හැටි බලොත් දන්නා නිසාද මන්දා උන් කෙල්ලන්ගේ කාමරේට රින්ගන්නෙත් නෑ.