Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, September 28, 2013

2 වන මුර කපොල්ල තරණය

විදින්න තියෙන දස වධ ටික විදලා ප්‍රිෆ්ෆාන්ගෙන් පැන ගත්තා කියමු කෝ ඊළගට ඉන්නවා අපේ මලගොඩ සර් සමග hon සිරිල් සර්.....

උදේ පාන්දර ළමයින්ට ආදර්ශයක් දෙන දුම්කොළ සමාගමේ වෙළද දැන්වීමක් සමග... රන් පත්‍ර සුවද එනකොටම අපි දැන ගන්නවා අපේ විනය බාර තැම්පත් සිරිල් උතුමන් වදින වග...

ප්‍රිෆ්ෆන් ගෙන් ශේපක් දාන් එන උන්ව අල්ලන්නේ සර්...

සර්ත් හරියට බොම්බේ ලූකින්ග් කල්කටා ඩයල් එකක් වගේ තමා..රන් පත්‍රේ මුවේ තබාගෙන උඩ බලගේනමයි ඉන්නේ
හැබැයි ඇස් 2ක නම් රේඩාර් පරාදයි....
මි කුඩුව අස්සේ තියෙන 4න් එහෙම ලෙසටම පේනවා....

මෙචර බාධක තිබ්බත් ස්කොලේ ඇතුලේ 4n තිබ්බ... cd තිබ්බ පෙන් drive අනන්තවත් තිබ්බ...

ඒවා ගැන කපොලු පැන්න අපේ ඇයො ලිපියෙන් මුණ ගැහෙමු

Wednesday, September 25, 2013

සාටක මාමාගේ ගෙදෙට්ට යනවට වඩා අමාරුයි අපේ පාසලේ ශිෂ්‍යයන්ට පන්ති කාමරයට යන්න

1 වන මුර කපොල්ල තරණය

ගෙදරින් දක්කන නිසා ඉස්කෝලෙට ගියත් ගේට්ටුවෙන්ඇඑතුලට යැවෙන්නෙම නැ...ඇතුල් වෙච්ච ගමන් මූඩ් එක කන මාර සේනාවක් ඉන්නවා නෙහ්..ශිෂ්‍ය  නායකයෝ එහෙම නැත්ටන් ප්‍රිෆ්ෆො...(අන්තිම අවුරුද්දේ අපේ උන් පත් උනාම තමා මට උන් වැ දිරවන්න ගත්තේ) පේලියට හිටන් ඉන්නවා උන් ට ඕන නැති wedding එකක් නැ නෙහ්..

මුලින්ම පොත් මල්ලට ඔලුව දාගෙන අවුස්සනවා.. සාක්කු බලනවා...ඊළගට පටන් ගන්නවා ඇද හොයන්න..

මුලින්ම කොන්ඩේ

"මල්ලි කොන්ඩේ වැවිලා Rs100 කුත් අතේ තියාගෙන එහා පැත්තෙන් හිටගන්න තව ටිකකින් බාබර් කෙනෙක් ගේනවා"අපේ අයියලා සන්විදයක වැඩේට හරි දක්ෂයෝ.බාබර් කෙනෙක්  ගොඩක් දට අපේ ඉස්කෝලේට ආවා..
කොන්ඩේ අවුලක් නැත්තන්

ඊළගට රැවුල

 දැලි රැවුල එන කලේ නෙහ් හරි..දවස ගනේ කපන්න වැවෙන්නේ නනේහ් ඒකාලේ..
ඕකට පටන් ගන්නවා
"උබලට බත් මුල දාගන්න මතක් වෙනවා රැවුල කපන්න මතක් වෙන්නේ නැ"එකට අහු උනොත් Rs20 ක් දීල හෙමෝම කපන රෙසරෙන් කපාගන්න පුළුවන්...


ඊළගට සපත්තු කුට්ටම

"මල්ලි මෙහෙට වහින්නේ නැ බෝට්ටු දාන්න..සපත්තු 2ක රූම් එකෙන් තියල යන්න හවසට එවිල්ල ගන්න"
පාරට බැස්සම නේ එක ඕන..ඉතින් ස්කුල් එකේ ගලවල තියන්න දාන් එන උන් බෝමයි...

කලිසම

ෆෝල්ට් එක පොඩි සලීම් වැඩි

ඔය එකකටවත් අහු උනේ නැත්තම් කොන්ඩේ පීරලා තියෙන විදිය වැරදි කියනවා.."මල්ලි මොකක්ද ඔය පිටිපස්සෙන් තියෙන පෙදේ..පිටිපස්සෙන් කොන්ඩේ වවන උන් වැ අල්ලලා අයිත්....

මෙහ් ටිකෙන් පැනගත්තම 2වාන මුර පොළ ගැන ඊලග දවසේ එන තෙක් අදට සමුගන්නම්.



ඇ හැර ආවේ සිතකින් දෝ ?

නේක වර්ණ සමනලියන් ......
සැරිසරනා මාවත්
අතර බවුන් වඩනා
විශාවක්
රැවැටුනා නුබේ සියුමැලිකම්
තැකුමක් නොමැත නුබට එක් මගක් ගැන
නික්ම ගොස් මාගේ ඉවසුම් සිමා
ඉතින් අවසරයි නික්මෙන්නට නුබේ ලොවෙන්

Thursday, September 19, 2013

මොකෙක් ද මෙහ් ආචාර්යවරයා

හැමොගේම ඒවාට කොට කොට යන මන් ගැන

ආචාර්ය කියුවට මේක විස්ස විදයලයකින් එහෙම දීපු එකක් නෙමෙයි....අපේ දුටුගැමුනු ඇමති තුමාට වගේ හම්බ වෙච්ච එකකුත් නෙමෙයි..


මම ඉන්ග්රීසි වලට දුර්වලයි නොවැ ඉතින් capital SIMPALE අකුරු වරද්දන් වැටිච්ඡ එකක්

උප්පැන්නෙන් ආචාරකම ලදිමි කිවුවොත් නිවැරදි කියලා මම හිතනවා 

පදිංචිය ලංකාවේ පානදුර පලාතේ

පාසැල් 2කකට ගියා...එකක් පුද්ගලික පාසලක් සිසත්වෙට පින් සිදු වෙන්න අගනුවර ප්‍රසිද්ධ පාසලකට ඇතුලු වෙන්න වරම් ලැබුවා....
ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හෙම දේම එකේදි කලා..
දැනට පුද්ගලික පොට් එකක කොම්පියුටර් ගැන ඉගෙන ගන්නවා

ලියන්න තියෙන ආසාවට නම් නෙමෙඉ blog එකක් හැදුවේ..කියවන්න තියෙන ආසාවට හැදුවේ..කාලයක් කියෝ කියෝ ඉන්න කොට කොටන්න ආසාවක් ආවා...ඉතින් හැදුවා...