Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label අමතක කරනු කෙසේ සුන්දර මතකේ මගේ. Show all posts
Showing posts with label අමතක කරනු කෙසේ සුන්දර මතකේ මගේ. Show all posts

Friday, August 8, 2014

අනුරපුර සිරි දුටු අසිරි

 
පින්තුරය
ඉස්සුවේ http://buwanekabayouth.blogspot.com/ එකෙන්



               අපේ තඩියා කඩ්ඩ ඉගෙනගන්න ප්‍රසිද්ධ පොට් එකකට කාලයක් ගියා..එතන කට්ටිය ට්‍රිපක් යන්න සෙට් වෙලා..අනේ යන්න කියල බැලින්නනම් කලින් දවසේ රැ එක එකා හැලෙනවලු..අන්තිමට උගන්වපු ගද සුද්දීයෙකුයි කොණ්ඩේ දිග කෙල්ලෙකුයි විතරයි ඉතුරුවෙලා තියෙන්නේ...නවතින්න තැන ආදිය අර කොන්ඩේ දිග කෙල්ල ලෑස්ති කරල...එහෙමත් එකේ නොගිහින් හරි නැති නිසා තඩියා කතා කල අපිට..මට දුරකථන ඇමතුම දෙනකොට වෙලාව හරියටම 11.30 රෑ..එක දුන්නෙත් මචන් 4 වෙනකොට ලෑස්තිවෙලා ඉදපන් දවස් 2කක ගමනක් යන්න කියල විතරයි..යන්නේ කොහෙද යන්නේ මොකේද මොකුත් දන්නේ නැ..හරි හමන් විස්තරයක්වත් නොදැන ගෙදරින් පාන්දර එළියට බැස්සේ ගාලු යනවා කියලා..යන දිහාව ගෙදෙට්ට කියන්න තියා අපිවත් දන්නේ නෑ නෙහ්.....ඉතින් ගාලු යනවා කියල තමා පිටත් උනේ..ඕක අහන්න ගිය නම් තදියගෙන් කුණුහරුපයක් තම හම්බ වෙන්නේ..අනික මගේ යාළුවෙක් දෙයකට කතා කලාම අහන සිරිතකුත් නැ..මැරෙන්න හරි මම යනවා......
තඩියාගේ වෑන් රජයාගෙන් තමා ගමන පිටත් උනේ..සහ පිරිවර මෙහෙමයි..මම තුමා තඩියා හීරෝ චිකා බවුවා.චෙෆා ජනියා චමිල අයියා හේෂා සහ සුද්දී.. කොණ්ඩේ දිග අයිටම් එක එහෙන් එකතුවෙන්නේ...උදේ පාන්දර හිස්බඩම දුමක් කාරිය යනගම අදින්න අපි අමතක කලේ නෑ..පොඩි සම්මාදම් පාරක් දාලා වාහනේ තෙල් තත්වේ යහපත් කරගත්තා මුලින්ම..
පලවෙනි පින්ම අනුරාධපුර කලා ඔය කිට්ටුවින් තමා නවත්තලා උදේ ආහාරය ගත්තේ..අත්දෙක වන වන ගෙදරකට යන්න බැරි නිසා පොඩි ජාති කිහිපයකුත් අරන් අර කොණ්ඩේ දිග අක්කලාගේ ගෙදෙට්ට සැපත් උනා...
               ආපු වෙලේ ඉදන් කට්ටිය වස විස හොයනවා තව කොටහක් නාන්න තැනක් හොයනවා
                 අපි කට්ටියව නාන්න දෙන්නම් කියල පල්ලියක් බලන්න එක්කන් ගියා මුලින්ම..ඊළගට ගිය වතුර හිදිච්ච කණුවක් ගාවට..ඉතින් ඔය අටරේ මම තුමයි බවුවා මහතායි හේෂයි 3 විල් ඓය කෙනෙක්ට ටෝකක් දාලා ගුවන් ගත වෙන්න බදු චුට්ටක් හොයාගත්තා...












                     අවු කුට්ටේ පට්ට දුරක් ඇවිද්ද එකටයි නාන්න තැනක් නැති වෙච්ච එකයි උදෙන් අපු එකයි ඔක්කොම එකට මහන්සි..කට්ටිය ගුවන් ගත වෙලා බත් චුට්ටක් කාලා පොඩි ඇලර්ට් පාරක් දැන්මා..

                     එදා දවස එහෙම ඉදාලා හවස කට්ටිය යකඩ කුඩුවේ ඉන්න සිංහයෙක් හොයන ගිහින් බදු ගෙනත් රෑට සෙට් වෙන්න ලෑස්ති උනා
8 දෙනාගෙන් 6 දෙනෙක් බොනවා..













                   vx 2කකුයි  orange 1 කුයි ගේනවා..හපන්න කොත්තුවකුයි කලවමට කොක් එකයි පලතුරු බිම එකයි ගෙනත් තිබ්බ..මම කතාව මුලදී කිවුව කොන්ඩේ දිග අක්කගේ මල්ලිත් ගෙදෙට්ට හොරෙන් එවිත් අපිට සෙට් උනා..කියන්න අමතක උන නෙහ්..අපි ට නවාතැන් ගන්න ඒ අක්කලාගේ ගෙදෙට්ට එහා පැත්තේ ඒ දවස් වල හදාගෙන යන ගෙයක් ලෑස්ති කරලා තිබ්බ..

                     බොන්න පටන් ගත්තාම බවුවගෙන් මුල්ම ප්‍රශ්නය ඌ බොන්නේ කුල් වතුර එක්ක විතරලු..අනේ අර මල්ලි කාරයව කඩේට යවල එක ගෙන්න ගත්තා..

මෙතැනින් තමා රස සාගරේ පටන් ගන්නේ

                   ඔන්න එක බෝතලයක් කාරිය ඉවර වෙනකොට කට්ටියට යන්තම් පාදම්...ඔය අතරේ කැහි කුරු ඉවර උනා.අපි හිටියේ උඩ තට්ටුවක..කවුරුත් ස්වේච්චාවෙන් ඉදිරිපත් නොවුයෙන්...කට්ටිය බලන් ඉන්නකොට තඩියා ගේ රටට කුපාඩි අදහසක් ඇවිල්ල එක මගේ කනට දැන්ම..චිකාව යවමු කියලා..ගේ ඇතුලෙවත් කරුවලේ ඇවිදින්නේ නැටි එකාව මහා රා කඩේ යවපන් කෝ..හිස් බෝටලේ කරකොන ක්‍රීඩාව තියෙන්නේ ඕක කළා..වැටුන එක යන්න ඕනි නැත්තන් ඌ පො%$ කියල කිඋව
බෝටලේ අතට ගන්න කොටම මූ කිවුවනේහ් පො%$ කිඋවට කමක් නෑ මම නම් යන්නේ නෑ කියලා
ඔහොම ටික වෙලාවක් ඌව bite කර කර ඉන්නකොට අර මල්ලිම අයිත් කඩේ ගියා..
ඔය ගිය අතරේ අපේ බවුව තුමා අඩන උන්න සරම චිකා කැඩුව..වෙන් එකෙක් නම් පෙනල එක අල්ල ගන්නවා නෙහ්..මූ උපන් අඩුම පිටින් බොන්න පටන් ගත්ත නෙහ්..ටික වෙලාවකින් අපිට ඇහුනා පඩිපෙළ නැග ගෙන කවුරු හරි එනවා..ඉතින් අපි මුඋට සරම ඇදගනින් කිඋවම මූ කියපි උබලා කැඩුව නම් අන්දපන් මම නම් අදින්නේ නෑ කියල..අන්තිමේ චිකාම එක ඇන්දුවා
                දෙවෙනි බෝතලෙත් ඉවර වෙනකොට එකා දෙන්න හේත්තු දන්න ඇල වෙන්න තැන් හොයන්න ගත්තා..
ඔහොම ඉන්නකොට මම තුමාට දුරකථන ඇමතුමක් අවා..පොඩ්ඩක් එහාට ගිහින් එකට කතා කරනකොට ජනියා වැනි වැනි ඇවිත් ශොටේ එල්ලුනා..එක බිම මූ දෙන එක පාගන් ඉන්නවා ඇමතුම නිසා මට මොකුත් කියන්න විදියකුත් නෑ..
මම තුමා T shirt එක පිටින් ඇමතුම අවසන් කරලා එනකොට කට්ටිය ෂොට පාස් කරනවා..මම වැඩි වෙලා හිටියේ සිමෙන්ති බැම්මක් උඩ..කලිසම නැතුව එකේ වාඩි උනොත් මගේ වටිනා අවයවය හානි වීමේ ප්‍රවනතාවයක් තිබ්බ නිසා කලිසම ඉල්ලුව..මුන් දැන් එක එක එකා පාස් කරනවා..උබල ගන්න අතල් එකක් ගනින් මම බොනවා කියලා(බවුවට පුළුවන් නම් මට බැරි මොකෝ) ෂර්ට් එක ගලෝල එක තියල ඉදගන්න හැදුවාම එකත් උදුරගත්තා..බෝතලේ තිබ්බේ බිම වීම සහ සුළු බුකම්පන තත්වයක් නිසා හිටන් වක්කරගන්න අමාරු තත්වයක හිටියේ..ඔන්න ඔය කාරනාව නිසා මම තුමාගේ මල විකසිත උනා..වට පිට බැලුවම ඇත පොරවක් හම්බ උනා..එකත් අරන් චික ගාවට පැන්න විතරයි මූ කලිසම අරන් මට එන්දුවත් එක්ක..

                     එතනින් පස්සේ එකා දෙන්න නිදියන්න ගත්තා..අන්තිමට ඉතුරු උනේ මයි තඩියයි බවුවයි මල්ලි විතරයි..අමද්‍යප සංගමේ චමිල කලින්ම වෑන් එකට ගියා නිදාගන්න කියලා..
පාන්දර 1ට විතර මල්ලි ගියේ උදේ 6ට නැගිට්ටවන්න එනවා කියාගෙන..ඌ ගියම බවුවා දොරත් ලොක් කරලා ආවා..එක එක විකරා කියෝ කියෝ අපි 3 දෙන ඉතුරු බෝතලෙන් තුන් කලක් විතර ඉවර කළා..කොහොම හරි අපි නිදාගන්නකොට පාන්දර 4වත් වෙන්න ඇති..



                                   


                 







                නින්දයගෙන එනකොට එකෙක් ඇවිල්ල හොල්ලන්න ගත්තා..දුන්න ඌට පයින් පාරක් දීලා නිදා ගත්තා මම අයිත්.කොහොම හරි 9 ට විතර මට ඇහැරුනා..ඇහැරුනාම ලග හිටිය තඩියා නෑ..හිරෝව ඇහැරවල ඇහුවා එකෙක්වත් දන්නේ නෑ..වෙරි මරගාතේ කොහෙවත් ගියද දන්නේ නෑ නෙහ් එක නිසා කට්ටිය එලියට බැස්ස තදියාව හොයන්න..එලියට එනකොට චමිල අයියා කිවුවා මල්ලි කාරයා උදේ පාන්දර ඌව එක්කන් ගියා වගේ ලාවට දැක්ක කියලා..ඒ ගමන කට්ටිය මලයව හොයාගෙන.යනකොට ඌ තලගොයා වගේ කොට බිත්තියක් උඩ තැපලා ඉන්නවා..අපි හිතුව බීපු අමාරුවට වෙන්න ඇති කියලා..ඌව ඇහැරවල ඇහුව තඩියා ගැන...
ඌ කිඋව අයියේ එය ටොයිලට් එකේ කියල..එහෙ ටොයිලට් තිබ්බේ ගෙදරින් එළියේ වෙනමම..කට්ටියත් එක්ක ගියා එතැනට..ගිහින් කතා කළා නෑ සද්දයක්..ඊළගට මල්ලි කරය හෙන ගේමක් දීලා දොරේ ලොක් එක පැන්නුව...අනේ වාසනාවන් කියන අපේ එකා ටවල් එකත් බිම එලාගෙන සැපට නිදි..
යන්තම් හොල්ලල හොල්ලල ඇහැරවාගත්තා ඌව..ඊට පස්සෙයි සිද්දිය දන්නේ..

                     මල්ලි කරය උදේ පාන්දර අපිව ඇහැරවන්න ඇවිල්ල.දොර ලොක් කරලා නිසා ඌ වතුර බටයක් දිගේ බඩගාගෙන උද තට්ටුවට නැගලා..මුලින්ම ඇහැරවන්න හදලා තියෙන්න මාව..මම ඌට තමයි පයින් ගහල තියෙන්නේ.. ගහපු පාරට ඌව බිත්තියේ වැදිලා තදියගේ ඇගට වැටිලා..එටකොට තඩියා ඇහැරිලා..උදෙන්ම පිටත් වෙන්න තිබිච්ච නිසා තදියව ඇහැරවන් එක්ක ගිහින් මුන හොදවන්න..බෝග දාන්න ලේසි වෙන්න සිගරට් එකකුත් දීල..නිදි මරගාතේ ගිය අපේ එකා එකත් ගහලා අරක ඇතුලට වෙලා තැපලා..බිත්තියේ වැදිච්ච පාරට පොඩි එකා බිත්ති කණ්ඩියක් උඩ තැපලා...

                    කට්ටියව 12 ට විතර ලෑස්ති කොරන් ගියා සුද්දිට සිගිරිය පෙන්නන්න..යන අටහ්ර මගදී චමිලය සුක්කානමේ අසමානය වෙවුලිල්ලක් ගැන කිවුව..
ඒ අවු කුට්ටේ සිගිරිය නගින්න අපේ ගොඩක් උන් ගේ කැමැත්තක් තිබ්බේ නෑ..තඩියා සුද්දී තව කවුදැයි ගිය..අපි ටික වෑන් එකේ නතර උනා..


                     කටත් හොරා ලැපකුත් අරන් මුකුළු කරන්න ගිය මෙහ දෙන්නව මගේ පැපරාසි කැමරාව දුටුවේ සිට් එක කඩන නින්දක් දාන් ඉන්නකොටයි...ඔතන ඉන්නේ අපේ චමිලයා..බුවා කලින් දවසේ සැතපුණේ වෑන් එකේ නෙහ්..වන එක නවත්තලා තිබ්බේ ඔය කොන්ඩේ දිග කෙල්ලේගේ කාමරේත් ටොයිලට් එකත් අතර උඩදී මම කිවුව නෙහ් එහෙ ටොයිලට් තිබ්බේ එළියේ කියල..රැ අපි උඩ බොන අතරේ ටොයිලට් යන්න අපු කෙල්ල වෑන එකේ රැයෙන් වැඩි හරියක් ගතකරලා තියෙනවා..

කට්ටිය සිගිරිය බලල අවාම අපහු එන පාරේ දිය කඩිත්තක් හම්බ වෙලා හිතේ හැටියට නාගත්තා


                       මගින් දවල් කෑම එහෙම අරන් පොඩ්ඩක් වටේ ගහල පන්සලක්ද මොකක්ද බලන්න ගියා..අර නංගි හේෂා ඇතුළු පිරිසක් වාහනේ නැවතුනා..අපි ගිය ඕන වෙහෙරක් බලල පඩුරු දාලා එන්න කියල..කැලයක් මැද්දේ අවිද්දල අවිද්දල එක්කන් ආවා අපිව
පන්සලක් කකිවුවට වදින්න පිළිමයක් හොයාගන්න බැරිව

                      එනකොට හවස 7 විතර උනා..දැන් කට්ටියට ඕන කොහේ හරි ඉදන් බොන්න..බදු ඔක්කොම අරන් එන ගමන් තඩියා තමා ඒ වෙලේ රියදුරු අසුනේ හිටියේ හබරණ කැලේ මැද්දේ නැවැත්තුව බොමු කියලාඉවසුම් නැතිව හිටපු උන් ටික පැනපු ගමන් වදේ පටන් ගත්තා..1 වෙනි වටේ ඉවර කරලා දුමක් එහෙම දානකොට චිකා පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් ගියා ගිය වේගෙන් මූ දුවන් ආවා මචෝ මේක අලි මන්කඩක් ලු දැන් අලියා පහලට එන වෙලාව කියල පාරේ ගිය මිනිහෙක් කිවුව කියලා..ඕක කිවුව විතරයි බවලත් උදවිය විලාප තියන්න ගත්තා..අපිටත් මතක් උනේ නෑ ඌට හම්බ වෙන මිනිහෙක් අපිව පහු කරන් යන්න ඕනි නේද කියල..අපිත් කොත්තුවත් ඔතාගෙන එතැනින් පිටත් උනා
                     ඔතනින් පිටත් වෙලා ආවේ වැවු බන්ට් එකකට..කියන්න අමතක උනා නෙහ් මෙතන තව වැදගහ්ත් බවලත් කෙනෙක් හිටියා..ඔය කොන්ඩේ දිග අක්කගේ නැන්දගේ දුව..ඉස්සරහට එය ගැන වෙනම කතාවක් ලියනම්..එයාගේ පියතුමා එහෙ පොලෝසියේ ලොකු ඩයල් එකක්,,එක දැනගත්තේ අන්තිම දවසේ මම එයාගේ ගෙදර ගියාම..
ඒ දවස් වල පැවිල්ල වැවු එහෙමත් හිදිලා..අපේ තඩි රියදුරු තුමා වැව මැදට ගිහින් වාහනේ නැවැත්තුවේ..මොකද එහුවම කොයි පැත්තෙන් පොලිසිය අවත් බෝතලේ හංගන්න වෙලා තියෙන නිසා ලු..හැබැයි කට්ටියගේ බිම කොච්චරද කියනවා නම් පොලිස් ජීප් එක ලගට එනකන් දන්නේ නෑ..එටකොට අන්තිම වටේ යමින් හිටියේ..කට්ටිය ෂොට් එකත් එක්කම වාහනේට නැගල..එටන හිටිය පොඩිම එක වෙච්ච මගේ අතේ බෝතලේ...
ඊට පස්සේ අපි එතැනින් ඇවිත් සුපුරුදු තැනම නිදා ගත්තා..ඇහැරුනේ ටිකක් දවල් වෙලයි..
උදේ පාන්දරම දුමක් අමාෂ කරගන්න කට්ටිය පෝලිමට පහලට බහිනකොට අපේ ජෝඩුව ඉන්නවා කතාවක් දාගෙන..කෙල්ල ඇවිත් තියෙන්නේ අපිට තේ දෙන්න..අවම අපි නිදි නිසා මොනවා කලද දන්නේ නැ...
අපිටත් මොකෝ අපේ එකාගේ මොනවා ගෙවෙනවද කියල අපි බිඋව කුල් කරපු තේ එකක්(ඇල් වෙන්නම නිවිලා) ..එකත් ගහල එලියට බැහැල දුමක් දානකොට 
කෙල්ල එවිත් අහනවා
මල්ලි අද සුනාමිය එනවා ඔයාලට පුලුවන්ද මලු අල්ලන්න
                    අපේ සෙට් එකේ  ඔක්කොමල කොලඹ හැදිච්ච වැඩිච්ච උන්..මම තුමා විතරයි ගමක පහස විදලා තියෙන්නේ...තදියයි චිකගෙයි මහා ගෙවල් ගාලු පුරවරේ උනාට උන් එහෙ යන්නේ අවුරුද්දට විතරයි..
එහෙම සෙට් එකකට සුනාමියකට බෑග් අල්ලන්න කිඋවම වෙන ශෝකනිය තත්වේ හිත ගන්න පුළුවන් නෙහ්..මුහුදෙන් එන සුනාමියට අමතරව තවත් සුනාමියක් ගම වල තියෙනවා.ඒ තම ගොයම් කපන මහා මැසිම..ඔකේ fullly auto ඒවා නම් ලංකාවේ අඩුයි..එහෙ තිබ්බෙත් semi එකක්..එකෙන් කැපෙන ගොයම් ටික අතින් ගොයම් මැඩිමේ(ගොයම් ගහෙන් වී වෙන් කිරීම) යන්තයට දන්නා ඕනි..එකෙන් එන වී ටිකට බෑග් එක අතින් අල්ලන් ඉන්න ඕනි..

දැන් මෙහ වෙනකොට ගෙනාපු සන්තකෙත් ඉවර වෙලා වසක් විසකුත් නැතිව හිටියේ අපි..ඔය අතරේ බවුවා ගිහින් තනමල් විල් ටිකක් හොයාගෙන ආවා..උදේට කාල අරකත් ගහලා වැඩේ පටන් ගත්තා..
කට්ටිය තනමල් විල් සිහියෙන් පිස්සු කෙලියා..
                    සමහරු අල්ලන් ඉන්න බෑග් එක පිරිලා ඉතිරෙනවා දන්නේ නෑ..විල්බැරැක්කේ තියෙද්දී සමහරු ලොකු වී මල්ල කරේ තියාගෙන යනවා..එකෙක් කස කස පිදුරු ගොඩේ නිදි..කොහොම හරි හවස් වෙනකන් අතල් ලෝකයයි එතන..
                     ගමේ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ..කොහොම හරි දවල්ටත් අර අක්කලාගේ ගෙදරින් කෑව..අපේ සෙට් එකේ හිටිය නෙහ් චෙෆේක් බුවා බාරගත්තා පැනලා උයන්න..බුවා වස විසෙන් තොර එකෙක් නිසා හොද සිහියෙන් හිටියා.අපි අග පාට හෝදගෙන එනකොටත් ඌ ලීක්ස් ගහක් අල්ලන් කපනවා..ඌට පිහි කැපෙන්න නෑලු මෙසේ උස වැඩි ලු එක එක ජාති...ඒ ගමන මම තුමයි බවුවයි තඩියායි වැඩේට බැස්සා....
                     එලොළු ටික කපලා fried rice වගේ එකකුයි කුකුලා හොද්දකුයි chili past එකකුයි අපි තුන් දෙනා අටෝගත්තා..කෙල්ලගේ ගෙදර උදවියත් කිවුවකම නම් හොදයි කියල..අපි හිටියේ නිකන් බත් මුට්ටිය කන ගානට බඩගින්නේ..කුබුරේදීත් බත් ජුන්ඩක් කෑවා තනමල්විල් බහිද්දී එවා ඔරොත්තු දෙයි යෑ......
                     ඔන්න හවස 5ට විතර අපිව එක්කන් ගියා වැවක් වගේ එකකට නාවන්න..ඒ යන ගමනට එහෙන් මාරු කොල්ලෙකුත් සෙට් උනා..අදටත් ඌ බොක්ක..
කට්ටිය නාලා කරලා ඇදිරි වැටුනමයි ආවේ..ඔය නන අතරේ අර නංගි කෙනෙක් මම කිවුවේ කට්ටිය එයාට පැණි පාරක් හලලා නොම්බර එහෙමත් මාරු කරගෙන..හැබැයි මම තුමාට ඒ ඇත්තිගේ නොම්බරේ හම්බ උනේ සිගිරිය බලන්න යන්න පිටත් වෙන්නත් කලින්..(හම්බ උන විදිය අහන්න එපා එක සාමාන්‍ය දෙයක්..ගොඩක් සංගම් වල මම සම්බන්දිකාරක වෙන්නෙත් ඔය සන්නිවේදන හැකියාව නිසා)
අර අක්කලාගේ ගෙදෙට්ට ඇවිල්ලා අයියේ මව ගෙදෙට්ට දානවද කියල අර නංගි පාර අහනකොට තම කට්ටිය දැනගත්තේ මම තුමත් ඉන්නවා කියලා..ඉතින් එයාව ගෙදෙට්ට දන්න මම තුමා හේෂා(බුවා එයට line  කියල අපේ සෙට් එකටම කියල තිබ්බේ)බවුවා චමිල සහ අක්කා පාර ආවා..හේෂා line නම් මම මොකටද පැනන් ගියේ අහන්න එපා මම ආවේ නංගිගේ කොම්පීටරේ කැඩිලා පොඩ්ඩක් බලල යන්න කියපු නිසා ඒ වෙද්දී හෙෂාගේ අදහස නංගි දැනන් හිටියේ නෑ..


සුද්දී සහ කොන්ඩේ දිග අක්කා..

කෙල්ල ගෙදෙට්ට කියල පාර කිය කිය ගිය අන්තිමට බහිද්දී දැක්කේ ඇවිත් තියෙන්නේ පොලිසියට කියලා..කට්ටියගේ මුනු දැක්ක කෙල්ලමයි කිවුවේ බයවෙන්න එපා අයියේ අපේ තත්තා තම මෙහේ අහවල් ලොක්කා..අපි ඉන්නේ නිල නිවසේයි කියලා..ඊට පස්සේ මම තුමා කොම හදනකන් හේෂා පොඩි චැටක් දැන්මා..
ඒ වැඩ ඉවර කරලා එනකොට තවත් අතල් එකක් හම්බ උනා..අපේ ජෝඩුවගේ මම උද දාලා තියෙන පින්තුරේ එයාගේ මල්ලි දැක්ක..බුවා මට දුන්න ෆුල් ස්ටොරිය මෙකි ගැන වෙරිමරගතේ..කෙල්ලට එහෙත් කොල්ලෙක් ඉන්නවා ලු..මම යන ගමන් කිවුවා අක්කේ අර 4ටො එක මල්ලි දැක්ක කියල..තනි කෙල්ල නිසා එය හිටියේ ඉස්සරහ සීට් එකේ අපි පස්සේ මම මැද්දෙන් බෙල්ල දාලා තමයි කිවුවේ..කිරි අප්පොට ඩොගීලා පනින්න මෙකි අඩන්න ගත්තේ නැද්ද ගෙදර යන්න බෑ මල්ලි මොනවා කියයිද අරකයි මේකයි කියලා...දැන් මම නෙහ් ඇඩේවුවේ මම නළවන්නම් කියල ගත්තා මුලිකත්වේ..අරන් චමිලයට කිවුවා මුලින්ම අයිනට කරලා නතර කරන්න කියලා..ඇයි යකඩෝ මේකිව අඩ අඩ ගෙදර එක්කන් යන්න පුළුවන් යෑ ගෙදර උන් බලයි කොල්ලෝ 4ක් එක්ක කෙල්ල ගියේ දැන් අඩගෙන ගෙදර එනවා..කෙලින්ම දුෂණ නඩුවක් නෙහ් ෆයිල් වෙන්නේ...හැබැයි කෙල්ල අඩන්නේ අපේ එකාගේ අත අල්ලන් කියන එක මම නොට් කළා..හීරෝ කොහොමත් වැඩිය කට නැති එක නෙහ්..ඌ ඉන්නවා සීට් එකේ..හෙෂත් සීට් එකේ බවුව මගේ ගව ඉදන් වචන බෙදනවා මල්ලිව ඌ බලාගන්නම් කියනවා මොනවටවත් කෙල්ල නෙමෙයි මෙල්ල උනේ..ඔය අටරේ චමිලය මට සිග්නල් එකක් දුන්න උබල බැහැපන් මම බලාගන්නම් කියල..අපි බැස්සම හේෂා නලවන්න ගත්ත..ඌට බැහැපන් කිවුවට බහින්නෙම නෑ..හෙන ගේමක් දීල බස්සගෙන අපි පයින් ඇවිදන් ඇවිදන් ගිය කඩයක් හොයන්න දුමක් දාන්න..නෑ.අපහු හැරිලා අවා.එනකොට චමිලය වැඩේ ගොඩ දා ගෙන.මම හොටු ලේන්සුව අරන් කදුලුත් පිහලා යන්තම් ගෙදෙට්ට ගිහින් දාල කට්ටියවත් පටෝගෙන එහෙන් පිටත් උනා රැ 9 ට විතර..

දැන් එකෙක්ගේ වත් ගාව සල්ලි නෑ අසාවකට..දුමක් දන්නවත් විදියක් නෑ..ඒ ගමන මාරු කාසි එකතු කළා..කොහොම හරි සිගරට් 2කකට ගැන සෙට් උනා..බවුවා බැහැලා ගිය ගෙන්න කියලා..මූ ගේනවා කියන්නකෝ තොර බීඩි මිටියක්..අර එකතුවෙච්ච ගානෙන් මූ බීඩි අරන්..දැන් අරන් ඉවර නෙහ් වෙන බොන්න දේකුත් නැති එකේ කට්ටියම බිඩි බිබී ආවා..එනකොට පාන්දර උනා චමිලය නෙමෙයි එකෙක්ට වාහනේ දුන්නේ..රෝදේ කෙස් එක නිසා ඌම පරිස්සමට ගෙනාවා....

Sunday, June 8, 2014

මාරයා කොයිද දන්නේ කවුද

-Daihatsu-Hijet-Dx-Turbo
අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්..හැබැයි මට කවදාවත් අමතක නොවන එකක්...

මේක උනේ 2012 දෙසැම්බර් 31..සුපුරුදු පරිදි වර්ෂ අවසාන අපේ සාදය...
දෙඅම්බරයේ මම හිටියේ සිංගප්පුරුවේ..ලන්කවටාවේ 25 වෙනිදා..රට ගිහින් එනකොට අත්දෙක වන වන එන සිරිතක් නැ නෙහ්..
ඔය එන කොට මගේ මස්සිනාත්  මත් එක්ක ලංකාවට ඇවිල්ලයි උන්නේ..එය එක්ක ඒ දවස්ටිකේ එහෙ ඉදල යාලුවෝ එක්ක සෙට් වෙන්න මෙහෙ එන්න ලෑස්ති වෙනකොට බුවා කිවුව යාලුවෝ ටිකත් අරන් මෙහෙ වරෙන් හොද ෆන් එකක් ගන්මු කියල..
ඔය වෙලාව වෙනකොට නුවා සහ චතු මසියා සහ මම තුමා මතට තිත තියමින් හිටියේ Redlable එකක් වගේ මතක..හිතන්න දෙයක් තිබ්බෙත් නැ බස් එකේ නැගල ගෙදර යන එක නෙහ්...ඊට පස්සේ නෙහ් කට්ටියව එහෙට ගෙන්නන යෝජනාව ආවේ ඊට පස්සේ ගත්තා අපේ උන්ට මම cl එකක්..ඒ වෙනකොට උන් මගේ මවු දෙමවුපියන්ව මටක් කරන ගමන් අපේ සුපුරුදු තැන වෙච්ච බොල්ගොඩ තොටුපලේ වැඩ අල්ල තිබ්බේ..ඒ දවස් වල අපේ නිල ප්‍රවාහන සහකරු චිකා මහත්තය.. ඔහුට අටයවශය වැඩක් යෙදිලා තව ටිකකින් යන්න වෙනවා එන්න හොරණට එන්න වෙන්නේ නැ කිවුව...
ඒ ගමන අයියා කිඋවා මල්ලි වෑන් එක අරන් ගිහින් කට්ටියව දා ගෙන එන්න කියලා..ඒ වනකොට අපි 4 දෙනා එක බෝතලයකට වගකියල ඉවරයි...පොලිසියේ ලොකු මමත් මග බලන් ඉන්න දවසක් නෙහ් 31 කියන්නේ..ඕන එකක් කියලා මම ගිහින් නෑවා...නාලා බුලත් විටකුත් කටේ ගෙන රතයට ගොඩ උනා..මට ගෙදෙට්ට යන්න උවමනාවකුත් තිබ්බ පිය තුමාට ගෙනාපු එක දෙන්න උනේ නැ ඒ වෙනකන්..ඊට පස්සේ ගෙදෙට්ට ගිහින් එයට එකත් දීලා ගග ගාවට අවා..එනකොට අපේ උන් ටික frenklin බෝතලේකට වගකියල ඉවරයි..මගේ අටේ උන්ට ගෙනාපු vat69 එකක් තිබ්බ..එකක් බිල දැනෙන ව යැ අපේ උන්ට..කොහොම හරි එකත් එතනම කඩලා ක්ෂණික නවා ගත්තා...ඊට පස්සේ කට්ටියව ගෙන මගට වැටුනා,..
කට්ටිය කිවුවේ තඩියා, සාරා ,හීරෝ ,හේෂා, ජොකා,විකි,මම තුමා සහ චතු හොරණ  ඉදන් මගේ තනියට අවා..ඔය උඩ තියෙන වනඩියට තමා කට්ටියව පටෝගත්තේ...රියදුරු තැම්පත් මම තුමා...
මගට යනකොට නුවා cl එකක් දුන්න ඒ දෙන්න ඉංගිරියේ තියෙන සංගීතයකට යනවා අපිට එතැනට එන්න කියල...එතැනට ගියාම 
අයියා කාරයා කාර් එකේ ඩිකීයේන් blacklable 2 l එකක් ඇදලා ගත්තා..දුමෙන් එහෙම කිසිම අඩුවක් නෑ..අයියා malbaro gold carton එකයි මම malbaro dark menthol carton එකයි ගෙනිහින් තිබ්බා












රැ 11 වගේ වනකොට ඒ බෝතලෙත් ඉවරයි
ඊට පස්සේ කරලියට ආවේ grants එකක්..එකේ ටිකක් යනකොට කට්ටියට හොද ගණන්..ඊට පස්සේ අපි හොරණ ගෙදෙට්ට අතුරු පාරවල්වල පිහිටෙන් සම්ප්‍රාප්ත උනා..එන අතැර තුරදී චතු ගෙවල් ගාවින් බැස්ස වාහනේ හෙල්ලෙනවා වැඩි කියලා..ගෙදෙට්ට අවම අයිය තව grants එකක් දුන්න..ඒ වෙලාවේ හිටි තත්වේ අනුව එක හිටන්නවත් බෑ.එක නිසා එක අයිත් ගෙයින්ම තිබ්බා.ඔය අතරේ අපේ උන් මුලින්ම ගත්ත frencklin 2න් ඉතුරු එක වාහනේ අස්සේ තිබිල උස්සන් අවා..දෙන සැන්ඩිත් නැ කුල් වතුරත් එක්ක ඕක අමාෂ ගත කරගන්මු කියලා යෝජනාවක් අවා..ඒ ගමන එකට වග කියමින් ඉන්නකොට බාප්පා ගේ ඇතුලෙන් කෑම පිගන් කිහිපයකුත් ගෙනත් තිබ්බ..ජොකා කට්ටියව හදට ගෙනියන්න රොකට්ටුව කුත් හදාලා..ඕකත් දාගත්ත..
දෙන කට්ටියට හොද ගණන්...එහෙ නවතිමු කියලා යෝජනා කලත් 1 වෙනිදා ගෙදර ඉන්න ඕනි කිඋව කිහිප දෙනෙක්ට...
කට්ටියට කොච්චර වැඩිද කියනවා නම් සිගරට් ගදයි ලු පත්තු කරනකොට එක එකා ඇත වෙනවා... දැන් රියදුරු කෙනෙක් නෑ..මටත් හොදගණන්..නුවයි මයි බොහොම අපරුවෙන් ඇත අල්ලාගෙන ගිහින් වෑන් එකට නැග්ග..මමතුමා රියදුරු අසුනේ ඉඩගත්තෙත් නුවාගේ උදවුවෙන්...අනිත් උන්ට එහෙම නැග්ග එකට එලවන්න පුළුවන් වෙයිද කියල බලන්න තරම් වත් සිහියක්නැ..
යන්න කලින් බාප්පට කියන අමතක උන නිසා අයිත් බැහැගන්නත් බැරි නිසා බාප්පට ගත්ත  cl එකක්..එයට යනවා කියල යන්න පිටත් උනා... බාප්පා කිවුවා ගිහින් cl එකක් දෙන්න කියලා..
හොරණ ඉදල අපේ ගෙදෙට්ට 18 km තියෙනවා..
ඒ එන අතරමග කට්ටියගෙම ගෙවල් වලට ගිහින් බස්සල අන්තිමට තම ආවේ..ජොකා සාරා ලගේ ගෙදර නැවතුනා..අපේ ගේ ගාවින් නවත්තල මම බාප්පට cl එක්ක් දීලානුවාව වෑන් එකත් එක්ක යැවුවා..නුවාඉන්නේ හොරණ..මම හිමිට ගේට්ටුව ඇරගෙන බලුතදියව ශේප් කරගෙන ගේ වටේ ගිහින් කාමරේ හොයාගෙන ජෙනෙලෙන් පැන්න..(එක මම වේලාසන ඇරලා තියල ගියේ)ඒදන් හිටිය ඒවා ගලෝල ශෝටකට බහිනකොට මෙන්න cl එකක් එනවා නුවා ගෙදර ගිහින්...
පහුව දා උදේ 4න් එක දැක්කම තම දෙලොව රත් උනේ..
තැන් 4ක නවත්තලා අතුරු පාරවල් 2කක කෙරෝලටම ගිහින් කට්ටියව බස්සල එන්න මට ගිහින් තියෙන්නේ විනාඩි 10..මව බස්සල නුවා ගෙදර ගිහින් විනාඩි 8න්..මගේ සමනය වේගය 120 ට ආසන්නව තිබිල තියෙනවා..ඔය වාහනේ උපරිම වේගය 140kmh
(දුරකථන ඇමතුම් වලින් වේලාවන් ලබාගත්තේ-බාප්පට දීපු cl 2න් මම අපු වෙලාවත් බාප්පට අන්තිම cl එක සහ නුවාගේ cl එකෙන් නුව ගිය වෙලාවත්)

පසු දා දැනගත්ත ඒවා
ජෝකාට රා එළිවෙනකන් ඇද හෙල්ලුනලු..
සාරා එලි වෙනකන් key bord එකේ අකුරක් හොයලා
නුවාට ගෙදර ගියා මතක නෑ ලු..
දිලගේ සාක්කුවේ තිබ්බ සිගරට් පෙට්ටිය නෑ ලු
හීරෝ කියනවා වෑන් එකට නැග්ග ගමන් බැස්සුවලු..

ඊට ටික කාලෙකට පස්සේ උන සිද්දියක් නිසා මම දැන් බිලා නම් මලාට වාහනයක් වත්ත වටේ වත්  එළවන්නේ නෑ...ඒ සිද්දිය හිමිට කොටන්නම් කෝ......

Saturday, January 4, 2014

කලින් සැමරුම

http://www.google.lk/imgres?
දෙසැම්බර් 31 කියන්නේ හැමෝම පාටි දාන දවස නෙහ්................අවුරුදු ගණක ඉදන් අපිත් ඔය චරිත්රේ නොකඩවා කරගෙන එනවා.............
මෙහ් අවුරුද්දේ අපිට 31 ආවේ 30 වෙනිදා ...දැන් අහන්න එපා ප්‍රොෆට තියෙන්නේ අමුතු කැලැන්ඩරයකද කියලා...මෙකයි සින් එක.....................
මගේ මගේ හිතදර මිත්‍රයෝ සෙට් එකේ බොහොමයක් දෙනා රැකියා වලින් ඉවත් වෙලා තමන්ගේම ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ...පුද්ගලික ව්‍යාපාර වල නියැලෙන උදවිය දන්නවා ඇති නොවැ 1 ගනුදෙනුවක් කරන්නම ඕනා කියලා.මම නම් එහෙම හිතනවා..31 එලි වෙනකම් සප්පායම් වෙලා පහුවෙනිදා උදේ පාන්දර ඇහැරෙනවා කියන එක නම් වාන නෙහ්.............
එකී මෙකි කරනා නිසා අපි කලින් සැමරීමට තිරණය කලේ දෙසැම්බර් මාසේ මුල හරියෙදිමයි...

සුපුරුදු  ස්ථානය උන  බොල්ගොඩ  ගං කොමලියගේ මහබෙල්ලන තොටුපල තම අපේ නිවහන









විභාග කටයුත්තක් නිසා මම තුමා එන්න ටිකක් රැ බෝවුනා...මම එනකොටත් කට්ටිය ලෑස්ති වෙනාවා..දකින දකින එකා  අතේ ඔරලෝසු ඇතත් වෙලාවට කිසිම වැඩක් නැ කියලා කුඩා ජ්කිඋව වගේ අපේ උන් වෙලාවකට වැඩකරන්නේ නැ නෙහ්..

කඩේ වහන්න කලින් බඩු ගෙන්න 2න්නෙක් ගොහින් තව කොටහක් සංගීත භාන්ඩ එකතු කරන්න ගොහින්...අපෙ නැවු කැප්ටන් සහ මන්ත්‍රීතුමාගේ පුත්ත්‍ර රත්නය දුම් පරික්ෂාවකට ගිහින් දෙයියනේ කියලා වලියක් සෙට් කොරහන් කියන්නකෝ...ඊට පස්සේ සියල්ලන්ගේම ශ්‍රම දායකත්වයෙන් එක විසදුවා කියන්නකෝ..ඊලග ප්‍රශ්නේ මතු උනේ එතකොටයි..අනිත් පාර්ශවේ වාසය කරන්නේත් ඒ කිට්ටුවමයි තිතට මත තිබ්බම සිංහයෝ වෙන උන්දැලත් ඉන්නවා නෙහ් ඒ නිසා අපේ තඩියා තුමා තැන වෙනස් කළයුතුයැයි යන මතයේ තරයේ සිටියා..
ඒවනවිට ටිකක් රෑ බෝවෙලා තිබ්බ නිසා ඒ ප්‍රශ්නේ ටිකක් තදින්ම බලපෑවා...........
thusand talk දුන්නට අමනුෂ්‍ය බලවේග වලට බය රුවන් කියලා මලයේකුත් හිටියනේ..ඌ ගැන වෙනම ලියන්නම්,...
අන්තිමට තඩිය කියුවා උන්ගේ ගෙදර යමන් කියලා...
බොන්න පටන් අරන් අවුරුදු 10 කටත් කිට්ටු වෙන්න අවා තම අපේ එකෙක්වත් දෙමුපියෝ ඉස්සරහ චෝරවෙලවත් එයාල ඉස්සරහ බිලවත් තිබ්බේ නැ..එක මම හිටන්නේ අපේ උන් ගේ හැදියාව...

බයෙන් බයෙන් එහෙට ගිහින් තඩිය මහමන්ඩලෙන් අනුමැතිය අරන් ආව මිදුලේ කොනක සෙට් වෙන්න..

සුපුරුදු ලෙස විහිළු තහළු සමග පබළු මැදින් පාන්දර යමය තෙක් සතුටෙන් සමදනෙන් සබා තොමෝ කටුතු කළසේක...
අපේ අය පලවෙනි වතාවට කරපු දේවල් වගයකුත් එදාට ඇතුලත් වුනා
සැන්ඩි අඩු පාඩුව මුලින්ම පිරෙවුවේ fresh මිලක් පැකට් එක..
ඊළගට ආව ඇපල් ජුස් බෝතලයක්(local brand එකක් ඇපල් එක්ක ගැහුවමයි)
බයිට් අඩු පාඩුව පුරවන්න අමු සැමන් ටින් පිටින් කරලියට පැමිණියා...

ඔක්කොම ඉවර වෙලා පාන්දර විසිර යන්න හදනකොට විකුමා මමතුමාව  පොන්ඩ් එකට ප්‍රක්ෂිප්ත කල.තනියෙන් නාන්න කම්මැලි නිසා මම එතුමාවත් එය තුලට  ගත්තා.

එකෙන් උනේ පාන්දර යාමේ නගෙන විසිර යන්නට සිදුවීමයි.

දුක යනු විකුමගේ සාක්කුවක රන් පත්‍ර පැකට්ටුවක් තිබිම සහ එය තෙමිමයි

Saturday, November 30, 2013

එකමුතුකමක මහිම


මට හම්බ වෙච්ච තවත් ෆට්ට සෙට් එකක් එක්ක ගොඩ දාපු සුපිරි ගේමක් ගැන තම මෙහ්...
කඩ්ඩ ඉගෙන ගන්න කියලා නුගේගොඩ පුරවරයේ තියෙන පුර්ණ කාලින පාඨමාලාවකට හා පුරා කියලා සම්බන්ද උනා මාත්..
ඕකේ දී ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට දුන්නා ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයක් කොරපන් කියලා..
ඉස්කෝලෙදි නම් රගහලට රිංගනවා අපි කොටහක් නිදි කොටහක් අප්පුඩි තලනවා තව කොටහක් කවි සින්දු කියනවා...
මේකත් කියන කොට නම් මගේ ඔළුවට ආවේම එහෙම අදහසක් තමා....සැපට සතියක් නිදියන්න උන්නේ....
නමුත් අවසනාවක මහත කියන්නේ හැමකෙනාම අංගයක් ඉදිරිපත් කල යුතුයි කියලා නියෝගයකුත් අපේ මිසා දාපු එක නෙහ්..............
ඒ විතරක් යැ අංග ලේයිස්තුවකුත් දුන්නා
  • නාට්‍ය 4
  • ගීත 3
  • ඉංග්‍රීසි කතා 3ක්  
අනිවාර්යෙන් එටුලත් විය යුතුයි කිවුව නොවැ ගහෙන් ගෙඩි එන්න වගේ...
මෙහ් ඔක්කොම කරන්න නඩයේ  ඉන්නේ 30යි

පුටු ටික රවුමට තියල කලට මදිලු..ස්කොලේ ඩේ එකක් ගානට තියෙන්න ඕන කිවුව...
අපරාදේ කියන්න බැ එකෙන්ම සුපිරියටම කරමු මචං කියලා කොල්ලෝ සෙට් එක එකතු උනා...

පහත චායාරුපයෙන් මුණු හොයාගන්න පුළුවන්


  • සබාපති තැම්පත් ලෙස  විහග නොහොත් මන්න විජේ නිතරගයෙන් පත් උනා
  • මම තුමා උපසබාපති 
  • ගයනි නොහොත් ලොකු අක්කා ලේකම් ලෙසද 
  • චාන්ගුමි අක්කා උපලේකම් 
  • විජයංග බඩගරික 
  • චුන් චෑන් සහ පිටි චුටි සන්ස්කරවරු ලෙසද පත් උනා
මේක තමයි කොමිටිය...
ඊළගට තේමාවක් හෙවුව හතර අතේ...දෙසැම්බර් මාසයේ ඉතින් හෙලොවීන් නෙහ්..එක ඉස්තිර උනා...

නිමේෂ් මම සහ කයිතන් ආලෝක කරණය ශබ්ධ පරිපාලනය පසුබිම් හඬ සහ පරිගණක ඇසුරින් ජිල්මාට් මෙහෙය වීය...මෙහ් සදහා නිමේයගේ ලැප සහ ගලයාගේ ලැප නොමද දායකත්වයක් ලබා දුනි...අන්තිමට ප්‍රශ්න පත්තරයක් උන සමන්ත lights & sound system ගෙනත් දුන්නා...

අචින්ත මලයා සුප්පා පිනා නොහොත් අකිල සහ කිරිහොදාගේ මුලිකත්වයෙන් යුතු කණ්ඩායමක් සරසන්න පටන් ගත්තා..



මහ පාන්දර පශ්චාත් බාගෙන් හිනා වුන අචියගේ ඩයිනෝ
දොරටුව



















ඇතුලත නිමාව

නාට්‍ය 4 චන්ගුමි අක්කා, චමිල ,ටොඩි සහ මම තුමාගේ මුලිකත්වයෙන් කණ්ඩායම් 4කට බෙදී



  • රත්නාවලි
  • ගුරුවරුන්ව අනුකරණයක්
  • දික්තල කාලගෝල
  • විද්‍යාඥයින්ව හාසයමය අයුරින් අනුකරණය 
යන තේමා ඔස්සේ කෙරුණු අතර...

ගීත


  • අචියා,කයිතන් සහ පිටි චූටි ආශික් 2 හි තුහිරේ මුජ්කෝ ගීතයද
  • නිමේයා සහ චමිල  if u let me go

කථා 
  • බංගලාදේශයේ සුමංගල හාමුදුරුවෝ
  • KDU අභිලාෂා
  • දසයා (වගකීම අකුරට ඉටු කරමින් විකාශය නොවන ලදී)
මන්නේ ග්‍රැනි විජයංග සහ ලොකු අක්කා නර්තනයකින් ද විචිත්ත්‍රවත් කරන ලදී


මෙලෙස වැඩ බෙදාගෙන සතියක් ඇතුලට සියල්ල සුපිරියට කරන ලදී..
ඉස්කෝලෙක අපි මාස ගානක් 20 ක විතර කමිටුවක් එක්ක ලක්ෂ 2ක විතර බජට් එකකට කරන දෙයක් අපි 7 දෙනෙකුගේ කමිටුවකින් 30 දෙනෙකුගේ සෙට් එකකින් සතියකින්(අඩු වැඩි දායකත්ව මෙන්ම නමට විතරක් හිටි අයත් හිටියා) රු18000 ක වියදමින් අති සාර්ථකව නිමකරන ලදී...

අපේ පොල්තෙල් පහණ
පහණ පට්ටු කරයින් පසු චන්ගුමි අක්ක ග්‍රැනි සහ නෑනා එක්කව සම්ප්‍රදායික පුජා නැටුමකින් වැඩ කටයුතු ආරම්භ විය...

සැරසිලි වැඩ කටයුතු බොහොමයක් කලේ අචිය උනත් අපි ඉතුරු කොල්ලෝ ටික නයිටකුත් ගැහුවා...හැබැයි රැ එලි වෙනකම් ම අපි කලේ වට්ටක්ක ගෙඩි සුද්ද කරපු එක හොරෙන් කෙසෙල් ගස් වතු වලට පැනලා කපපු එක...
සහ මතට තිත තියපු එක තමා

මෙහ් හැමදේම මෙච්චර ලස්සනට කරන්න උදවු කරපු නොකරපු හැමෝටම මම ස්තුති වන්ත වෙන අතර..
මේක ට බැහැලාම වැඩ කරලා අපවාදත් අහ ගත්ත එත් වැඩේ අත නොඇරපු විජයංග, විහග,අචින්ත මචං උබලා නොහිටින්න මේක මෙච්චර ලස්සන වෙන්නේ නැ...

අපේ කෙල්ලෝ සෙට් එක
කොල්ලෝ සෙට් එක